19• මතකයන් හිත පාරවයි☔︎
සතියකට පසු...
" ජිමින්ශී.... ඔයා දැන්ම එලියට එනෝද... අම්... නැත්තම්ම්ම්ම්..."
" යොන්ජුන්... මට තව ටික වෙලාවක් දෙන්න... මම එන්නම්.."
" හරි..... ඉක්මන්ට එන්න බඩකිනී... "
ජිමින් බාතෲම් එක ඇතුලේ පැයකට වඩා හිටියා. බැරිම තැන යොන්ජුන් ජිමින්ට කතා කලේ රෑට කන්න එන්න කියන්නත් එක්කයි. ඒත් ජිමින්ටනම් කන්න උවමනාවක් නැති හැඩයි. යොන්ජුන් දොරට තට්ටුවක් දාගෙනම අපිට හැරිලා එයාගේ ඇදට ගියා.
ජිමින්ගේ අතේ තිබුනේ ලා රෝසපාට රෙද්දක්..ඒකේ හැම තැනමවගේ ලේ පැල්ලන් තිබුනා.
එදා ඔම්මා ඇක්සිඩන්ට් වෙද්දී ඇදන් හිටපු ඇදුම් ඩොක්ටස්ලා අයින් කරද්දී ජිමින් ඒවා අරගෙන ලග තියා ගත්තා. ඒ ඇදුම අතට ගන්න හැම වෙලාවකම ජිමින්ට ඔම්මගේ වේදනාව දැනුනා.
බාත් එක අයිනේ බිම වැතිරිලා ඉදපු ජිමින් එ ඇදුම පපුවට්ට තුරුල් කරන් අඩ අඩ හිටියා. ඒ තොල් එක එක දේවල් මැතුරුවා. සුගාට බැන්නා වගේම සමාව දුන්නා. ඒත් ඒ මූන දකින්නනම් ආයි ජිමින්ට යන්න ඔනෙ උනේ නෑ.
ජිමින් අන්තිමට හිත හදා ගත්තේ ඒ ලේ හෝදලා දාන්නයි.
කොහොමද ඒ අහිංසකයා අන්තිමට තමන්ගේ ඔම්මගේ ලේ හෝදලා දන්න හිත හයිය කර ගත්තේ.
කම්බුල් දිගේ ගලන කදුලු අතින් පිහි දැම්ම ජිමින් හිමීට නැගිටලා ස්න්ක් එක ලගට ඇවිදගෙන ගියා. අත් වගේම කකුල් පවා වෙව්ලනවා.
ඉස්සරහිම් තිබුනු කන්නාඩිය දිහා බලාගෙන
" ම....ම...ට පු.....ලුව...ම්...."
පැටලෙන වචන අතරින් ඉකි ගගහා ජිමින් ටැප් එක ඇරලා ලේ පැල්ලම් හෝදලා දැම්මා..
තවත් විනාඩි විස්සකට විතර පස්සේ ජිමින් ඒ ඇදුම් වේලෙන්න දාලා එලියට ආවා. ජිමින් ඇදන් හිටපු ඇදුම ටිකක් ලොකු එකක් නිසා බෙල්ල වැහෙන කොටස නවන්නේ නැතුව ජිමින් ඒකෙන් මූන වහගෙන හිටියා. දැන් ඉන්නේ ගෙදර නෙවේ නිසා ජිමින්ට සිද්ද වෙනවා එයාගේ මූන හැම වෙලේම වහගෙන ඉන්න. ජිමින්ගේ ඇදුම් උනත් භාගෙට භාගයක් එයාගේ පුංචි ඇගටත් වඩා ලොකු නිසා ජිමින්ගේ එයාගේ ඇදුම් වලින්ම එයාගේ මූන වහගෙන ඉන්න පුලුවන් උනා.
ජිමින් තවත් මූන වහ වහ යොන්ජුන් ඉන්න දිහාවට ගියා.
" බඩගිනීඊඊඊඊඊඊඊ...."
යොන්ජුන් ජිමින් එලියට එනවා දැකපු ගමන් ඇදෙන් කරනමක් ගහලා බිමට පැන්නේ පුදුම සතුටකින්. හතවුරුද්දකින් කන්න හම්බෙලා නෑ වගේ බඩගින්නක් ඒ පොඩි කොල්ලට තිබ්බේ.
" හ්ම්... කමූ...
අහ්ම්.. මේ... යොන්ජුනා....."
"ඕඕ කියම්ට🤖.."
"කුමාවෝ..."
" ඔහ් වේ😳...."
" මම් වෙනුවෙම්...... ඔයාලා මේ කරපු දේවල්වලට.. 😞"
" ඉතින් හොදමආආආඅ යාලුවෝ ඉන්නේ ඒකටනේ... අම්... ඒ කියන්නේ ජිමින් මේ එපාර්ට්මන්ට් එකට කැමතිද..."
" ඔව් මන් හුගාක් කැමති මෙතනට..."
" කොච්චර ශෝක්ද.... මගේ කරදරකාර හෙයොන්ට තමා ලොකුම උවමනාව තිබ්බේ ජිමින්ට මේ අපාර්ට්මන්ට් එකම අරගෙන දෙන්න.. "
යොන්ජුන් චොප්ස්ටික් එකෙන් රාමෙන් කටට ඔබාගන්න ගමන්ම කියවන්න පටන් ගත්තා. ජිමින් ඒ හැම දෙයක්ම ඕනකමින් නැතත් අහගෙන හිටියා. ජිමින්ට ඔනෙ කරලා තිබුනෙ එයාගේ හිත වෙනතකට අරගෙන යන්න.
ජිමින්ට යුනිවසිටි එකේ තියෙන හොදම එපාර්ට්මන්ට් වලින් එකක් වෙන් කරලා දෙන්න ජැක්සන් වගබලා ගත්තා. ජිමින් එක්ක නවතින්න යොන්සනුත් ආවේ යොන්ජුන්ට එයාගේ ගෙදර තනියෙම කම්මලිකමේ ඉන්න බැරි නිසයි. ජැක්සන් උනත් වැඩිහරියක් හිටියේ යුනිවසිටි එකේ නිසා යොන්ජුන් ගෙදර හිටියේ තනියම. යොන්ජුන්ගෙත් ඔම්මා අප්ප කියන්නේ බිස්නස්මන්ලා එක ගැන අහන්න දෙයක් නෑ ඉහලම පන්තියේ අය. ඉතින් ඒකත් හේතුවක් වගේම ජිමින් ඉන්න තත්වෙත් එක්ක යොන්ජුන්ට ඔනෙ උනා ජිමින් ලගින්ම ඉන්න ජිමින්ව තනි නොකර.
"ජැක්සන් හෙයොන් හුගාක් කරදරවෙලා නේද... "
යොන්ජුන්ගේ කයිවාරුව අතර තුරේ ජිමින් ඇහුවේ කෑම මේසෙට පේන මානේ තියෙන බාතෲම් එකේ කොනට වෙන්න තිබුනු ඔශින්මැශින් එක දිහා බලාගෙනයි. මේ කිසි දෙයක් ජිමින් අරන් ආපුවා නෙවෙයිනේ. එපාර්ට්මන්ට් එකේ රෙන්ට් එක විතරයි ජිමින් ගෙව්වේ.
ජිමින්ගේ හිතේ කොනකවත් කෑම කන්න ඔනේ කියන අදහසනම් තිබුනේ නෑ. යොන්ජුන් කොච්චර ජිමින්ව කෑම මේසෙට ඉන්දුවන් ජිමින් කෑවේ නෑ. යොන්ජුන් වෙලාවකට හිතුවා එයා ඉන්නකොට මූන පෙන්නන්න අකමැති නිසා ජිමින්ට කන්න විදිහක් නැතුව ඇතිත් කියලා. ඒත් යොන්ජුන් එහෙම හිතනවා ඇති කියලා ජිමින්ට දැනිලම එයා කීප පාරක්ම යොන්ජුන්ට තේරුම් කලා ඒක එහෙම දෙයක් නෙවෙයි කියලා.
" එහෙනම් මගේ තේරිමට ඔයා කැමති.."
ටික වෙලාවකට පස්සේ ජිමින් හැන්දෙන්න් රාමෙන් එහාට මෙහාට කර කර කල්පනා කර කර ඉද්දී ඔන්න පිටිපස්සෙන් ඇහුනා කවුදෝ කෙනෙක් කතා කරනවා.
ජිමින් බෙල්ල හරවලා පිටිපස්ස බලද්දී යොන්ජුන් කටේ කෑම පිටින් තඩි හිනාවකුත් දාගෙන පුටුවෙන් නැගිටලා ඒ කටහඩ ඇහුනු දිහාවට දිව්වා.
ඒ ඇහුනු උස් ගාම්බීර කටහඩ හුරුපුරුදු නිසා ජිමින් පුටුවෙන් නැගිටලා මේසේ අයිනට ගිහින් හිටගත්තා ඒ කෙනාට ආචාර කරන්න කියලා.
" අන්යාසෙයියෝ.."
යොන්ජුන් ජැක්සන්ගේ අතින් ඇදගෙන ඒ දිහාවට එද්දී ජිමින් ජැක්සන්ට උණුසුම් මිත්රශීලී විදිහට ඔලුව නමලා ආචාර කලා.
" මට ඇහුනා ජිමින් එපාර්ට්මන්ට් එකට කැමති කියනවා.. "
" අපෝ පිස්සුද කරදරකාර හෙයොන්.. ඒ මේ ඔයාගේ හිත රිදෙයි කියලනේ ජිමින් එහෙම කිවේ... "
" ආහ් ඇත්තට.. මේකා.... ඇත්තමයි... මැරෙන්න ආසද... ආ.. "
" හහ් හරි වැඩක් කලායි කියලා හිතම් ඉන්නේ.. කවුද ඔයාගේ තේරිම්වලට කැමති.. ශීයා... "
" මගේ තේරිම්වලට හැම කෙල්ලම කැමති.. දැන ගන්නවා උලමෝ.."
" උලමා... මගේ මේ ලස්සන මූන බලාගෙනද උලමා කියන්නේ... හෙයොන් ගිහින් කන්නාඩියෙන් බලනෝකෝ ඔයා නිකන් පස්ස රතු බැබූන් කෙනෙක් වගෙයි.. "
" ආ මට පේන්නේ ඔහෙට මැරෙන්න ඔනෙ වෙලා තමයි.. ඔම්මා කියන්නේ හැම වෙලේම ඔහෙගේ කට වැඩි කියලා දැන්.. ඉන්නවා ඔක මහනවා අද මම... මෙහේ එනවා.. "
" ආර්ග්ෆ්ග්ග්ග්ග්...... මගේ බෙල්ල රිලා මොටා... "
ජැක්සන් යොන්ජුන්ගේ බෙල්ල වටේට අත යවලා යොන්ජුන්ගේ බෙල්ල හිරකර ගන්න ගමන් අනික් අතික් ඒ කොල්ලගේ කොන්ඩෙන් ඇද්දා. යොන්ජුනුත් වැඩේ අත ඇරියේ නෑ එයාගේ කකුල ජැක්සන්ගේ කකුල වටේ යවලා කෝමහරී බරදාලා ජැක්සන්ව බිම දාගන්න උපරිම උත්සාහයක යෙදුනා.
යොන්ජුන්ගෙයි ජැක්සන්ගෙයි වලි කියන්නේ යුනිවසිටි එකේ පවා දැන්හරි ජනප්රිය දෙයක්. ජිමින් උනත් හරිම කැමති ඒ වෙලාවට දෙන්නගෙන් හුවමාරුවෙන රස කතා අහන්න. දෙන්නට දෙන්නගේ හොර වැඩ හැම එකක්ම එලියට දාගන්නේ මේ දෙන්නා මෙහෙම වලි දාගන්න වෙලාවටනේ.
අනේ ඉතින් ජිමින් අත් දෙකෙන්ම ඇදුමට වැහුනු කට වහගෙන හිනා වුනා මේ දෙන්නගේ රන්ඩුව දිහා බලාගෙන. අනේද කියන්නේ ඉතුන් මේ දෙන්නට තැනක් නොතැනක් නැනේ රන්ඩු වෙන්න.
ටිකක්වෙලා යද්දී තමයි ජැක්සන්ට ඉන්නේ කොහෙද කා ඉස්සරහද ඉන්නේ කියලා මතක් උනේ. ජිමින් එයාලා දිහා බලන් ඉන්නවා කියලා තේරුනු ගමන් ජැක්සන් ටක්ගාලා යොන්ජුන්ව බිමට අත ඇරලා කෝට් එක හදා ගත්තා. නිකන් ' මෙතම මොකුත් උනේ නෑ, මම හරිම වැදගත් කෙනෙක් '
කියලා ජිමින්ට තේරෙන්න වගේ.
ජැක්සන් කෝට් එක හදාගෙන ජිමින් දිහා බැලුවේ
'මොනා හිතුවද දන්නෑ ජිමින් '
කියලා ලැජ්ජවෙන් වගෙයි.
ජැක්සන්ගේ ඇස් එහෙමම ජිමින්ගේ හිනාවෙන ඇස් ලග නතර උනා.
'හිනාවත් එක්කම ඒ ඇස් පියවිලා හරිම ලස්සනයි. ලස්සන හුරතල් හිනාවක් ජිමින්ට තියෙනවා'
ජැක්සන්ගේ හිත ඒ ලස්ස්නට කීරී ගැහුනා.
ඒ හිනාව හුගක් වෙලා තිබුනා. ජැක්සන්ට ඇතිතරම් බලාගන්න කියන්න වගේ.
ජීවිතේට යොන්ජුන්ව පොලේ ගහලා මිසක් අත අරින්නේ නැති ජැක්සන් එක පාරටම එයාව අත අරිය නිසා
'මේ මොකක්ද අනේ මේ උනේ..' වගේ යොන්ජුන් කොන්ඩේ හද හද ජැක්සන් දිහා බලද්දීයී යොන්ජුන් දැක්කේ
ජැක්සන් ජිමින් දිහා ඇහි පිල්ලම් නොගහම බලන් ඉන්නවා.
යොන්ජුන්ට හිනත් එක්ක ජැක්සන් හොල්මනක් වගේ ජිමින් දිහා බලන් ඉන්න විදිහ දැකලා. යොන්ජුන් බිත්තිය බදාගෙන නැගිට්ටේ කටවහගෙන හිනාවෙව්යි. කොහෙද ඉතින් යොන්ජුන් කොල්ලට ඒ අවස්තාව තවත් වෙලා නරඹන්න බැරිඋනා එයාගේ මෝඩ හිනාව බ්රේක් නැතුවම එලියට පැන්න නිසා
" බුහ... 😂 හහ්... 🤭හහ්.. 😂හා.. "
යොන්ජුන්ගේ හිනාව නිසා උඩ ගිහින් වගේ පියවි සිහියට ආපු ජැක්සන් හිතාමතාම යොන්ජුන්ගේ කකුල හයියෙන්ම පෑගුවා.
" ආ ආ ආව්ව්ව්ව්ව්ව්ව්ව්ව් "
පව් අහින්සකයගේ කකුල චර්ස් ගෑවා🙂.
යොන්ජුන් කකුල අල්ලගෙන කෑ ගහද්දිම
" අම්... මේ... එහෙනම්... මම යනවා... ගුඩ් නයිට් ජිමින් හොදට නිදා ගන්න.. "
එහෙම කියලා රොබෝ කෙනෙක් වගේ අත වනපු ජැක්සන් ඉක්මන්ට හැරිලා යන්න ගියේ,
යොන්ජුන් හින්දා ජිමින් ඉදිරියේ තවත් එයාව විහිලුවක් වෙන්න කලිනුයි.
___________________________________
Hola 🙊
කෝමද මාගේ දයාබර රීඩර්ස්වරුණී.. සුභ උදෑසනක් ඔබ සැමට 🙂💔
අද කලවම කෙසේද...
මේ හෙලවෙන මනස ගැන යමන් පවසන්න...
ඔබගේ ඔය ආඩම්බර දෑතින් වෝට් කිරීමටද අමතක නොකරන්න.. 🙂💔
ඊලග පාර්ට් එක එපානම් වෝට් දාන්නෙපා, ඔනෙනම් දාන්න 😌
100ට වඩා තිබ්බෙ නැත්තම් ආයි මාසෙකින් තමා දෙන්නෙ 😒
දවස් දෙකෙන් 100ක් එනව කෝමත්. මන් කියන්නෙ දවසින් ඔනේ කියලා 🙂💔
දවසිම් හුඩේ 🙄
හෙට රෑ වෙද්දී 100ක් තිබ්බොත් 🙂 මම හෙට පාර්ට් එකක් දනවා 🙂💔💔💔💔💔💔💔
( එක වැඩිද මන්ඩා 🙂💔)
එක්කෝ 100 පන්නලා තිබොත් විතරක් හෙට දාන්නම් 🙂💔
+++++++++++ ++++++++++++
මාගේ ලව් බයිට් කතාව සහා හොලමන් කතාව අවෝර්ඩ් බුක් එකක මේන්ශන් කරලා ඔයලා දාලා තිබ්බා.. මන් කෝමයි ඔයාලට ආදරෙයි කියන්නොනී 😥
මගේ උපරිමේ මම ඔයලගේ රසාස්වාදයට කතා ලියනෝ.. 🙊
මේක හැකියාවක්ද කියන්නනම් දන්නෑ ඒත් සෙක්ස් මේන් කරගන්නේ නැතුව කුතුහලේට මගේ කතා කියවන අයයි එහෙම් පිටින්ම මේකේ ඉන්නේ.. ඉතින් මට හුගක් ආඩම්බරයි ඒ නිසා.. 😎
මොන අවෝර්ඩ් එක ලැබුනත් වැඩක් නෑ,,,, දන්නෝද ඔයාලගේ මරන තර්ජනීය වගේම ආදරනීය කමේන්ට්ම මට අවෝර්ඩ් එකක්.. 😻 ඒක කියලා නිම කරන්න බෑ... 📉
ලොකුකම් කියෙව්වා ඇති නෙහ්🙂💔
එක එක ඒවා කරලා මාව සර්ප්රයිස් කරන අයටත් ගොඩාක් ආදරෙයි හොදේ 😂 එයාලවත් මතක් කරන්නොනී 🙊 නම් කියන්න එපා නේද මට බෝම්බ එවයි 😂💔
අවසානයට ඔන්න කමේන්ට් බොක්ස් එකට යන පාර ⬇
Enjoy 🤗
Ishki...
Bạn đang đọc truyện trên: AzTruyen.Top