07 කොටස....🌕

රාත්‍රි ආහාරය ගෙන කාමරයට පැමින නිදන්නට හැදුව ද සහස්‍ය හට නින්ද නම් ලගා වූයේ නැත ඇදේ ඒ මේ අත පෙරලෙමින් සිටි ඔහු නැගිට වාඩිවිය.සහස්‍යගේ නින්ද ආඩම්බරකාර හාදයෙක් සොරකම් කර ඇත.මීට පැය කිහිපයකට පෙර සයාශ් පැවසු වදන් ඔහුට සිහි විය.

" සයා කිව්වා වගේ මම මිස්ටර් වංශනායකට ආදරෙයි ද...?"

සහස්‍ය තමාගෙන්ම ප්‍රශ්න කරන්නට විය.ඉදින් ගෙවුනු විසිපස් වසරක් පුරාවට ඔහුට කිසිදු කෙනෙක් පිලිබද විශේෂ හැගීමක් ඇති නොවිණි.පාසලේ වුවද විශ්ව විද්‍යාලයේ වුවද ඔහුගේ ආදරය පතා ආ තරුනියන් ඕන තරම් සිටියේ ය.ඒ අතර තරුනයන් ද සිටි බොහෝ අය දන්නා රහසකි.ඒ සියලු දෙනා හේතුවක් නොපවසාම ප්‍රතිකේෂ්ප කරන ලදි.

සහස්‍ය වටා සිටියේ සීමිත පිරිසකි.ඔහු බැදීම් ඇති කර ගැනීමට ඒ තරම් කැමැත්තක් නොදැක්වූවා. දෙමාපියන් මියගිය පසු හුදකලා දිවියක් ගත කරන ලද ඔහුගේ ලගින්ම සිටියේ අනෝමා මැතිනියත් මිතුරන් දෙදෙනාත් පමනි.නන්දනීගේ වදනින් කෙතරම් සිත රිදුනද ඒ බව පිටට නොපෙන්වා ඉදීමට දක්ශ විය.තම මිත්තණිය මිතුරන් ඉදිරියේ විනෝදකාමී චරිතයක් වුවද අන් අයට ඔහු ආඩම්බරකාර කේන්තිකාරයෙක් විය.

එවන් තත්තවයක් තුල සහස්‍ය බොහෝ සෙයින් ප්‍රිය කරේ තම අතිජාත මිත්‍රයන් දෙදෙනා සමග ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටයි. සහස්‍ය දමා ගන්නා නඩු වලින් බේරාගැනීමට අනෝමා මැතිනිය විසින් කොළඹින් පිට කරනු ලැබූ අවස්ථා ද නැතුවාම නොවේ. ඉදින් මිතුරන් සමග විනෝදකාමී දිවියක් ගත කරන ඔහුට දැන් දැනෙමින් තිබෙන හැගීම බරක් සේ දැනේ.සයාශ් පැවසූ පමාවට එම හැගීමට 'ආදරය' යැයි නමක් දීමට සහස්‍ය මැලි විය.

සුසුමක් පහත හෙලූ ඔහු නින්දක් පෙනෙනතෙක් මානයක නොවෙද්දී ඇදෙන් බැස කාමරයෙන් පිටතට පැමිනියේ හෝටයේ උඩම තට්ටුවේ ඇති උද්‍යානය කරා ය.ලී පොලොව පුරා තන පිඩලි අල්ලා විවිධ මල් පැලෑටි වලින් අලංකාරවත් කර තිබුනි.උද්‍යානයේ කොනකට වන්න ලී මේසයක් හා බංකුවකින් සමන්විත විය. උද්‍යානයට ඉහලින් සෑදූ වියන මල් වැල් එල්ලෙන ලෙසට සාදා තිබුනි. කහ පැහැති විදුලි ආලෝකයෙන් උද්‍යානය ආලෝකමත් කර තිබුනි

උද්‍යානයේ සිරි නරබමින් පැමිනි සහස්‍ය එක් වර නැවතුනේ මේ මොහොතේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුනු රුවක් නෙතු ගැටුනු නිසාවෙනි.කෙටි කලිසමකින් සහ කමිසයකින් සැරසී උද්‍යානයේ කෙලවකර අත්වැටට බරව සිටින ආඩම්බරකාර රුව සයාශ්ගේ වදන් නැවතත් ඔහුට මතක් කිරීමට සමත් විය.හිස දෙපසට වැනූ සහස්‍ය රාත්‍රි අහස දෙසම අත් බැදගෙන බලා සිටින මේයුගට ටිකක් ඈතට වෙන්න අත්වැටට හේත්තු විය.

විටින් විට හමා යන සුලං දහරා රාත්‍රියේ කෑගහසන රැහැයියන්ගේ හඩ හැරුනු විට වෙනත කිසිදු ශබ්දයක් ඇසෙන්නට නොතිබුනි.නිහඩියාව හිසරදයක් ලෙස දැනුනු සහස්‍ය ඇස් කොනින් මේයුග දෙස බැලී ය.නමුත් ඔහු නම් සහස්‍ය දෙස බැලීමට උත්සාහයක් හෝ නොදැරුවේ ය.තමා  අදෘශ්‍යමාන අයෙක් දැයි කියා විටෙක සිතුනි.කුමක්දෝ හේතුවකට සහස්‍යට මේයුග සමග කතා කිරීමට අවශ්‍ය විය.සහස්‍ය නොරිස්සුම් සහගත බැල්ලමක් මේයුග හට හෙලී ය.

" තමුසේ මට රවන්න තියාගන්න එපා ආපහු රවන්න ඇස් දෙකක් නැති වෙයි.."

නිහඩතාවය බිද දමමින් මේයුග සහස්‍යට බැල්මකින් හෝ සංග්‍රහ නොකරමින් පැවසුවා මේයුගගේ වදන් හමුවේ සහස්‍ය ඔහු දෙසට හැරුනේ කෝපයෙනි.

" මට ඕන නම් ඕන කෙනෙක්ට රවනවා මිස්ටර් වංශනායක.."

මෙතෙක් සැගව සිටි කේන්තිකාර තරුනයා අවදි විය.මද සිනාවකින් දෙතොල් හැඩ වෙද්දී මේයුග එය ඉක්මනින් සගව ගත්තේ සහස්‍ය දකී යැයි සිතුනු නිසාවෙනි.නපුරු මුහුනක් මවා ගත් මේයුග සහස්‍ය දෙසට හැරුනේ ය.

" උබේ රැවිලි ගෙරවිලි පිප්පිලි ඔක්කොම උබ ලගම තියාගනින්.. මට ඒවා දාන්න එපා...! නැත්නම්....."

" නැත්නම් මොකද්ද මිස්ටර් වංශනායක...?"

මේයුග අසලට ලං වූ සහස්‍ය ඔහුගේ පැහැදිලි තියුනු කාල වර්න දෑස් දෙසම බලාගෙන විමසුවා. මේයුගගේ දෑස් ද කෝපයෙන් ඉපිලි ගිය තරුනයාගේ කෝපි පැහැති දෑස් අසල නතරව තිබුනා.මේයුගගේ දෑස් බැල්ම හමුවේ සහස්‍ය මදක් සැලි ගියේ ය.දෙදෙනා අතර තිබූ සෙන්ටිමීටර කිහිපයක දුර අඩු කරමින් මේයුග සහස්‍ය අසලට ලං විය.

" මෙතන සීතලයි...! තමුසේ අසනීප වෙයි..."

සහස්‍යගේ කන අසලට වූ මේයුග පැවසුවා. මේයුගගේ උනුසුම් සුසුම් රැලි ඔහුගේ ගතේ හැප්පෙන විට දැනුනේ සමනලුන් තටු සලනවාක් මෙනි.දෑත් මිටමොලවා ගත් සහස්‍ය අඩියක් පිටුපසට තැබුවා.මේයුග දෑසින් පැවසුවේ මෙතැනින් පිටව යන ලෙසය.

" මට ඕන වෙලාවට මම යන්නේ..? මම තමුසෙගේ කරේ නෙවෙයි නේ ඉන්නේ... මම අසනීප වුනත් තමුසෙට මොක ද..?"

හිතුවක්කාර තරුනයා කෝපයෙන් පැවසුවා.ඉදින් නිදා සිටි රාක්ෂයා ඇහැරවන්නට ඒ වදන් ප්‍රමානවත් විය.

" උබව උස්සගෙන ගිහින් කාමරේට අතහරින්න කලින් පලයන් මෙතනින්...!"

ගැඹුරු හඩින් මේයුග කෑගසා පැවසුවේ සහස්‍ය තිගැස්සී යද්දී ය.මේයුගගේ දෑස් ලා රත් පැහැයට හැරි තිබුනි.ගෙලෙහි කොල පැහැති නහර ඉලිප්පී තිබුනේ සහස්‍යව මදක් බියට පත් කරමින් ය.කෙල පිඩක් ගිලූ සහස්‍ය නැවතත් කතා කිරීමට සූදානම් විය.

" උබ තව එක වචනයක් හරි කිව්වොත් උබේ කට කඩනවා..! මැරුම් නොකා මෙතනින් පලයන් සහස්‍ය..!"

කලින්ටත් වඩා උස් හඩින් පැවසූ මේයුග අත්වැටට දෑත් තැබුවා මද වේලාවක් මේයුග දෙස බලා සිටි සහස්‍ය එතැනින් පිටව ගියා.

" කොල්ලා නපුරුයි වගේ නේ මිස්ටර් වංශනායක..!"

පිටුපසින් ඇහුනු කටහඩ හේතුවෙන් මේයුග හැරුනා.

" තමුසේ මොනාද මෙහේ කරන්නේ...?"

" පිලිගැනීම නම් අන්තිම සවුත්තුයි අවුරුදු හාරසිය ගානක් ජීවත් වෙලත් ඒක ඉගෙන නැද්ද..?"

එලෙස පැවසූ ඇය මේයුග අසලින්ම අත්වැටට හේත්තු විය

" තමුසේ මොකටද ආවේ කියනවා.."

" ඔබතුමාගේ ප්‍රේමවන්තයා එක්ක තියෙන මගේ පිටින් යවන්න එපා කේන්තිය වුනත් අනුන්ගේ දේවල් භාරගන්න මම කැමති නැ "

මේයුග සුසුමක් පහත හෙලුවේ ඇයට කොතරම් කෝපයෙන් ඇමතුව ද ඇය සත විසිපහක් තරම්වත් ඔහුගේ කෝපය මායිම් නොකර නිසාවෙනි.

" දැන්වත් කියනවා මායා තමුසේ මොකටද ආවේ..?"

" නිකමට ආවේ...! ඒක නෙවෙයි කෝ ඔබතුමාගේ නැට්ට..?"

මායා උද්‍යානය පුරාම පිරික්සුම් සහගත බැල්ලමක් හෙලමින් ඇසුවා

" තමුසෙට ඌ නැතුව පාලු ද..?"

" පිස්සු ද ඒයී..? පේන්න නැති නිසා ඇහුවේ..!"

මේයුගගේ බාහුවට පහරක් ගසමින් පැවසුවා

" තමුසේ කොහෙන් ද ඔය රෙද්ද ඉස්සුවේ..?"

මායා ඇද සිටින ඇගටම ඇලුනු කෙටි කාල වර්න ගවුම දෙස බලමින් මේයුග ඇසුවා

" රෙදි වැලකින් ඉස්සුවේ ඇයි මොකද දැක්කාම අදින්න ආස හිතුණා ද..?"

මේයුගගේ මුහුනට එබුනු මායා සිනහව සිර කරගෙන ඇසුවා

" තමුසේ තාම හැදුන් නැද්ද...? කොච්චර තමුසෙට කිව්වත් වැඩක් නැ.."

" යැයි යැයි නොගා ඉන්නවා ඒක නෙවෙයි සහස්‍යට මාව අදුන්වලා දෙන්න අදහසක් නැද්ද..?"

" ඒ මොකටද...?"

" මාව නෑනා වශයෙන් හදුන්වලා දෙනවා.."

" තමුසේ මගේ අක්කවත් නංගිවත් නෙවෙයි..."

" ඉව්...අවුරුදු ගානක් තිස්සේ තමුසේ කියන හැම මගුලක්ව අහගෙන කරන නිසා නේ මේ හැමදේම හෙට ඉදලා මෙලෝදෙයක් කරන්නේ නැ වාහනවල ටයර් වල හුලං යවන්නයි ඔත්තු බලන්නයි එක එකාගේ පස්සෙන් ගිහින් රකින්නයි හෙට ඉදලා වෙන කෙනෙක් හොයාගන්නවා මම යනවා.."

මේයුගට කෝපයෙන් මූනත් රතු කරගෙන කෑගසා පැවසූ ඇය නිල් කහ මිශ්‍ර කුරුල්ලෙකු බවට පරිවර්තනය වී පියබා ගියේ ය.මේයුග ඇය යන දෙස හිතින් සිනාසෙන ගමන් බලා සිටියේ දැන් ගස්සාගෙන ගියද තවත් පැය කිහිපයකින් ඔහු සොයා පැමිනෙන වග දන්නා නිසාවෙනි.

පසුදින උදෑසන මිතුරන් තිදෙනා සංචාරය ආරම්භ කලේ සුන්දර ලදු කැලෑවකිනි.අහස උසට වැඩුනු රූස්ස ගස් වලින් මුලු පලාතම වැසී තිබුනි. අතුරපතර වැඩුනු තවත් කුඩා පැලෑටි කහ රතු දම් වැනි පුංචි පුංචි මල් පිරුනු ගස් විවිධ වර්නයෙන් විවිධ හැඩයන් සහිත කොල තියෙන ගස් සීතල මීදුම් වලා අතරින් ගමන් ගන්නා ඔවුන්ට දැනුනේ වචනෙන් කියා නිම කල නොහැකි හැගීමකි.එය විදලාම දැනගත යුත්තකි

වනාන්තරය මැදට පැමිනි ඔවුන්ට හමුවූ දිය ඇල්ලක් අසල විවේක ගැනීමට තීරණය කරන ලදි. ගල් පර්වතක් මතින් කඩා හැලෙන ජල දහරාව පෙනෙනුයේ සුදු පැහැති සේද රෙද්දක් මෙනි.ඉහළ සිට කඩා හැලෙන ජල දහරාව විසල් ගල්පර වල හැපෙමින් පෙන නගමින් ගලා බසින්නේ ය.

" මෙතනට ආවාම මාර නිදහසක් දැනෙන්නේ.."

විසල් ගලක් මතින් වාඩි වූ මෝදිත පැවසුවේ දෑස් ද පියාගනිමින් ය.

" මට උබේ නිදහස කන්න තරම් බඩගිනියි.."

කෑමදාස නොහොත් සයාශ් පැවසුවේ මෝදිත අසලින්ම වාඩිවෙමින්

" උබ අපි මලත් ලෙසටම කයි පරයා..!"

මෝදිත දෑස් විවර කරමින් පැවසුවා

" මේ ඕයි අරූ මොකද සසර කලකිරිලා වගේ.."

මෝදිතට වැලමිටෙන් ඇන්න සයාශ් පැවසුවේ ගලා යන ජල දහරාව දෙස බලා සිටින සහස්‍ය පෙන්වමිනි.

" බූටක් කාලද දන්නේ නැ...!"

" මූ කාගෙන් බූට් කන්න ද යකෝ...? ගෑනියෙක් තියා මිනිහෙක් දිහාවත් වුවමනාවෙන් නොබලන තාපසතුමා නේ ඕකා.."

සයාශ් පැවසූ විට මෝදිත සිනා වූයේ දිනක් කෙල්ලෙක් සහස්‍යගේ ඇගේ දැවටෙන්නට සිදු වූ දෙය සිහිපත් වී ය.

" ඕයි කල්පනා ලොව මල් වනේ...! ඔබ කොයි හරියෙද ඉන්නේ..?"

සයාශ් කෑගහසා අසනවිට සහස්‍ය ඔහු දෙස බැලුවේ ඇහිබැමි හකුලවගෙන ය.

" උබ තනියම වෙන්ම ලෝකෙක නිසා ඇහුවේ.."

සයාශ් නැවතත් පැවසූ විට ඔහු නැවතත් ජල ගග දෙස බැලුවා

" උබ මොකද වංශනායක හාමු මහත්තයා මගහැරලා ගියේ..? මම අද උදේ හොදට නෝට් කරා ඌ උබේ ඉස්සරහට තෝ වාෂ්ප වෙනවා.."

එකවර යමක් මතක් වූ ලෙස මෝදිත ඇසුවා මෝදිත පැවසූවේ සත්‍ය ය.සහස්‍ය මේයුගව මුහුනට හමුවූ සෑම මොහොතකම ආදෙක් මෙන් එතැනින් ලිස්සා ගියේ ය.අඩුම තරමේ මේයුගගේ මුහුන හෝ නොබැලීමට ප්‍රවේසම් විය.ඊයේ රාත්‍රියේ මේයුග කෝපයෙන් කෑගැසූ පසු සහස්‍යට දැනුණේ ඔහු ඉදිරියේ සහස්‍ය යටත් වන ස්වභාවයකි.

සහස්‍ය කොළඹ ජීවත් වූයේ කිසිවෙකුට යටත් නොවී ය.ඔහු කිසිවෙකුට යටත් වීමට අකැමැති විය.ඉදින් එයට හේතුව වූයේ කුඩා කල නැන්දනිය වූ නන්දනී විසින් එල්ල කරන ලද තාඩන පීඩනයි.සහස්‍ය පිටුපස අනෝමා මැතිනිය සිටිය ද විටෙක ව්‍යාපාර කටයුතු නිසාවෙන් සහස්‍ය මගහැරුනි.එවැනි අවස්ථා ප්‍රයෝජනයට ගත් නන්දනී කුඩා සහස්‍ය හට මානසිකව හිංසා කරන ලදි.කාලය ගත වෙත්ම කුඩා කල අහිංසකව සිටි සහස්‍ය වයසින් වැඩෙත්ම ඉක්මනින් කෝප ගන්නා නපුරු තැනැත්තෙක් බවට පත් විය.

ඔහුට වදනකින් හෝ විරුද්ධ වීමට හැකි වූයේ අනෝමා මැතිනියට හා ඔහුගේ මිතුරන් දෙදෙනාට පමනි.විටෙක මිතුරන්ගේ බසට ද අවනත නොවේ.ඔහුගේ හිතුවක්කාරී ක්‍රියා කලාපය විටෙක අනෝමා මැතිනියගේ ඇගේ ලේ වතුර කිරීමට සමත් විය.අනෝමා මැතිනිය හදවත් රෝගියෙක් වූයේ නම් දැනටම ඇය මිය ගොස් වසර ගනනක් ඉක්මෙන්ට තිබුනි.

" ඌ ගැන ආපහු මාත් එක්ක කියෙව්වොත් උබලා මගේ යාලුවෝ කියන දේ අමතක කරන්න වෙයි.."

එක්වරම මිතුරන් දෙදෙනා දෙසට හැරුනු සහස්‍ය කෝපයෙන් පවසා නැගිට ගියේ සයාශ් සහ මෝදිත පුදුමයට පත් කරමිනි.සහස්‍ය හට එතරම් කෝප ගැනීමට සිදු වූයේ කුමක්ද කියා සිතා ගත නොහැකි වුවද ඒ පිලිබදව සහස්‍යගෙන් විමසන්නට ද ඔවුන් උත්සාහ නොකලා ය.දැන් මේ පිලිබද වදන් හෝ පවසන්නට ගියහොත් දත් නැතුව අඩි හයක් පොලොව යට සාමයේ සැතපෙන්නට අවස්ථාව ලැබෙන්න ඇති ඉඩ කඩ වැඩිබව ඔවුන් අත්දැකීමෙන් දන්නා කරුනකි.

සහස්‍ය කෝපය ගස් ගල් පිටින් යවද්දී සයාශ් සහ මෝදිත ඔහු පිටුපසින් නිහඩවම ගමන් ආරම්භ කරන ලදි.ඉදින් ඔවුන් ගමන් කරන ලද්දේ රත්‍රියට කදවුරු බැදීමට සුදුසු ස්ථානයක් සොයමිනි.තවත් මීටර් කිහිපයක් ඇවිද ගිය පසු කදවුරු බැදීමට සුදුසු තැනිතලා භූමියක් හමුවිය.ඔවුන් රාත්‍රි කාලය මෙහි ගත කිරීම සදහා යුහුසුලුවෙන් සූදානම් කරන ලදි.

.
මතු සම්බන්ධයි....!

වෙනදාට වඩා ඉක්මනට ආපු නිසා ඔයාලාගේ අදහස් කියාගෙන යන්නකෝ

Bạn đang đọc truyện trên: AzTruyen.Top