☠️
.
.
.
.
උදේම වැඩ ටිකත් ඉවර කරලා උදේට කෑමත් හදලා කාලා සෝෆා එකට වෙලා ලකුලුත් උඩ තියන් ටීවී එකේ ෆිල්ම් එකක් දාගෙන බල බල හිටියේ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් කප් එකක් අතේ තියන් කන ගමන්...පඩිපෙල දිගේ කවුරු හරි පහලට එන සද්දෙට ඔලුව හරවලා ඒ දිහා බලලා ඇස් හිනී කර ගත්තේ සාහිල් ෆුල්සූට් එකකුත් ඇඳගෙන ලෑස්ති වෙලා පහලට එන නිසා...
" ඔයා කොහෙ හරි යන්නද ? "
" හ්ම්ම් හද්දිස්සි මීටින් එකක් මන් ඒකට ඉන්නම ඕන..." එය කිව්වෙ අතේ ඔරලෝසුව බඳින ගමන්
" රෑ වෙයිද එන්න ? " සාහිල් නැතුව තනියම මෙහෙ ඉන්නව කියනකොටත් මගෙ ඇඟම හීතල වෙලා යනවා..
ඔරලෝසුවත් බැඳලා අන්තිම පඩිය බැහැපු එයා අන්තිමේ මන් දිහා ඔලුව උස්සලා බැලුවේ ඇහි බඹත් උස්සලා කට කොනින් හිනා වෙලා
" මොකෝ බයයිද 😏"
" නෑ !! " මන් කිව්ව්ව් බය හිත යටින් හන්ග ගනිමින්
" බය නොවී ඉන්නවා මන් ඉක්මනට එනවා..අනික මන් සිරිදාස අන්කල්ට එන්න කිව්වා මන් එනකන් ඔයා ලඟින් ඉන්න "
ඔලුව වනලා හා කියලා ආයෙත් අයිස්ක්‍රීම් කන්න ගත්තේ ඉන්න කියලා ආයේ නෝන්ඩි වෙන්න ඕන නැති නිසා...
ඩෝර් බෙල් එක වදින පමාවට සාහිල් ගිහින් දොර ඇරියා
" එන්න සිරිදාස අන්කල් ඇතුලට "
" මහත්තයා දැන්ම යන්නද "
"ඔව් සිරිදාස..මන් ඉක්මනින් එනවා එතකන් මෙයාව ටිකක් බලාගන්න..මුකුත් පන්ඩිත වැඩ කරන්න දෙන්න එපා කියන දේ ඇහුවෙ නැත්තන් මට කෝල් එකක් දෙන්න " එයා මන් දිහා බලලා කියනකොට මන් ඔරවලා අහක බලාගත්තා.. හහ් හිතාගෙන ඉන්නවද දන්නෑ මන් පොඩි එකෙක් කියලා..අපි දෙන්න දිහා බලලා සිරිදාස හිනා උනේ සාහිල් මටත් ඔරව ඔරව ආපහු ඇතුලට එනකොට..
ටිකකින් සාහිල් දොර ගාවට ගියේ කාර් කී එකත් අරගෙන මාත් එයා පස්සෙන්ම ගිහින් හිටගත්තා..
" මන් ගිහින් එනකම් සිරිදාස අන්කල් එක්ක පරිස්සමෙන් ඉන්නව හරිද.."
"හ්ම්ම්..ඔයත් පරිස්සමෙන් ගිහින් එන්න "
හිනා වෙලා මගෙ නලල සිපගෙන ඔහු ගියේ...මන් එයා යන දිහාම බලාගෙන ඉන්නකොට
ගේට් එක වහලා සිරිදාස ආවෙ
" නෝනට මොනා හරි ඕන උනොත් කියන්න "
" හරි මාමේ "
දවල් වෙනකන් නින්දක් දාලා පහලට යනකොටත් සිරිදාස අන්කල් වත්තෙ වැඩ...හෙමින් ඒ අසලටම ගිහින් උගුර පෑදුවේ
" ආහ් නෝනා නැගිට්ටද " සිරිදාස හිනාවෙල අහනකොට මන් ඔලුව වැනුවේ ලඟ තිබ්බ බෙන්ච් එකෙන් ඉඳගන්න ගමන්...
" ම්ම් මේ සිරිදාස මාමා පොඩි කාලේ ඉඳන් මෙහෙද හිටියේ "
" ඔව් නෝනා මන් ඉපදිච්ච දවසේ ඉඳන් මෙහෙ තමා "
" ආහ්..සිරිදාස අන්කල් සාහිල්ව හුඟක් කල් ඉඳන් අඳුරනවා වගේ නේ "
"අනේ ඔව් නෝනේ මහත්තයා චූටි කාලේ හරි හුරතල් කොලු පැටියා..ඒ කාලෙත් ඔය අහන්කාර නපුරු ගති තිබ්බා අඩුවක් නැතුවම "
"පොඩි කාලේ ඉඳන්ම දන්නවද ? "
" ඔව්..විජේසිංහ බන්ගලාව නොවැ දැන් ඔය දිසාසේකර බන්ගලාව කියන්නෙ.."
" මොකක් ? "
" ඔව් නෝනා විජේසිංහ මහත්තය ඉස්සර හිටියේ මෙහෙ පරම්පරාවෙන්ම වලව් කාරයෝ නොවැ...පස්සෙ මැනිකෙව බැඳලා තමා සාහිල් මහත්තයා හම්බුනේ...විජේසිංහ මහත්තයා කොලඹට ගියා එහෙ ව්‍යාපාර කරන්න පස්සෙ ඉතින් මෙහෙ බන්ගලාව දිසාසේකර හාමුට විකිණුවා මහත්තයා නෝනයි දරුවයි එක්ක කොලඹ පදිංචියට ගියා...ඒත් මහත්තයලා මෙහෙ වැඩ බලන්න සැරින් සැරේට මෙහෙට ආවා...ඒ කාලේ නොවැ ඔය අමායා බේබි සාහිල් මහත්තයාව දැකලා තිබ්බෙ..මේ ගෙදර ඉස්සෙල්ලා අයිතිය තිබ්බේ සාහිල් මහත්තයාට..අමායා බේබිගෙ මරනෙන් පස්සේ මහත්තයා මෙහෙ ආවෙ නෑ ගේත් විකුණලා දැම්මා...නෝනා මෙහෙට පත්වීම හම්බෙලා ආවාම තමා ආයෙ මේ ගේ ගත්තේ..."
"එහෙමද....මන් දන්නැති ගොඩක් දේවල් තිබිලනෙ.."
කතා කර කර හිටපු අපි ගැස්සිලා ගේ දිහා බැලුවේ ගේ ඇතුලෙන් ඇහුන සද්දෙට...
" මොකක්ද ඒ සද්දේ නෝනේ "
" අනේ මන්දා සිරිදාස මාමේ..සමහරවිට ජිමී මොනා හරි පෙරලන්න ඇති ඉන්නකෝ මන් බලලා එන්නම් "
සිරිදාසටත් කියලා මන් ගේ දිහාවට ගියා...දොරෙන් ඇතුලට යනවත් එක්කම නහය කඩාගෙන යන තරම් ආවෙ අර කුණු ගඳ..නහයත් වහ ගත්ත මන් ඇතුලට ගියේ..
" ජිමී !!! "
කොහෙ ගියාද මේකා..
" ජිමී !! "
දෙයියනේ කුස්සියෙ හැමතැනම උයපු වලන් පිඟන් සේරම බිම...
ජිමීව හොයන් සාලේ දිහාවට ගියපු මන් ගැස්සිලා ගියේ සාලේ ඉඳන් පඩිපෙල උඩටම තිබ්බ ලේ පාර නිසා..බයටම මාව වෙව්ලලා ගියා හෙමින් හෙමින් අත්වැටට වාරුදීලා මන් උඩට ගියේ ගැහෙන කකුල් එක්ක...ඒ ලේ පාර පඩිපෙල දිගේම ගිහින් අපෙ කාමරේට එහා පැත්තේ කාමරේ ඇතුලටම වෙන්න තිබ්බා...වෙව්ලන අත් වලින් දොර ඇරපු මාව එතනම ඉන්දවුනේ කෑගැසේනකොට...ඇස් වලින් නොනවත්වා කඳුලු කැට ගලනකොට මන් කෑ ගහලා ඇඬුවා..මගෙ ජිමී එයා ලේ විලක් මැද කාමරේ වැටිලා ඉන්නවා
මගෙ කෑගැහිල්ලට සිරිදාසත් උඩට දුවන් ආවෙ
" දෙයියනේ නෝනා "
" අනේ සිරිදාස මාමේ ජිමීට මොකද වෙලා තියෙන්නේ අනේ අපි ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් යමු එයාව "
" ඔහොම ඉන්න නෝනා ඉක්මනින් එක්කන් යමු "
සිරිදාස ජිමීව අත්දෙකට අරගෙන පහලට දිව්වෙ මාත් ඒ පස්සෙන්ම අඬ අඬ දිව්වා...ත්‍රීවීල් එකකින් ලඟ තිබ්බ ඩොක්ටර් ගාවට ගියා...පැයක් තිස්සෙ මන් ලේ ගෑවුන ඇඳුම් ඇඳන් එතන ඉඳෙගෙන අඬ අඬ හිටියේ තාමත් ඩොක්ටර් එලියට ආපු නැති නිසා...සිරිදාස මට ෆෝන් එක ගෙනත් දුන්නේ
" නෝනා මේ මහත්තයා ඔයාට කතා කරනවා " ඉක්මනින් ෆෝන් එක අතට ගත්ත මන්
" ස් සාහිල් අ අනේ ම්මගෙ ජිමී එ එයා "
" ශ් මන් දන්නව මැණික සිරිදාස මට කිව්වා දැන් අඬන්නැතුව ඉන්නකෝ..මන් එන ගමන් ඉන්නේ..හොඳ ලමයා වගේ අඬන්නැතුව ඉන්න "
" අනේ ඉක්මනින් එන්න සාහිල් "
................
පැය බාගයක් ඇතුලත සාහිල් ඇවිත් මන් ගාවින් හිටගන්නකන් මන් දැක්කෙවත් නෑ..එයාව දැක්ක ගමන් ආයෙමත් ඇස් වල කඳුලු අලුත් උනේ එයා මාව ඒ පපුවට තුරුල් කරන් මගෙ ඔලුව අතගාන්න ගන්නකොට...
" අනේ එයාට මුකුත් වෙන එකක් නෑ නේද සාහිල් "
" නෑ මැණික එයාට මුකුත් වෙන එකක් නෑ දැන් අඬන්නැතුව ඉන්නකෝ ඔයාට අඬන්න හොඳ නෑනේ..."
ඒත් එක්කම ඩොක්ටර් ආවෙ...මන් සාහිල්ගෙන් ඈත් වෙලා ඩොක්ටර් ලඟට ගියේ..
" ඩ් ඩොක්ටර් එ එයා "
" බය වෙන්න දෙයක් නෑ මිස් එයා දැන් හොඳින්..."
" ඔ ඔය ඇත්තමද ඩොක්ටර් "
" ඔව් ඔපරේශන් එක සාර්තක උනා...එයාගෙ බඩ හරියට පිහිපාරක් වගේ එකක් වැදිලා තියෙනවා ඒකයි බ්ලීඩ් වෙලා තියෙන්නෙ තුවාලේ ගැඹුරටම කැපිලා තිබ්බා.."
" අ..අනේ "
ඩොක්ටර් එහෙම කියලා එතනින් ගියේ මාව වාරු නැතුව වැටෙන්න ගියෙත් සාහිල් මාව අල්ලගත්තෙ එකම වෙලාවෙ
----------------------------☠️-----------------------------
🌚
Bạn đang đọc truyện trên: AzTruyen.Top