5• යාළුවා ☔︎

    " එක වචනයක් හරි අද වෙච්ච දේවල් ගැන ඔයාගේ ඔම්මටයි මගේ අප්පටයි කියලා තිබුනොත් මේ ලස්සනට තියෙන මූන ඇදවෙයි...😈☝️"

   " ම..ම..ම් කිය..න්නෑ... 😭 අත..අරින්න..කෝ... අඅ...අ..නේ... "

  ෆෝන් එක කට් කරලා ඇද උඩට විසික් කරපු සුගා ජිමින්ගේ මූනට එබුනේ දරුනු රවුද්‍ර පෙනුමක් මවාගෙන. කොටියෙක් පුංචි කුරුලු පැටියෙක්ගේ සියුම් අත්තටු යන්න නොදී හයියෙන් අල්ලගෙන කන්න පනිනවා වගෙයි.
       සුගාගේ ඇස් එයාගේ කොන්ඩේ අතරින් පෙනෙද්දී ජිමින්ගේ ඇස් ඒ ඇස් වලට බයේ හැන්ගෙන්න හැදුවා. ඒත් සුගා එයාගේ අතේ ඇගිලි අතරට ජිමින්ගේ කම්බුල් දෙකම ඇල්ලෙන විදිහට අල්ලලා ජිමින්ගේ මූන උඩට ඉස්සුවා. ඒ පාර බයෙන් වෙවුලුව ජිමින් ඇස්  තදින්ම පියාගෙන එයාව අත අරින්න කියාගෙන කෙදිරි ගාන්න ගත්තා.

    සුගාට ඔනේ උනා ජිමින්ව බය කරලා  හොද පාඩමක් උගන්නන කලින් වගේම. සුගාගේ ඇස් තිබුනේ පිරුනු හුරතල් කම්බුල් එක්ක තෙරපෙන ජිමින්ගේ තොල් වලට. සුගාගේ ඇහිබැමි එකට එකතු වුනේ හරියට 'මේවා කොහොමද මෙච්චර...'
එකපාරට ඇස් පිය වේගෙන් ගහපු සුගා ආයෙමත් අර රවුද්‍ර පෙනුම මවාගෙන ජිමින්ගෙ අත් දෙක රිදෙන්නම හයියෙන් අල්ලගෙන බිතියට තද කලා. ජිමින් කෑ ගහන්න ගත්තා, ඒ වේදනාව නිසාම නෙවෙයි සුගා එයාව මරයි කියලා බය හිතුනු නිසා.

    ජිමින් හොටුපෙර පෙර මහ හයියෙන් කෑ ගගහා අඩනවා. සුගා කලේ තවත් ඒ ඇඩිල්ල දිගටම අරන් යන්න ජිමින්ට රිද්දුව එකම විතරයි..

        ෆෝන් එක ආයිමත් රින්ග් වෙන්න ගත්තා.

සුගා ජිමින්ගේ මූනෙන් ඇස් අහකට අරගෙන ඇද කොනේ වැටිලා තියෙන ෆෝන් එකට ඇස් යැව්වා.

ඒ පාර සුගාගේ අප්පා කෝල් කරනවා.

    "මේ අහනවා තමුන් කැමතිද තවත් රිදෙන්නම අල්ලනවට.. මට ඔන්නම් මේ අත කඩලා දාන්න පුලුවන්.. එහෙම කරනවට අකමැතිනම් මන් කියන දේ කරනවා.."

ජිමින් තොල් දෙක තදින්ම හපාගෙන හයියෙන් ඔලුව වැනුවා හරි කියන්න වගේ.  සුගා ජිමින්ගෙන් ඈත් වෙලා සාක්කුවටත් අත් දෙක දාගෙන පිටිපස්සට ගියා. ජිමින් තවමත් එතනම හිටගෙන අඩනවා. ෆෝන් එකත් හෝ ගාලා රින්ග් වෙනවා.

" අඩන එක නතර කරනවා.. 👿
   ඇහුනේ නැද්ද කිව්ව එක.. 😠
ඔය ඇඩියාව නවත්තනවා........"

සුගා මහා හයියෙන් කෑ ගහද්දී ගැස්සිලා ගිය ජිමින් එකපාරටම උඩට ඇද ඇද අඩන එක නතර කලා. බය වෙලා මුලු මූනම තද කරගෙන ඇස් වල කදුලු පුරෝගෙන ජිමින් සුගා දිහා බලාගෙන හිටියා. ඒ මූන හොදටම රතුවෙලා. ඇගේ හිරිකටුත් පිපිලා. කකුල් දෙක එකට ලන් කරගෙන හොදටම දාඩිය දාපු අත් වල පුංචි ඇගිලි වලින් හුඩි එක දෙපැත්තෙන් හයියෙන් ඇදගෙන ජිමින් බලන් හිටියා.

  " යනවා අර ෆෝන් එක ආන්ස්වර් කරලා ' හැමදේම හොදින් කියනවා..'😼 යනවා ඉතින් 👿..."

   ජිමින් ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉදලා රොබෝ කෙනෙක් වයින් කලා වගේ ඉක්මන්ට ඇදට නැගලා කෝල් එක අන්ස්වර් කලා. ඒත් එක්කම සුගා අතින් සං කලා ස්පීකර් දාන්න කියලා. ජිමින් වෙව්ල වෙව්ල ඒකත් කලා.

" ජිමින් පුතා සුගා මොනා හරි කලාද පුතා හොදින්ද ඉස්සෙල්ලා කතා කලේ පුතා නෙවේ කියලා ජීවූ බය වෙලා.."

සුගා ඇද ඉස්සරහින් ගිහින් අත් දෙකත් බැදගෙන බිත්තියට හේත්තුවෙලා ජිමින් දිහා කන්න වගේ බලන් හිටියා.

  " අ..අ..නෑ.. අන්කල්... ඒම මොකුත් උනේ නෑ... හැම.දේ..ම හොදි..න් "

" ඒකනේ මන් කිව්වනේ ජීවූ ජිමින් හොදින්.. හරි පුතා මම තියන්නම්.  ටිකක් දුරට යනවා රෑ වෙනවා එන්න.. කෑම ගෙන්න ගන්න රෑටත් එක්ක.. එහෙනම් මම තියනවා."

    සුගාගේ අප්පා ඒ කියන්න යුන් සන් එහෙම කියාගෙන ෆෝන් එක කට් කලා. ජිමින් කට් උනු කෝල් එක දිහා බලාගෙන ඉකි ගහනවා.

සුගා එකපාරටම ඇද ලගට ඇවිත් ජිමින්ගේ මූනට එබෙද්දී ජිමින් බයෙන් තොල් දෙකත් හපාගෙන බිම බලාගත්තා.

   " ඔය විදිහටම ඉන්නවා. කිසිම දෙයක් කියන්න හිතන්නවත් එපා 👿"

සුගා ඒත් එක්කම කාමරෙන් අඩි හප්ප හප්ප එලියට යන්න ගියා. සුගා යනවත් එක්කම ජිමින් ඇදෙන් බැහැලා වොශ් රූම් එකට ගිහින් දොර ලොක් කර ගත්තා. ඊටපස්සේ කාටවත්ම එයා අඩනවා ඇහුනේ නෑ. කට අත් දෙකෙන්ම තද කරගෙන ජිමින් හොදටම ඇඩුවා.

⏳⏳

    ජිමින් එලියට ආවෙ නෑ, දැන් රෑ 7ටත් ලගයි. එයා බය නිසාම බාත්ටබ් එක ඇතුලේ ගුලි වෙලා අඩනවා. සුගාගේ නපුරු ඇස් වගේම සුගා කියපු දේවල් ජිමින්ගේ ඔලුව ඇතුලෙන් හැම වෙලේම ඇහුනා. ජිමින් දෑතින් ඔලුව බදාගෙන ඉකි ගගහා ඔම්මට කතා කලා.

   " ඔම්මේ....😞 මට බයයි.. එයා මාව මරයිද.. මට බයයි.. මට රිදෙනවා😭 ඔම්මේ... ඔයා කොහෙද..."

     

           මේවගේ ජිමින්ගේ දවස් ගෙවිලා යන්න පටන් ගත්තා. ටිකක් කරදර අඩු උනානම් උනේ සුගාගේ පරන යාලුවෝ එක්ක ක්ලබ් ගානේ යන්න පුරුදු උනු නිසයි. ගෙදර ඉන්න වෙලාවට කලේ ජිමින්ට හිරි හැර කරපු එකමයි.. ජිමින්ගේ වටින කියන දේවල් සුගා කඩලා බිදලා දැම්මේ කිසි හිතක් පපුවක් නැතුවයි. ජිමින් කලේ කාමරේ කොනක ගුලිවෙලා ඒ දිහා අඩ අඩ බලන් හිටපු එකම විතරයි. පොඩි හරි වැරැද්දක් උනු ගමන් ඒ අත් හයියෙන් මිරිකලා ජිමින්ව හොදට රිද්දුවා. ඔම්මා ට උනත ගෙදර ඉන්න වෙලාවක් ඇත්තෙම නෑ. ඒ දෙන්නම රෑ එලිවෙනකල් වැඩ. ඉතින් ජිමින් හොදටම අසරන උනා. එයාගේ ලෝකේ එයා වේදනාවෙන් ජීවත් වුනා.  ඔහොම කාලය ගෙවිලා යද්දී ජිමින් ඒකටත් පුරුදු උනා. සුගා ගෙඩහර නැතිවෙනකොට ජිමින්ට පුදුම සහනයක් දැනුනා.



  ඉතින් ජිමින්ට යුනිවසිටි යන්න කාලෙත් හරි. උදේම ජිමින් ඔම්මත් එක්කම යුනිවසිටි එකට යනවා දැන්. යුන්සනුත් ජිමින්ට ආදරෙන් සලකන්න පටන් අරගෙන හරියට තමන්ගේ ලමයෙක්ට වගේ.

   

🌤️🏢

             අලුත් මූනු ගොඩාක් මැද අලුත් අත් දැකීම් ගොඩාක් අද ඉදන් ජිමින්ගේ ජීවිතේට එකතු වෙනවා. හැමදේම වෙනස් කලින් තිබුනට වඩා.දැන් පොඩි එකෙක් නෙවෙයි ජිමින්ට එහෙම හිතුනා. කෙල්ලෝ කොල්ලෝ වෙනසක් නැතුවම ජිමින් දිහා බැලුවා. බෙල්ලේ ඔතාගෙන හිටපු ස්කාෆ් එකෙන් ජිමින් මූනෙන් භාගයක් වැහෙන්න මූන වහගෙනයි හිටියේ. මේ ඇදුම් එක්ක ජිමින් පොඩි එකෙන් වගේ කලින්ටත් වඩා පේන නිසා ඒ අයට හිතුනේ යුනිවසිටි එකට ස්කූලෙකේ ලමයෙක් ඇවිල්ලා කියලයි. ලාබාල පෙනුම නිසා යුනිවසිටි එකට ආව පලවෙනි දවසෙම ජිමින් ගැන පෝස්ට් පලවෙන්න ගත්තා. හොද වගේම නරකත් හුගාක් විහිලුත් ඒවායේ තිබුනා. මේ ග්‍රීශ්මකාලේ සීතලයි වගේ මුලු ඇගම වහගෙන ඉන්න එකට තමයි එයාලා හුගාක් විහිලු කලේ. ජිමින් එහෙම ඇදන් හිටියේ එයාට පුරුදු එහෙම ඉදලා නිසයි. එයා පොඩිකාලේ ලමයින්ගෙන් එක එක ඒවා අහලා අහලම එපා උනු නිසා මූන වහගෙන ඉන්න පුරුදු උනා ඒකයී මේම ඇදන් එන්න හේතුව.

  ජිමින්නම් තාම යුනිවසිටි එකට අඩිය තිබ්බා විතරයි නිසා ජිමින් පුදුමයෙන් ඇස් ලොකු කරගෙන යුනිවසිටි එක පුරාම ඇස් ගෙනිච්චා.

සමහර ලමයින්ව සීනිය බැජ් එකේ අයට අහුවෙලා කන් දෙක අල්ලගෙන ඉදගන්නවයි හිට ගන්නවයි  ජිමින් දැක්කා. ජිමින්ගේ කකුල් දෙකත් එක්ක වෙව්ලුවා ඉතින් ඒවා දැකලා. ඒත් ඔම්මා කලින්ම මේ දේවල් ජිමින්ට කියලයි තිබුනේ.

කොහේ ගියත් කරදරමයි ජිමින්ට එහෙම හිතුනා.

   ඉතින් නවකයින් එක්ක ජිමිනුයි පෝලිමට එකතු උනා. ලෙච්චර්ස් වලට යන්න කලින් තමන්ගේ සිනියව හොයා ගන්න වගේම තවත් දේවල් ජිමින්ට කරන්න උනා.

  සීනියස්ලා සද්දෙන් කෑ ගහද්දී ජිමින් බිම බලාගෙන හිටියා. ඔන්න ඔය අතරේ කෙනෙක් පෝලිම පිටිපස්සේ ඉදගෙන ජිමින් බයෙන් ගැහෙන දිහාත් සපත්තුවෙන් පොලව හාරන හැටි දිහාත් බලන් හිටියා.

             අන්තිමට සීනියස්ලා යද්දී ඒ කෙනා අත් දෙකත් පිටිපස්සට කරලා බැදගෙන ජිමින් ලගින් හිටගෙන

" අහ්ම් අහ්ම් අහ්ම්...  අදුන ගන්න ලැබීම සතුටක් මම චෝයි යොන්ජුන්.."

නිල් පාට කොන්ඩයක් එයාට තිබුනා. හරිම ලස්සන ඇස් වගේම හිනාවෙන කම්බුල් දෙකක් එයාට තිබුනා. හැන්ඩ්සම් කූල් බෝයි ලුක් එක නිසා කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම එයා දිහාම බලන් හිටියා.


ජිමින්ගේ මූනනම් යොන්ජුන්ට් පෙනුනේ නෑ. ඒත් ජිමින්ගේ ඇස් දෙකනම් යොන්ජුන් දැක්කා.

    අදුර ගන්න අතට අත දෙද්දී ජිමින් එයා දිහාවට දික් උනු ඒ අත දිහා බලලා ඒ කෙනාගේ මූන දිහාත් හිමීට බැලුවා. යොන්ජුන් දිහා ඇස් ලොකු කරගෙන ජිමින් බලන් හිටියා. යොන්ජුනුත් ඇස් ලොකු කරලා බලන් හිටියා අඩුම ජිමින් අතට අතවත් දුන්නේ නැනැති නිසා. යෙඔන්ජුන් නෝන්ඩි නැතුව අත අරගෙන එයාගේ ටිකක් දිග කොන්ගේ ගෑවෙන බෙල්ල පිටිපස්සට ඇගිලි අරන් ගිහින් ජිමින්ට ලස්සනට හිනා උනා නෝන්ඩී නැතිවෙන්න.

  ජිමින් යොන්ජුන්ට ඔලුව නවලා ආචාර කරා. යොන්ජුන්ත් අනික් පැත්තට ආචාර කලා. ඔන්න ඒත් එක්කම සීනියස්ලා වැඩ පටන් ගත්තා එයාලගේ ජුනියස්ලට විනය පුරුදු කරන්න. යොන්ජුන්ත් ජිමින් එක්කම මේ දේවල් කලා. ජිමින් වැඩි කතා බහක් කලේනම් නෑ හැමවෙලේම ආචර කර කර හිටියා මිසක්. යොන්ජුන් කලේ කම්මැලි කමේ ඈනු ඇරපු එකමයි. මේ වැඩ හරිම බාලයි යොන්ජුන් එහෙමයි හිතුනේ. එකම ෆැකල්ටි එකේ නිසා දෙන්නම එකට එයාලගේ ලෙච්චර්ස් වලට යන්න පිටත් උනා.

       ජිමින්ගේ ලගින්ම යොන්ජුනුත් වටපිට බල බල හැමෝටම ආචාර කර එද්දී

   " මම ජිමින් පාක් ජිමින්.."

   " ඕහ් මම හිතුවේ ඔයා ගොලුයි කියලා... මෙන්න මෙයා කතා කරනවා."

ජිමින්ට හිනා ගියා යෙඔන්ජුන් ඒක කිව්ව විදිහට.

          ඉතින් ජිමින්ට වැඩ වැඩි උනා යුනිවසිටි එකේ වැඩත් එක්ක. සුගාගෙන බේරෙන්න ඔනේ නිසා ගෙදරින් එලියට ගියෙත් ගෙදරට ආවෙත් හොර මී පැටියෙක් වගෙයි. ටික් කාලෙක ඉදන් ජිමින්ට සුගාව හම්බුනෙත් නෑ. ඒක නිසා ජිමින්ගේ හිතට පොඩි සහනයක් දැනුනා. ඒත් කොහෙන් හරි මූනට එබෙයි කියන බය නිසා ජිමින් හිටියේ චකිතයෙන්. කාමරේ දොර ලොක් කරගන්න එයා හැමවෙලේම වග බලා ගත්තා. රෑට නින්දෙදි හරි බෙල්ල මිරිකයි කිය්ලා ජිමින් බය වෙලා හිටියා. ඒ වගේ හීන ජිමින් හැමදාමවගේ දැක්කා.

සුගාත් දැන් දැන් ගෙදර නෑ. ක්ලබ් ගානේ යන්න පුරුදු වෙලා. ඉතින් ඒකම නිසා ජිමින්ට සැනසිල්ලේ ඉන්න පුලුවන් උනා.













        මාස තුනකට පසු...

ජිමින්ගේ හොදම යාලුවා උනේ යොන්ජුන් තමයි. යොන්ජුන් ජිමින්ගේ මූනනම් තාම හරිය දැකලා නෑ. ඒත් එයා ජිමින්ට හරිම කැමතී. ජිමින්ගේ ඇස් වලට යොන්ජුන් හරිම කැමතී. ලෙච්චරස් අතරතුරේ ලෙච්චර්ස්ලා හිනාවෙන දෙයක් කිව්ව ගමන් යොන්ජුන් කරන්නේ ජිමින් දිහා බලන් ඉන්න එක. ඒ ජිමින් හිනාවෙද්දී ඒ ඇස් පුංචි වෙන නිසයි. ඒක හරිම ලස්සන දර්ශනයක් උනා යොන්ජුන්ට.
      මේ දෙන්නා හැමවෙලේම හිටියේ එකටමයි. යොන්ජුන්ටනම් හුගාක් යාලුවෝ හම්බුනා. ඒත් හැමවෙලේම ජිමින් පස්සෙන්මයි හිටියේ.  යුනිවසිටි එකේ එයාලගේ බැජ් එකේ අයනම් මේ දෙන්නව කපල් කරන්නත් පෙලබුනා. ජිමින්නම් ඒවා වැඩිය ගනම් ගත්තේ නෑ. යොන්ජුනුත් ඒ වෙලාවට කලේ හිනා වෙන එකයි. ජිමින්ට යොන්ජුන්ව එයාගෙම සහෝදරයෙක් වගේ දැනුනා. ජිමින් නිහඩව හිටියත් යොන්ජුන්නම් හැමදේම වගේ ජිමින් එක්ක කියවනවා.

              ජිමිනුත් යෙඔන්ජුනුත් හිටියේ එකම ෆැකල්ටි එකේ එකම ලග. දෙන්නම කරන්නෙත් එකම දේවල් නිසා දෙන්නට එකටම ඉන්න පුලුවන් උනා. ජිමින්ට උනත් යොන්ජුන් ඉන්න නිසා බයක් තිබුනේ නෑ. කලින් ස්කෝලේ කාලේ වගේ ලමයින්ගෙන් මහ නරක දේවල් ජිමින්ට අහන්න ලැබුනෙත් නෑ.

             " අන්න සර් එනවා..."

   " ඔයා දන්නවද එයා අලුත් ලෙච්චර් කෙනෙක්ලු.. වැඩි වයසකුත් නෑලූ... කියන විදිහට අපේ අලුත් ලෙච්චර් සින්ගල්ලූ...🤭"

කෙල්ලෝ කොල්ලෝ එකට රංචු ගැහිලා කියවන්න ගත්තා. ටිකකට පස්සේ එයාලගේ අලුත් ලෙච්චර් ඇතුලට ආවා.
        හැමෝම ඇබරි ඇබරි ආචාර කලා. යොන්ජුනුත් දත් ටිකම දාලා ලස්සනට හිනාවෙලා ආචර කරද්දී ජිමින් විතරක් ලමයි මැද තුශ්නිම්භූත වෙලා බලන් ඉන්නවා. 






🕡🕡

           හරියටම පාන්දර 2.00 පහුවෙද්දී සුගා කොහෙදෝ ගිහින් ගෙදර ආවා.

   " හරි හරි මම හෙටත් එනවා. හෙට සෙට්වෙමු.. හරි මච..."

   " කොහෙද ගියේ"

  සුගා ගෙට ඇතුල් වුනේ ෆෝන් එකත් කනේ ගහගෙනයි. කවුදෝ යාලුවෙක් කියන කෙනෙක්ට කතා කර කර ආව සුගා තවත් කතා කරන එක නවත්තලා  හැරුනේ යුන් සන් තරහින් සුගාට කතා කරපු නිසයි.

   සුගා යුන්සන්ව ගනම් නොගෙන අනික් පැත්ත හැරිලා උඩට යන්න යද්දී

" මන් ප්‍රශ්නයක් ඇහුවා තමනුගෙන්😡"

ඒපාර යුන්සන්ටනම් තරහ ගිහින්. ඒකටම හරියන්න සුගාගේ මූනත් වෙනස් උනා

  " මන් කොහෙද යන්නේ කියලා දැන්ද මගේ අප්පට හොයන්න මතක් උනේ"

මත් ගතිය නිසා කටට බ්‍රේක් නැති සුගා කෙලින්ම කියද්දී යුන් සන්ගේ තරහා තවත් වැඩි උනා. ජීවූ හිටියේ මේ දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බයෙන් බලාගෙනයි.

  " කාගේ හයියක් අරන්ද උබ මට මේ කතා කරන්නේ... මතක නැද්ද මේ හැමදේම උබට අරන් දුන්නේ කවුද කියලා. උබ නිකන් නාස්ති කරන්නේ මගේ සල්ලි කියලා උබට අමතකද.."

    යුන්සන්ගේ කේන්තිය එන්න එන්නම වැඩි වුනා. යුන් සන් සුගා ලගටම ගිහින් කෑ ගහද්දී සුගා බිම බලා ගත්තා. අප්පට පිටින් සුගාට යන්න බෑහෑ කෝමත්. සුගා ආයිමත් හැරුනේ උඩට යන්න.

   " ලබන සතියේ යුනිවසිටි එකේ ඉන්ටවෙව් එකට යන්න ලෑස්ති වෙනවා. අලුත් ලෙච්චර් කෙනෙක් හොයනවා. තමුනුත් ඒකට යනවා. මගේ හොද යාලුවෙක් තමයි ප්‍රින්සිපල්. මගේ නම රැකගෙන තමන්ගේ රාජකාරිය හරියට කරනවා."

____________________________________

Hola 😌

වචන 🙂 කීයක් හරි කියම් යන්ට...

         Off එකත් update  වෙනවා. ඒකත් එක්කත් එකතු වෙන්න

Enjoy 😍
Ishki...

Bạn đang đọc truyện trên: AzTruyen.Top