☠️

.
.
.
.
.
මාස තුනක් ගෙවී අවසන් වූයේ දවස් සාමාන්‍ය ලෙස ගතවෙනකොට....හැමදේම හොඳිම් සිද්ද වෙමින් පැවතුනා..දැඩි සන්සුන් බව කුණාටුවකට මග අසුරන බව ඔවුන්ට මතක් නොවන්නට ඇති....

රෝස පාටට හුරු කෙටි ගව්මකින් සැරසුන මන් හෙමින් පඩිබැස්සේ යන්තමින් ඉදිරියට නෙරාවිත් තිබුන කුසත් එක් අතකින් අල්ලාගෙන.....අන්තිම පඩිය බහිනකොට එලියෙ ඉඳන් බෝලයකුත් කටේ ගහන් ජිමී මන් ගාවට දුවගෙන ආවෙ නැට්ටත් වනන ගමන් මගෙ වටේ කැරකෙමින්...

" මොකද මේ දාන්ගලේ ආ..කෝ අහට්ට වෙන්න මට යන්න..ජිමී "

ජිමී දිහා බලමින් හිනාවෙවී හිටපු මන් ඉස්සරහා බැලුවේ ඒ ගැඹුරු  කටහඬට...කලුපාට ශෝර්ටක් විතරක් ඇඳලා ෆෝන් එකත් අතේ තියාගෙන ඇතුලට ආව සාහිල් දොරේ උලුවස්සට හේත්තු වී ඇය දෙස බලා සිටියේ හිනාවක් මූනේ රඳවන්...ඔහු දෙස බැලූ ඇය ගොලුවීගියේ ඉරඑලිය වැටිලා ඔහුගේ ඒ සුදුම සුදු ශරීරය රත්තරන් පාටට දිලිහෙන විදියට....හිනාවෙනකොට වල ගැහෙන ඔහුගේ ඒ කම්මුල් හීනි වෙන තියුණු ඇස්...සාහිල් ඇය අසලට තුරුම ඇයට ඒ පිලිබඳව ගානක් නැති උනා....

" ඕයි මැඩම් !! මොන ලෝකෙද ඉන්නෙ "

"ඈහ් "

" මොකද කන්න වගේ බලන්නෙ ම්ම් " සාහිල් තවත් ලඟට ඇවිත් ඉණ වටා අත් යවමින් ඇහුවේ ඒ ආඩම්බරකාර හිනාවත් එක්ක

" මුකුත් නෑ " ඒ මූණ දිහාම බලාගෙන මන් උත්තර දෙනකොට මගෙ නලල මත තොල් තියලා මාව තවත් ඒ හැඩිදැඩි ශරීරයට ලන් කරගත්තා

" බඩගිනී ඕයි "

" ඔහොම ඉන්න සාහිල් මන් කෑම හදන්නම්..පහලට ආවෙ ඒකට තමා "

මන් කුස්සියට යනකොට එයත් මන් පස්සෙන්ම ඇවිත් ෆැන්ට්‍රි එක උඩින් ඉඳගත්තේ මන් හාල් ලිපේ තියලා එලවලු ටික කපන්න ගන්නකොට..

" මොකක්ද සාහිල් කපන කපන කැරට් ටික ඔයා කෑවම උයන්නෙ මොනාද !! "

" හරි බන් ඉතින් කෑගහන්නේ මොකද කැල්ලයිනේ කෑවේ "

"මරු කෑල්ල "

කොල්ලටත් රව රව එලවලු කප කප හිටපු කෙල්ලගෙ ඇඟිල්ල කැපිලා ගියේ

" ආහ් !"

ඇඟිල්ලෙන් ලේ බිංදු එකින් එක ටයිල් පොලව මතට වැටෙනකොට කොල්ලා ෆැන්ට්‍රි එකෙන් බිමට පැනලා කෙල්ලගෙ අත ටැප් එක ඇරලා වතුරට ඇල්ලුවේ

" හරිනේ ඔය කරගත්තේ !! "

" ඒකට කමක් නෑ සාහිල් පොඩ්ඩයිනේ කැපුනේ "

" මගෙ යකා අවුස්ස ගන්න එපා ඉතින් " ඒ ඇස් තරහට රතුවෙන්න තප්පරයක් යන්නෙ නැතුව ඇති...

" වතුරට අල්ලන් ඉන්නවා මන් බෙහෙත් එක අරන් එන්නම් " first aid box එක අරගෙන එන්න හැරුන කොල්ලගෙ ඇස් නැවතුනේ ටයිල් මතට   වැටුන ලේ බිඳු තිබූ සේයාවක් පොලව මත නැති තැනයි...

" ඇයි සාහිල් ? "

" ආ..හ් න් නෑ මුකුත් නෑ එනවා යන්න බෙහෙත් දාගෙන එන්න "

" ඕන නෑ සාහිල් මේක මේ පුන්චි තුවාලයක් නේ..ඉක්මනට කෑම ටික හදලා එන්නම් මන් ඔයා යන්නකෝ "

" මන් කිව්වනෙ ඕන නෑ !! කෑම මන් ඕඩර් කරන්නම් "

සාහිල් මාවත් ඇදගෙන උඩට ගිහින් අතට බෙහෙත් දාලා

" ඔයා ඔහොම ඉන්න මන් පොඩ්ඩක් පහලට ගිහින් එන්නම් "

" හ්ම්ම් " සාහිල් යනවත් එක්කම මන් බාත්රූම් එකට ගියේ ලඟින් ලූණු ගඳ එනකොට වමනෙට වගේ එන නිසා...තුවායත් එල්ලලා ඇඳුම් ගලවලා දාලා මන් බාත් ටබ් එකට බැහැලා දිගාවෙලා ඇස් පියා ගත්තේ දැනුන මහන්සියත් එක්ක සීතල වතුරට දැනුන සැහැල්ලුව විඳිමින් මන් ඇස් පියා ගත්තා...

...............

කෑමත් ඕඩර් කරලා කුස්සිය දිහාට ගියපු කොල්ලා ටයිල් පොලව දෙස බලාගෙන ඉඳලා අත්මිටිමොලව ගත්තේ හිතේ ඇතිඋන සැකය යටපත් කරගන්න එහෙන්මම එලියට ගිහින් කෝල් එකක් අරගත්තේ

" හෙලෝ "

" හාමුදුරුවනේ මේ මන් සාහිල් "

" ආහ් මේ සාහිල් මහත්තයනෙ..කියන්න ඇයි හදිස්සියෙම කතා කලේ.."

" හාමුදුරුවනේ අද....

සිදු වූ හැමදේම අකුරක් නෑර ඔහු හිමි නමට පැවසුවේ..මාස තුනකට කලින් සිදු වූ සිදුවීමත් සමග පන්සලට ගොස් එදා හමුවූ හිමිනම හමුවී තම නිවසට කර ගත් ආරක්ශාව හේතුවෙන් මේ මාස තුන තුල ඔවුන් කරදරයක් නැතුව හිටියත් අද සිදු වුන දේ සාහිල්ගේ හිතට වද දුන්නා...

" මට හිතෙන්නේ කරපු ආරක්ශාවෙ බල බිඳිලා වෙන්න ඇති මහත්තයා "

" මන් දැන් මොකද හාමුදුරුවනේ කරන්න ඕන "

" ඔය දරුවා බයනොවී නෝනා ලඟින්ම ඉන්න බලන්න..නෝනට කරදරයක් වෙන්න නොදී ආරක්ශා කරගන්න බලන්න...දැන් මේ හවස් යාමෙ ගෙදරින් එලියට බහින්න එපා..හෙට පන්සලට එන්න මහත්තයා..නෝනවත් එක්කන්..එතකන් මන් දුන්න පිරිත් පැන් ගේ අවටත් ඇතුලතත් ඉහින්න "

" එහෙමයි හාමුදුරුවනේ "

" හ්ම්ම් බුදු සරණයි "

ඇමතුම විසන්දි කොට ඔහු හුස්මක් පහත දැම්මේ...

" උබ මගෙ ඉවසීමේ සීමාව පන්නනවා අමා..උබට කවදාවත් දිනන්නනම් දෙන්නෑ..මේ සාහිල් ඉන්නකන් "

සිහින් හඬින් පැවසූ ඔහු ඇතුලට ගියේ ශෙනූව බැලීමටයි...

මේ අතරතුර..කෙල්ල තවමත් බාත්ටබ් එකට වී ඇස් පියන් හිටියත් ඇය එක්වරම ඇස් ඇරියේ කවුරුන් හරි ඇගේ කන ලඟට විත් කොඳුරපු හඬට ඇයව වෙව්ලා ගියා ...දෙයියනේ මේ ඒ කටහඬ ආයෙමත්...ඒ එක්කම කෙල්ල බැලුවේ ඉස්සරහින් පේන විශාල කණ්නාඩිය දෙසයි...ඇගේ දෑස් බියෙන් විශාල වෙලා ගියේ ඇගේ පිටුපසට වී ඇය දෙස වියරුවෙන් බලා සිටි ඒ රුව හොඳින්ම පෙනෙනකොට...ක්ශනික සිතුවිල්ල මත ඇගේ දෑත් ඇගේ කුස වටා ගියේ..ඉක්මනින් මෙතනින් ගැලවෙන්න ඕන බව සිතට තදින්ම දැනෙනකොට ශෙනූ ටබ් එකෙන් නැගිටින්න හැදුවත් ඇය අපොහොසත් උනේ වියරු ආත්මය ඇගේ උරහිස් වලින් අල්ලා ඇයව වතුරේ ගිල්ලා දමනකොටයි...කෙතරම් උත්සාහ කරත් ඒ ග්‍රහනයෙන් ඇයට මිදෙන්නට බැරි උනේ ඇගෙ හුස්ම ඇගෙන් මිදීයන බව ඇයට දැනෙනකොට ඇගේ සිහියට ආවෙ සාහිල්ගේ ආඩම්බරකාර ඒ සිනහව...

ශෙනූව හොයාගෙන කාමරේට ආපු කොල්ල වටපිට බැලුවත් කෙල්ල පේන්න හිටියෙ නැති තැන බාත්රූම් එක දිහා බලා ඇඳෙන් ඉඳගත්තේ ෆෝන් එකත් ඔබන ගමන් ඒ මතට දෑස් යොමු කරමින්...ටික වෙලාවක් ගත උනත් ශෙනූ පිටතට නොආපු නිසා ෆෝන් එකත් පැත්තකින් තියලා ඇඳෙන් නැගිට්ටේ

" ශෙනූ !! තමුසේ ඕකෙ පැලවෙලාද !!! "

" ඉක්මනට එනවා සීතලේ ඉන්න හොඳ නෑ !!!"

කොච්චර කිව්වත් කෙල්ලගෙන් පිලිතුරක් නැති තැන කොල්ල දොර අසලට විත් දොරට ගැහුවත් කෙල්ලගෙ හඬ පිට උනේ නෑ...හදවත වේගෙන් ගැහෙන්න ගන්නකොට දොරට වේගෙන් පා පහරක් එල්ල කරපු සාහිල් ඇතුලට ගියත් එක්කම ඔහුට කෑ ගැස්සුනේ ...ඒ ආඩම්බරකාර ඇස් වලින් එක දිගට කඳුලු කඩාගෙන වැටෙනකොට

"ශෙනූ !!!! "

බාත්ටබ් එකේ පණක් නැතුව සිහිසුන් වෙලා හිටපු කෙල්ලව දැකලා කොල්ලගෙ කකුල් පවා පන නැතුව ගියා...දෝතින්ම කෙල්ලව උස්සලා අරගෙන තුවාය ඇඟ වටෙන් ඔතලා කෙල්ලව ඇඳෙන් තියලා කෙල්ලට සිහිය ගන්න සාහිල් දැඩි උත්සාහයක යෙදුනේ...ටික වෙලාවකට පසු කෙල්ලට සිහිය ආවෙ පෙවුන වතුරත් කටින් එලියට කැස්සත් එක්ක එනකොට...කෙල්ලව තදින් තුරුලු කරගෙන ඒ හිස සිපගත්තේ හිතේ ඇතිඋන බය කෙමෙන් ගිලිහිලා යනවත් එක්ක...

" ස්..සාහිල් "

" ඔයාට කොහොමද ආහ් මුකුත් අමාරුවක් නෑනේද ආහ් මාව බයකරන්නැතුව කියනවා ශෙනූ !!"

කෙල්ල බලාගෙන හිටියේ කලබලෙට ගැහෙන කටහඬ ...ඒ ඇස් වල කඳුලු පිරිලා වෙව්ලන අත් වලින් කෙල්ලව අල්ල අල්ල හොඳින්ද කියලා අහනකොට ඒ පපුවට තුරුලු උනේ

" මන් හිතුවේ ආයෙ කවදාවත් මෙහෙම ඔයා ගාව ඉන්න වෙන එකක් නෑ කියලා සාහිල්...අනේ මට ගොඩක් බයයි මහත්තයා...."

" ශ්ශ්...ඔයාට මුකුත් වෙන්නෑ ශෙනූ...මන් ඉන්නකන් මුකුත් වෙන්න දෙන්නෑ ඔයාටවත් දරුවටවත් හ්ම්ම්...දැන් ඇඳුමක් දාගමු ඔයාට සීතල හැදුනොත්...දරුවටත් හොඳ නෑනේ.."

ඇඳුමකුත් දාගෙන ඇඳට වුනේ සාහිල් මන් ගාවින්ම ඇලවිලා මගෙ කුස මතින් හාදුවක් තියලා මාව තුරුලට අරගත්තේ මාත් ඒ උණුහුමට ගුලි වෙනකොට...
.
.
.
.
.
.
.
----------------------------☠️-----------------------------

දවස් ගානකින් නේ 😪

හම්මේ මහන්සියි..🥲

අනිකත් ඉක්මනින් දෙන්නම් 🌚❤️

ඉක්මනින් ඉවර කරනවා මේක තව කොටස් ටිකයි 😁

Bạn đang đọc truyện trên: AzTruyen.Top