10• වේදනාබර උපන්දිනය☔︎
" අ..අනේ.. ඒක මට දෙන්න... ඒක මගේනේ.... දෙන්නකෝ...."
" ඒක ඔනෙද... එහෙනම් ඒ වෙනුවට මට වෙන දෙයක් දෙන්න වෙයි 😀....."
" අනේ... ම..මන් ලග මොක..මොකුත් නෑනේ.... ඒක දෙන්න... අනේ.... "
ජිමින් බයෙන් බිම බලාගෙන කියද්දී තවත් කොහෙන්දෝ ආපු කොල්ලෝ ටිකක් එතන වට උනා. ජිමින් ඔලුව උස්සලා අසරන විදිහට ඒ අය දිහා බැලුවේ මට මොනාද මෙයාලා කරන්න යන්නේ කියලා හිතලා බයෙනුයි.
ජිමින්ට මතක් උනා ඒ අයගේ මහා දාමරික මූනු දැක්කම 'මේ ගැන්ග් වල කොල්ලෝ එකතු වෙලා ලමයින්ව බුලී කරන කතා එහෙමත්. ඒවනම් හුගාක් දරුනුයි. ජිමින්ගේ කකුල් දෙකම පන නැති වෙන්න වගෙයි දැන්නම්. එයා දැක්කේ තවත් කොල්ලෝ කෙල්ලෝ වටවෙලා එයාව වීඩියෝ කරන්න ඉස්සරහට එන හැටියි.
ජිමින් ඉස්සිලා සුගා දිහා බැලුවේ අනේ උදව් කරන්න කියලා ඉල්ලන්න වගෙයි. සුගාගේ අතේ දැවටි දැවටි ඉන්න කෙල්ලත් එක්ක සුගා ජිමින් දිහා බල බල හොදට හිනාවෙන හැටි දැක්ක ජිමින්ට කොහෙටද දුවා ගන්නේ කියලත් අමතක උනා.
ජිමින්ගේ මූන ඉස්සරහින් හිටගත්ත තවත් කොල්ලෙක් ජිමින්ගේ නිකටින් අල්ලලා මූන උඩට ඉස්සුවා. ඒ දාමරික කොල්ලා ජිමින්ගේ ස්කාෆ් එක ගලවන්න ලෑස්ති උනේ ජිමින්ගේ මූන කට්ටියටම පේන්න ඉඩ හදාගෙන කැත විදිහට හිනාවෙන ගමනුයි.
" ඒයි... මොකක්ද ඔහෙලා මෙතන කරන්නේ... ආ... "
එකපාරටම හැමෝවම දෙදරලා යන්න උස් කටහඩක් පිටිපස්සෙන් ඇහුනා.
කොල්ලෝ ටික පිටිපස්ස හැරිලා බැලුවේ ඒ අහලා පුරුදු කරහඩක් නිසයි. තවත් හැන්ඩි කොල්ලෝ දෙන්නෙක් එයාගේ දෙපැත්තෙන් හිටගෙන හිටියා වගේම එයාගේ වටේට කොල්ලෝ කෙල්ලොත් වටවෙලා හිටියා. ඒ කෙනාව දැක්කා විතරයි ජිමින්ව වට කරන් හිටපු ලමයි හොදටම බය උනා.
" එහට යනවා... "
ටිකක් ඉස්සරහට ඇවිදන් ආපු ඒ කෙනා එයාගේ ඉස්සරහයින් පාර හරස් කරන් හිටපු එක දාමරික කොල්ලෙක්ට උස් හඩින් කිව්වා.
" අහ්... ජැක්සන් හෙයොන් දැන් ඔහෙට කිව්ව එක ඇහුනේ නැද්ද එහාට යනවා ඉතින්..."
ජැක්සන්... ආන් ඒ කියන කෙනාගේ දෙපැත්තේ හිටපු හැන්ඩි කොල්ලෝ දෙන්නා දාමරික කොල්ලන්ව එතනින් එහාට කරේ කටින්ම බය කරලයි. ජැක්සන් කෙලින්ම ගියේ බයෙන් ගැහෙන ජිමින් ලගට.
" ඔයා හොදින්ද..."
එතකොට මේ ජැක්සන් කියන්නේ කවුද.
ජිමින් බයවෙලා ජැක්සන් දිහා බලන් හිටියා. ටික වෙලාවක් යද්දී ජැක්සන් කියන කෙනාගේ පිටිපස්සේ හිටපු තවත් කොල්ලෙක් ජිමින් ලගට දුවගෙන ආවා
" ඕහ් හෙයොන් අනේ තැන්කූ.... ජිමිනා ඔයා හොදින් නේද... හොද වෙලාවට මම ඔයාව දැක්කේ..."
" අනේ... යොන්ජුනා... 😰"
යොන්ජුන්'''' ඔව් ඒ යොන්ජුන් තමයි. අද එයාට ලෙච්චස් තිබුන නිසා යොන්ජුන් යුනිවසිටි ඇවිත් හිටියා. ඒකත් ජිමින්ගේ වාසනාවකට වගෙයි.
කොල්ලෝ ටික ජැක්සන්ගේ අතට ජිමින්ගේ තොප්පිය දුන්නේ සමාව ඉල්ලන ගමනුයි. ජැක්සන් මේ වැඩේට බැස්ස නිසා මේක දුර දුග නොයවන්නයි හැමෝටම ඕනේ උනෙ. ඒ දුක් කරපු කෙනාගෙන් යොන්ජුන් තොප්පිය ඇදලා අරගෙන ජිමින්ගේ අතටම දුන්නා.
යොන්ජුන් ජිමින්වත් ඇදගෙන එතනින් යන්න ගියා. ජැක්සන්ගේ පස්සෙන් කෙල්ලෝ ටික හූල්ල හූල්ල දුවගෙන ගියේ හරියට සීනිවලට ඇදෙන ඇඹලයො වගෙයි.
" ඕහ් ජැක්සන්.... අනේ දෙවියනේ... එයා එයා එයා මාරම හැන්ඩ්සම්.. 😭 ..."
" ඒ කවුද ඒ... "
" දෙයියනේ ඔයා එයාව දන්නෙ නැද්ද.. එයාවනොදන්න කෙනෙක් නෑ. මේ කැම්පස් එකේ වැඩිය ශෙයාස් ගානක් තියෙන්නේ මෙයාගේ අප්අගේ නමට. ජැක්සන්තමයි ඒ උනාට ඒ වැඩ බලන්නේ.. එයාට තමා ඔක්කොම පාලනය කරන්න පුලුවන්🙂💔 ඔයාට හිතා ගන්නවත් බෑ.. එයා මාරයි..."
ජිමින්ට ඇහුනා වටේ කොල්ලේ කෙල්ලෝ එකට ගුලිවෙලා ජැක්සන් ගැන කතාවෙනවා. ජිමින් තේරුම් ගත්ත ජැක්සන් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි වගත් මේ යුනිවසිටි එකේ ceoත් ජැක්සන් කියලා.
කා පාක් එකත් පහු කරන් මග දුරක් ගිහින්
" ජිමිනා මට අදුන්නලා දෙන්නත් බැරි උනානේ මේ ඉන්නේ මගේ හෙයොන්... ජැක්සන්... "
" අන්යසෙයෝ....."
යොන්ජුන් අදුන්නලා දෙද්දී ජිමින් ආචාර කලා. ජැක්සන් කියන්නේ යොන්ජුන්ගේ එකම හෙයොන් එතකොට. ජැක්සන් ජිමින් එක්ක හිනාවෙලා ජිමින්ගේ කොන්ඩේ අවුල් කලා. ජිමින්ව මුලින්ම දැක්කවෙලේම ජැක්සන්ට ඒ ආසව ඇති උනා. ජිමින්ගේ භාගෙට වැහුනු ඇස් කොන්ඩේ අතරින් යාන්තමට පෙනෙද්දී ජැක්සන් පුදුමවෙලා වගේ ඒ ඇස් දිහා බලන් හිටියා. ස්කාෆ් එකත් අයින් කරානම් ඒ ලස්සන මූන දකින්න වාසනව ලැබෙනවනේද කියලා ජැක්සන්ට මොහොතකට හිතුනා.
" යොන්ජුනා ඔයා දැන් යන්න.. ලෙච්චස් පටන් ගන්න කලින් ඔයා එතන ඉන්න ඔනෙ.. වැඩ ටික හරියට කරන්නසෙල්ලන් නොකර.. "
" ඒත් ජිමි.."
" මම එයාව ඩ්‍රොප් කරන්නම්... මටත් වෙන වැඩක් නෑ දැන්... හරි ඔයා යන්න..."
" හෙයොන්... ඔයා තමයි හොදම☹️❤️😍...."
යොන්ජුන් ජැක්සන්ට දත්ටිකම පෙන්නලා හිනා උනා. යොන්ජුන්ට සමුදීලා ජිමින් ජැක්සන්ගේ පස්සෙන් බිම බලාගෙන යන්න ගියේ සුගා ඇත ඉදන් එයා දිහා බලන් ඉන්නවා කියලා ඇහැ කොනට පෙවුනු නිසයි. ජැක්සන් කා එකේ දොරත් ඇරලා ජිමින්ට නගින්න ඉඩ හදලා දෙද්දී සුගා එයාගේ ඇගේ හිටපු කාරාවත් තල්ලු කරගෙන යුනිවසිටි එක ඇතුලට යන්න ගියේ පුපුර පුපුරයි.
ජැක්සන් ඇවිත් ප්ලෑන් එක වතුරේ යැව්වටත් වඩා ජිමින් ජැක්සන් එක්ක කා එකේ යන්න යද්දී සුගාගේ ඇස් එලියට පයින්න තරම්ම ලොකු වෙලා වගේම තරහින් රතුවෙලා තිබුනා.
" ම්.. 🤔 අද ජිමින්ට ලෙච්චස් නෑ මම දන්න විදිහට.. යොන්ජුනා අද යන්න කම්මලි උනෙත් එයාගේ යාලුවා එන්නැති නිසානේ.. ඉතින්... මොකද අද යුනිවසිටි ගියේ.."
නිහඩව ශටර් එකෙන් එලිය බලාගෙන පහුවෙන ගස් ගනම් කරපු ජිමින් ඔහේ කල්පනා කර කරයි හිටියේ.
'සුගා ඇයි එහෙම හැසිරුනේ කවුද එයා ලග ඒ හිටියේ'
ජිමින් හුගාක් දේවල් කල්පනා කලා. සුගා හැමදාම එහෙම එයා එක්ක හිනාවෙලා ඉන්නවනම් කියලා ජිමින් ආයෙමත් කල්පනා කර කර දුක් උනා.
ටිකක්දුර යද්දී ජැක්සන්ට තේරුනා ජිමින් ඉන්නේ වෙන ලෝකෙක කියලා. ඉස්සරහා බලගෙන ඩ්‍රයිව් කරපු ජැක්සන් ජිමින් දිහාවට බෙල්ල හැරෙව්වේ ජිමින් හොදින්ද බලන්නයි. ජිමින්ගේ ඇස් ඒවා හොදටම තෙත්වෙලා තිබුනා ජැක්සන් ජිමින්ගේ මූනට වැටිලා තිබුනු කොන්ඩේ අතරින් දැක්කා දැක්කා.
බලන් ඉන්නබැරිම තැන ජැක්සන් එයාගේ අත කට ලගට කරලා ටිකක් සද්දෙන් උගුර පෑදුවා.
" අහ්ම් අහ්ම් අහ්ම් "
ජිමින්ට දැන් තමයි ජැක්සන් මෙතන ඉන්නවා කියතත් මතක් උනේ. ජිමින් හිමීට ඇස්වල කදුලු පිහිදාලා ජැක්සන් දිහා බැලුවා.
" දුවිලි ගියානේ ඇස් වලට... ඒකයි...☺️"
ජිමින් තවත් ඇස් පිහිදාන ගමන් ජැක්සන්ට බොරුවක් කිව්වා. ඉතින් ජැක්සන් ආයෙමත් ඉස්සරහා බලාගෙන ඩ්‍රයිව් කරන්න ගත්තේ බොරුවට අහුවෙලා වගේ රගපාන ගමනුයි.
ජැක්සන් ජිමින්ගෙන් තවත් කිසිම දෙයක් අහන්න ගියෙ නෑ. ජැක්සන්ට තේරිලා තිබුනා ජිමින් හුගාක් ලොකු අවුලක ඉන්නවග. නිහඩවම ඒත් ජිමින් දිහා හොරාට බල බල ජැක්සන් ජිමින්ව ගෙදරටම අරන් ගියා.
ජිමින්ව ගෙදරින්ම බස්සවලා ජැකක්සන් යන්න ගියා. ජිමින්ගේ ස්තූතියවත් හරියට ජැක්සන්ට හම්බුනේනැතත් ජැක්සන් ජිමින්ට හිනාවෙලා අතවනාගෙනම යන්න ගියා.
ජිමින් කලකීරිමෙන් පිරුනු මූන වහගෙන ගේට් එක ඉස්සරහ හිටගෙන එයාව පහු කරන් යන වාහන දිහා බලාගෙන තවත් කල්පනා කලා.
රෑ හත පහුවෙද්දි මූලු ගේම එකම යුද්දයක් වගෙයි. ජිමිනුත් ජීහුත් එහාට දුවනවයි මෙහාට දුවනවයි. සුගා එන්න කලින් හැමදේම් හරියට තියෙන්න ඔනේ එහෙම තමයි ජීහු නම් කිව්වේ. ජිමින් කලේ ඔම්ම යන යන තැන නැට්ටවගේ පස්සෙන් යන එක තමයි. ඒ ඇරෙන්න ජිමින්ට කිසිම අදහසක් තිබුනේ නෑ මොකක්ද කරන්නේ කියන එක ගැන. ජිමින් සුගා වෙනුවෙන් මොන දේ කලත් සුගා එයාව මල්ලි හැටියට පිලිගන්නේ නැතිවග ජිමින්ට ආයෙමත් අද සුගාම තේරුම් කලා.
ජීවූ එයාගේ හොදම කෑම වට්ටෝරුව තමයි අද හැදුවේ. ඒ වගේම රාමේන් සුගා වගේම ජිමිනුත් හුගාක්ම ආසම විදිහට ජීවූ රාමෙන් හැදුවා. ජිමින් එයාගේ ඔම්මා කිව්ව විදිහට බඩු එහාට මෙහාට ඇදලා හැමදේම ලෑස්තීත් කලා.
පැයක් විතර යද්දී දෙන්නගේ වැඩ ටික ඉවර උනා. දැන් නම් හැමදේම ලෑස්තී. උපන්දින කුමාරයයි කුමාරයේ අප්පයි විතරයි දැන් එන්න තියෙන්නේ.
ඉතින් යුන් සන් කවදාවත් නැතුව අද රෑ වෙන්න කලින්ම ගෙදර ආවේ හුග කාලෙකින් එයාගේ පුතාගේ සමරලා නැති උපන්දිනේ හොදට සමරන්නයි. යුන්සන්ට මහා ලොකු උවමනාවක් නොතිබ්බත් ජීවූගේ ඉල්ලීම නිසාම යුන් සන් ආවේ සුගාට ගිෆ්ට් එකකුත් අරගෙනයි.
සුගාගේ නපුරුකම් එන්න එන්නම වැඩිවෙන වග යුන්සන්ට හොදටම තේරිල තිබුනා. සුගාට යුන්සන් හුගාක් ආදරේ කලා ඒ වගෙත් ඉස්සරහටත් කරනවා. ඒත් ඒ ආදරේ මේ තරමට යුන්ගිට දැනුනේ නැත්තෙ ඇයි කියන්න යුන්සන්ට තවම හිතාගන්න බෑ.
රෑ 8.40 යි. ජීවූ මග බලාගෙන හිටියා. ඒත් තවම සුගා නෑ. තව ටිකකින් එයි කියලා ජීවූ ඇතුලට ගිහින් ආයිමත් කේක් එක ටිකක් එහා මෙහා කරලා ඉටි පන්පන්දම් ගහන්නත් ලගට ගත්තා.
රෑ 10.00 ත් පහු උනා. සුගා තවමත් නෑ.
ජීවූ කේක් එක වහලා ආයෙමත් ටිකක් එලියට එබිල බැලුවා. සුගා එනපාටක් පේන්නවත් නැතිකොට යුන්සන් සුගාට කෝල් කරන්න ගත්තා. ඒත් සුගා නෙවෙයි ආන්ස්වර් කලේ. කීප පාරක් කෝල් අරගත්තට පස්සේ සුගාගේ ෆෝන් එක ඕෆ් කියලා වැටුනා.
යුන්සන් හිටියේ ජීවූ දිහා බලාගෙනයි.
'කොච්චර මහන්සි වෙලාද එයා මේවා කරන්නේ සුගාව සතුටු කරන්න හිතාගෙන. ඒත් සුගාට ගානක්වත් නෑ'.
යුන්සන් සුගාගේ මේ හැසිරීම් ගැන කනස්සල්ලට පත්වෙද්දී ජීවූගේ මූනේ තියෙන නොමැකෙන හිනාව නිසා යුන්සන්ට හැම දුකක් මොහොතකට අමතක උනා.
ජිමින් සුගා එනකල් පඩිපෙල යට ඉදගෙන බලන් ඉදලා ඉදලා අන්තිමට උඩට ගියා. සුගාගේ කාමරේට ගියපු ජිමින් එයාගේ ඇද උඩින් ඔම්මා දුන්නු ගිෆ්ට් එක තිබ්බා.
ටිකක් වට පිට කැරකුනු ජිමින් යුන්ගිගේ හතර වටේ දාලා තිබුනු ඇදුම් එකින් එක උඩින් අරන් තියලා සුගාගේ වැඩ කරන මේසෙත් ටිකක් පිලිවෙල කලා. ජිමින් හුගාක් ආසවෙනුයි ඒ දේවල් කලේ. ඒ මූනේ හිනාවක් ඇදිලා තිබුනා හුග වෙලාවකට පස්සේ.
එයා හිතුවා සුගාට මේක උදව්වක් වෙයි කියලා.
ජිමින් සුගාගේ කාමරේ පිලිවෙලකට හදලා ඇදරෙද්දත් හදාලා ටිකක් ඉදගෙන හිනාවෙවී ඇද දිහාත් කාමරේ එල්ලලා තිබුනු එක එක ෆොටෝස් දිහාත් බෙල්ල කරකෝ කරකෝ බලන් හිටියා.
ජිමින්ගේ පුංචි ඇගිලි ඇද රෙද්ද පුරා එහෙ මෙහේ දිව්වා. ඔය අතරේ සුගාගේ කොට්ටයක් අස්සේ තිබුනු දෙයක් ජිමින්ගේ ඇගිලි වලට අහු උනා. ඇසුත් පුංචි කරම් ඇහිබැමිත් මොකක්ද මේ කියලා බලන්න වගේ ලන් වුනා. කොට්ටේ යට තිබුනු දේ අරගත්ත ජිමින් දැක්කේ ලස්සන ගෑනු කෙනෙක්ගේ ෆොටෝ එකක්. එයා හුගාක් ලස්සනයි. ඔව්... ඒ ඇසුත් පුදුම ලස්සනයි. හිනාවෙන කම්බුල් සුගාගේ වගේමයි.
ෆොටෝ එක පිටි පස්සේ ලියලා තිබුනා
මේ ලෝකේ ඉන්න හොදම ඔම්මා ඔයා
මට හුගාක් ඔම්මව මතක් වෙනවා
කියලත් ඒ ෆොටෝ එක පිටිපස්සේ එක කොනක ලස්සනට ලියලා තිබුනා.
ඒත් එක්කම වගේ ජිමින්ට ඇහුනා සුගාගේ කා එකෙ සද්දේ. ඒ සද්දේ ඇහුනා විතරයි ජිමින්ට උන්හිටි තැනුත් අමතක වුනා. ඉක්මනට ෆොටෝ එක කොට්ටේ අස්සටම දාලා කලබලේ වැඩි කමට වැටි වැටි බඩුත් වට්ටගෙන කාමරෙන් එලියට දුවගෙන් ගියා.
ගානට පඩි පෙල ලගට දුවන් ඇවිත් ඉතුරු ටික මම නෙවේ දිව්වේ වගේ හයියෙන් හතිදදා හිමීට නෝමල් එකේ පඩිපෙල බැස්සා.
සුගා ගෙට ආවේ ඇවිදගන්නවත් බැරුව හතර වටේම වැදි වැදි අලුත ඉඅපදුනු පොඩි ලමයෙක් වගෙයි.එයාව පිලිගන්න බලාගෙනයි හැමෝම හිටියේ.
සුගා ඒ කා දිහාවත් නොබලම උඩට යන්න හැදුවත් යුන් සන් සුගාව හරස් කරලා හිට ගත්තේ හොදටම තරහ ගිහිනුයි.
" මගේ පාරෙන් එහාට යන්න... ඔහොම හිටගත්තම මට යන්න බෑනේ..."
සුගා කිව්වේ හොදටම වෙරි උනු කට හඩින් වචන ඇද ඇද නමුත් ඒ ඇස් එක එල්ලේම යුන්සන්ගේ ඇස්වලට වැටිලා තිබුනා. යුන්සන් සුගාගේ කොලර් එකෙන් ඇදලා ගත්තේ කේන්තියෙන් එකට එක වදින දත්මිටි තදිනම කාගෙන සුගාව බය කරගෙනයි.
යුන්සන්ගේ ඇස් වලින් පුදුම වේදනාවක් වගේම දුකක් පිට උනා. ඒ ඇස් සුගාගෙන් හුගාක් දේවල් ඇහුවා. හරියට මේ මගේ පුතාමද කියන්න වගේ. මෙහෙම දුක් විදින්නේ ඇයි කියලා යුන්සන්ට සුගාගෙන් අහන්න ඔනේ උනා. ඒත් යුන්සන්ගේ තරහා පාලනයක් නැතුව ගිහින් නැවතුනේ සුගාගේ මූන දෙපැත්තෙම රතුපාටින් ඇගිලි පාරවල් හිටලයි. අන්තිම පහරෙදි සුගා බිමටම ඇදගෙන වැටුනා.
ජීවූ යුන්සන්ව අල්ලගන්නකම් යුන්සන් කලේ සුගාට ගහන එකමයි. ඒ පාරවයි දරුනුයි. ජිමින් බය උනා යුන්සන්ගේ මේ වැඩේ නිසා. යුන්සන්ගේ හැගීම් එකිනෙකට මිරිකිලා අන්තිමට වේදනාවෙන් දාරාගන්න බැරි ඇඩුමක් පිට උනා.
හැමදේකම අවසානයේ පඩිපෙල අස්සේ හැන්ගිලා මේවා දිහා හොරෙන් බලන් ඉදපු ජිමින් සුගාගේ ඇස්වල කදුලු පිරිලා තිබුනා.
ජීවූ යුන්සන්ව හරිසිහියට ගත්තත් සුගාට ඉනාවටත් වඩා රිදිලා ඉවරයි. යුන්සන් සංසුන් වෙලා සුගා දිහාවට හැරෙද්දී සුගා එතන හිටියේ නෑ. සුගා පුලුවන් තරම් ඉක්කමට කාමරේට ගියා.
සුගා යන විදිහට කොයිමවෙලේක හරි ඇදගෙන වැටෙනවා කියලා බය හිතුනු ජිමින් සුගා පස්සෙන්ම හොරෙන් උඩට ගියා.
සුගාගේ කාමරේ දොර හායි ගාලා ඇරලා දාලා තිබුනා. ජිමින් හිමීට සුගාගේ කාමරේට ඔලුව දාලා බැලුවා කිසිම සද්දයක් නොකර.
අහිංසක ජිමින් දැක්කේ කොට්ටෙට ඔලුව ඔබාගෙන නිදාගෙන ඉන්න හුරතල් පූස් පැටියෙක්ව. එයාට හුගාක් රිදෙනවා ඇති. ඒ පාරවල් වගේම එයාගේ හිතත්... සුගාට නිදාගන්න දෙන්න ඔන්නෙ කියලා හිතලා ජිමින් හිමීට දොර වහන්න අත දික් කරගෙන කාමරේට අඩිය තිබ්බා.
__________________________________
Hola 🙂💔
අම්මෝ 🙂 පව් මම..
බලන්න මම දිගම දිග කොටසක් දුන්නා අද 😂❤️
කෝමද අද කොටස... 😍
මගේ කතා කියවන අලුතෙන් එකතු උනු අය only fools කතාව එක්කත් එකතුවෙන්න කියලා ආදරෙන් ඉල්ලනෝ 😍❤️
Enjoy 😍
Ishki...
Bạn đang đọc truyện trên: AzTruyen.Top