11• නපුරු පූසා☔︎
" ඔම්මා...... මට රිදෙනවා...මට හුගාක් රිදෙනවා..... ඔම්මා... "
ඒ කටහඩ හුගාක් වේදනාවෙන් මිරිකිලා තිබුනා. ඉකි ගගහා ඒ හඩ පිට වෙද්දී බදාගෙන හිටපු කොට්ටේ තෙත් වෙන්න පටන් ගත්තා. ඒ කදුලු උනුසුන්ව එක දිගට කඩාගෙන වැටුනා. ජිමින් දොරේ ලොක් එක අල්ලගෙන එතනම ගල් ගැහුනා. ජිමින් ටිකක් ඔලුව පැත්තට හරවලා සුගාගේ අතට යටින් වැහිලා තියෙන මූන දුහා බැලුවා.
එයා ඉකි ගගහා අඩනවා. ජිමින් ඇස් පිය නොගෙලාම සුගා දිහා බලාගෙන හිටියා. සුගාගේ වේදනාව හොදින්ම දැනුනු ඔය වෙලාවේ ජිමින්ගේ කකුල් ජිමින්ටවත් පාලනය කරගන්න බැරුව ගියා. ජිමින් නොදැනම සුගා ලගටම ඇවිදන් ගියා. අල්ලන් හිටපු දොර හිමීටම වැහිලා ගියා.
දැන් බිත්ති හතරට තනි උනු සුගාගේ වේදනාව අහන් ඉන්න ජිමින් හොදුන්ම ලෑස්තී. ලයිට්ස්වත් දාලා තිබුනු නැති ඒ කාමරේ එකම එක ජනේලෙකින් වැටෙන හද එලියට මුලු කාමරේම එලිය වෙලා තිබුනා. සුගාව හොදින්ම ඒ හද එලියට පෙනුනා.
හැම රැකම සුගා තනියෙම ඇඩුවා. තනියම... අදත් අඩනවා. ඒත් හුගාක් හයියෙන්. අද දරාගන්න බැරි තරම් ලොකු වේදනාවක් ඒ හිතින් එලියට දාන්න පටන්ගෙන. ඒ දිහා බලන් ඉදපු ජිමින්ට මතක් උනේ කාමරේ කොනකට ගුලිවෙලා එයත් මේ වගේම රෑ එලිවෙනකල් අඩපු හැටියි. මේ වගේම කදුලු ගගක් ගලන්න තරම්ම කට තද කරගෙන ඔම්මට ඇහෙයු කියලා ඉකි ගගහා අඩපු හැටි ජිමින්ට මැවිලා පෙනුනා.
සුගා කරපු හැම දෙයක්ම ජිමින්ට මතක් උනා. හැම නරක දෙයක්ම. දවසක් රෑක හොදටම බීලා ඇවිත් ජිමින්ව ඇදෙන් බිමට තල්ලු කරලා ජිමින්ගේ බඩට හොදටම ගැහුවා. ජිමින් යුන්සන් එක්ක කතා කරනවා සුගා දකින හැම දවසකම,
ඒ රැය කියන්නේ ජිමින්ට අමතක නොවන එකක් උනා. සුගාගේ තරහව පාලනයක් නෑ එයාගේ අපපගේ වගෙම. දුක වේදනාව පිටකලේ ඒ දෙන්නම තරහවකින්.
' ඒ දේවල් පිටිපස්සේ තිබ්බේ කියාගන්න බැරි වේදනාවක් නේද' කියලා ජිමින්ට හිතුනා.
ජිමින්ගේ හුස්ම ගැනීමත් එන්න එන්නම වැඩි උනා.
දැන් සුගා ඉකි ගගහම ඇස් පියාගෙන ඉන්නවා.
එයා නිදි.
සමහරක්විට.
ජිමින් හැලහොල්මනක් නැතුව ඇදේ ඔගේ වැතිරිලා ඉන්න සුගා දිහාම බලන් හිටියා. දැන් සුගාගේ පොඩි හරි හෙලවීමක් ඇති මේ වෙලාවට ජිමින්ට කෑ ගහගෙන පැනලා දුවන්න.
සුගාගේ සද්දයක්වත් නැතිකොට ආය පිටිපස්ස හැරිලා බැලුව ජිමින් කල්පනා කලේ ඇයි එයා මෙතනට ආවේ කියලයි. දොර වැහිලා ඉබේම ලොක් වෙලා තිබුනා. සුගා නිකන් හරි එයාව දකින්න කලින් ජිමින් ඉක්මන්ට එලියට යන්නයි ඊලගට හිතුවේ. ඉතින් ජිමින හිමීට එලියට යන්න අනික් පැත්‍ත හැරුනා.
හරිම හිමීට.
ඒත් තවත් හැරෙන්න බෑ කියලා එයාට තේරෙන්න වැඩිවෙලාවක් ගියෙ නෑ. මොකක්ම හරි දෙයක් එයාගේ කකුලේ වැදුනු නිසා ජිමින්ගේ පපුව වේගෙන් ගැහෙන්න පටන් ගත්තා හිටු හිටු කියලා.
'මම ඉවරයි '
" 😰 අ..හ්.. "
ජිමින් හැරෙද්දිම ඇදෙන් ටිකක් එලියට වැටිලා තිබුනු සුගාගේ මඩ නාපු සපත්තුව ජිමින්ගේ දනිස්සේ වැදිලා.
ජිමින් එක ඇහැකින් හිමීට එයාගේ කකුල දිහා බැලුවමයු දැක්කේ ඒ සුගාගේ කකුල කියලා. ජිමින්ට මොකක්ම හරි කරදරයක් දාගෙන මිසක් එතනින් යන්න බෑ වගේ උවමනාවක් නිසාද කොහෙද ඒ කකුල් දිහාවට හැරුනු ජිමින් ඇද ලගින් හිමීට ඉදගත්තා. එයාට ඔනේ උනා ඒවා ගලවලා දාන්න. සුගාට ඒවත් එක්ක නිදාගන්න අපහසුයි කියලා හිතපු ජිමින් හීමිට සපත්තුවල ලේස් ඇගිලි වලින් ඇදලා ගැලෙව්වා.
ඒඑවා ගලෝන ගමන් තප්පරෙන් තප්පරේට බෙල්ල උස්ස උස්ස සුගාගේ පිය උනු ඇස් දිහා බැලුවා. සුගාව ඇහෙරෙන්නේ නැතිවෙන්න ජිමින් සපත්තු හිමීට ගලවලා පැත්‍තකින් තිබ්බේ ලොකු වැඩක් කරලා දින්නා වගෙ හැගීමකිනුයි.
ජිමින් එයාගේ පපුවට අත තියාගෙන පපුව ගැහෙන වේගෙට ඇස් පිල්ලම් ගැහුවා. හරියට ජීවිතයත් මරනයත් අතර වගේ හැගීමක් දැන් ජිමින්ට දැනුනා.
ඊලගට ජිමින් කලබලයක් නැතුව හිමීට නැගිට්ටා.
සුගාගේ කොන්ඩේ මූනට වැටිලා හරි අපුරුවට පෙනුනා. හරියට පුංචි එකෙක් වගෙයි,
එයා ඉකි ගගහා නිදි.
ජිමින්ගේ මූනට කොහෙන්දෝ මන්ද හරිම හුරතල් ලස්ස්න හිනාවක් ආවා. හද එලිය ජිමින්ගේ ඇගටම, හරියටම වැටිලා තිබ්බ ඒ මොහොතේ, කවුරුහරිම එයාව දැක්කනම් රැවටෙයි මේ ඉන්නේ දේවදූතයෙක් කියල.
ඒත් සුගාගේ තෙත් උනු ඇස් දකිද්දී සුගා හන්ගන් ඉන්න වේදනාව ගැන හිතෙද්දී ජිමින්ගේ හිනාව ආයෙමත් මැකිලා ගියා.
ජිමින් හිමීට ඇදට දකුනු අත තියලා ඇදට බරවෙන ගමන් සුගාගේ මූනට පාත් උනේ සුගාගේ කොන්ඩෙ ටිකක් එහාට කරන්න හිතාගෙනයි. ජිමින් එක මොහොතකට ඒ නිදන් ඉන්න නපුරු පූස් පැටියගේ අහිංසක මූන ඉස්සරහා ආදරනීය වෙන්න පටන් ගත්තා. තවත් ඒ මූනට ලන් උනේ කවදාවත් දැනිලා නැති අමුතු හැගිමක් නිසයි. කොහෙන් ගියාද දැන් ටිකකට කලින් තිබුනු බය. හැගීම් නිසා ඒ බය නිකන්ම නිකන් දෙයක් වෙලා ජිමින්ගේ හිතින් අතුරුදහන් වෙලා ගියා.
ජිමින් ඒ මූනට ලන්වෙනවත් එක්කම සුගා උඩ අතට පෙරලිලා එයාගේ ටී ශර්ට් එකේ බොත්තම් ටික ගලවන්න පටන් ගත්තා.
"..........."
" 🙂......."
" ඔහ්.. 😯 "
ජිමින් හිටපු විදිහට එහෙමම හිටියා හෙල්ලෙන්නෙවත් නැතුව. එක කකුලකුත් උස්සගෙන හරියට සරඹ සංදර්ශනයක් කරන්න වගෙයි.
" ජිමින්.... "
" ආ 👀"
' ඇයි මම ආ ගෑවේ දෙයියනේ..😰 එයා නිදි.'
සුගා ජිමින්ගේ නම කියද්දී ජිමින් ආ කියාගෙන් සුග පැත්තට හැරුනා.
"දෙයියනේ"
කියාගෙන ජිමින් ආයි කට පියා ගත්තා. ජිමින් තව පොඩ්ඩෙන් සුගාව ඇහැරවනවා.
සුගා හීනෙන් එයාගේ නම කිව්වා නේද....
ජිමින් ඇස් දෙකත් ලොකු කරගෙන සුගා දිහා බලන් හිටියා. ඒ මූනත් ජිමින් දිහාවටම හැරිලා තිබුනා.
" ම....මියන්දේ......
............⏳..............
.............⏳............
මියන්දේ ජිමින්...
ඔයා.. පොඩි කුරුලු... පැටියෙක්...
මම ඔයාව කන්න හදන.... කොටියෙක්... ඔයා මට වයිර කරන්න මන් ඔයාට කරනවා වගේම.....
.........⏳..........
ජිමින් ඔයා හොද කෙනෙක්.....
........⏳.............
නෑ... නෑ.... නෑ එහෙම නෙවෙයි... ඔයා මගේ දේවල් උදුර ගන්නවා... ඔයා හොද නෑ.... "
ජිමින් කියලා මොනා කරන්නද... එයා සුගාගේ කටින් අහන්න බය උනු හැමදේම වගේ සුගා කිව්වා. මොකුත් කරගන්න බැරි ජිමින් කට තද කරගෙන ඒවා අහගෙන හිටියා. සුගා හුගාක් වැරදියට එයා ගැන හිතන් ඉන්නවා.
ඒ හැමදේම එකක් නෑරම සුගා කියෙව්වා.
..........⏳.............
ආයෙමත් සුගා නිහඩයි.
ජිමින් හිමීට හිටගත්තා.
'මම එහෙම කෙනෙක් නෙවෙයි.. අනේ මන් ගැන එහෙම හිතන්න එපා..' ජිමින්ට සුගාට එහෙම කියන්න ඔනෙ උනා. සුගා දිහා බලාගෙන ජිමින් එහෙම හිතලා යන්න හැරුනත් ජිමින්ට යන්න හම්බුනේ නෑ. හිතන පමාවට සුගා ජිමින්ගේ අතින් ඇදලා අරගත්තේ ජිමින් එතන ඉන්නවා කියලා දැනගෙනම වගෙයි.
" ඒත් ඒ දේවල් මම කියන ඒවා නෙවෙයි... ඔයා හුගාක් අහිංසයි... ඔයා හුගාක් හොදයි ජිමින්......
...........⏳............
මියන්දේ චිමි...."
ජිමින් සුගාගේ අත් අතරේ හිර උනේ හිතාගන්නවත් බැරි තරම් ලෙසියෙනුයි.
ජිමින්ව හරිම ලේසියෙන් සුගා මෙල්ල කරගෙන වගේ එයාගේ පපුවට තුරුල් කර ගත්තා.
" 😖 අනේ.. ම..ට..රිද්..ද..න්නෙපා..."
ජිමින් බයෙන් ඇස් තදින්ම පියාගෙන ඇහෙන නෑහෙන ගානට කිව්වා. ඒත් ජිමින් හිතුවා වගේ සුගා කිසිම විදිහකින් ජිමින්ට කරදරයක් කලේ නෑ. ජිමින්ව හරිම ආදරෙන් එයාගේ නිරුවත් පපුවට තුරුල් කරගෙන හිටියා.
ජිමින් සුගාගේ පපුවට පොඩිවුනු නහය බේරගන්න මූන ටිකක් එහාට හරවගත්තා.
සුගාගෙන් කිසිම සද්දයක් නැතිකොට ජිමින් එක ඇහැක් ඇරලා බයෙන් ගැහි ගැහි හිමීට ඔලුව උස්සලා සුගා දිහා බැලුවා.
'නපුරු පුසා ඇස් පියාගෙන ඉන්නවා...
එයා නිදි නැද්ද.. '
ජිමින් ඒ මූන දිහා බලාගෙන එක එක ඒවා කල්පනා කලා. රටේ ලෝකේ නැති කිසිම තේරුමකුත් නැති දේවල්. ඒ තරම් වෙලාවක් ජිමින් සුගාගේ අත අතරේ හිරවෙලා හිටියා. ජිමින්ට කිසිම බයක්වත් දැනුනෑ මේ විනාඩි ගානට. ඒ නිහඩ මූන දිහා බලන් එක එක ඒවා කල්පනා අරන්න තරම්ම ජිමින්ට නිදහසක් දැනුනා.
" ඔම්මා...
.......⏳.......
ඇයි මාව දාලා ගියේ... ඔම්මා....
ඔයාගේ පුතා හොදින් නෙවෙයි...
ඔම්මා මන් අඩනවට කැමති නෑ නේද...
.........⏳........
මන් ලගට එන්න...
මට පාලුයි...
.........⏳.........
මට බයයි.. "
සුගා මහ රෑ වෙනකල්ම ඔම්මට එයාගේ වේදනාවන් කිව්වා. අඩ නින්දේ වෙරි මතේ ඒ කටහඩ විටින් විට අවදි උනා.
ජිමින් මුලු රැයම නින්දක් නැතුව ඒවා අහගෙන හිටියා. හැම වචනයක්ම. සුගාගේ වේදානව ජිමින්ගේ අහිංසක හදවතට දැනෙන්න මහ වෙලාවක් ගියේ නෑ. ඒ ඇස් කදුලුවලින් පිරිලා තිබුනා.
ආයෙමත් සුගා නිහඩයි.
දැන්නම් එයා හොදටම නිදි.
සුගාගේ හදවතට කන තියාගෙන ජිමින් නිහඩවම අහන් හිටියා. ඒ හදවත හුගාක් සංසුන්ව ස්පන්දනය වෙනවා. සුගාගේ නිරුවත් පපුව මැද ජිමින්ගේ තොල් තෙරපිලා තිබුනා. ඇස් පිය ගගහා ජිමින් හරිම ආසවෙන් ඒ ස්පන්දනයට කන් දීගෙන හිටියා.
ටික වෙලාවක් යද්දී ජිමින්ගේ තොල් ජිමින්ටවත් නොදැනිම නතර උනේ සුගාගේ හදවත ඉදිරියෙයි. හිතෙ හැටියට ජිමින් එයාගේ උණුසුන් හාදු හාදුවලින් ඒ ගැහෙන හදවත තවත් සංසුන් කලා.
ජිමින්ට ඔනෙ උනා ඒ උනුහුමේම තවත් ඉන්න, ඒත් හෙට උදේ වෙනකල් එහෙම ඉන්න ගියොත් මොනවයින් මොනා වෙයිද කියලා හිතා ගන්නවත් බැරිවෙයි.
සුගා හොදටම නිදිද කියලා ආයෙමත් තහවුරු කරගනත්ත ජිමින් සුගාගේ අත් හිමීට එහා මෙහ කරල හිමීටම ඇදෙන් බිමට බඩගාගෙන ගියා.
එහෙමම බිමින් වාඩි උනු ජිමින්, ඉස්සිලා සුගා දිහා බලලා එයා මෙතනට එනකල්ම සුගාට තේරුන් නැති නිසා, දැනුනු අමුතු සතුටටම දත් ටිකම දාලා ජිමින් හිනා උනා.
ජිමින් ඊලගට හිමීටම අනික් පැත්ත හැරිලා දනගාගෙන දොර ලගට ගියේ කොහොමද දොර ඇරගන්නේ කියලා කල්පනා කර කර කරයි.
" සුගා...."
" 😳😳😳😳😳😳😳
😰😱 ඔහ්.. න්..නො.."
ජිමින් කට අත් දෙකෙන්ම වහගත්තේ නොහිතපු මොහොතක එකපාරටම දොර පිටිපස්සෙන් ඇහුන කටහඩ නිසයි.
ඒ යුන් සන්..
ජිමින් ඒ තප්පරේට සුගාගේ ඇද යටට බඩගාගෙන ගියා.
ජිමින් ඇද යටට ගියා විතරයි යුන් සන් දොර ඇරගෙන ඇතුලටත් ආවා.
හරිම සංසුන්ව යුන් සන් සුගාගේ ඇද ලගට ඇවිදගෙන ආවා. අප්පා සුගාගේ ඇද ලගට ඇවිත් හිට ගනිද්දී ඇද යට පිරිලා තියෙන දුවිලි ගොඩ නහයට ගියපු නිසා ජිමින්ට හචින් යන්නත් ආවා.
කිසිම සද්දයක් නොකර ජිමින් කෝම හරි නහය තදකරගෙන වහගත්තා.
ඒ මූන හොදටම රතුවෙන්න පටන් ගත්තා.
යුන් සන් සුගා ලගින් ඉදගතේ සුගාගේ ඔලුව ආදරෙන් අතගාන ගමනුයි.
ඒ හදවත, සුගාගේ පියවෙලා තියෙන ඇස් ඉස්සරහා හැමදාමත් වගේ අසරනයි. ඇස් අගට එකතුවෙන කදුලු එක අතකින්ම පිහි දාලා යුන් සන් කිව්වේ බොහොම පොඩි දෙයයි.
" සතුටින් ඉන්න... මගේ පුතේ...."
යුන් සන් සුගාගේ නල්ල උඩ ආදරනිය හාද්දක් තියලා කාමරෙන් යන්න ගියා. ඒ හඩේ තිබ්බේ සමාව ඉල්ලන්න වගේ හැගීමක්.
යුන් සන් දොර වහපු ගමන්ම එලියට ආපු ජිමින්ට හුස්ම ගන්නත් බෑ වගෙයි දැනුනේ. හයියෙන් එක දිගට හුස්ම අරගත්ත ජිමින් හචින් යන එකත් පුලුවන් තරම් හිර කරගෙන කලබලෙන්ම එකපාරටම හිට ගත්තා. ඒත් වැරදි තැනකින්.
💥
" ආ....ව්..."
ඇද ලගම ලෑම්ප් එක තිබ්බ ටේබල් එක කොනේ ඔලුව වැදුනු පාර ජිමින්ට වටේම අදුරුවෙලා යනවා වගේ දැනුනා.
___________________________________
Hola 😍
ඔන්න අරන් ආව ඉක්කන්ට 🙂💔
මොකද හිතෙන්නේ 👀
Enjoy 🤗
Ishki...
Bạn đang đọc truyện trên: AzTruyen.Top