03 කොටස....🌕
" මේ වගේ තැනක මනුස්සයෙක් ඉන්නවා කියලා හිතන්න පුලුවන් ද බන්..? අපි මෙච්චර දුර ආවේ එක ගෙයක් ආසාවට දකින්න පුලුවන් වුනාද..?"
මෝදිත ගේට්ටුව අභියසට ඇවිදගෙන යමින් පැවසුවා
" ඉන්නවා බන් අර ගේට්ටුව ළඟ වයසක ඩයල් එකක් ඉන්නේ "
මෝදිතගේ හිසට පහරක් ගැසූ සහස්‍ය පැවසුවා තිදෙනා සමග ගේට්ටුව අභියසට පැමිනියේ මේ ලෝකයේ ජීවත්වන අහිංසක සිල්වත් ගුනවත් යහපත් සිරිමත් වගේ ගේට්ටුව අසල සිටි වයසක පුද්ගලයා ඔහුගේ ඉදිරියට පැමිනි තරුනයන් තිදෙනාගේ ඉහළ සිට පහලට නිරීක්ෂණය කලා
" මූ ස්කෑනර් එකක් ද බන්..? බලන විදියට බයත් වගේ.."
සයාශ් පැවසුවේ සහස්‍යගේ පිටුපසට වෙමින් සහස්‍ය වරක් සයාශ් දෙස බලා නලලත් රැලි කරගෙන බලා සිටින වයසක පුද්ගලයා ඇමතුවා
" අංකල්.."
" අංකල් නෙවෙයි බේසිකයෝ... උන්නැහේ කියපන් උබ පැත්තකට වෙයන් මේ මෝදිත පුතා වැඩේ ගොඩ දාලා දෙන්නම්.."
පරාක්‍රමබාහු ගැම්ම ගත් මෝදිත සහස්‍යට පැවසුවා කරලා පෙන්නපන්කෝ කියන්න වගේ හිස වැනූ සහස්‍ය සයාශ් සමග නිහඩ වූයේ මෝදිත වැඩේ ගොඩදායි ද නැත්නම් හායි දෝ කියලා සිතමින්
" මේ උන්නැහේ අපි කොළඹ රටේ ඉදලා මෙහෙට චාරිකාවකට ආවේ මගදී අපේ වාහනය කැඩුනා අද රෑට අපිට මෙහේ නවාතැන් ගන්න පුලුවන් ද..?"
මෝදිත සුපිරිවිකි දාලා මැදපු දත් තිස්දෙක ප්‍රදර්ශනය කරමින් යටහත් පහත් විදියට පැවසුවා
" තමුන්ලා මේක අම්බලමක් කියලා ද හිතාගෙන ඉන්නේ..? පිටස්තරයෝ වලව්වට වැද්දගන්න අපේ මහත්තයා කැමති නැ තමුන්ලා ආපු අතක් බලාගෙන ගියොත් හොදයි.."
කිසිදු තෙතමනයක් නොමැති හඩකින් පුද්ගලයා පවසද්දී තරුනයන් තිදෙනාගේ මුහුනු මැලවිනි
" මුගේ ආච්චිට යකෝ...!"
" අංකල් අපිට අද රෑට විතරක් ඉන්න දෙන්න පුලුවන් ද..? අපිට වෙන තැනක් හොයාගන්න බැරි වුනා වාහනෙත් මග දාලා අපි පයින් මේ තරම් දුර ආවේ අංකල්ගේ මහත්තයා එක්ක අපි කතා කරන්නම් එතකොට අංකල්ට ප්‍රශ්නයක් වෙන්නේ නැ "
මෝදිත තවත් යමක් පැවසීමට පෙර සහස්‍ය ඉස්සර විය උපතින්ම රැගෙන ආ රංගන කුසලතාවය රග දක්වමින් සහස්‍ය දුකින් පැවසුවා
" මේ මහත්තයා මම එක සැරයක් හොදින් කිව්වා ඔහොම නෙවෙයි කොහොම කිව්වත් මට ඇතුලට ගන්න බැ මහත්තයාගේ අවසරයක් නැතුව කාවවත් ඇතුලට ගන්න බැ කරුණාකරලා මෙතනින් ගියොත් හොදයි.."
නොරිස්සුම් හඩකින් මුරට සිටින වයසක පුද්ගලයා පැවසුවා මෝදිත යමක් පවසන්න ගියත් මේ අවස්ථාවේදී ද සහස්‍යගෙන් ඊට ඉඩක් දුන්නේ නැ
" හරි අංකල් අපි යන්නම් කරදරයක් වුනා නම් සමාවෙන්න.."
සහස්‍ය අහිංසක හිනාවක් ප්‍රදර්ශනය කරන ගමන් කිව්වා සයාශ් නම් ඕන වෙඩිමක් වෙද්දෙන් කියලා කට වහගෙන බලාගෙන හිටියා සහස්‍යට රැව්ව මෝදිත ඉස්සර වුනා දැන් රාත්‍රි කාලය මහ පාරේ තමයි ගත කරන්න වෙන්නේ කියලා හිතාගත්ත සයාශ් සහස්‍ය එක්ක අඩි කිහිපයක් ඉස්සරහට ගියා
" පොඩ්ඩක් ඔහොම ඉන්න.."
පිටිපස්සෙන් ඇහුනු කටහඬ නිසා කොල්ලෝ තුන්දෙනා නැවතිලා ආපහු හැරුනා
" අන්දිරිස් ගේට්ටුව ඇරපන්...!"
ආගන්තුක තරුනයා පැවසු විට ගේට්ටුව අසල මුරට යොදා සිටි අන්දිරිස් පුදුමයෙන් විසල් වූ දෑසින් ඔහු දෙස බැලුවා
" ගෙවින් මහත්තයා...මේයුග මහත්තයා..?"
" සර් තමයි කිව්වේ...දැන්වත් ඇරපන් ගේට්ටුව"
ගෙවින්ගේ අණට කීකරු වූ අන්දිරිස් ගේට්ටුව විවර කරේ තරුනයන් තිදෙනාට රැව්මක් පා කරමින්
" අරූ මොන කෙසෙල් ඇවරියකට ද අපිට රවන්නේ මේක හරි මගුලක් වුනා නේ.."
මෝදිතත් අන්දිරිස්ට නොදැවිනි රැව්මකින් පිරිනමමින් සහස්‍යට පැවසුවා
" කැම්රි සමාජයක් බන් මේක.."
" සංස්කෘතිකයි එකගයි බන් ගෙවින් කියන දෙවියා මෙම ස්ථානයට ස්ම්ප්‍රාත නොවුනා නම් අපි අද පාරේ.."
මෙතෙක් නිහඩව සිටි සයාශ් පැවසුවා
" කතා නවත්තලා තුන් දෙනා ආවා නම් හොදයි "
අන්දිරිස් ගේට්ටුව අසලට වී කියවමින් සිටින තරුනයන් තිදෙනා අමතමින් පැවසුවා
" සර් කැමති වුනා තමුන්ලාට අද ඉන්න දෙන්න දැන් මගෙත් එක්ක යන්.."
ගෙවින් පැවසූ විට අන්දිරිස්ට කට කොනින් නැගුනු සිනාවකින් සංග්‍රහ කරපු මෝදිත ගේට්ටුවෙන් ඇතුල් විය ඉන් අනතුරුව සහස්‍ය සහ සයාශ් ඇතුල් වූ පසු අන්දිරිස් විසින් ගේට්ටුව වසා දැම්මා
" තව දුරයි ද..?"
ටික දුරක් ඇවිදගෙන ගිය පසු කට පියාගෙන සිටීමට නොහැකි මෝදිත විමසුවා
" ඔව්..!"
ගෙවින් තනි වචනයෙන් පිලිතුර දුනි
" තව දුරයි ද..?"
" ඔව්.."
" මේ මිස්ටර් ගෙවින් ඇයි මේ ගෙදරට කිලෝමීටරයක් විතර දුරින් ගේට්ටුව දාලා තියෙන්නේ..?"
සහස්‍ය අවසානයට ඇහුවා
" සංස්කෘතිකයි එකගයි ඇයි ඒම..? යනවා යනවා ඉවරයක් නැ වලව්වක් තියා උලු කැටයක්වත් පේන්න නැ.."
සයාශ් පැවසූ විට ගෙවින් ගමන නවතා පිටුපස හැරුනේ කෝපයෙන්
" තමුන්ලා තුන්දෙනා හදන්නේ කියවලා අද රෑට මෙහේ ඉන්න තියෙන චාන්ස් එක නැති කරගන්න සර් කැමති නැ වැඩිය කියවන උන්ට ඒ නිසා තමුන්ලාට අද මෙහේ ඉන්න ඕන නම් කට වහගෙන ඉන්න එක හොදයි.."
ගෙවින් තිදෙනා දෙසම මාරුවෙන් මාරුවට බලමින් පැවසුවා
" ඔයා කියන දෙයක් තමයි "
මෝදිත පැවසූ විට හිස දෙපසට වැනූ ගෙවින් නැවත ගමන ආරම්භ කලා නමුත් තරුනයන් තිදෙනා නිහඩව සිටියේ විනාඩි කිහිපයක් පමනි නැවතත් සුපුරුදු පරිදි කතාව ආරම්භ වුනා
" වොහ්..! මේක වලව්වක් ද මන්දිරයක් ද යකෝ..?"
සහස්‍ය තමන් ඉදිරියේ තිබෙන සුවිසාල මන්දිරය දෙස බලමින් විමසුවා
" මොන මගුලක් වුනත් හෙනම හොල්මන් පාටයි.."
සයාශ් කටත් ඇද කරගෙන පැවසුවා
" කටවල් වහගෙන ඇතුලට එන්න.."
ගෙවින් නොරිස්සුම් හඩකින් පැවසූ විට තරුනයන් තිදෙනා ගෙවින් පසුපසින් මන්දිරය ඇතුල් විය තබන සෑම අඩියක් පාසාම සහස්‍යගේ හද ගැස්ම වැඩි විය
" මෙතනින් ඉන්න මොනවත් අල්ලන්න එපා.."
මේ ටික වෙලාවට තරුනයන් තිදෙනා පිලිබද යම් අවබෝධයක් ලබා ගත් ගෙවින් එසේ පවසා පඩිපෙළ නැගගෙන ඉහල මහලට ගියා ගෙවින් ගිය පසු එහි තනි වූ තරුනයන් තිදෙනා සාලය පුරා ඇස් රැගෙන ගියා පෞරාණික භාණ්ඩ වලින් සමන්විත වූ මන්දිරය මෝදිතට හැඟුණේ කෞතුකාගාරයක් ලෙසය සයාශ් මෝදිත සමග ගොස් පෞරාණික භාණ්ඩ අධ්‍යයන කරද්දී සහස්‍ය සිටි තැන එසේම සිටියා ඔහුට දැනෙන අමුතු සිසිලසත් හද ගැස්ම වැඩි වීමත් ඔහුව නොසන්සුන් කර තිබුනා හේතුව මෙය යැයි පැවසීමට නොහැකි හැගීම් ගොන්නකින් ඔහුගේ සිත වෙලා ගනිමින් පැවතුනා
සයාශ්ගේ හා මෝදිතගේ රහස් කතා බහ හැරුනු කොට වෙනත් කිසිදු ශබ්දයක් ඇසෙන්නට නොතිබුනි ඒ නිසාවෙන් පඩිපෙළ බසින පුද්ගලයාගේ සපත්තු පොලොවේ ගැටෙන හඩ හොදින්ම අසුනි සහස්‍යගේ දෑස් පඩිපෙළ අඩක් බැස සිටි දේහධාරි තරුණයාගේ කාල වර්න දෑස් සමග ගැටුනි ඔහුගේ උකුසු දෑස් කෙලින්ම යොමු වී තිබුනේ සහස්‍ය දෙසට ය. දෙදෙනාගෙන් එක් කෙනෙකුට හෝ දෑස් වලින් මිදීමට අවශ්‍යතාවක් නොතිබුණු හැඩයි
" කවුද බේසිකයෝ මේ...?"
" මම හිතන්නේ මේ වලව් මන්දිරේ හාමු මහත්තයා වෙන්න ඕන.."
මිතුරන්ගේ හඩ ඇසුනු සහස්‍ය ඔහුගේ දෑසින් මිදී වෙනතක් බලාගත්තා සහස්‍ය දේහධාරි තරුනයාගේ දෑස් හමුවේ තවත් නොසන්සුන් වී තිබුනා සහස්‍යගේ හැසිරීම නිරීක්ෂණය කල තරුණයාගේ මුව කොනෙන් සිනාවක් ඇදී මැකී ගියේ කිසිවෙකුගේ ඇස නොගැටීම ය. සහස්‍යගෙන් දෑස් මුදවා ගත් ඔහු අනෙක් තරුනයන් දෙදෙනා දෙස ද බැලුවා ඔවුන් දෙදෙනා වෙනම කතා බහක ය
" ආන් අරූ අපි දිහා බලනවා කට වහනින්.."
සයාශ්ට වැලමිටෙන් ඇන්න මෝදිත පැවසුවා දේහධාරි තරුනයාට පිටුපසින් සිටි ගෙවින් නොරිස්සුම් සහගත බැල්ලමකින් සයාශ් දෙස බලාසිටියා තම ප්‍රධානියාගේ කෝපය පිලිබද දන්නා ඔහු දැන් නැතුවට දැන් සයාශ් කයි කියන බලාපොරොත්තුවෙන් සිටියා
" තමුන්ලා දෙන්නාගේ සතර කන් මන්ත්‍රනය ඉවර නම් මම කතා කරන්න ද..?'
සයාශ් සහ මෝදිත දෙසට තියුනු බැල්මක් හෙලමින් ඔහු ඇසුවා කොල්ලෝ තුන්දෙනාට දැනුණේ උදේ රැස්වීම ප්‍රින්සිපල්ගේ කතාව අතරේ අතුරු සාකච්ඡාවක් පවත්වමින් ඉන්නකොට ප්‍රින්සිපල්ට අහුවුනා වගේ ෆිලින් එකක් ඔහුගේ ගැඹුරු හඩ ඇසුනු විට වෙනතක් බලාගෙන සිටි සහස්‍යගේ දෑස් ඔහුටත් නොදැනීම තමන් ඉදිරියේ සිටින තරුනයා ළඟ නතර විය
" තමුන්ලා තුන්දෙනාට අද රෑ මෙහේ ඉන්න පුලුවන් ඕන දෙයක් තියෙනවා නම් ගෙවින්ගෙන් ඉල්ලගන්න වෙන ප්‍රශ්න තියෙනවද..?"
තරුනයන් තිදෙනා දෙස ඔහු සාක්කුවට එක් අතක් දමාගෙන ඇසුවා
" ප්‍රශ්නයක් නැ අපිට අද මෙහේ ඉන්න දුන්නට තෑන්ක් යූ මිස්ටර්..."
සයාශ් යමක් කියන්නට හැදුවත් එය වැලක්වූ මෝදිත තරුනයාට ස්තූති කලා මේ තියෙන වාතාවරණය අනුව සයාශ් කට ඇරියොත් අද රෑට පාරේ ඉන්න වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි නිසා මෝදිත ඉස්සර විය එයට හිස පමනක් වැනූ ඔහු ආපසු යාමට හැරුණ ද
" මිස්ටර්ගේ නම දැනගන්න පුලුවන් ද..?"
මෙතෙක් නිහඩව සිටි සහස්‍ය නැඟු පැනය හමුවේ මිතුරන් දෙදෙනා ද ඔහු දෙස විමතියෙන් බැලුවා නමුත් ඔහුගේ දෑස් යොමුව තිබුනේ දේහධාරි තරුනයා මත ය. දෙතොලතර රැදුනු සිහින් සිනාවක් සමග ආපසු නොහැරීම සහස්‍යගේ පැනයට ඔහු පිලිතුරු දුනි.
" මේයුග තිදස්වර වංශනායක..!"
මතු සම්බන්ධයි...!
Bạn đang đọc truyện trên: AzTruyen.Top