7• බොරුකාරයා ☔︎

    වතුර බටවලින් කාන්දුවෙන වතුර බින්දුවල සද්දේ විතරයි ජිමින්ට ඇහුනේ. දෑතිනම මූන වහගෙන හිටපු ජිමින්ට වටේ කිසිම දෙයක් පෙනුනේ නෑ. එයා ඇස් ඇරලා ඔලුව උස්සලා බලන්නත් බයෙනුයි හිටියේ. සුගා ඒ මේ අත ඇවිද්දේ පිස්සෙක් වගෙයි ජිමින්ව හොයාගෙන. වොශ් රූම්ස්වල දොරවල්වලට කැඩෙන්න පයින් ගැහුවා. ඒ සද්දෙට ගැස්සිලා ගිය ජිමින්ට බයටම කෑ ගැස්සෙන්න ගියත් එයා ඉක්මන්ට අතින් කට තද කරලා වහගත්තා, එයාගෙම සද්දෙ පිට වෙන්නේ නැති වෙන්න නොදී.

     

* suga pov *

   හැමදේම මට නැතිවෙයි, කාරා කිව්වා වගේ. ඔව් ඇත්ත එයාලා කිව්ව හැමදේම ඇත්ත. මට ඉන්නේ අප්පා විතරයි. එයාව මගෙන් ඈත් කරන්නයි මේකා ඇවිත් ඉන්නේ. මට හැමදේම නැති කරලා දායි. මාව ගෙදරනුත් පන්නයි. කාරා කිව්වා අහිංසකයි වගේ රගපාලා හැමෝවම රවට්ට ගනී කියලා. ඔව් ඔව්... ඒක ඇත්ත එයාගේ රැවටීම මම දැක්කා මුල ඉදලම.    එයාගේ ඔම්මත් ඒ මායමම දාලා මගේ අප්පව දැලේ දාගත්තා. අප්පාගේ දේපල ඔක්කොම බෙදා ගනී මගේ අප්පවත් මරලා. එහෙම වෙන එක හරිම සාමන්‍යයි කියලා මගේ යාලුවෝ හැමෝම කියනවා. ඒ මායාකාරීයි එකිගේ මේ කොල්ලයි මාවත් මරලා දායි හිමීට කාටවත් සැක හිතෙන්නෙ නැති වෙන්නම. එතකොට හැමදේම ඒ දෙන්නට ලැබෙනවනේ හරිම ලේසියෙන්. අප්පට මම කී සැරයක් කිව්වද මේ දේවල් ගැන. ඒත් මාව සත පහකට මායිම් කරන්නේ නෑ. අප්පා ඒ ගැනිගේ කීම විතරයි අහන්නේ.  ඔව් ඉතින් මම එයාගෙම පුතා නෙවේනේ.. ඇයි ඉතින් මන් කියන දේ අහන්නේ.

    උබව මට අහු උනොත්නම්.. ඇත්තමයි...

  " එනවා එලියට... "

කොහෙවත් නෑ හොයාගන්න.. කොහෙහරි හැන්ගිලා මට හිනා වෙනවා ඇති. මට හොයා ගන්න බෑ කියලා වෙන්න ඇති ඒකා හිතන් ඉන්නේ. මොනා උනත් මගේ අතේ හයියට ඒකා බයයිනේ.. මෙච්චරකල් කටපියන් හිටියේ අප්පටවත් නොකියා ඒ මට බය නිසයි. ඔය අහිංසක බොරු චාටු කතා වලින් මාව අල්ල ගන්න බෑ කියලා තේරෙනවා ඇති😀 මාව අල්ලගන්න බෑ කියලා තේරෙන නිසා අප්පට තවත් ලන් වෙලා මාව ඉක්මන්ටම ගෙදරින් ඈත් කරයි. එතකොට මගෙන් කරදරයක් නෑනේ ඒ දෙන්නගේ මේ කප්ටි ප්ලෑන්වලට.

        කෝහොමහරි අප්පව බේරගෙන මම මේ දෙන්නව පන්නන එක පන්නනවා.

මම  ටිකක් කල්පනා කරලා ඊලගට වොශ් රූම් තිබ්බ පැත්තෙන් එලියට ඇවිත් ඒ හරියෙම නැවතුනා.    එතන කනුවකට මුවාවෙලා ඒ අතරෙම හැංගිලා බලන් හිටියා. හැන්ගිච්ච තැනකින් එලියට ආවගමන් කඩන් පයිනවා බෙල්ලටම ආයි කවදාවත් පැනලා දුවන්න හිතෙන්නේ නැතිවෙන්නම. 
මට ඔනෙ උනේ බිම දාගෙන ගහන්න. අඩනකල්ම. මෙච්චර දේවල් කරලත් කාගෙන ඉන්නේ කපටිකම නිසයි. මගේ අප්පගේ දේපලවලට තියෙන ලෝභකම නිසයි.
    
      මගෙන් හැන්ගි හැන්ගි කවදා වෙනකල් ඉන්නද උබ හිතන් ඉන්නේ. බලන් ඉමු කොහොමද උබ මේක කරන්නේ කියලා. මම නිකන් අත අරින්නේ නෑ..

⌛️

ටිකක් වෙලා යද්දී ඕන් මට ඔන දේ සිද්ද උනා.
එයා එලියට ආවා.
හති දදා... 
මුලු ඇගම තෙමිලා. එයාගේ කොන්ඩේ... එතකොට....ඇදුමත් එක්කම... එයාගේ ක... ශිට්... මොනාද... මම මේ.. බලන්නේ...🤬

පිස්සුද මට.. මම මටම බැනගෙන, මන් හැන්ගුනු තැනින් එලියට එන්න හදද්දිම

" 🗣️ජිමිනා........👀"

ඒ අර ලමයා. පන්තියේ අරයා එක්ක හිටියේ ඒ කොල්ලා තමයි. ඒ කොල්ලා කෑ ගහගෙන ආවා අරයව දැකලා. ජිමින් ඉන්න විදිහ දැකලා ඒ කොල්ලා ටග්ගාලා අහක බලාගෙන කතා කලේ.

   දැන් මම එතනට යන එක හොද නෑ. අප්පාගේ නම කැත කරන්න අර බොරුකාරයා මොනා හරි කරන්නත් පුලුවන් ඒ කොල්ලා ඉස්සරහා. ඔව් එයාට සාක්ශි තිබ්බේ නෑනේ මෙච්චරකාලෙකට මම එයාට ගැහුවා කරදර කලා හරි කියන්න. හොදම දේ මම මෙහෙමම ඉන්න එක.  මේ බොරුකාරයව අල්ල ගන්න ඔනේ තනියමමයි. බය කරලා වැඩක් නෑ දෙකක් අනින්නම වෙයි වගේ. එතකොට අප්පා ඉස්සරහා මට මේ බොරුකාරයාගෙයි එයාගේ මායාකාර ඔම්මන්ඩිගෙයි හැම බොරුවක්ම වමාරවන්න පුලුවන්.

             
           මම තවත් කණුවටම මුවා වෙලා ඒ දෙන්නා දිහා බලන් හිටියා.

     " යො..යොන්ජුන්... 😰"

    " මොකද උනේ.. ජිමිනා.. මොකද... මේ ඔයාව හොදටම තෙමිලා........ කරදරයක්ද..."

    අහ් යොන්ජුන්.. ඒ කොල්ලගේ නම.. යොන්ජුන්.. බලමු මන් ගැන කියයිද කියලා යොන්ජුන්ට... එයා දැන් මාස තුනක් විතර වෙනවා මෙහෙට ඇවිත්.. මේ කොල්ලා ඒ කියන්නේ යොන්ජුන්ට මේ වෙද්දී හැමදේම කියලා ඇතිද.. මන් එයාට කරදර කරනවා කියලා මන් ගැන තව මොනා හරි හදලත් බොරු කියලා ඇතිද... බලාගමු එහෙම මොනාහරි බොරු ගොතලා කියලනම්... ඔයා අද ගෙදර එන්..

     "  😰 යො..යො...න්ජුන්... "

    " මන් හැම තැනම හෙව්වා.. මේ බෑග් එකයි බඩුයි දාලා මෙහාට ආවේ ඇයි... ඔයාට මොකද උනේ... මට කියන්න ඔයා හොදින්ද...😳😟"

    "අ..අනියා..... ම..ම...මම හො...දින්...😞 "

මො..කොකක්.. ඇයි මෙයා බොරු කියන්නේ...

     " නැහැනේ... මේ බලන්න ඔයාගේ ඇස් රතුවෙලා... මොකද උනේ ජිමිනා ඔයා බය වෙලා මොනාට හරි...  පේනවනේ ඔයා මේ වටේ බලන්නේ හරියට කවුරුහරි ඔයාගේ පස්සෙන් පන්නනවා වගේනේ... මේ බලන්න... මොකක්ද උනේ කියන්න...🙁"

    " අ.. අ...නියා.. අ..පි.. ප්..ලීස්... මෙ..තනි..න් ය..මු... 😰"

   " ඉන්න මේ ස්කාෆ් එක ගලවලා දන්න ඒක තෙතයි හොදටම... ඔයා අසනීප වෙයි.."

  ඒ කොල්ලා හැදුවේ අරයගේ මූන තිබ්බ ස්කාෆ් එක ගලවන්න. ඒත් ජිමින් යොන්ජුන්ගේ අතට ගැහුවා. පට්ටම බයෙන් යොන්ජුන්ගෙන් ඈත් උනේ.
         අරයා ස්කාෆ් එකකකින් එයාගේ මූන වහන් ඉන්නේ ඇයි. සීතලත් නෑනේ මේ දවස්වල. ආහ්...🤔ගෙදරින් එලියට යන කීපවතාවකම ඔහොම දාන් යනවා දැක්කා තමයි මම. එයා මූන හන්ගන් ඉන්නවා වගෙයි මට තේරෙන්නේ.  මොකක් වෙන්න ඇද්ද අනික් අයගෙන් ඒ මූන හන්ගන්න තියෙන ඔච්චරම ලොකු රහස. සමහරවිට ඕක මම  හොයාගතොත් 😏
  ඔහ් හෝ... හරි ජිමිනා... 😃 මගේ මල්ලී... අපි බලමු ඔයාගේ රහස මොකක්ද කියලා.. 😏 අනික් අයට හන්ගන ඔය මූන මිනිස්සු දැක්කොත් මොකක්වෙයිද... 😏  අපි බලමු...

පස්සේ යොන්ජුන් අත් දෙක දෙපැත්තට කරලා යටත් වෙන්න වගේ

   " හරි..මන් ඒකට අත තියන්නෑ.. මියන්දේ ජිමිනා...🙁"

යොන්ජුන්ට එයා කිසිම දෙයක් කිව්වේ නැත්තේ ඇයි. එතකොට කියලත් නෑ කිසිම දෙයක්. එයාට ඔප්පු කරන්න සාක්ශි නැති හින්දද... මට තිබ්බ එකම හිතාගන්න බැරි ප්‍රශ්නේ ඒක.
                මොකක්හරි උප්පරවැට්ටියක්ද මේක... ඔව්... ඔව්... ඒක මොකක්හරි උප්පරවැට්ටියක් වෙන්න ඇති. කොහොමත් කපටි මිනිස්සු හරිම උපායශීලී. බලන් ඉන්න මම ඔයාව අල්ල ගන්න හැටි ඔයාගේ උගුල් ඔයාටම හරෝලා මම ඔහේව ගෙදරින්ම පන්නලා දානවා. ඉක්මන්ටම... මන් මගේ අප්පව.. එතකොට එයා මහන්සියෙන් හම්බ කරපු දේපල ඔය බොරුකාරයෝ දෙන්නගෙන් බේර ගන්නවා..

        

🌇⏳

හවස ගෙදර යන්න හදද්දී කාරා කොහෙන්දෝ එකපාරටම කඩන් පාත් උනා මගේ කා එක ඇතුලට.

   " මාව මතක් උනා නේද පැට්ටෝ....."

මගේ යාලුවො අද ක්ලබ් එකේදී සෙට් වෙනවා කියලා කිව්ව නිසා කාරා මා එක්කම යන්න ඇවිත් හිටියා. මගේ කම්බුල දිගේ එයාගේ ඇගිලි එකින් එක ගෑවෙද්දී මම කා එක ස්ටාර්ට් කලා එයාගේ ඇගිලි අහකට දාන ගමන්. මන් දන්නෑ මම එහෙම කලේ ඇයි කියන්න. එයා මගේ ගර්ල් හරිනම් මම එයාට මාව අල්ලන්න දෙන්න ඔනේ. මම එහෙම කලත් කාරා ගනම් ගත්තේ නෑ එයා දිගටම මාව එහෙන් මෙහෙන් අල්ලනවා මම කොච්චර එයාගේ අත් අයින් කලත්.

     මගේ යාලුවෝ නොහිටින්න අද මම තනිවෙනවා. උන් හිටිය නිසා මට පුලුවන් උනා අර බොරුකාරයින්ව අදුන ගන්න. අප්පා කොහෙදෝ යන ගෑනියක් මගේ ඔම්මා කියලා අරන් ඇවිත් තව මගේ කියලා පිලිගන්න කියන සහෝදරයෙක්වත් භාරගන්න කියද්දී මගේ යාලුවෝ කිව්වා ඔයනම් උබේ අප්පට ඔක්කොම නැති වෙන්නයි යන්නේ කියලා. උන් නිසා මට ඇස් පෑදුනා.

           අප්පා ඒ හැනුකෙනාව මැරි කරන්න කලින් මගේ යාලුවෝ මට ඒ ගැනුකෙනා ගැන එතකොට එයාගේ බොරුකාර පුතා ජිමින් ගැනත් විස්තර හොයලා එව්වා. තමන්ගෙම මනුස්සයව මරපු කෙනෙක් කියලා ඒවායේ තිබ්බා. ඒ සල්ලි නිසාලු.
මට පුදුම බයක් දැනුනා. අප්පට මම ඒවා යැව්වත් අප්පා කිව්වේ ඒ මගේ යාලුවෝ මාව රවට්ටන්න හදනවා කියලයි. ඒ සල්ලී නිසාලූ. මගේ යාලුවෝ නෙවේ අප්පා ඒ ගැනු කෙනායි අප්පගේ සල්ලිවලට ලන් උනේ. අප්පට තේරෙන්නේ නෑ ඒක.

         කාරා මගේ අතේ එල්ලුනා ක්ලබ් එකට ඇතුල් වෙද්දිම. කාරා ගැන මගේ හිතේ කිසි ආසාවක් නෑ. ඒත් කාරා මට ආදරෙ කරනවා. මම නෙවේ එහෙම කිව්වේ මගේ යාලුවෝ. ඉතින් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් විදිහට මම එයාව තෝර ගන්න හිතුවා.

      අවුරුදු ගානකට කලින් මන් ස්කූල් යන කාලේ හුගාක් හේතුනිසා මම සල්ලිකාර අප්පෙක්ගේ දරුවෙක් නෙවේ විදිහට හිටියා. හරිම සාමාන්‍ය කෙනෙක් විදිහට. ඒ බොරුකාරයින්ගෙන් බේරෙන්න ඔනේ නිසයි.

         ඒ කාලේ කාරා හිටියේ ගැන්ග් එකක ලීඩට රැවටිලා. කාරා මගේ ක්ලාස්මේට් කෙනෙක්. ඔම්මා නැති උනු වග මොන ලෝකෙන් හරි ඒ අය දැන ගත්තා. හැමෝම එක එක ඒවා කිව්වා. ඔම්මා නැති එකා කියලා. ලමයි වටවෙලා මට එක එක ඒවා කිව්වා. මගේ අත් මිට මෙල උනත් අරූගේ ගැන්ග් එකේ සමහර අයත් එතන හිටියා, ගැන්ග් එකේ මහ දරුනු ලමයි ටිකක් නිසා මම කරබාගෙනම හිටියා. මම ඒ කාලේ ඒ රැවටිලි කාරයා එක්ක පුදුම කේන්තියකින් හිටියේ.

කාලයක් යද්දී කාරා එකපාරටම මට ලන් උනා. එයා කිව්වේ මම ඒ අයට වඩා හොද කෙනෙක් නිසා මගේ යාලුවෙක් වෙන්න හිතුනා කියලයි. කොහොමහරි කාරා මගේ හැම ඇත්තක්ම දැනගෙන තිබුනා. මම බය උනා එයා මාව ගැන්ග් එකේ අයට අල්ලලා දීලා මගෙන් සල්ලි ඉල්ලයි කියලා. ඒත් ගැන්ග් එකේ අයගෙන් ඈත්වෙලා කාරා මගේ පස්සෙම කැරකුනා.

කාරාගේ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ් ඒ කියන්නේ ස්කූල් එකේ දරුනුම ගැන්ග් ලීඩ, පස්සේ හේතුවක් නැතුවම මගෙන් සමාව ගත්තා. එයාලා එක්ක එකතුවෙන්න කිව්වා. එයාලට හොද අය වෙන්න ඔනේ කියලත් කිව්වා.  මට තේරුනේ නෑ ඒ ඇයි කියන්නනම්. ඒ වෙනකොටත් මන් හිටියේ පුදුම කේන්තියකින් මගේ ඔම්ම නැති වෙලා සතියක් යන්නත් කලින් මාව ස්කෝලේ මැද්දේ පහත් කරපු එකට.
      එයාලා ඒවාට සමාව ගත්තා. දැන් තමයි තේරෙන්නේ එයාලා රැවටිලිකාරයො නෙවෙයි හුගාක් හොද අය කියලා.. මන් වගේ කෙනෙක් එයාලට ලන්වෙන එකෙන් එයාලත් හොද මාර්ගෙකට ආවා.. දැන් උන් මගේ වටේ එකතුවෙලා මට ඉහලින්ම සලකනවා පොඩි කාලේ වගේම අදටත්..

     මගේ යාලුවෝ ටික ක්ලබ් එකට මන් ඇතුල්වෙනවා ඈත් තියාම දකිද්දී අත්පුඩිගහලම පිලිගත්තා. මගේ මූඩ් එකනම් හොදට තිබුනේ නෑ. මම හැමවෙලේම හිත හිතහිටියේ මොකද කරන්නේ කියලා අර බොරුකාරයින්ට.

  " අර කයිරාටිකයා අදත් උබට කොකා පෙන්නලා පැනගත්තා නේද එහෙනම්..."

   ජස්ටින් හිනාවෙවී කියද්දී මගේ කේන්තිය තවත් ඇවිස්සුනා.

" හ්ම්... 🤬"

එයාලා මාව ක්ලබ් එකේ නටන කෙල්ලෝ අතරින් එක්කන් ගියා ඩ්‍රින්ක්ස් ගන්න තැනට. කාරාත් මන් ලගින්ම කරට අතක් දාගෙන හිටගත්තා. මට කරන්න කිසි දෙයක් කල්පනා වෙන්නේ නෑ. මම ඩ්‍රින්ක් එකක් ඉල්ලගෙන ඒ ග්ලාස් එක උඩ ඇගිල්ලෙන් රවුම් කර කර කල්පනා කලා.  මට ඒ ග්ලාස් එක පොලවේ ගහලා කඩන්න තරම් කේන්තියක් තිබුනා. මේ කේන්තිය නිසා කිසිම ප්ලෑන් එකක් මගේ ඔලුවට ආවේ නෑ.

  " මචන් මේ අහපන්... උබේ හොදටනේ අපි කියන්නේ... නිකන් හිතපන් හෙට උනත් උබට ඔය ගෙදරින් ගහලා පන්නයි.. උබ ඒ කොල්ලව පැන්නුවේ නැත්තන්.."

    " මම කිව්වා පට්ට කපටි ඒ කොල්ලා. ඔහොම උබට බයේ හැන්ගිලා හිටියට ඌ ගේම ගහන්නේ යටින්.ඒ තරන් බයානකයි ඔය වගේ මිනිස්සූ. උබ අප්පට මොකුත් වෙන්න දෙන්නෙ නැතිවෙයි කියලා උන් බයයි. ඒ නිසා ඉක්මන්ට අප්පගේ ඔලුවට එක එක ඒවා දායි."

  "ඔව් බබා ඔයාට තේරෙන්නේ නැද්ද...  ඒ කපටි ගෑනී ලගදිම ඔයාගේ අප්පගේ කෑමවලට උනත්... ආහ්.. මන් දන්නෑ ඒහෙම කියනඑකත් හොද නෑ වගෙයි... "

" මොකක්ද..  කියනවා... මොකක්ද මගේ අප්පට ඌ... ඌ මොනා කරයිද... කියනවා..."

ආපු කේන්තියට මන් ලගම එකෙක්ගේ  කොලර් එකෙන් අල්ලගෙන කෑ ගැහුවා

" මලමිනිය තමයි උබට බලන්න වෙන්නේ... ඒක තමයි මේ මේ ආ අර අර මගේ කසීන් මතකද ඌටත් උනේ ඒකමයි... උබටත් ඒකමයි වෙන්නේ.."

" කසීන්ට... කවුද... එයාට මොකක්ද උනේ... කියනවා..."

" මේ...මගේ කසීන්.. මේ...එයාගේ ෆැමිලි එක පට්ටම සල්ලිකාරයෝ... හොදද.. මේ... මේ... කොහොමහරි කසීන්ගේ ඔම්මා මැරුනා... ඊට පස්සේ මේ ඔය වගේම කපටි ගෑනියක් කසීන්ගේ අප්පට ලන් වෙලා රවට්ටගෙන බැදගත්තා. පස්සේ මේ කෑම වලට වසදාලා මගේ කසීන්ගේ අප්පව මරලා දැම්මා. ආ... පොලිසියටත් කප්පන් දීලා කොහොම හරි යටි ගැහුවා ඒ කේස් එක. ඉතින් මචන් අන්තිමට මගේ ඔම්මාගේ හිත උනුවෙලා තමයි කසීන්ව අපේ ගෙදර තියාගෙන බලාගන්නේ දැන්..."

මම මොකක්ද කරන්නේ... ඒ දේම වෙයිද... මගේ අප්පව මරයි ඒ ගැනී...

" ශිට්... ශිට්... 🤬 නෑ.... මේ අහනවා... මොකක්ම හරි කරන්න ඔනේ... අර අර ජිමින් එයාගේ මොකක්මහරි රහසක් තියනවා... එයාගේ මූන... එයාගේ..ඒ මූන එයා වහන් ඉන්නේ... මොකක්ම හරිම තියනවා. හැමෝම ඉස්සරහා ඒ ස්කාෆ් එකයි අර අර තොප්පියයි ගලවලා දාන්න ඔනේ..."

  " අහ් ඔව් මාත් දැක්කා.. ඌ අර යොන්ජුන් එක්ක අයි ජී එකේ එහෙම දාලා තිබ්බ ෆොටෝ වල මුන ඔඑන්නේ නෑ ස්කාෆ් එකකින් මූන වහගෙනමයි ඉන්නේ..."

" අහ්... එයාගේ මොකක්රි රහසක් තියනවා ඒ කියන්නේ.. මොකද කියන්නේ යුනිවසිටි එකේ ඉන්න අපේ පොඩි එවුන් ටිකව දාමූ මේ වැඩේට.. පස්සේ ඒක වීඩියෝ කරලා වටේම යවන්න කියමූ.. එතකොට රහස හැමෝම ඉස්සරහා එලිවෙයි.. කවුද දන්නේ පල් හොරෙක්ද කියලා.. කොහොම තියේවිද... ඔහ් හෝ.. ආයි ඔය පැත්ත පලාතකවත් ඉන්න එකක්නෑ... සමහරවිට ඔක්කොම අකුලගෙන යන්න යයි"

" ඔව්.. එයාගේ ඇත්ත එලි කරන්නම ඔනේ..."
    

__________________________________

Hola 🤗

Wattapad සරනං ගජ්ජාමි 😒

කවුද දෙයියනී කීවේ මේ කතාව සෑඩ් එන්ඩින් කියා ඔබලාට..... ටැග්ස් වල සෑස් ස්ටෝරි හැපි දෙකම දාලානීද තීන්නේ... 😯 අවසානය කෙසේවේද ඔබට මා හින්ට් ඩුන්නේ නැත... හැපි එන්ඩින්ග්ද විය හැක. 😌
    ෆිෆ්ටි ෆිෆ්ටි දෙපැත්තම ආ.. 😀
          දුක හිතෙන කතාවක් අවසානය සතුට ගෙන එනවා කියලා අහලා නැඩ්ඩ.... ගොඩාක් කතා පටන් ගැන්මෙදිම අවසානය හැපිද සෑඩ්ද හොයන්න පුවන් දක්ශ වගේම රවින්දනය ඉහල readrsලට.. 😉

Enjoy 😍
Ishkii...

Bạn đang đọc truyện trên: AzTruyen.Top