☠️


" එයාට ඕන මාව ශෙනූ..එයගෙ එකම අරමුණ මන්...ඒ අමා..අමායා දිසාසේකර.."
.
.
.
" මොකක්..ඒ.ඒත් කව්ද අමායා කියන්නේ ?"

"දෙයියනේ අමායා බේබි..? "

" කව්ද සිරිදාස මාමේ අමායා.."

කෙල්ල ඇහුවේ සිරිදාස දෙසට ඇගේ  දෑස් යොමු කරලා..

" අමායා බේබි කියන්නේ දිසාසේකර බන්ගලාවෙ එකම උරුමක්කාරි....දිසාසේකර හාමුගේ දුව....".

" එයාට මොකද උනේ සිරිදාස මාමේ..? "

ලොකු හුස්මක් ගත්ත සිරිදාස ශෙනූ දෙස බැලුවේ..සාහිල් දෙසත් බලලා..

" ඒක මහා විපතක් නෝනේ... අදටත් මතක් වෙද්දි පපුව හෝස් ගාලා යනවා..අමායා බේබි මහ හිතුවක්කාරි...දිසාසේකර හාමුගේවත් හාමිනේගෙවත් අහලකින්වත් තියන්න බෑ...දෙයක් ඕන උනෝතින් ඒක හොඳින් හරි නරකින් හරි ගන්න ජාතියේ මහා හිතුවක්කාර කෙල්ලක් ඇන්දෙ පැලැන්දෙත් රට සුදු නෝනෙක් වගේ...හනේ පව් දැන් අවුරුදු තුනකට කලින් අකාලයෙ ජීවිතේ නැති කරගත්තා...අමායා බේබිගෙ මරණෙන් පස්සේ දිසාසේකර හාමු හාමිනෙත් එක්ක රට දාලා ගියා....එදායින් පස්සෙ මුලු දිසාසේකර බන්ගලාවම පාලුවෙන් වෙලිලා ගියා නෝනේ..රෑට රෑට බන්ගලාව දිහායින් කෑ ගහන සද්ද ඇහෙන්න ගත්තා...කවුරුත් ඒ පැත්තටවත් ගියේ නෑ...ගියපු කෙනෙක් යහතින් ආවෙත් නෑ නෝනේ..මන් ඒකයි නෝනටත් එහෙට යන්න එපා කිව්වෙ...කොහෙද නෝනා මන් කිව්ව දේ ඇහුවද එපා කියද්දිම එහෙට්ට ගිහින්නේ..."

" ම්..මන් එහෙට්ට යන්න නෙමේ හිටියේ මාමේ..ඒත් එදා මගෙ කුඩේ එහෙට්ට හුලඟට ගියා ඒක ගන්නයි මන් ගියේ.."

කෙල්ල කිව්වෙ ඇඬෙන්න ඔන්න මෙන්න...කෙල්ලට දැනුනේ මුලු ඇඟම පන නැතිවෙනවා වගේ...ඇගේ වෙව්ලන අතක් උඩින් අතක් තියලා සාහිල් කෙල්ලගෙ අත පිරිමැද්දේ කෙල්ලව සන්සුන් කරන්න..

" එහෙනම් සිරිදාස අන්කල් දැන් යන්න.."

"එහෙමයි මහත්තයා..මන් එහෙනම් ගිහින් එන්නම්..පරිස්සමෙන් ඉන්න..මන් යන්නම් නෝනා.."

"හ්ම්ම් "

සිරිදාස නැගිටිනවත් එක්කම සාහිලුත් නැගිටලා සිරිදාස අසලට ගියා..

" මේකට මොකද කරන්නෙ සිරිදාස අන්කල්..ඇත්තමයි ශෙනූට සීරිමක් හරි උනොත්..මන් මොනා කරයිද කියලා මන්වත් දන්නෑ !"

කොල්ලා කිව්වෙ හිතේ පුන පුනා නැගෙන තරහව යටපත් කරගන්න ගමන්..

" මන් දන්න කියන ගුරුන්නාන්සේ කෙනෙක් ඉන්නවා..කතා කරන්-

" ඕන නෑ සිරිදාස..මන් ඕවානම් විශ්වාස කරන්නෑ.."

" දැන් සිරිදාස යන්න..අපි බලමුකෝ මොකද වෙන්නෙ කියලා.."

" එහෙනම් මන් යන්නම් මහත්තයා "

සිරිදාස යනවත් එක්ක කොල්ලා ඇතුලට ආවෙ දොරත් වහලා...තාමත් කෙල්ල ඉඳගත්ත තැනම ඉඳන් බර කල්පනාවක..

කෙල්ල ලඟටම ගිහින් ඒ බඳ වටා අත් යවලා කෙල්ලව ලඟට ඇදලා ගත්තේ

" මොකෝ මැඩම් කටවහගෙන...ම්ම් "

" ඒයි කතා කරනවකෝ..අපෝ බයගුල්ලි.."

" එයාව කොහොමද ඔයා දන්නේ සාහිල්.."

කෙල්ල ඇහුවේ කොල්ලා දිහා බලලා සිහින් හඬකින්..

" දැන ගන්නම ඕනද "

" ඔව් "

කොල්ලගෙන් ඈත් වෙලා කෙල්ල කිව්වෙ ස්තීර ලෙස..

" අමායා කියන්නේ කැම්පස් කාලේ ඉඳන් පිස්සුවෙන් වගේ මගෙ පස්සෙන් ආපු එක කෙල්ලෙක්....ඒකිනම් පුදුම වදයක් දුන්නේ...ඒ කාලෙ..මහ හිතුවක්කාර එකියක්....කොච්චර ආවත් මන් ගනන් ගත්තේ නෑ..හැමදාම බැන්නා මිසක්..පස්සෙ කැම්පස් එකෙන් අව්ට් උනාට පස්සෙනෙ මට තමුසෙව හම්බුනේ..කොහොමහරි අපෙ අප්පච්චි තමා ඒ කාලේ බිස්නස් හැන්ඩ්ල් කලේ..දවසක් බිස්නස් වැඩකට අප්පච්චි මාව නුවරඑලි එව්වා..මේ ගෙදරම තමා මන් හිටියේ..මේ ගෙදර අපිට අයිති එකක්..කොහොම හරි අමායව ආයෙ මට හම්බුනා.තමුසෙට කියන්න මන් ඕකිව නොමරා හිටියේ බොහොම අමාරුවෙන්...ආයෙත් මේකි මගෙන ඇහුවනේ..

" ඉතින් ඔයා කැමති උනාද..?

" පිස්සුද බන් ඒ වෙනකොටත් තමුසෙව මන් බඳින්නනෙ හිටියේ...ඉතින් මන් ඇත්ත කිව්වා..එදා ඒකි මන් ඉස්සරහා අඬලා තමුසෙව අයිති මට විතරයි කියලා කෑ ගහලා යන්න ගියා..."

පස්සෙ මන් ආයෙ කොලඹ ආවා මාසෙකට පස්සෙ ආරන්චි උනේ අමායා ජීවිතේ නැති කරන් කියලා....

හරි හරි දැන් ඇති යමන් මොන  හරි රෑට කන්න හදන්න....

..........................

රෑට කාලා වොශ් දාගෙන ස්කිනි එක්කට ශෝටක් දාගෙනම මන් කන්නාඩි මේසේ ඉස්සරහා හිටගෙන හිටියේ තෙත කොන්ඩෙත් තුවායෙන්  පිහින ගමන්..කල්පනාවක හිටපු මන් ගැස්සිලා ගියේ සීතල අත් දෙකක් බඩ වටේ එතුනත් එක්කමයි...

" මොනාද ඔච්චර කල්පන කරන්නේ ම්ම් "

සාහිල් කිව්වේ ඒ සීතල තොල් ඇගේ බෙල්ල පුරා ගෙනියමින්..

කෙල්ල ඔලුව හොලවලා නෑ කිව්වේ කොල්ලා දිගටම ඇස් පියාගෙන කෙල්ලගෙ බෙල්ල සිපගන්නකොට...

එකපාරටම ඇඟ වෙව්ලලා හැරුනේ කණ්නාඩියෙන් පෙනුන ඇගේම ප්‍රතිබිම්බය නිසායි...ඇගේ ප්‍රතිබිම්බය ඇයට රවමින් සිටියා...වගේම ඇය මුමුනමින්සිටියේ...කෙල්ල ඇසුත් ලොකු කරන් බලන් හිටියේ ඒ වියරු ඇස් දෙස..

එන්න එන්නම ඒ බැල්ම දැඩි වෙනවත් සමගම කෙල්ල හැරිලා කොල්ලගෙ ඒ විසල් පපුවට තුරුල් උනේ...කොල්ලා කෙල්ලාවත් දෝතට ගෙන යහන මතට යනකොට...ඒ රාත්‍රිය ඉතා ඔවුන් දෙදෙනාට ඉතා සුන්දර රාත්‍රියක් වෙනකොට කෙනෙක් මේ දිහා බලන් හිටියේ දැවෙන කෝපයෙන්...ඇය දත්මිටිකාමින් නැවතත් නැතුවී ගියා....

--------------------------☠️------------------------------

😈

Bạn đang đọc truyện trên: AzTruyen.Top