27. අමුත්තෙක් ☔︎

* No one pov *

සුගාගේ ලගින් හෙල්ලෙන්නෙවත් නැතිව සුගාව බලා ගන්න ජිමින්ට දැන් ඕන උනා. වෙන කිසිම දේකට හිත යොමු නොකල ජිමින් සුගා පස්සෙන්ම වැටුනා. ජැක්සන්ට වගේම යොන්ජුන්ටත් ඕනේ වුනා සුගාව දැන් හොද තත්වෙකට ගන්න.

සුගාගේ ට්‍රීට්මන්ට වලින් පස්සේ සුගාට ගෙදර යන්න පුලුවන් වුනා. සුගාගේ තත්වේ හොදටම හොදයි කියන්න බැරි වුනත් මේ වෙද්දී යුන්ගී කාල දෙකක ජීවත් වුන කෙනෙක් වගේ හැසිරුනා. ඇත්ත තත්වය කියනවනම් සුගා ඩිමොන්ශියා රෝගියෙක් ද කියන එක ඩොක්ටවත් තාම පැහැදිලි කරගෙන නැ. කලින් කල රගපෑම සැබෑවක් වීමක්ද සිද්ද වුනේ කියන දේ හිතා ගන්න බැරුව සුගාගේ ෆැමිලි ඩොක්ට සුගාගේ අප්පට මේ ගැන කියන්න හුගාක් ට්‍රයි කලා. ඒත් යුන්සන් මේ වෙද්දී ඉන්න ප්‍රශ්න එක්ක එයාට තමන්ගේ පුතාගේ ලෙඩේ ගැනත් කියන්න ගියොත් වලට වැටුනු මිනිහා ආයෙත් වලටම වැටෙනවා හා සමානයි නේද කියලා හිතලා ඔහු තවත් සුගාට ට්‍රීට්මන්ට් කලා. කාලය ගෙවෙද්දී ඩොක්ටට තමන්ගේ ට්‍රීට්මන්ට් වලින් වැඩක් නැතිවග තේරුම් ගියා. දැන් සුගාට තියෙන එකම ජීවත් වීමේ හේතිව නම් ජිමින්ම විතරයි. සුගාගේ ලෝකය ජිමින් වටා ගොඩ නැගුනු එකක්. කොහෙන් කෝම ඉවර වුනත් සුගාට මතක ජිමින්ගේ මතකයන්ම විතරයි. ජිමින් නොපෙනෙන ලෝකෙක සුගාට තවත් ජීවත් වීමට හේතු නැත. මේ හේතුව තේරුම් ගන්න ඩොක්ටට වැඩි කාලයක් ගියේ නෑ.

ජිමින්ටත් ජැක්සන්ටත් යොන්ජුන්ටත් ඩොක්ට පැහැදිලි කලේ සුගාගේ ලෝකේ සුගාව ආරක්ශා කරන්න පුලුවන් කෙනා ජිමින් ඔයාම විතරයි. සුගාගෙන් ජිමින්ව ඈත් කරන්න කරන්න සුගා එයාගේ ජීවිතේ දාලා යන්න තියෙන භයානකකම වැඩී. මේ හැමදේකින්ම පස්සේ ජැක්සන් හැමෝගෙන්ම වෙන්ව ගියා. ඔහු කිව්වේ නිවාඩුවක් ගත කරන්න යනවා කියලා. යොන්ජුන් තමන්ගේ සහෝදරයව හොදින් දැනම් හිටියා. ඒත් කිසි දෙයක් කිව්වේ නෑ. තවත් දේවල් සිදු වෙන්න කලින් ජැක්සන් ගත්ත තීරනයට යොන්ජුන් ගරු කලා.

ඉතින් ඒ කාලය ජිමිනුත් සුගාත් ගෙවුවේ හුගාක් ගොඩාක් සතුටින්. දෙන්නට දෙන්නා නැතුවම බැරි කාලයක් වුනා. සුගා හැමතිස්සෙම "ජිමිනී" කියා ගත්ත ගමන්මයි. දැන් යුනිවසිටි එකේ වැඩ ජිමින්ට කරන්න වුනෙත් ගෙදර ඉදන්මයි. යොන්ජුන්ගේ උදව්වෙන් ජිමින්ට යුනිවසිටි එකේ වැඩ අතපසු නොකර කර ගන්න පුලුවන් වුනා. ඔහොම ගිහින් ෆයිනල් එක්සෑම් එකේදී ජිමින් රෑ එලි වෙනකල්ම මහන්සි වෙලා පාඩම් කරන්න ගත්තා.

සුගා වීල් චෙයා එකෙන් ජිමින්ගේ කාමරේ දොර ලගින් එහාට යනවයි මෙහාට යනවයි. සුගාට එක තත්පරයත් මහ කාලයක් වගේ දැනුනා. ජිමින් ලග නැතුව දැන් සුගාට හරි පාලුයි. තමන්ගෙම ගෙදර හිටියත් ඒ පාලුව එයාට දැනුනා. මොනා කරන්නද ඉතින් ජිමින් එක්සෑම් එක කරන්නත් එපැයි. ජිමින් එයාගේ ඔම්මට ප්‍රොමිස් වුනා හොදටම පාස් වෙන්න මේ යුනිවසිටි එකට ඇතුල් වුන දවසෙම.

සුගා දොර ලගින් එහාට යන ගමන් ජිමින් දිහා බලාගෙන හිටියා. ලෑම්ප් එකේ එලියෙන් ජිමින්ගේ මූන ගොඩාක් ලස්සනට දිලිසිලා පෙවුනා. ජනෙල් වීදුරුවෙන් පේන ජිමින්ගේ ප්‍රතිබිම්බය උඩට හදේ ජ්‍යාවත් ලාවට පෙනෙද්දී ඒ ලස්සන කියා ගන්න බැරි තරම් එකක් වුනා. සුගාට ඔනේ වුනේ ජිමින් එක්ක ඉන්න විතරයි.

මේ වෙද්දී පරන දේවල් අමතක වෙමින් පවතින කාලයක් සුගාගේ මතකෙට තිබුනා. ඒත් ජිමින් එක්ක තියෙන රිලේශන්ශිප් එක හදවතටම ලන් වුන එකක් කියන එක සුගාට මතක තිබුනා වගේම ඒක කිසි වෙනසම් නැතුවම දැනුනා. ඉතින් හය වෙනි පාර ජිමින්ගේ කාමරෙන් එහාට නොගිය සුගා කෙලින්ම ජිමින් ලගට ගිහින් සද්ද නැතුව ජිමින් වැඩ කරන දිහා ආසාවෙන් බලන් හිටියා. කාමරේ කලුවර නිසා සුගාව හරිහැටි පේන්නෑ. කෝමත් ජිමින් ඉන්නේ අනික් පැත්තට හැරිලා නිසා ජිමින්ට ඔලුව හරවලා තමයි සුගාව බලන්න වෙන්නේ. සුගා මේ වෙද්දී නිදා ගෙන ඉන්නවා කියලයි ජිමින් මේ ඔආඩම් වැඩ කරන්නෙ. ඒත් ජිමින් දන්නෑ සුගා තවමත් ඇහැරිලා එයා වටේ හොල්මන් කරනවා කියලා. ටිකක් ඈතින් බලන් හිටපු සුගා වීල් චෙයා එක හිමීට තව ටිකක් ඉස්සරහට ගත්තා. ජිමින් ලගටම වගේ ගියපු සුගා ජිමින්ගේ කොන්ඩේ අතරින් ජිමින්ගේ නිදිබර ඇස් පිහාටු එකට වැදෙන දිහා බලන් හිටියා. සුගාට තවත් ජිමින්ට ලං වෙන්න ඕනේ වුනා.

දැන් සුගා ඉන්නේ හරියටම ජිමින්ගේ පිටිපස්සෙන් ඔලුවත් ඔබාගෙන ජිමින්ගේ හයිලයිට් කරපු පොතේ පිටු අතරට. සුගාට තේරුනා ජිමින් ලොකු අවුලක ඉන්නේ මේ පාඩමත් එක්ක කියලා. ඔව් ඇත්තටම ජීමින් හරි නරකයි මේ පාඩමට. පාඩම ලොජික් සම්බන්ද එකක්. ජිමින්ට ලොජික් පොලිටිකල් කියන්නේ වමනේ යන විශයන් දෙකක්. ඉතින් සුගාට ටිකක් මතකයි මේ පාඩම නිසා ජිමින් එයාගේ ලෙච්ච එහෙක හිට ගෙනත් හිටියා. සුගාට ඒ කාලේ කෝමත් ජිමින් එක්ක ඇරියස් එකක් තිබ්බනේ. සුගා කට කොනට හිනා වුනේ ඒ දවසේ මතකයන් නිසයි. ආයෙමත් ඒ කාලෙට යන්න තිබුනනම් සුගා ජිමින්ව මීට කලින්ම ලන් කරගෙන. හැමදේටම කාලය හරස් වෙද්දී සුගාට උනත් බය හිතුනා මේ හැම දේම තාවකාලික වෙයිද කියලා. ඒත් එහෙම හිතුනේ ඇයි...? සුගා නොදැනිම කල්පනා කලා.

ඔහොම සුගා කල්පනා කර කර ජිමින් ලගටම තව මූන ලන කරද්දී ජිමින්ගේ බෙල්ලත් උරහිසත් ලගින් කිතිකැවෙන සුසුමක් වැදීගෙන ගියා. සුගා එයා ලග ඉන්නවා කියලා ජිමින්ට තේරිලයි තිබුනේ. ඒත් කිසි දෙයක් නොකියා ජිමින් බලන් හිටියා සුගා මොනාද කරන්නේ කියලා. ජිමින්ගේ අතේ හිරිකටු පවා පිපෙන හැටි ජිමින්ම දැක්කා. යාන්තමට ඇස් කොනින් පිටිපස්ස බැලුව ජිමින් සුගාගේ කොන්ඩේ ලාවට දැක්කා. ජිමින්ගේ පපුව ගැහෙන තරම්... පිපිරෙන්න ඔන්න මෙන්න තියෙන බෝම්බයක් වගෙයි. ඇගිලි අතරේ තිබුනු හයිලයිට් එක ඇගිලි අතරින් රූටලා පොත උඩට වැටුනා. සුගා එහෙමම තව ටිකක් ලං වෙලා ජිමින්ගේ උරහිසෙන් ඔලුව තියා ගත්තා. සුගා ලන් වුනත් ඇති ඒ සීතල ගතිය මුලු ඇගේම සිතුවිලි පිස්සු නටන්න ගන්න.






" ම්...... හරි සනීපයි.."

සුගා මිමිනුවා.





ජිමින්ගේ කිති කැවෙන සිතුවිලි තොල් තද කරගෙන අහක බලා ගත්තා. සුගා ජිමින්ගේ උරහිසෙන් ඔලුවත් තියාන එයාගේ මූන හරෝගෙන හිටියේ ජිමින්ගේ බෙල්ල දිහාවට. වැටෙන හැම හුස්මක්ම ජිමින්ගේ බෙල්ලත් උරහිසත් හිරිවට්ටන්න සමත් වුනා. සුගාගේ කටහඩ හුගාක් බර වගේම මත් ගතියක් තිබුනා. ජිමින්ට පිස්සු වැටෙන තරමට ඒ කරහඩ ජිමින්ව නොසන්සුන් කලා. සුගා හිටියේ එයාගෙම ලෝකෙක ජිමින් එක්ක අත් අල්ලගෙන. සුගා හීන දැක්කා ජිමින් විතරක් ඉන්න ලෝකෙකට. ජිමින්ව එයාගේ පපුවට තුරුලු කරන් අහස දිහා බලාගෙන ජීවිතේ විදින්න සුගා තවත් හීන දැක්කා. මේ දැනෙන හැගීම් මොනාදෝ මට කියන්නේ... ඒක හර්‍රි ලස්සන හැගීමක්... ඒ හැමදේම හිත අස්සේ ගුලි කරගෙන සුගා ඇස් අරිද්දී එයා දැක්කේ ජිමින්ගේ බෙල්ල ගාවට ටිකක් වැවිලා තියෙන කොන්ඩෙත් දිගු බෙල්ලත් පලල් උරහිසෙත් කොටසක්. ඒ වගේ මොහොතකදී කෙනෙක්ට පිස්සු වැටෙන්න යන්නේ තප්පරයක කාලයක් විතරයි. සුගා ඇස් පිය නොගහා ඒ දිහාම බලන් හිටියා. මේ හැගීම මීට එහා ගිය එකක්.. සුගා තවත් තේරුම් ගන්න උත්සාහා කලා. හිත කියන දේ කරන්නද එපාද ඒක හරිද වැරදිද.... සුගා තමන්ගෙන්ම ප්‍රශ්න කලා.

සුගා තවත් සුසුමක් හෙලන ගමන් අහකට මූන හරවන් ඉන්න ජිමින්ගෙන්

" ඇයි ජිමින් මට හිතෙන්නේ... මම ඔයාට ලොකු වැරැද්දක් කරලා තියෙනවා කියලා.... මට හිතෙනවා මගේ හුරතල් කොල්ලා මාව දාලා යන්නම යයි කියලා... "

" අ..අනේ..... හෙයොන්... හෙයොන් මට කිසිම වරදක් කරලා නෑ. ප්ලීස් එහෙම කියන්නෙ.."

සුගා එයාගේ මූන ජිමින්ගේ උරහිසේ ටිකක් එහාට මෙහාට ඇතිල්ලුවා. ජිමින්ගේ වේගෙන් ගැහෙන හදවත මන් දැන් මොකද කරන්නේ දැන් මොනා වෙයිද කියන දේත් එක්ක හිතාගන්න බැරුව ලත වුනා. සුගාගේ හිත දැන් මොනවා හිතනවා ඇද්ද... එයාට මොනාම හරි මතක් වෙලාද... මට අමතක කරන්න බැරි ඒ සිදුවීම් එයාට මතක් වුනාම මන් ආයෙමත් හෙයොන්ව අත ඇරලා යන්න ඕනෙද.. එයා තනි වෙයිද... ජිමින් තවත් කල්පනා කලා.





















" ජිමින්..... "

















" ම්.... කියන්න හෙ...හෙයොන්...."









ජිමින් හිමීට මූන ඉස්සරහට හරවද්දී එයාගේ ඉස්සරහින් තියෙන ජනෙල් වීදුරුවෙන් එයාගෙත් සුගාගෙත් ජ්‍යාව හොදින් ජිමින්ට පෙවුනා. යටි තොල එක්ක සෙල්ලන් කරන ජිමින් සුගාගේ කොන්ඩේ අතරින් පේන ඇස් දිහාත් සීතල රෑක යහනක නිදන කඩවසම් කුමාරෙක් වගේ පේන සුගාගේ රතු තොල් දිහා ආදරෙන් බලන් හිටියා. සුගා ඔලුව උස්සලා ජිමින්ගේ බෙල්ල ලගටම මූන ගෙනිහින් ආයිමත් උරහිසෙන් ඔලුව තියා ගත්තා. ජිමින්ගේ උනුහුම සුගා වින්දේ පුදුම ආශාවෙන්. සුගාගේ ඉරියව් වෙනස්වෙන හැම තප්පරයක්ම ජිමින් ගෙව්වේ කුතු හලෙන් වගේම දෙගිඩියාවෙන්.

දැන් සුගාගේ සීතල තොල් ජීමින්ගේ දිගු බෙල්ලේ ගෑවෙන තරමටම ලන් වෙලා

ඒ හැගීම් කියා ගන්න බැරි තරමට ආදරනීයයි. උනුහුම හොයන සුගාට ආදරෙත් එක්කම ලැබෙන මේ ලෙන්ගතුකමට සුගා හුගාක් ලෝභ කලා, ආශා කලා. ජිමින්ටත් එ විදිහටම දැනෙද්දී ජිමින් එයාගේ අතේ දෙඇගිලි එකිනෙක් යාකරමින් ලැජ්ජාවෙන් ඇබරුනා. එයාගෙම කම්බුල් රතු වෙන හැටි එයා කන්නාඩියෙන් බලන් හිටියා. වේලුනු තොල් දිවෙන් තෙත් කර ගත්ත ජිමින් තදින් ඇස් පියා ගත්තේ සුගා මොනාදෝ දෙයක් ස්සිතල තොල් අතරින් මුමුනන්න ගත්ත නිසයි. සුගාගේ සීතල තොල් ජිමින්ගේ බෙල්ල කිති කැව්වා. ජිමින් ඇස් පියාගෙන එයාගේ හැගීම් තද කරගෙන බයෙන් විද ගත්තා





" මන් ජිමින්ට...... ගො....ඩ..."






































ජිමින් එයාගේ පපුව හයියෙන් අල්ලගෙන එක දිගට හුස්ම ගත්තා. සුගා ඒ දේ කියනකම් ජිමින් තොල් තදින් හපා ගත්තා. ඒත් තප්පර දෙක තුන ගත වෙද්දී ජිමින්ට තේරුනා සුගාට නින්ද ගිහින් කියලා. සුගාට දෙන බෙහෙත් නිසා සුගාට නොදැනිම නින්ද යනවා. ඉතින් මේ වෙලාවෙත් එයාට නින්ද ගියා ඒ බෙහෙත්වල මත් ගතිය නිසා.

ජිමින්ගේ හිත බලාපොරොත්තු වුන ඒ දේ මොකක්ද වෙන්න ඇද්ද... එයාගේ හිත සතුටෙන් පිරුනා.. ඒත් ඒ ඇයි... සුගාට කියා ගන්න ඔනෙ වුන දේ මොකක්ද.. ඒත් සුගාට නින්ද ගියානේ...
































Jackson dad office

" අප්පා... මන් මේක කීපාරක් කියලා කරන්නද...? "

" මන් මැරෙන්න කලින් හරි ඕක කරලා මගේ අතට ගෙනත් දෙනවා.. "

" ඒකට තව ගොඩක් කල් තියෙනවනෙ... මේකට ඉක්මන් විසදුමක් නැද්ද...?"

" උබට මාව විහිලුවක් වගේ පේනවද.."

" අපෝ.... නෑ... ඒත් සමහර වෙලාවට "

" සර් පාර්ක් ජෝ සර් එලියේ බලන් ඉන්නවා..."

හැමදේම විහිලුවකට ගන්න ජැක්සනුයි එයාගේ ඉකම්න්ට තරහා ගන්න අප්පයි අලුත් ඩීල් එකේ ඩොකිව්මන්ට් වගයක් හරි ගස්සන එකක් ගැනයි මේ වාද කලේ. ජැක්සන්ට මේවා ගැන හොද බුද්දියක් තිබ්බත් ජැක්සන්ට දැන්ම මේවා කරන් යන්න උවමනාවක් තිබ්බේ නෑ. ඇත්තටම ජැක්සන් බිස්නස් ෆීල්ඩ් එකට කොහෙත්ම කැමති නෑ. ඒත් ජැක්සන්ගේ අප්පටනම් ඕනේ ඉක්මන්ට මේවා ජැක්සන්ට භාර දීලා නිදහස් වෙන්න. ඒත් කොහෙද ජැක්සන් ඔෆිස් එකට ආපු වෙලේ ඉදන් ඔෆිස් එකම කනපිට හරවනවා.

ඉතින් තාත්තගේ පුතාගේ වාදේ අස්සේ අමුත්තෙක් ඇවිල්ල හිටියා එයාලව මුන ගැහෙන්න. මේ කෙනා ජැක්සන්ගේ අප්පගේ හොද මිත්‍රයෙක්. ඒත් හුග කාලෙකින් දෙන්නා හම්බුනේනම් නෑ. ජැක්සන්ගේ අප්ප මෙයාව ගෙන්නනේ තමන්ගේ පුතා නිසයි. ඒ හේතුව ටිකක් ජැක්සන්ගේ නිදහසට බැම්මක් ගහනවා වගේ එකක්.

කියන විදිහට ඩුබායි ඕස්ට්‍රේලියා ඇමරිකා රටවල් කීපෙකම කෝටිගානක බිස්නස්වල කොටස් මේ කෙනාට හිමි. කොරියාවේ සාර්තකම ව්‍යාපාරිකයෙක් තමයි මේ පාර්ක් ජෝ කියන්නේ. ඉතින් ජැක්සන්ගේ අප්පා ගොඩක් සතුටින් තමයි එයාගේ පරන මිතයා වන පාර්ක් ජෝව පිලි ගත්තේ. ඒ දෙන්න දෙන්නට හම්බෙන මේ වෙලාවේ තමයි ඔන්න තවත් ලස්සන සිද්දියක් වෙන්නේ. පාර්ක් ජෝ ඇවිත් හිටියේ තනියමනම් නෙවෙයි තවත් කෙනෙක් එක්ක.

" අහ් හා...... බලන්නකෝ මෙයාගේ ලොකූ.... මන් මෙයාව දකිද්දී මෙන්න මෙච්චරයි.... දැන් බලන්නකෝ..... ශා තාත්තා වගේම කඩවසම් වෙලා තාත්තා වගේම දක්ශ විදිහට බිස්නස් ටික හැඩල් කරනවා හරිම ආඩම්බරයි මට... "

ජැක්සන්ගේ අප්පා පාර්ක් ජෝට අතට අත දීලා පරන මිතරයව හමුවුන ගමන් ඔහුට පිටුපසින් ආව තරුනයගේ කරට අත දාගෙන ආඩම්බරෙන් ඒ තරුනයව උඩින් තියන ගමන් කතා කරන්න පටන් ගත්තා. ඔහුනම් සැබෑම කඩවසම් තරුනයෙක් තමයි. ජැක්සන්නම් ඒ කෙනා දිහා බලන්න ගියේ නෑ. ජැක්සන් අප්පා කියන කතා අහගෙන මූන ඇද කරකර හිටියා. මොකද අප්පා ඕවයින් බලාපොරොත්තු වෙන්නේ එයාටත් මෙහෙම කියා ගන්නනම් එයත් අප්පගේ වැඩ වලට සහයෝගය දෙන්නෝනේ කියලා. ඉතින් ජැක්සන් අප්පගේ කතාව ඇහෙන්නෑ වගේ පැත්තකින් ඉදගෙන ෆෝන් එක ඔබන්න ගත්තා.

" ඉතින් මිත්‍රයා හදිස්සියෙම යන්න බලාගෙන ආවට මා එක්ක තරහද දන්නෑ... "

පාර්ක් ජෝ හයියෙන් හිනා වෙන ගමන් එයාට වෙන් කරපු පුටුවෙන් ඉද ගත්තා.

" ඒකනම් ඉතින් තරහා ගන්න ඕන කාරනයක් තමයි. අපේ නෝනට ඔනෙ උනා පුතා එක්කම ඩිනර් අවුට් එකට යන්න කොහෙද ඉතින් පාර්ක් ආයි ඉක්මන්ට යනවලුනේ ඇමරිකාවට... "

පාරක් ජෝ ත් ජැක්සන්ගේ අප්පත් ඔන්න ඉතින් කතාවට වැටුනා. එයාලගේ බිස්නස් ගැන කතා කලා. මේ අතරේ ජැක්සන් වාඩි වෙලා හිටිය ශීට් එක ලගින්ම තිබුනු ශීට් එකෙන් කෙනෙක් ඉද ගත්තා කියලා ජැක්සන්ට තේරුනා. ජැක්සන් ඇස් කොනෙන් බැලුවා නිකන් තබ සතේකට ගනම් ගන්නෑ වගේ බැල්මකින්. ජැක්සන් ඒ කෙනාගේ මූනනම් බලන්න ගියේ නෑ ඇදන් ඉන්න ඇදුම දිහා විතරක් බැලුවා. ඒ අර පාර්ක් ජෝ ගේ පුතා කියලා ජැක්සන් දන්නවා. හෙනම කම්මැලී වගේ ඈනුමකුත් සද්දෙට ඇරලා ජැක්සන් ආයි අහක බලා ගත්තා. මේ ජැක්සන්ගේ ඔන්නැති හැසිරීටනම් ජැක්සන්ගේ අප්පට හොදටම කේන්ති ගියා. ඒ සද්දෙ නිසා පාර්ක් ජෝ ජැක්සන්ට අවදානේ දෙන්න යද්දිම ජැක්සන්ගේ අප්පා උගුර පාදලා කතාව පාර්ක් ජෝගේ පුතා දිහාට ගෙනිච්චා.

ජැක්සන්ට එයාගේ අප්පලා කතා වෙන කිසි දෙයක් ඇහුනෙත් නෑ පොඩ්ඩ හරි ඇහුන කිසි දෙයක් තේරුනෙත් නෑ. මොකද ජැක්සන් හිටියේ ජනෙල් වලින් එලියේ පියාබන කුරුල්ලෝ ගනන් කර කර. ඔන්න ඒත් එක්කම ජැක්සන්ගේ අප්පා ජැක්සන්ගේ නම සද්දෙන් තුම්පාරක්ම කිව්වා.

ජැක්සන් ගැස්සිලා ඒ දිහා බලුවා. ජැක්සන් දැක්කේ අප්පගේ මූන නිසක් ඉදිමිලා පුපුඅරන්න ඔන්න මෙන්න වගේ. ජැක්සන් දන්නවා දැන් එයා එක්ක අප්පා ඉන්නේ මාර තරහින් කියලා. දැන් එයාලා කතා වුනේ මොනාද කියලවත් ජැක්සන් දන්නෑ. ජැක්සන්ගේ අප්පත් ඒක දන්නවා. ඒත් ඒක පාර්ක් ජෝටවතෙයගේ පුතාටවත් අගවලා ජැක්සන්ට තියෙන කාඩ් එකත් කුඩු කරන්න බෑනේ. ඉතින් ජැක්සන් එයාලා කතා වුනු දේ අහන් හිටියා වගේ රග පෑවා.

" අහ්ම්.... සමා වෙන්න ජෝ... ජැක්සන් ටිකක් ලැජ්ජාශීලී ලමයෙක්.. එයා කතා කරනවා හොරයි. "

" මම එ.."

" අයිශ්... 😡 "

ජැක්සන්ගේ අප්පා ජැක්සන් ලැජ්ජාශීලි කියද්දී ජැක්සන් ඒ කතාව වෙනස් කරන්න හැදුවා පිස්සුද මන් එහෙම නෑ මට හොදට කියවන්න පුලුවන් කියන්න වගේ. ඒත ඒත් අප්පගේ ගිනි ගන්න ඇස් වලට බය වුන ජැක්සන් එහෙමම එයා කියන්න ගියපු වචන ගිල ගත්තා මොනා වුනත් අප්පගෙන් ගුටි කාලා මැරෙන්න ඔනේ නෑනේ කියලා හිතලා.

කෝම හරි මෙතන දෙයක් කතා වෙලා තියෙනවා දැන් ඒකට ජැක්සනුත් හොදයි වගේ උත්තරයක් දෙන්නයි අප්පට ඔනේ. ඉතින් අප්පා කට ඉරකරගෙන ජැක්සන්ගෙන් බලෙන්

" එහෙම කරන එක ඔයාගේ වැඩවලට ලොකු පහසුවක් වෙයි නේ.....🙂ද.... ජැක්.... සො🤬.......න්?

" අහ්...මේහ්... ඔ...ඔහ්...ආහ් ඒකද.... ඔව්... මිස්ට... ජ්..ජෝ.... මන් ඒකට බොහොම කැමති... ඇත්තටම ඒක මන් හිතුවා වගේම... හොද..."

" හරි එහෙනම් මිස්ට ජෝ අපි යමු කෝපි එකක් බීලා එහෙම කතා කරමු. "

ජැක්සන්ගේ අප්පා ඉකමන්ට ජෝ මහත්තයව එක්කන් එතනින් යන්න ගියා. දැන් ඔෆිස් රූම් එකේ ඉතුරු වුනේ ජැක්සනුත් අර ජෝ මහත්තයගේ පුතත් තමයි.

ඔහ් මේක හරිම විනෝදයක් වෙයි.. ජෝ මහත්තයගේ පුතා කට කොනට හිනා වුනේ නිකන් එහෙම හිතාගෙන වගෙයි.

ජැක්සන් අප්පලා රූම් එකෙන් එලියට යනවත් එක්කම ලොකු හුස්මක් අරගෙන පිට කලා නිකන් බෝම්බෙකට අහුවෙලා මැරෙන්න ඔන්න මෙන්න ඉදලා බේරුනා වගේ.

" හ්ම්... එහෙනම් ඔයා මගේ සෙකට්‍රී අද ඉදන්.. "

ඒ තරුනයා නෝන්ඩියට වගේ කියාගෙන එක පාරටම නැගිට්ටේ යන්න වගෙයි. ඒ කියපු දේට තපරේකට තුශ්නිම්භූත වුන ජැක්සන් පුටුවෙන් නිකන් නැගිට්ටා ඇන හිට්ටා වගේ.

" සෙකට්‍රී 😵‍💫 බ්‍රෝ... ආ යූ කිඩින්ග් මී හා..🤣"

කට කොනට හිනා වුන තරුනයා ජැක්සන් දිහාවට හැරුනා. මෙන්න මේ වෙලාවෙයි ජැක්සන් හරියට ඒ තරුනයගේ මූන දැක්කේ.

ටිකක් වෙලා ඒ මූන දිහා ජැක්සන් අමුතුවට බලන් හිටියත් ඒක ක්ශනයෙන් කඩාගෙන ඒ තරුනයා ජැක්සන් ඉස්සරහට කඩාගෙන ආවා.

" හරි ඔයා කිව්වා වගේ ඒක හොද තීරනයක්නේ... ඔයා කියන්න ගියේ ඒකනේ..😅 හරි මා එක්ක වැඩ කරනවනම් අංක එකටම....... ☝️වෙලාවට වැඩ කරන්න ඕනේ... මන් හිතනවා ඔයාට මන් කියන දේ තේරෙයි කියලා.. එහෙනම් හෙට උදේ ස්ටාෆ් මීටින්ග් එකේදී හරියටම වෙලාවට හමුවෙමු... 😏"

ඒ තරුනයා ජැක්සන්ට කනට ගැහුවා වගේ කියලා අනික් පැත්ත හැරිලා යන්න ගියා. ඒත් දොර ඇරලා එලියට යන්න කලින්ම ජැක්සන් ඒ කෙනා පස්සෙන් ගිහින් තරුනයගේ දිගු අතින් ඇදලා අරන් එයාව ටේබල් එක පැත්තට තල්ලු කලා. ටේබල් එක දිහාට තල්ලු වෙලා ගිය තරුනයා ජැක්සන් දිහා බය වෙල වගේ බැලුවා මොකක්ද මේ වෙන්නේ වගේ.

ජැක්සන් නිකන් හරි අමුතු විදිහට ඒ තරුනයා දිහාට ඇවිදන් යද්දී ඒ තරුනය තව ටිකක් බය වුනා. ජැක්සන් ඉස්සරහට තියන අඩියක් අඩියක් ගානේ ඒ තරුනයා පිටිපස්සෙන් පිටිපස්සට අඩිය තිබ්බා. ඔහොම ගිහින් ගිහින් අන්තිමට මේසෙ උඩින් ඒ තරුනයව ඉන්ද උනා. ජැක්සන් ඒ ක්ශනික ඇවිත් තරුනයගේ කොලර් එකෙන් අල්ලලා මූනට මූන ලන් කරා නිකන් කිස් කරන්න වගේ 😀

"මේ 😳මෝ...මොකද මේ....😰 ත...තමු...න්. සයි..කෝ කාරයෙ..ක්ද.... 😤ආ.... 😟"

තරුනයා කලබලෙන් කියද්දී එකපාරටම ජැක්සන් මූන වෙනස් කර ගත්තා. එවිල් ඇස් වලින් ජැක්සන් ඒ තරුනයට අනතුරු ඇගෙව්වා ඔය භාශාවනම් මට ගැලපෙන්නෑ වගේ...

" මන් කාගෙවත් සෙක්..ට්... ට්‍රී..... වෙන්නේ නෑ... ඕකේ.... මට ආයිත් කියන්න තියන්න එපා.. "

එහෙම කිව්ව ජැක්සන් හොදටම බය වෙල ඉන්න ඒ තරුනය නිසා එක මොහොතකට තරහව අමතක කරලා ඒ තෙත් වුනු තොල් දිහා බැලුවා. ඒවා නොබලම බැරි තැනට ජැක්සන් පත් වුනා. ඒ තරුනයාගේ තොල් බයට වගේ වෙව්ලනවා. ජැක්සනේ එකපාරටම හිත වෙනස් කරගෙන වගේ පිටිපස්සට ගියා.

" ඔයාට දැන් යන්න පුලුවන්. මගේ හිත වෙනස් වෙන්න කලින් මෙතනින් යන්න... "

" යා...... 😬👹️ පිස්සුද.... මොනා කරනව කියලද හිතාන ඉන්නේ....🤧👹️ මගේ ඇදුමත් අවුල් උනා...👹️ "

ඒ තරුනයා කියවද්දී ජැක්සන් එකපාරටම එයාගේ කෝට් එක ගලවලා එපා පැත්තට විසික් කරන ගමන් සරාගී බැල්මක් ඒ තරුනයා දිහාවට දාන ගමන් බොත්තම් ගලවන්න පටන් ගත්තා. තරුනයා ඒක දැකලා ඇස් දෙකත් ලොකු කරගෙන තවත් මොකුත් නොකියා එතනින් ඉකමනට එලියට ගියා. මේක තමයි ජැක්සන්ගේ විදිහ. මොනා වුනත් ඒ කොල්ලා බය වුනා.

ජැක්සන් ඇස් දෙකත් කරකවලා කෝට් එක ආයිම අතට ගන්න සැරසෙද්දිම ආයිමත් දොර ඇරුන සද්දෙට ජැක්සන් තරහෙන් පිටිපස්ස බැලුවේ ඒ පාර කවුද වගෙයි.

ටිකක් දොර ඇරලා ඔලුව දාන් ඉන්න අර තරුනයව දැකලා ජැක්සන්ට ඖදුමයි වගේම තරහයි
'මෙයාටනම් මෙහෙම කියලා මදි වගේ'
ජැක්සන් ඇස් පොඩි කරගෙන හිතුවා. දොර ටිකක් ඇරලා කිසි දෙයක් නොවුන ගානට ඇතුලට අඩියක් තිබ්බ තරුනයා

" මිස්ට වෑන්ග්ට මාව අදුන්නලා දෙන්නත් අමතක උනානේ... මම ජින්යොන්ග්... ආ තව දෙයක්... මන් මේ වෙච්ච දේ ගැන ඔයාගේ හාදරනීය ඩැඩ්ට දැනුවත් නොකර ඉන්න උත්සාහා කරන්නම්... 😈 බායි...👋"

ඒකනම් එහෙම්පිටින්ම බ්ලැක්මේල් කිරීමක්....











_______________________________________

Hola 🥺

කෝමද ඉතින් ඔන්න කතාව ගෙනාවා. ලොකු වෙනසක් කලා. ජැක්සන් මන් ආස චරිතයක් මේ කතාවේ. ඉතින් සයිඩ් කැරැක්ට එකක් අලුතෙන් එකතු කලා.

ඉතින් කියන්න බලන්න මොකෝ හිතෙන්නේ කියලා දැන් වුන මැල්ලුමත් එක්ක කතාව ගැන.


අලුත් කතාවක් ගෙනාව... i will wait for you ඒකෙත් අප්ඩේට් දෙන්නම්... ඉතින් ඒ කතාවත් එක්කත් එකතු වෙන්න. ගොඩාක් අය ඉල්ලුව මගෙ වෙයාවුල්ෆ් කතාවකුත් ලියන්නකෝ කියලා. ඉතින් ඒ නිසාම මන් වෙයාවුල්ෆ් කතාවක් ගෙනාව. බලමු ඒ කතාව කොහොම ඔයාලට දැනෙයිද කියල🥺












emergency ⚠️️

පොඩි දග වැඩක් කරන්න ගිහින් ඇක්සිඩන්ට් එකක් උනානේ ලමයි. 😀 කතාව ටිකක් අමුතුවට වගේ එඩිට් වුනානම් සමාවෙන්න.

අතට මැහුම් 7ක් දැම්මා. කකුලට ගල් බැන්ඩේච් එකක් දැම්මා. වැඩි අවුලක් නෑ ඉතින්. කකුල බිම තියන්නෙපා කිව්ව 🥲
ඔන්න ඉතින් ඒ අස්සේ කතාව නොදාත් බෑනේ... කතාවත් දැම්මා 🥺

එහෙනම් මන් වෙනුවෙන් චූටි කමේන්ට් එහෙකුත් දාම් යන්ඩෝ 😍❤️

Enjoy ❤️
Ishki...

Bạn đang đọc truyện trên: AzTruyen.Top