24• මියැදෙන හීන ☔︎


* jackson pov *

         " හෙයොන් සිකිව්රුටි එකෙන් කෝල් කලේ.. කා එක පාක් කරපු තැන අවුල් මන් හිතන්නේ. මන් ගිහින් බලලා එන්නම්"

   " හරි.. මම මෙයාව ඇතුලට එක්ක යන්නම්.."








     බඩපිස්සා ආයි ලිෆ්ට් එකට දිව්වා අපේ කා එක ගැන බලන්න. මේ මෝඩ කොල්ලට බෑනේ හරියට වාහනයක්වත් පාක් කරන්න. දැන් ඉතින් ඕක ආයිත් තව අස්සක ගහලා එන්නෙ නැතැ.  මම ජිමින් දිහා බැලුවේ හිනාවෙවී. මගේ පිස්සූ මොලේ කියනවා ඔන්න කොල්ලෝදැන් තමයි වෙලාව කියලා.  මගේ ඇගට බරවෙලා හිටපු හුරතල් ජිමින්ව මම තව ටිකක් මට තුරුල් කරගෙන අපි බුක් කරපු රූම් එකට එක්කගෙන ගියා.

    " ජැකී හෙයොන්.. මම හොදින්... කරදර වෙන්න්...නෙපා... මන්..ගැන.. ගෙදර යන්නෝනේ.... ම්... සු...සු...ගා... හෙයො...නුත්... ත.නියම...නේ... ඉක්මන්ට.... යන්න.. ඕ..."

     මෙයාට වෙරි වෙලත් අර වංචාකාරයව මතක් වෙනවනේ. ඔයාට මෙච්චරදෙයක් කරපු ඒ මිනිහ ගැනම හිතන්නේ ඇයි ඔයා ජිමින් ආ..  ඔයා ඔච්චර කරුනාවත වුනාට ඒ වංචාකාරයාට ඒවා වැඩක් නෑ. එයා ඔයාගෙන් ප්‍රයෝජන ගන්නවා. මහ බොරුකාරයෙක්.

මට යුන්ගි කිසිම වැරැද්දක් කරලා නෑ. ඒත් මට මොකක්දෝ තරහක් ඒ මනුස්සයා එක්ක තිබුනා. ඒ ජිමින්ට රිද්දුව හින්දම නෙවේ ඒක ඊට වඩා දෙයක්. එයා ජිමින් එක්ක ඉන්න හදන එකත් එක්කයි මට තියෙන තරහා මට හිතෙන්නේ එහෙම.

            ජිමින්ට තවත් වචනයක්වත් කියන්න නොදී මම එයාගේ ඉන වටේ අත යවලා හරහට උස්ස ගත්තා. ඕහ් දැන්නම් අපි කපල් එකක් වගෙයි. මට ලැජ්ජත් හිතුනා.
              ජිමින් හිටියේ පුදුම අමාරුවකින්. එයාට මේ ඉන්නේ කොහෙද කියලවත් හරියට පෙනුනේ නෑ. හැමදේම බොද වෙලයි පෙනුනේ. එයා ඇස් ඇරලා එක දිගට ඇහිලිය ගහද්දී මට ඒක තේරුනා.

       ජිමින් කෙදිරි ගගා දිගින් දිගටම කිව්වේ එයා හොදින් එයාට දැන් ගෙදර යන්න ඔනේ කියලයි. ඒත් මටනම් ජිමින්ව එහෙම ගෙදර යවන්න කිසිම උවමනාවක් තිබුනේ නෑ. ජිමින් ඉන්න තත්වෙත් එක්ක දැන් එයාව අරන් ගියොත් තවත් අමාරු වෙන එක සහතිකයි.

       මගේ අත් උඩ බබෙක් වගේ ඉන්න ජිමින්ගේ ඇස් වලට මම ආයිම වශී උනා.
           'ජිමින් මම කිසිම වෙලාවක ඔයාට වැරදි විදිහට ලන්වෙන්න උත්සාහා කලේ නෑ. එහෙම නේද... මම එහෙම කරන්නෙත් නෑ.. මට ඔනේ ජිමින්ට ගොඩාක් ආදරේ කරන්න... ගොඩාක්... ඔයාව මන් ලගින් තියාගෙන කුමාරයෙක් වගේ බලා ගන්න මට ඔනේ. ඔව්.. මට පුලුවන් ඔයාව එහෙම බලා ගන්න.  ඔය ඇස් දැකලා මම මෙච්චර පිස්සෙක් උනනම් ඔයා මූන දැකලා මම කෝම පිස්සෙක් වෙයිද..? '

මම ඒ ඇස් දිහාම බලාගෙන හිනා උනා.  මට දැනුනේ උදුම සතුටක් එයා මන් ලග ඉන්න නිසා.

         මේ  ඔක්කොම සිද්ද වෙද්දී මුලු වෙලාවෙම ජිමින්ගේ ෆෝන් එක හෝ ගාලා  රින්ග් වුනා. මට මේ සද්දෙ කන් කෙදිරියක් වෙලයි තිබුනේ. මම හොදාකාරවම දැනගෙන හිටියා ඒ සුගා කියලා. ජිමින්ව ඇදෙන් හාන්සි කරපු මම ජිමින්ගේ සාක්කුවෙන් එයාගේ ෆෝන් එක ගත්තා. මට ඔනෙ  උනේ කෝල් එක කට් කරලා ෆෝන් එකත් ඕෆ් කරලා දාන්නයි. ෆෝන් එක අතට ගනිද්දිම ජිමින් බඩ අල්ලගෙන කෙදිරි ගාන්න පටන් ගත්තා. එයාට හුගාක් අමාරුයි වගෙයි. මම ෆෝන් එක පැත්තකට දාලා ජිමින්ව මගේ ලගට ගත්තා. එහෙම ඉද්දී ජිමින් ටිකක් සද්දේ අඩු කලා. එයාට අපහසු ඇති. ඉතින් මම හිමීට ජිමින්ගේ බෙල්ල එයාට පහසු විදිහට මගේ අත උඩින් තියා ගත්තා.









































































 
  කෝම හරි මම ජිමින්ට නින්ද යනකල් එයාව මගේ අත උඩම තියා ගත්තා. දෙවියනෙ මගේ අත හොරි වැටුනා. ඕහ් මම ටිකක් අත එහා මෙහා කලා.

   " අ...හ්... ම්ම්ම්... ආයි..."

ජිමින් ඇහැරෙන්න ගිහින් මම ආයිම අත තිබ්බ විදිහටම තියා ගත්තා. ආයිමත් අත හිරි වැටුනත් මම ආයි හෙල්ලුනේවත් නෑ ජිමින් ඇහැරෙයි කියන බයට.

               ටිකක්වෙලා යද්දී ජිමින් කෙදිරි ගගාම නිදා ගත්තා. පුංචි කුරුලු පැටියෙක් වගේ දොයි. අම්මූ මට දරා ගන්න බෑ... මගේ හදවත සලිතවෙලා යනවා.. මෙ කුරුලු පැටිලා හරිම සොෆ්ට් චීස් පෙත්තක් වගෙයි... මට කන්න ගිතෙනවා... දෙයියනේ අහක බලා ගනින්... මම මටම බල කරගත්තා. මගේ හැගීම් මට අවනත නෑ.. මම ඇස් පියාගෙන තදින්ම සිහිය වෙන දේකට අරගෙන ගියා.

           ඒ ඇස්වල කදුලු තිබුනා වේදනාව නිසා.. ඇස් පියාගෙනම මම කල්පනා කලා ජිමින් ගැන.

        "ආයිත් ඒ ජාතියෙන් ඔයාට බොන්න අරන් දෙන්නේ නෑ ඔයා ඔලුවෙන් හිටන් කිව්වත්"

       මම එහෙම කියන ගමන් එයා දිහාවට මූන හැරෝලා ජිමින්ගේ ඇස් අග කදුලු පිහි දැම්මා. මගේ කුතුහලේ පිරුනු ඇස් ගියේ එයාගේ මාස්ක් එකට.

   " ම්.. ඔයා...ට... හු..ස්ම.. ගන්න උලුවන්ද ඔය මගුල දාගෙන.. ආ... "

මම ඕක ගලවලා දැම්මොත් ඔයාට ඒක ලේසි වෙයි නේද.. මට එහෙම හිතුනා. ඒත මම දන්නවා මේ මගේ කපටි මොලේ දාන උප්පරවැට්ටි කියලා. ඔව් මට ඔයාගේ මූන දැක ගන්න ඔනේ. ඒකයි මම ඔයාගේ පහසුව ගැන හිතලා ඒක අයින් කරන්න හදන්නේ.
මගේ හිත කිව්වෙම ජිමින් මේ දේ දැන ගත්තොත් අකමැති වෙයි මා එක්ක තරහ වෙයි කියලමයි. මගේ හිත මාව බය කලා. ඒත් ඒ මූන දකින්නකල් මට තිබුනේ පුදුම කුතුහලයක්. ඇයි එයා මෙහෙම මුහුන වහන් ඉන්නේ කියලා මට හිතා ගන්න බැ.

යොන්ජුන්ගෙන් අහද්දී කිව්වේ එයාට හොදනම් මට මොකද කියලා.. ඒ බඩ පීස්සගෙන දෙයක් අහනවට වඩා හොදයි හරකෙක්ට හෙයොන් කියන්න උගන්නන එක. 😒 ශුවර් යොන්ජුන් දන්නෑ ජිමින් ඇයි මූන වහන් ඉන්නේ කියලා.

   මට එකපාරටම හිතුනා..

  මූනේ කැලලක්වත්...

ආහ්... එහෙමවත්ද.. ඒකද එයා මූන පෙන්නනේ අකමැති. මගේ කෑදර කුතුහලය ඒක බලන්න තරම් මාව අසරන කලා. ජිමින් හිටියේ හොදට නිදාගෙන මම දන්නවා දැන් එයාට තේරෙන්නේ නෑ මම මාස්ක් එක අයින් කලාට. මම තවත් කල්පනා කරන එක නතර කලා. ඉස්සරහා ගැන හිතන එක පවා මම නතර කරගෙන ඒ මාස්ක් එක හිමිට ජිමින්ගේ නිකටින්...

   

මගේ හුස්ම හිර උනා වගේ දැනුනා.. මගේ ඇස් මටම නවත්ත ගන්න බැරුව ගියා. මම මොනා දිහාද මේ බලන්නේ.. මට මොනාද මේ හිතෙන්නේ...

   ව්..වේ.... මේ තරම්.... ල..ස්සන.. ලිප්ස්... හැංගුවේ... රෝසට කම්බුල් මම කවදාවත් මෙච්චර ලස්ස්න කම්බුල් දැකලා නෑ...

මගේ ඇගිලි මටත් හොරාම ජිමින්ගේ මූනට ගියා. ඒ තොල් අල්ලන්න මට ඔනෙ උනා

  📲)))))) 🎺🎺

"#ck... 🤬"

ආයිමත් ජිමින්ගේ ෆෝන් එක රින්ග් උනා. මේකනම් මහා කරු... ඕහ් ශිට්... ජිමින් ඇහැරිනොත් ඔක්කොම ඉවරයි. මම ටක්ගාලා එයාගේ මාස්ක් එක ආයිමත් තිබ්බ විදිහටම හැදුවා.

කොට්ටේ යටට වෙලා තිබුනු ෆෝන් එක කොහොම හරි අතට ගන්න පුලුවන් වෙද්දී මගේ ඉවසීමේ සීමාව පැනලයි තිබුනේ. ඇත්තමයි යුන්ගී මට... 🤬

මම ආපු තරහට කෝල් එක කට් නොකර එක ආන්ස්වර් කලා.

   " ජි...ජිමින්... ඇති යාන්තම් ඔයා ගත්තා... අනේ... ඔයා හොදින් නේද... කො...කොහෙද... මාව දාලා... ගි..."

  " හෝව් හෝව් මිස්ට්... 🤨මේ මම ජැක්සන්... ජිමින් හොදින් ඉන්නවා..😏 කිසි අවුලක් නෑ. ආ එයා අද ගෙදර එන්නේ නෑ එයා දැන් නිදි... ඉතින් ආයි කෝල් කරලා එයාව නැගිට්ට වන්න හිතන්නවත් එපා.. තමුන් නිසා එයා ඔනාවට වඩා කරදර උනා. දැන් ටිකක් එයාට නිදහසේ ඉන්නවත් දෙන්න...😠 එහෙනම් මන් තිබ්බා. "

   මම කලබල උනා වැඩිද...

මම කෝල් එක කට් කලා. යුන්ගී කිසිම දෙයක් නොකියා කට පියාගෙන අහන් හිටියා.

හොද වැඩේ.. 

මම ජිමින්ව හැම වෙලේම ඔහේගෙන් බේර ගන්නවා.





















* no one pov *

            ජිමින් කිසිම දෙයක් දන්නෑ එයා කවදාවත්ම හැබෑ නොවෙන හීනයක අතරමන් වෙලා. හීන දැක දැක එයා ජැක්සන්ට තුරුල් උනේ ඒ එයා මේ ලොකේ කැමතිම කෙනා ලග ඉන්නවා කියලා හිතා ගෙනයි. ඒ හිනේ ඔම්මා යුන් සන් අන්කල් ජැක්සන් යොන්ජුන් පවා හිටියා. ජිමින්ට විතරක් විශේශ සුගා හෙයොන් ජිමින් ලගින්ම ඉදගෙන හිටියා. ඒකයි එයා දකින ලස්සන හීනය ඒත් කවදාවත්ම හැබැ නොවෙන.












          ඒ අතරේ සුගාගේ හැම හීනයක්ම සුන් වෙලා ජිමින්ව අහිමිවෙයි කියන බයෙන් හදවතින්ම මියැදෙනවා.

   කෝල් එක එහෙන් කට් වෙද්දී සුගා හිටියේ දරා ගන්න බැරි පපුවේ කැක්කුමක. මුලු පපුවම වේදනාවෙන් මිරිකුනා. ඒ ලෙඩේ නිසා නෙවෙයි මානසිකවත් සුගා අසරන වෙලා නිසා. දැන් දැන් හැමද්වෙම සුගාට නැති වෙනවා. සුගා බය උනා ඒ තනිකමට. ඇදේ භාගෙට ඉදගෙන අඩමානෙට අල්ලගෙන හිටපු ෆෝන් එක බිමට වැටුනා. අත පය වෙව්ලලා ගියා.. ඒ ජිමින් ඉන්නේ ජැක්සන් ලග කියලා මතක් වෙන නිසා. දුවලා ගිහින් එයාව එක්කන් එන්න සුගාට ඔනෙ.. කියලා සුගාට හිතුනා. ඒත් කකුල දකිද්දී සුගාට කෑ ගැහුවා.

   මුලු ගෙදරම ඒ සද්දෙන් දෙදරලා ගියා.  කේන්තියක් ආවා ඒ ජැක්සන්ගේ උඩගු කතාව නිසා. කිසි දෙයක් නොදැන ඔහේ වචන විසික් කරපු හැටි. සුගා වෙව්ලන අත් ඇද ගැට්ට බර කරලා කෙලින් ඉද ගත්තා. ටිකක් එහාට වෙන්න තිබුනු රෝද පුටුව තුවාල නැති කකුලෙන් ඇදලා ඇදලා ලගට කර ගන්න සුගාට පුලුවන් උනා. කිසිම දෙයක් සුගාගේ ඔලුවේ තිබුනේ නෑ. එයාට ඔනෙ උනේ ජිමින්ව බලන්න විතරමයි. සුගා රෝද පුටුව ඇද ලගට කරගෙන වෙව්ලන අත් දෙකෙන් රෝද පුටුවේ ඇදි දෙකෙන් අල්ල ගත්තා. තවත් බලා නොයිද අත් දෙකට බර දුන්න සුගා හැදුවේ රෝද පුටුවට නැග ගන්න. ඒත් ලෝක් කරලා නැති රෝද පුටුවේ රෝද නිසා සුගා බර වෙද්දිම රෝද පිටුව පිටිපස්සට ගියා.










තුවාල කකුල නිසා සමබරතාවය  නැතුව ගිහින් සුගාව රෝද පුටුවත් එක්ක ඇදෙන් බිමට ඇදගෙන වැටුනා. සුගාට මතක රෝද පුටුව විසි වෙලා කාමරෙන් එලියට යනවා විතරයි.
        හැමදේම කරකැවෙන්න පටන් ගත්තා. වේදනාව ඉවරයක් නැතුව ඇග පුරාම දිව්වා.












__________________________________

Hola 🙂🔕

     ඔයාලගේ වීරයා ආවා.. හූවක් තියන්නෝ... 😂


අම්මෝ මොකද ඔය කට හදාගෙන..🙂 මට බනින්න එහෙම නෙවේ නේත..  මම මොකක්ද මේ කලේ.. 😠
එහෙම ඩෝන් ගන්නෙපා.. හරිතෙ
🙂🔫

අද සිද්දිය ටිකක් බරපතලයි වගේත.. 😂 ඔයාලා ඉතිම් දන්නවනේ මම ආසයි ඔයාලව බය කරවලා කුතුහලෙම් දවස් ගානක් බඩ ගින්නේ තියන්න. මියන්දේ... ඒක මගේ මේ කූට මෝලේ ප්ලෑන.

මේ දවස්වල කර්ම ලියන්න මම තඩි ප්ලෑන් හදනවා. ඒ අස්සේ ආයි මම මේකත් මැද්දෙන් මැද්දෙන් කෑලි ඇඩ් කරකර හදනවා.

මම මේ හැම කතාවක්ම කටුවට ලියන්නේ ඩයරියක හරිත ලමයි. ඒක දක්කම තෙරෙයි මම මොන වගේ පිස්සෙක්ද කියලා. කලින් හිතන කතාව නෙවෙයි, මම ටයිප් කරද්දී ලියන්නේ වෙනම සීන් එකක්. ඒක වෙන්නැති ඔයාලා මගේ කලවම් මැල්ලුම් වලට මෙච්චර ලව්.
   ලව් බයිට් එකනම් මම එහෙම කලින් හිතලා ඩයරියක ලියපු එකක් නෙවේ. ඒක එදා දවසේ ඔලුවට එන විදිහට ලියපු එකක්. ඒකේ මුල මැද අග තිබ්බේ ඔලුවෙමයි.🙂💔

    හරි🙂 මම මේ මතක් කරනවා මෝනාද කියන්න ඔනෙ කියලා 🙂

මේ කතාව මම 18+ තියා 16+ වත් නොකරන්න හිතුවා. මට ඔනේ එක දෙයක් කට්ටියකට තේරුම් කරවන්න. මේ වෙට්පෑඩ් කතා කියවන හැමෝම සෙක්ස් සීන් නිසා අසහනේට පොත් කියවන අය නෙවේ කියලා පෙන්නන්න. ඒ වගේම ඕතර්ලා සෙක්ස් සීන් නැතුව කතාවක් ඉවරවෙනකල් රීඩස්ලව අරගෙන යන්න දක්ශයි කියලා පෙන්නන. සමහරු හිතන් ඉන්නේ මේ වෙට්පෑඩ් එකේ අපි කරන්නේ සෙක්ස් වලින් ඔයාලගේ මොල කනවා කියලා. 😂

බලමු මම හිතනවා මෙච්චර වෙනකල් ආපු ඔයාලා ඉදිරියටත් මාත් එක්ක ඉදලා ඒ දේවල් ඔප්පු කරන්න උදව් කරයි කියලා. 🤗

  ඔයට මතක හිටින broromance කියන ලස්සන හැගීමක් පිරුනු කතාවක් දෙන්න මම උත්සාහා කරනවා.
   
දිගටම ඉන්න.. මම ආදරෙන් ඉල්ලනෝ...

ප්‍රශ්න තියේද අහන්න..


Enjoy 😍
Ishki...

Bạn đang đọc truyện trên: AzTruyen.Top