☠️
.
.
.
.
ඇඟට දැනුන අමාරුව එක්ක හෙමින් ඇස් ඇරිය මන් කලබලෙන් නැගිට්ටේ හයියෙන් හුස්ම ගන්න ගමන් ගැහෙන හදවතත් එක අතකින් අල්ලගෙන...සිද්ද උන හැමදේම රූපරාමුවක් වගේ ඇස් ඉදිරියේ ඇඳී මැකී ගියේ ඇස් වලට කඳුලු උනනකොට...එක්වරම මාව ගැස්සිලා ගියේ දොරගුලු ඇරෙන ශබ්දයත් එක්ක...සැනසුම් සුසුමක් ගියේ සුප් බඳුනකුත් අතේ තියන් දොරෙන් ඇතුලට ආපු සාහිල්ගේ රුව දැකලා...මාව දැකලා ඒ ඇස් කලබල වුන බව හොඳින්ම පෙනුනා...
" ශෙනූ ඔයා ඇහැරුනාද !!...ඇයි මොකද උනේ ආයෙ දාඩිය දාල ඔයාට.."
"ස්..සාහිල්.." මන් කිව්වෙ අඬන්න ඔන්න මෙන්න
" මොකද මැණික ම්ම් මොනාහරි අමාරුවක් දැනෙනවද..අපි හොස්පිටල් යමු..ම්ම් " ඔහු කිව්වෙ ඇඳෙන් ඉඳගෙන මාව ඒ විසල් පපුවට ලන් කරගනිමින්...
"ස්..සාහිල් ඉ.ඉස්සෙල්ලා ම් මන්-"
"ශ්ශ්..දැන් හරි කලබල වෙන්න එපා මන් ඉන්නවනෙ.."
"එ..ඒත් ඉස්සෙල්ලා-"
"මන් කිව්වනෙ දැන් ඇති..ඉස්සෙල්ලම මේ සුප් එක බීලා ඉන්න උදේට මුකුත් කෑවෙත් නෑනේ...මාව කේන්ති ගස්සන්නැතුව මේක බීලා ඉමු.."
"මන් කොහොමද ඇඳ උඩට ආවෙ ? "
" මන් උඩට එනකොට ඔයා බිම වැටිලා හිටියා..පස්සෙ මන් ඩොක්ටර්ට එන්න කිව්වා..එයා කිව්වා ඔයාට කලන්තයක් ඇවිල්ල කියලා" සුප් බඳුන අතට අරන් ඔහු කිව්වෙ මගෙ කටට සුප් හැන්ද ලන් කරලා
"එ.යා-
"දැන් මේක බීලා ඉන්න බඩගින්න ඉන්න එක දරුවට හොඳ නෑ.."
"ම්..මොකක් ද..රුවා " මන් ඇහුවේ අදහාගන්න බැරුව ඇසුත් ලොකු කරන්
" හ්ම්ම් අපෙ දරුවා ශෙනූ..ඔයා අම්ම කෙනෙක් වෙන්න යන්නෙ " සාහිල් මගෙ මූන ඔහුගෙ සුරතින් අල්ලන් කිව්වෙ සතුටින් බොඳ උන ඇස් එක්ක..
" ඔයා ඔය ඇත්තමද කියන්නෙ සාහිල්..ම මන් අම්ම කෙනෙක් වෙන්නද යන්නෙ...අනේ මට මේක හිතාගන්නවත් බෑ සාහිල් "
කම්මුල් තෙත් වෙලා කඳුලු ගලනකොට ඒ පපුවට තුරුල් උනේ සතුට දරාගත නොහැකි තැනයි...
" thank you ශෙනූ thank you soooooooo much අද දවස මට කවදාවත් අමතක වෙන එකක් නෑ "
.........
ටිකකින් සුප් එක බීලා ඉවර කරලා මන් නැගිට්ටෙ මූන හෝදගන්න යන්න හිතාගෙන උනත් කාමරේට ආපු සාහිල් මාව නැවත්තුවා...
" කොහෙද මැඩම් තනියම යන්න හදන්නෙ ම්ම් "
" මූන ටිකක් හෝදගන්න යන්න හැදුවෙ සාහිල් "
" හ්ම්ම් යමු "
"ඔයා මොකටද ? "
" ඇයි ? මන් ආවාට මුකුත් වෙනව ඈ "
" මට තනියම යන්න පුලුවන් "
" ඔව් ඔයාට පුලුවන් ඒත් අදින් පස්සෙ බෑ...අඩියක් හෙල්ලෙන්නෑ මන් නැතුව කොහෙටවත්....තව දෙයක් අර බලු තඩියව එහෙම ඉඹලා අහුවෙන්නෑ හරිද " සාහිල් කිව්වෙ ඇඳ ලඟ නිදාගෙන ඉන්න ජිමීවත් ඇඟිල්ලකින් පෙන්නලා තර්ජනාත්මක ස්වරයකින්..
" චහ්..මොකක්ද සාහිල්..ඇයි ඒ තරම් නීති !! මට බෑ !!! "
" මොකද..කට වැඩි වෙලා ආ !!! කට තලනවා බලාගනින් !! මන් කිව්වනෙ මන් නැතුව අඩියක්වත් හෙල්ලෙන්නෑ "
හහ් මේකගෙ තියෙන නපුරු කම...සාහිල්ටත් ඔරවලා මන් බාත්රූම් එකට ගියේ සාහිලුත් මගෙ පස්සෙන්ම ඇවිත් දොර ලඟින් හිටගන්නකොට...මූනත් හෝදගෙන එලියට ආවෙ ඒ මූන දිහාවත් නොබලා..ඒත් මගෙ අතකින් ඇදලා එයා ගාවට ඇදලා ගත්තේ මන් ඒ අත් වලින් ගැලවෙන්න දඟලනකොට....
" මොකද දැන් ඔය මූන එල්ලන් ආ..🤨 "
" මෙහෙ බලනවා ශෙනූ.."
"මුරන්ඩු වෙන්න එපා බබා..මාව තරහ ගස්සලා ඊට පස්සෙ අඬන්න ලෑස්ති වෙන්නත් එපා ම්ම්ම්..දන්නවනෙ මට තරහ ගියාම මොකද වෙන්නෙ කියලා.." මගෙ කන් පෙත්තක් සියුම්ව සිපගනිමින් ඔහු කියන විට මට දැනුනේ පිට දිගේ කරන්ට් එකක් ගියා වගේ...
" මන් මේ දේවල් කියන්නෙ ඔයාගෙම හොඳට කියලා ඔයා දනන්වනෙ...මන් කැමති නෑ ඔයාටවත් අපෙ පැටියටවත් කරදරයක් වෙනවට..සොරි සැර කරාට..තාමත් මාත් එක්ක තරහද ම්ම් "
සාහිල් මගෙ ඇස් වලට එබිලා නිකටින් අල්ලන් කියනකොට මන් නැහැ කියන්නෙ ඔලුව වැනුවේ ඒ මුවේ හිනාවක් ඇඳෙනකොට...
"මේ සාහිල්.."
" ම්ම්ම් "
" අපි පන්සල් යමු අද ? "
" පන්සල් ? අද ? "
"හ්ම්ම් අද "
"ම්ම් හරි යමුකෝ එහෙනම් හවසට ලෑස්ති වෙලා ... ගොඩ දවසකින් ගියෙත් නෑනේ..."
...................
සුදු පාට රෙද්දේ ලා නිල් පාට මල් වැටුන දිග ගවුමක් ඇඳගත්ත මන් දිග කොන්ඩේ කඩා දාලා කටුවක් ගහගෙන පහලට ගියේ සාහිල් පහල ඉඳන් ඔෆිස් එකේ කාත් එක්කද ෆෝන් එකෙන් කතාකරනකොට...වෙනදට පඩිපෙල දිගේ දුවගෙන යන මන් හෙමින් පරිස්සමට අඩි තිබ්බෙ දැන් මගෙ කුසෙත් චූටි පැටියෙක් ඉන්න නිසා...කෝල් එකේ හිටපු කොල්ලා හැරුනේ පිටිපස්සෙන් ඇහුන අඩි සද්දෙ නිසා....කොල්ල ඇස් පිය නොගහා ඒ රූපේ විඳගත්තා...කෙල්ල හරි පින්පාටයි සුදු පාට ගවුමට...සාහිල්ට හිනාවක් ගියේ වෙනදට පඩිපෙල හෙල්ලිලා යන්න හරකෙක් වගේ දුවන් එන කෙල්ල අද හරි පරිස්සමට පඩිපෙල බහින විදිය දැකලා...සුදුපාට ලිනන් අත් දිග ශර්ට් එකටම සුදු ලිනන් කලිසම ඇඳලා අත් උඩට කරලා නමලා අතේ ටැටූ ටිකත් එක්ක කනට දාලා තිබ්බ කරාබුවයි කොන්ඩේ උඩට කරලා පීරලා ගානට කපපු රැව්ල එක්ක ඒ කඩවසම් බව අද මනාව කැපිලා පෙනුනා...කෙල්ල පහලට ඇවිත් ඕන කරන පොල්තෙල් හඳුන්කූරු සේරම දාපු බෑග් එකත් අරගෙන වත්තෙන් කඩා ගත්ත මල්වට්ටියයි අරගෙන කොල්ලත් එක්කම ගෙදරින් එලියට බැස්සේ ටිකක් දුරින් තිබුන පන්සලට යන්න හිතන්...කාර් එකත් ස්ටාර්ට් කරන් දෙන්න වත්තෙන් එලියට කාර් එක දානවත් එක්කම වාහනේ නැවතුනේ ශෙනූගේ හිතට බයක් එක්කරලා..
" මොකද උනේ සාහිල් ?"
" අනේ මන්දා..එකපාරටම නැවතුනා ඉන්නව බලන්න "
" හ්ම්ම් "
දෙපාරක්ම ස්ටාර්ට් කරත් වැඩක් උනේ නැති තැන කොල්ල අන්තිම පාරටත් ස්ටාර්ට් කරේ එවර කාර් එක පනගැන්වෙනකොට....දිගුත් නැති කෙටිත් නැති ගමනකට පස්සෙ ඔවුන් පන්සලට ඇතුලු වුනා...
වතාවත් සිදු කොට හමාර වන විට පරිසරය කලුවර වැටී තිබුනේ හිරු බැස ගොස් චන්ද්‍රයා අහසේ බැබලෙන විටයි....පන්සලෙන් පිටවීමට එනවිට හාමුදුරුවන් වහන්සේ කෙනෙක් ඔවුන් නැවතුවා...
" මහත්තයලා යන්නද ඔය.."
"එහෙමයි හාමුදුරුවනේ "
" දැන් යන එක බයානකයි මහත්තයා..අද රෑ මෙහෙ නවතින්ට..හෙට උදෑසනම බැරියෑ යන්න "
" ඒකට කමක් නෑ හාමුදුරුවනේ ටික දුරයිනේ යන්න පුලුවන් "
"ම්ම් හොඳයි එහෙනම්..ටිකක් ඉන්නකො..මෙහෙට ආවානම් ඔය දෙන්නා.."
හාමුදුරුවන්ගේ පිටුපසින් ගිය ඔවුන්හට පිරිත් නූල් බැඳ ආශිර්වාද කලේ ඔවුන් දෙදෙනත් හාමුදුරුවන්ව වැඳ පන්සලෙන් පිටත් වෙනකොට...පන්සලෙන් පිටත් උන වාහනය දෙස බලමින් උන්වහන්සේ හුස්මක් පාත හෙලුවේ ....ඔවුන් හට කරදරයක් සිදු නොවේවායි ප්‍රාර්තනා කරමින්...
...................
ටික දුරක් යනකොට මහ හයියෙන් වහින්න ගත්තේ පාරවල් පවා නොපෙනෙන තරමට...වටපිටාවම අඳුරෙන් ගිලී ගොස් තිබුනා....රබර් කැලය පසු කරනවත් එක්කම වාහනය ඉස්සරහට පැන්න කලු බලලෙක් නිසා වාහනය අයිනට කපනවත් සමගම අසල තිබූ විශාල ගසක වැදී නොවැදී නැවතුනේ....මන් කෑගහලා ඇස් තදින් පියාගත්තේ කුසත් එක් අතකින් අල්ලගන්න ගමන්...
" ශෙනූ..ඔයාට අව්ලක් නෑනේද !! " සාහිල්ගේ කලබලකාරි කටහඬටයි මන් ඇස් ඇරියේ..
"න්..නෑ සාහිල් මන් හොඳින්..ඔයා හොඳින් නේද.."
" හාහ් ඇති යන්තන්.." ඔහු ඉහලට ගත් හුස්ම පහතට දැම්මේ සීට් එකට ඔලුව බර කරලා....
" ශිට්..!!! ජරා සතා කොහෙන් පාත් උනාද මන්දා !!! "
" කෑ ගහන්න එපා සාහිල්..දැන් අපි මෙතනින් යමු මට බය හිතෙනවා..."
" හ්ම්ම් ඔයාට අව්ලක් නෑනේ..සොරි ශෙනූ මන් ඔයාව බය කලා "
" ඒකට කමක් නෑ සාහිල් අපි ගෙදර යමු.."
වාහනය පනගන්වා ඔවුන් නැවත ගමන ආරම්භ කලේ රබර් කැලය දෙසින් නොනවතින බල්ලන්ගේ උඩ බිරුම් ශබ්දයත් එක්ක පරිසරය තවත් මූසල බවක් ගන්නකොට...මේ අතර කෙනෙකුන් දත්මිටි කෑවෙ ඇගේ උත්සහය අසාර්ථක වූ නිසාවෙන්...පන්සලෙන් ආරක්ශා කොට දැමූ පිරිත් නූල හේතුවෙන් ඔවුන්ට ලන් වෙන්නට නොහැකි බව ඇය හොඳින්ම දැන සිටියා...ඇගේ වෛරය තවත් වැඩි වූවා මිස අල්ප මාත්‍රයක්වත් අඩු වුනේ නම් නැත.....
----------------------------☠️-----------------------------
හායි 😈
අද කොටස කොහොමද 🌚
ටයිපින් මිස්ටේක් තිබ්බොත් සොරි හොඳේ 🥲🤞
shenukawi 🥀
Bạn đang đọc truyện trên: AzTruyen.Top