8• වැරදි වැටහීම් ☔︎

* No one p.o.v. *

රාත්‍රී 10යයි. ඔරලෝසු කට්ට මුලු ගෙදරම තිබුනු නිහඩබව නැතිකරා. යුන්සන් ජී වූ දහය පහුවෙනවත් එක්කම වගේ ගෙදර ආවේ හුගාක් සතුටින් එයාලගේ බිස්නස් ගැන ලිකු කම් කියව කියව. දෙන්නා ගෙදර එද්දී ගෙදර කවුරුත්ම හිටියෙනම් නෑ. ජිමින්වගේම යුන්ගිත් හිටියේ නෑ. ජීවූ බලන් ඉන්න බැරිම තැන නිසා යුන්සන්ට කිව්වාදෙන්නව හොයන්න කියලා. ඉතින් ජීවූයි යුන්සනුයි දෙන්නටම කෝල් කරන්න පටන් ගත්ත එක දිගට..

" ජිමින් පුතාගේ ෆෝන් එක ඕෆ්... සුගා කෝල් එක ගන්නෙ නෑ.."

" අ..නෙ.. දෙයියනේ මෙච්චර රෑ වෙනකල් මගේ බබා එලියේ ඉන්න බයයි.... මට බය හිතෙනවා... පුතාලා දෙන්නා කොහෙ ගිහින්ද.. එයලට කරදර...අ..අනේ නෑ...මගේ පුතා..."

" බය වෙන්නැතුව ඉන්න මම ගිහින් බලන්නම් ඉන්න..."

" යුන් මාත් එන්නම්.."

" නෑ ඔයා ගෙදරම ඉන්න මම යද්දී ඒ දෙන්නා ගෙදර ආවොත්.."

යුන් සන් ජීවූගේ අත් දෙක එකට එකතු කරලා බය නැති කරලා යන්න හදද්දිම සුගා වැනි වැනි නිදි කිර කිර ඇවිදගෙන ආවා.

" කොහෙද ගියේ මෙච්චර රෑ වෙනකල්... ආ.... "

" පොඩි වැඩක් තිබ්බා... ඒකයි රෑ වුනේ.. දැන් නෙවෙයි ඉස්සරහට කොහොමත් රෑ වෙනවා.... මම යනවා නිදා ගන්න..."

නිදිමතේම කියපු සුගා අප්පව ගනම් නොගෙන යන්න හදද්දී

" කෝ ජිමින්.. ඔයා එක්ක ආවේ නැද්ද.."

" කවුද... මම දන්නෑ ඔය කියන කෙනාව.. මන් යනවා.."

" මේක විහිලු කරන වෙලාවක් නෙවේ.. ජිමින් යන්නෙත් ඔය යුනිවසිටි එකටමයි.. ඔයා ඒක දන්නවනේ හොදටම..."

" ආ... දැනුයි මට තේරුනේ... ඒ බොරුකාරයා ඒකට යන නිසාද මාවත් ඒකටම යැව්වේ... මේවා අප්පගේ ප්ලෑන්ද... එහෙම එයා එක්ක එහෙදි මම හොදින් ඉදී... මම ඒ බොරුකාරයව මගේ මල්ලි විදිහට පිලිගනී කියලද අප්පා හිතුවේ... නෑ කවදාවත් නෑ.. "

සුගා පඩිපෙල ලගටම නිදි කිර කිර ගිහින් අප්ප කිව්ව දේ ඇහිලා ආයෙමත් අප්පලගට ඇවිදගෙන ඇවිත් කියවන්න ගත්තා.

" කටගොන්නක් බීගෙන... උබේ අර යාලුවෝ වෙන්නති මෙච්චර හොද විදිහට මගේ කොල්ලව ගෙදර එවන්න ඇත්තේ... තමන්ගේ අප්පට කතා කරන විදිහත් හොදට උගන්නලමනේ එවලා තියෙන්නේ.."

" ඔව්...උන් ටික නැත්තන් මට කාත් කවුරුත් නෑ......"

" එහෙනම් ඔය ආපු විදිහටම යනවා උන් ලගට.. සැප උපරිම දීලා මෙහෙම හැදුව නිසා වෙන්නැති මෙහෙම කතා කරන්නේ... ඔයාගේ ඔය කපටි යාලුවන්ගෙන් ඉක්මන්ට ඈත් උනේ නැත්තම් මෙතන මහා විනාසයක් වෙන්නේ සුගා... "

" එයාලා නෙවෙයි මෙතන තියෙන විනාසේ... මේ බොරුකාර මායාකාරීයි එයාගේ පුතයි.. එයාලා ඔයාව රවට්ටගෙන ඉන්නේ කියලා ඔයාට තේරෙන්නේ නෑ.... අපේ හැමදේම උදුරගන්නයි ඇවිල්ලා ඉන්නේ.. කියලා ඔයාට තේරෙන්නේ නෑ.."

චටාස්💥👊

කනේ පාර වැදුනේ සුගාව අඩි දෙකක් පිටිපස්සට විසික් වෙලා යන්න තරන් වේගෙනුයි.
ජීවූ කටට අත තියාගෙන අඩන්න පටන් ගත්තා. එයා හොදටම බය උනා මේ දෙන්නා ආයෙමත් රන්ඩු වෙද්දී. යුන්සන් සුගා එක්ක වාද කරද්දී ජීවූ කා එකේ යතුරත් අරගෙන එලියට දුවගෙන ගියා.

" ජී වූ......"

යුන් සන් දුවගෙන යන ජීවූව නවත්ත ගන්න කෑ ගැහුවත් එයා නතර උනේ නෑ. සුගාත් කිසිම ගානක් නැතිව නිදිමතේම අනික් පැත්ත හැරිලා උඩට යන්න හැරුනා. ඒත් එයාට අදනම් නිදාගන්න ලැබෙන එකක් නෑ ජිමින්ව හොයා ගන්නකල්. යුන්සන් සුගාගේ කොලර් එකෙන් ඇදගෙන සුගාගේ කා එක දිහාවට ගිහින් සුගාවත් කා එකට දාගෙන ජීවූ පස්සෙන් යන්න ගියා.












................................................

" මගේ ෆෝන් එකත් ඕෆ්නේ.... ඔම්මගේ අලුත් නම්බ එක මට මතකත් නෑ... එයා බයවෙලා ඇති හුගාක්... "

" මියන්දේ ජිමිනා... කා එක කැඩෙයි කියලා මන් හිතුවෙම නෑ.... "

" මම නිසානේ ඒකත් උනේ... මට එතනට යන්නම ඔනේ උනානේ.. ඔයාව එක්කන් යන්නැතුව ඉන්නයි තිබුනේ දැන් මන් නිසා ඔයාගේ කා එකත් කැඩුනානේ..."

" අයියෝ ජිමිනා.. ඒක මොකක්ද... හෙට උදේට මට කා එක ආයි හම්බෙනවා තිබ්බ විදිහටම.. ආ.... මේ.... ඒක නෙවෙයි ඔයා හැමදාම එතනට යනවද.."

" හ්ම්.. එතන හොයා ගත්තේ මෙහෙට ආව මුල් කාලෙමයි... මම ගෙදර යන්න කලින් එතනට වෙලා ඉදලා යනවා.. "

" ඇයි ගෙදර කවුරුත් නැද්ද ඔයා එනකල් බලන් ඉන්න... 🙄"

" නෑ.... "

" හරි එහෙනම් හෙට ඉදන් මාත් එන්නම් ජිමිනා එක්ක එතනට යන්න.."

" එපා..."

" අනේ.... "

" හා..☺️"

" ජිමිනා තමයි හොදම... 😌❤️"

ජිමින් අද බය උනු පාර ගෙදර යන එකත් අමතක කරලා එයා වෙන්දට කාලේ ගෙවලාදාන පාලු තැනට ගියා. යොන්ජුනුත් ඇවටිලි කරලා කරලා ජිමින්ව කැමති කරගෙන එයා පස්සෙන් ගියා.
ඒ ගිහින් එන මග යොන්ජුන්ගේ කා එක කැඩුනේ පාලු පාරක් මැදමයි. ඉතින් කා එක හදාගන්න කට්‍ටිය ගෙන්න ගන්නම හුගාක් වෙලා ගියා. ඒත් ඒ අය එද්දී හුගාක් රෑ වෙලා තිබුන නිසා කා එක දාලා දෙන්නම ටැක්සි එකක ගෙදර යන්න හිතා ගත්තා. ජිමින් ගේ ලගින් බැහැලා යොන්ජුන්ට අත වනලා අනික් පැත්ත හැරුනේ ඔම්මලා තවම ගෙදර ඇවිත් නැතුව ඇති කියලා හිත හිතයි. මොකද යුන්සන්ගේ කා එක පෙන්න තිබුනේ නෑ.

හරියටම රෑ 11ට ලන් වෙද්දී තමයි ජිමින් ගෙදර ආවේ. සුගාගේ කා එක විතරයි ගෙදර තිබුනේ.. ජිමින් කා එක ඈත තියාම දැක්ක ගමන් මිදුල මැදම නතර උනා. ගෙදරදී විතරක් නෙවෙයි යුනිවසිටි එකෙදිත් ජිමින්ට යුන්ගිගෙන් හැන්ගිලා ඉන්නවෙයි.
සුගා ජිමින් එනකල්ම මොනාහරි කරන්න බලන් ඇති කියලා හිතුව ජිමින් ගේට් එකෙන් එලියට ගිහින් හිටගෙන ඉන්න හිතුවා ඔම්මා එනකල්. ජිමින් ගෙදරට පිටුපාලා අනික් පැත්ත හැරෙද්දිම එයාගේ ඉස්සරහින් හිටන් හිටියේ
සුපුරුදු පරිදි තරහෙන් දත්මිටිකන සුගා.. ජිමින් කටත් ඇරගෙන පිටිපස්සෙන් පිටිපස්සට යන්න හදද්දී සුගා ජිමින්ගේ අත අබරලා ඇදලා ගත්තා.

" මන් ඔහෙව ඉතුරු කරන්නෑ.. උබ නිසා මට මගේ පාඩුවේ ඉන්නත් නෑ.. "

" අනේ අනේ.. මට සමා... වෙ... න්න.... හෙ...යොන්... අනේ රිදෙනවා... "

" රිදෙනවද..😯 අනේ අත අරින්නද... එහෙනම්ම්.. 😀 පව්... ඔයා නේද..."

සුගා තවත් අත හයියෙන්ම ඇබරුවා ජිමින්ගේ... පිටිපස්සෙන් සද්දයක් ඇහෙද්දී සුගා හැරිලා බැලුවා විතරයි කම්බුලට කිස් කන පාරක් වැදුනා. සුගා එහෙමම කම්බුල අල්ලගෙන එයාගේ ඉස්සරහා හිටන් ඉන්න එයාගේ අප්පගේ නපුරු ඇස් දිහා බලන් හිටියා.

" කොහොමද උබ මෙච්චර දරුනු කෙනෙක් උනේ... ජිමින් ඇතුලට ගිහින් ඔම්මට කෝල් කරන්න එයා ගියා ඔයාව හොයන්න හොදටම බය වෙලා.."

" ඔම්මා.."

ජිමින් සුගාගේ අත ගසලා දුවගෙන ගියා. සුගා ඇස් රතු කරගෙන ජිමින්ට ගහන්න පැන්නත් එයාට අඩියක්වත් තියන්න ලැබුනේ නෑ යුන් සන් නිසා. ජිමින්ගේ අතේ සුගාගේ ඇගිලි පාර හිටින්නම රතුවෙලා තිබුනා. ඒත් ඒ දිහාවත් නොබලම ජිමින් ගෙදරට දිව්වේ ඔම්මට කතා කරන්නයි.







⏳⏳⏳⏳⏳⏳

.






" යුන් පුතා ඉන්නේ මා ගැනයි ජිමින් ගැනයි අවිස්වාසෙන්.. එයා හිතන්නේ මම නපුරු කුඩම්මෙක් කියලා. සුගා පුතා ගැන වැරදියට හිතන්න එපා.. එයා ඔයාගේ පුතා... මේ වගේ වෙලාවක සුගා එහෙම හිතන එකත් වැරදි නෑනේ.. නේද... මම සුගාට හොද ඔම්මා කෙනෙක් වෙන්න ඔනේ.. මම ඒක කෝම හරි කරන්නම්... මට පුලුවන් නේද සුගාට හොද ඔම්මා කෙනෙක් වෙන්න..."

" නැහැ... ඔයා එයාට ලන් වෙන හදන්න එපා..අද අද ජිමින්ගේ අත කඩනවා මම දැක්කේ නැත්තන්.. ජීවූ පැත්තකට වෙලා ඉන්න. එයා ඉන්නේ බොරුවෙන් මුලා වෙලා.. එයාව ආයෙමත් යවනවා මෙහෙන්.. කෝමත් එයාට කිසිමදෙයක් හේරුම් කරන්න බෑ.. ඔක්කොටොම කලින් එයාගේ යාලුවන්ට අවවාද කරන්න වෙනවා.."

" යුන්.. ඔයා හුගාක් කේන්තියෙන් මේ දේවල් කියන්නේ.. පුතාව ඔයාගෙන් ඈත් කරන්න එපා.. එයාට ඉන්නේ එයාගේම කෙනෙක්ට ඔයා විතරයිනේ... එයාට විශ්වාස කරන්න පුලුවන් එකම කෙනත් ඔයා විතරයි යුන්.. කාලයක් යද්දී පුතා හැමදේම තේරුම් ගනී. මම එයාට ලන්වෙන්න ඔනේ මෙහෙම ඈත් වෙලා ඉන්න එක නෙවේ නේද මන් කරන්න ඔන. එයාට ලන්වෙන්න ඔන නේද... ඔම්මා කෙනෙක් විදිහට මන් සුගාව බලාගන්න ඔනේ.. "

ජීවූ පුලුවන් තරම් ආදරෙන් යුන් සන්ට දේවල් පහදලා දුන්නා. ඇය හුගාක් හොද කෙනෙක් ඇය ලග යුන්සන් හැමවෙලේම සංසුන් කෙනෙක් වුනා. පාලනයක් නොමැති කෝපය ජීවූ නිසා යම් විදිහකට පාලයක් උනා.

ජිවූ සමාව දුන්නත් සුගාට සුගාගේ හිත දැන් හිතන්නේ අප්පගේ ඔලුවට එයා ගැන විස දානවා කියලයි ජිමින්ගේ ඔම්මා. ඉතින් සුගා එයාගේ පලිය ගන්න ආයෙමත් පටන් ගත්තා.

" හෙටම අර වැඩේ කරමු... තවත් කල් ගන්න බැ.. අප්පා මන් ගැන දැනටමත් වැරදියට හිතන් ඉන්නේ.. මන් හිතන්නේ එයාගේ හිතේ මාව ආයෙම යවන්න.. මට ඇහුනා ලාවට වගේ එයා කියන ඒවා.. ඒක කරන්න බෑ."

සුගාට ඔනේ උනේ නෑ මුලදි ආයිම කොරියාවට එන්න. ඒත් ආවට පස්සේ එයා දැක්කේ ජීවූ අප්පා ලග ඉන්නකොට තවත් අප්ප වෙනස් වෙනවා වගෙයි. එයාගෙම අප්පා ජිමින් ගැන එයාටත් වඩා හොයලා බලද්දී සුගාට තවත් ඉරිසියා හිතුනා. ලගදිම යන්න වෙයි සුගාට එහෙම හිතිලා බය හිතුනා.

__________________________________

Hola 🙂

කට්ටිය මාව මතක් කරනවලු නෙහ්... 😌

අම්ම්.... කතාව ගැන හිතෙන්නේ මොනාද... කම්මැලි වගේද.... 🙂💔

Enjoy 🤗
Ishki...

Bạn đang đọc truyện trên: AzTruyen.Top