13• ගෙවුනු සතිය☔︎

* No one pov *

උදේම ඉර එලිය ඇස් අගට වැටෙනවත් එක්කම ජිමින් ඇසුත් පොඩි කර කර කම්මැලි කමේ ඇදෙ එහාට මෙහාට පෙරලුනා. අද එලාම් එකවත් නොතියම මෙච්චර එලිවෙනකම් මෙයා නිදාගත්තේ අද උදේ ලෙච්චස් නැති නිසයි. මාර වැඩේ කියන්නේ සුගාටත් අද උදේ ලෙච්චස් තිබ්බේ නෑ. ජිමින් ඒක දැනගෙන හිටියා. සුගාගේ ටයිම් ටේබල් එක ජිමින් එකපාරක් දැක්කනේ... දැන් කොල්ලට ඒක ඇස් වහගෙන උනත් කියන්න තරම් මතකයි. සුගා දවසේ කරන හැම දෙයක්ම වගේ එකේ තිබුනා. ඒකේ කොටින්ම එයා කෑම කන වෙලාව ෆ්‍රී ටයිම් එකට ඇවිදින්න යන තැනුත් එක්කම දාලා තිබුනා.

ජිමින් ඉතින් ඇද උඩ ඉදගෙන දෙපැත්තට වැනි වැනි හිරි ඇරියේ අද මොකද කරන්නේ කියලා හිත හිතයි. හුගාක් වෙලාවත් තිබුනා යුනිවසිටි යන්න.

එකපාරටම හිරි කඩන එක නවත්තපු ජිමින් නිකන් මොකක්දෝ මතක් උනා වගේ අමුතු ලස්සන හිනාවකුත් කටට අරගෙන කාමරෙන් එලියට දුවගෙන ගියා.

ජිමින් ගියේ සුගාගේ කාමරේ ලගට. කිසිම බයක් නැතුව ජිමින් සුගාව බලන්න කාමරේ ලගට ආවා. ජිමින්ට කෝම හරි සතියක් ඇතුලත සුගාට පෙන්වන්න ඔනි උනා එයා හොද මල්ලි කෙනෙක් කියලා. ඉතින් මල්ලි කෙනෙක්ගෙන් වෙන්න ඔනෙ හැම යුතුකමක්ම කරන්න ජිමින් හිතා ගත්තා.
සුගාගේ කාමරේ දොරට කන තිබ්බ ජිමින් හිමී.......ට දොරට තට්ටුවක් දැම්මා. ඒත් සුගා දොර ඇරියෙනම් නෑ.

සුගා කමරේ ඉන්නවා කියලා ජිමින්ට දැනුනා. ඉතින් ජිමින්

"හෙයොන්....🗣️

ම්හ්.. සද්දයක් නැනේ☹️

හෙයොන්..... උදේට මම කෑම හදන්නයි යන්නේ... කෑම කන්න පල්ලෙහාට එන්න හලිද...🙈 "

සුගා හිටියේ ඒ වෙනකොටත් ඇහැරලයි. එයා අද දවසේ ලෙච්චස් වල වැඩ වගයක් කරලා ඉවර උනා විතරයි ජිමින් ඇවිත් කතා කරා.
සුගා ඉතින් ඇහුන්නෑ වගේ හිටියා. කාරා කිව්ව දේවල් තදින්ම හිතට වද්දගෙන වගේ සුගා එක තීරනයකම ඉන්න හැදුවා. ජිමින්ගේ මූන ඉස්සරහට නොයා කාරා කියන දෙයක් කරන්න සුගා හිතාගෙන හිටියා.

ජිමින් ඒත් එයා කෑම කන එක ගැන ඇහුවම සුගාගේ බඩත් කෑ ගහන්න පටන් ගත්තා. සුගා කියන්නේ හොදට කන්න දන්න කෙනෙක්නේ. කෑම නම් එක කටට ගිලල දාන්න සුගා හරිම දක්ශයි. එහෙ බලල මෙහෙ බලන සැනෙන් තඩි කෑම මේසයක්ම එයාට කාලා දාන්න පුලුවන්. සුගාට කන්නයි නිදාගන්නයි තිබ්බනම් වෙන මොකුත් ඔන්නෑ.
ඒත් එයා දැන් ඉස්සරටත් වඩා ඇග ගැන හිතන නිසා වැඩිය කන්නේ නෑ කිව්වොත් හරි. ඇත්තටම කිව්වොත් සුගාගේ බර වැඩි වෙලා. ඒකත් මතක් කරගෙන සුගා බඩට අත තියාගෙන දිගටම වැඩ කලා.

කමක් නෑ ඒත් පොඩ්ඩක් කනවා කියලා සුගා එයාටම කියගත්තත්... එකපාරටම මොකක්ද මතක් වෙලා වගේ සුගාගේ කට ඇබුල් උනා.

" ජිමින් කිව්වේ එයා කෑම හදනවා කියලා නේද...🤔😱"

සුගාට මතක් උනේ ජිමින් එදා හදපු කෑම එක. කටේ තියන්න බැරි තරමටම ඒක කරකුට්ටන් කරලා තිබ්බා. ඒකත් හරි කමක් නෑ කියමුකෝ බඩ ගින්නට කිරි එක බොන්න ගියාම ඒකට සීනි වැඩි කරලා. ඒ කිරි එක මතක් වෙද්දි සුගාට වමනෙට වගෙත් ආවා.

ජිමින් කෑම හදන්න පල්ලෙහාට යන්න කලින් ජිමින්ව නවත්තන්න හිතාගෙන සුගා ඔඩොක්කුවේ තිබ්බ ලැප් එක ඇද උඩට විසික් කරන ගමන් ඇදෙන් බිමට පැනලා දොර ලගට දුවන් ගිහින් ඉක්මන්ට දොර ඇරියා.

සුගාගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් ඒ වෙනකොටත් ජිමින් එතනම හිටගෙන හිටියා...

" කිසිම දෙයක් හදන්න එපා.. කිසිම දෙයක් අල්ලන්නත් එපා.. කිචන් එක පැත්ත පලාතේ යන්න එපා... 🤨 "

" හෙයොන්... මට පුලුවන්... හෙයොන්... මන් "

සුගා එකපාරටම ජිමින්ගේ කියවිල්ල නැවැත්තුවේ ජිමින්ගේ තොල් උඩට ඇගිල්ලක් තියලා තද කරගන්න ගමනුයි.

" කියන දේ තේරුන් නැද්ද...😑 ඔයා කෑම හදන්න කියලා ඒ පැත්ත පලාතේ ගිහින් අහුවෙන්න එපා... ⚠ "

" හෙ.."

ජිමින්ගෙන් ඈත් උනු සුගා ජිමින් ආයෙමත් කට අරිද්දිම දොර වහගත්තා.

මූනටම වැහුනු දොර දිහා
බලාගෙන සුසුමක් හෙලුව ජිමින් හැන්ගුනු හිනාව ආයෙමත් තොල් අතරට අරගත්තේ.. සුගා දැන් එයා එක්ක කතා කරන්නත් පටන් අරන් නේද කියලා හිත හිතයි.
ජිමින්ට අඩුම අතක්වත් උස්සන්න එයාට ඔනෙ උනේ නෑ. වෙන්දා වගේ නෙවෙයි සුගා දැන් වෙනස් කියලා ජිමින්ට දැනෙන්න අරගත්තා. සුගාගේ හොද කෙනා එලියට එනවා වගේ ජිමින්ට දැනුනා. ජිමින්ට මතකයි සුගා කොහොමද එයාට තුවාල උනාම හැසිරුනේ කියලා. ඔලුව වැදිලා අසීහෙන් වේදානාවෙන් හිටියත් ජිමින්ට එවෙලේ තිබුනු සුගාගේ අසරන මූන හොදට මතක තිබ්බා. සුගා එයා දිහා බලන් ඉදපු හැටි එයාටම මොන මොනවාදෝ කියාගෙන කාමරේ වටේ පිස්සුවෙන් වගේ ඇවිදපු හැටි. එතකොට ඊට කලින් දවසේ රෑ කියපු දේවල්... ජිමින්ට හැමදේම මතකයි. සුගා ගැන තිබුනු බය වගේම වැරදි වැටහීම් ජිමින් නැති කරගත්තා. ඒ රැයේ කියපු දේවල් වලටත් වඩා ජිමින් ආස කලේ සුගා එයාට තුවාල උනාම හැසිරුනු විදිහටයි.

සුගාගේ මේ හැසිරීම් නිසා ජීමින් සතුටින් උඩ පැන පැන පල්ලෙහාට ගියේ සිංදුවකුත් මුමුන මුමුනයි. ජිමින් එහේම නිදහසේ කුරුල්ලෙක් වගේ පල්ලෙහාට පියාඹද්දී සුගා තවමත් දොර ලග හිටගෙන කන තියාගෙන හෙල්ලෙන්නෙවත් නැතුවම හිටියා.. ඒ ජිමින් එතනින් ගියාද කියලා බලන්නයි.

" මොකක්ද මන් මේ කරන්නේ...😒 "

සුගා ඇසුත් පුන්චි කරගෙන එයාගේ පපුවට අත තියා ගත්තා.

" මැරතන් එකක් දිව්වා වගේ මේක හයියෙන් ගැහෙන්නි ඇයි 🙂 "

සුගා එයාටම මුමුනගෙන ඇහිබම එකට ලන් කරගත්තේ එයාට හැදීගෙන එන ලෙඩේ මොන වගේ එකක්ද කියලා හිත හිත මූනත් ඇබුල් කරගෙනයි.

ජිමින්ට ලන් වෙද්දී සුගාගේ හිතට එක එක ඒවා එන්න පටන් ගත්තා. ඒ තොල් උඩින් ඇගිල්ල තියලා ඒ කියවිල්ල නවත්තන්න ගියේ මොන එහෙකටද කියලා එයාට හිතාගන්න බැරි උනා. සුගා ඒ ඇගිල්ල එයාගේ තොල් උඩින් තියාගෙන එහා මෙහා ගෙනියන ගමන්

" මට ඇත්තටම පිස්සුද...? "

'එයාට පාරක් ගහන්නේ නැතුව ඇයි එයාව එහෙම ආසවෙන් පිස්සුවෙන් වගේ අල්ලන්න යන්නේ, එයාට ලන් වෙන්න යන්නේ,'
කියලා සුගා එයාටම බැන ගත්තා.

ජිමින්ගේ සද්දෙත් ටිකින් ටික අඩු වෙලා ගියාම සුගා ඇති යාන්තන් කියන්න වගේ හුස්මක් ඉහලට අරගෙන පිට කරා. දැන් ජිමින් ලගපාතක ඉන්නවා දැනෙද්දිම ඒ හදවත වේගෙන් ගැහෙනවා කියලා සුගා අමාරුවෙන් උනත් තේරුම් ගත්තා. කාර මොනා කිව්වත් සුගාගේ හදවතනම් ඒවට අවනත උනේ නෑ.

ඒ හැමදේකට කලින් සුගාගෙ හැගීම් ඉස්සර උනා.

ආයෙමත් එයාගේ ඇද දිහාවට ඇවිදන් ගියපු සුගා ඇදට පැනලා සිංදුවක් මුමුම මුමුන ලැප් එක අතට ගත්තා

" මොන ## 😐?? "

ඒ සුගා මිමිනුවේ ජිමින් දැන් ටිකකට කලින් එලියේ ඉදන් කියපු සින්දුවමයි.

සුගාගේ මූන ආයෙමත් ඇබුල් වෙන්න පටන් ගත්තා.

දැන් දැන් එයාට එයාවම පාලනය කරගන්න බැරි වග සුගා තේරුම් ගත්තා. ඒත් එක්කම වගේ ජිමින් උඩට එනවා සුගාට ඇහුනා. කවුරුහරි මරන්න එනවා වගේ ලැප් එක පැත්තකට දාපු සුගා ඉක්මන්ට බෙක්ශීට් එකෙන් ඔලුවේ ඉදන්ම පෙරෝගත්තා.

" හෙයෝඕඕඔන්......✊💢 "

ජිමින් සුගා දොර අරී කියන බලාපොරොත්තුවෙන් දිගටම දොරට තට්ටු කලා. ජිමින් සුගාට කතා කරද්දිම සුගාගේ ඇගේ මයිල් කෙලින් උනා. ඒ පාර හොදටම දාඩියත් දාලා. ජිමින් නිසා මොනාද මේ එයාට වෙන්නෙ කියලා සුගා හොදටම කලබල උනා.

කිසි දෙයක් අත අරින්න හොද නෑ කියන්න වගේ ජිමින් නොනවත්වාම තරගෙට දොරට තට්ටු කලා.

/ඒක එන්න එන්නම තාලෙට වාදනය උනා කිව්වනම් හරි./

සුගා තදින්ම ඇස් පියා ගත්තේ එයාගෙ මේ අසරන මූන ජිමින් දකී කියලා බයට වගේම ලැජ්ජාවෙනුයි. එකපාරටම ජිමින් දොරත් ඇරන් ඇවිත් සුගා පෙරෝගෙන හිටපු බෙක්ශීට් එක අස්සෙන් රින්ගලා සුගාගේ ඇග දිගේ මූන ලගටම බඩගාගෙන ආවා.

සුගාට හොදටම දාඩියත් දාලා,
සුදු මැලි මූන තවත් සුදුමැලි උනා...

"තවනම් ලගට එන්නෙපා... මාව පිස්සු වට්ටන්නෙපා... මන් මොනා කරයිද දන්නෙ නෑ මෙතනින් යන්න....."

කියාගෙන සුගා ජිමින්ගෙන් ඈත් වෙන්න හැදුවා. සුගා හිතුවා ඒම කීව්වම ජිමින් බයවෙලා ඈත් වෙයි කියලා. ඒ උනත් සුගාව වශී කරන තරමේ ලස්සන හිනාවක් දාලා,


ජිමින් සුගාගේ කම්බුල් දෙකට එයාගේ අත් යවන ගමන් සුගාගේ තොල් වලට බර උනා.

තමන්ටම අවනත නැති සුගාගේ අත් ජිමින්ගේ ඉන වටේ එතුනා. එකපාරටම ජිමින්ගේ ඉන ලගින් මොකක්දෝ ඇනුනපාර සුගා ගැස්සිලා වගේ ඇස් ඇරියා. (🙂💔)

ජිමින් තියා හොල්මනක්වත් එයාගේ ඇග උඩනම් හිටියේ නෑ. ලැප් එක බදාගෙන සුගා හීනයක් දැකලා. ලැප් එකේ ගහලා තිබුනු පෙන් එක ඇනුනහමයි සුගා පියවි ලෝකයට පා තැබුවේ. ඒ තරම් හොද සිහියකිනුයි එයා මේ දැන් ටිකකට කලින් හිටියේ.

ඇසුත් ලොකු කරගෙන කාමරේ වටේම බැලුව සුගා ජිමින්ව හෙව්වා..

කාමරේ දොර වහපු විදිටම වහල තිබුනා. ,කවුරුත් කාමරේට ඇවිත් තිබුනු පාටක් පේන්න තිබුනේ නෑ. ජිමිනුත් දොරට තට්ටු කරන එක නවත්තලා ටිකකට කලින් එතනින් ගිහින් තිබුනා...

...................⏳

යුනිවසිටි යන්න ලෑස්ති වෙලා සුගා පල්ලෙහාට එද්දිමයි ජිමිනුත් යන්න ලෑස්තිවෙලා පල්ලෙහාට ආවේ. ජිමින් සුගාව දැක්ක ගමන් අහන්න ගියේ දෙන්නම එකට යම්ද කියලයි.
ඒත් ඈත තියාම ජිමින්ව දැක්ක සැනින් හොල්මනක් දැකලා බයවෙලා වගේ සුගා ගෙදරින් එලියට දුවගෙන ගියා.

ජිමින් සුගා පස්සෙන් දුවන් යන්න හැදුවත් එකපාරටම සුගා දුවපු විදිහ දැකලා ජිමින් නතරවෙලා බලන් හිටියා ඒ මොකක්ද ඒ උනෙ වගේ.
ඒ ඩින්ගට කා එකටත් නැග්ග සුගා ජිමින් දිහා හොරාට බලන ගමන් කා එක පාරට දැම්මේ ජිමින් පස්සෙන් එනවද බල බලයි.
ජිමින් වත්ත මැදට වෙලා බකන් නිලන් වගේ සුගා යන දිහා බලන් හිටියා.

වෙන්දට එහෙම සුගාව දැක්කම දුවන්නේ ජිමින්, දැන් ජිමින්ව දැක්කම දුවන්නේ සුගා. හරි විහිලුයි මේ දෙන්නා.. 🙂💔

සුගා නිදාගන්න කියලා නිදහසේ ඇස්දෙක පියා ගන්න හැමවෙලේම ජිමින් එයාව බදාගන්න වගේ මූන ඉස්සරහට එනවා. සුගා ජිමින්ට මූන දෙන්න බය උනේ නිකන් හරි ඇත්තටම හීනෙක වගේ එයා සුගාව බදා ගනී කියලා බයකුත් ලැජ්ජාවකුත් දැනිලයි.



.........................⏳

....................⏱️💢

සුගා දවසම කලේ ජිමින්ගෙ ඇස් වලින් බේරිලා හැන්ගිලා ඉන්න එකයි. ඒත් ජිමින්ට ඔනෙ උනේ සුගාගේ අවදානය දිනා ගන්නයි. සුගා ලෙච්චස් දීලා ඉවර කරලා ස්ටාෆ් එකට එද්දී සුගාගේ ටේබල් එක උඩ කෑම එකක් තිබ්බා සුගා දැක්කා. කටත් හදාගෙන වට පිට බලපු සුගාට මේක තියලා ගියපු කෙනාවනම් හොයාගන්න බැරි උනා.

සුගා කෑම පෙට්ටිය අතට අරගත්තමයි දැක්කේ කෑම පෙට්ටිය යටින් කොලයක් තියලා තියනවා.

ඒකෙ තිබුනා

: * හෙයොන්.. මේවා ඔයාට...
රසද බලන්න... シ︎ * :

ජිමින්ට කෝමත් කෑම හදන්න බෑනේ, මේවා හදන්න ඇත්තේ ජිමින්නම් නෙවෙයි කියලා සුගා දන්නවා.

ඕන් දැන් වටේටම ඇහෙන්න සුගාගේ බඩත් කෑ ගනවා... උදේ ඉදන් කාලත් නෑනේ. ඒ කෑම එකෙන් ආපු සුවද නිසා නොකාත් බැවගෙ දැනුනු පාට සුගා ඉතින් ඒ කෑම එක දිග ඇරලා ඉද ගත්තා.

කොහෙන්ද දන්නෑ ගත්තේ කියලා හිත හිත සුගා ඒවා එක කටට ගිලල දැම්මේ මේ තරම් රස කෑමක් ජීවිතේට කාල නෑ වගෙයි.



........................⏳⏳

දවසින් භාගයක්ම ගෙවුනා..... යොන්ජුන්ට බොරු කියලා ජිමින් ලෙච්ච රූම් එකෙන් පැනගත්තා. යොන්ජුන් උනත් ජිමිශිගේ අමුතු හැසීරිම් ගනම් ගත්තේ නෑ.

සුගා පුරුද්දක් විදිහට බාස්කට්බෝල් කෝඩ් එකේ ඇවිදිනවා එයාට ෆ්‍රේ වෙලාවට. සුගාගේ ආසම හොබි එකක් ඒක. එතන ලමයි බෝල පාස් කරන දිහාත්, එයාලා සෙල්ලන් කරන දිහාත් සුගා බලන් හිටියා හැම හවසකම.
අදත් සුගා ඒ වගේ බාස්කට්බෝල් ප්ලේ කරන දිහා බලාගෙන පිට්ටනිය කොනක හෙවන තිබුඔනු ගහක් යට වාඩිවෙලා හිටියා.

ඉතින් ජිමින් සුගාට ටිකක් ඈතින් බිම ඉදගෙන සුගා දිහාම බලන් හිටියා.

මේ වගේ දවස් දෙක තුනක්ම පහු උනා. ජිමින් දිගටම මේ වගේ සුගා පස්සෙන් ඇවිදින්න පුරුදු උනා. සුගාට හැමදාම මේසෙ උඩින් වෙලාවට කෑම එක තියන්න පුරුදු උනා. සුගාට හොරෙන් සුගාගේ වැඩ කරලා එයාට වැඩ ටිකත් ලේසි කලා. සුගාගේ අවුල් ජාලයක් වගේ තිබුනු හැමදේම ජිමින් හිමීට හරි ගැස්සුවා. ඉතින් සුගාටත් හුගාක් ලේසි උනා ජිමින් නිසා.

යුනිවසිටි එකේදී ජිමින් පස්සෙන් එනවා කියලා තේරෙන හැම වෙලාවකම සුගා කලේ දුවලා ගිහින් හැන්ගෙන එක. ඒත් ජිමින්ගෙන් ගැලඋනා කියලා අනික් පැත්ත හැරෙද්දිම ජිමින් එයාගේ ඉස්සරහින් හොල්මනක් වගේ හිටන් හිටියා.

ජිමින් කරන වැඩ නිසා සුගාගේ පන ගියපු නැති ටික විතරයි ඉතින්. සුගා ජිමින්ට වචනයක්වත් කිව්වෙනම් නෑ. ඒ වෙනුවට සුගා බයවෙලා වගේ ජිමින් දිහා බලන් හිටියා.
පස්සේ ජිමින් ඇබරි ඇබරි සුගා ලගට එද්දී සුගා කලබල වෙලා වගේ පස්ස නොබලම ජිමින්ගෙන් ඇතට දුවන් ගියා.

ජිමින් දිගටම ඔහොම සුගා පස්සෙන් ගියා. එයාට ඒක ඇති උනේම නෑ කිව්වොත් නිවැරදී. පාලු තැන්වලදී අඩිසද්ද ඇහිලා සුගා පිටිපස්ස හැරිලා බලන හැම වෙලේකම ජිමින් කලේ සුගාට විරුද්ද දිහාවකට හැරිලා වහලක් නැති අහසක් දිහා බලන් උලු ගනම් කරන එක.

සුගා ආයෙමත් ජිමින්ට බනින්ම හැදුවා.
'මේක දැන් එන්නම එන්නම පිස්සුවක් වෙනවා.'
සුගා එයාටම කියා ගත්තා. බලන බලන තැන ඉන්නේ ජිමින්.. ඒ මදිවට හීනවලත්... දැන්නම් ඇත්තටම සුගා හැසිරුනේ පිස්සු වගෙයි.. ජිමින්ට බයින්න කට ඇරියත් එයාගේ කටින් වචන පිට උනේ නෑ. අඩුම ජිමින්ගේ ඇස් දිහාවත් කෙලින් බලන්න සුගට බැරි උනා. ඒ වෙලාවට සුගා කලේ එතනින් ඉක්මන්ට මාරුවෙන එක.

ඔය මොනා උනත් ජිමින්නම් සුගා පස්සෙන් යන එක නතර කලේම නෑ. දැන් දැන් ජිමින් සුගා ලගදී හැසිරුනේ හරියට ආදරේ කරන කෙනා පස්සෙන් ආදරේ ඉල්ලන් යන කෙනෙක් වගෙයි.

සුගා පිටට පෙන්නුවට මේකනම් මහ වදයක් කියලා ජිමින් ඇස් මානේ පෙන්න නැතිවෙන කොට සුගාගේ ඇස් ජිමින්ගේ ජ්‍යාවම හෙව්වා. ජිමින්ව දකිනකම්ම ඒ ඇස්වලට නිවනක් තිබ්බේ නෑ.

මෙහෙම දවස් ගෙවිලා පස්වෙනි දවසේ සුගා කෝම හරි ජිමින්ව පාලු තැනක ඕන කමින්ම එයා පස්සෙන් ගෙන්නගෙන අතරමන් කරලා ඉකම්නට හැන්ගුනා. ජිමින්ට මේපාරනම් සුගාව හොයා ගන්න බැරි උනා. ජිමින් මූනත් ඇබුල් කරන් සුගාව හොයන් යද්දී සුගා ඒක දිහා බලලා හිනා උනේ කපටිකමටනම් නෙවෙයි. ඒ හිනාවේ මේ පාරනම් තිබ්බේ වෙනස් දෙයක්.

ජිමින් ආපිට හැරිලා යන්න යද්දී ඉක්මන්ට හැන්ගුනු තැනින් එලියට ඇවිත් උගුර පාදලා ජිමින්ට පෙන්න ආවේ ජිමින් ආයෙ පස්සෙන් එන්නැතුව දමලා ගහලා යයි කියලා බය හිතෙන හැගීමක් දැනුනු නිසයි.. ඉතින් සුගාව දැකලා ජිමින් ආයෙමත් සුගාගේ පස්සෙන්ම ඇවිදන් ගියා.

හරියටම හත්වෙනි දවසේ ජිමින්ට වෙලාවට සුගාට කෑම එක ගෙනත් තියන්න බැරි උනා. සුගාට ඊලගට ලෙච්ච එකකුත් තිබ්බා. ඒත් සුගා ඒකටත් නොගිහින් ජිමින්ව බලාපොරොත්තුවෙන් එයා එනකල් බලන් හිටියා.

අද තමයි අන්තිම දවස. ජිමින් මල්ලි කෙනෙක් වෙන්න සුදුසුයි කියලා ඔප්පු කරලා ඉවර වෙන. ඒ කියන්නේ මේ දේවල් හැමදෙයක්ම අදින් පස්සේ නැතිවෙයිද... සුගාගේ මූන එන්න එන්නම අදුරු උනා.

.........................................⏳


පිස්සුවෙන් වගේ ස්ටාෆ් රූම් එකේ එහාට මෙහට ඇවිද ඇවිද සද්දයක් ඇහෙද්දිම ඒ ජිමින් කියලා රැවටිලා සුගා ඒ දිහා බැලුවා. එත් ඒ ජිමින් නෙවෙයි කියලා දැක්කම සුගාට ජිමින්ව හොයාගෙන යන්න හිතුනා.

ඉතින් ඕන් අන්තිමට ජිමින් හතිදාගෙන දුවන් ඇවිත් ඉක්මන්ට හදිස්සියෙන් වගේ කෑම එක මේසෙ උඩින් තියලා සුගාට ඔලුව නවලා

" යන්නම් හෙයොන්....🤗👋👋👋👋"

කියාගෙන අත වනාගෙනම දිව්වා. මේ දවස් ටිකේම සුගා ක්ලබ් එකටවත් නොගිහින් ඉන්න තරමටම ජිමින්ගේ හැසිරීමට ඇබ්බැහිවෙලා හිටියා. ඒ මූන නොදැක ඉන්න බැරි තරමටම සුගා ජිමින්ට ඇඩිකේට් උනා.

අද වෙන්ද වගේ ජිමින් පස්සෙන් ආවෙත් නෑ. උදේ ජිමින්ලට සුගාගේ තමයි ලෙච්ච එක තිබ්බේ.. ඉතින් සුගා හේතුවකුත් හදාගෙන ජිමින්ගේ යුනුවසිටි ඒරියා එක පැත්තට ගියා.
ජිමින් වෙන්නදට ඉන්න තැන සුගා දැනම් හිටිය නිසා සුගා හොරෙන් වගේ එතන දිහාවට ඇස් කරකවලා බැලුවා. ජිමින් එයාගේ පුටුවෙ හිටියෙ නෑ. යොන්ජුන් විතරයි තනියෙන හිනාවෙවී ෆෝන් එක ඔබ ඔබ එතන හිටියේ.

සුගා ආයෙමත් හැරිලා යන්න යද්දීයි, සුගා දැක්කේ ජැක්සන් ජිමින් එක්ක හිනාවෙවී මොන මොනවාදෝ කියවනවා. ජිමින් හිනාවෙනවා පෙනුනෙ නැතත් ජිමින්ගේ හිනාවේ සද්දෙ හොදට සුගාට ඇහුනා.

ඒක දකිද්දී සුගාගේ අත මිට මෙල උනා. මේ මනුස්සයා නිසා වෙන්න ඇති එයාවත් අමතක උනේ කියලා සුගාට හොදටම දුක හිතුනා.

ජැක්සන්ගෙන් ජිමින්ව ඈත් කරන්නමයි සුගාට ඔනෙ උනේ. ජැජ්සන් ජිමින්ගේ කෝට් එකත් හැදුවා සුගා බලාගෙන.

ජිමින් ජැක්සන් එක්ක හොදට හිනාවෙදෙද්දී සුගාට තවත් දූක හිතුනා. ජිමින් ආපහු හැරිලා යන්න. ඒත් සුගා යන මග ආයිම හැරි හැරි ජිමින් දිහා බල බලමයි ගියේ. ජිමින් නිකන්හරි එයාව දකිනවනම් කියලා සුගාගේ හිත බලාපොරොත්තු උනා.

සුගා ඒ දෙන්නා දිහා බලාගෙන යන අතරෙ

'මේ දෙන්නා මොනාද මෙච්චර කයිය., ජිමින් මෙච්චර හිනාවෙන්නේ ඇයි, එ දෙන්නා අතර මොකක් හරි තියෙනවද.....'

වගේ ලෝකේ නැති මනස්ගාත කල්පනා කර කර ගිහින් කනුවකත් හැප්පුනා..

අහෝ..අසරන සුගා...





* Jimin p.o.v. *

ඔම්මලා එනකල් එලියට වෙලා ඉදපු මන් අහස දිහා බලාගෙන කල්පනා කලේ මගේ හෙයොන් ගැන.

හුම්...... එයාත් හරියට අහස වගෙයි.

" වෙලාවකට හොදට ඉන්නවා... වෙලාවකට අමුතු විදිහට හැසිරෙනුවා... මාව දන්නෙත් නෑ වගේ... ඔයත් හරියට හෙයොන් වෙනස් වෙන මේ අහස වගේමයි.... "

මම මටම මුමුනගන්න ගමන්, මන් දිහා බලාගෙන මා එක්ක හිනාවෙන ලස්සන හදට මමත් හිනා උනා.

නපුරු සිංහයෙක් වගේ පිටට පෙනුනනට ඇත්තටම ඔයා හරිම අහිංසකයි නේද හෙයොන්... මම ඔයාගේ ඇස් වලින් අද ඒක දකිනවා හෙයොන්...

දන්නවද හෙයොන්ගේ ඔම්මා තමයි අර මුලු අහසම එලිය කරන හද ලගින් ඉන්න ලොකූ තරුව.... එයා හැමදාම හෙයොන් දිහා බලාගෙන ඉන්නවා... හෙයොන්ට කිසිම දෙයක් වෙන්න නොදී එයා බලාගන්නවා. හෙයින්ගේ ඔම්මා... කොච්චරනම් ලස්ස්නද... එ තරුව වගේම ලස්ස්නයි...

මගේ හෙයොනුත් හුගාක් ලස්ස්නයිනේ....
හෙයොන්ගේ ඇස්...
හෙයින්ගේ නහය...

හෙයොන්ගේ ඔම්මගේ වගේමයි.. හරීඊඊම ලස්ස්නයි...



" රන්කද...."

" අව්... ඔම්මා...... 😍"

මන් තරු දිහා බලාගෙන උඩ බලන් ඉද්දි ඔම්මා කා එකෙන් බහිනවත් එක්කම කෑ ගහගෙන මන් දිහාවට ආවා. කා එක පාක් කරලා යුන්සන් අන්කලුත් ඔම්මා එක්කම එද්දී මම ගිහින් ඔම්මගේ ඇගේ එල්ලුනේ ඒ දෙන්නගේ බෑග් එහෙමත් අතට අරගෙනයි.

" හුගාක් මහන්සිද ...."

මන් ඔම්මගෙන් අහද්දී යුන්සන් අන්කල් මගේ කොන්ඩේ අවුස්සන ගමන්

" එයාට වඩා මට තමා මහන්සි... ඔයාගේ ඔම්මා මට කියලා ඔක්කොම වැඩ ටික කරගත්තා.. ඔයාගේ ඔම්මා හොදට පැත්තකට වෙලා ඉගෙන හිනාවෙවී තමයි හිටියේ අද දවසම...🙂"

" යුන්... 😅"

ඒ දෙන්නා හුගාක් ආදරෙන් ඉන්නවා දැක්කම මට ලොකු සතුටක් දැනෙනවා. ඔම්මගේ මූනේ තිබුනෙත් හරිම ලස්සන හිනාවක්.. ඒ යුන්සන් අන්කල් නිසයි. හැමදාම මගේ ඔම්මා මෙහෙම හිනාවෙලා ඉන්නොනේ.. මන් ඔම්මව තදින්ම බදාගන්න ගමන් හිතුවා.




* No one p.o.v. *

" අද මම ඔයාලට කෑම හැදුවා......"

ජීවූත් යුන්සනුත් ගෙදරට අඩිය තියලා ඇතුල් වෙද්දීම ඩිනින් එකට දුවපු ජිමින් කෑ ගහලා එයා හදපු කෑම ගැන ආඩම්බරෙන් කිව්වා.

" මගේ රන්කද.... කෑම හැදුවා.. තනියම.... අනේ දෙවියනේ...."

" කන්න පුලුවන් වෙයිද..."

යුන්සන් කෑම ගැන නෝක්කාඩුවට වගේ කියන්න යද්දිම ජීවූ යුන්සන්ට වැලමිටෙන් ඇන්නා. යුන් සන් ඊට පස්සේ හිනාවෙවී ඇතුලට ගියා මොකුත් කිව්වේ නෑ වගේ.


.......................⏳


ටික වෙලාවක් යද්දී යුන්සනුත් ජීවූත් කෑම මේසෙට වෑඩි උනා. ඒ ඉදන් දෙන්නම කෑම වලින් එන සුවද බල බල කෑම බෙදාගත්තේ පුදුමෙන් වගෙයි.

මොනා උනත් කෑම මේසෙට වාඩි වෙන්න කලින් ජීවූ යුන්සන්ට ඇගෙව්වා කෑම කොහොම උනත් රසයි කියන්න කියලා.

ඉතින් තුන්දෙනාම කන්න ලෑස්ති උනා.

ඒත් එක්කම

" අහ්ම්.."

ජිමින් ඔලුව ටිකක් උස්සන ගමන් පුදුමෙන් වගේ එයාගෙ ඉස්සරහින් කන්න ඉදගත්ත කෙනා දිහා බැලුවා. උගුරත් පාදන ගමන් කාවවත් ගනම් නොගෙන සුගා කෑම මේසෙන් ඉදගෙන කෑම බෙදා ගත්තා.

මේක පුදුමයක්..

සුගා පලවෙනිම දවසෙ විතරයි මෙහෙම හැමෝම එක්ක කෑමට හිටියේ, ඊට පස්සේ සුගා මෙහෙම කෑම මේසෙට ඉදලම නෑ.
ඒත් ඇයි අද වෙනසක්...
සුගා අද පල්ලෙහාට ඇවිත්...
බලන් හිටියේ කන එකත් අමතක කරල තමයි සුගා දිහා පුදුමෙන් බලන් හිටියේ.

සුගා දිහා කන්නෙත් නැතුව බලන් ඉද්දී කට්ටියගේ අවදානය කඩන්න වගේ ජීවූ කෑම ටික සුගාට ලන් කරන ගමන්

" බෙදාගන්න පුතා..."

කියලා කියනකොටයි ජිමින්ට මතක් උනේ මේ ලෝකෙට එන්න. කල්පනා කරන එක අමතක කරලා ජිමින් හීමිට පෝර්ක් කෑල්ලක් ගෑර්පුපුවට මැදි කරගෙන කෑම එකත් නොකාම සුගා දිහාම බලන් හිටියේ සුගා කෑම එකට ආසයිද කියලා දැන ගන්න ඔනෙ නිසයි.

යුන් සන් වගේම ජීවුත් පලවෙනි කට කන ගමන්

" වෝ....ව්... ජිමින්... පුතා... ඔයානම් නියමයිනේ... මේක මාරම රහයි.. පුතා.."

" අනේ මගේ රන්කද... ඔයා හරිම දක්ශයි... මේක හරිම රසයි 😍..."

සුගා රස කර කර කටවල් දෙකක් තුනක් විතර ඒ වෙනකොට කාලත් ඉවරයි. ජිමින් ගේන කෑම වල රසත් මේ වගේමයි කියලා හිත හිත සුගා දෙපාරක් නොහිතම කෑම ටික ගිල්ලා.

ඔහොම කන අතරේ ජීවුගෙයි යුන්සන්ගෙයි කතාව සුගාට ඇහුනා. ටිකක් වෙලා යනකොටයි සුගා කොල්ලට මීටර් උනේ..

" වට් ද.. 😳"

සුගා ජිමින් දිහා බැලුවේ පුදුමෙන් වගෙයි. ජිමින් ලැජ්ජාවෙන් මූනත් රතු කරගෙන බිම බලාගත්තා. ඔව් මේ කෑම හදලා තියෙන්නේ ජිමින්. කලින් සුගාට කෑම ගෙනත් දුන්නේ ජිමින්ගේ අතින්ම හදල‍යි. ජිමින් රෑ එලිවෙනකල් ඔම්මගේ ර්සිපීස් හද හද පුරුදු උනා කෑම හදන්න. ඒ හැම දෙයක්ම සුගා නිසයි.

" හෙයොන් නිසා තමයි මන් කෑම හදන්න පුරුදු උනේ... 🤗 "

" ඕහ්... 👌"

ඔම්මයි යුන්සනුයි ජිමින්ගේ මේ වඩ වලට පුදුම විදිහට ආස කලා. යුන්සන්ට සුගා ගැන ආඩම්බරයක් දැනුනා. ඒ සුගා දැන් ඉස්ස්‍රටත් වඩා වෙනස් වෙලා කියලා දැනුනු නිසයි. කවදාවත් නැතුවම යුන්සන් සුගා දිහා බලාගෙන හිනාඋනා. සුගාට කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා. එයාගෙ අප්පා කවදාවත් නැතුවම හුගාක් සතුටෙන් එයා දිහා බලන් හිටියා.

........................⏳

කෑම කාලා ඉවර වෙද්දී එකපාරටම

" කැහ් කැහ්...😵"

සුගාට ඉස්මෝලෙට වගෙ ඇවිත් එකදිගටම කහින්න ගත්තා.. ජීවූ ටක්ගලා වතුර එකත් ලන් කරලා සුගාගේ පිටට තට්ටු කරන්න පටන් ගත්තා.

සුගාගේ කටට වතුර එක ලන් කරන ගරපු ජී වූ

" මේක බොන්න පුතා.. ඉක්මන්ට හරියයි...."

" හෙයොන්....😰"

ජිමින් පුටුවෙන් භාගෙට නැගිටගෙන සුගා දිහාවට එබුනේ සුගාගේ ඇස් වලින් කදුලු පනිද්දියි.
සුගා වතුර එක බොන ගමන් හිතාගන්න බැරිතරම් අසරන මූනකින් ජීවූ දිහා බලලා එකපාරටම නැගිට්ටා

" මට ඇති"

කියාගෙනයි. සුගා ඉක්මන්ට කාමරේට දිව්වා.

___________________________________

Holaa 😍

මන් දන්නෝ කතා කරලා වැඩක් නෑ මන් ගැන 🙂💔


අද කලවමක් වගේද මේ චැප්ප 😒

Enjoy 😍
Ishkii...

Bạn đang đọc truyện trên: AzTruyen.Top