21• එයා කැමතිද සුගාට☔︎
* jackson pov *
ජිමින් ඔයාට බොන්න ඔනෙද... ඒකද ඔයා ඔය කියන්නේ.. ආ යුරේකා... ඔව් ඒක තමයි කියන්න ඇත්තේ...
අනී අන්දේ... ඇත්තටම එයා මොකක්ද ඒ කිව්වේ... 🤔
නරක විදිහට හැසිරෙන්න ඔනේ කියලත් කිව්වා 😒 මොකක්ද ඒ කතාවේ තේරුම... මගේ කුඩා මොලේ පිස්සු නටනවද.. ආ ඒකට කුඩා මොලේ සම්බන්ද නෑ නේ... ආ.... මට මඤ්ඤං වගේනේ... ආ.... මේ කොල්ලව තේරුම් ගන්නේ කොහොමද මම...
" මොකද මෙච්චර දාඩිය දාන්නේඒඒ... ac ac "
ඔහ් ඒක කලින්ම වැඩී කරලා තියෙන්නේ... ඇයි දෙයියනේ මට මෙච්චර දාඩිය දන්නේ එයා එහෙම අමුතු කතාවක් කිව්වම... බැරි වෙලාවත් ජිමින් මට කැමතිද... ඔහ්... ඒක එච්චර ලේසීද... ඔහ්...
" ආ අනියා...."
ඔහ් මම ඒක ටිකක් සද්දෙන් කිව්වා.. ඔහ්...
" ජැකී හෙයොන්... ඔයා මොනාහරි කිව්වද.... "
" ආ.. අනියා... "
" හ්ම්..."
එයා හිනාවෙලා ආයිමත් අහක බලාගත්තා.
මට තේරෙන්නේ නෑ එයාට මොනාද ඒ කරන්න ඔනේ කිව්වේ කියලා... ක්ලබ් එකකට අරන් යන්නේ කොහොමද මම ජිමින්ව. එයාට ඔනේ මොන වගේ දෙයක් කරන්නද..බොන්න්ද... නැත්තන් වෙන දෙයක්ද... මට ඒක ජිමින්ගෙන් කෙලින්ම අහන්න බෑනේ... එයා කිව්ව එක තේරුනා වගේ මම දිගටම ඩ්‍රයිව් කලා.
යුනිවසිටි එක ලගදි මම එයාට සමු දුන්නේ ඉක්මන්ට වෙලාව පලයන් කියලා අහසට ඇගිල්ල දික් කරගෙනයි. මගේ මයිල් කෙලින් වෙලා තිබුනේ ජිමින් මා එක්ක එලියට යන්න හා කිව්ව වෙලේ ඉදන්.
ඒත් එයා ඉස්සරහා මට ඒ සතුට එලියට දාගන්න බැරුවයි හිටියේ. ජිමින් යුනිවසිටි එකට ඇතුල් වෙලා නොපෙනි යනකල්ම අත වනාගෙනම හිටපු මන් ජිමින් පේන්නේ නැතිවෙද්දිම
" හුරේ......... "
කියාගෙන උඩ පැන්නා පැනිල්ලක් ආයේ නෑ... ආ......... එයා මට කැමති වෙයිද... කොල්ලෙක්ට ආදරේ කරන එකත් හරි අමුතු දෙයක් කලින් මට මෙච්චර අමුතු ෆීලින්ග් එකක් දැනිලා නෑ... ඔහ්.... එයාගේ මූනවත් හරියට නොදැක.. මම එයාට ආදරේ කරනවා....
ඔහ් මේ ආදරේ සදාකලික වේවා....
මම අප්පුඩි ගගහා වට දෙකක් කැරකිලා නිකමට වටපිට බලුවා. යුනිවසිටි එකේ එලියේ හිටපූ කොල්ලොයි කෙල්ලොයි මන් දිහා කටත් ඇරගෙන බලන් හිටියා මම වදුරු නැටුවමක් දැම්ම වගේ අමුතු බැල්මකින්.
"ආ ශිට්... මගේ සායම... ☹️"
මම දැන් මොකුත් උන්නැති විදිහට යන්නොනේ අප්පාආඅ...
ආ යමන් ඉක්මනට.....
කොහෙද මගේ කා එක....
යැවෙන්නෙත් නෑ. ඉක්මන්ට යමු...
මම මගේම කකුල් වලට බැන බැන දිව්වා නෙවේ වේගෙන් ඇවිද්දා...
අයිගෝ මාර චාටර් එක...
......⏳
" සර් ජේ හියෝ කම්පැනි එකේ කට්ටිය ඇවිත් ඉන්නවා.. සර් අනිවාරෙන් ඒකට එන්නම ඔනේ... අද තමයි සභාපති පත් කරගන්න එක ගැන කතා වෙන්නේ... "
" ඔහ් අපි යමු..."
උදේ ඉදන් ගොඩ ගැහුනු වැඩ ටික ඉවර කලා විතරයි මාව කැන්දගෙන යන්න ඇවිල්ලා ජේ හියෝ බලු කුක්කකෝ කෑදර කමේන් පිරිලා මස් කටු බෙදා ගන්න බැරුව රන්ඩුවෙන හැටි බලන්න. මොනා උනත් ඒවා දිලා බලන් ඉදලම අප්පා හොදටම වයසට ගිහින් කියලා මටත් දැන්නම් හිතෙනවා.
ඔය ශීට් එකේ මම ඉදගත්ත දවසට තමයි ජේ හියෝ කම්පැනි එකේ නම මම මස් කටු කියලා වෙනස් කරන්නේ....
කට්ටිය පස්සෙන් අප්පයි ජේ හියෝ කම්පැනි එකේ අනික් කට්ටියයි ඉක්ක මීටින් රූම් එක පැත්තට යන ගමන් මම පුරුද්දට වගේ ඔරලෝසුව දිහා නිකමට බැලුවා.
" දෙයියනේ.... 😱"
තව විනාඩි පහලවයි තියෙන්නේ ජිමින්ව ගන්න යන්න..
" මම යන්ඩ ඔනේ දැන්.."
මට කොහොමද වෙලාව අමතක උනේ...
මම මීටින්ග් රූම් එකත් පහු කරගෙන එලියට දුවගෙන එද්දී මගේ ඇස් කොනට පෙවුනා අප්පගේ කට ඇදවෙලා ජේ හියෝ කම්පැනි එකේ කට්ටියගේ ඇස් එලියට ඇවිල්ලා බිමට වැටෙන්න ඔන්න මෙන්න වගේ වෙනවා..
ඕහ් මට හයියෙන් හිනාවෙන්න ඔනේ ඇත්තමයි... කොච්චර ලොකු මීටින් එකක්ද මන් මේ මිස් කරගන්නේ... 😂 කොරියාවේ අනාගත ගොඩ නැගිලි ව්‍යපෘතිවල හිමිකාරයා හුරතල් කොල්ලෙක්ව ඩ්‍රොප් කරන්න යනවා... බායි බායි
අලාභය කෙසේ වෙතත් මගේ හිතට ලැබෙන ලාභය කියලා නිම කරන්න බෑ ඉතින්.. ඔය කෙහෙල්මල් වගේද ජිමින්ව මට හැමදේටම වඩා වටිනවා.
" අනේ සෑර් කොහෙ....ඔය දූඌඋවන්නේ..."
ඈතින් බොඩිගාඩ්ලා කෑ ගහන සද්දේ ඇහුනත් මම නෙවේ නැවතුනේ..
" මීටින් එකට මොකද වෙන්නේඒඒ..."
අප්පගේ ලේකමුත් ඒ පස්සෙන්ම දුවන ගමන් මගෙන් අහද්දී
" ඔහ් බම්බු ගහගන්න කියන්න... හෙ හෙ..."
මම # ඇගිල්ල පෙන්නගෙන කා එකට නැග්ගා... ඒක සැර වැඩිද මන්ද... 😎
මන් මගේ උපරිම වේගෙන් ආහ් නෑ කා එකට පුලුවන් උපරිම වේගෙන් යුනිවසිටි එකට පියෑඹුවා. මගේ අප්පට සෝල්වලින් හොදම බොඩිගාඩ්ලා මගේ වටේට දැම්මත් ජීවිතේට එයාට මාල අල්ල ගන්න බෑ. පොඩි කාලේ ඉදන්ම මගේ මේ කපටි මොලේ වැඩ කලේ අප්පට විරුද්දව. සියොල් අල්ලගත්ත මනුස්සයෙක්ව මම එහම පරාද කරනවනම් ඔය සතපනහේ බොඩිගාඩ්ලා මොනාද..
මම හරි වෙලාවට විනාඩියක් තියලා යුනිවසිටි එකට ආවා.
...............................🌌🕋🍻
ක්ලබ් එකට ආවම මම හිතුවා ජිමින් මා එක්ක...... ඩ්‍රින්ක්... එකක්...ගනී කියලා.. මේ වගේ තැනක් මෙයාට කොහොමත්ම ගැලපෙන්නේ නෑ... මා එක්ක ආව නිසා හොදයි ඉතින්...
ඇත්තටම ආවේ ඒකට ද... එයාගේ හිතේ මොනවා තියෙනවද මන් දන්නැ...
එයාගේ ඇස් හැමතැනම යනවා.. කෙල්ලෝ දිහාත් නෙවෙයි එයා බලන්නේ කොල්ලෝ දිහා.. කාව හරි හොයනවද මෙයා..
මට ලොකු ඊරිසියාවක් දැනෙනවා ජිමින් මෙහෙම හැසිරෙද්දි. එයා මන් දිහා බලන්නේ නැතුව ආපු වෙලේ ඉදන් නොපුරුදු තැනක පුරුදු කෙනෙක් හොයනවා වගෙයි.
බැරි වෙලාවත් ඒ සුගා වෙන්නෙපා. ජිමින් සුගාට සලකපු විදිහ ගැන මම දන්නවා. එයා ගෙදරින් ආපු දවසේ ඉදන් යොන්ජුන්ට සුගා එක්ක උනු ඒ හැමදේම කියලා තියෙනවා. සුගා මොන වගේ මිනිහෙක්ද.. ආහ් ඒ ගැන හිතලා වැඩක් නෑ..
ඔයාගෙ හිතින් ඒවා අමතක කරවන්න මම ඔන දෙයක් කරන්න ලෑස්ති ජිමින්..
ජිමින් කීවේ එයාට හිතට වද දෙන දෙයක් තියෙනවා ඒ නිසා බොන්න ඔනේ කියලා. ඒක එහෙමම නෙවේ එයා කිව්වේ, ඒ හා සමාන දෙයක්. වැරදි දෙයක් කරන්න ඔනේ කියලා. ඒ ඇස් දැක්කම මට හිතුනේ එයට මේ... අම්...
මන් හිතන දේ නෙවෙයි... එයාට ඔනේ බොන්න ඒ හැරෙන්න වෙන දෙයක් නෙවෙයි.
ඩිස්කෝ එක හැමදාම වගේ කන පලාගෙන යන්න තිබුනා. මම ජිමින්ට කරදර කරන්න ගියේ නෑ. එයාට එයාගේ පාඩුවේ ඉන්න දුන්නා. මගේ ඇස් තිබුනේ එයා ලගමයි. කෙල්ලෝ ඇගේ දැවටුනත් මට කිස් ගානක් උනේ නෑ. ඒ අයටත් තේරුනා මම ජිමින්ට කැමති කියලා. ඒත් එයාට දැනෙන්නේ නෑ.. නෙතන ඕනම කෙනෙක්ට මගේ ඇස් දැක්කම තේරෙන හැගීමොයාට දැනෙන්නේ නෑ.. ඒම තේරෙන්නත් එයා මන් දිහා බලන්න එපැයි...
කවදාවත් මේ වගේ තැනකට ඇවිත් නැති කෙනෙක් හෙලුවෙන් නටන කෙල්ලෝ අස්සේ ඉන්න කොල්ලන්ගේ මූනු වලින් කාවද හොයනවා මට්ට තේරෙනවා. ජිමින්ගේ ඇස් කදුලු වලින් පිරිලා හුගාක් රතුවෙලා.. මට ඔනේ උනත් එයාව සනසන්න මන් ඒකට ක්‍රමයක් දැනගෙන හිටියේ නෑ.
ඕන ට්තරම් කෙල්ලෙන්ව සනසන්න දන්න මන් මෙව් අහිංසකයව සනසන්නේ කොහොමද කියලා දැනගෙන හිටියේ නෑ. මට උනේ එයා දුකෙන් ඉන්නදිහා බලන් ඉන්නඑක විතරයි.
එක්කෝ එයා මෙතනට ආවේ සුගාවත් මෙතන ඉන්නවා කියලා හිතාගෙනද..
ජිමින්ට එයාව බලන්න ඔනෙ උනාද..
මට ප්ර්ශ්න ගොඩයි. එයා සුගාට කැමතිද.. ඒ එයාගේ හෙයොනුත් නෙවෙයිනේ.. ජිමින් සුගා ගැන කියපු දේවල් යොන්ජුන් කිව්ව විදිහෙන්ම මට දැනුනේ ජිමින් සුගාට සහෝදරයෙක්ට වඩා වැඩි කැමැත්තක් දක්වනවා කියලා.
" හෙයොන් මට වොශෲම් යන්න ඔනේ... ගදයි...🤢 "
මන් ඒ ඇස් දිහාම බලාගෙන දේවල් ගැන හිත හිත හිටියා. එයා කොයි වෙලේද ඩ්‍රින්ක් එක බොන්න ඒ ස්කාෆ් එක අයින් කරන්නේ බලාගෙන. ඔන්න එයා එකපාරටම නැගිටලා වොශෲම් දිව්වා.
මෙතන ගදයිනම් තමා... එයා වගේ කොල්ලෙක්ට... මේ වගේ ජරා තැනක් ගැලපෙන්නෙම නෑ..
විනාඩි දයයක් විතර මම වෙරි වෙන්නේ නැතුව ඇස් ඇරගෙන ජිමින් එනකල් බලාගෙන හිටියා. එයා ආවම මෙතනින් එක්කන් යන්න ඔනේ ඉක්මනට. මෙතන එයාට ඉන්න හොද තැනක් නෙවෙයි.
ඔය අතරේ 📲 alert එකක් ආව සද්දෙට මම ෆෝන්ස්ක්රීන් එක ඔන් කලා.
" හෙයොන් අනේ ඉක්මන්ට එන්න... අනේ ඉක්මන්ට එලිය එන්න..."
ඒ ජිමින්..
මොකක්ද වෙලා තියෙන්නේ..
* no one pov *
ජිමින්ගේ මැසේජ් එක දැක්ක ගමන් ජැක්සන් ඉක්මන්ට ජිමින්ව හොයාගෙන එලියට දුවගෙන ගියා. ජැක්සන් එලියට එද්දිම දැක්කේ ජිමින් කාවද මන්දා හොදටම තුවාල උනු කෙනෙක්ව අමාරුවෙන් උස්සන් ඉන්නවා.
" අනේ හෙයොන්... ඉක්මන් කරන්න... හොස්පිටල් එකට යමු.... 😭"
___________________________________
Hola 🙊
ගොඩ කාලෙකිම් ඉතින් 🙂
අද කතාව හරි නෑ වගේ නේද.. එකපාරටම ගහලා දැම්මා වගේ.. මේ කොටස බෝරින් ජැකී නිසා එහෙම හිතෙයි 😂 අතරමැදියා කියලා හිතන්නෙපා වීරයෙක් උනොත් නිකන් හරී එයා 🙂💔
Enjoy 😍
Ishkii...
Bạn đang đọc truyện trên: AzTruyen.Top