18• හැරයාම ☔︎
" මන් දන්නවා පුතේ... ඒකට කමක්... ඒත් මගේ පුතා ඉන්නේ ලොකු කරදරේක... මගේ පුතාට ඇත්තටම ආදරේ කරන කෙනා පුතා එනකල් බලන් ඉන්නවා... හෙට දවස ගැන මම බයයි... එයාව ඔයාට නැතිවෙයි... හෙට තනියම ගෙදර යන්න... හැමදේම වෙනස්වෙයි එතකොට...
තේරුනාද...
තනියම ගෙදර යන්න...
තනියම...."
සුගා ගැස්සිලා වගේ ඇහැරුනේ එදා රෑ ඔම්මා ඇවිත් කියපු දේවල් හීනෙන් පෙනුනු නිසයි. සුගාට ඒ හැමදේම තේරුම් ගියේ එදා අනතුරෙන් පස්සෙයි. හුගාක් දේවල් වෙනස් වෙලා තියෙන පාටක් එයාගේ මූනෙන් පෙනුනා. ඊයේ මුලු රැයක්ම ජිමින්ගේ කාමරේ දොර ලග ලග වාඩි වෙලා ඉදපු සුගා කලපනා කලේ ඊලගට මොකක්ද කරන්නේ කියන දේ ගැනයි.
සුගා දන්නේ නෑ ජිමින්ගේ ඔම්ම තවමත් ඉන්නවද නැද්ද කියන එකවත්. නීතියෙන් එයාව නිදහස් උනේ ජිමින් නිසයි. සුගාට මොනාද කරන්න ඔනෙ කියලා හිතා ගන්න බැරුවයි ඉන්නේ. හැමදේම ඔලුව ඇතුලේ හිරකරගෙන පිස්සෙක් වගේ ජීවත් වෙන්න වෙලයි සුගාට වෙලා තියෙන්නේ. සුගා දැලට අහුවෙලා හිටියා හැම පැත්තෙන්ම ගැලවෙන්න බැරි විදිහට. කොගෙන් හරි ලෙහා ගන්න බැලුවත් තවත් දැලට අහුවෙලා හිර වෙන එකයි සිද්ද උනේ. පාන්දර වෙද්දී සුගා අයෙමත් එයාගේ ඇදටම ගිහින් තිබුනා.
ඇදේ උඩ අතට පෙරලුනු සුගා එහෙමම ඇදේ ඉදගත්තා. තවමත් ඔලුව ඇතුලෙන් දෝංකාර දෙන්නේ එදා ඔම්මගේ ආත්මය කියපු දේවල්.
" මන් මේ දේවල් හරි ගස්සනවා කොහොම හරි. මට ඇත්ත කියන්න බෑ. ඇත්ත කිව්වොත් ජිමින්ගේ ජීවිතේ මගේ ඉස්සරහම නැතිකරලා දායි. ජිමින්ට මොකුත්ම වෙන්න දෙන්නේ නෑ. මේක උනේ මන් නිසයි.. මම මම.."
එයා එයාටම මුමුනගෙන දෑතින්ම ඔලුව බදා ගනිද්දී,
එලියෙන් ඇහුනා මොකක්දෝ බරදෙයක් කවුරුහරි ඇදගෙන පල්ලෙහාට යනවා. සුගා ඒ විදිහටම තප්පරයක් විතර ඒ සද්දෙට ඇහුන් කන් දුන්නා.
ඊලග තප්පරේට වෙන දේ තේරිලා වගේ හොදටම දාඩිය දාපු සුගා මාරම වේගෙන් දොරත් ඇරගෙන කාමරෙන් එලියට ගියා.
" ජිමින්....."
සුගාගේ කටහඩ හරිම හිමීට ඒත් පැහැදිලිවම ඇහුනා...
"ඔයා... මාව දාලා යනවද ජිමින්..."
බැගෑපත්වෙන්න වගේ ඒ කටහඩ දුකෙන් බර උනා.
ජිමින්ගේ අත්වල තිබුනේ එයාගේ සූට්ස්කේස් දෙකක්.
ඔව්.. එයා යන්නයි හදන්නේ.
සුගාගේ කටහඩ ඇහුනු ගමන් ඒ ඇස්වල කදුලු පිරුනා. ඒත් ඒ විනාඩියට එයා උරහිස උස්සලා එයාගේ මූනේ තිබුනු කදුලු පිහි දා ගත්තා. ඊලගට එයා සුගා දිහාවත් නොබලම යන්න ගියා.
සුගා පඩිපෙල බැහැගෙන ජිමින් පස්සෙන් එලියට දුවගෙන යද්දී යුන්සන් ජීවුගෙත් යුන්සන්ගෙත් බඩු කා එකට පටවන ගමන් හිටියා. මොනාද වෙන්නේ කියන දේ කිසිම වැටහීමක් සුගාට තිබ්බේ නෑ. ඒත් එයාලා යන්න යනවා කියන දේ සුගාට හොදටම තෙරුනා.
එයාව තනි කරලා ඒ හැමෝම යනවද.. එයගේ පවුලේ අය එයාව දාලා යන එක.. මේකද සුගාට ලැබෙන දඩුවම.
" අ..අ..ප්පා.... අ...
ජි..ජිම්න්... මාව... දාලා කො..හෙද.. යන්නේ...
ජි..මින්... ඉන්න.. මේ බලන්න..."
අප්පාට කතා කලත් අප්ප සුගා දිහාවත් නොබල සුගාවත් තල්ලු කරගෙන ගේ ඇතුලට ගියේ ඉතිරි බඩු ටිකත් අරන් එන්නයි. ජිමින් තවමත් එයාගේ බඩු ඩිකියට දාන ගමනුයි හිටියේ.
ඒ අත් වෙව්ලන හැටි සුගා දැක්කා. දෙන්නම අඩනවා. ඒත් ජිමින් එයාගේ කදුලු වැටෙන්න වැටෙන්න සුගාට පේන්නේ නැතිවෙන්න පිහි දැම්මා. ඒ මූන ඉදිමිලා තිබුනා. ඒ කම්බුල් රතුපාටින් දිලිසෙනවා. දරාගන්න බැරි වේදනාව පුදුම අමාරුවකින් හිරකරගෙන ජිමින් ඉතිරි බෑක් එකත් උස්සලා ගත්තා.
ඒත් එක්කම වෙව්ලන ජිමින්ගේ අත් දෙකම අල්ල ගත්ත සුගා ජිමින්ව එයාගේ දිහාවට හරව ගත්තා. ජිමින්ගේ අත්වල තිබුනු සූට් කේස් එක බිමට අත ඇරපු සුගා ජිමින්ව ලගට ඇදලා ගත්තා.
" ම..මට.. දඩුවම් දෙනවද... ජිමින්.... ජිමින්... මන් දිහා බලන්නේ නැද්ද ඔයා... මගේ ඇස් දැක්කනම් ඔයා මට මෙහෙම කරන එකක් නෑ... ජිමින් මන් දිහා එකම එක පාරක් බලන්න... ජිමින්...
මෙහෙම යන්නෙපා මන් ඔයාලග ඉදගෙන ඔයා කියන ඕනම දෙයක් කරන්නම්... මම.. මම.. ඔයාගේ වැඩ කාරයෙක් වෙන්නම්.. ඔයා මට කලා වගේ...ම..මන්... මන්.. කරන්නම්.. ඔයා කියන ඕනම දෙයක්... කරන්නම්... එක දෙයයි ඉල්ලන්නේ මාව දාලා යන්න එපා..."
සුගාගේ කටහඩ හුගාක් රලු වෙලා තිබුනා. සුගා එයාගේ කටින් වචන පිට කලේ බොහොම පරිස්සමෙන්..
එයාගේ ඇස් බයෙන් පිරිලා තිබුනා. දෙයක් හන්ගනවා වගෙයි. ඔව් ලොකු දෙයක් හන්ගනවා වගෙයි. ඒත් ඒක ජිමින්ට කියන්න බෑ වගේ.. සුගාගේ මූන එන්න එන්නම අදුරු උනා... එයාට හැමදේම ජිමින්ට කියලා දාන්න ඔනේ උනා.. ඒත් සුගා ඒ ඇත්ත පිට කරන්න යද්දී එයාව එතනම හිර උනා.
තොල් තදින්ම හපාගෙන හිටපු ජිමින්ට තවත් එයාගේ කදුලු වේදනාව දුක හිර කරන් ඉන්න බැරි උනා.
එයාගේ ඇගෙන් සුගාව පැත්තකට තල්ලු කරපු ජිමින්
" වේඑ............... "
ජිමින් හයියෙන් කෑ ගැහුවා.
" එකම එකපාරක්වත් දැනුනේ නැද්ද... හෙ..හෙයොන්... ම..ම...
ඒන්න එපා මගේ ලගට...
ඔයා කොමද... ම...ම...ගේ ඔම්..මව.. එහෙම පාරේ දාලා ගියේ... ආ.... කියන්න හෙයොන්... ආ...
වේ.....
ඔයා කෝමද... ඒම කලේ.... වේ... එහෙම කලේ ඇයි...
එයා එදා ඔයා වෙනුවෙන් ඩිනර් ලෑස්ති කරන්නයි හිටියේ... හුග කාලෙකින් එකට හිටියේ නෑ කියලා එදා තනියම එලියට ගියේ ඔයා ආස කෑම වලට බඩු ගන්න.. ඔයා ඒක දන්නෙවත් නෑ නේද... හෙයොන්.. මගේ ඔම්මට ඔනි උනේ ඔයාට ඔම්ම කෙන්ව්ක් වෙන්න...
වේ හෙයොන් වේ....
ඔයා කෝමද එයාව එහෙම පාරේ අයිනේ නිකන් එහෙම දාලා ගියේ... මට මට... සමාව දෙන්න තිබුනා හෙයොන්.. ඔයා ඔම්මව එහෙම අනාතයෙක් වගේ දාලා යන්නැතුව එවෙලාවෙම හොස්පිටල් අරන් ගියානම්...
හෙ..යොන්... ඔම්ම... ඔම්මා.. කිව්වා ඔයාට හුගාක් ආදරෙයි කියලා... හෙයොන් දන්නවද ආඅ... අන්තිමට එයා හොස්පිටල් එකට ගෙනියද්දී කිවේ ඔයාට සමාව දෙන්න කියලා ඔයා වැරදි නෑ කියලා..
මගේ ඔම්මා.. එයා හුගාක් අහිංසකයිනේද... හෙයොන්... කියන්න...
කෝ..මද... හෙයින් එහෙම ක..ලේ... එයා කිසිම වැරැද්දක් කරලා නෑ... කිසිම වැරැද්දක් කලේ නෑ... ඔයාට...
අනී... අනියා..
අනී... ඔ..ඔයා මටයි ඔම්මටයි වයිර කරනවා... හා... දිගටම කලා නේද... තානත් කරනවා...
ඔයා ඔයා... කවදාවත් වෙනස් උනේ නෑ..... වෙනස් වෙන්නෙත් නෑ... ඔයා මහම මහා ආර්ත්මාර්තකාමියෙක්..."
ජිමින් කා එකට හේත්තු උනේ එයාගේ කටින් පිට උනු වචනවල බරපතලකම ගැන හිත හිතමයි. ජිමින්ට කියාගන්න ඔන උන කිසිම දෙයක් ජිමින්ට කියා ගන්න බැරි උනා. තිබ්බ තරහත් වේදනවත් විතරක් පිට උනා.
" ඔව් ඔව්... මම හිතලමයි එහෙම කලේ ඔව්... මට සමාව දෙන්නෙපා කවදාවත්.. යනවා යනවා ඉතින්... තවත් මොනාද බලන් ඉන්නේ යනවා යන්න..."
තවත් ඒ අහිංසකයට කතා කරගන්න බෑ ඉකි ගගහම දුවපු ජිමින් කා එකට ඇතුලට නැගලා දොර හයියෙන් වහගෙන හැම පැත්තෙන්ම ලොක් කර ගත්තා.
සුගා ඩිකිය ලග හිටගෙන ඒ විදිහටම ඔහේ බලාගෙන හිටියා. සුගා බොරු කේන්තියකින් ජිමින්ට කෑ ගැහුවා. ජිමින් යන එක හොදයි එයා සුගා ලග නැතිව ඈතින් ඉන්න තරමට හොදයි කියලා සුගා එකපාරටම හිතුවා. ඒත් ඒ හැගීම හිතට එකග නෑ.. ජිමින් යනවා එයා කොහොමද බලන් ඉන්නේ මෙහෙම..
සුගාට හැමදේම නැතිවෙන්න යන්නේ එයාව කවුරුතම නැති ලෝකෙක අතරමන් වෙන්න යනවා. සුගාට ඔහේ බලන් ඉන්න එකම විතරක් ඉතුරු කරන්න තරම් එයාගේ දයිවය එයාටම සරදමක් වෙලා.
ඇස් කොනට අප්පා එනවා දැකපු සුගා ගැස්සිලා වගේ හරි සිහියට ආවා. ඉක්මන්ටම අප්පා ගාවට දුවපු සුගා
" අප්පා... ජිමින් යන තැන කියන්න... මට මට ඒක විතරක් කියන්න... "
සුගා එකම වේගෙකින් කියලා දැම්මා. අප්ප අඩුම මූනවත් බලන්නේ නෑ. සුගා දන්නවා අප්පා එයාට දැන් ඉස්සරවගේවත් සලකන්නේ නෑ කියලා. සුගා ටිකක් උස් හඩින් අප්පට ආයිත් කතා කලා. ඒත් යුන්සන් එයාව පැත්තකට කරා.
" පැත්තකට වෙනවා..."
" අප්පා... මම ඔයාගේ කකුල්දෙක අල්ලලා කියන්නම්.. මට ඒක කියන්න... මම මේ ලොකේ ඉන්නම නරකම පුතා.. ඒක මන් පිලිගන්නම්... ඔම්ම විතරයි දන්නේ මම වැරදිද නැද්ද කියන්න... එයා කිව්ව දේ මට අහන්න තිබුනා... මම දන්නවා.. අප්ප.. මට සමාව දෙන්නෙපා.. එත් ඔයගේ පුතාට මේ දේ විතරක් කරන්න.."
සුගාගේ කටින් ඔම්ම ගැන කියවෙද්දී යුන්සන්ගේ හදවත නතර උනා වගෙයි. සුගාට ඇහුන්කන් දෙන්න තරම්නම් උවමනාවක් යුන්සන්ට තිබුනෙ නෑ. ඒත් සුගාට කිසිම ද්ව්‍යක් නොකියා මෙහෙම පිටවෙන එක යුන්සන්ට කරන්න බෑ. එයා එච්චරම දරුනු අප්පා කෙනෙක් නෙවෙයි.
" මායි ජීවුයි කොරියාවෙන් යනවා
ජිමින් අපි එක්ක යන්නේ නෑ.. "
" ජි වූ... ආන්ටි ජී.... ජී..වත් වෙනවා... "
අප්පා බිම බලාගෙන සුගාට කන් නොදී ඉන්න උත්සාහා කලා. ඒත් ඒ මූන සම්පුර්ණයෙන්ම අසරන වෙලා තිබුනේ. කිසිම විදිහකින් සුගාට මොකුත්ම කියන්න තරම් යුන්සන්ගේ හිත ශක්තුමත් නෑ. මොකුත්ම නොකියා එලියට බැහැපු යුන් සන් කා එකේ පිටිපස්සෙ දොර ඇරලා බඩු ටික අත අරින ගමන් ඒ දොර වේගෙන් වහලා දැම්මා. දොර හයියෙන් වැහුනුපාරට කා එක්ක හෙල්ලිලා ගියත් ජිමින් එකම විදිහට ඉස්සරහා බලාගෙන හැලහොල්මනක් නැතුවම හිටියා.
එයාට ඔනෙ උනේ නෑ සුගා දිහා බලන්නවත්... එහෙමද... නෑ ජිමින්ට ඔනේ සුගා ලගින් ඉන්න. එත් ඔම්මගේ ලේ ගෑවුනු ඇදුම් මතක් වෙන මතක් වෙන වාරයක් පාසා ජිමින්ගේ පපුව පුදුම වේගෙන් ගිනි ගත්තා. ඇස් පිය නොගහම ජිමින් එකම විදිහට ඉස්සරහා ශීට් එකේ ඉදගෙන හිටියා.
සුගාගේ හිත කෑ ගහලා ජිමින්ට කීවා 'එකම එක පාරම මන් දිහා බලන්න එකම එක පාරක්වත් අන්තිම පාරට බලන්න'
කියලා..
කා එක සුගාව පහුකරගෙන යනවා. සුගා එහෙමම හිටියා. ඉවසන් ඉන්නවා කියලා හිතාගෙන එයා ශක්තිමත් උනා.
' ජිමින් ඔයා මගෙන් ගොඩාක් දුරකට යන්න.. කවදාවත් ඔයාට මොකුත්ම වෙන්නෑ එතකොට. මන් ගැන ඔය විදිහටම හිතන් ඉන්න... මට වයිර කරන්න.... ඒක ඔයාව මගෙන් ඈත් කරලා තියයි.... "
සුගා අන්තුමට ජිමින්ට කිව්වේ එයා හිතලමයි ඒ දේ කලේ කියලා. සුගා ඒ වචන එකපාරිනම දමලා ගැහුවේ තමන්ටවත් අවනත නොවීමයි. සුගාට ඔන උනු එකමදේ ජිමින්ගේ ආරක්ෂාව විතරයි.
ඒත් ඇයි... ?
මොකක්ද එයාගේ ඇතුලේ තියෙන ඇත්ත... ?
සුගා මොනාද හන්ගන්නේ...?
ඇත්තටම එදා කා ඇජ්සිඩන්ට් එකේ සිද්ද උනේ මොකක්ද...?
කාලයත් එක්ක විසදෙන්න කියලා මේ ප්‍රශ්න හැම එකක්ම සුගා එක්කම වැලලිලා යයිද..
ගේට් එක දිහාවට හැරෙද්දී සුගා ඒ කා එක පස්සෙන් දුවන්න පටන් ගත්තා. කොහොමද එයා එහෙම ජිමින්ට යන්න දෙන්නේ...
' ඔම්මා කිව්වා හරි... මට මගේ ආදරේ නැතිවෙන්නයි යන්නේ...'
සුගාගේ හිත කෑගහලා ඇසුවා. කකුල්වලට පන දීලා සුගා නැවතෙන්නේ නැතුවම කා එක පස්සෙන්ම දිව්වා.
" නවතින්න.. ජිමින්.... නවතින්න.... අනේ නවතින්න... මම ඔයාගේ ඔම්මට කිසිම දෙයක් කලේ නෑ ජිමින්... මම වැරදි නෑ ජිමින්... ඔයා කිසිම දෙයක් දන්නේ නෑ ජිමිනා.... මාව දාලා යන්න එපා... ජිමිනා............."
කා එක සුගාටත් වඩා වේගවත්.
සුගාට බැරි උනා එයාගේ ජිමින්ව නවත්ත ගන්න.
___________________________________
Hola ❤️
අදනම් කලින් ආවේ හොදේ.. 🙂💔
🙂 ප්‍රශ්න ඇසීම පටන් ගන්න... 💔
😂 මට හිතේ අමාරු නෑ.. ඒයිලා
මම කීවනේ මේ කතාවේ දිගට හරහට අඩන්න වෙයි කියලා. 🙂💔හැමදාම අඩන්න වෙන්නෑ ඉතින් 😒❤️
අද කොටස තීරනාතමක කොටසක්..
හිතන්නකෝ මෙතනින් එහාට ටිකක් අදුරු යුගයක් කියලා. අම්... චැප්ටස් දෙකක් විතර...
ඕන් එතනින් පස්සේ වසන්තය එන්නත් පුලුවන්..
'_' මට තේරෙනවා පැටලිලා ඉන්නේ කියලා, < මොකක්ද මේ උනෙ කියන පැටලිල්ලෙ නේද ඉන්නේ.. >🙂 ¥මටත් ඔනෙ ඒකමයි¥ 🙂 හොදට දොයි ගන්ඩෝනී ඔයාලව පටලෝලා 😌👏❤️ ආන් ඒකයි දුස්ට ඕතර්ගේ සතුට 🙂💔
ආ මේ මම අනිවාරෙම් කමේන්ට්වලට රිප් කරනෝ. මමඑහෙම නොකර ඉන්න කෙනෙක් නෙවෙයි. පරක්කු වෙන එකයි වැරැද්දකට තියෙන්නේ.. 😒
ඔයා දාන කමේන්ට් එක හෝ දෙක හෝ දහයට හෝ අනිවාරෙම් මන් රිප් කරනවා. 😍 ඕකේ කොච්චර තිබ්බත් මන් මග ඇරින්නේ නෑ...🤗 ❤️
ඉතින් කෝමද අද මැල්ලුම 🙂💔
18+ ayata witarai 😌💔👏😈
Enjoy 😍
Ishki...
Bạn đang đọc truyện trên: AzTruyen.Top