29• ලියුමක් ☔︎


𝓜𝓨 𝓓𝓻 𝓙𝓲𝓶𝓲𝓷,


කොහොමද ජිමිනා.... හ්ම්... මට හදිස්සියේම ගෙදරින් යන්න වුනා. ඔයාට තවත් වදයක් වෙන්නත් මට බෑනේ. මට කරපු හැම දේකට ඔයාට ගොඩාක් ස්තූතී කරන්න ඔනේ. වචනෙන් කියන්න බැරි තරම් මම ඔයාට ස්තූති වන්ත වෙනවා. මාව මේ තත්වෙට ගන්න ලග හිටියෙත් මාව බලා ගත්තෙත් ඔයා ඒ වගේම මාව සනීප කලේ ඔයා. වෙන මොන ඩොක්ට කෙනෙක්වත් නෙවේ. ඔයා හිටියේ නැත්තම් මට මොනා වෙයිද දන්නෑ. මට ඔයා වගේ මල්ලියෙක් ලැබුනු එක ගැන මම ආඩම්බර වෙනවා. ආඩම්බරකමට වඩා ඒ හැගීම වෙනස් එකක්. මට සමාව දෙන්න... හැමදේකටම.. ඇත්තටම මට එහෙම කියන්න විතරයි පුලුවන්. මම හොදින් ඉන්නවා. මම දන්නවා ඔයා මට ආදරෙයි. ගොඩාක්. ඒ නිසයි මම මේක ලියන්නෙත්. ඔයා දැන් මගේ මූන ඉස්සරහටවත් එන්න ආස නැතුව ඇති. දේවල් නිසා මට වයිර කලාට ඔයා මන් ගැන හොයනවා කියලා මම දන්නවා. ඒකයි මම මේක ලියලා ඔයාට එවන්නේ.
ආ ජිමිනා... මම මේ ඉන්න තැන හුගාක් ලස්සනයි.. ම්... ඒත් කියා ගන්න බැරි තරම් පාලුයි. මෙතන ලොකු අඩුවක් තියෙනවා. මන් හිතන්නේ මගේ හදවතින් කොටසක් ඔයා ලග දාලා ඇවිල්ලද කොහෙද. ඔහෙන් ආපු කාලේ ඉදන්ම මගේ පපුව හුගාක් රිදෙනවා.. ආහ් ජිමිනා... මම බෙහෙත් වෙලාවටම බොනවා.. දැන් ඒවා බොන්න ඔන වෙන එකක් නෑ කියලයි මම හිතන්නේ.. හෝ හෝ බයින්න නේද හදන්නේ.... මම ඒවා ඔක්කොම හරියට ගන්නම්... ඔයා එක ගැන වද වෙන්න එපා.... හ්ම්....
ජිමිනා ඔයා හොදින් නේද..? මට දැන ගන්න ඔනේ එච්චරයි. ඒත් මට ඒක දැන ගන්න විදිහක් නෑ.. එක මට හුගාක් වද දෙනවා... ඔයාට පුලුවන් නේද ඔයා ආදරේ කරන සුගා හෙයොන් වෙනුවෙන් හිනාවෙලා හොදින් ඉන්න.. මම ඔයාගෙන් ඉල්ලන එකම දේ එච්චරයි.. මම මගේ මල්ලිට ගොඩාක් ආදරෙයි.... මල්ලි කෙනෙක්ටත් වඩා ඔයා මට දැනුනු කෙනෙක්... ඊලග ආත්මෙදි අපි ආයි මුන ගැහුනොත්... මම ප්‍රාර්තන කරනවා ඔයාට ඉන්න විශේශම කෙනා මම වෙලා ඉපදෙන්න කියලා.

𝓢𝓾𝓰𝓪 𝓱𝔂𝓾𝓷𝓰_






සුගා යන්න ගිහින් හරියටම මාස හයකුත් වෙද්දී ජිමින්ගේ අතට ලියුමක් හම්බ වෙනවා. ජිමින් ඒක අඩ අඩ කියෝපූ හැටි දැක්කේ යොන්ජුන් විතරයි. ජිමින් එයාගේ කාමරේ කන්නාඩිය දිහාට දුවගෙන ගිහින් අත මිට මොලවලා ගහන්න ගියත් එයාව යොන්ජුන් නැවැත්තුවා.. මේ කේන්තිය... සුගා නිසාද... නෑ ඒ එයා නිසාමයි...

සුගා යන්න ගිහින් කාටවත් කිසිම දෙයක් කියන්නෙවත් නැතුවම. ඒත් ජැක්සන්ගේ උදව්වෙන් සුගා මාස කීපෙකට කලින් හොටෙල් එහෙක නැවතිලා ඉදලා තියෙනවා කියලා හොයාගන්න පුලුවන් උනා. කෝම වුනත් ඒ ඔත්තුව හම්බෙද්දී පරක්කු වැඩී. සුගා එතන ඉදලා තියෙන්නේ දවස් තුනයි. එතනින් පස්සේ කිසිම තැනකින් සුගා ගැන ආරංචියක් නෑ. සුගා යයි කියලා හිතන්න පුලුවන් කිසිම තැනක් තිබුනේ නෑ.

කෝම වුනත් සුගාට හේතු ගොඩාක් තිබුනා මේ වෙන්වීමට. නැවත මතකෙට ආපු අදුරු සිදිවීම් වගේම ජිමින්වත් ලොකුම හේතුවක් උනා ඒ දේට. ඉතින් එදා අන්තිම රැයේදී ජිමින් එලියටවත් ආවේ නැති නිසා යන්න කලින් ජිමින්ගේ මූන බලන්නවත් සුගාට හම්බුනේ නෑ. සුගාට හැමදේකටම වඩා ඒ දේ දරා ගන්න අමාරු වුනා.

ඉතින් ජිමින්ට සුගාවත් සුගාට ජිමින්වත් එදා මග ඇරුනා.

අවසානෙට කාටත් කරදරයක් නොවී තමන් නිසා තමන්ගේ ආදරේට දුකක් නොදී සුගා ඒ බැදීම් අත ඇරලා යන්නම ගියා.

මේ වෙද්දී යොන්ජුන් ජිමින්ව ආයෙමත් එයාගේ එපාර්ට්මන්ට් එකට ගෙන්න ගන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒත් ජිමින් නෙවේ ගෙදරින් එක අඩියක් හෙල්ලුවේ. එයා ගෙදරින් එලියේ පඩියක වාඩි වෙලා මග බලාගෙනම හිටියා, සුගා දැන් එයි දැන් එයි වගේ. සුගා නැති ගෙදර පාලුවට ගිය සොහොනක් වගේ.. ජිමින් මේ වෙලාවේ ඉන්න විදිහත් එක්ක කරන දේවලුත් හැසිරෙන විදිහත් එක්ක එයාව තනි කලොත් එයාගේ ජිවීතේට ලොකු අනතුරක් නිසාම යොන්ජුන් ජිමින් එක්ක ඒ ගෙදර නතර උනා. ජිමින් හැමදාම කලේ ගේට්ටුව ලගට ගිහින් දවස ගෙවෙනකල්ම හිටගෙන සුගා එනකම් මග බලාගෙන හිටපු එක. එයාලා පාක් යන්න දාන් හිටියේ ගොඩාක් වෙලාවට සදුදා සිකුරාදා දවස් දෙක. ජිමින් මග නොඇර සදුදත් සිකුරාදාත් එයාලා හිටපු තැන් වලටම ගියා. එයාලා හිටපු තැන්වලම එයා විතරක් තනියම ඉදගෙන හිටියා. ජිමින්ගේ පස්සෙන් යොන්ජුනුත් හැම වෙලේම හිටියා. සුගා කියලා රැවටිලා ගොඩාක් මිනිස්සුන්ගේ පස්සෙන් ගිහින් අතේ එල්ලිලා ඇඩුවා. යොන්ජුන් ජිමින්ව ඇදගෙන ආවත් ජිමින් පිස්සෙක් වගේ ආයෙමත් සුගාව හොය හොය ඇවිදින්න ගත්තා.

ජිමින් මේ වුනු දේවලුත් එක්ක හුගාක් වීක් වෙලායි නැවතුනේ. ඇග දුර්වල නිසාම එයාට පොඩි වෙලාවක්වත් හිටන් ඉන්න බෑ. ටික වෙලාවක් කොහෙ හරි හිටන් හිටියම කලන්තේ දාලා ඇදන් වැටෙන තරම් එයා වීක් වුනා. රෑ නින්දෙන් පවා සුගා හෙයොන් කියාගෙන ගැස්සිලා වගේ ඇහෙරෙනවා. වෙන්දට ඇස් අරිද්දී එයාගේ ඉස්සරහින් ඉන්න සුගා හෙයොන් වෙනුවට තිබුනේ එයාලගේ මතකයන් පිරුනු ෆොටෝ එකක් විතරයි. පාලු කාමරේක සුගාගේ බෙක්ශීට් එක තුරුල් කරන් නින්දෙන් නැගිටින ජිමින් හැමදාම කලේ මහ හයියෙන් අඩන එක. හැමදාම හරියට කෑමක් බීමක් නෑ. ජිමින්ට පිස්සු හැදෙන්න වගේ. එයාට කරන්න තිබුනේ එකම දෙ අඩන එක විතරයි. මේ ලැබුනු ජීවිතේ ජිමින්ට සතුටින් ඉන්න එක හේතුවක් ලැබුනත් දැන් ආයෙමත් ඒ හේතුව එයාගෙන් වෙන් උනා.

මේ දේවල් මනසින් හිතන ජිමින් කෑ ගගහා ඇඩුවේ

" මම කර ගත්තේ ලොකු වැරැද්දක් දෙවියනේ.... 😰සුගා හෙයොන්ට මුල ඉදන්ම මම් කලේ නපුරු දේවල්... ඒත්.. ඒ..ඒත් සුගා හෙයොන් හැමදාමත් හොද කෙනෙක්... අනේ. අනේ... කසිම දේකට වැරදි කාරයෙක් නෙවෙයි මගේ හෙයොන්... 😭ඇයි මේ මගේ මෝඩ හදවතට ඒක තේරෙන්නේ නැත්ට්ගේ.... මන් මගේ මගේම හෙයොන්ව..... අ...අනේ... 😭මගේ ආදරේ මන් නැති කර ගත්තා... ඇයි මන් මෙච්චර දරුනු උනේ...😭😭😭 "

එයා එයාගෙම කොන්ඩේ දෑතින් අදින ගමන් එයාටම බැන ගත්තේ හුගාක් ලොකු වේදනාවකින්.


හොදින් බැලුවොත් ජිමින්ගේ වෙනස් වීමක් තිබුනා. කොහොමත් ජිමින් හැදුවේ එදා සුගාව දාලා යන්න. කලින් කලා වගේම. ජිමින් හැදුවේ ආයෙමත් සුගාට හේට් කරන්න. එයාව ආයි එයාගේ ජිවිතෙන් ඈත් කරන්න. මොකද සුගා එයාට මේ වගේ බොරු කලා කියලා හිතුන හින්දා. ඔම්මගේ ඇක්සිඩන්ට් එකේ ඉදන් සුගාට දේවල් මතකයි කියලා ජිමින්ට අර ඩොක්ටගේ ඇසිස්ටන් එක එක බොරු කතා කියද්දී ඒක ඇහුන ජිමින්ට හුගාක් කේන්ති ගියා. ෛඉට වඩා එයාට ඒ දේවල් දරා ගන්න අමාරු වුනා. එයා එදා සුගා දිහා බැලුවෙවත් නෑ. සුගාගේ මූනටම කාමරේ දොර වැහුවේ මගේ දැගැට නොපෙනී යන්න කියන්න වගෙයි. ඒ වගේම පහුවදා උදේම ජිමින් ඇදුම් ලෑස්ති කරම් ගෙදරින් යන්න හැදුවා. ඒත් එකපාරටම ආපු යුන්සන්ගේ කෝල් එකෙන් පස්සේ ජිමින් සම්පූර්න වෙනස් වුනා. මොකක්ද ඇත්තටම ජිමින්ට වුනේ. දැන් එයා එයාටම බැන ගන්නේ ඇයි හැමදෙකටම. හරිනම් එයා සුගා මේ කරපු දේ ඔලුවට දාගෙන සුගාට බැන බැන මේ ගෙදරින් දුරකට යන්නයි ඕනේ. ඒතෙහෙම වුනේ නෑ... ඊට හාත් පසින් වෙනස් දෙයක් දැන් සිද්ද වෙනවා.













ජිමින් තනියම සුගාගේ මතකයන් එක්ක ඉන්න පුරුදු වෙන්න පටන් ගත්තා. මාස ගනම් ගත වුනා. යොන්ජුන් නිසා ජිමින්ව තනි උනේ නෑ. බලෙන්ම කෑම ටික කවපු නිසා ජිමින් අසනීප තත්වෙන් ටිකක් එලියට ආවා. ඒත් හැම රෑකම උදේම සුපුරුදුම විදිහට ඇඩුවා. පැත්තක් බලාගෙන වරු ගනම් කල්පනා කලා.

ගෙදර ෆෝන් එකේම (ලෑන්ඩ්ෆෝන්) එයාගේ හෑන්ඩ් ෆෝන් එකකම එන හැම කෝල් එකකම මැසේජ් එකකම දුර තියාන රිගින්ටෝන් ඇහෙද්දී එයා බලාපොරොත්තු ඇති කර ගත්තා. ඒ සුගා වෙන්නැති කියලා රැවටුනා.

ජිමින්ට හිතන්න දේවක් වගේම බලාපොරොත්තු ඇති කර ගන්නම වගේ දවසක් මහ රෑක ඒ වගේ සැක හිතෙන කෝල් එකක් ආවා. ජිමින් ඒ කෝල්එක ඉක්මන්ටම ඉස්සුවා. ජීමින්ගේ හුරතල් කටහඩ හුගාක් අවුල් ගිහින් උගුර බැරැන්ඩි වෙලා තිබුනා හැමදිස්සෙම අඩලම.

"හෙලෝ මේ යුන්සන් නිවස... "

එහා පැත්තෙන් කිසිම සද්දයක් නෑ. ජිමින්ගේ ඇහිපිල්ලම් වැදෙන වේගය අඩුවෙලා ගිහින් ඒ ඇස් පුදුමෙන් කුතුහලෙන් වගේ ලොකු වුනා. එහා පැත්තේ කෙනා සුසුමක් පිට කරද්දිම ජිමින්ට ඒ සුසුම හුරු පුරුදු බවක් දැනුනා. මීට මාස ගානකට කලින් සුගා ලග ඉද්දී උරහිස ලගින් දුවපු ඒ උනුසුම් සුසුම අද ෆෝන් එකෙන් ඇහෙද්දී ජිමින්ට දැනුනා ඒ ඉන්නේ සුගාමයි කියලා. එක සුසුමක හඩක් ඇති ජිමින්ට සුගාව අදුර ගන්න. ජිමින්ගේ හදවතඑකියට ඔඅයින්න තරම් වේගෙන් ගැහිලා ගියා. අත් වලට නල්ලට පවා හීන් දාඩිය දැම්මා. කට පුරා හිනාවක් ගියා. ජිමින්ගේ සතුට වැඩි කමට කලබල වුන ජිමින කෑ ගහලා

" සුගා හෙයොන්..... අනේ.... අනේ.. මේ ඔයා නේද...."

ජිමින් සුගා... කියද්දිම එහා පැත්තෙන් කෝල් එක කට් උනා. නෑ කට් කලා... මොකක්ද ඒ වුනෙ. ජිමින්ගේ පපුව හුගාක් වේගෙන් තවමත් ගැහෙනවා. ඇග පුරා දුවන රස්නේ වෙන්දටත් වඩා වැඩි වුනා. පඩිපෙල ලගමයි ලෑන්ඩ් ෆෝන් එක තියන මේසේ තිබ්බේ. එතන තමයි වෙන්දට සුගා ඉදගෙන ඉන්නෙත්. සුගා ගොඩාක් වෙලාවට සැටි එකට වඩා මෙතනට ඇවිත් එයාගේ වැඩ කරනවා. ජිමුන් ඒ මේසේ කොන අත ගාන ගමන් කබුල් දිගේ ගලා යන කදුලු පිහි දැම්මා. කෑ ගහලා අඩන්න තරම් දැන් ජිමින්ට පන නෑ. සතුටක් දුකක් කුතුහලයක් බයක් මුසු වුනු කදුලු ජීමින්ව හුගාක් මහන්සි කෙරෙව්වා.


" කෝ මගේ හුරතල් ජිමිනාගේ හිනාව..."

එක පාරටම උඩ තට්ටුවෙන් ජිමින්ට සුගාගේ කටහඩ ඇහුනා. ජිමින් කදුලු පිහි දාගෙම පඩිපෙල දිහා බැලුවා. ටිකක් අමාරුවෙන් සුගා පඩිපෙල නගිනවා. සුගාට තිබුනා දුබුරුයි කලුයි මිශ්‍ර වුන ස්ටික් එකක්. (අත් වාරුවක්). ඒක නිසා ජිමින් විහිලුවට සීයේ කියලත් සුගාට කතා කරලා තියෙනවා. තවමත් සුගාගේ ජ්‍යාව දිහා බලාගෙන අඩන ජිමින්ට ඒ හැම මතකයක්ම සිහියට ආවා. සුගා ජිමින් දිහා බලාගෙන හරිම සතුටෙන් හයියෙන් හිනා වෙන ගමන් පඩි පෙල නැග්ගා. මුලු ගෙදරම ඒ හිනාව දෝන් කාර දෙනවා වගේ ජිමින්ට දැනුනා. ජිමින් ඒ විදිහටම හිනා වෙලා සුගා දිහා දිගටම බලන් හිටියා.

" අහ්... දැන් ඔයා ඔහොමම ඉන්නද හදන්නේ... අනේ ජිමිනා මට බඩගිනී..."

සුගා ආයෙමත් කතා කලා.

" හෙයොන්....😰 අ..අන..අනේ...😭මට හුගාක් පාලුයි...😭 "


අලුත් උනුසුම් කදුලු ඇස් අගින් කඩා වැටුනා.

ජීවිතේ කියන්නෙම හැරයාම්වලින් බැදීම් නිසාම ඇතිවෙන සිත් රිදවීම්වලින් පිරුනු එකක්.
ඉන්නකම් ඒ අගය කාටවත්ම මහ ලොකුවට දැනෙන් නැ.. චුට්ටක්වත්......
ඒත් ලග නැති කොට දැනෙන්නේ මහම කාලකන්නී හැගීමක් එක්ක ලොකු පාලුවක්. ඒක නිකන් මුලු හදවතම කීතු කීතුවලට කපලා දානවා වගේ දරුනු හැගීමක්. කොච්චර හයියෙන් කෑ ගහලා ඇඩුවත් ඉවර වෙන්නැති තරම් දරුනුයි. ඒක මනුශ්‍යාට මෙන්ම සත්ව්‍යාටත් තියෙන ලොකුම සිත් වේදනාවලින් එකක්. (බොහෝ දුරට ඔබට මට වගේම )


යොන්ජුන් ජූස් එකක් එක්ක බෙහෙත් වගයක් අරගෙන ජිමින්ව හොයාගෙන සාලෙට එන ගමනුයි හිටියේ. එයා ඒ එද්දී ජිමින් පඩිපෙල අයිනේ වැටිලා ඉන්නවා දැකලා යොන්ජුන් අතේ තිබ්බ බෙහෙත් පවා බිම දාලා ජිමින් ලගට දුවගෙන ගියා. ජිමින් වැටිලා ඉන්න විදිහට යොන්ජුන් හොදටම භය වෙලා මහ හයියෙන් ජිමින්ගේ නම කියාගෙන කෑ ගැහුවා. තවත් බලා නොයිදම ඉක්මන්ට ජැක්සන්ට කතා කරේ ඉක්මන්ට ජිමින්ව හොස්පිටල් එක්කන් යන්න. ඒත් ජැක්සන් මේ වෙද්දී හිටියේ සෝල් වලින් පිට ජින්යොන්ග් එක්ක. ජින්යොන්ග් ජැක්සන්ට පොඩි වෙලාවකටහරි හැරෙන්නවත් ඉඩ දුන්නෑ. මේ වෙලාවේ ජැක්සන්ට එන්න විදිහකුත් නෑ කියලා දැන ගත්තම කෝම හරී යොන්ජුන් තවත් වෙලාව ගැන්නැතුව එයාගේ ලගම යාලුවෙක්ව කතා කරගෙන ඉක්මන්ට ජිමින්ව හොස්පිටල් එක්කන් ගියා.

ජිමින් ඉන්නේ හොද මානසිකත්වයකත් නෙවෙයි. සිහිය නැති වෙද්දී සමහර වෙලාවට ජිමින්ට හුගාක් අමාරු වෙනවා. ඒ නිසා දැන් යොන්ජුන් හුගාක් බය වුනා.




කෝම හරි හොස්පිටල් එකට ඇතුල් කරලා පැය භාගයක් ගිහිනුත් ඉවර වෙද්දී ඔන්න ජිමින්ට දැන්නම් සිහිය ආවා. ඒත් එයා කලින්ට වඩා ටිකක් අමුතු වෙලයි හිටියේ. හරියට එයාගේ ඇස් අදහ ගන්න බෑ වගේ එයා එයාගෙම ඇද දිහා බලන් හිටියේ.

ජිමින් ඇස් අරිද්දී දැක්කේ එයා ඉස්සරහින් සුගා ඉදගෙන ඉන්නවා වගෙයි. එයා හරි ජරියට එයාගේ පාඩුවේ ෆෝන් එක ඔබනවා. ජිමින් එයාගේ ඇස් ආයිම ආයිම පිහි දදා බැලුවා. ඔව් සුගා එයාගේ ඉස්සරහම ඉන්නවා. හරියටම සුගා හිටියේ ජිමින්ගේ ඇද උඩ. ජිමින්ට දරා ගන්න බැරි වුනා සුගාව මේ විදිහට දකිද්දී. ඒත් එයා එයාගේ ඉස්සරහ තියෙන මේ රූපය ගැන විශ්වාස කලේ නෑ.. කලින් ගෙදර වුනු දේත් එක්ක මේකත් මිරිගුවක්නම්..

තවත් තප්පරයක් යන්න කලින් ජිමින් එක පාරටම ඇදෙ ඉද ගත්තේ ඇත්තටම මේ ඉන්නේ එයාගේ හෙයොන් කියලා දැනුන නිසා.

හරි හරියට ෆෝන් එක ඔබ ඔබ හිටපු සුගා ජිමින් ඇහෙරෙනවා දැක්ක විතරයි එයා එයාගේ ඔලුව උඩින් ෆෝන් එක වී සික්ක කරා. ඒක බිත්තියක වැදිලා කෑලි වෙලා එතනම බිම තිබ්බ කුනු එකට වැටුනා. ඒකනම් පිස්සු වැඩක්. ඒත් සුගා එක නියමෙටම කලා වැඩ්ඩෙක් වගේ.

" ජිමිනා..... මොනාද මේ කරන්නෙ... 🙄 කී සැරයක් කියන්නද මම ඔයාට වෙලාවට කන්න බොන්න කියලා... ආ...😒 "

" සු..ස්..සුගා හෙයොන්...😰"

ජිමින් හිමීට ඇදෙන් නැගිටින්න හදදී ඒක දැක්ක යොන්ජුන් ඉක්මන්ට එයා ඉදන් හිටපු තැනින් නැගිටලා දුවගෙන ආවා.

" ජිමින්... ඉන්න මම උදව් කරන්නම්.."

" යොන්ජුන්.. යොන්ජුන්... සුගා හෙයොන්... අනේ... මගේ සුගා හෙයොන්... "

" ජිමින්... අහන්න.... මට කියන්න ඔයා හොදින් නේද... දැන්..."

" යොන්ජුන්... ඇයි මට කිව්වේ නැත්තේ සුගා හෙයොන් ආවා කියලා... හෙයොන්... හෙයොන්... ඔයා කොහෙද මෙච්චරකල් ගියේ... අනේ මට සමා වෙන්න... මම කරපු හැම දේටම... ඇයි ඇයි හෙයොන් ඒ හැමදෙයක්ම ඔයා ඉවසගෙන හිටියේ.. ඒ දේවල්වලට.... හෙයොන් මට ඕනම දඩුවමක් දෙන්න😭. හෙයොන් ඔයා ගොඩාක් හොද කෙනෙක්... අනේ ඒක මන් දැනම් හිටියේ නෑ..... ඒත් දැන් මන් දන්නවා .. ඒත් මන් පරක්කූ වැඩී......."

යොන්ජුන් පුදුම වෙලා බලන් හිටියා ජිමින් එයාගේ ඉස්සරහා බලාගෙන තනියම කතා කරද්දි. ඔව්... ජිමින්ට ඉලූශන්ස් පේනවා. සුගාව ඒ විදිහට ඇත්ත වගේම ඉන්නවා මැවිලා පේනවා. ජිමින්ට මේ මොකක්ද වෙලා තියෙන්නේ. යොන්ජුන් ජිමින්ට ඇත්ත කියන්න උත්සාහා කලා. ඒත් ඒක කරන්න බෑ. ජිමින් පිලි ගන්නෑ එයා ඉස්සරහා සුගා නෑ කියලා. මොක
ද ජිමින්ට සුගාව හොදින් දැනුනා. මේක මවා පෑමක් උනත් ජිමින් ඒකට ආස කලා. මේ විදිහට හරි සුගා එයා ලගින්ම ඉන්නවා වගේ දැනෙන නිසා. සුගා දිගටම එයා දිහා බලන් හිනා වුනා. ඉතින් අහිංසක ජොමින් කැමති වෙයිද මේ සුගාව එයාගේ ඉස්සරහින් අතුරු දහන් වෙනවා දකින්න. කොහෙත්ම නෑ. ජිමින් එයාගේ හෙයොන්ව මේ විදිහට හරි ලන් කර ගත්තා.

" ජිමිනා... මේ අහන්න... යොන්ජුන්ට මන් ගැන කියන්නෙපා... අපි දැන් ඩීල් එකක් ගහමු...🤫 "

සුගා එහම කිව්වම පොඩි බබෙක් වගේ ජිමින් ඔලුව වැනුවා. මානසිකව වැටිලා ඉන්න ජිමින් ඒ සුගා වගේ පේන ඉලූශන් එක කියන දේවල් කරන්න පටන් ගත්තා.

ජිමින්ව බලන්න ආපු ඩොක්ටට යොන්ජුන් මේ විස්තරේ කිව්වම ඩොක්ට ටිකක් අමුතුවෙන් ජිමින්ගෙන් මේ ගැන ඇහුවා. මොකද ජිමින්ට ඒ දේ වෙනවනම් ජිමින්ට තව දුරටත් ගෙදර යන්න බෑ. ජිමින්ට මේ දේ දුර දිග යන්න කලින් ට්‍රීට්මන්ට් කරන්න වෙනවා.

" ජිමිනා... ඩොක්ට දැන් මෙහෙම අහයි..😈 ' එයා ඇදන් ඉන්න ඇදුම ලස්සන එකක්ද.😄.' "

සුගාගේ ඉලූශන් එක ජිමින්ගේබඇදෙන් බැහැලා ලස්සනට ඇවිදගෙන ඩොක්ට ලගට යන ගමන් එහෙම කිව්වා. ජිමින් හරි ලස්සනට හිනා වුනා. මාස ගානකට පස්සේ එයා හිනා වුනා. ඒත් ඉක්මන්ට ඒ හිනාව නැති කරන් සාමාන්‍ය විදිහට මූන හදා ගත්තේ ඩොක්ට එයා ලට ආපු නිසයි. දැන් ජිමින් ලොකු රගපෑමක් කරන්න පටන් ගත්තා.

" ජිමින්... ඔයාට දැන් කොහොමද..?"

"අම්.. මන් හිතන්නේ දැන්නම් මට හොදයි... නේද යොන්ජුන්... එහෙනම් අපි දැන් යමු නේද.. "

ජිමුන් හැදුවේ ඇදෙන් බැහැලා ඉක්මන්ට එතනින් යන්න. ඒ යන්න හදපු ජිමින්ව නවත්තපු ඩොක්ට

" එයා ඇදන් ඉන්න ඇදුම...🤔 ලස්සනද... ජිමින්? "


ඩොක්ට එහෙම ඇහුවා විතරයි ජිමින් කපටි හිනාවක් දැම්මා.. ඩොක්ට එහෙම ඇහුවේ ජිමින් සුගා මෙතන ඉන්න විදිහ ඩොක්ටට කියයි කියලා හිතාගෙන.

"ජිමිනා... 😏එයා ඔයාව අල්ල ගන්නයි ඔන්න හදන්නේ...😈 "

සුගා ඩොක්ටගේ මූන ඉස්සරහින් හිටගෙන ජිමින්ට විරිත්තන ගමන් කිව්වා. එතකොටම ජිමින්

" කොල පාටයි"

" ඕහ්.... ඒක ඇන්දම එයා හැන්ඩ්සම් නේද..?"

" මොන පිස්සුද...? යොන්ජුනා.. ආයි ඕක අදින්නෙපා... හරිම කැතයි.. චී චී... "

ඩොක්ට යොන්ජුන්ගේ ඇදුම දැක්කේ එතකොටයි. ජීන් මේ කියලා තියෙන්නේ යොන්ජුන් ගැන.

" ජිමින් මන් ඇහුවේ සුගා ගැන.. 🤨"

" යොන්ජුන්... අනේ... 😖 මගේ හෙයොන්... ගැන ඇයි මෙහෙම අහන්නේ... මන් එයාව දැක්ක දවසවත් මට දැන් හරියට මතක නෑ... අනේ මගේ ඔලුවත් දැන් රිදෙනවා... 😖 ආව්... "

" ඔහ්... ජිමින්... අම් රියලි සොරි... "

ඩොක්ට එයා හිතපු දේ වැරදී කියලා තේරුම් ගත්තා. එයා යොන්ජුන් දිහාට හැරිලා.

" ජිමින් හුගාක් හොදින් ඉන්නවනේ දැන්... බය වෙන්න දෙයක් නෑ.. එයාට බෙහෙත් ටික වෙලාවට දුන්නම් හරි... ඇත්තටම මට සමා වෙන්න... ජිමින් චුට්ටක් රෙස්ට් කරන්න ඔයාට තව ටිකකින් ගෙදර යන්න පුලුවන් "

ඩොක්ට එහෙම කිව්වම සුගා ඩොක්ටගේ පස්සට එකක් ගැහගෙන

" මගේ ජිමිනට ඔය බෙහෙත් ඔන්නෑ.. එයා බෙහෙත්වලට පොඩ්ඩක්වත් ආස නෑ කියලා දන්නේ නැද්ද... ☝️ ජිමිනා... මන් දැන්නේ දැක්කේ.. කෝ මාස්ක් එක...😳"

" අම්.. අම්... හෙයුන්... ඒක මම ආයි දාන්නෑ... හෙයොන් මට ලස්සනයි කිව්වනේ... මම ඒත් එලියට යන්නෙර් නෑ ඒක නොදා.. මේ උඔන්ජුන් තමයි මාව මෙහෙම.."


" මොකක් හරි කිව්වද...? "

යොන්ජුන් එක්ක කතා කරකර හිටපු ඩොක්ට ආයෙම හැරිලා ජිමින්ගෙන් ඇහුවා. ජිමින් ඉක්මන්ට උඩ බිම බලන ගමන්

" අම්මූ පුදුම රස්නයක්නී තියෙන්නේ... හම්මූ....."

ජිමින් ශර්ට් එක ටිකක් අතින් ඉස්සරහට කර කර බික්ශීට් එකක් අරන් එයාට පවන් ගහන ගමන් අරම කියලා ඩොක්ටට පේන්නැති වෙන්න කපටි හිනාවක් දැම්මා.

" තව පොඩ්ඩෙන් අපි දෙන්නා මාට්ටු වෙනවා... 😐"


_________________________________________

Hola ❤️

ඔන්න කට්ටිය කතාව ඉවර වෙන්නයි යන්නේ 😉

කට්ටිය දැන් හැපි එන්ඩින්ග්ද සෑඩ් එන්ඩින්ග්ද අහනවා 🥲 කලින් මන් කොහෙදි හරි කිව්වා වගේ මතකයි සෑඩ් කියලා 😯

අම්...... සෑඩ් දෙන්නද හැපි දෙන්නද.... ☝️අපි බලමු අවසානෙට මොකෝ වෙන්නේ කියලා😋

මේ කතාවේ මේ වෙනකල් ඔයාලා ආසම කරපු චැප්ටර් එක මොකක්ද කියලා කියාගෙන යන්න ☝️

එහෙනම් ඉක්මන්ට හම්බෙමු... ❤️

Enjoy 🥺❤️
Ishki...

Bạn đang đọc truyện trên: AzTruyen.Top