~07~

සේවිකාවක්ද සමගින් තම කුටිය වෙත යමින් සිටි ජන්කුක් එක්වරම හැරී බැලුවේ කවුරුන් හෝ තමා පසුපසින් පැමිණෙන බව දැනුනු නිසයි.පසුපස හැරී බැලූ ඔහු දුටුවේ සුන්දර අග්නි කුමරුන්.ටේහ්‍යුන්.

මහරජුගේ හදවත මොහොතකට නතර වූයේ සාමකාමී රාත්‍රියන් බොහොමයකදී ඔහුගේ නින්ද සොරා ගත් ඒ සුන්දරත්වය දුටු නිසයි.

වසර හයකට පෙර අවසන් වරට එම රුව ඔහු දකිද්දි එම සොදුරු රුව සිටියේ ඔහුව හදුනාගත හැකි තත්වයක නොවෙයි.

නමුත්, සුන්දර මෙන්ම මනමත් කරවන ඒ රුව මහරජු එදින හොදින් විදගත්තා.

ඒ මොහොත දැනටත් ජන්කුක්ගේ සිතේ නැවුම්ව සටහන්ව තිබුනා.ජන්කුක්ට සිතුනේ එය තමා මෙලොව දැක ඇති වඩාත්ම සුන්දරම දර්ශනය ලෙසටයි.

නමුත් දැන්, වසර හයකට පසු කුමරුන්ව දුටු මොහොතේ මහරජුට සිතුනේ සුන්දරයි යන වචනය කුමරුන්ට ප්‍රමාණවත් නොවන බවකුයි.

ටේහ්‍යුන් හොදින්ම නැමී මහරජුට ආචාර කළේ මහරජු එකදු වදනකින් තොරව තමා දෙස බලා සිටිනු දුටු විටයි.

කුමරුට තම හදවත් තුළ අකුණු ගසන සෙයක් දැනුනේ මහ රජුගේ දෑස් ,තමා කෙරෙන් ඉවත් නොවන මහරජුගේ බැල්ම නිරීක්ෂණය වූ විටයි.

එවැනි තෘප්තිමත් බවක් ඔහුට කිසිදිනක දැනී තිබුනේ නැහැ.

ඔහුට එය සදාකාලිකවම අවශ්‍ය වුනා.ඔහු වෙත යොමුවුන මහරජුගේ බැල්ම.ඔහු වෙතම පමණක්!

"මගේ කුමරුනී.ඔබ කොහේ හෝ යනවාද?" ජන්කුක් ඇසුවේ සිනහවක්ද සමගයි.

ආපිට සිනාසුනු ටේහ්‍යුන් ඔවුන් ඉදිරියේ තිබූ කුටිය අතින් සන් කළා.

"මේ මගේ කුටියයි උතුමාණෙනි"

"ඔහ්!"මහරජුගේ හඩේ වූවේ විශ්මයට පත්වූ බවක්.ඔවුන්ගේ කුටීන් එකිනෙකට යාබදව තිබුනා.

"එය ඇත්තෙන්ම හරි අගෙයි.අප හරියට අසල්වැසියන් වගෙයි." ජන්කුක් පැවසුවේ මුව වසා පැතිරුනු සිනහවක් ද සමගයි.

සිහින් හඩින් සිනාසුනු ටේහ්‍යුන් තම හිස පාත් කළේ දෙකොපුල් රත් පැහැ ගැන්වෙද්දි.

ඇත්තෙන්ම සුන්දරයි

සිතූ ජන්කුක් තම හිස සැලුවා.

"මා සිතනවා කුටීන් එකිනෙකට යාබදව තිබීමෙන් ඔබට අපහසුවක් නොවේවියි කියා" ජන්කුක් අසද්දි දීප්තිමත්ව රත් පැහැ ගැන්වුනු ටේහ්‍යුන් එය එසේ නොවන බව හැගවීමට හිස සැලුවා.

"ඔබට මහන්සි පාටයි උතුමානෙනි.මදක් විවේක ගන්න." මහරජුගේ මුහුනේ වූ වෙහෙසකර බව දුටු කුමරුන් පැවසුවා.

"ඒ මන්ද? මා ඔබට කරදර කළාද කුමරුනි?" ජන්කුක් ඇසුවේ මවාගත් රැවුමක්ද සමගින්.ඊට කුමරුගේ ප්‍රතිචාරය කෙසේ වේදැයි දැනගැනීමට ඔහුට අවශ්‍ය වුනා.

"න්-නැත උතුමානෙනි.ඔ-ඔබේ මුහුනෙන් වෙහෙසකර බවක් පෙනුනා.එ-ඒ නිසයි මා එ-එසේ පැව-සුවේ" ටේහ්‍යුන් ගොත ගසමින් මුත් ඉක්මනින් පැවසුවේ ජන්කුක්ව සිනහාගස්වමින්.

"හොදමයි කුමරුනි.එසේ නම් පසුව මුණගැසෙමු." ටේහ්‍යුන්ව රත් පැහැ ගන්වමින් ජන්කුක් පැවසුවා.

හිස නමා ආචාර කළ ජන්කුක් එතනින් පිටවුනේ තමාගේ කුටියට යාමටයි.මහරජු පිටව ගිය පසුත් ටේහ්‍යුන් මොහොතකට අවධානයෙන් තොරව එතන රැදී සිටියා. මහරජුන් පැහැදිලිවම ඔහු හා කුළුපගව කතා කළා.

එය සිහිනයක්ද?

ඇත්තෙන්ම මහරජුන්ගේ සිතේ තිබෙන්නේ කුමක්ද?

හේතුවක් නොමැතිව වුවත් පුළුල් ලෙස සිනා පිටවීම වැලැක්වීමට තම තොල සපාගත් කුමරුන් තම කුටිය තුළට ගියා.

TO BE CONTINUED

මල්සරාට ප්‍රේම ලෝකේ මාළිගා තනා...😂😂
නනා නා...😂😂😂💔

චැප් එක එඩිට් කරලා ඉවර වෙද්දිම ඒ සිංදුව කට කොණට ආවනේ😂😂😂

ඉතිම් ඉතිම්😏😏😏

කුටීන් යාබදවලු තියෙන්නේ ඈ😂😂😂
මුනා වෙයිම්ද?😂😂😂

කුක්කා බාලපරාධ කරන එකක් නෑ නෙහ්?🥺😂😂😂💔

විල් සී😌🔥

අත හොදයි දැන්.🌝
යේක උණ තමා තියෙනවා🙂😂😂😂💔

මේ මේකට ජිමිනව දාන්නත් හිතෙනෝ.
ඒත් කොහෙටද දාන්නේ?🤧🤧🤧💔

ටේයි මෝචියි පව් නේත?🥺
ඒ දෙන්නට තාම සනීප මදි🥺
මට මාර අප්සට් අනේ ටේ හුස්ම ගන්න විදිහ දැකලා.💔

හුම්ම්ම්
Get well soon everbody!❤️

වෝට් කමෙන්ට් කලම් යම්න ෆෙයරීස්

Stay safe ya'll
LYSM ❤️
~Fayette~

Bạn đang đọc truyện trên: AzTruyen.Top