🐉01🐉

" චූටි දූ... මෙහෙ එන්නකෝ.."

ගැඹුරු කල්පනාවක. ඉදපු මං පියවි සිහියට ආවෙ අම්මා ගෙ කටහඩින්. හෙමින් සීරුවේ නැගිටලා කුස්සිය පැත්තට ගියේ අම්මා තේ හදන සද්දෙ ඇහුන නිසා.

" මේන්...තේ හැදුවා..." අම්මා කිව්වා.
මම තේක අරගෙන කුස්සියෙ කවුන්ටර් එක මතින් වාඩි වෙලා අම්මා ගෙ මූණ දිහා විමසිල්ලෙන් බැලුවෙ ඒ මූනෙ බැරෑරුම් බවක් තිබුණ නිසා.

" ඒක නෙවේ චූටි දූ... අද නේද ප්‍රතිඵල එන්නේ මයෙ දූගෙ කොලේජ් එකට යන විභාගෙ..." අම්ම ඇහුවා.

" ආ ඔව් අම්මේ... ප්‍රියා මට ඊයෙ කිව්ව පන්සලේදි...මම හවස් වෙලා ඒ පැත්තෙ ගිහිල්ල එන්න කියල බැලුවෙ... "

" හ්ම්... ඒක හොදයි... නැතුව ඉතින් අපට කොහෙන්ද ඔය ලොකු පෝන්..."

" ඒක තමයි අම්මේ... මම නාගෙන ඒ පැත්තට ගිහිල්ල එන්න කියල බැලුවෙ..."

එහෙම කියල මම ඇදුම් බාල්දියත් අරගෙන එලියට බැස්සෙ දොලට ගිහිල්ල හිතේ හැටියට නාගන්න හිතාගෙන.

" අම්මේ... මම දොලට යනවා..."

" අනේ මේ... ගියාට කමක් නෑ චූටි දූ... වරු ගානක් වතුරෙ නටලා ලෙඩ හදාගන්නැතුව ඉක්මනට එන්න හොදේ..."

ඒක ඇහුන මට හිනා ගියේ පුංචි කාලෙ දොලේ නාන්න ගියාම මාව වතුරෙන් ගොඩ ගන්න අම්ම විඳින දුක මතක් වෙලා...

________________________________________

මම ඉක්මනට දොලට ගිහිල්ල නාගෙන ආවෙ ප්‍රියා ගෙ ගෙදර යන්න තියෙන නිසා.

" චූටි දූ... මං කියන දේ අහන්නෙ ම නෑ දැන්... කොහෙද මුං කර දඬු උස් මහත් වුන ගමන් අම්මල කියන දේ කනකටවත් ගන්න එකක් ඈ... "

" අනේ... අම්මේ... මම ගිය පයින්ම ආව නේ... මොකද්ද කෑ ගහන්නේ..."

" ඒ මගුලක් නෙවේ මං කිව්වේ... නාල කොණ්ඩෙ කඩාදාල එන්න එපා කියල තියෙනව නේද ගමේ උන්ට හූල්ලන්න... කොච්චර කිව්වත් වැඩක් තියේද උඹට.."

" අරේ භගවාන් ජී...ඒ ස්වර්ණමය නීතිය මා හට අමතක වූයේ කෙසේද? මා බේරා ගනු මැනවි... එසේ නොවුනහොත් මා සවනතේ යුෂ්ටේකීය ප්‍රනාලය පුපුරා මා අභාවප්‍රාප්ත වනු නිසැකය..."

" ඒ පාර උඩ බලාගෙන තනියම කියවන්න ගත්ත. කොහෙද ඉතින් මම උඹට කියන එකක් මතක තියෙන්නෙ... කොණ්ඩෙ දෙපැත්තට පද්ද පද්ද නාරිලතා ගමනින් එද්දි..."

" දරුව කිසිවෙකු මාගේ මේ දිගු ඝනැති කේෂ කල්‍යානය දෙක ඊර්ෂ්‍යාසහගතව බලත් ද , ද්වේෂ සහගතව බලත් ද , ඉදින් එයින් ඔවුන්ගේම රුධිර ධාතුව කෝප වන්නේය. ඒ හේතු කොට ගෙන ඔවුන්ගේ රුධිර පීඩනය වැඩි වන්නේය. ඉදින් ඔවුන් රෝගී වන්නේය. ඉදින් ඔවුනටම පාඩු සිදුවේ. අපට කිසිදු පාඩුවක් සිදු නොවේ.."

තැනේ හැටියට ඇණේ ගහන්න ඕන කියල කතාවක් තියෙනව නේ...ඉතින් මාත් බණ පදයක් දාල බැලුව.

" අනේ මේ පැහිච්ච කතා නොකිය මම කියපු විදියට ඉදපන්... කොහොමත් උඹේ ඔය කොන්ඩෙ ගැන උඹට වඩා අයිතියක් තියෙනව මට... මම නේ ඔය කොණ්ඩෙට තෙල් සාත්තු කරල ඔය තත්වෙට ගත්තේ..."

" අයියෝ හලි හලි සුදු නෝනා... මොකදෑ මෙච්චර තරහ ගිහිල්ලා ඉතින්.. ඔයා කියනව නං මං ආයෙ නොනා ඉන්නංකෝ... වැඩේ ඉවර නේ..."

" මං උඹට කියන්නෑ ඉතින්...දැන් මෙතන පැහිච්ච කං කියව කියව ඉන්නෙ ප්‍රියා ලමයලෑ ගෙදර යන්නෙ නෑ..."

" මා දැන් පිටව යාමට සැරසුනේ මෑණියනි... ඔබතුමීගේ මේ වරලස මදක් වේලාගන්න රැදීසිටියේ... කමා අවසර උත්තමාවියනී....."

මම අමාරුවෙන් හිනාව නවත්තගෙන බැරෑරුම් මූණක් මවාගෙන කියද්දි අම්ම කටත් ඇරගෙන බලාගෙන හිටිය මගෙ රංගන ප්‍රතිභාව දිහා...

" අම්මප අහිංසකී වගේ හිටියට මේකිගෙ කට තමා වැඩේ...එහෙනං පරිස්සමට ගිහිල්ල එන්න චූටි දූ... දෙවි පිහිටයි..."

____________________________

" මොකද බූරුවො ගල් ගැහිල වගේ බලාගෙන ඉන්නෙ... මේ අහිංසකීව භය නොකර ඕක කියනවකෝ..."

ප්‍රභාත් අයියාගෙන් phone එක උදුරගන්න ගමන් ප්‍රියා කිව්වෙ ප්‍රභාත් අයියට හොදහැටි රවන ගමන්..

මම විභාගෙට පුලුවන් උපරිමයෙන් උත්තර ලිව්වත් මේ වෙලාවෙ මං ඉන්නෙ තිගැස්මකින්. මගේ මහන්සියට ගැලපෙන ප්‍රතිඵලයක් ලැබෙන්න. මං හිතින් දහස්වාරයක් මිමිනුව.

එකපාරටම ප්‍රියා ඇවිල්ල මාව වැලදගත්තේ අයියා මං දිහා පුදුමෙන් වගේ බලාගෙන ඉන්නැද්දි.

" මගෙ කෙල්ල ඉහලින්ම පාස් වෙලා.. මෙඩිකල් කොලේජ් සිලෙක්ට් වෙලා මැණික..."

" භගවාන් ජී..."

________________________

තවත් අම්මට බරක් වෙන්න පුලුවන්ද මට... කොලේජ් යන්නත් තව අවුරුද්දක්ම තියෙනවා. විභාග ප්‍රතිඵලත් ආව එකේ මට රස්සාවක් හොයා ගන්න පුලුවන් උනොත් ලොකු දෙයක්. මම හෙමීට කුස්සියට ගියේ අම්ම එක්ක මේ ගැන කතා කරන්න.

" අම්ම එදා කිව්ව නේ විභාග ප්‍රතිඵල ආවම ගැලෙපන රස්සාවක් හොයල දෙන්නං කියලා.."

" ඔව් ඉතින්.."

" ඉතින් අම්මෙ කොලේජ් යන්නත් තව අවුරුද්දක්ම තියෙනව නේ...ඒ ටිකේ ගෙදර ඉන්නෙත් රස්සාවක් හොයල යන්න බැලුවේ මං.. කීයක්හරි හොයාගන්න පුලුවන් නේ.."

" අනේ මන්ද චූටි දූ... උඹව හැමදාම ගෙදරට කරල තියන්නත් බෑ නේ..."

" අම්මේ අර නැන්දගෙ දිල්ලියේ ඉන්න නන්ගි... තෝෂි නැන්දට කියල බැලුව නං හරි නේ..."

" හැබෑවටම... මට ඒ ගැන නිච්චියක් නැති උනා නේ... මං අහල බලන්නං කෝ... ලගදි එන කතාවකුත් කිව්ව..."

______________________

" අනේ මන්ද නන්ගියේ කෙල්ලට ගෙදර ඉන්න බෑ ලුනේ... ප්‍රතිඵල ආපු එකේ රස්සාවක් කරන්න ම ඕනලු නේ.."

අම්ම ඔය කියන්නෙ ගෙදරට ආව තෝෂි නැන්දට .

" එහෙම තමයි අක්කෙ ඉගෙන ගත්ත දරුවෝ.. අනික ගෙදරට කරලා හැමදාම තියාගන්න පුලුවන්ද? කොලේජ් යන්නත් එපෑ... නේද පුතේ.."

මං හිනා වුනා.

" ලොකු company එකක job එකක් තියෙනව අක්කේ.. මගෙත් යාලුවෙක් තමා කිව්වෙ... ඉගෙනගත්ත හොද ලමයෙක් ඉන්නව නං හොයල දෙන්න කියලා...හැබැයි ඉතින් දූට අපේ ගෙදර නැවතිලා තමයි ජොබ් එකට යන්න වෙන්නේ... මොකද මෙහෙ ඉදන් දුර වැඩී නේ... මොකද කියන්නෙ දුව කැමතිද? "

මම අසරණව බැලුවෙ අම්ම දිහා. මට අම්මව දාල එච්චර දුරක් යන්න බෑ.. අම්මට මම නැතුව තනියම ඉන්නත් බෑ..මගෙ ඇස් වල කදුලු පිරුණ.

" උඹ කොහොමත් කොලේජ් යන්න එපැයි දුවේ...උඹත් ලෝකෙ දකින්න ඕන... හැමදාම මේ ගේ අස්සෙ හිර වෙලා ඉන්න බෑ නේ...මං කෙල්ලව එවන්නං නංගී..."

" හරි අක්කේ... මම තව සතියකින් එන්නම් දූ එක්කගෙන යන්න... දූ ලෑස්ති කරල තියන්නකෝ..."

_____________

වේගයෙන් දින ගෙවිල ගිහිල්ල තෝෂි නැන්ද මාව එක්කගෙන යන දවස උදා උනේ හිතේ ලොකු බලාපොරොත්තුවක් උපද්දවලා. ඒත් හිතේ ලොකු දුකක් තියෙනවා. අම්මව දාල යන්න බෑ. මම එයා නැතුව එක දවසක්වත් තනියම ඉදල නෑ. ඒත් මේ දේ කරන්නෙ අපි දෙන්නම වෙනුවෙන්. මම අමාරුවෙන් හිත හදාගත්ත.

" චූටි දූ...ගෙනියන්න ඕන ඔක්කොම බෑග් එකට දාගත්තද? ඔතන වෙලා මූණ එල්ලගෙන ඉන්නැතුව ඇවිත් බලන්නකෝ..."

කල්පනාවෙ ගිලිල ඉන්නකොට අම්මගෙ සද්දෙට මාව ගැස්සිලා ගියා.

" ඔක්කොම හරි අම්මේ...කිසි අඩුපාඩුවක් නෑ...හැබැයි ඉතින් මට වටිනා දේ මම මෙහේ දාල නෙ යන්නේ...මට අම්මව දාල යන්න බෑ අම්මේ..."

මම හඩාවැටුනේ අම්මට තුරුලු වෙලා. අම්ම අමාරුවෙන් කදුලු වලක්වගෙන මගේ ඔලුව අතගෑව.

" අනේ මගෙ දූ අඩන්න එපා... සුභ ගමනක් නේ යන්නේ...මම ලග නැති උනාට මම කියපු මතක තියාගෙන හොද දරුවෙක් වගේ වැඩ ටික කරගන්න ඕන මගෙ රත්තරන්...හැම වෙලේම සාධාරණ පැත්තෙ විතරක් හිටගන්න ඕන... තේරුණා නේද? ඉන්න මම පූජා තැටිය අරගෙන එන්න. "

අම්මා පූජා තැටිය අරගෙන ඇවිත් මට ආශිර්වාද කරල කැවිලිත් කැව්වා.

මම අම්මගෙන් වැදල ආශිර්වාද අරගෙන ගියේ තෝෂි නැන්ද ලගට.

" අනේ මගෙ රත්තරන් නන්ගියේ... මං උඹට දෙන්නෙ මගේ ඇස් දෙක..."

" අනේ අක්කා බය වෙන්න එපා.. මම මගේ පණ වගේ දෝණිව බලාගන්නවා... අපි ගිහින් එන්නම්... දෙවි පිහිටයි..."

" පරිස්සමට ගිහිල්ල එන්න...දෙවි පිහිටයි..."

" ආ අක්කෙ මේක තියාගන්න. මම දූටත් එහෙන් එකක් අරන් දෙන්නම්...එතකොට දෙන්නට ඕන වෙලාවක කතා කරන්න පුලුවන් නේ.."

නැන්ද අම්ම අතේ තිබ්බෙ කුඩා ජංගම දුරකථනයක්.

මම ආයෙ පාරක් අම්මව වැලදගෙන නැන්ද එක්ක පිටත් උනා.










____________________________


ඔන්න මගෙ අලුත් ff එකේ first chapter එක දැම්ම.

Comment එකක් දාගෙන යන්න.

Vote කරන්න...

බාල්දි ඕතරී...😈🪣

Bạn đang đọc truyện trên: AzTruyen.Top