22• මම අසරණයි☔︎
* suga p.o.v. *
ඇහි පිහාටු ගැහෙනවා හරියට එයා භයානක හීනෙක අතරමන් වෙලා ඉන්නවා වගේ.
මට මතකයි අපි හම්බ උනු පලවෙනි දවස.
අනේ එයා හුගාක් බය වුනා.
එයා හුගාක් හුරතල් කියලා මට පලවෙනියටම හිතුනේ එදා මහ කලුවරේ අර පුටුවට පුංචි තාරපැටියෙක්වගේ ගුලිවෙලා බයෙන් ගැහෙද්දීයී. එදා මට පලවෙනියටම ජිමින් ගැන දැනුනු ඒ හැගීම් ඒ තප්පරේම විනාස කරලා දැම්මා.
මොකද මම හිටියේ රැවටිලා 'ඔයා කියන ලෝකය රැවටිල්ලක්.. බොරුවක්..' කියලා හිතාගෙන.
මට එයාගේ මූන වහගෙන හිටපු මාස්ක් එක පවා වදයක් උනා. ඒක ගලවලා විසික් කරන්න හිතුනා. ඒ ලස්සන හන්ගන මාස්ක් එක ඇත්තටම වාතයක්. එයා තාමත් හිතන්නේ එයා තමයි මේ ලෝකේ කැතම කොල්ලා කියලා. ඔව් ජිමින්... මම දන්නවා ඇයි ඔයා මෙහෙම හැමෝගෙන්ම මූන හන්ගගෙන ඉන්නේ කියලා. මම ඔයා ගැන දැන් හැමදේම දන්නවා. මට ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්. ඔයා දන්නේ නෑ මම ඔයාට... මම... කොච්චර කැමතිද... කියලා... ඒක සහෝදරකමක් නෙවෙයි ජිමින්.... මට ඔයාව මගේ මල්ලි විදිහට පිලිගන්න බෑ... මට ඔනේ නෑ එහෙම කතා කරන්නවත්... මගේ හිතේ ඔයා ගැන තියෙන හැගීම් වෙනස්... හුගාක් වෙනස්... අයිති කරගන්න හිතෙනවා ඔයාගේ මේ හැමදෙම... ඔයා මගේම විතරයි කියලා හැමෝටම කියන්න හිතෙනවා.
ඒක ඒ වගේ දෙයක්... මම දන්නෑ ඒ හැගීම් වැරදීද කියන්න... ඒත් මට ඒවා වැරදී නෑ... ජිමින්...
එයා මගේ සේලයින් ගහපු අත අල්ලගෙන මගේ අත ලගින්ම ඔලුව තියාන් නිදාගෙන හිටියා.
හ්ම්...
එයා කොච්චර ලොකු භයානක නරක හීනෙක හිටියත් මට ඔනේ උනේ නෑ එයාව ඇහැරවන්න. මම ආර්ත්මාර්තකාමී උනා. එයා ඇහැරුනොත් මාව දාලා යයි කියලා මට බය හිතුනා. මට ඔනේ උනේ එයාව මන් ලගින්ම තියාගන්න මේ විදිහටම.
මම ප්‍රාර්තනා කලා එයා ඇස් අරින්න එපා කියලා.
"ඔහොමම තව ටිකක් මාත් එක්කම ඉන්න ප්ලීස්... "
මම හිමීට කෙදිරුවා. මට නැගිටින්නවත් බෑ මුලු රෑම එකම විදිහටකට ඉදලා කොන්ද හිටි වැටිලා වගෙයි දැනෙන්නේ. ඒත්පස්සෙයි මතක් උනේ මම ඉන්නේ මිනිස්සු පස් දෙනෙක්ගෙන් වැටෙන්නම ගුටිකාලා කියලා. මටපුදුමයි මම ඒ හැම විනාඩියකම සොහියෙන් ඉදපු එක ගැන. යකඩ පොලු බිම දිගේ ඇද එද්දී ඇහෙන සද්දේ මගේ කන් අස්සේ තාම ඇහෙනවා. ඒ සද්දෙට මුලු ඇගම හිරි වැටිලා යනවා. මම හිතුවෙම දෙවනි වටේ යද්දී මම පරලොව යයි කියලා. ඒ පාර කාලා බිම වැටෙද්දිත් මටමතක් උනේ ඔයාගේ ලස්සන හිනාව. හිතන්නකෝ ටිකක් මම ඔයාටකොච්චර ඇබ්බැහි වෙලාද. මම කිව්වා කෑ ගහලා මාව මරලාදාපන් කියලා. ඒත් මම බය උනා එකම එක දේකට ඒ ඔයාව අන්තිම පාරටවත්නොබලම මැරිලා ගියොත් මට සැනසීමක් ලැබෙන එකක් නෑ කියලා. ඒත් මැරෙන්න වැටිලා ඉද්දී ඔයා ආවා නිකන් හරියට මාව ඇහිලා වගේ...
හ්ම්...
ජිමින්ගේ පස්සෙන් අර ජැක්සන් හාදයා හැමවෙලේම ඉන්නවා දැක්කම මට මේ පටලවන් එක්ක වයර් ගලවගෙන ගිහින්මිනිහව ඇදලා එලියට දාන්න හිතුනා. එක මොහොතක් මට ජිමින් එක්ක තනිවෙන්න දෙන්නේ නෑ මූ...
කී පාරක් මම කොලේජ් එක ඉස්සරහ ඉන්න ඇද්ද ජිමින්ව බලන්න. කතා කරන්න... මට ඔනේ උනා එයාට දේවල් කියන්න... අයිත් ගෙදරඑන්න කියන්න. ඒ හැමවෙලේකම මම හිටියේ දෙලොවක් අතර තනිවෙලා. ජිමින්ව ලන් කරගන්නඑක ජිමින්ගේ ජීවිතේට තර්ජනයක්. මරුවෝ බලන් ඉන්නේ ජිමින්ගේ ජීවිතේ උදුර ගන්න.මම එයාගෙන් ඈත් වෙලා ඉන්න තරමටඑය පරිස්සම්. මම කාටවත් අදුරගන්න බැරි විදිහට එයාව බලන්න හැමදාම ගියා. ඒ යන හැම වෙලාවකම ජැක්සන් එයා පස්සෙන් හිටිය.
මට ඔනේ උනා හැමෝම මැද්දෙන් ගිහින් ජිමින්ව ඇදගෙන ගෙදර යන්න. හරියට මට ඔනේ උනේ ජැක්සන්ට එයා මගේ විතරයි කියලා පෙන්නන්න වගෙයි.
ජැක්සන් හිටියේ මගේ රෙස්ට් රූම් එකේම අයිනේ තියෙන පුටුවක කෙලපෙරාගෙන නිදාගෙන. මට යාන්තමට මතකයි මාව වාහනේක දාගෙන හොස්පිටල් එකට ගෙනාපු හාදයගේ හැඩරුව. ඒ මේ ජැක්සන් හාදයම තමයි. ජිමින්ගේ ජැකට් එක ඒ හාදයා ඔඩොක්කුවේ තියාගෙන හිටියා.
හහ් මලවිකාර..
ජිමින්ට කියලා අත් දෙකක් තියෙනවා.. ඊටත් දැන් මගේ ජිමින්ට සීතල ඇති. බලන්න ඒ කම්බුල් සුදු මැලි වෙලා.
මම හැදුවේ මම පෙරවගෙන ඉන්න ශීට් එක ජිමින්ට පෙරවන්න කියලා. ඒත් එක්කම දොර අරින සද්දේ ඇහිලා මම ඉක්මන්ට ඇස් පියාගෙන සාමාන්‍ය විදිහටම නිදි වගේ හිටියා. කවුරුත් දැනගෙන හිටියේ නෑ මට සිහිය ඇවිත් කියලා. ඉතින් ඒක තමා හොදම දේ. මට පුලුවන් තරම් මෙහෙම ඉන්නවා. එතකොට ජිමිනුත් මන් ලගම ඉන්නවා. මගේ ඔලුව වැඩ කලෙ ජිමින්ව කොහොම හරි ලගින් තියා ගන්න ඔනේ කියන දේවල්ම විතරයි.
රූම් එක්ට ආවේ ඩොක්ට සූහා. ඩොක්ට සූහා ආව ගමන් ජිමින්ව ගැස්සිලාවගේ ඇහැරුනා. ඩොක්ට ඇතුලට එද්දී ජැක්සන්ගේ කකුලේ වැදුනු පාර ජැක්සනුත් උඩ ගිහින් ඇහැරුනා.
'පිස්සෙක්' මට ජැක්සන්ව දකිද්දී ඔච්චරමයි හිතුනේ. ජැක්සන් ඩොක්ටව දැක්කහම ඉක්මන්ට ජිමින් ලගට ඇවිත් හිට ගත්තා ජිමින්ව උස්සගෙන දැන්වත් යන්න පුලුවන් වෙයි වගේ හිනාවක් දාගෙන. ලේසියෙන් එහෙම ජිමින්වනම් දෙන්නෑ මම එහෙම හිතින් ඔට්ටු ඇල්ලුවා. මගේ දෙයක් වෙන කෙනෙක්ට අයිතු වෙනවා වගේ හැගීමක් මට ජැක්සන් ජිමින් එක්ක ඉද්දී දැනුනා. ඒක වේදනාවක්... හුගාක් රිදවනවා..
ඩොක්ට මාව චෙක් කරලා එකපාරටම කිව්වා මට තවම සිහිය ආවේ නැති නිසා මොනාද මන්දා ඉන්ජෙක් කරන්න වෙනවා කියලා. එක ඇහෙද්දී මගේ ඇස් නික්න්ම ඇරුනා..
ඕහ් වාසනාවකට මට සිහිය ඇවිල්ලා. දැන් ඉන්ජෙක් කරන්න ඔනෙ වෙන එකක් නෑ. මම ඩොක්ට සූහා දිහාවට දරුනු බැල්මක් දැම්මා. ඩොක්ට කට කොන්ට හිනාවෙලා මට ඇහැක් ගැහුවා.
" හෙ...හෙයො..න්...."
ජිමින්... එය මගේ අතින් අල්ල ගත්තා... හුගාක් තදින්.... ඒත් ඒ ක්ශනිකම එයා මගේ අතා අත ඇරියා නිකන් මොනාම හරි වැරැද්දක් කලා වගේ ඒ ඇස් වෙනස් උනා.
මම මෙච්චර අවාසනාවන්තද පැටියෝ... ඇයි ඔයාට තව ටිකක් මන් ලග ඉන්න බැරි උනේ...
මේ දේවල් වැරදී.. මේවා මෙහෙම නොවෙන්න තිබුනු දේවල්. මම හැමදේම විනාස කර ගත්තා. උන්ට මාව මරලා දාන්න තිබුනා මෙහෙම ඉතුරු නොකර. නොකරපු වරදකට මගේ ආදරේ ඉස්සරහා මම විදවනවා. තවත් මේවා දරාගෙන මම කොහොම ඉන්නද ජිමින්.... අනේ මට කියන්න...
ඩොක්ට සූහා
" මාව හොදින් පේනවද... සර්ට සර්ගේ නම කියන්න පුලුවන්ද....
👀 ම්හ්.... එයා කතා කරන්නේ නෑ... "
ඩොක් සුහා ප්ලෑන් එකටම වැඩ කලා.
ඩොක්ට සූහා කියන්නේ මම හොදට දන්න කෙනෙක්. ඇත්තටම ඉයේ රෑ මෙහෙට ආවට පස්සේ තමයි අදුර ගත්තේ. රෑ මාව චෙක් කරද්දී ජිමින් ජැක්සන් හිටියේ එලියේ. මට එතකොට සිහිය තිබුනා හොදට. ලේ හුගක් ගිහින් තිබුන නිසා ඒ කට්ටිය පවා බයවෙලා හිටියේ.
වෝඩ් එකට දාන්න කලින් මම ඩොක්ට සූහව නවත්ත ගත්ත ජිමින්ට මට සිහිය ආව කියලා කියන්න යන්න කලින්. ඉතින් ඒ වෙලාවේ මම ඩොක්ටව මගේ පැත්තට හරව ගත්තා. අතට දැනෙන ගානක් දුන්නම මිනිහා මගේ පැත්තට ගානට හැරුනා. මම කිව්ව විදිහටම එයා දේවල් බලාගත්තා.
මට කතාකරන්න කිසිම දෙයක් තිබුනේ නෑ. කතා කරන්න බෑ කියලා කියන්න කියලා මම ඩොක්ට සුහාට කිව්වා.
මම ඔහේ මෝඩයෙක් වගේ බලන් හිටියා. ජිමින්ට හිතෙන්න ඇති මම තවමත් එයාට වයිර කරනවා කියලා. මගේ බැල්ම එයාගෙන් ජැක්සන් දිහාවට ගියේ මට තවත් ඒ ඇස් දිහා මේ විදිහට බලන් ඉන්න බැරි නිසයි. මම කරන්නේ ඔයාව මන් ලග තියාගන්න හද එක. මගේ ඇස් මේ බොරුව ගැන ඔයාට තේරෙන්නදෙයි කියලා මට බය හිතුනා.
ජිමින්ගේ මූන වෙනස් උනත් එයා තවමත් මට ආදරෙයි කියලා ඒ ඇස්වලින් පේනවා. කදුලු පිරිලා එයා අමාරුවෙන් ඒවා වැටෙන්න නොදී නවත්ත ගත්තා. සොක්ට කියන දේවල් ජිමින්ගේ හිත කොයිවගේ වෙනස් කරයිද ඩොක්ට සූහා මේ වැඩේ හරියට කරයිද... ටිකක් හරි ගැස්සුනොත් මේ හැමදේම ඉවරයි. මමහිටියේ කතා කරන හැම විනාඩියකම සෝදිසියෙන්. ඩොක්ට සූහාගෙයි මගෙයි ඇස් එකට එක යා වෙද්දී කියන්න ඔනේ දේවල් ඔනේ ඒවාද එපා දා කමක් නැද්ද කියලා ගානට මාරු උනා. ජැක්සන් එකපාරක්නම් දැක්ක ඌට සැක හිතෙන්න යද්දිම මම
" ආ......."
නිකන් කතා කරන්න යන්න මහන්සි වෙනවා වගේ රග පෑවා. එතකොට ජැක්සන්ගේ සිහිය වෙනස් උනා තව පොඩ්ඩෙන් මාට්ටූ.
" සර්... කතා කරන්නෙපා... ඔයාට අමාරුයි... අපි ඒක දන්නවා... ඔයා ඒකට මහන්සි වෙන්න ඔනෙ නෑ.... කාලෙට ඉඩ දෙමු නේද... මේ උඩ ඉන්න දෙවියන් අපි... ආ නෑ සර්ට පිහිට වෙයි... සර්ට පිහිටවෙනවා කියන්නේ ඉතින්.. මටත්.. හොදයි... මන් කිව්වේ ඒක කොච්චර හොද දෙයක්ද... අපි හැමවෙලේම රෝගියාගේ මානසික කායික සුවය ගැන හිතනවා 😁"
මගේ දත්මිටි කැවෙද්දී තමයි මිනිහා කියවිල්ල නැවැත්තුවේ. නැත්තන් තවත් කියවන්න ගිහින් කට හින්දා අහු වෙනවා.
මගෙන් ඈතට ඩොක්ට සූහා ජිමුන්ව එක්කන් ගිහින් කියන දේවල් මට එහෙන් මෙහෙන් ඇහුනා. මිනිහා මන් කිව්ව දේවල්වලට තව දේවල් දාලත් කිව්වා. මට හිතුනෙම ජැකියට මේ දේවල් අහුවෙයි කියලමයි. ඒත් මිනිහා හිටියේ වෙන සිහියක. නිකන් මාව කොහාට හරි ඉක්මන්ට අත ඇරලා දාන්න තිබ්බනම් වගේ. ජැක්සන් හිතුවේ ඔක්කොම ඉවරයි මාව දැන් මෙහෙම අත ඇරලා ජිමින්ව එක්කන් යන්න පුලුවන් වෙයි කියලා. ඒත් මට දුකයි ඇත්තටම එහෙම නොවෙනඑක ගැන. මම යටි හිතින් සතුටු උනා.
දැන් මාව ගෙදර යන වෙලාව. මට ඔනේ උනේ ජිමින් මාව එක්කන් යන්නයි. එයා මාව බලාගන්න මා එක්ක නවතින්නයි. සුහාට මම කියන්න ඔන ටික කිව්වා. දැන් ඩොක්ට සුහාගෙ අතෙයි වැඩේ.
අනේ ජිමින් මා එක්කම ඉන්න. මාව අත අරින්න එපා.. මේක මට ලැබෙන අන්තිම චාන්ස් එක. ඔයාව මන් ලගින් පුංචි කාලයක් හරි තියා ගන්න.
ඔයා ඉන්නේ මා එක්ක නැතිකරගන්න බැරි තරහක. ඒත් මම අසරනයි ජිමින්.. මට ඔයාව ඔනේ, මම මෙහෙම දේවල් කරලා හරි ඔයාට ටිකක් ලන් වෙනව හැර මට වෙන කරන්න කිසිම දෙයක් නෑ මගේ ජිමින්...
" එයා ඉන්නේ කම්පන තත්වෙක... ඒ ඔලුවට වැදිලා තියෙන පාරවල් නිසයි. සමහරවිට එයාට දේවල් අමතක වෙලා වෙන්නත් පුලුවන්. එයා අඩුම එයාගේ නම කිව්වෙත් නෑ.. දැක්කනේ... ඒත් බය වෙන්නෙපා ඒක ඉක්මන්ට හරියයි.. කාලයට ඉඩ දෙන්න... පුතා ඉක්මන්ට එයාව ගෙනාපු එකම හොදයි. නැත්තන් මොනා වෙයිද කියල කියන්න බෑ... "
මෙයානම් දැන් අහුවෙයි වගේ ඕවරඇක්ටින් දාලා.. 🤨
" එතකොට හෙයොන්ගේ මතකේ එන්න... කොච්චර කල් යයිද.... ඩොක්ට.... එයාට ඉක්මන්ට සනීප වෙයිද...... "
ජිමින්ගේ ඇස් වලින් කදුලු වැටෙන්න පටන් ගත්තා. කතා කරගන්න බෑ එයාට ඉකි ගැහෙනවා. මට මෙහෙම ඔයාව රිදවන්න බෑ. අනේඒත් මමමොකද කරන්නේ.. මට මෙහෙම ඇරෙන්න ඔයාව ලන් කරගන්නවෙනවිදිහක් ඇත්තේ නෑ ජිමින්... මියන්දේ...
" සතියක් දෙකක් යනකල් ඇවිදින්න බැරිවෙයි. එයාගේ දනිස්සට ටිකක් උඩින් පිහි පාරක් වැදිලා ඒක ටිකක් දරුනුයි. තුවාලේ සනීප වෙන්න මාස දෙක තුනක්වත් යයි. ඔලුවට වැදුනු පාරෙන් ඇති උන කම්පනේම නිසා එයා සමහර විට කතා කරන එකක්ම නෑ. ඔව්.... ටිකක් දවස් යයි කියන්න බෑ ඒ ගැන... එයා තම.... ආහ්ම්... මේ.... එයා ඉක්මන්ට කතා කරයි... මේ... ලගදිම... එතකොට දැන ගන්න පුලුවන් එයාට දේවල් මතකද නැද්ද කියලා. "
" හහ් ඕනකමින් කතා නොකර ඉන්න පුලුවන්නේ මිනිස්සුන්ට... මෙයත් එහෙම කතා නොකර ඉන්නවද කියන්න කවුද දන්නේ..."
මු යකෝ... උබ ඩොක්ට කියන එක අහපන් මෙතන පැනපැන දෙන්නෙ නැතුව.
ජැක්සන් ඇහි බමකුත් උස්සගෙන මන් දිහා බලාගෙන ගේම ඉල්ලන්න වගෙයි හිටියේ. මාව සීතලවෙලා ගියා මාව අහුවෙයිද කියලා.
" නැහැ සර් ඇත්තටම සර්.. මෙහෙමයි... මේ මිස්ට් යුන්ගී ඉන්නේ කම්පන තත්වෙක.. එයා නම පවා කිව්වේ නෑ.. එයාගේ මූනෙන් පේනවා එයා ඉන්නේ මානසිකවත් පහත වැටිලා කියලා. ඉතින් එයාව හොදට බලාගන්න වෙනවාමේ වගේ සිටුවේශන් එකකදී... තේරෙනවනේ... මෙහෙම උනාම තනියෙන් මොකුත් කරගන්නබෑ.. චුට්ට එහා මෙහා උනොත් ඉවරයි... මේ බෙහෙත් කියන්නේ එයටදැන් වෙලාවටමදෙන්න ඔනෙ... ලගින් හෙල්ලෙන්න්වත් එපා එයා ඉන්න තත්වෙත් හොද නෑනේ... තේරෙනවනේ.. අර බලන්න... ඒ අසරනයගේ මූන... ඉතින්... එයාව හොදට බලාගන්න පුතා. අහෝ දෙවියනේ... අහෝ..."
ඩොක්ට සුහා ඉක්මන්ටම රූම් එකෙන් පැන ගත්තා.
* no one pov *
හිතුවත් වගේම සුගාව එක්කගෙන ජිමින් ගෙදර ගියා. ඩොක්ට කිව්ව දේවල් එක්කජිමින්ට සුගා ගැන අනිකම්පාවකටඑහා ගියපු දෙයක් ඇති උනා. ඒත් එයාගේ හිතේ හැන්ගිලා තිබුනු හැගීම් ආයි උඩට එයි කියලා ජිමින් බය උනා. ඒ කොහොම උනත් දැන් සුගාව තනි කරන්න බෑ. එයා පොඩි දරුවෙක් වගෙයි. එහෙමයි ජිමින්ට හිතුනේ. හොද වෙනකල් සුගා ලගින් ඉන්න ඔනේ කියල හොස්පිටල් එකෙන් ගෙදර එන මග දිගට ජිමින් හිතාගත්තා.
සුගාගේ දන හිසට උඩින් පිහිපාරක් කිදා බැහැලා තිබුනා. ඒකේ දරුනුකම නිසා සුගාට ටිකක් දවස් යයි ඉතින් හරියට තනියම සුගාට ඇවිදින්න. එතකල් එයාට වීල්චෙයා එකකයි යන්න සිද්ද වෙන්නේ.
සුගාගේ ඔලුව පවා බැන්ඩේච් කරලා තිබුනා. සැරපාරවල් ටිකක් වැදිලා තියෙනවා, සුගාව දැක්කම බය හිතෙන තරමටම ඒවා දරුනුයි කියලනම් පේනවා.
මැහුම් දාපු තැන් සනීප වෙනකල් සුගාට ලොකු ඔලුවේ කැක්කුමක් අල්ලයි ජීවිතේම එපා වෙන්න. එහෙමයි ඩොක්ට කිව්වේ.
රග පෑම තිබ්බේ බොරු මතක අමතක වීම වටා විතරයි. අනික් හැම තුවාලයක්ම ඇත්ත. එදා රැයේ සුගාට උනු දේ දන්නේ සුගාම විතරයි.
ජිමින් ඔලුව වනලා හැමදේම භාර ගත්තට හදවතට එකගව සුගා ලග ඉන්න ජිමින්ට බැරි,
ඔම්ම ඈත රටක මැශින් ගොඩක් මැද අමාරුවෙන් හුස්ම අල්ලගෙන ජිමින් නැතුව තනිවෙලා ඉන්නවා නේද, ඒ හැමදේමඑහෙම උනේ මේ එයාගේ සුගා හෙයොන් නිසා නේද, කියලා සැරින් සැරේ මතක් උන නිසයි. ඒත් දැන් ජිමින්ට තීරනයක් ගන්නම වෙනවා. එකම දෙයක් තෝර ගන්නම වෙනවා. එයාට සුගාව මෙහෙම තනියම අත ඇරලා දාලා යන්න බෑ. ජිමින්ට එක මොහොතකටවත් එහෙම හිතන්න බෑ.
ජැක්සන් කිසිම වචනයක් ජිමින්ට නොකියා ජිමින්ට ඔන කරන හැමදේම කරලා දුන්නා. සුගාව එක්කගෙන ගෙදර එන්න පවා ජැක්සන් උදව් කලා. හොස්පිටල් බිල් හැමදෙයක්ම ජැක්සන් ගෙවලා දැම්මේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවීමයි. ජැක්සන් ඒ හැම දේම කලේ ජිමුන් වෙනුවෙනුයි. සුගාව ගෙදරට ගෙනාවට පස්සේයි ජැක්සන් එයාගේ පලවෙනිම ප්‍රශ්නේ ජිමින්ගෙන් ඇහුවේ
" ඔයා එයා එක්ක ඉන්න නෙවේ නේද දැන් හිතන්නේ..."
ජිමින් සද්ද නොකර සුගාගේ වීල් චෙයා එක තල්ලු කරගෙන ඇතුලට ගියා. හරියට මේ ඉන්න තත්වෙදී මේවා ඇහුනොත් හොද නෑ කියලා හිතිලා වගෙයි. සුගාව පඩිපෙල ලගින් නවත්තලා ජිමින් ආයෙමත් ජැක්සන් ලගට ආවා.
" ජැකී හෙයොන් මම මගේ හෙයො.... හ්ම්... ම.. මම කිව්වේ මුස්ට යුන්ගි ලග දැන් හිටියනම් හොදයි නේද.. එයාට කවුරුත් ඇත්....තේ.... නෑ... "
" මම එයාව බලාගන්න අය දාන්නම් ජිමින්... ඒක ගැන වද වෙන්නෙපා.. අපිට පුලුවන් එයාට සර්වන්ට්ලා නර්ස්ලා එහෙම මෙහේ යුන්ගි හොද වෙනකල් නවත්තන්න.. ජිමින් මේ අහන්න..."
💢😱
" හෙ..හෙයොන්... "
සුගාට එයාලගේ කතාව හොදට ඇහුනා. සුග පුටුවෙන් නැගිටින්නයි හැදුවේ ආව කේන්තියට. ඒත් සුගාට නැගිටින්න බෑ එයාව එකපාරටම වීල්චෙයා එකෙන් ඇදගෙන වැටෙන්න ගියා. ජිමින් ඉක්මන්ට දුවලා ගිහින් වීල් චෙයා එකෙන් වැටෙන්න ගියපු සුගාව අල්ල ගත්තා. හිමීට සුගාව ඉන්දවන ගමන්
" ජැකී හෙයොන් ඔයා ගෙදර යන්න... මම ටික දවසකට මෙහෙ ඉන්නවා....."
" මො....කක්...ද.... ජිමි...න්..."
" හෙයින් ඒකට කමක් නෑ... මම හොදින්... යොන්ජුන්ට කියන්න මම මේ දේවල් කලේ ඔනෙ කමින් නෙවෙයි කියලා... මම එයාට කතා කරන්නම් කියන්න්...."
ජිමින් ජැක්සන්ට උත්තර දුන්නා.
සුගාට ඔනේ උනා වගේම ජිමින් එයා එක්ක නතර උනා. සුගා කට කොනට හිනා වෙන ගමන් ජිමින්ගේ අතේ එල්ලිලා පුටුවෙන් ගානට වාඩි උනා.
සුගා හිතින් ජැක්සන්ට 'ඉක්මන්ට මගෙ ගෙදරින් යනව නැත්තම් මම උබව ගෙදරින් එලියට ඇදලා දානවා' වගේ ඉවසීමක් නැතුව හිටියේ.
කොච්චර දවසකට පස්සෙද එයාගේ ජිමින්ගේ ඇස් ආයිම මෙහෙම හුගාක් ලගින් දකින්නේ...
සුගාට ඒ තරම් සතුටක් නෑ.
ජිමින් සුගා කරන බොරුව දැන ගත්තම එතනින් එහාට මොනාවෙයිද කියලා හිතන්නෙවත් නැතුව සුගා ජිමින් ඉස්සරහා අසරණ උනේ ජිමින්ව එයා ලගින් ඈත් නොකර ටික දවසකට හරි මෙහෙම ලගින්ම තියා ගන්නයි. හැගීම් නිසා සුගාට අමතක උනා ජිමින් එයාට ලන් වෙන්න වෙන්න ජිමින් අනතුරේ කියලා. සුගාගේ හැගීම් සුගාව හුගාක් අසරන කරලා තිබුනා. එයාගේ ඇස් අන්ද වෙන්නම.
ජිමින් සුගාව ඔම්මගේ කාමරෙට එක්කගෙන ගියේ පඩිපෙලේ උඩ සුගාගේ කාමරේට සුගාව එක්කගෙන යන්න බැරි නිසයි.
ජිමින් සුගාට දේවල් අමතකයි කියලා හිතාගෙන සුගට බබෙක්ට වගේ සලකන්න පටන් ගත්තා. හැම වචනයක්ම පරිස්සම් උනා. ඒත් ජිමින් එයාගේ හැගීම් ආයිමත් එලියට එන්නේ නැතිවෙන්න වග බලා ගත්තා.
එයා එයාගේ හිතට තදින්ම කා වද්දගෙන තිබුනා සුගා එක්ක කිසිම විදිහකින් සම්බන්දකමක් තියාගන්නේ නෑ කියලා. එයාගේ හිතේ තියෙන හැම හැගීමක්ම නැති කරගන්නවා කියලා. ඔය මොනා කිව්වත් සුගාව දැක්කම ඒ හැම දේම ගගට කපපු ඉනි වගේ උනා. ජිමින්ට බෑ එයාගේ හැගීම් එහෙම නැතිකරලා දාලා ඉන්න. මේ ලෝකේ කොච්චර කුරිරුකම් කරලා එයාලව වෙන්කරන්න හැදුවත් ඒ හිත්වල තියෙන හැගීම්නම් නැති කරලා දාන්න ඒ කුරුරු දේවල්වලට බැරි උනා. ජිමින්වගේ අහිංසක කෙනෙක්ගේ ආදරයක් කොහොමත් නැති කරන්න බෑ.
" හෙයොන්... මම.... හෙයොන්ට අදින්න ඇදුන් ටිකක් අරගෙන එන්නම්... ඔහොම ටිකක් ඉන්න.... මම ඉක්කන්ටම එනවා...."
සුගා ඔලුව පැත්තට හරවලා ඇස් පිය ගැහුවා. ජිමින් ඒ ඩින්ගට උඩට දුවගෙන ගියා.
ජිමින් සුගාව තනියම කාමරේ දාලා යද්දී එයාගේ මතකෙට ආවේ එදා රෑ වෙච්ච භයානක දේවල්.
වට කරගෙන ගහපු අය අතරේ ජස්ටින්ගේ අතකොලුවෝ දෙන්නෙකුත් හිටියා. කාරාගේ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ්ගේ අතකොලුවෝ සුගා එක්ක එකට ක්ලබ් වල ඩ්‍රින්ක් ගත්ත අය.
'මේක මට දැන් එපා වෙලා..'
සුගා හයියෙන් වීල් චෙයා එකේ අක්ඩකට ගැහුවා තරහා පිට කර ගන්න . ඒක සැරටම වැදුනා ඒත් ඒකේ වේදනාව සුගාට දැනෙන්න කලින් ඒ වෙලේම කාමරේට ඇතුල් උනු ජිමින්ට රිදුනා.
පපුවට ඇදුම් වගේකුත් තුරුල් කරගෙන දුවගෙන ආපු ජිමින් සුගා ලග දනගහගත්තේ ඒක දැකලා හොදටම කලබල වෙලයි.
" හෙ..හෙයොන්... අනේ... ඔයා හොදින්...ද...."
___________________________________
Hola 🙂
මට සුටී වැඩ තියේ ඉතිම් කරම්ට 🙂 ඒකi මේම කල් යන්නේ 🙂💔
අන්ග්‍රී වෙන්නෙපා මා එක්ක 😖 පුලුවාම් උනු හැටියෙම කතාව දනෝනේ මම.
ඒක නෙවෙයි මම yt එකෙ දාන කතාව wtpd එකේ දාන්න කියලා බැලුවේ. ඒක දැන් මාස 7ත 8ටකින් අප්ඩේට් කරලා නෑහ් 🙂💔.
මේකේ දැම්මනම් හරි නේහ් 🙂💔. මට වීඩියෝ එක හදන්න වෙලාවක් නෑ. නැත්තම් මම දිගටම එහෙම හදලා දානවා. 🙊❤️
මම mafia boss yt එකේ කතාවත් මේකෙ දාන්නම් හේනම් ලගදිම..
darkroom එකත් ඉවරයි තව පොඩ්ඩයි.
මේකත් ඉක්මන්ට ඉවර කරන්න තිබ්බ හැමදාම අප්ඩේට්ස් දුන්නානම් නේත... 🙂💔
Enjoy 🙂
Ishki...
Bạn đang đọc truyện trên: AzTruyen.Top