9• රැවටීම ☔︎
"අද ඔම්මට වැඩ නැද්ද....???"
" නැහැ රන්කද.... මම අද ඔයා එක්ක නවතිනවා.... මගේ පුතාට අද ලෙච්චස් නෑනේද... "
" ආනේ... නැහැ.... හුරේ.....😍 එහෙනම් අද කොයි හරි යමු නේද ඔම්මා........."
" හරි... අපි යමූකෝ......... ඊට කලින් දැන් මට මේක ලස්සන කරන්න උදව් වෙන්න හරිද.."
" ආ ඔම්මා මේවා හදන්නේ කාටද..."
" අම්... ඔන්න බලන්නකෝ.... කාටද කියලා..."
උදේම ජීවූයි ජිමිනියි කිචන් එකට වෙලා හරි හරියට වැඩ. ජිමින් අද යුනිවසිටි යන්නේ නැති නිසා අද ගෙදරට වෙලා ඉන්නයි ජිමින් හැදුවේ... ජීවුත් අද ජිමින් එක්කම නැවතුනේ අද එයාලට විශේශ දවසක් නිසයි. ඉතින් ජීවුට ඔනේ උනා වෙනසක් කරන්න වගේම කෙනෙක්ව සතුටු කරන්න.
ජීවූ කේක් එක අයිසින් කරලා අන්තිමට ජිමින්ගේ ප්‍රශ්නෙට උත්තරේ හොයලා දුන්නා. උත්තරේ කේක් උඩ ගහපු ජීවූ ජිමින් දිහා බලලා හිනා උනේ ජිමින්ගේ ඇසුත් එක්ක පුදුමෙන් ලොකු වෙද්දියි.
" හැපි බර්ත්ඩේ සු....සුගා.... "
" අද සුගාගේ උපන්දිනේ... ඉතින් මන් කේක් එකක් හැදුවා.... මතකද මේ වගේම එකක් මම මගේ රන්කදටත් හැදුවා... ඉතින් මේක ලස්සනයිද....?"
" ඔ.. ඕ ඔම්මා...😐 ඒක හරිම ලස්සනයිනම් තමයි...☺️ මගේ ඔම්මා තරම් රසට කේක් කාටවත් හදන්න බෑ... 😋😎"
" ලස්සනයිද...☺️ එහෙනම් සුගත් කැමතිවෙයි... ආ...මෙන්න මේක.... ඔයා සුගාට දෙන්න... හරිද..."
ජීවූ අද නිවාඩු ගත්ත නිසා යුන්සන් උදේම ගිහින් තිබුනා එයාගේ වැඩ වලට. ජීවූට කලින්ම ගෙදර එනවා කියලා පොරොන්දුවෙලයි යුන් සන් යන්න ගියේ.
ජීවූ කේක් එකත් ලෑස්ති කරගෙන ඉටිපන්දම් ගහද්දී ජිමින් ඔම්මා දුන්න තෑග්ග දෑතින්ම අල්ලගෙන බලන් හිටියා හරියට
'මේකෙන් මගේ මූනටම දමලා ගහයිද දන්නෑ' කියලා වගේ.
ජිමින් කල්පනා කරකර ඉන්නවා දැකපු ජීවූ
" මේ මොකද... මොනාද ලමයා කල්පනා කරන්නේ... ඉක්මන් කරන්න පරක්කු වෙනවා එයා යුනිවසිටි යන්නත් එපැයි... සුගා පල්ලෙහාට එන්න කලින් අපි යමු උඩට.. "
ජීවූ කියද්දී සුගාව බලන්න යම් කියලා, තව පොඩ්ඩෙන් ජිමින්ගේ අතේ තිබ්බ ගිෆ්ට් එකත් බිමට වැටෙනවා. ඊලගට මොනා වෙයිද දන්නෑ කියලා ජිමින්ගේ ඔලුවට එක එක ඒවා ඇවිත් ජිමින්ව හොදටම බය කලා.
" ඔ..ඔ..ඔම්මා.... සුගා හෙයොන්ට තරහා යයිද...?"
" ඕහ්... කෝ මෙහෙ එන්න... සුගා එකක් දෙකක් වැරදි කලාට ටිකක් කෑ ගැහුවට සුගා කියන්නේ හුගාක් හොද ලමයෙක්... ටිකක් නපුරු උනාට එයා ඇතුලින් හොද ගතිගුන තියෙන ලමයෙක්... අම්.... මේ අහන්නකෝ මගේ රන්කද... එයාව තනි කරන්න හොද නෑ අපි... මන් කියන එක තේරෙනෝ නේද මගේ පුතාට.. එයා හුගාක් තනියෙම දුක් විදපු කෙනෙක්. තනියෙම හැදුනු කෙනෙක්. එහෙම කෙනෙක් පිටතට පේන්න නපුරු උනාට ඇතුලින් හුගාක් සංවේදී... මගේ පුතාට ඒයාව හොදට තේරෙයි... ඒ නිසා සුගාව තනි කරන්න එපා.. මේක මගේ ඉල්ලීමක්... හරි දැන් අපි එයාව පුදුම කරමු... එන්න..."
ඔම්මා කියද්දී ජිමින් හිතින් කල්පනා කලේ එයාගේ ඔම්මා කොච්චර හොද කෙනෙක්ද කියලයි. ජිමින් මේ වෙනකල් ඔම්මට සුගා කරපු කරදර ගැන කිසි දෙයක් එයාගේ ඔම්මටවත් යුන්සන්ටවත් කීවේ නෑ. ජිමින්ට සුගා මොන දේ කලත් ජිමින් හිතුවා එයා මගේ හෙයොන්නේ කමක් නෑ කියලා.
සුගා මෙච්චර වයිර කරන්නේ ඇයි කියලා ජිමින්ට හොදාකාරවම තේරුනා. එයාගේ ඔම්මගේ තැන ජීවූ ගත්තා කියලත් අප්පගේ දේවල් ජිමින්ට ලැබෙයි කියලත් සුගා අකමැති කියලා ජිමින් තේරුම් ගත්තා. කොටින්ම එයාගේ තැන ජිමින් ගනී කියලා සුගා බයෙන් ඉන්නේ කියලා ජිමින් තේරුම් ගත්තා.
ජිමින් ඔම්මගේ පස්සෙන්ම ගියා සුගාගේ කාමරේ ලගට. එයාලා දොර ලගට යද්දිම සුගා දොරත් ඇරගෙන යතුරත් කරකො කරකෝ එලියට ආවේ යුනිවසිටි යන්නත් ලෑස්තිවෙලයි.
" සෙන්ගි ශුගා.... පුතා...😍"
සුගා ඇස් දෙකත් පොඩි කරගෙන කේක් එක දිහායි ජීවූ දිහායි තද බැල්මක් හෙලුවා. ජිමින් ඔම්මගේ අත යටින් එබිලා හොරෙන් වගේ සුගාගේ මූන දිහා බැලුවේ සුගා කේක් එකට කැමතිද කියලා දැන ගන්නයි. ජිමින් එහෙම එබෙද්දී සුගාට මතක් උනා ඊයේ රෑ යලුවෝ එක්ක ගහපු ප්ලෑන් එක. සුගාගේ කට කොනට මහ කැත හිනාවක් ගියා ඒ නිසාම. ජීවූ හිතුවා සුගාට සතුටු හිතුනා කියලා කේක් එක දැකලා. ඒ දෙන්නව ගනම් නොගෙන සුගා එතනින් යන්න ගියා.
" පුතා... මේ අහන්න අද රෑට කලින් එන්න පුලුවන්ද...... අප්පා අද කලින් එනවා කිව්වා.. පුතාත් කෑමට එන්න... මම රසට කෑම හදලා තියන්නම්... පුතා කැමති දෙයක් තියේනම් කියන්න......"
සුගා යන දිහා බලාගෙන ජීවූ කියාගෙ කියාගෙන ගියත් සුගා ඇහුන්නෑ වගේ පඩිපෙල බැස්සා. ජීවූ හිනාවෙලා ජිමින් දිහා බැලුවේ සුගා අනිවරෙන්ම එයි කියලා හිතාගෙනයි.
ජිමින් එතකොටයි හැක්කේ එයාගේ අතේ තාමත් අර ගිෆ්ට් එක තියෙනවා කියලා. ඒක දෙන්න ජිමින්ට අමතක ෞනා.
" එයා එයි... 😍 අම්... ජිමින් බබා අපි දැන් යමු බඩු ගේන්න... ඊට පස්සේ ඔයා කැමති තැනක යමු...."
ගෙදරින් එලියට අඩිය තියනවත් එක්කම සුගාට ජීවූ කියපු එක ඇහුනා. සුගා ඉස්සරහට තිබ්බ අඩිය ආපස්සට අර ගත්තේ ගහපු ප්ලෑන් එකවතුරෙද වගේබැල්මක් හෙලාගෙනයි.
"ඒ කියන්නේ ජිමින් යුනිවසිටි යන්නේනෑ අද.."
සුගා එයාටම මුමුන ගත්තා.
ජීවූ කේක් එකත් අරගෙන ජිමින් එක්ක කියෝ කියෝ පල්ලෙහාට එද්දී සුගා ඒ දිහා බලාගෙන හිටියා. සුගාට ඔනේ උනා ජිමින්ව කෝම හරි අද ගෙන්න ගන්න. ඒත් මොකද කරන්නේ කියලා සුගාට හිතා ගන්න බැරුවයි හිටියේ.
ජීයූයි ජිමිනුයි හිනාවෙවී එද්දී සුගාගේ ඇස් නොදැනුවත්වම නතර උනේ ජිමින්ගේ හුරුබුහුටි හිනාව ලගයි. සුගා ජිමින් දිහා කෙලින් බලන හැමවෙලාවක බලෙන්ම මූන වෙනතකට හරවනවා. ඒ ඇයි කියලවත් සුගා එයාගෙන්ම ප්‍රශ්න කරගන්න අකමැති උනා.
ඒත් මේ පාරනම් සුගාගේ ඇස් ජිමින් දිහාවටම වැටිලා තිබුනා. සුගාගේ මතකයන් දුවලා ගියා එයාගේ ඔම්මගේ මතකයන් වලට. එයාගේ ඔම්මයි එයයි මේ වගේ ආදරෙන් හිටපු හැටි සුගාට මැවිලා පෙවුනා. සුගා ඔම්මගේ කරේ එල්ලීගෙන ඔය පඩිපෙල උඩ වාඩි වෙලා කෑම කාපු හැටි සුගාට මතක් උනා. ඒත් එක්කම සුගාගේ ඇස් වලින් කදුලු වැටෙන්න පටන් ගත්තේ ඉන්න තැනත් අමතක වෙලයි.
'ජිමින්ගේ හිනාව ඒකත් හරියට ඔම්මගේ හිනාව වගෙයි'
සුගා නිකමට හිතුවා.
ඔම්මගේ මූනෙන් ඇස් අහකට ගත්ත ජීමින් දැක්කා සුගා එයලා දිහා බලාගෙන ඉන්නවා. ඒ මූන ටිකින් ටික අදුරු වෙනවත් ජිමින් දැක්කා. හිනාවෙවී ඇවිත් සුගා බලන් ඉන්නවා දැකලා එතනම නැවතුනු ජිමින් සුගා දිහා බලන් හිටියේ මහා පුදුමයකින් වගෙයි.
නපුරු ඇස් අතුරුදහන්වෙලා ඒ ඇස් දිලිසෙනවා. කවදාවත්ම නැතුව සුගාගේ මූනේ අමුතු හිනාවක් ජිමින් දැක්කා. ජිමින්ට දැනුනේ කියාගන්න බැරි ආශාවක් ඒ ලස්සන හිනාවට. හැමදාම ඒ හිනාව දකින්න තියේනම් කියලා ජිමින් නිකමට හිතුවා.
ජිමින් නැවතුනාද කියලවත් නොදැන ජීවූ තනියෙම මොන මොනවාදෝ කියො කියෝ කිචන් එකට ගියා.
ජිමින් වචනයක්වත් නොකියා සුගා දිහාම දිගටම බලන් හිටියා.
'සුගා ඇතුලතින් හුගක් සංවේදී කෙනෙක්... ඒ නිසා එයාව තනි කරන්න එපා..'
ජිමින් ඇස් දෙකත් ලොකු කරගෙන සුගා දිහාව ඇවිදන් ගියේ ඔම්මගේ වචන ඇත්තක්මයි කියලා හිතට දැනෙන්න ගනිද්දියි.
'නපුරු පූසගේ ඇස්වලට කදුලු එනවා එයා තවත් නපුරු කෙනෙක් නෙවෙයි' ජිමින් පොඩි ලමයෙක් වගේ හිනාවෙවී සුගා දිහාවට ඇවිදන් එන ගමන් හිතුවා. ජිමින්ට ඔනේ උනේ සුගාගේ කදුලු පිහිදාලා අඩන්න එපා කියන්නයි.
ඒත් සුගා ජිමින් එනවත් එක්කම ඉක්මන්ට කදුලු පිහිදාගෙන අනික් පැත්ත හැරුනා. මොහොතකට සංවේදී වුනත්, ආයෙත් කලින් හිටපු සුගාම එන්න වැඩි වෙලාවක් ගියේ නෑ. යන්න කියලා හැරෙන කොටමයි සුගාගේ ඔලුවට ආවේ ජිමින්ව අද අනිවාරෙන් යුනිවසිටි එකට එක්ක එන්නම ඔනේ, නැත්තම් ගහපු ප්ලෑන් ඔක්කොම වතුරේ කියලා.
ඉතින් ආපහු හැරුනු සුගා
" මේ...😌 ආහ්...😳 අ..අ..🙂 මගේ ටයිම්ටේබල් එක කාමරෙ ඇති ඒක අරගෙන එන්න පුලුවන්ද...."
සුගාගේ මූනේ කලින් ඇදුනු හිනාවනම් මැකිලා තිබුනේ නෑ. ඒ හිනාවෙන්ම සුගා ජිමින්ට ටයිම් ටේබල් එක ගේන්න කියාගෙන හැරුනා.
ජිමින් ඒ වෙද්දිත් හිටියේ සුගාගේ ඇගේ ගෑවෙන නොගෑවෙන තරම්ම ලගින් හිටගෙන්නයි. ජිමින් දිහාවට හැරුනු සුගා ගැස්සිලා ගියා ජිමින් හොල්මනක් වගේ ලගින් හිටන් ඉද්දී. මෙච්චරකල් එයාගේ ජ්‍යාව දැක්කත් බයෙන් ගැහි ගැහි හැන්ගෙන ජිමින් දැන් ඒ බය අමතක කරලා සුගාගේ ලගින්ම හිටගෙන හිටියා. ඒ අර කදුලු නිසාද..
සුගාගේ මූනට එබීගෙන දිලිසෙන ඇස් බෝල ලොකු කරගෙනයි ජිමින් සුගා දිහාම බලන් හිටියේ. ඒ ඇස් දකිද්දී ඒ දිහාම බලාගෙන ඉන්න හිතෙන්න කලින් සුගා ටග්ගාලා අහකට හැරිලා නහය උඩ ඇගිල්ලෙන් පිරිමදීන්න පටන් ගත්තා.
සුගා කැඩුනු කටහඩින් එහෙම කියලා ලැජ්ජාවෙන් පිරුනු කම්බුල්වලින්, ලස්සනට හිනාවෙද්දී, ජිමින්ගේ කටත් හායි ගාලා ඇරුනා.
සුගා කිසිම නපුරු කමක් නැතුව කතා කරපු පලවෙනි වතාව මේක. ජිමින්ට එක මොහොතකට හිතුනා සුගා තරහා ඔක්කොම අමතක කරලා දාලා හොද කෙනෙක් වෙලා කියලා. බයක් දැනුනේ නෑ තවත් සුගා ලග හිටන් ඉන්න. සුගාගේ හිනාව දකිද්දී ජිමින්ට කියා ගන්න බැරි සතුටක් දැනුනා..
" හෙයොන්.... මන් ඉක්මන්ට ගේන්නම්... හෝමම ඉන්න...😍😋"
සුගාට ලස්ස්නට හිනාවුනු ජිමින්, පැනගෙන උඩට දුවගෙන් ගියා. ඒ ගිහිල්ලත් ජිමින්ට ආයිත් අර ගිෆ්ට් එක දෙන්න අමතක උනා.
" මට ඒක අද ඔනෙමයි... ඉක්මන් කරොත් හොදයි...."
ජිමින් නොපෙනි යනවත් එක්කම සුගා පටස් ගාලා එලියට පැනගෙන ඉක්මන්ට යුනිවසිටි එකට යන්න පිටත් උනා. කපටි සුගා දන්නවා ජිමින් අනිවාරෙන්ම ඕක එයාගේ අතටම ගෙනත් දෙන්න එනවා කියලා. ජිමින් සුගාගේ පිස්සන් කොටුවක් වගේ රූම් එකෙන් කොහොම හරි ටයිම් ටේබල්එකනම් හොයාගත්තා. ඉතින් ඒක හොයාගත්ත ගමන් දෑතින්ම බදාගෙන ඉක්මන්ට අරන් දිව්වේ සුගාට දෙන්න කියලා හිතාගෙනයි. ඒත් ජිමින් පල්ලෙහාට එද්දී සුගා කොහෙවත් පෙන්න හිටියේ නෑ. බය වෙලා වට පිට බලපු ජිමින් එයාට පුලුවන්තරම් වේගෙන් එලියට දුවගෙන ගියේ සුගාගේ කා එක තියනවද බලන්නයි.
" සුගාවද හොයන්නේ පුතා... එයා දැන්නේ ගියේ...."
" අනේ.... 😭"
ජීවූ ජනේලෙන් එබීගෙන ජිමින්ට කෑගහලා සුගා ගියා කියලා කියද්දී ජිමින් අත් දෙකෙන්ම ඔලුව
බදාගෙන අඩන්න වගේ මූන හදා ගත්තා. සුගාට පරක්කුවෙන්න ඇති ඒ නිසා යන්න ඇති කියලා ජිමින් හිතුවා.
ජිමින්ගේ කන් දෙක ඇතුලේ
'අද මට ඒක ඔනෙමයි'
එහෙම සුගා කියනවා දෝන්කාර දුන්නා. ඉතින් ජිමින් ටග්ගාලා ගෙදරට දුවලා ගිහින් තොප්පියකුත් මාක්ස් එකකුත් දාගෙනා අයෙමත් පන කඩාගෙන පාරට දිව්වේ ටැක්සි එකක් අරගන්නයි. ජිමින් කලබලෙන් මේ දුවද්දී එයාගේ පස්සෙන් දුවපු ජීවූ කොච්චර කතා කලත් ජිමින්ට ඇහුනෙත් නෑ, ජිමින් හිටියේ සුගාට මේක ගිහින් දෙන්න ඔනේ කියන සිහිකල්පනාවෙයි.
හම්බෙන පලවෙනිම ටැක්සි එකේ නැගපු ජිමින් ඉක්මන්ට යුනිවසිටි එකට යන්න ගියා ඉක්මන්ටම කෝම හරි ඒක දෙන්න ඔනේ කියලා පපුවට තුරුල් කරගෙන. ජිමින් මතක් කරලම සුගාට ඔම්මා දෙන්න කියපු ගිෆ්ට් එකත් අරගෙනම ගියා.
ඒ යද්දිත් සුගා කා එකට හේත්තුවෙලා ඈත ඉදන් බලන් ඉන්නවා. ජිමින් ටැක්සි එකෙන් බැහැලා සුගා ලගට දුවගෙන ගියේ ලමයි කීපදෙනෙක්ගේ ඇගෙත් වැදි වැදි ඒ අයගෙන් සමාවත් ඉල්ල ඉල්ලයි. අද කා පාක් කරන තැන හුගාක් ලමයි හිටියා. වෙන්දට මේ වෙලාවට කවුරුත් වැඩිය නෑ ඒත් අදනම් හිටියා.
ජිමින් හිනාවෙවී සුගා ලගට දුවගෙන ගියේ සුගාට පරක්කු ඇති කියලා හිතාගෙනයි.
ඒත් ජිමින්ට වැඩි දුරක් දුවන් යන්න බැරි උනා. එයාගේ හිනාවත් මූනෙන් මැකුනා එකපාරටම එයාගේ ඉස්සරහින් කලු ඇදපු මැරයො වගේ කොල්ලෝ කීප දෙනෙක් හරස් කරගෙන හිට ගත්තු නිසා. ඒ හැමෝගෙන කටකොනේ හිනාව වගේම නපුරු බැල්ම නිසා එයාලව එහෙම දකින ඕනම කෙනෙක්ගේ හිතේ දරුනු බයක් ඇති කරන්න සමත් උනා.
ජිමින් දුවන්න කියලා පිටිපස්සෙන් පිටිපස්සට අඩිය තියද්දී එකපාරටම ජිමින්ගේ අතින් ඇදලා ගත්ත එක කොල්ලෙක් ජිමින්ගේ තොප්පිය ගලෝලා ගත්තේ මහ හයියෙන් හිනාවෙන ගමනුයි. ජිමින්ගේ අතේ තිබුනු ගිෆ්ට් එකත් අනික් ෆයිල් එකත් ඇදලා අරගෙන පැත්තකට විසික් කරද්දී ජිමින් හිතාගන්න බැරුව ඒ අය දිහා බලන් හිටියා.
____________________________________
Holaaa 🙃
ගුඩකාලෙකිම් නේද... 🙂💔 කෝමද අදනම් ටිකක් දිග කෑල්ලක් දුන්නා... 😋
මේක බලලා හොදයිනම් කමේන්ට් එකක් දාන් යන්න ලමයි. පොඩි ටීම් වැඩක්.. 🙊❤️
Enjoy 😍
Ishki...
Bạn đang đọc truyện trên: AzTruyen.Top