20• රන්ඩු ☔︎
යොන්ජුන් ජිමින් දැන් එකටමයි යුනිවසිටි යන්නේ එන්නේ. යොන්ජුන් ජිමින්ගේ පස්සෙන්ම හිටියා. ජිමින්ට යුනිවසිටි එක ඇතුලෙදිනම් ඒ තරම් තනියක් දැනුනේ නෑ යොන්ජුන් නිසා.
යුන්ගි සර්ව යුනිවසිටි එකෙන් සස්පෙන්ඩ් කරලා තිබුනා කේස් කීපයක් මත. එකක් කියලා නෑ කේස් කීපයක්ම යුන්ගි සර්ට විරුද්දව වැටිලා තිබුනා. නීතියෙන් නිදහස් උනත් යුනිවසිටි එකෙන් සස්පෙන්ඩ් කරන්න තරම් ලොකු බලයක් තියෙන කෙනෙක් ඇතුලේ ඉන්න හැඩයි. ඒ වගේම යුනිවසිටි එකෙන් යුන්ගිව අයින් කරන්න කියලා ඉල්ලීමක් පෞද්ගලිකව කරලා තිබුනේ යුන්සන් කියලත් සමහරු කියනවා.
යුන්ගී සර්ව යුනිවසිටි එක ඇතුලෙදී දකින්න ලැබුනෙ නෑ අඩුම ලීවින් එක ගන්නවත් යුන්ගී සර් යුනිවසිටි එකට ආවේ නෑ.
' මෙච්චර දෙයක් වෙලා කොහොමත් කවුරුත් ඉස්ස්රහට එන්න එයාට කොහෙද හයියක්.. '
හැම තැනකම එහෙම කතා උනා.
පැතිරෙන කටකතා හැටියට සුගා මේ හැමදේම කරලා යුන්සන්ගේ බලය නිසා මොකුත් කරපු නැති සුදනෙක් විදිහට එලියේ ඉන්නවා කියලයි කියන්නේ. සුගා ඒ ගැනු කෙනාව මැරුවත් කිසිම අවුලක් නැතුව සුගාට එලියේ ඉන්න හැකි. නීතියෙන් එහෙම නිකන්ම බේරුනත් අනික් හැම අතින්ම සුගාට කෙලින්ම ඇගිල්ල දික්වෙලා තිබුනා මිනිමරුවෙක් විදිහට. කොහෙන් බේරුනත් මිනිස්සුන්ගේ මඩවලින් බේරෙන්න බෑනේ. දකින දේ හැර මිනිස්සු ඊට එහා හොයලා බලල ඇගිලි දික් කරන්නෙත් නෑනේ.
මේ හැමදෙයක්ම මැද යුනිවසිටි එක ඇතුලේ නිකන් හරි ඔලුව උස්සනවා කියන එකත් ජිමින්ට ලොකු හිසරදයක් උනා. මේ වෙද්දී හැමෝම දන්නවා යුන්ගී සර් කියන්නේ ජිමින්ගේ ස්ටෙප් බ්රදර් කියලා. හැම රහසක්ම හ්ම්ගින්නක් වගේ පැතිරිලා ගිහින් තිබුනා. ජිමින්ට එයාගේ මූන වහගෙන ඉන්න තවත් හේතුවක් එකතු උන හැඩයි. ලොකු අපහසුවක් අසරනකමක් එයාට දැනුනා.
නිකමට හිතන්න ලෙච්චර් හෝල් එකේ ලමයි දෙතුන්සීයක් එයාගේ ඔම්ම ඇක්සිඩන්ට් උනු එක ගැන දවසේ මතෘකාව කරගෙන කතා කරනවා ඒ මදිවට සුගා ගැන පුදුම විදිහට බොරු කතා හදලා කතා වුනා. කොච්චර ලොකු වේදනාවක් එයාට ඇතිවෙන්න ඇද්ද මේවා කන ලග ඉදන්ම මෙයාලා කතා වෙද්දී..
ඒවා කියව කියව නිකන් හිටියෙත් නෑ, ඒ හැම වචනයක්ම අවසානයට ඒ අය ජිමින්ට හිනා උනා.. කාත් කවුරුත් නැති අසරනයෙක් කියලා.
කෙල්ලෝ කොල්ලන්ට ඒ නිව්ස් එකේ හැම කෑල්ලක්ම රස දෙයක් උනා මිසක් ජිමින්ගේ තත්වේ කොච්චරනම් දරුනු ඇද්ද කියන තැන කවුරුත්ම හිටියේ නෑ.
ජිමින් පුලුවන් තරම් හුඩි එක ඇදලා කන් දෙකත් වහගෙන පොතකට එබුනා.. ඒ ඇරෙන්න ජිමින්ට කරන්න කියලා වෙන දෙයක් තිබුනේ නෑ. හෝල් එකෙන් නැගිටලා එලියට යන්න පවා ජිමින්ට හැකියාවක් තිබුනේ නෑ. ඒ අට ජිමින් යන්න හද්දී ජිමින්ව වට කරගෙන උනු දේවල් ගැන අහලා කරදර කරන්න පටන් ගන්නවා. මේ දේවල් නිසා ජිමින් ඒ අයගෙන් ඈත් වෙලා ඉන්න උපරිම උත්සාහා කලා.
සුගා ජිමින්ට මුලදී කරපු කියපු හැම දෙයක්ම වගේ කොහෙන්දෝ මන්දා දැනගෙන ජිමින්ට පෝස්ට් පවා යුනිවසිටි එකට අයිති සෝසල් මීඩියාවල හදලා තුබුනා.
////ජිමින් කියන්නේ මගේ මල්ලි නෙවෙයි... එහෙම වෙන්න සුදුසු කෙනෙක් නෙවෙයි ඒ රැවටිලිකාරයා.. එයායි එයාගේ රැටිලිකාර ඔම්මයි හදන්නේ මගේ අප්පගේ දේපල හැමදෙයක්ම උදුර ගන්න... ////
සුගා කියපු වචන වගේම සුගා එහෙම කියන වීඩියෝ ක්ලිප් පවා ජිමින්ට අයිති එකවුන්ට් වලට ටැග් කරලා සෝශල්මීඩියාවල වගේම ගෲප් වල දාලා තිබුනා. තමන්ගෙ බැජ් එකේ අය ඉන්න ගෲප් වල ජිමින් ඉන්නවා කියලා ඒ අය දැනගෙන හිටියා. ඉතින් කාට උනත් හරිම ලේසි උනා ජිමින්ව අපහාසයට ලක් කරලා විකුර්ති සතුටක් ලබන්න.
කෝමත් කවුරුත් ඔහේ නිකන් දවස ගත කරන්නේ නෑ කාවම හරි අපහාසයට ලක් කරලා විහිලු කරලා සතුටු වෙනවා. එතනින් එහාට සිද්ද වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා දුර දිග හිතන්න තරම් මිනිස්සුන්ගේ ආකල්ප වර්දනයක් නෑ. එයාලගේ හිත්වල තිබුනේ එකම දේ කාටහරි මොනාම හරි කරලා හිනාවෙමු කියන දේම විතරයි.
ජිමින්ට දැනුනා එයාගේ ජීවිතේ පලවෙනි වතාවට මේක දරාගන්න බැරි තරම්ම ලොකු වේදනාවක් කියන එක. පොඩිකාලේ ඉදන් දේවල් දරාගත්තත් තවත්නම් මේවා දරාගන්න බැරිවග ජිමින්ට තේරුනා.
ජිමින්ගේ හැම රැයක්ම කාත් එක්කවත් කතා නොකරම ගෙවිලා ගියා. කවිරුත්ම දැන ගන්න ඔනෙ නැති දේවල් පවා මිනිස්සු දැන ගනිද්දී ජිමින්ව තවත් එකම තැනක හිර උනා. මේ හැම දෙයක්ම සුගා කරන දේවල් කියලා හැමෝම කියද්දී ජිමින්ට කෑ ගහලා අඩන්න ඔනෙ උනා.
' ඇයි හෙයොන්ට එහෙම කියන්නේ එයා නෙවෙයි එහෙම කලේ...'
ජිමින්ට එහෙම කියන්න ඔනේ උනා ඒ හැමෝටම... එයාගේ හෙයොන්ට ඇගිල්ල දික් කරන්නෙපා කියලා කියන්න ඔනේ උනා... ඒත් ඒ හැම දෙක්ම එයාගේ ආදරේ පිරුනු හිතට එද්දී කොහෙන්දෝ මන්දා ඇවිත් මතක් කරලා දෙනවා එදා සුගා
" ඔව් ඔව්... මම හිතලමයි එහෙම කලේ ඔව්... මට සමාව දෙන්නෙපා කවදාවත්.. යනවා යනවා ඉතින්... තවත් මොනාද බලන් ඉන්නේ යනවා යන්න..."
එහෙම එක පාරින්ම ජිමින්ගේ මූනටම කියලා කෑ ගැහුවා නේද කියලා...
ගෙදරින් යනවා කියලා ජිමින්ට කෑ ගැහුවම ඊටත් වඩා ඒ හැම දේම කලේ හිතලමයි කීව්වම.... කොහොමද මේ අහිංසකයා තවත් හිතන්නේ එයාගේ හෙයොන් නිර්දෝශී කියලා.
මේ දේවල් කරන්න ඇත්තෙත් එයාමයි කියලා අන්තිමට ජිමින්ගේ හිත පවා සැක කරන්න පටන් ගත්තා. සුගා කවදාවත් වෙනස් වෙන්නේ නෑ... කියන දේ... ජිමින්ට හිතට කා වැදෙන්න පටන් ගත්තා..
දවසින් දවස දවසින් දවස සුගා ජිමින් ගැන දන්න වගේම සුගා ක්ලබ් ගානේ ගිහින් ජිමින්ට බැපුවා වීඩියෝ පිටින්ම යුනිවසිටි එක ඇතුලේ ශෙයා වෙන්න පටන් ගත්තා.
ජිමින් මෙහෙම අසරණ වෙන හැම වෙලාවකම යොන්ජුන් ජිමින්ගේ හිත හදන්න එක එක දේවල් කීවත් ජිමින්ට බැරි උනා එයාගේ හිත නිකන් හරි හදා ගන්න. ඒ හදවත හැමවෙලේම ගිනි ගත්තා. ජිමින්ට යුනිවසිටි යන එක පවා එපා උනා. ඒත් ඔම්මා කැමති උනානේ ජිමින්
හොදට ඉගෙන ගන්නවට. ජිමින් එයාගේ ඔම්මා නිසා එයාගේ යුනිවසිටි ගමන දිගටම ගියා.
.............. 🌄
අද ජිමින්ට විතරයි ලෙච්චස් තුබුනේ. යොන්ජුන්ට හරි දුකයිමේ වගේ දවස්වලට. ඉතින් ජිමින් එක්ක එපාර්ට්මන්ට් එකේ පල්ලෙහට ආව යොන්ජුන් ජිමින්ට සමුදීලා හැරෙද්දිම කා එකක් ඇවිත් හයියෙන් හෝන් කලා යොන්ජුන්ව උඩ ගිහින් විසික් වෙන්නම.
ඒ අලි නලා හෝන් එකේ සද්දෙන්ම යොන්ජුන් දැන ගත්තා ඒ එයාගේ කරදරකාර හෙයොන්ගේ කා එක කියලා.
" ඔහ් හෝ ඔන්න ඇවිල්ලා අලි ඔලුගෙඩියා.. "
යොන්ජුන් ආපිට හැරිලා ජිමින්ගේ කරට පයින ගමන් කෑ ගැහුවා.
" අන්යාසෙයියෝ.... "
ජැක්සන් කා එකෙන් බැලා එයාලා දිහාවට හරිම කූල් එකේ ඇවිදන් එද්දී ජිමින් ජැක්සන්ට ආචාර කලා.
" ජිමින් මා එක්ක යමු... මාත් යුනිවසිටි එකටමයි යන්නේ.. යමු..."
" ඇයි හෙයොන් මේ පැත්තෙන් ආවේ 😌 මන් අද යුනිවසිටි යන්නේ නෑ කියලා දන්නවනේද... 😉
අ.. අ.. ආආආ.... ඕහ්...... මම යන්නැති උනාට අද ජිමින් යනවනේ.... ඒකයි... එහෙනම්.... නේහ්..."
ජැක්සන් ජිමින්ට කා එකට නගින්න කියලා දොර අරිද්දී යොන්ජුන්ගේ බ්රේක් නැති කට ජැක්සන්ව අවුස්සන්න පටන් ගත්තා. යොන්ජුන් ඉතින් එක එක ඒවා කියවන්න පටන් ගත්තා.
ඒකට අතරමැදිව ඉන්න ජිමින් අර දෙන්නගේ මූනු දිහා මාරුවෙන් මාරුවට බැලුවේ මේ මොනාද මේ කියන්නේ වගෙයි... යොන්ජුන් ඒක කිව්වෙත් හරිම අමුතු විදිහටනේ.. ජිමින් එයාගේ ලස්සන හුරතල් ඇස් ලොකු කරම් බලන් හිටියා.
" ම..ම... මේ... නිකන් මේ පැත්තෙන් ආවේ... ඒ එද්දී ජිමින් මේ යනවා දැකලා ඉතින් මම මේ..... ඒකයි නැවැත්තුවේ... තව ප්රශ්න තියෙනවද පොඩි එකෝ..... "
" ආ හෙයොන් එතකො.."
" නෑ ඒවා අහන්න උබට ඔය දත් ටික ඉතුරු වෙන්නෑ.. ඔහොම ඉන්නවා... "
" අම්ව්.. අව්... ජි..ජි... හෙ...ජ්..."
ජැක්සන් අර පුංචි කොල්ලා යොන්ජුන්ව එයාගේ පිරිනු ශක්තිමත් අත් අතරේ පොඩි කරගන්න පටන් ගනිද්දී ජිමින්ට කලින් කියපුවත් අමතක උනා.
..................................⌛️
.................................🚗🏬
" ම්.. යුනිවසිටි එකෙන් පස්සේ අද හවස.. ජිමින්.. "
" මොකුත් නෑ... මම් කිව්වේ... මම ෆ්රී... "
ජැක්සන් වෙන්දටත් ජිමින්ගෙන් මෙහෙම අහනවා. එ වෙලාවට ජිමින්ට ජැක්සන් එක්ක විතරක් තනියමනම් යන්න හම්බෙලා නෑ. නෑ ජැක්සන්ට තමයි ජිමින් එක්ක තනියම යන්න ලැබුනේ නැත්තේ මොකද ඒ හැම තැනකදිම යොන්ජුන් පැනගෙන එයාලා එක්ක ආවනේ. ජැක්සන්ට ජිමින් එක්ක කාලය ගත කරන්න උවමනාවක් තිබුනත් යොන්ජුන් ජිමින්ගේ නැට්ට වගේ නිසා ජැක්සන්ට ඒක කරන්න බැරි උනා. ඒත් අද කවදාවත් නැතුවම අහන තප්පරේට ජිමින් ජැක්සන් එක්ක එලියට යන්න කැමති උනා.
" වෝව්.... නියමයි... එහෙනම්... මම හිතා ගන්නද මේක ඩේට් එකක් කියල... 😉😅"
ජැක්සන් ඇගට නොදැනී විහිලුවෙන් වගේ කියලා දැම්මේ ඇස් වලින් කියවෙන ඇත්තම හැගීමයි.
ජිමින් ඉතින් ඒක විහිලුවක් විදිහටමයි දැක්කා..
" හෙයොන්.. 😄"
ජිමින් හිනාවෙලා ඉස්සරහා බලගත්තා. ජැක්සන් ජිමින් අහක බලාගන්නකල් ඉදලා ඉස්සරහා තියෙන කන්නාඩිය ජිමින්ව පේන විදිහට තමන්ගේ පැත්තට හදා ගත්තා.
" හරි... ජිමින් මොනවගේ දෙයක් කරන්නද කැමති... එතකොට කොහෙද ඔයා යන්න කැමති... මට කියන්නකෝ බලන්න.... "
" මට.... හුගක් *** ඔනෙ... "
එක පාරටම පාර මැදම ජැක්සන් කා එක නැවැත්තුවේ නවත්තගන්න බැරි කෑස්සකුත් එක්කයි.
ඒ පාර පුදුමෙන් ඇසුත් ලොකු කරගෙන ජැක්සන් ජිමින් දිහාවට හැරිලා
" ජිමින්... ආ යූ සිරියස්.. "
මිනිස්සු හෝන් එක උඩ ඉදගෙන ජැක්සන්ට බනිද්දී ජැක්සන් ආයිමත් කා එක ඉස්සරහට ඩ්රයිව් කරගෙන ගියේ.
" හ්ම්... "
ටිකක් වෙලා ඔහේ ඩ්රයිව් කරන් ගියපු ජක්සන් කිසිම දෙයක් හිතාගන්න බැරුව උඩම බොත්තම ගලෙව්වා. දැන් ත්මයි ජැක්සන්ට රිලැක්ස් උනේ.. ජිමින් වගේ කෙබෙක් කවදාවත් මේ වගේ දෙයක් කරන්න ඔනේ කියයි කියලා ජැක්සන්ට නිකමටවත් හිතෙන්නැතුව ඇති.
" හෙයොන්.. මට ඇත්තටම ඒක කරන්න ඔනේ...."
____________________________________
Hola 😴
එය පලිගැනීම නම් විය...🙂💔
ඉල්ලන්කෑම මගේ ක්රමය විය..🙂💔
ආයිනම් මන් ඒවගේ දේවල් කියන්නෑ සත්තයි 🙂 මන් ආයි කියන්නෑ 😂 පාන්දර දාපු චැප්පට දවල් වෙද්දී 100 පැන්නුවා 😒
🙂 ඉතින් මාත් පලිගන්න හිතුවා ❤️ ජිමින් මොනාද හිතුවෙ කියන එක දැන ගන්න වෙන්නෙ නෑ දැන් උයාලට 🙂💔 මන් ආයි එන්නෝනී කවද්ද සතියකිම් 😌💔
නෑ නෑ ඉක්මන්ට දෙනෝ 😍
enjoy😍
Ishkii...
Bạn đang đọc truyện trên: AzTruyen.Top