02 කොටස....🌑

විශේෂ සිදුවීම් කිසිවක් නොමැතිව නව වසරේ දින කිහිපයක් ගෙවී අවසන් විය.සුපුරුදු පරිදි නන්දනීගේ උපහාසාත්මක වදන් අනෝමා මැතිනියගේ ආදරය පිරුනු අවවාද මිතුරන්ගේ විහිලු තහළු සමඟ සතියක පමණ කාලයක් ගෙවුනි.සිංහවංශ පරම්පරාවෙන් පැවතගෙන එන ව්‍යාපාර වලට සහස්‍යට හවුල් වන්න යැයි අනෝමා මැතිනිය කොපමණ පැවසුවද සහස්‍ය සෑම අවස්ථාවකදීම එම ඉල්ලීම ප්‍රතිකේෂ්ප කරන ලදි

" සුදු මහත්තයා..! තමුන්ට මේක විහිලුවක් වගේද පේන්නේ..?"

අද දිනයේ ද අනෝමා මැතිනියගේත් ආඩම්බරකාර මුනුපුරාගේත් යුද්ධය ආරම්භ විය මෙම නිවසේ වාසය කරන ක්ෂුද්‍ර ජීවියාගේ සිට මිනිසා දක්වා සියලු ප්‍රජාවට මේ අත්තම්මා සහ මුනුපුරු අතර වාචික යුද්ධය අරුම පුදුම කාරනයක් නොවිණි.

" අත්තම්මා මෙහෙම නෙවෙයි ඔලුවෙන් හිටගෙන කිව්වත් මට බැ.."

අනෝමා මැතිනියට නොදැවිනි හඩකින් සහස්‍ය පැවසුවා සියලු දෙනා වාචික යුද්ධයට අවධානය දී ඇති මොහොතක සියල්ලටම පෙර ප්‍රථම රාජකාරිය ආහාර කරගත් සයාශ් අනෝමා මැතිනිය දෙසත් සයාශ් දෙසත් වරින් වර බලන මෝදිතගේ ආහාරවේලට සූක්ෂ්ම අයුරින් වගකියමින් හිටියා

" සහස්‍ය මේවා තමුන්ට අයිති දේවල් මේ දේවල් බලාගන්න පුරුදු වෙන්න ඕන තව කොච්චර කාලයක් මට මේවා බලාගෙන ඉන්න පුලුවන් වෙයි ද දන්නේ නැ දරුවෝ.."

" අත්තම්මා..!"

" මම කියන දේ ඉස්සෙල්ලා අහගෙන හිටපන් මම තව කී දවසක් ජීවත් වෙයිද කියන්න දන්නේ නැ මම ඇස් පියාගන්න කලින් සුදු මහත්තයාට මේ දේවල් කියලා දීලා පිලිවලක් කරන්න ඕන මට එතකොට සැනසීමෙන් ඇස් දෙක පියාගන්න පුලුවන් උබේ පුංචි වරදක් ඇති දරුවෝ මේ හැමදේම විනාස වෙලා යන්න මම දන්නවා උබ ආසයි ඇවිදලා යාලුවෝ එක්ක විනෝද වෙලා සතුටින් ඉන්න ඒත් දරුවෝ හැමදාම එහෙම ඉන්න බැ මේ ජීවිතේට තේරුමක් තියෙන්න ඕන අත්තම්මා තරහකට නෙවෙයි මේවා කියන්නේ මට බයයි මම නැති කාලෙක උබ විනාස වෙයි කියලා.."

අනෝමා මැතිනිය ඇය අසලින් වාඩි වී සිටින සහස්‍යගේ හිස අතගාමින් පැවසුවා සහස්‍යට හිමි දේපළ පිලිබද තණ්හාවෙන් සිටින නන්දනී අනෝමා මැතිනිය නැති කාලයක මේ සියල්ල කපටිකමින් හිමි කරගෙන සහස්‍යව පාරට ඇද දමාවි යැයි බියක් ඇය තුල තිබුනා ඒ නිසා අනෝමා මැතිනිය සහස්‍යව ව්‍යාපාර කටයුතුවලට එකතු කරගැනීමට සිතුවා ඔහුව ව්‍යාපාර ලෝකයට හදුන්වා දීමට සිතුවා

නමුත් ඒ සෑම අවස්ථාවකදීම සහස්‍ය අකමැත්ත ප්‍රකාශ කළ නිසාවෙන් අනෝමා මැතිනියට අඩියක් පසුපසට තැබීමට සිදු විය අනෝමා මැතිනිය වරින් වර සහස්‍යට පැවසුවත් ඔහුගේ තීරණය වෙනසක් නොවිය. ඉදින් අද දිනයේ අනෝමා මැතිනිය ඔහුගේ සංවේදීම නිලයන් අල්ලා පහර දීමට තීරණය කරන ලදි

" අත්තම්මා.... මම.."

කදුලින් තෙත් වී ඇති අනෝමා මැතිනියගේ දෑස් දුටු විට ආඩම්බරකාර තරුනයාට වේදනාවක් දැනෙනි දෙමාපියන් අහිමි වූ දිනයේ පටන් කිසිදු දෙයකින් අඩුවක් නොකර ඔහුව අද සිටිනා තත්වයට පත් කිරීමට ඇය බොහෝ දේ කැප කරන ලදි සහස්‍ය කෙතරම් හිතුවක්කාර වැඩ කලද අත්තම්මා ඔහුට අතක් හෝ ඔසවා නොමැත.ඔහුගෙ වරද ඇය ළඟින් වාඩි කරවාගෙන හිස අතගාමින් ආදරයෙන් කියා දෙනු ලැබූ ආදරනීය අත්තම්මා කෙනෙක් විය

" උබට වැඩ භාරගන්න බැරි නම් කියපන් මම දිසානායකට කියන්නම් හොද තැනකින් උබට කටයුත්තක් හොයන්න කියලා.."

අනෝමා මැතිනිය පැවසූ වදන් ඇසුනු මෙතෙක් වෙලා නිහඩව ආහාර ගනිමින් සිටි සයාශ්ට කෑමද සිර විය මෝදිත අතේ රැදී තිබුනු හැන්ද ද බිම පතිත විය සහස්‍ය අයිස් වී සිටින ගල් යුගයේ මිනිසෙකු සේ තම මිත්තණිය දෙස බලා සිටියා

" කෙල්ලෙක් දිහා එක ඇහැක් ඇරලාවත් බලන්නේ නැති එකාව බන්දලා දුන්නොත් යසට හිටී.."

විනාඩි කිහිපයක් ගත වූ පසූ සයාශ් මිමිනුවා

" මොකක්...! අත්තම්මාට පිස්සු ද..?"

ගල් යුගයෙන් මිදුනු ඊලග තත්පරේම නිවසේ වීදුරු බිදී යන තරම් හඩකින් සහස්‍ය ගිගිරුවා

" උබලා එක්ක ඉදියාට මට තාම පිස්සුවක් නැ කවදා හිටියත් උබට පරස්තාවක් කරගන්න වෙනවා ඒ නිසා උබ තීරණය කරපන් සුදු මහත්තයා ඉස්සෙල්ලාම රස්සාව ද පරස්සතාව ද කියලා.."

අනෝමා මැතිනිය සන්සුන්ව පැවසුවා සහස්‍ය තවමත් මිත්තණිය දෙස බලා සිටින්නේ ඇය පැවසූ වදන් විශ්වාස කිරීමට අපහසු නිසාය

" මූ තෝර ගන්නේ රස්සාව.."

" සංස්කෘතිකයි එකගයි මචන්.. ආසාවට කෙල්ලෙක් දිහා නොබලන එකා පරස්පරතාවට එකග වෙන්නේ නැ "

මෝදිත පැවසූ දෙයට එකග වෙමින් සයාශ් පැවසුවා

" අත්තම්මා මම රස්සාව තෝරගන්නම් හැබැයි තව මාසෙකින් වැඩට එන්නම්.."

" එතකම් උබ් මොකක්ද කරන්නේ..?"

" අපි ට්‍ර්ප් එකක් යනවා අනිද්දා "

" දැන් කොහෙද යන්නේ.."

" ඒක ඉතිම් පාරට ගිහින්ම තමයි හිතන්න ඕන අත්තම්මේ.."

සහස්‍ය කල්පනාකාරීව පැවසුවා

" උබලා නම් මොන නැකතකින් ඉපදුනු උන් මන්දා යන තැනක් හරියට දන්නෙත් නැ සැලසුමක් නැතුව වැඩක් කරන්න පුලුවන් ද යකුනේ..?"

" පුලුවන්  නේ නම් අපි සැලසුම් නැතුව ඕන තරම් වැඩ කරන්නේ සැලසුම් කියන දෙයක් ඕනම නැහැ අත්තම්මේ..."

මෝදිත පැවසූ විට අනෝමා මැතිනිය ඔහු දෙස රවා බැලුවා

" මේ බූරුවාටම ගැලපෙන පුත්තලම් බූරුවෝ දෙන්නෙක් හොයාගෙන තියෙන්නේ.."

" සංස්කෘතීකයි විරුද්ධයි අත්තම්මේ අත්තම්මාගේ මුනුපුරා බූරුවෙක් කියලා අපිටත් ඒ නමින් කතා කරන්න එපා ඒක සදාචාරයට පටහැනියි "

" උබට බූරුවා කියන එක බූරුවාටත් අපහාසයක්.."

සයාශ්ට එසේ පැවසූ අනෝමා මැතිනිය පිටව ගියේ සහස්‍යගේ හා මෝදිතගේ සිනා හඩ මැද්දේ

" ඕකට තමන් මචන් කියන්නේ ඉල්ලන් කනවා කියලා.."

සයාශ්ගේ කරට අතක් දැමූ මෝදිත පැවසුවා

දිනයක් ගතව ගොස් චාරිකාව යන දිනය උදා වුනා තරුනයන් තිදෙනා උද්යෝගයෙන් චාරිකාව සඳහා සුදානම් වුනා අනෝමා මැතිනියගේ අවවාද රැසකින් දෙකන් පුරවාගත් ඔවුන් ගමන ආරම්භ කරා.

" තොගේ අටමගල පරන යකඩ වලට විකුනලා ප්ලාස්ටික් බේසමක් ගනින් ඒක වටිනවා මේකට වඩා.."

දිනයේ විසිඑක් වන හෝරාව ගෙවෙමින් පැවතුනු අවස්ථාවේ මෝදිත බනිමින් සිටින්නේ සයාශ්ටය විනෝද චාරිකාව යාමට යොදා ගත්තේ සයාශ්ගේ ජීප් රථයි රථයේ කාර්මික දෝශයක් නිසාවෙන් මග නතර විය

" මූට බැන්නා කියලා අපිට ලැබෙන දෙයක් නැ බන් පේන මානෙක මනුස්සයෙක් ඇත්තෙත් නැ සිග්නලුත් නැ...! Shit...!"

ඉනට අත් දෙක තබා ගත් සහස්‍ය වටපිට බලමින් පැවසුවා පෙනෙනතෙක් මානයක් පුරාවටම ඇත්තේ අහස උසට වැඩුනු රූස්ස ගස් පමනි මිනිසෙකුගේ ජායාවක් හෝ නොමැත පැය කිහිපයකට වරක් පමනක් වාහනයක් ගමන් ගන්නා ප්‍රදේශය පාලු ස්වභාවයක් ගත්තා පුර පසලොස්වක පොහොය දිනය තවත් දින දෙකක් පමනයක් යෙදී තිබුනු නිසාවෙන් සද අහසේ බබලමින් තිබුනා

" මෙතනට වෙලා හිටියා කියලා වැඩක් වෙන්නේ නැ බන් අපි පැයකට වඩා දැන් මෙතනට වෙලා ඉන්නවා එක වාහනයක් නැ "

මෝදිත පාර දෙස බලමින් පැවසුවා

" බෑග් ටික ගනින් ඉස්සරහට ගිහින් බලමු "

සහස්‍ය පැවසූ විට රථයේ තිබුනු ගමන් මලු ගත් තිදෙනා තාර පාර දිගේ ඉදිරියට ඇවිදගෙන යන්න ගත්තා

" හෙනම හොල්මන් පාටයි බන්.."

සද එලියෙන් ආලෝමත් වූ පාර දිගේ ඇවිදගෙන යමින් සයාශ් පැවසුවා සීතල සුලං රැලි සිලි සිලි හඩ නගමින් දසත හමා ගියා රැහැයියන්ගේ හා බකමූනන්ගේ හඩ රාත්‍රියේ නිහඩ බව බින්දා.

" උබ තමයි අපිට ඉන්න ලොකුම හොල්මන තව හොල්මන් ඕන නැ "

සයාශ්ගේ හිසට පහරක් එල්ල කල සහස්‍ය පැවසුවා

" මෙහෙම ඇවිදගෙන ගිහින් මිනිස් වාසයක් හම්බ නොවුනොත් අපි මොකද කරන්නේ.."

" මේ මෝරා කට ඇරියොත් කියන්නේ ඔය වගේ කතාවක්මයි පොසිටිව්ව හිතන්න පුරුදු වෙයන් පුංචි කාලේ ඉදන්ම.."

සහස්‍ය මෝදිත දෙසට රැව්මක් පා කරමින් පැවසුවා

" සංස්කෘතිකයි එකගයි සහස්‍යයෝ අපේ කිරි කෑ මුත්තා කියලා තියෙන්නේ නැව ගිලුනත් බෑන් චූන් කියලා.."

" උබේ හු#%$@ හින්දා තමයි මෙච්චර දෙයක් වෙලා තියෙන්නේ..."

" අර බලපන් පගයිනි...!"

සහස්‍ය පෙන් වූ දෙස මිතුරන් දෙදෙනා බැලුවා

" ගේට්ටුවක් නේද බන්..?"

" ගෙයක් පේන්න නැ නේ.."

" ඉස්සර ගේට්ටුවට කිලෝමීටරයක් එහා තමයි ගෙදර තියෙන්නේ හෙන වත්තක් මැදින් යන්න තියෙන්නේ මේක දුෂ්කර පැත්තක් නිසා තාමත් එහෙම තැන් තියෙනවා ඇති.."

සහස්‍ය පැවසුවා

" ඒ කියන්නේ වලව්වක් වගේ.."

මෝදිත ඇසූ විට සහස්‍ය හිස සැලුවා

" එසේ නම් මිතුරනි අපට රාත්‍රිය ගත කිරීමට සිදු වන්නේ නොපෙනෙන ඓතිහාසික වලව්වේ ද..?"

" ගේට්ටුවෙන් ඇතුලට යනකම්වත් හිටපන් ඉන්න පුලුවන් ද දන්නේ නැ මම අහලා තියෙනවා පරන වලව් වල හොල්මන් ඉන්නවා කියලා.."

" උබලා පලයන් මට පාර හොදයි "

" සයාශ්ව බය නොකර හිටපන් මෝරා.."

සහස්‍ය එසේ පවසා ගේට්ටුව දෙසට යන්නට පටන් ගත්තා මිතුරන් දෙදෙනා ද ඔහු පසු පසින් පැමිනියා සීතල සුලං රැල්ලක් හමාගෙන ගියේ සහස්‍යගේ සිතට අමුත්තක් දැනෙද්දී ය

" එන්න එන්නම සීතල වැඩි වෙනවා ඕයි.."

සයාශ් දෙඅත් එකට අතුල්ලමින් පැවසුවා

" උබ මාව හොයාගෙන ආවා...!"

මතු සම්බන්ධයි...!

Bạn đang đọc truyện trên: AzTruyen.Top