26. ඩිමෙන්ශියා ☔︎

* No one pov *

කාලය ආපස්සට.. ජිමින්ගේ පරන ස්කෝලේ කාලෙට🕢🕖🕐

" බලහන්කෝ මූනේ හැටී... 🥱"

" ඊයා හොටු පෙරාගෙන අඩනවා..🤢 "

" අපෝ ගද... දැන්නම් මුලු ස්කෝලෙම හෝදන්න වෙයි...🤮 "

දොර ඇරගෙන ක්ලාස් එකට ආපු ලමයගේ ඇගට දොර උඩ අඩමානෙට තියලා තිබ්බ කුනු බාල්දිය වැටුනා. ක්ලාස් එකේ හැමෝම ඒ ලමයට මේ වගේ දේවල් හැම වෙලේම කරනවා. අදනම් ඕනාවටත් වඩා දුර දිග ගිහිනුයි නැවතුනේ. ඒ ලමයා හොදටම අඩන්න ගත්තා. ලමයි හැමෝම හිනාවෙවී එයාලගේ පොත් වලින් කොල කඩලා ගුලි කරලා ඒ ලමයගේ ඇගට ගගහා අමුතු සතුටක් වින්දා.

මේ වෙන කවුරුත් නෙවෙයි. ඒ තමයි අහිංසක ජිමින්.

" මූ හරිම අන්ලකී. මූ ළඟින් ඉඳ ගත්ත එකෙක් යහතින්නම් ඉන්න එකක් නෑ. ඔන්න දැන්ම කිව්වා ඔය ලග පාත ඉන්න අය පොඩ්ඩක් සයිඩ් වෙලා මාස්ක් එකක් එහෙම දාගෙන අදහන දෙවි කෙනෙක් සිහි කරගෙන පරිස්සම් වෙලා ඉන්න හොදේ.... ආයි පස්සේ.. අපි කිව්වේ නෑ එහෙම කියන්නෙපා... මූට සාපයක් වැදිලා තියෙන්නේ..😨 "

" ඔව් අලයක්වගේ කැත මූනක් එන්නත් ඇත්තේ ඒ නිසා වෙන්න ඇති.....🤣.. "

ඒ කතාවලට භය වුන ජිමින් ළඟ ඉදන් හිටපු හැමෝම නැගිටලා වෙන ළමයි ළඟට ගිහින් ඉද ගත්තා. කාටවත් වරදක් නොකරපු ජිමින්ට එහෙම කරද්දී ජිමින් අනික් පැත්තට දුවලා ගියේ බාතෲම් එකට. හැමදාම වගේ ජිමින් පීරියඩ් එකක් ඉවර වෙනකල්ම එතන ඉදන් ඇඩුවා. මේ දේවල් නිසා ජිමින්ගේ ඔම්මට ස්කෝලෙට ඇවිල්ලා බැනුම් අහන්න පවා උනා. ජිමින් ක්ලාස් කට් කරනවා කියලා.

වර්තමානයට.. Haeundae Bumin Hospital හී 🕢🕖🕐

ඇස් පියාගත්ත ඩින්ගට ජිමින්ගේ නපුරු මතකයන් ජිමින්ගේ දුක තවත් වැඩි කලා. අද ආයිමත් ඒ වචන ජිමින්ට මතක් වෙද්දී ජිමින් හිතුවා එයා හුගාක් අන්ලකී කෙනෙක් කියලා. එයාගේ ළඟ ඉන්න අයට මෙහෙම වෙන්නේ එයාගේ අවාසනාව නිසයි කියලා ජිමින් අඬන්න පටන් ගත්තා.

සුගාගේ රිපෝට්‍ස් අතේ තියාගෙන ජිමින් ඉකි ගගහා හයියෙන් ඇඩුවා...

තවත් කොච්චර කියලා අඩන්නද තවත් කොච්චර කියලා වේදනා විදින්නද...

යොන්ජුනුත් ජැක්සනුත් ජිමින්ගේ ඉස්සරහම තිබුණු පුටු දෙකක ඉඳගෙන මහ අවුලෙන් ජිමින් දිහා බලාගෙන හිටියා. ජැක්සන්ට ජිමින්ව අඩවන්න ඔනෙ උනේ නෑ. කවදාවත්ම. සුගාගේ අතේ තිබුනු ස්කාෆ් එක අරගෙන ජිමින් මේ වෙද්දී මූන වහගෙනයි හිටියේ. අඩලා අඩලම ඒ කදුලු වාට ස්කාෆ් එක පවා තෙත් වෙලා.

දැන් ඒ කිසි දේකින් වැඩක් වෙන්නේ නෑ නේද කියලා ජිමින්ට හිතෙද්දී තවත් හයියෙන් ඇඩුනා. එන්න කලින් උන සිද්දිය කාටද අමටක නොවෙන්නේ... ජැක්සනුත් යොන්ජුනත් එයාගේ මූන දැක්කා. මේ මුලු කාලෙම නොදැක්ක ඒ මූන දැන් දැක්ක නිසා ජිමින්ට ලොකු පසුතැවීමක් ඇති උනා. දැන් ජැක්සන් යොන්ජුන් එයාගේ මූන ගැන මොනවා හිතනවා ඇද්ද කියලා ජිමින් හිතුවා. අනික් අය වගේම ඒ අයත් දැන් එක එක ඒවා කියලා යයි. ඒත් යොන්ජුන් ගොඩක් හොද කෙනෙක් ඒත් කැත කෙනෙක්ව යාලුවෙක් කර ගන්න උවමනාවක් එයාට නැතුව ඇති කියලා ජිමින් හිතුවා. ජිමින් එයාලා දිහා නොබලා icu එක දිහා බලාගෙන ඉකි ගහන්න පටන් ගත්තා.

" සර්ජරි එක මේ දැන් ඉවර වුනා... කවුද මේ කෙනාගේ මල්ලි කිව්වේ.. මෙතන ඉන්නවනම් එයා දැන් ගිහින් පොඩ්ඩක් ඩොක්ටව හම්බෙන්න"

ජිමින් එක පාරටම ඒ ඇටෙන්ඩ දිහා හැරිලා බැලුවා. ඩොක්ටව හම්බෙන්න කියලා හිතාගෙන ජිමින් නැගිට්ටත් සුගා ඉන්න අයි සි යූ රූම් එකෙන් ඇස් අහකටනම් ගියේම නෑ. පස්ස බල බල පොඩි කොල්ලා ඇස්වල කදුලු පිහි දැම්මේ මම හින්දා හෙයොන්ට ගොඩාක් රිදෙන්න ඇති කියලා ඇතුලින් ගිහින් ගන්න හදවතට තට්ටු කරගෙනයි.



...............⏳.............

" මන් දැන් මොකද කරන්නේ.. හෙයොන්ට කවදාවත්ම නැගිටින්න බැරි වෙයිද... "

" නෑ නෑ.... බය වෙන්න දෙයක් නෑ දරුවෝ... එයාව දැන් අපි 3ර්ඩ් රුම් එහෙකට මාරු කරලා තියෙන්නේ... "

ඩොක්ටගේ මූන ලොකු බැලෑරුම් ස්වරූපයක් ගත්තා. පේන හැටියට හිතා ගන්න බැරි දෙයක් සිද්ද් වෙලා වගෙයි. ඩොක්ට ටිකක් කල්පනා කරලා ආයිමත් ජිමින්ට කතා කලා.

" අහ්ම්.... අපි කලින් කරපු ට්‍රීට්මන්ට් ඒ විදිහටම කරගෙන යනවා. වැටිච්ච වෙලාවේ කකුල ඇබරිලා ගිහින්. ඒක නිසා ආයිමත් අපිට සර්ජරි එකක් කරන්න උනා. අම්.... සර්ජරි එක සාර්තකයි... "

" අනේ.. හෙයොන් ඒ කියන්නේ ඉකම්න්ටම සනීප වෙයි නේද... එයාට කරදරයක් නෑ නේද ඒ කියන්නේ.. "

" හ්ම්....... එහෙමත් කියන්න බෑ... ඔලුව වැදුනු විදිහත් එක්ක...... අම්... ඒක නිසයි මම බයෙන් ඉන්නේ... සුගා සර්ට ආයේ මතකේ නැත්තටම නැති වෙයිද කියලා. කලින් නම් එයාට ඔයාව විතරයි මතක තිබුනේ. "

"ඩො..ඩොක්ට මොකක්ද කියන්න හදන්නේ... හෙයොන්ට දැන් මාවත් අමතකයිද.... අ...අන්... අනේ...... "

" කලබල වෙන්නෙපා.... තාම කිසි දෙයක් හරියට කියන්න බෑ.... අපි එයාට සිහිය එනකල් බලන් ඉන්න ඔන.. "

" අනේ මට කියන්න හෙයොන්ට සිහිය එන්න ගොඩක් කල් යවිද.."

" අහ්ම්.. ඒක ගැන මට හරියට..."

" ඩොක්ට.... අර අයි සි යූ එකෙන් 3ර්ඩ් රූම් එකට මාරු කරපු කෙනාට සිහිය ඇවිත්... හොදටම කලබල කරනවා.."

"ඒ හෙයොන් නේද.... අනේ මගේ... "

ඒක කියාගෙන ඩොක්ටගේ මේසේ ලගට ආපු ඇටෙන්ඩර්වත් හප්පගෙන ජිමින් දුවගෙන ගියේ එයාගේ හෙයොන් ලගට.

සුගාව ඒ වෙද්දී ඇතුල් කරලා තුබුනු රූම් එක ඇතුලේ ඩොක්ටස්ලා නස්ලා වට වෙලා හිටියා සුගාව මෙල්ල කර ගන්න බැරුව. තනි කකුලෙන් හිටගෙන සේලයින් ගහන කනුවත් ඇදගෙන සුගා කාමරේ පුරාම ඇවිද ඇවිද ලොකු කලබලයක් ඇති කලා.. ඒ විතරක්නම් කමක් නෑ ජැක්සන්ගේ නම කිය කිය අහු උනොත් මරනවා කියලා සුගා බෙරිහන් දුන්නා.

දැන් මේවා ජැක්සන්ට ඇහුනොත් කොහොමද..... අහ්.... එයාට මේවා ඔක්කොම හොදට ඇහුනා. මිනිහා හොදට රූම් එකට ඇතුල් වෙන තැන සෝපාවක ඇලවෙලා කකුලක් පිට දාගෙන විසිල් පාරකුත් ගහගෙනයි හිටියේ. ඇත්තටම එයාව සුගාට පේන්නේ නෑ කර්ටන් එකක් දාලා වහලා තිබුන නිසා.

යොන්ජුනා නම් සුගාගේ රූම් එකට එලියෙන් ඇවිල්ලා ජනේලෙන් ඇතුලට එබීගෙන සුගාගෙන සමාව ගන්න ගමනුයි හිටියේ. ඒත් යොන්ජුන්ට සුගාගේ ලගට යන්නනම් උවමනාවක් තිබ්බේ නෑ මොනා උනත් සුගාගේ යක්සාවේස වෙච්ච ඇස් දැක්කම එතන හිටපු අයට චූ යන්න වගෙයි. ඒ තරම් භයානක පෙනුමක් සුගාට තිබුනේ.

රූම් එකට දුවගෙන ආපු ජිමින් නර්ස්ලව පෙරලගෙන සුගා ඉන්න මැද්දට ගියා.

" අ.. 😨අනේ හෙයොන්.... 😰මි...ය...න්...😭"

"ජිමි..න්..... 😶"

සුගා වාරු වෙලා හිටපු සේලයින් ස්ටෑන්ඩ් එක සුගාගේ අතින් අත ඇරුනේ ජිමින් ලගට එනවත් එක්කමයි. වැටෙන්න ගියපු සුගාව පැනලා අල්ල ගත්ත ජිමින්

" චින්චා මියානේ.... මියානේ..... මියානේ.... හෙයොන්.... චි...චි....න්.... මි...න්....හේ...😭"

ගොත ගගහා ඉකි ගගහා ජිමින් සුගාව බදා ගෙන අඩ අඩ කියන්න ගත්තා. සුගාගේ ඇස් වලට කදුලු ආවා වගේම සුගාගේ තරහ කොහෙන් ගියාද දන්නේ නෑ. එහෙමම ජිමින්ගේ කරට වාරු වෙලා පන නැති අත් හිමිට ඉස්සුවේ ජිමින්ව බදා ගන්න කියලා හිතාගෙනයි. ඒත් ජිමින්ගේ පස්සෙන් මේ වෙද්දිත් ඇවිත් වෙලා තියෙන දේ දැක්ක ඩොක්ට, ජිමින්ගේ ඇගට සුගා වැටෙද්දිම ඉස්සරහට පැනලා මොකක් හරි ඉන්ජෙක් එකක් සුගාගේ පිටට ඉන්ජෙක් කරා. සුගා ජිමින්ගේ අතේම සිහි නැතුව වැටුනා.

" ය..න්..නෙ..පා..... ජි...මි....න...ආ..ම්.."

සුගා අසීයෙන්ම කිව්වා.



















මාස 9කට පසු








" ඔහ් හෙයොන්... අයිගෝ අයිගෝ මේ මොකද මේ....."

" ජිමි..නා.... 🙂 බඩ.. ගින්...නක්... ආවා....."

" හෙයොන් ඔයාට කූල් කරපු දේවල් කන්න බෑ... අයිශ්... මට කතා කරන්න තිබ්බනේ... කවුද කිව්වේ තනියම කුස්සියට එන්න කියලා ආ... හෙයොන් මාව භය කරනවා හැම වෙලේම... මේ මහ රෑ කළුවරේ ඇදෙනුත් බැහැලා....... අනේ දෙවියනේ මේ බලන්න...... හෙයොන්ගේ කකුල ඉදිමිලා අයෙමත්..."

ජිමින් පුංචි ඇගිල්ලත් දික් කරගෙන තරහෙන් වගේ එක දිගටම කියොගෙන කියොගෙන සුගා ලගට ආවා. පස්සේ සුගාගේ අතේ තිබ්බ සීත කරපු කෑම එක උදුරලා අරන් අවන් එකට දැම්මා රත් වෙන්න. කබඩ් එක ඇරලා චොප්ස් ටික් අරන් ජිමින් ඒවා හෝදන්න ටැප් එක අරිද්දිම සුගා ජිමින්ගේ පිටිපස්සෙන් ඇවිත් ජිමින්ව බදාගත්තා.

" ආ... ජිමිනා...🙂"

ජිමින් නෙවේ කතා කලේ.

" අයිගෝ.... ජිමිනා... තරහද..."

ඒ පාරත් ජිමින් නෙවේ කතා කලේ. සුගා ඒ පාර ජිමින්ගේ උර හිසින් ඔලුව තියාගෙන ජිමින්ගේ පිම්බුනු කම්බුල දිහාට ඇදුනා

" හෙයොන් කිව්වනේ... කිව්වනේ මාව ඔයා හැම වෙලේම මෙහෙම බය කරනවා.."

ජිමින් ආයිමත් කියවන්න පටන් ගනිද්දී සුගාගේ මූනට හිනාවක් ආවේ ජිමින් කොච්චරනම් හොදට එයාව බලා ගන්නවද කියලා හිතලයි. මේ වගේ හැමදාමත් එකටම ඉන්න තිබුනානම් සුගාට හොදටම ඇති. ජිවිත කාලෙටම ලැබුනු හොදම ආදරේ ජිමින්ගෙන් විතරයි සුගාට ලැබුනේ.

කොච්චර ලස්සනට මේ මාස ටික ගෙවුනද.. සුගාගේ කකුල දැන් හොදටම හොදයි. ඒත් ජිමින්නම් තවම සුගා පස්සෙන් පන්නනවා. කිසිම දෙයක් තනියම කරගන්නනම් දෙන්නෑ. සුගාට උනත් ජිමින්ට හැමදේම කරන්න දීලා බලන් ඉන්නත් බෑ. පොඩ්ඩක් ඇත්තන් තවමත් සුගාගේ කකුල ඉදිමෙනවා. ඉතින් ජිමින් මුලු දවසම සුගාව පුටුවක ඉන්දෝලා ළඟින් හෙල්ලෙන්නෙත් නැතුව ඉන්නවා.

ජිමින්ගේ හිතට ඔම්මා නැති පාලුව අඩුව දැන් දැනෙන්නෙම නැති තරම්. මාස හයකට කලින් අන්තිමට යුන්සන් අන්කල් කතා කරද්දි ඔම්මව හොද කර ගන්න හොද ඩොක්ට කෙනෙක් මුන ගැහුනා කියලා කියලා තිබුනා. ජිමින්ට ඒක ඇහුවට පස්සේ තවත් වද දෙන හිතේ වේදනාවන් එහෙම පිටින්ම නැතිවෙලාම ගියා. තව කොච්චර කල් බලන් ඉන්න උනත් දවසක එයාගේ ඔම්මා එයාව බලන්න එනවනේ කියලා ජිමින් හුගාක් සතුටු උනා.

හුගා කාලෙකට කතා කරන්න බැරි වෙයි කියලයි යුන්සන් දිගින් දිගටම කිව්වේ. අන්තිමට කතා කරපු වෙලේවත් එයා එක්කයි දැන් යුන්ගි ඉන්නේ කියන
කිය වග කියන්න තවමත් ජිමින්ට බැරි උනා.
ඒත් ජිමින් ඒ වෙලාවේ වටෙන් ගොඩෙන් සුගා ගැන යුන්සන්ට කිව්වා. යුන්සන් ඒවා අහලා ඇහුන්නෑ වගෙ හිටියත් යුන්සන් ඒවා වුවමනාවෙන් අහන් හිටියා. යුන්සන්ට උනත් එයාගේ පුතා මොනා කරගෙනද කියලා ඔලුවේ පීඩනයෙන් හිටියට එයාට ජිමින්ගෙන් ඒක අහන්න තරම් හයියක් තිබුනේ නෑ. කොහොම උනත් තමන්ගේ පුතාව තමන්ට තවමත් වැරදි කාරයෙක්.

ජිමින්ට පුලුවන් උනා හැමදේම ගියදෙන් කියලා අමතක කරලා දන්න. ප්‍රදානම හේතුව උනේ සුගාගේ මතකය අමතක වීම. ඇත්තටම සුගාගේ ඩොක්ට හුගාක් බය උනා මේ පාර සුගාගේ ඔලුව වැදුනු විදිහට.
කරපු බොරුව ඇත්තක් වෙලාද කියන සැකය ඩොක්ටට ආවේ සුගා හුගාක් අමුතු විදිහට හැසිරුනු නිසයි. හොස්පිටල් එකේදී පවා සුගා හුගාක් කලබල කලා වගේම ඩොක්ටව පවා නොදන්න කෙනෙක් විදිහට කතා කලේ. හැම වචනයක්ම ඩොක්ටට පුදුම ලෙන්ගතු කමින් කතා කලා. ඔව් අන්න ඒකයි අමුත්ත. සුගා ජීවිතේට මිනිහෙක්ට ලෙන්ගතු කමින් කතා කලේ නෑ. ඒ හිටිය සුගාගේ ප්‍රයිවට් ඩොක්ටට පවා.

කවුරු නොදන්නවා වුනත් මේ ඩොකට සුගාව හුග කාලෙක ඉදන් අදුරනවා. ඉතින් ට්‍රීට්මන්ට් වලට ගියපු කාලයේ සුගාගේ මතකයන් වල වෙනස් වීම් තිබුනා. සුගාගේ මතකයේ තිබ්බේ ජිමින්ගේ ඔම්මගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ සමහර සිදුවීම් විතරයි. ඒකත් එදා රෑ මිනිස්සු කට්ටියකගෙන් ගිටි කාපු තැනේ ඉදලා. ඊට කලින් කිසි දේක මතකයක් සුගාට නැති විදිහටයි මේ පාර ඩොක් ටට තේරුනේ.
ඒත් ටික කාලයක් යද්දී සුගා එකපාරටම ඇක්සිඩන්ට් එක ගැනත් එයාගේ කලින් මතකයන් ගැනත් සමහර දේවල් කියන්න ගත්තා. මොකක්ද මේ වෙන්නේ කියන දේ ඩොකටට හිතා ගන්න බැරි උනා. ඩොක්ටගෙ ට්‍රීට්මන්ට් කිරීම් අවසානයේ සුගාගේ මෝලයට සිද්ද වුන තුවාලයක් නිසා ඩිමෙන්ශියා (dementia) රෝගයේ ලක්ශන සුගාගෙන් පෙන්නන පටන් අරගෙන කියලා ඩොක්ටතේරුම් ගත්තා.

එතකොට ඇත්තටම සුගාගේ මතකය මේ පාර නැති වෙලාද... ?







************************************
Dementia ගැන නොදන්න අය මේක බලන්න.. 🥺❤️

ඒත් තේරුනේ නැත්තම්

සරලවම මතකයේ සමහර කොටස් නැතිවෙලා යන ලෙඩක්. මොලයට වෙන තුවාල වෙනත් ආබාදයක් නිසා ඇතිවන රෝගයක් තමයි ඩිමෙන්ශියා කියන්නේ.

________________________________________

Hola 😀

දැන්නම් කතාව අමතකයි නේද 😀💔 මන් දැක්කා කමේන්ට්වල 🤦

ඔයාලා ඉතින් දන්නවනේ ඉශ්කි ආර්ට් කරන කෙනෙක්නේ. ඕඩස් වගයක් ඉවර වෙලා තමයි ඉතින් ආයි ඔයාලට කතාව ගෙනාවේ. 🥺

කොහොමද මේ මැල්ලුම 😀 තේරුනැයි....

ඩාර්ක් රූම් කතාව ඉවර කරපු නිසා ඔන්න ලගදිම මගේ අලුත් කතා ටික එලියට දානවා. ඒවත් එක්කත් එකතු වෙන්න කියලා මන් ආදරෙන් ඉන්නවා. අයියලා දෙන්නගේ කතාවත් ඉල්ලල ගොඩාක් අය කතා කලා. මම හදවතින්ම සමාව ඉල්ලනවා මම ඒක අප්ඩේට් නොකලට. ඔයාලා බලන් ඉන්නවා එයාලට දැන් කොහොමද කියලා. බය වෙන්නෙපා හැමදේම හොදින් 🥺 කතාව ඉක්මන්ට ගේන්නම්....

අප්ඩේට් ලේට් වෙන එකට සමාවෙනඩෝ 🥲


Kissable lips ❤️

ලස්සන කතාවක්. කොරියන් bl drama එකක්. Vampire කතා බලන්න ආස අයට බලන්න පුලුවන්. 🥺


Couple එක 🥺





එහෙනම් ආයි හම්බෙමූ ඊලග කොටසින්


Enjoy ❤️
Ishki....

Bạn đang đọc truyện trên: AzTruyen.Top