☠️
.
.
.
.
.
" ඒ මැඩම් නැගිටිනවා !!! " උදේම සාහිල්ගේ කෑගැහිල්ලට ඇස් ඇරපු මන් ආයෙ අනිත් පැත්තට හැරිලා නිදාගත්තේ එයාව ගනන් ගන්නැවතුවමයි....ටිකකින් එයා ඇඳට පැනලා මගෙ කන ලඟට පාත් උනේ මගෙ වටෙන් අත දාලා මට ලන් වෙන ගමන්...
" නැගිටින්න අදහසක් නැද්ද කම්මැලියට..ම්ම් දැන් දහයත් පහුවෙලා.." කනටම කරලා කොඳුරල කියනකොට මන් අතෙන් එයාගෙ මුනට ගැහුවේ..
" තව ටිකක් නිදාගන්න දෙනවකෝ "
" මේ මෙන්න මෙහෙ නැගිටිනවා..හහ් මහ ලොකු ටීචර් පස්සට ඉරඑලිය වැටෙනකන්ම උඩදාන් නිදියනවා "
" කෝ කෝ නැගිටලා මේ තේ එක බීලා ඉන්නවා..මන් යනව වොශ් එකක් දාගන්න " එහෙම කියලා මගෙ කම්මුලකුත් සිපගෙන එයා නැගිටලා බාත්රූම් එකට රින්ගගත්තේ..මාත් අමාරුවෙන් ඇඳේ ඉඳගන්නකොට...
තේ එකත් බොන ගමන් මන් නැගිටලා බැල්කනියට ගියේ පරිසරයේ තිබ්බ සීතල සුලඟ විදිමින්...මන් ආසම මේ වටපිටාවට ඈතින් පේන තේ වතු...වත්ත පුරා පිපිලා තියෙන එක එක වර්ගේ මල්...වත්ත පහල තියෙන විශාල රොබරෝසියයි ඇහැළ මල් ගසුයි..හුලඟට ඒ පෙති හැමතැනම වැටෙන විදියට..මේ සීතල කාලගුනයට...මේ ජීවිතේට තමා මන් ආසම කලේ...ඒ දිහා බලාගෙන කල්පනාවක අතරමන් වෙලා හිටිය මාව ගැස්සිලා ගියේ සාහිල් අත්වැටට බර දීලා මාව පිටිපස්සෙන් බදාගත්ත නිසා...දුහුල් රාත්රී ඇඳුමෙන් ඔහුගෙ උණුහුම හොඳින්ම දැනුනා...ඒ ශක්තිමත් අත් මගෙ පිරුණු කුස වටා එතුනේ මාත් ඒ අත් උඩින් මගෙ අත් තියනකොට.....
"මෙයා එලියට එනකන් ඉවසිල්ලක් නෑ ශෙනූ...මගෙ චූටි කෙල්ල මේ තාත්තිගෙ අත් උඩට එනකන් මට ඉවසිල්ලක් නෑ..." මගෙ ගෙල මතින් තොල් තියලා හුස්මක් ඉහලට අරන් සාහිල් කියනකොට මන් ඒ මූන දිහා බැලුවේ..ඇසුත් ලොකු කරන් හිනාවෙන ගමන්..
" ඔහොම ඇස් ලොකු කරන්න එපා බන් හැමතිස්සෙම..එලියට පනිනවා දැන් කොයිවෙලෙ හරි...."
" ඔයා කිව්වෙ චූටි කෙල්ල කියලද ? "
" ඔව්..ඇයි..ඔන්න බලනවකෝ එයා අනිවාරෙන්ම කෙල්ලෙක්..හරියට එයාගෙ අම්මා වගේම ලස්සන බෝල ඇස් එක්ක පිම්බෙන කම්මුල් තියෙන.." සාහිල් එහෙම කියනකොට මන් හිනා උනේ ඇස් වලට කඳුලු උනනකොට..
" ඔයා කොහොමද ඒක හරියටම කියන්නෙ සාහිල්..කවුද දන්නෙ එයා කොල්ලෙක් උනොත් එහෙම..එයාගෙ ආඩම්බරකාර තාත්තා වගේ " මන් කියනකොට ඒ මූන හිනාවෙන් පිරුනා
" හරි හරි කවුරු හරි..එයා ආවම බලමුකෝ කව්ද කියලා "
" හ්ම්ම් "
" තේ එක බීලා ඉවරනම් වොශ් එකක් දාගන්න පහලට ගිහින් කෑම හදමු උදේට "
" හ්ම්ම් මන් වොශ් එකක් දාගෙන එන්නම්..කෝ අතාරින්න ඉතින් "
" ම්ම්හ් බෑ තව චුට්ටක් මෙහෙම ඉන්න "
........
උදේට කන්න කෑමත් හදලා කෑම මේසේ ඉඳගෙන කෑම කකා ඉන්නකොට සාහිල්ට කෝල් එකක් ආවා...
" හලෝ අප්පච්චි කියන්න "
" ඒ කියන්නෙ අද අනිවාරෙන්ම එන්න ඕනද..නෑ නෑ අප්පච්චි මන් එන්නම් අද එයාලා ප්රොජෙක්ට් එක ගැන කතා කරන්න එනව කිව්වනෙ හරි මන් එන්නම්.."
" අප්පච්චි මොකද කියන්නෙ සාහිල් ? "
" අද අලුත් හොටෙල් ප්රොජෙක්ට් එක ගැන කතාකරගන්න ඒ අය එනවා කියලා ශෙනු...ඉතින් ඒකට අනිවාරෙන්ම මන් මීටින් එකට ඉන්න ඕන..."
" ආහ් එහෙනම් ඉතින් අනිවාරෙන්ම යන්න ඕනනෙ සාහිල් ගිහින් එන්න..කීයටද මීටින් එක ? "
" මන් තව ටිකකින් යන්න ඕන...ඔයාට පරිස්සමෙන් ඉන්න පුලුවන් ශෙනූ..මන් සිරිදාස අන්කල්ව ගෙන්නන්නද.."
" ඕන නෑ සාහිල්..අනික මේ ටිකේ බය වෙන්න ඕන නෑනේ ඔයා ගිහින් ඉක්මනට එන්න..."
" හරි එහෙනම් පරිස්සමෙන් ඉන්න හදිස්සියක් උනොත් කෝල් එකක් දෙන්න හරිද "
" හ්ම්ම් දැන් කාලා ලෑස්ති වෙන්න "
.......
සහිල් ලෑස්ති වෙලා කොලඹ ගියේ මගින් මගට පරිස්සමෙන් ඉන්න කියලා කියන ගමන්..එයා යනකන් ඉඳලා ජිමී එක්ක වත්ත පහලට ගිහින් බිම වැටිලා තියෙන මල් පෙති උඩින් ඇවිද්දේ කකුල් වලට දැනෙන ඒ සිනිදු ස්පර්ශයට ඇස් දෙක පියාගෙන සීතල හුලඟ විදිමින්.....ගහ යටින් ඉඳගෙන නවල් එකකුත් කියව කියව ඉඳලා එහෙන්මම නින්ද ගිහින් මට ඇහැරුනේ ජිමීගේ බිරුම් හඬට...ගහ යටින් නැගිටලා හෙමින් ඉස්සරහට ගිහින් එහෙන්මම නැවතුනේ ජිමී ගේට්ටුව දිහා බලන් එක දිගට බුරන නිසා
" ජිමී කෝ එන්න මෙහෙට !!! "
"ජිමී !! එකපාරක් කිව්වම එන්න ඇතුලට යන්න !!"
" හොඳ පැටියා එන්න අපි ඇතුලට යමු "
ජිමීවත් එක්කගෙන ඇතුලට ඇවිත් දොරත් වහලා දාලා උඩට ගියේ පොඩි නින්දක් දාන්න හිතන්...
නිදාගෙන හිටපු මන් ඇහැරුනේ කාමරේ ඇතුලට හිරිකඩ ඇවිත් වතුර බිංදු එකින් එක මූනට වැටෙනකොට...හොඳටම වහිනවා අකුණු ගගහා..කාමරේ පුරාම පැතිරිල තිබ්බේ මද අන්දකාරයක්..හෙමින් ඇඳෙන් නැගිටලා බැල්කනි එකේ දොර වහනකොටම කලු චායාවක් වගේ එකක් එකපාරටම දැක්කත් ආයෙ ජනෙල් රෙද්ද උස්සලා බැලුවත් එතන මුකුත් තිබුනේ නෑ...ආයෙ හැරිලා පහලට යන්න ආවත් නැවතුනේ බාත්රූම් එකේ ටැප් එකකින් වතුර ගලන සද්දෙත් එක්ක...ලයිට් එක දාලා ඇතුලට ගිහින් ආයෙමත් එලියට එන්න හදනකොට මාව ගල්ගැහුනා වගේ දැනුනේ ඇස් කොනින් පිටිපස්ස බලනකොට පිටිපස්සෙන් කාගෙ හරි හෙවනැල්ලක් තියෙන වග තේරුනත් පිටිපස්ස හැරුන මන් පපුවට අතක් තියාගෙන හුස්මක් පාත දැම්මේ
" පිස්සු විකාර හිතන්න එපා ශෙනූ..එයාට ඇතුලට එන්න විදියක් නෑනේ " හිනා වෙලා ආයෙමත් ටැප් එක වහලා එලියට ආවෙ ලයිට් එකත් ඕෆ් කරලා දාලා...ඒත් ආයෙමත් ටැප් එක ඇරිලා වතුර ගලනකොට මන් බයටම ගැහි ගැහි බාත්රූම් එකේ දොර ලඟට ගිහින් බලනවත් එක්කම..
" ආආආආආආආඅහ්!!! සාහිල් !!!!! "
..............
මේ අතරතුර සාහිල් මීටින් එක ඉවර වෙලා ගෙදර එනගමන් හිටියත්...එකපාරටම රබර් කැලය ගාවින් වාහනය නැවතුනේ මහ හයියෙන් වහින්න පටන් ගන්නකොට...
වාහනයෙන් බැහැලා තෙමි තෙමිම රෝදෙ ගාවට ලන් උන කොල්ලා. හුලන් ගියපු රෝදෙට පයින් පාරක් ගැහුවේ...
" ශිට් !!! මේකටත් දැන්මම හුලන් යන්න ඕන උනානෙ !! "
කාර් එකෙන් අමතර රෝදයක් එලියට අරගෙන කොල්ල ඒක මාරු කරන්න ගත්තේ වැස්සේ තෙමි තෙමිමයි...
----------------------------☠️-----------------------------
ඔන්න අදනම් දිගයි 😌
අදහස් කියාගෙන යන්න 🌚
ශෙනූව මරන්නද 😌
Bạn đang đọc truyện trên: AzTruyen.Top