01 කොටස....🌕
දිනයේ විසි දෙවැනි හෝරාව ගෙවෙමින් පැවතුනි තවත් හෝරා ද්විත්වයකින් නව වසර උදාවීමට නියමිතය නව වසර උත්කර්ෂවත් අන්දමින් පිලිගැනීමට ලෝකවාසී සියලු දෙනාම සූදානම් වෙමින් සිටියි ඉදින් ශ්‍රි ලංකාවේ ප්‍රධාන නගරයක් වන කොලඹ නගරයේ ජනයා ද නව වසර පිලිගැනීමට සූදානම් වෙමින් සිටියා විදුලි බුබුලු දහස් ගනනකින් මල් වෙඩි සංදර්ශන වලින් කොලඹ නගරය විචිත්‍රවත් විය
වසරේ අවසාන දිනය වර්නවත් කිරීම සඳහා රටෙහි සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරු රැසක් සමග සංගීත ප්‍රසංගයක් ගාලු මුවදොර කේන්ද්‍ර කරගනිමින් පැවතුනා සංගීත ප්‍රසංගය නැරඹීම සඳහා පැමිනි ජන ගගකින් අතුරු සිදුරු නැතිව ගාලු මුවදොර පිටිය වැසී තිබුනි
" උබ කවුරු කියලා හිතාගෙන ද යකෝ මගේ එකෙක්ට අත තිබ්බේ...?"
දැනටමත් නාසයෙන් සහ කටින් රුධිරය වැගිටෙමින් සිටි තරුණයාගේ කමිසයෙන් අල්ලාගෙන ඔහු ගිගිරුවා සංගීත ප්‍රසංගය නරබමින් විනෝදවෙමින් සිටි බොහෝ දෙනාගේ ඇස් මේ දෙසට යොමුව පැවතුනා ඔහුගේ පහර දීම් වලට ලක්ව රුධිරය වැගිරෙමින් සිටි තරුනයා බේරාගැනීමට කවුරුවත් ඉදිරිපත් නොවිණි
" සොරි බොස්...! ඌ බොස්ගේ එකෙක් කියලා දැනගෙන හිටියේ නෑ..."
වෙව්ලන දෙතොලින් ඔහු පැවසුවා තරුනයා අත් හැර දැමූ ඔහු උපහාසයෙන් සිනාසුනා
" දැන් උබ දන්නවා නේ ආපහු උබ මගේ ඇස් දෙකට පේන්න ආවොත් ඒ උබේ අවසානය කියලා හොදට මතක තියාගනින්..."
බිම වැටී සිටි තරුනයා අසලට පහත් වූ ඔහු බියෙන් ඔහු දෙස බලා සිටින තරුණයාගේ කම්බුලට අතින් තට්ටුවක් දමා පැවසුවා
" සංදර්ශනය අවසන් බලා සිටි සියලු දෙනාට ස්තූතියි දැන් හැමෝටම විසිර යන්න පුලුවන්.."
ඔවුන් වටා රැස්ව සිටින ජනයා දෙස බලා සිනාමුසු මුහුනින් පවසන විට සියලු දෙනා විසිර ගියා ඉන් පසු ඉතිරි වුයේ ඔහුගේ මිතුරන් දෙදෙනා පමනි
" එහෙනම් කොල්ලෝ අපි ගියා හොස්පිටල් ගිහින් බෙහෙත් ටිකක් දාගනින්.."
නැවතත් බිම වැටී සිටින තරුනයා දෙස බලා පැවසූ ඔහු තම මිතුරන් දෙදෙනා සමග පිටත් විය
" උබේ අත්තම්මා කෝල් කරා උබටයි අපි දෙන්නාටයි ඔක්කොටම දෙසලා කෝල් එක කට් කලා.."
" උබට ඔය ගඩොල් භාගේ දොරකට අඩේකට තියන්න දෙන්න කිව්වා "
" අත්තම්මා කතා කරේ කාලි මෑනියෝ ලයිට් වර්ශන් එකෙන්.."
" සංස්කෘතිකයි එකගයි මචෝ අද අත්තම්මා අලුත් අවුරුද්දට කිරිබත් එක්ක කන්න අපෙන් තමයි සම්බෝල හදන්නේ "
මිතුරන් දෙදෙනා මාරුවෙන් මාරුවට පවසන දේවල් ඔහු සාවදානව අසා සිටියා
" වෙනදා වගේම බටර් පාරක් ගාලා ශේප් කරගමු.."
ඔහු සිනාසෙමින් පැවසුවා මිතුරන්ද ඔහු හා එකගව හිස සැලුවා
ඔහු නමින් සහස්‍ය මන්දාර සිංහවංශ නම් විය සිංහවංශ පරම්පරාවේ අවසන් පුරුක වන ඔහු හිතුවක්කාර දඩබ්බර ආඩම්බකාර චරිතයක් විය මවගේ සහ පියාගේ අවභාවයෙන් පසු මිත්තනියගේ සෙවනේ හැදී වැඩුනි සහස්‍ය යනු යන තැනක රන්ඩුවක් ඇද ගන්නා කෙනෙක් නිසාවෙන් මිත්තණිය වන අනෝමා සිංහවංශයන් සිටියේ බියෙනි
" අම්මා මොකද මෙතන කරන්නේ..? කන්නේ නැද්ද..? දැන් හොදටම රෑ වෙලා.."
උඩු මහලට වී සිටි වයස අවුරුදු 70 පමන වන කාන්තාවක් අමතමිනි
" සුදු මහත්තයා තාම ආවේ නැ නන්දනී සුදු මහත්තයා එක්ක මම කන්නම්.."
නන්දනීට බැල්ලමකින් හෝ සංග්‍රහ නොකර ඇය ගාම්භීර හඩින් පැවසුවා
" සහස්‍ය හැම තැනම රෝන්දේ ගහලා එනකම් අම්මා නොකා බලාගෙන ඉන්න ඕනද..? අපි දන්නවද කොහේ රිංගනවද කියලා අම්මා ඇවිත් කන්න එයා ඕන වෙලාවක ඇවිත් කයි නේ.."
නන්දනීගේ වදන් හමුවේ මෙතෙක් වෙනතක් බලාගෙන සිටි සහස්‍යගේ මිත්තණිය වන අනෝමා සිංහවංශ මැතිනිය ඇය දෙසට හැරුනේ කෝපයෙනි
" තමුන්ට අදාළ දේවල් ගැන විතරක් හෙව්වාම ඇති නන්දනී මගේ මුනුපුරා ගැන තමුන්ලා හැමෝටම වඩා හොදට මම දන්නවා මගේ විශ්වාසය බිදෙන දෙයක් කවදාත් සහස්‍ය කරන්නේ නැ නන්දනී සුදු මහත්තයා ගැන හොයන්න ගත කරන වෙලාව තමන්ගේ ළමයි වෙනුවෙන් යෙදෙව්වොත් හොදයි..!"
" අම්මාට සුදු මහත්තයා මොන දේ කරත් හරි අපි තමයි වැරදි.."
කෝපයෙන් පැවසූ නන්දනී පිටව ගියා නන්දනී සිංහවංශ අනෝමා සිංහවංශයන්ගේ එකම දියණියයි ඒ වගේම සහස්‍යයගේ පියාගේ නැගනියයි නන්දනී හට දියනියක් සහ පුතෙකු සිටී ඇය තණ්හාධික කාන්‍තාවකි නන්දනී සෑම විමට උත්සාහ කලේ සහස්‍යගේ වැරදි හොවා දක්වමින් අනෝමා මැතිනියගේ සිතේ ඔහු පිලිබද ඇති විශ්වාසය පලුදු කිරීමටයි තම දියනිය පිළිබඳවත් මුනුබුරු පිළිබඳවත් හොදින් දන්නා අනෝමා මැතිනිය සෑම විටම සහස්‍ය වෙනුවෙන් පෙනී සිටියා
මව පියා දෙදෙනාම අහිමි වූ පුංචි සහස්‍ය හට මව පියා දෙදෙනාම වූයේ අනෝමා මැතිනියයි සහස්‍ය හට ඔහුගේ ලෝකයම වූයේ අනෝමා මැතිනියයි එම නිසා සියලු දේපල සහස්‍යගේ නමට අනෝමා මැතිනිය පවරයි යන බිය නන්දනීගේ සිතේ තිබුනි
තවත් විනාඩි කිහිපයක් ගත වූ කල්හි අනෝමා මැතිනිය තම කුටියෙන් පිටතට පැමින නිවසේ දොර අසලට පැමිනියේ අතෙහි යමක් තබාගෙනය එවිටම මන්දරයේ ගේට්ටු විවර කරමින් ඇතුලට පැමිනි ජීප් රථය දෙස අනෝමා මැතිනිය බලා සිටියා ජීප් රියෙන් බැස ගත් තරුනයන් තිදෙනා දොර අසල සිටින මිත්තණිය දැක නතර විය
" අද නම් දොර අසලදීම රාත්‍රි භෝජන සංග්‍රහය රස විදින්න පුලුවන්.."
සහස්‍යගේ එක් මිතුරෙක් වූ මෝදිත කෞෂල්‍ය විජේසුරිය පැවසුවා
" සංස්කෘතිකයි එකගයි අත්තම්මාගේ බැල්ම අතිශය භයානකයි සහස්‍ය පුතේ.."
සහස්‍යගේ අනෙක් මිතුරා වූ සයාශ් තේනුක සපුතන්ත්‍රි පැවසුවා
" ඩෝන්ට් බී කලබල අත්තම්මා ශේප් කරන හැටි මම පෙන්නන්නම් "
තිදෙනාගේ සයකන් මන්ත්‍රනය දෙස අනෝමා මැතිනිය සිහින් කරගත් දෑසින් බලා සිටියා ලා නිල් පැහැති ඔසරියකින් සැරසී දෑත් පිටුපසට කරගෙන සිටින අනෝමා මැතිනිය තමන් සිටින දෙසට පැමිනෙන හිතුවක්කාර මුනුපුරා සහ මිතුරන් දෙදෙනා දෙස බලා සිටියා
" අත්තම්මේ ඔයාගේ සුදු මහත්තයා සම්ප්‍රාප්ත වුනා.."
" උබ මට ඒක අමුතුවෙන් කියන්න ඕන නැ මට පේනවා "
සහස්‍ය හට බුරුලක් දුන්නොත් ආදෙක් වගේ ලිස්සා යන බව දන්නා අනෝමා මැතිනිය දැඩි හඩකින් පැවසුවා
" මන්ද ප්‍රියේ මෙතරම් කෝපයෙන්..? අන්තර්ජාලය වගේ හොක් ගාලා ගියොත් අපි කාට කියන්නද..?"
" ඔව් ඔව් උබලා ඔක්කොම බලාගෙන ඉන්නේ මම මැරෙනකම් තමයි "
" සහස්‍ය පුතේ උබ මොනා ද කියන්නේ මේ..? උදේ සුපිපුනු මලක් වගේ ඉන්න අත්තම්මා හොක් ගාලා කොහේ යන්න ද..? අසමජ්ජාති වදන් තෙපලීමෙන් වලකින්න නැද්ද අත්තම්මේ.."
සිරිමත් වගේ අහිංසක හිනාවක් ප්‍රදර්ශනය කරමින් සයාශ් පැවසු විට අත්තම්මා ඔහුට පිලිතුරු වශයෙන් රැවුමක් පා කීරීමට අමතක නොකලා
" උබලාගේ කෝලම් නවත්තලා එකා එකා කියපන් තුන් කට්ටුව මෙච්චර රෑ වෙනකම් මොකද කරේ...?"
තුන් දෙනා දෙසටම විනිවිද යන බැල්මක් හෙලූ අනෝමා මැතිනිය ඇසුවා
" අපි ගෝල්ෆේස් ගියා අත්තම්මා සත්තයි අපේ සයාශ්ගේ සංස්කෘතිය පල්ලා.."
සහස්‍ය ඉක්මනින් පැවසුවා අනිත් දෙන්නාත් සහස්‍ය පැවසූ දෙය සනාථ කිරීමට හිස වැනුනා
" ගෝල්ෆේස් නෙවෙයි මොන මගුලේ ගියත් අට වෙනකොට ගෙදර එනවා කියන පොරොන්දුව මත යැව්වේ දැන් එන වෙලාවද අද වගේ දවසකවත් උබලාට ගෙදරක ඉන්න බැරි හැටියක්..එකා එකා වරෙන් දැන්.."
මෙතෙක් පිටුපසට කරගෙන සිටි වේවැල ඉදිරියට ගනිමින් අනෝමා මැතිනිය පැවසුවා
" අදත් පශ්චාත් භාගයට අබ සරනයි අත්තම්මාගේ වේවැල් පාරට අහු වෙලාම ලෑල්ලක් වෙයි යකෝ.."
" සංස්කෘතිකයි එකගයි.."
" තොග සංස්කෘතීය ගුලි කරලා ගහගනින්...."
සුපුරුදු පරිදි සහස්‍ය පෙරටු කරගත් මිතුරන් තිදෙනා අත්තම්මාගේ වේවැල් පහරට ලක් වෙමින් නිවස තුලට පිවිසුනා
" අවුරුද්ද අවසාන දවසෙත් පශ්චාත් ප්‍රදේශය රත් කරගත්තා."
එසේ පවසමින් පැමිනි සහස්‍ය නැවතුනේ සිය නැන්දනිය වුනු නන්දනීගේ හඩටය
" අහ්.. මේ ඇවිත් තියෙන්නේ... අම්මා එයාගේ සුදු මහත්තයා එනකම් නොකා බලාගෙන හිටියේ.. තමුන් ඔයිට වඩා අම්මා ගැන හිතුවොත් හොදයි නැත්‍නම් අම්මායි තාත්තායි වගේ අත්තම්මාත් යයි "
" නන්දනී...!"
" ඇයි අම්මා..? මම ඇත්ත කිව්වේ අක්කයි අයියායි නැති වුනේ මේකාගේ තියෙන මූසලකමට තමයි.."
නන්දනී උපහාසයෙන් පැවසුවා
" නන්දනී තමුන්ට අවශ්‍ය දේ ගැන විතරක් කතා කරාම ඇති..මම තමුන්ට කලිනුත් කිව්වා සුදු මහත්තයා ගැන හොයන්න මම ඉන්නවා උබ ඕන නැ තමුන් ඉන්නවා නම් කටවහගෙන ඉන්න පුලුවන් නැත්නම් අන්න දොර තියෙනවා බැහැලා යන්න පුලුවන්.."
අනෝමා කේන්තියෙන් පැවසුවා කිසිවෙකු දෙස නොබැලූ සහස්‍ය එතැනින් පිටව ගියා ඔහු පසුපස මෝදිත සහ සයාශ් ද උඩු මහලට ගියා නන්දනී දෙස කෝපයෙන් වරක් බැලූ අනෝමා මැතිනිය තම මුනුපුරා සොයා ගියා
මතු සම්බන්ධයි..!
ලැබුවා වූ 2025 නව වසර සාම සතුට පිරි සිතුම් පැතුම් ඉටු වන සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා..!
අලුත් අවුරුද්ද වෙනුවෙන් මගෙන් පුංචි තෑග්ගක්..😌
Bạn đang đọc truyện trên: AzTruyen.Top