04 කොටස....🌑
" සර්.."
ජනේලය අසලට වී වලාකුළු රහිත නිල් ආකාස දෙසට නෙත් යොමාගෙන කල්පනාවක සිටින මේයුග තිදස්වර වංශනායකයන්ගේ කල්පනාවට තිත තැබුණේ ගෙවින්ගේ හඬිනි.ගෙවින් දෙසට හැරුනු මේයුග ජනේලයේ බැම්මට හේත්තු වුනා
" සහස්යයි අනිත් කොල්ලෝ දෙන්නයි යන්න හදන්නේ සර්.."
ගෙවින් පැවසූ විට හිස පමනක් සැලූ මේයුග ආපසු නෙත් නීල ආකාසය දෙසට යොමු කලා තම ප්රධානියා දෙස තත්පර කිහිපයක් බලා සිටි ගෙවින් කාමරයෙන් පිටතට යාමට ආසන්නයේදී මේයුගයේ හඩින් නතර විය
" කන්න දීලා යවපන්.."
ගෙවින් ඔහු දෙස හැරි බැලුවා තවමත් ඔහුගේ නෙත් ආකාසය දෙසට යොමුව තිබුනි
" හරි සර්.."
තම ප්රධානියාගේ අනට කීකරු වෙමින් ගෙවින් කාමරයේ දොර වසමින් පිටව ගියා
" මේ පාර නම් උඹව අතහරින්නේ නැ..!"
මුව කොනින් නැගුනු සිනාවක් සමග මේයුග තමාටම කියාගත්තා තවත් විනාඩි කිහිපයක් එසේ සිටි මේයුග කාමරයෙන් පිටතට පැමිනියේ පහල තට්ටුවෙන් ඇසුනු ශබ්දය නිසාවෙනි නිහඩ බව රජයන මන්දිරය අද සිනා හඩින් උස් කතා බහින් පිරි ගොසිනි.පඩි එක දෙක බැසගෙන පැමිනි මේයුගගේ දෑස් නතර වූයේ සිනාසෙමින් සිටින සහස්යගේ රුවයි
සිනාසෙන විට වල ගැසෙන කොපුල් සිහින් වල කෝපි පැහැති දෑස් ඔහු නිහඩවම රස වින්දා අත් දෙක පපුව හරහා බැදගෙන ඔවුන් දෙස බලා සිටින දේහධාරියාගේ රුව ඔවුන් තිදෙනාගෙන් කිසිවෙකුගේ නෙත නොගැටුනි
" මුගේ ආච්චිට සම්බ රයිස් ගරන්න යකෝ නිදාගෙන ඉදිද්දී කරදර කරන්න එපා කියලා මම තොපිට කියලා තියෙනවා සහස්ය තොගේ කෙකර ගෑම නවත්තපන් විපතක් වෙලා තියෙන්නේ මම මලත් මුන් හිනා වෙයි කැම්රි මිතුරෝ...!"
මූන පුරා ටූත්පේස්ට් ගාගෙන ඉන්න මෝදිත කෑගැසුවා මෝදිත යනු නින්ද ප්රථම රාජකාරිය කරගත් පුද්ගලයෙකි ගහක් ගලක් මලක් මුලක් ඇදක් අවසාන වශයෙන් කිව්වොත් අපායේ ලෝදිය හැළියේ හිටියත් නිදාගන්න පුලුවන් අරුම පුදුම ජීවියෙකි නින්ද ගියොත් හිරෝෂිමාට ගහපු බෝම්බේ ගහලවත් අවදි කරන්න බැ සරලවම කිව්වොත් මෝදිතව අවදි කරනවා කියන්නේ කරන්න පුලුවන් වැඩක් නෙවෙයි බැරි වැඩක්
උදේ මෝදිතව ඇහැරවන්න උත්සාහ කරපු සයාශ් අවසාන වශයෙන් ටූත්පේස්ට් එකෙන් මූනේ කුකුලෙක් ඇන්දා පුංචි පුංචි කැබලිවලට ඉරා ගත් කොල කිහිපයක් සහස්ය විසින් මෝදිතගේ ඔළුවට දැම්මා මෝදිතගේ කර්ලි හිසකෙස් අතරේ කොල කැබැලි රැදුනා අවසානයට දුෂ්ඨ මායාකාරයෙක් වගේ හිනා වුනු සයාශ් මල් පෝච්චියේ තිබුනු මල් විසි කර දැමුවා මල් පෝච්චියේ තිබුනු වතුරින් මෝදිත නැහැවීමට ගත වූයේ තත්පර කිහිපයකි
" අනේ පැංචෝ...! ආදරේ නිසා නේ මේ හැමදේම.."
මෝදිතගේ කොපුලක් මිරිකමින් සහස්ය පැවසූ විට මෝදිතගෙන් ඔහුට හිමි වූයේ රැව්මකි
" අන්න ඒකයි සහස්යයෝ කියන්නේ අපි හිච්චි කාලේ ඉදලා මැංගෝ යාලුවෝ අනික උබේ නින්ද තමයි වගකියන්න ඕන අපි නෙවෙයි "
සයාශ් මෝදිතගේ කරට අතක් දමාගෙන සැහැල්ලුවෙන් පැවසුවා තමන් මැදි කරගෙන සිටින මිතුරන් දෙදෙනාටම මෝදිත මදි නොකියන්න රැව්වා
" එහාට පලයන්..! පරයෝ දෙන්නා මම නැති දවසට තොපිට මගේ අගේ තේරෙයි අල්ලන්න එපා තොපි මාව හිටපන් තොපි දෙන්නාට උන ගැනෙන්න අනෝමා මැතිනිය අමතලා සියල්ල වාර්තා කරනවා "
සයාශ් හා සහස්ය තල්ලු කර දැමූ මෝදිත පවසා පිටව ගියා
" අනේ පනේ ඔහොම සිටින්න මා එනතුරු.."
එසේ පවසමින් සයාශ් මෝදිත පසුපස දුව යද්දී සහස්ය පමනක් එහි තනි විය සිනාවකින් ඒ දෙස බලා සිටි සහස්ය දුටුවේ තමා ළඟ නතර වී තියෙන කාන්දම් දෑසක් ඒ දෑස් දුටු විගස සහස්ය තිගැස්සි ගියේ ය කෙල පිඩක් ගිල දැමූ සහස්ය ඉක්මනින් මිතුරන් ගිය දෙසට ගියේ මේයුග ඒ දෙස බලා සිටියදී ය.
උදෑසන ආහාරය ද වංශනායක මන්දිරයෙන් ලබා ගත් මිතුරන් තිදෙනා තමාගේ බෑග් මලු සූදානම් කරගෙන ආලින්දය වෙත පැමිනියා ආලින්දයේ රැදී සිටි ගෙවින් ඔවුන් හට සිනාවකින් සංග්රහ කලා
" Thank you soo much MR.Gevin...! ඊයේ අපිට කරේ ලොකු උදව්වක්.."
සහස්ය ස්තූති පූර්වක බැල්මක් ගෙවින් දෙසට හෙලමින් පැවසුවා
" ඇත්තටම සහස්ය මට නෙවෙයි ස්තූති කරන්න ඕන අපේ සර්ට... සර් කිව්වේ නැත්නම් මට ඔයාලාට උදව් කරන්න වෙන්නේ නැ.."
" ගෙවින්ගේ සර්ට ඉක්මනට එන්න කිව්වා නම් අපිට ස්තූති කරලා යන්න පුලුවන් "
මෝදිත පැවසූ විට සයාශ් හිස දෙපසට වැනුවේ මූ නම් ආත්මෙට හැදෙන්නේ නැති එකෙක් යැයි සිතමිනි
" මුගේ කට හොද නැ මිස්ටර් ගෙවින්.."
" මේ ටිකට ඒක මට තේරුනා සහස්ය.."
මුව කොනින් නගා ගත් සිනාවක් සමග ගෙවින් පැවසූ විට මෝදිත ඔහු දෙස දෑස් සිහින් කරගෙන බලා සිටියා
" ගෙවින්...!"
මේයුගගේ හඩ ඇසුනු සැනින් ගෙවින්ට ප්රථමව ඔහු දෙසට දෑස් රැගෙන ගියේ සහස්යයි ඒ ගැඹුරු හඩ සහස්යගේ මුලු ආත්මය ස්පර්ශ කරන බව ඔහුට දැනුනි
" සර්..!"
" වාහනේ රෙඩි කලා ද..?"
" ඔව් සර්.."
" මෙයාලට වාහනේ කී එක දෙන්න.."
" ඔයාලාගේ වාහනේ කැඩුණු නිසා මේක තියාගන්න මේ පැත්තේ ගරාජ් එකක් නම් හොයාගන්න හම්බ වෙන්නේ නැ ඒ නිසා මේක තියාගන්න.."
ගෙවින් සියල්ල විස්තර කරමින් වාහනයේ යතුර සහස්යගේ අත මතින් තැබුවා සහස්ය සිනාවකින් එය භාර ගත්තා
" thank you.."
සහස්ය මේයුග දෙස බලාගෙනම කිව්වා
" එහෙනම් අපි යන්නම් කරපු හැමදේටම ගොඩක් ස්තූතියි සර්.."
සයාශ් මෝදිත සමග ඉදිරියෙන් ගමන් කරද්දී ගෙවින් ඔවුන් පසුපසින් ගියා සහස්ය තවමත් ආලින්දයේ නතරව සිටියා
" පරිස්සමින්..!"
තමා අසලින් ඇසුනු ගාම්භීර ගැඹුරු හඩ හේතුවෙන් තිගැස්සි ගිය සහස්ය පිටුපසට හැරුනා තමාට බැල්මක් හෝ නොදී ඉදිරිය බලා සිටින මේයුගගේ රුව ඔහුගේ නෙතු ගැටුනා ග්රීක පිලිරුවක් මෙන් කිසිදු අඩුවක් නොමැති කඩවසම් රුව සහස්යගේ සිත පැහැර ගත්තේ දුටු පලමු මොහොතේ දී ය
දිවියේ කිසිදු දිනක මෙවන් අයෙක් මුන නොගැසුනු බව ඔහුට සහතිකය නමුත් මෙම දේහධාරි කඩවසම් තරුනයා අසලදී දැනෙන හුරුපුරුදු බව කුමක් දෝ කියා තේරුම් ගැනීමට නොහැකිව සහස්ය ලත වෙමින් වුන්නා අහේතුකවම ඔහු ළඟ නවතින්න සහස්යගේ හිත බල කරමින් වුන්නා සිත එසේ පැවසුව ද මොලය පැවසුවේ ඉක්මනින් මෙතනින් යන්න කියා ය
දෙලොවක් අතර තනිව සිටි සහස්ය ළඟ කාල වර්න දෑස් නවතින්නට ගියේ තත්පර කිහිපයකි මේයුග තමන් දෙස දෑස් විසල් කරගෙන බලා සිටින සහස්යට දෑසින් පෙන්වූයේ මන්දිරයෙන් පිටතට යන මිතුරන් ය
" හැමදේටම තෑන්ක් යූ මිස්ටර් වංශනායක..!"
සිදු වූ දෙයින් අපහසුතාවයට පත් වූ සහස්ය ඉක්මනින් එසේ පවසා මන්දිරයෙන් පිටතට යාමට හැරුනේ තමාගේ සිතට බැන වදිමිනි.මන්දිරයෙන් පිටතට පැමිනි සහස්ය මිතුරන් දෙදෙනා අසලට ගියා සහස්ය අතෙහි වූ මර්සිඩිස් බෙන්ස් රථයේ යතුර මෝදිත අතෙහි තැබුවා ගමන් මලු රථය තුලට දැමූ සහස්ය නැවතත් හැරී මන්දිරය දෙස බැලුවා
" ගෙවින් කොලුවෝ එහෙනම් අපි ගියා "
" හාකෝ සීයේ..."
ගෙවින් එසේ පවසා මන්දිරය තුලට යද්දී මිතුරන් තිදෙනා රැගත් රථය මන්දිරයෙන් පිටව ගියා
" මුගේ ආච්චිට හාල් ගරන්න යකෝ මගේ සුන්දර නිකලැල් පිවිතුරු මූන දිහා බලාගෙන අරූ කොහොමද සීයේ කිව්වේ සයාශ්ගේ සංස්කෘතිය පල්ලා ආපහු ඕකාව මට ආපහු අහු වුනොත් ගහක බැදලා දිමි ගොට්ටක් ඇගට දාලා කුරුළු පිහාටුවකින් කිති කවනවා.."
කෝපයෙන් මුහුනත් පුම්බාගෙන මෝදිත පැවසුවා
" උබගේ කට හින්දා නේ නහින්නේ.."
සහස්ය මෝදිත දෙස නොබලාම පැවසුවා
" උබ කට වහපන්..! අර මේගයෙක් දිහා තෝ බලාගෙන හිටියේ ජීවිතේට පුරුස පරානයක් දැකලා නැ වගේ.."
සහස්ය ඇහෙන්නේ නැ වගේ සිටියේ ඕකට තව මොනාහරි කියන්න ගියොත් නම්බුව මහවැලි ගගේ ගසාගෙන යන බව දන්නා නිසාවෙනි මෝදිතගේ කට වක්කඩට සමාන කරන්න පුලුවන් මොකද කට ඇරියොත් කියන්නේ මොනාද කියලා සමහර වෙලාවට මෝදිතත් දන්නේ නැ
මිතුරන් තිදෙනාගේ කතා බහ මැදින් විවිධ මං මාවත් ඔස්සේ ඔවුන් ගමන් ගත්තා ලස්සනයි යැයි සිතුන ස්ථානයක ඔවුන් නැවතී එම සුන්දරත්වය විදින්නට ද අමතක නොකලා ය අවසානයේ ඔවුන්ගේ ගමනාන්තය වූයේ කන්දක් මුදුනට වන්න පැවැති හෝටලය කි එහි ගිය විට පෙනෙන මනස්කාන්ත දර්ශනය ඔවුනගේ නෙත් සිත් වසග කරගැනීමට සමත් විය
" ලංකාව කියන්නේ පට්ට ලස්සන රටක් බන්.."
මීදුම අතරින් දිස් වන විසල් කදු පන්ති නරඹමින් මෝදිත පැවසුවා හරිත පැහැයෙන් පෙනෙන වටපිටාව හමා යන සීත සුලං රැලි වල සිසිලස විදිමින් බැල්කනියට වී මිතුරන් තිදෙනා කතා බහ යෙදී සිටියා කොළඹ නගරයේ සිමෙන්ති ගොඩනැගිලි අතර දින ගෙවමින් සිටි ඔවුන්ට මෙය වෙනස්ම අත්දැකීමක් විය
" සහස්යයෝ මම උබෙන් අහන්නමයි හිටියේ උබට මොකක් හරි ප්රශ්නයක් ද..?"
බැල්කනියේ අත් වැටට බර වී සිටින සහස්ය දෙස මද වේලාවක් බලා සිටි සයාශ් ඇසුවා
" මුකුත් නැ බන්..!"
" උබ ඔය බොරු කියන්නේ පුංචි කාලේ ඉදලා එකට හිටපු උන් දෙන්නාට කියලා අමතක වුනා ද..?"
මෝදිත සහස්ය දෙසට හැරෙමින් පැවසුවා
" එහෙම ප්රශ්නයක් නැ යකුනේ.."
" මූ ඔය හිතන්නේ වලව්වේ හාමු මහත්තයා ගැන.."
සයාශ් මුව කොනින් නගා ගත් සිනාවක් සමගින් පැවසුවා
" තොපිට පිස්සුද..? වැරදි දෙයක්වත් කැව්න ද..? ගිහින් නිදාගනින්.."
" හරි හරි මහත්තයෝ ඔහොම යමුකෝ අපිත් මෙහේ තමයි ඉන්නේ.."
සහස්ය එසේ පවසා පිටව යද්දී මෝදිත කෑගහසා පැවසුවා සහස්ය මැදගිල්ල පෙන්වා බාත්රූම් එකේ දොර වසා ගත්තා දොරට හේත්තු වුනු සහස්ය දෑස් පියාගත්තේ සිහින් සිනාවක් දෙතොලතර රදවගෙන
මේ ජීවිතේ දී හැම අයෙක්ම හම්බවෙන්නේ මොනාහරිම හේතුවක් ඇති ව සමහර හමුවීම් ජීවිතේට අමතක නොවන පාඩම් උගන්නනවා සමහර හමුවීම් හරිම ආදරිනීයයි සමහර හමුවීම් ජීවිත කාලය පුරාවට අමතක නොවන දුකක් ඉතිරී කරනවා ඉතින් සහස්ය මේයුග හමුවීමත් මොනාම හරි හේතුවක් ඇතිව හමු වෙන්න ඇති...!
මතු සම්බන්ධයි.....!
Bạn đang đọc truyện trên: AzTruyen.Top