නුඹ
දන්නවද ,මුහුදේ එක රළ පේළියක් නැග ගෙන ඇවිත් බැහැලා ගියාට පස්සේ ඊ ළග රළ පේළිය නැගෙන්න පටන් ගන්න කල් කෙටි විරාමයක් තියනවා. ඒ සොදුරු විරාමය අපුරු නිශ්ශබ්දතාවයක්. මම මුහුදට කන් දී ගෙන ඉන්න කොට, ඒ අපුරු විරාමයේදී දැක්ක අපූරුම කෙනා තමා ඔයා ........ ඔයා හැමදාම වගේ එදත් මුහුදු වෙරළ දිගේ ඇවිදන් ගියා.හැබැයි හැමදාම තනියම වඩයක් කකා කෝලා එකක් බිබී යන ඔයා එදා වෙනස්, කවුදෝ ගෑණු ළමයෙක් ඔයාගේ අතේ එල්ලිලා හිටියා.
එයා ඔයාගේ කව්ද ? ගෑණු ළමයාද ?
කෝ ඔයාගේ වඩේ මල්ලයි,කෝලා බෝතලෙයි ?
එදා ඔයාගේ ලස්සන! පිළිවෙලට අත් දිග කළු ෂර්ට් එකක් ඇදලා මුහුදේ මඩ පාට ඩෙනිමකුත් ඇදලා, ඒ මදිවට ඔයාගේ විසේකාර කැරලි කොන්ඩේ ජෙල් ගලා පිළිවෙලකට පිරලා. කෝ අනේ ඔයා හැමදාම අදින යුනිෆෝර්ම් එක අර ඔයා වැඩ කරන තැන නම ගහලා තියන ලොකු ටී ෂර්ට් එකයි, ඇදලා ඇදලා පරණ වෙච්ච් කළු කලිසමයි. එක නැතුව ඔයා ඔයා වගේ නෙමෙයි. ඔයා එදා පිළිවෙලට හිටියේ ඔයත් එක්ක හිටපු ගෑණු ළමයා නිසා ද ? කමක් නෑ මට ඔයත් එක්ක ඉන්න පින නැති උනාට ඒ ගෑණු ළමයාට හරි පින තිබුණා නේ.
ඇයි, ඇයි අර ගෑණු ළමයා ඔයාට බනිනවා වගේ මට පෙනුනේ, ඊට පස්සේ එයා ඔයාගේ කනටත් ගැහුවා. ඇයි ඔයා මොනවත් නොකර බලන් හිටියේ ,ඒ ගෑණු ළමයා යන්න ගියා නේද .ඇයි ඒ ගෑණු ළමයා යන ගමන් මම දිහා බැලුවේ ? දෙයියනේ මම ඔයා දිහා බලන් හිටිය නිසා ඔයාලගේ ආදරේට ඇස්වහ වැදුනද, මට සමාවෙන්න.
ඇයි ඔයා මම හිටපු පැත්තට ආවේ ? ඔයා එහෙම එනකොට්ට මට බය හිතුනා. ඔයාට තේරිලාවත්ද මම ඔයාට කැමති බව, නෑ එහෙම වෙන්න බෑ මම ඔයාට පෙන්න කවදාවත් බලන් හිටියේ නෑනේ. අයියෝ නවතින්නකෝ ,මගේ ළගට එන්න එපා මගේ හදවතට එක දරාගන්න බැරිව එක ගැලවිලා වැටෙන්න වගේ හයියෙන් ගැහුනා. ඔන්න ඔන්න තව ළගට එනවා ඔයා කොහොමහරි මම ගාවට ඇවිත් නැවතුනා.මම ඔයා දිහා බලාගෙන හිටියේ නැති බව පෙන්වන්න මම ඉක්මනට මුහුද පැත්ත බලා ගත්තා.
"එකස්කියුස් මී" ඔයා මට කතා කරා, ඔයා එදා තමයි මට පලවෙනි පාරට තමයි කතා කරේ, ඔයාට තියෙන්නේ ගැඹුරු එත් ලස්සන කටහඩක්
"ඔ-ඔව් කියන්න" මගේ කටහඩ පොඩ්ඩක් වෙවුළුවත් මම ඔයාට කතා කළා
"මම මෙතනින් ඉද ගත්තාට කමක් නැද්ද" ඔයා ඇහුවේ මට එහා පැත්තේ තිබ්බ ලී කොටේ පෙන්වන ගමන්
"කමක් නෑ අයියේ ඉද ගන්න" එයි මෝඩ හදවත නවත්තගන්නවා ඔයා මහ හයියෙන් ගැහෙන එක
ඔයා ළග කොලොන් සුවදයි. මට හැමදාම දැනගන්න ඕනි උනා ඔයා ගාව මොන වගේ සුවදක් ඇද්ද කියලා,එදා මට එක ලගටම දැනුනා. මම දන්නවා ඒ සුවද මට දැනිලා ගොඩක් වෙලා තිබුනේ නැති උනත් මම ඒ සුවදට ආසයි ගොඩක් .ඔයාගේ ඇස් ඒවා තද දුඹූරු පාටයි ඒ වගේම ඒවා දිලිසෙනවා හරියට විශ්වයේ තරු ඔක්කොම ඔයාගේ ඇස් ඔයා හිර කරන වගේ
ඔයා ඔහ පුදුම මනුස්සයෙක් කොහොමද ඔයා කිසිම දෙයක් නොවුනා වගේ හිටියේ ඔයාගේ ගෑණු ළමයා ඔයත් එක්ක තරහ වෙලා ගියාට පස්සේ. මම ඔයාගේ මුහුණ දිහා බලන් කල්පනා කළා
"ඇයි මගේ මුණේ මොනවා හරි තියනවද ? "
"නෑ , අයියා ඇයි එහෙම ඇහුවේ "
" ඔය මම මෙතනට ආපු වේලාවේ ඉදන් මම දිහා ඇහිපිල්ල්මක්වත් ගහන්නේ නැතුව බලන් හිටිය නිසා ඇහුවේ "
" ආ එකද ,සොරි මම ඔයාට කරදරක් උනා නම් "
" එකට කමක් නෑ "
"අයියේ "
"හ්ම්ම්ම් "
"ඔයා මොනවත් හිතන්නේ නැත්තම් මම දෙයක් අහන්නද "
"කමක් නෑ , අහන්න "
"මම දැක්කා අයියා මෙතන එන්න කලින් ගෑණු ළමයෙක්ගෙන් කනේ පාරක් කනවා.......
"ඔයා දැන් අහන්න යන්නේ මොකද උනේ කියලද"
"මම එහෙම ඇහුවොත් එක වැරද්දක්ද "
"නෑ ඔයාට ඕනි ප්‍රශ්නයක් අහන්න අයිතියක් තියනවා, මේකයි මම එයාට දැන් ටික කලෙක ඉදන් හංගපු ඇත්තක් කිව්වා"
"ඔයා මොකක්ද කිව්ව රහස කියලා මට අහන්න පුලුවන්ද "
"මම එයාට කිව්ව දේ නම් එයට ඒ විදිහටම නම් කියන්න බෑ ,හැබැයි මට මෙහෙම කියන්න පුළුවන්. මේකයි මම එයාට ඉස්සර ආදරය කළා එත් දැන් මාස දෙක තුනක් ඉදලා මට තේරිලා තියෙන්නේ මගේ හිත වෙනස් වෙලා කියලා මම තවදුරටත් එයාට ආදරය කරන්නේ නෑ මම වෙන කෙනෙක්ට ආදරය කරනවා. මම එක තමයි එයට කිව්වේ "
"ආ එහෙමද "
"ඔව්"
එහෙනම් එකේ තේරුම ඔයා කෙනෙක්ට ආදරය කරනවා. මට සතුටුයි ඔයාගේ කටින්ම එක දැනගන්න ලැබුණු එක ගැන. එහෙම උනා කියලා ඔයා වෙනුවෙන් මගේ හිතේ තියන ආදරේ කවදාවත් මැරෙන්නේ නෑ. මේක එක පාර්ශ්වික ආදරයක් උනත් කවුරුත් නැති, ජිවත් වෙලා ඉන්න කිසිම හේතුවක් නැති මට ඒ ආදරේ ජිවත් වෙලා ඉන්න ලොකු හේතුවක් .
"ඔයා ඉන්නේ කොහෙද මේ ළගකද " ඔයා එහෙම ඇහුවේ මගේ කල්පනාවෙන් මාව මුදවන ගමන්
"ඔව් අයියේ මගේ ගේ තියෙන්නේ මේ ළග ,ඇයි අයියා එහෙම ඇහුවේ "
"නෑ මේකයි ,මම ඔයා මෙතන ඉන්නවා දෙසැරයක් තුන්සැරයක් දැකලා තියනවා එකයි"
"එහෙමද ,මමත් අයියා මේ හරියේ ඉන්නවා දැකලා තියනවා"
එකේ තේරුම මොකක්ද ඔයා මාව දෙසරුයක් තුන්සැරයක් දැකලා තියනවලු ,මම එයා දිහා බලන් ඉන්නවත් දැකලා තියනවද දන්නේ නෑ .
"මම යන්න ඕනි " ඔයා එහෙම කියන ගමන් ඔයා ඉදන් හිටපු තැනින් නැගිට්ටා
"අයියා හමුවීම සතුටක් "
"මටත් "ඔයා හරි ලස්සනට හිනා වෙන ගමන් කිව්වා
කොහොමද ඔහොම හිතේ කිසිම කහටක් නැතුව හිනා වෙන්නේ මටත් කියලා දෙන්නකෝ එහෙම හිනාවෙන්න. මාත් ආසයි දැනගන්න
"එහෙනම් හෙට හම්බවෙමු "
"ඒ කියන්නේ අයියා හෙටත් මෙතනට එනවද "
"ඇයි මම කරදරයක්ද , මම කරදරයක් නම් එන්නේ නැතුව ඉන්නම් " ඔයා මුනත් ඇඹුල් කරන ගමන් කිව්වා.
"අනේ නෑ අයියේ, අයියා කැමති වේලාවක එන්න. මම දවසින් භාගයක් වගේම ඉන්නේ මෙතන"
"එහෙනම් මම යන්නම් " ඔයා ආයෙත් අර ලස්සන හිනාවත් එක්ක කිව්වා
"අයියා කැමති නම් අයියාගේ නම මට කියන්න පුලුවන්ද "
"මම කලණ ෂනුල්‍ය , එතකොට ඔයා "
"අයියා මාව හෙට හම්බවෙන්න ආපුවහම මම කියන්නම් "
"එහෙනම් මම හෙට ඔයාගේ නම දැනගන්න බලන් ඉන්නවා"
"හ්ම්ම් ,මමත් මගේ නම කියන්න බලන් ඉන්නවා"
"දැන් නම් මම ඇත්තටම යනවා " ඔයා එහෙම කියලා මට අත වනලා හරිම සතුටින් වගේ යන්න ගියා .
අන්න ඒ වගේ තමයි අපේ පළවෙනි කතාබහ සිදුවුනේ. ඔයා ගිය ගමන් මම ගෙදරට දුවලා ගියේ මම හැමදාම කරනවා වගේ මගේ නැන්දාට ඔයා ගැන හැමදෙයක්ම කියන්න. මගේ නැන්දා මට කතා කරේ නැති උනත් එයා එයාගේ මල් මාලයක් දාලා තිබුණ පින්තුර රාමුව ඇතුලින් හිනාවක් එක්ක බලන් හිටියේ මම ගැන එයා සතුටු වෙනවා කියලා කියන්න වගේ.මට එදා රෑම නින්ද ගියේ නෑ මට ඕනි උනේ ඊළග දවසට ඉක්මනට එනවා බලන්න. මුහුදු වෙරළට දුවලා ගිහින් ඔයා එනකන් බලන් ඉදලා මගේ නම ඔයාට කියන්න, මට ඕනි උනේ ඔයත් එක්ක වල් පල් කියවන්න.
අනේ මන්දා ඊට පස්සේ දවසේ මගේ දැනුමට අනුව මගේ ඔරලෝසුවේ වේලාව ගියේ හරිම හිමීට. 3.30ට මගේ වැඩ ඉවර වෙනවා.මම මුහුද ළගම හොටෙල් එකේ කැෂියර් එකේ වැඩ කලේ. මම වැඩ ඉවර වෙච්ච ගමන් ගෙදරට දුවලා ගිහින් හොදට නාලා මගේ හොදම ඇදුමකුත් ඇදන් හැමදාම වෙරළේ මම ඉන්න තැනට ආවේ ඔයා එන්න කලින් මම ඇවිත් ඉන්න ඕනි නිසා.
මම ඇවිත් ඔයා එනකන් බලන් හිටියා. මම ආවේ 4.30 ට ඔයා වෙනදට 6.00 – 6.30 අතර වෙරළට අනිවාරයෙන්ම එනවා.
වේලාව 6.40 උනා,ඔයා ඇවිත් හිටියේ නෑ
ඊට පස්සේ 7.30 යි ,ඔයා එත් නෑ
8.30ත් උනා ,එත් ඔයා නෑ.මම එතකොට නම් ටිකක් බය උනා ඔයා එන්නේ නැති වෙයි කියලා හිතුවා.
10.30ත් උනා ඔයා ආවේ නෑ , ඉතින් ඊට පස්සේ මම ඉදගෙන හිටපු තැනින් නැගිටලා ගෙදරට ගියේ ඔයා එන්නේ නැති වෙයි කියලා තේරුන නිසා.
මම ඔයා ආවේ නෑ කියලා ඇඩුවේ නෑ මට හිතුනේ ඔයාට වැඩ වැඩි නිසා එන්න බැරි වෙන්න ඇති කියලා. මම ඒ දවසට පස්සේ දවසෙත් ඔයා එනකන් රෑ වෙනකන් බලන් හිටියා, ඊට පස්සේ දවසෙත් ඊටත් පස්සේ දවසෙත් බලන් හිටියා. මම මෝඩයෙක් වගේ ඔහොම මාසයක් බලන් හිටියා. මම ඔයා එනකන් බලන් හිටපු කාලේ මාසයක් උන දවසේ නම් මම ගෙදර ගිහින් හොදටම ඇඩුවා. මම මටම දොස් කියා ගත්තා වෙන කෙනෙක්ට අයිති කෙනෙක් එනකන් බලන් හිටපු එකට , කමක් නෑ තව එකම එක දවසක් ඔයා එනකන් බලන් ඉන්නවා කියලා හිතපු මම 32 වෙනි දවසටත් ඒ කියන්නේ අදත් ඔයා බලාපොරොත්තුවෙන් වෙරළට ආවා.වේලාව 6.30 ඔයා එන පාටක් නම් නෑ , එත් එක පාරටම වගේ වෙරළ පැත්තට ආපු කෙනා දැකලා මම පුදුම උනා ඒ වෙන කවුරුත් නෙවෙයි ඔයාගේ කනට ගහපු අර ගැණු ළමයා එයා වෙරළට වෙලා කවුදෝ හෙව්වා, ඒ හොයනකොට එයා මාව දැකලා හිනා උනා. ඊට පස්සේ මම හිටපු තැනට දුවගෙන වාගේ ආපු එයා මට ඕනාවට එපාවට නමලා තිබුන කොල කෑල්ලක් දික් කරලා කිව්වා
"මේක ඔයාට කලණ දෙන්න කිව්වා" කියලා, කලණ දෙන්න කිව්වා ඒ කියන්නේ ඔයයි මට මේක දෙන්න කියලා තියෙන්නේ, එත් ඔයා කොහෙද ?
"ඔයාට හොදටම විශ්වාසද කලණ මට තමයි මේක දෙන්න කිව්වේ කියලා "මම ඇහුවා
"ඔව් මට සීයට සීයක් විශ්වාසයි ඔයාට තමයි කලණ මේක දෙන්න කිව්වේ කියලා"
" එහෙනම් කලණ ඇයි ආවේ නැත්තේ "
"ආ එයාද , ම්ම්ම්ම් මම එකට හේතුව ඔයා මේ ලියුම කියවලා ඉවර උනහම කියන්නම් "
"ඇයි ඔයාට එක දැන්ම කියන්න බැරි "
"මම කිව්වනේ ඔයා ඉස්සෙල්ලාම ලියුම කියවන්න ඊට පස්සේ මම මම කලණ නො ආපු හේතුව කියන්නම්"
මම එයාට ඔළුව වනලා ,නමලා තිබුන කොලේ දිග ඇරියා. එකේ තිබුනේ හරිම අපැහැදිලි අකුරු ,කවුරු හරි කෙනෙක් හරිම අමාරුවෙන් ලියපු අකුරු වගේ
කොහොමද මම කලණ මාව මතක ඇති කියලා හිතනවා ,ඉස්සෙල්ලාම මම සමාව ඉල්ලනවා ඔයාට මගේ අතින්ම මේක දෙන්න බැරි වෙන එකට. මම තව කොච්චර වෙලා ජිවත් වෙයිද කියන එක මට විශ්වාස නෑ.මම මේ ලෝකෙන් යන්න කලින් මට ඔයාට වැදගත් කතාවක් කියන්න තියනවා පුංචි සමනලයෙකුයි ,විශාල වෘකයෙකුයි ගැන
විශාල වෘකයෙක් එයාගේ වෘක ධේනුවත් එක්ක කැළේ ජිවත් වුණා,එයාගේ වෘක ධේනුවට එයා ගොඩක් ආදරය කලත් එයාට ටික කාලෙකින් තේරුනා ලු , ඒ ආදරය ප්‍රේමාන්විත ආදරයක් නෙවෙයි නිකම්ම නිකම් ආකර්ෂණයක් විතරයි කියලා ඒ වගේම වෘකයාට තේරුනාලු එයා එකාට කවදාවත්ම ලබාගන්න බැරි පුංචි සමනලයෙකුට ආදරය කරනවා කියලා වෘකයා ආදරයක් නැති බැදීමක් එක්ක වෘක ධේනුව ළග හිටියා මිසක් වෘකයාගේ ආදරණීය හිත හැමවෙලේම තිබුණේ පුංචි සමනලයා ළග. දවසක් වෘකයා ඔහුගේ හිතේ තිබුණ දේ වෘක ධේනුවට කිව්වා.මුලදී තරහක් ඇති උනත් වෘක ධේනුව පස්සේ ඇත්ත තේරුම් ගත්තා . ප්‍රේමයක් නැති තැන බැදීමක් ඇතිකරගන්න එක තනිකරම වේදනාවක් විතරයි. යතාර්ථයට විරුද්ධ වෙලා අසම්මත ප්‍රේමයක් හොයාගෙන වෘකයා නොනැවතීම ,තමන්ගේ ආදරේ පුංචි සමනලයා හොයාගෙන ගියා. අයිති වෙන්නේ නැති බව දැන දැනත් පුංචි සමනලයා ළග ඉදන් එයාට ආදරය කරන්න ඕන උනා. දවසක් අවසානයේ ඊලග දවසේ හමුවෙන බලාපොරොත්තුවෙන් පුංචි සමනලයායි වෘකයයි සමුදීලා ගියා. එක දවසක වෘකයාට වුන කරදරයක් නිසා ඔහුට පුංචි සමනලයාව හමුවෙන්න යන්න බැරි වුණා. දින සති මාස ගෙවිලා ගියා. තවමත් වෘකයා වෙනුවෙන් බලාපොරොත්තු තියන් ඉදපු සමනලයාට අන්තිමේට අහන්න ලැබුනේ "එයා දැන් අපි දාලා ගිහින් " කියලා විතරයි
මට හිතෙනවා ඔයාට තේරෙන්න ඇති කියලා මම මේ කියපු කතාව , වෙන කා ගැනවත් නෙවෙයි මම ගැන කියලා. මම කතාවේ කිව්වා පුංචි සමනලයා තමයි ඔයා. මම ඔයාට කතා කරපු තමයි මගේ මේ මෝඩ ජිවිතේ සතුටුම දවස. එත් මට පිනක් නෑ ඔයා හම්බ වෙලා මගේ හිතේ තියන දේ කියන්න. ඔයාට කතා කරපු දවසට පස්සේ දවසේ මම වෙනදාටත් වඩා කලින් ඔයා හම්බ වෙන්න ආවා. එත් මම මුහුද පැත්තට එන්න පාර පනිද්දී පිස්සෙක් වගේ වාහනේ පදවගෙන ආපු මනුස්සයෙක් මාව හප්පලා යන්න ගියා. මම ඇක්සිඩන්ට් වූනාට පස්සේ අනුරාධා ඒ කියන්නේ ඔයාට මේ ලියුම ගෙනත් දුන්න කෙනා තමයි මාව හොස්පිටල් ඇඩ්මිට් කරලා තියන්නේ. ඇක්සිඩන්ට් එකෙන් පස්සේ උන කිසිම දෙයක් මට හරියටම මතක නෑ ,මම මුලින්ම කිව්වා වාගේ මම කොච්චර වෙලා ජිවත් වෙයිද දන්නේ නෑ, ඒත් මට හොද උනොත් මම අනිවාරයෙන්ම ඔයාව බලන්න එනවා,ඒක පොරොන්දුවක්. අන්තිමේට කියන්න තියන්නේ,
මම ඔයාට
ඒ ලියුමේ තිබුනේ එච්චරයි. ඔයා මාව දාලා ගිහින් නැතුව ඇති නේද? මට හිතුන පලවෙනි දේ ඒක. මගේ මුණ දිගේ නවතින්නේ නැතුව ගලන කදුළු හිර කරන් මම අනුරාධා දිහා බැලුවේ ඔයා තාමත් ජිවත් වෙනවා නේද කියලා අහන්න.
මාව මුලින්ම දකිද්දී හිනා වෙලා හිටපු අනුරාධාගේ මුණ හොදටම අදුරු වෙලා,මම මොනවත් කියන්න කලින් මම අහන්න හිටපු ප්‍රශ්නේ එයාට තේරුණා වාගේ එයා කතා කරා
"සමාවෙන්න මට මේ දේ කියන්න වෙනවට කලණ නැති උනා දැනට සතියකට කලින් එයා මේ ලියුම ලියන ගමන් ඉද්දි එක පාට්ටම කෝමා එකකට වැටුනා, එයා සති දෙකක් කෝමා එකේ හිටියා.එයා කෝමා එකෙන් නැගිටියි කියලා හිතුන නිසයි ඔයාට මේක ගෙනත් දෙන්න මෙච්චර කල් ගියේ ,එත් අපේ හීන සුනු විසුනු කරලා එයා යන්න ගියා එත් එයා කොමා එකට වැටෙන්න කලින් මාව පොරොන්දු කරගත්තා මගේ ඇතිනම මේ ලියුම ඔයාට දෙන්න ඕනි කියලා. ඒ නිසා තමයි මම අද ආවේ ,එයාට දුන්න පොරොන්දුව ඉෂ්ට කරන්න.
***
ජිවිතේ හරිම විකාරයි, ගොඩක් වෙලාවට ඒක අපිට ඕන දේ ලබාදෙන්න කලින් අපිව හොදටම හෙම්බත් කරලා අපිට ඒ දේ එපා කරනවා ඊට පස්සේ අපි හිතන්නේ වත් නැති වෙලාවක අපිට ඒ දේ ලබා දෙනවා. ඒත් ඒ දේ ලබනකොට පරක්කු වැඩියි නම් ඒ දේ ලැබෙන එකෙන් වැඩක් වෙයි ද ?
නිමි .
ආදරය කරන සියල්ලෝම එක් නොවන අතර,
එක වන සියල්ලෝම ආදරය නොකරති ......
SUCHI 💗
..................................................................................................
මම මේ කතාව කිසිම වෙලාවක කියලා නෑ මේ කතාව කියන කෙනා ගැහුණු ළමයෙක් පිරිමි ළමයෙක්ද කියලා එක ඔයාලා කැමති විදිහට හිතා ගන්න පුළුවන් ❤❤
මම මේ කෙටි කතාව @Dhawalarosa2023 විසින් සංවිධානය කරන 'ධවල රෝස ' කෙටි කතා තරගයට ඉදිරිපත් කරන බව මෙයින් දන්වා සිටිමි
Bạn đang đọc truyện trên: AzTruyen.Top