23• අනුකම්පාව ☔︎


* no one pov *

ජිමින් හිතුවේ සුගා කම්පන තත්වෙක ඉන්න නිසා එයා මෙහෙම හැසිරෙනවා ඇත්තේ කියලා. සුගාගේ අත අල්ලගෙන හිටපු ජිමින් ඒ අත අත ඇරලා

" ආයි එහෙම කරන්න එපා... ඔයාට තුවාල වෙයි.... "

කියලා සුගාට අහිංසක විදිහට කිව්වා.

ජිමින්ගේ කටහඩ ඇහෙද්දිම සුගාගේ කේන්තිය නැති වෙලා ගියා. ජිමින්ගේ ඇස් දිහා බලපු සුගා ඒ ඇස් වල වෙනසක් දැක්කා. එයා දැක්කේ ජිමින්ගේ ඇස්වල කලින් තිබුනු ආදරයනම් නෙවෙයි. ඒ නිකන්ම නිකන් අනුකම්පාවක් වගේ දෙයක්. ජිමින් මෙහෙම සුගාව බලා ගන්නේ සුගා ගැන අනුකම්පා හිතිලා මිසක් කිසිම ආදරයකට නෙවෙයි එහෙමයි සුගාට දැන් ඒ ඇස් දකිද්දී හිතුනේ. ජිමින් තවම එයාගේ මූනේ තිබුනු මාස්ක් එක ගලවලා තිබුනෙත් නෑ. ඒ කියන්නේ ජිමින් සුගාව සම්පූර්ණයෙන්ම අත ඇරලා කියන එක නේද..

ජිමින් සුගාව ඇද ලගට එක්කන් ගිහින් සුගාගේ අත යටින් ඉන වටේ අත යවන ගමන් සුගාව කෙලින් කරගෙන එයාගේ ඇගට වාරු කරගත්තේ ඇදෙන් ඉන්දවන්න කියලා හිතා ගෙනයි. මේ ඩින්ගට ජිමින්ගේ නල්ලෙන් පවා දාඩිය දාලා තියෙනවා සුගා ඇස් කොනින් දැක්කා.
  ඉතින් සුගාට හොදටම තේරුනා ජිමින්ට තනියම එයාව  මෙහෙම උස්සන එක අමාරු වැඩක් කියලා. ජිමින්ට උදව්වෙන්න කියලා හිතන් එයා වම් කකුලෙන් තනියම හිට ගත්තා.

    උදව් කරන එක කෙසේ වෙතත් සුගාට ඒ තිබ්බ කකුලේ බැලන්ස් එකත් නැතුව ගියේ මුලු ඇගම හිරි වැටීගෙන යද්දීයී. අනේ ඉතින් ජිමින් එක්කම සුගා බිම ඇදගෙන වැටුනා. ජිමින්ට එකපාරටම  හිතාගන්න බැරුව ගියා මොකක්ද ඒ උනේ කියලා.

බිම වැටෙනවා විතරයි මතක සුගාට කෑ ගැස්සුනා කොහෙද වැදුනේ කියලත් මතක නැති වෙන්නම.

  " ආආආ.........."

සුගා අසීයෙන් වගේ කෑ ගගහා උඩ බිම බලද්දී දැක්කේ ජිමින් එයාගේ ඔලුව බිම වැදෙන්නේ නැතිවෙන්න ඔලුව යටින් අත තියන් ඉන්න හැටි.  සුගාගේ කෑ ගැහිල්ලත් එක්කම ජිමින් හොදටම බයවෙලා හිටියේ එයා නිසා සුගා වැටුනා කියලා හිතාගෙන.
          ඇස් ලොකු කරගෙන හයියෙන් හුස්ම ගත්ත ජිමින් කලේ සුගාව ඉක්මන්ට නැගිට්ටවන්න හදපු එක.

   කෑ ගහන එකත් එකත් අමතක උනු සුගා තවත් ජිමින් බය වෙනවා දකින්න ඔනේ නැති නිසා එයාගේ කකුල අල්ලගෙන හොද හුස්මක් ගත්තා. වේදනාව දරාගෙන හොදටම බයවෙලා ඉන්න ඉන්න ජිමින් දිහා බලලා හිනා උනේ මොකුත් උනේ නෑ කියලා පෙන්වන්න වගේ.

  ජිමින් සුගාව කොහොම හරි නැගිට්ටවලා ඇදෙන් ඉන්දෙව්වා.
'එයාට මේවා හුරුත් නෑ.. පව් මම නිසා එයාට මේවා දරාගන්න වෙලා.. '
සුගා ජිමින්ගේ පුංචි අත් දිහා බලාගෙන කල්පනා කලා.  මොනා කරන්නද මේ දේ හැරෙන්න වෙන විදිහක් සුගාට තිබුනේ නෑ. හැගීම් නිසාත් ජිමින්ට එයා  කවදාවත්ම වයිර කලේනෑ කියලත් ඔප්පු කරන්න සුගාට ජිමින්ව ලන් කරගන්න ඔනෙ උනා. ඒත් මේ වෙද්දී සුගාට අමතක වෙලයි තිබුනේ ජිමින්ව එයා එයාගෙන් ඈත් කරලා තිබ්බේ ඇත්තටම ඇයි කියන හේතුව.
 

    
























  ජිමින් දවස් තුනක් විතර සුගා ලගින් හෙල්ලෙන්නෙවත් නැතුව සුගාව හොදින් බලාගත්තා. යොන්ජුන් ඉදලා හිටලා එයාගේ හොදම යාලුවව බලල යන්න ආවා. ඒත් ජැක්සන්නම් ආවේ නෑ. ඒකෙන් තේරුනේ ජිමින් සුගා එක්ක ඉන්නවට ජැක්සන්ගේ කිසිම කැමැත්තක් නෑ කියන එකයි.
            ඒත් ජැකී ජිමින්ව අතඇරියෙත් නෑ. ජැක්සන් ජිමින් ගැන ඇහැ ගහගෙන ඉන්න කීපදෙනෙක්ව එයාලගේ ගේ අහල පහලට තැන් කීපෙකටම යැව්වා. ඒ සුගාගෙන් ජිමින්ට මොනාම හරි කරදරයක් වෙනවා කියලා දැනුනු ගමන් ජිමින්ව එතනින් එලියට ගන්න හිතාගෙනයි.

    මේ හැමදේකටම මුල උනේ සුගාගෙම හැසිරීම තමයි. මුලු රටක් බලා හිටියා ප්‍රසිද්ද මනුස්සයෙක්ගේ දෙවනි කසාදේ වයිෆ් හරිම දරුනු විදිහට ඇක්සිඩන්ට් වෙන හැටි. ඒ ඇක්සිඩන්ට් එක කලේ තමුන් කියලා සුගා ප්‍රසිද්දියෙම කිව්වා. ඉතින් සුගා කියන්නේ මේ වෙද්දී මනුස්සයෙක්ව මරන්න තැත් කරපු මිනිමරුවෙක් විදිහටයි මිනිස්සු එයාව හන්වඩු ගහන්නේ. කිසිම වෙනසක් නෑ ජැක්සනුත් ඒ ගොඩටම අයිති උනා.

      ජිමින් කියන්නේ අහිංසක වගේම  දුක වේදනාව ඔනාවටත් වඩා තනියම  දරාගෙන ඉන්න කොල්ලෙක්.  ඉතින් සුගා වගේ නපුරු කෙනෙක් ජිමින්ට හොදින් ඉන්න දෙන එකක් නෑ කියලා තමයි ජැක්සන් හිතුවෙ. පිටින් බලන ඔනම කෙනෙක්ට මෙතනදි ජැක්සන් හරි කියලා පේනවා වගේම සුගා කියන්නේ අපරාදකාරයෙක් කියලත් පේනවා.

දින තුනක් ගෙවුනා දන්නෙවත් නැතුවම. සුගා ඇක්සිඩන් වෙලාසුගාව එක්කගෙන ගෙදරට එද්දී ජිමින්ට ගේ දැක්කම හිතාගන්න බැරුව ගියා. ගෙදරින් ගියපු දවසේ වගේ නෙවෙයි ගේ එහෙම් පිටින්ම අපායක් වෙලා තිබුනා. සුගා තනියෙම ඒ ගෙදර ගෙවපු කාලේ මුලු ගේම පිස්සන් කොටුවක් කරලා. හොදට තිබුනු සෝපා පුටු සැටි මේස වීදුරු කුඩු පට්ටන් වෙලා තිබුනා. කුස්සියේ බඩු තමයි ගොඩක්ම කඩලා තිබුනේ.

   ජිමින් මේ ද්වස් තුනේම සුගා ලගට වෙලා ඉන්න අතරේ එයාට පුලුවන් විදිහට ගේ ආයිම අස්පස් කලා. ඒත් කිසිම බඩුවක් හොද තත්වෙකනම් තිබුනේ නෑ. ජිමින් උඩට යන්න හැදුවත් සුගා හැමවෙලේම ජිමින්ව හොයන නිසා මේ දවස් තුනේම ජිමින්ට උඩට යන්න බැරුව ගියා. හරියට නිකන් උඩ ජිමින්ට බලන්න හොද නැති දෙයක් තියෙනවා වගෙයි. ජිමින් සුගාගේ කාමරේට දෙපාරක් ගියා මොකද සුගාට ඔන කරන ඇදුම් එහෙම එයාගේ කාමරේ තිබුනු නිසා. ඒකත් සුගාට ටිකක් නින්ද යනකල් ඉදලයි උඩට යන්න වෙලාවක් හම්බුනේ. ඒත් ජිමින්ට එයාගේ කාමරේට අඩියක්වත් තියන්න තවම හම්බ උනේ නෑ. ජිමින්ට ලොකු උවමනාවක් තිබුනෙත් නෑ ඒ කාමරේට ආයි අඩිය තියන්න. ඔම්මලා ඉදපු ඇද කාමරේම පිරෙන්න තරම් ලොකු එකක් උන නිසා ජිමින් උනත් සුගා එක්කමයි නිදා ගත්තේ. ඒත් ඇද කොනකට වෙලයි.















































































දැන් හවස 4.00ට විතර ඇති. සුගා මේ වෙලාවට රෙස්ට් කරනවා. අද කලින්ම වගේ සුගා නින්දට ගියා, එයාගේ ඔලුව පැලෙන්න තරම්ම රිදුනු නිසා.

ජිමින් සුගාට හෙයොන් කියලා කතා කරන එක පවා හුගාක් අඩුවෙනුයි කලේ. සුගා ලගින් ඉදලා හිනාවෙලා හිටියත් ජිමින් හැමවෙලේම එයාගේ හැගීම් එක්ක හිත ඇතුලෙන් සටන් කලා. මේක අනුකම්පාවක්ම විතරයි කියන එක ජිමින්ම තමන්ට කියා ගත්තුවාර අනන්තයි, මේ ගෙවුනු පුංචි කාලේ ඇතුලත.

' නෑ තවත් බලන් ඉන්න එපා. අහක බලා ගන්න. '

ජිමින් හැම වෙලේම එයාගේ ඇස් පවා ඒ විදිහට බලෙන්ම යටත් කරගෙන තියා ගත්තා. හැගීම් යටපත් කරගෙන ඉන්න ගියත් සුගා නොහිතු වෙලාවන්වල කරන කියන දේවල් නිසා ජිමින්ට එයාවම අමතක වෙලා යනවා.  සුගාගෙන් ඈත් වෙන්න ඔනෙ උනත් හදිස්සියේම ආයිමත් සුගාට ලන් වෙන්න උනු එක ගැන ජිමින් බය උනා. ඒකෙන් ආයිමත් ඒ හැගීම් ඇවිස්සිලා සුගාට ලන් වෙලා ඉන්න ඔනේ වෙයි කියලා ජිමින්ට හිතුනා. 

  මේ හවස් වරුව ගෙවෙද්දී ගොඩාක් වෙලා බිම ඉදගෙන කල්පනා කරපු ජිමින් රෑට එලියට ගිහින් එන්න ඔනෙ කියලා හිතුවා. සුගාට දැන් ටිකක් හොදයි. තනියම දාලා ගියත් ප්‍ර්ශ්නයක් වෙන එකක් නෑ. රෑට ඇහැරෙන්නෙත් නැති නිසා උදේ වෙනකල්ම හොදට සුගා නිදා ගනී. ජිමින්ට එහෙම හිතුනා.

        ජැක්සන් යොන්ජුන් එක්ක ඇවිදින්න යන්න කියලා හිතන් ජිමින් යොන්ජුන්ට කෝල් කරලා කතාව කිව්වා. යොන්ජුනුත් ඉහලින්ම එලියට යන්න කැමති උනා.  යුනිවර්සිටි පවා යන්න බැරි උනු නිසා යොන්ජුන් එක්ක වැඩි කාලයක් ගත කරන්න දැන් ජිමින්ට හම්බෙන්නෙම නෑ. යොන්ජුන් ඇවිත් ගියත් අනික් පැත්තට දුවනවා පාඩම්වැඩ ගොඩ ගැහෙන නිසා.  ඉතින් මේක හොද වෙලාවක් ආයිම එකතු වෙන්න.

     


























       ඉතින් මහ වෙලාවක් යන්නත් කලින් යොන්ජුනුයි ජැක්සනුයි ජිමින්ව ගන්න ගෙදරටම ආවා. ජිමින් කොයි වෙලේද ඔය ගෙදරින් එලියට එන්නේ කියලමයි ජැක්සන් හැමදිස්සෙම බලන් හිටියෙත්.

ජිමින් ගේට් එක ගාව හිටගෙන මාස්ක් එක දෙපාරක් තුන්පාරක් ආයි ආයි හද හද ජැකී යොන්ජුනයි බහී කියලා බලාගෙන හිටියා. කා එක එයා ගාවින්ම නැවැත්තුවත් වෙන්දා වගේ ජැක්සන්නම් බැස්සේ නෑ ජිමින්ව බලන්න. ඒත් ජිමින්ගේ විහිලුකාර හුරතල් යාලුවනම් කා එකෙන් පැනලා දත්ටිකම දාගෙන හාවා වගේ පැනගෙන ඇවිත් ජිමින්ව තදින්ම බදා ගත්තා.

" අම්මෝ ජිමින් මට පුදුම පාලුයි... ඔයා ආයි කවදද එන්නේ මේ දවස් ටික මට දැනුනේ හරියට...."

" මේ කියවන්නෙපා නගිනවා ඉක්මන්ට..."

යොන්ජුන් එයාගේ පාලුව ගැන කියන්න යද්දිම ජැක්සන් කා එකෙන් ඔලුව දාලා නගින්න කියාගෙන කෑ ගැහුවා. යොන්ජුන් අනික් පැත්ත හැරිලා ජැක්සන්ට විරිත්තලා ජිමින්ගේ අතින් ඇදගෙන කා එක දිහාවට ගියා.
ඒත් ජිමින් කා එකට නගින්න කලින් ආපහු හැරිලා බයෙන් වගේ ගේ දිහා බැලුවා

  " කොහෙද බලන්නේ.. යමුකෝ.... මට බඩත් ගිනී දැන්නම්..."

ජිමින්ගේ අතින් ඇදගෙන ‍යොන්ජුන් යද්දී ජිමින්ගේ හිත

' යන්නෙපා..  '
'යන්නෙපා එයාව දාලා.. '
'සුගාට ප්‍ර්ශ්නයක් වෙයිද... '
'එයා රෑ මැද ඇහැරෙයිද... '
'එයා මාව හොයයිද... '
'එයාට මොනා හරි ඔනෙ වෙයිද...'

කියලා එක දිගට කියන්න පටන් ගත්තා.  ජිමින්ගේ හදවතත් වේගෙන් ගැහුනා.

ඒ හැමදේම ආයෙත් උඩට එන හැගීම් නිසයි කියල ජිමින් කා එක දිහාවට හැරෙන ගමන් තරහෙන් වගේ එයාගේ පපුවට අතින් තට්ටු කරගත්තා.






























යොන්ජුන් ජැක්සන් රෑ කෑමට එලියට ගිහින් අලුතෙන් සෝල් වල දාපු සැනකෙලියකටත් ගියා. ජිමින්ට ඔනේ උනේ මේ දවස් තුනේදී සගා එක්ක ගත කරපු විදිහ අමතක කරන්නයි. ඒ මුලු කාලෙම ජිමින් කිසිම නින්දක් නැතුව සුගා නිදාගෙන ඉන්න දිහා බලන් හිටියේ හුග කාලෙකට පස්සේ ඒ මූන දකින නිසයි.
      ජිමින් සුගා නිදාගන්න වෙලාවෙදි හැරෙන්න අනික් හැම වෙලාවකදිම එයාගේ ඇස් සුගාගෙන ඈතකට ගෙනිච්චා. ඒ ඇස් දිහා කෙලින් නොබලමයි ජිමින් කතා සුගා එක්ක කතා කලේ. හරියට ඒ ඇස් දකිද්දී හැගීම්වලට පාලනයක් නැතිවෙනවා වගෙ ජිමින්ට දැනුනා.

            ඒත් නිදාගෙන ඉන්න සුගාගේ මූනෙන්නම් ජිමින්ගේ ඇස් අහකට දිව්වේ නෑ. මොකද සුගා නිදගෙනයි හිටියේ එයාට ජිමින් බලන් ඉන්නවා කියලා පෙන්නෙත් නෑ එයා කොහොමටවත් දැන ගන්නෙත් නෑ, කියලා ජිමින්ගේ අහිංසක මුලු හදවතම දන්නවා.

ඒ හැම හැගීමක්ම නැතිවෙලා යන්න කියලා ජිමින් දකින දකින කවදාවත් බීලා නැති අමුතු සැර බීම පවා බිව්වා.  ජැක්සන් හැමවෙලේම එයාගේ තියුනු ඇස් ජිමින් දිහාවට දාගෙන හිටියේ ජිමින්ගේ ලස්සන තොල් ‍රෝස කම්බුල් මොන වගේ ඇතිද කියලා බලාගන්නයි. ඒත් ඒකටනම් ජැක්සන්ට කිසිම වෙලාවක අවස්තාවක් ලැබුනේ නෑ. දාගෙන හිටපු මාක්ස් එක අස්සෙන් හොරාට ඒ බීම ජාතී බොන්න ජිමින් හුගාක් දක්ශ උනා.

     එක ශොට් එකක් ඇති උනා ජිමින්ට ඇවිදින විදිහ පවා විනාඩියෙන් අමතක කරන්න. යොන්ජුන්ටයි ජැක්සන්ටයි සිද්ද උනා සැනකෙලිය ඉවර වෙන්නත් කලින්ම ජිමින්ව උස්සගෙන කා එකට එක්කන් යන්න.

   " ආයිනම් මොනා කිව්වත් ඒ ජාතිය මෙයාට දෙන්නෙ නම් නෑ ඕන් මම අද හිතාගත්තා."

යොන්ජුන් අතින් එයාගේ නල්ලට ගහ ගන්න ගමන් කිව්වා. යොන්ජුන් ජිමින්ව කා එකේ ඇල කරලා ජිමින්ට සිහිය ගන්න බලන වෙලාවේ ජැක්සන් හිනාවෙවී එහාට මෙහාට ඇවිද්දේ ජිමින්ගේ මේ හුරතල් වැඩ එයාව තවත් පිස්සු වට්ටන හැටි දිහා බල බලයි.

ජැක්සන්ගේ හිත තවමත් ජිමින්ගේ මූන දකින්න ඔනේ කියන එකනම් දිගටම දෝන් කාර දුන්නා.

          අද තවත් ඒ කුතුහලේ වැඩි. ජැක්සන් හැමවෙලේම පොඩි පොඩි දේවල් කරලා ජිමින් ගෙදර යන එක පමා කලා. එක එක තැන්වලට ගියා. එක එක දේවල් ජිමින්ට අරන් දුන්නා.

     ඒත් දැන්නම් ගෙදර යන්නම වෙන පාටයි. ජිමින්ට දෙපාරක්ම වමනේ යන්නත් ආවා. අන්තිමට වැඩේ අත ඇරපු ජැක්සන් ජිමින්ට අසනීප වෙයි කියන බයටම ජිමින්ව ගෙදර එක්කන් යන්න හිතා ගත්තා.

ඔහොම මග දුරක් යද්දී ජිමින්ට ටිකක් අමාරු වෙන්න පටන් ගත්තා. දැන්නම් වමනේ යන්නම තරමට ජිමින්ට අමාරුයි. ඉතින් ජැක්සන් හොටෙල් එකක නතර කරලා යොන්ජුන්ට බෙහෙත් මොනා හරි අරන් එන්න කියන ගමන් ජැක්සන් ජිමින්වත් අරගෙන හොටෙල් එකට ගියා.














___________________________________




Hola 🙂

හම්බූ හුගාක් දවස් ගිහිම් නේහ්🤸
Horror එකනම් updt කලා.  ඔයාලා ඒකත් කියවන්න..බය හිතෙන්නේ නෑ එකට 🙂





ඉම්හි😣  

වැඩ ගොඩයි ඒකයි මන් පරක්කු වෙන්නේ.... බලා හිදින්න ඉඩ සලස්වනාවට සමා වෙන්ඩෝනී 😣

අද කෙසේද මේ කලවම 🙄
🐘🐘🐘🐘

Enjoy 🤗
Ishkii 😍

Bạn đang đọc truyện trên: AzTruyen.Top