~06~
ජලාධිපති රජුන් සමග පැමිණ සිටි ඔහුගේ සේවක සේවිකාවන් ඇතුලු දූත පිරිස අග්නි ලොව රජතුමා විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා.
ඔවුන් සුවිසල් පිළිගැනීමේ ශාලාවට ඇතුල් වුනා.මහරජුට අසුන් ගන්නා ලෙස දේහියුන් රජු සන් කරද්දි මහරජු අසුන් ගත්තේ ඔහුගේ පෞද්ගලික රාජකීය ආරක්ෂකයා වූ මින් යුන්ගි ඔහුගේ පසෙකින් සිට ගනිද්දි.
"උතුමාණෙනි මම හිතනවා මෙහි පැමිණෙන ගමනෙදි ඔබට කිසිදු ගැටලුවක් ඇති නොවෙන්නට ඇතැයි කියා." නම්ජුන් කුමරුන් ඇසුවේ මෘදු සිනහවක්ද සමගයි.
"නැත කුමරුනී.එම ගමන ඇත්තෙන්ම සුන්දරයි.ඔබේ ලොවට එන අතරමග නැරඹීමට බොහෝ දේ තිබුණා" ජන්කුක් පැවසුවේ සිනහවක්ද සමගයි.ඔහු රජු හා කතාබහ කරන අතරතුර ඔහුගේ දෑස් නිරන්තරයෙන්ම ඇදී ගියේ නම්ජුන් කුමරුගේ සහකරු වූ ජින් කුමරුගේ පසෙක අසුන්ගෙන සිටි සුන්දර රුව වෙතයි.
නමුත් සේවිකාවන් ඔවුන් වෙත පිළිගැන්වීම සදහා පානයන් රැගෙන ආ විට ඔහු තම බැල්ම වෙනතකට යොමු කරගත්තා.
"ඔබට නවාතැන් ගැනීමට අවශ්‍ය සියල්ලක්ම මම පිළියෙල කළා උතුමානෙනී.ඔබට කිසිදු ගැටලුවකට මුහුන දීමට සිදු නොවේවි.ඔබ මේ වසරේ අපගේ වාර්ෂික අග්නි සැණකෙලිය හා සම්බන්ධ වීමට තීරනය කිරීම අපිට සතුටක්" පැවසූ දේහියුන් රජු දුටුවේ ජන්කුක්ගේ දෑස් සියවෙනි වතාවටත් තම පොඩි පුතු වෙත යොමුවන අයුරු.
එය රජුගේ මුහුනේ සිනහවක් නැංවූවා.
"ඇත්තෙන්ම රජතුමනි.බොහෝ කාලයක් ගතවෙලා.මා ඇත්තෙන්ම සතුටු වෙනවා නැවත මෙහි පැමිණීමට හැකිවීම පිළිබදව.ඔබේ රාජදානියේ බොහෝ දේ වෙනස් වෙලා රජතුමනි.හැමදෙයක්ම පෙරටත් වඩා බොහෝ සුන්දර වෙලා." ජන්කුක් අවසන් කොටස පැවසුවේ මිමිනීමක් ලෙසින්.
තෘප්තිමත් සිනහවක් පිටකර හිස වැනූ දේහියුන් රජු හා නම්ජුන් කුමරු වෙත ජන්කුක් සිනහවක් පහළ කළා.
ඔවුන් කෙටි අහර ස්වල්පයක් ගෙන අවසන් වූ පසු දේහියුන් රජු,ජන්කුක් වෙනුවෙන් පිළියෙල කළ සම්භාවනීය අමුත්තන් වෙනුවෙන්ම වෙන්වූ කුටියට ඔහුව කැදවාගෙන යන ලෙස සේවිකාවන්ට අණ කළා.
TO BE CONTINUED
කෝමද?🤧🤧🤧
මට හොදටම උණ 🤧🤧🤧💔
අතක් තියෙනවා කියලා හොදටම දැනෙනවා🤧🌝
ඉතිම් ඉතිම්🌝
කෝමද කුක්කගේ පැණි කතා ටික😂💔🍯
රස පාටයි නෙහ්?😋
වෝට් කමෙන්ට් කලම් යම්න ෆෙයරීස්
ටටා
Stay safe ya'll
LYSM❤️
~Fayette~
Bạn đang đọc truyện trên: AzTruyen.Top