☠️


"මොකක්ද ශෙනූ අර එකපාරටම එන කුණු ගඳ.."

කුස්සියෙ හිටපු මන් හැරුනේ සාහිල් කෑගහගෙන ගේ ඇතුලට එනකොට..

" දන්නෑ සාහිල්..ඊයෙත් ආවා මන් වටේම බැලුවා ඒත් සතෙක්වත් නෑ සාහිල්..කොහෙන් එනවද මන්දා..එකපාරටම ආයෙ නැතුව යනවා.."

" අපෙ වත්තෙන් නෙමෙයිනම් සමහරවිට එහා වත්තෙන් එනවා ඇත්තේ.."

"ඔව් එහෙම වෙන්න ඇති..ගිහින් ශර්ට් එකක් දාගන්න සාහිල් සීතල නැද්ද.."

මන් කියනවත් එක්කම අමුතු හිනවක් දාලා ඇවිත් මාව පිටිපස්සෙන් බදාගත්තේ..

" දැන් සීතල නෑ.."

" අනේ මේ අහට්ට යනවා මට මේ වලං ටික හෝදන්න දීලා.."

" දැන්නම් කට වැඩී හරිද..බස්සලා ගන්නම්කෝ මන් ඉන්නවකෝ.."

" යැයි යැයි තමා "

කට ඇද කරලා මන් කියනවත් එක්කම සාහිල් හයියෙන් මගෙ කන හැපුවා..

" ආව්!!! "

"ඔය ටික හෝදලා ඉක්මනට  ලෑස්ති වෙනවා ටිකක් එලියට යමු.."

" හ්ම්ම් තව ටිකයි.."

..........................

දෙන්නම ඇඳුමක් දාගෙන එලියට බැහැලා ගේට්ටුව ගාවට යනවත් එක්කම අමුතු මනුස්සයෙක් ගේ දිහා බයවෙලා බලාගෙන හිටියා...එකපාරටම ඒ මනුස්සයා කෑ ගහන්න ගත්තේ...

"විනාසයක් !!! "

" එයා ඇවිල්ලා....එයාගෙ බැල්මෙන් බේරෙනවා බොරු..එයා තමුන්ව විනාශ කරලා දායි...ඒක කරලා මිසක් එයා යන්නෑ.!!!!"

ඒ මනුස්සයා කෑ ගහගෙනම එතනින් යනකොට..මන් තද කරලා සාහිල්ගෙ අතෙන් අල්ල ගත්ත...

" කොහෙද යන පිස්සෙක්.."

" එයා...කිව්ව එක ඇහුනද ඔයාට.."

මන් කිව්වෙ වෙව්ලන කටහඬින්..

" තමුසෙට පිස්සුද ශෙනූ කොහෙවත් යන පිස්සෝ කියන ඒවා ගනන් ගන්න..මෙන්න මෙහෙ එනවා යන්න..."

" මට බයයි සාහිල්..මේ ටිකේම හරි අමතු දේවල් උනේ..."

සාහිල් නලල තද කරලා මන් දිහා බැලුවේ රතු උන ඇස් වලින්...

" ඔක්කොටම කලින් ඔය මනස්ගාත ඔලුවෙන් අයින් කරගන්නවා...දැන් එනවා යන්න මගෙ යකා අවුස්සන්නැතුව.."

අපි පාර දිගේ ඇවිදන් ගියා...මගෙ හිත ගැස්සුන පාර තාම හිටියේ ඒ ශොක් එකෙන්...සාහිල් මගෙ කරටත් අත දාගෙන ගිහින් එක්වරම නැවතුනාමයි මන් පියවි සිහියට ආවෙ...දෙයියනේ මේ බන්ගලාව..

"වාව්..බලනවකෝ ශෙනූ පට්ට බන්ගලාව නේ..."

" ස්..සාහිල් අපි යමු.."

" ඒ ගමන මොකද...🤨"

"මෙතනින් යමු අපි.."

" ඇයි..මෙහෙ කවුරුත් නෑනේ ටිකක් ඇතුලට යමු.."

"පිස්සුද සාහිල් අපි ආපහු යමු..."

මන් කිව්වේ එදා දේවල් ආපහු චිත්‍රපටයක වගේ මතක් වෙනකොට....

" චහ්..මෙන්න මෙහෙ වරෙන් බන්..බයේ දඟලන්නේ.."

සාහිල්ට කොච්චර කිව්වත් අහන්නෑ ....ගේට්ටුවට අත තියනකොටම එතන්ට ආවෙ සිරිදාස මාමා..

" මහත්තයා !!! එහෙට්ට යන්න එපා..."

"ඇයි සිරිදාස අන්කල් එහෙම කියන්නේ"

"මහත්තයලා ඔහෙට නොගිහින් ඉන්න තරමට දේවල් සාමාන්‍ය වෙයි...නෝනවත් අරන් ගෙදර යන්න..."

" සිරිදාස මාමත් කිව්වනෙ සාහිල් අපි යමු.."

" හරි හරි යමු.."

ආපහු හැරිලා ගෙදර යන්න හදනකොට මන් නිකමට බන්ගලාව දිහා බැලුවත්..කකුල් පවා හිරිවැටිලා ගියා..දෙයියනේ මන් ඒ දැක්ක දේ ඇත්තක්ද...ඒත් එහෙ කවුරුත් නෑනේ..

උඩ තට්ටුවේ තිබ්බ ජනේලෙන් අපි දිහා බලන් හිටපු ඒ රූපේ මන් හොඳටම දැක්කා...ඒ ඇස් රතුපාටයි...සුදුම සුදු ගවුමක් වගේ එකක් ඇඳගත්තු ගෑනියෙක්...ඔව් මේපාර මන් හොඳටම දැක්කා....කකුල් පන නැතුව වැටෙන්න යනකොට සාහිල් මාව අල්ල ගත්තා....

.........................

රෑට කාලා ජිමීටත් කෑම දාලා නිදාගත්තේ..හෙට සාහිල් ආපහු යන නිසා.....උගුර වේලිලා ගිහින් කැස්සක් එනකොට..සාහිල්ගේ අත අයින් කරලා ඇඳෙන් නැගිටලා වෙලාව බැලුව...දොලහත් පහුවෙලා...වතුර බෝතලේ අතට ගත්තත් ඒකේ වතුර ඉවර වෙලා...ටේබල් ලෑම්ප් එක දාලා කාමරෙන් එලියට ආවෙ..වතුර එකක් පුරවන් එන්න කියලා...ටිකක් ඉස්සරහට ගියත් මන් එකපාරටම පිටිපස්ස බැලුවේ කවුරු හරි පිටිපස්සෙන් එහාට ගියා වගේ දැනුන නිසා...පඩිපෙල බැහැගෙන යනකොටම කන ගාවින්ම ඇහුන හුස්ම ගන්න හඬට මාව ගැස්සිලා ගියා...කුස්සියට දුවලා ගිහින් වතුර එක පුරවන් එක පිම්මට උඩට දිව්ව මන් නැවතුනේ...ඉක්බිඳින හඬක් ඇහෙන්න ගත්තේ මන් වතුර බෝතලේ පපුවට තද කරගෙන ඒ සද්දෙ ආපු පැත්තට ගියා...කවුරු හරි අඬන සද්දේ හොඳින්ම ඇහෙනවා....

"ක්..ක..ව්ද.."

"ක්..කව්ද ඔතන.."

ඒ හඬ ඇහෙන්නේ අපෙ රූම් එකට ටිකක් එහායින් තිබ්බ අනිත් රූම් එක ඇතුලෙන්...මන් හෙමින් ඒ රූම් එක ලඟට ගිහින් බාගෙට ඇරුන දොර අරින්න හැදුවත්....

මාව ගැස්සිලා ගියේ කවුරු හරි මගෙ උරහිසෙන් අත තිබ්බ නිසා.....

" මොකද මෙතන කරන්නේ.."

" ස්..සාහිල්..ම්.මෙතන "

"තමුසෙට පිස්සුද ශෙනූ මේ මහ රෑ නිදාගන්නැතුව හොල්මන වගේ ගේ පුරා ඇවිදින්නේ..!!"

"නෑ සාහිල් මෙතන කවුරු හරි හිටියා.."

"මොකක්..ආයෙත් පටන් ගත්තද.."

"නෑ සාහිල් මන් ඇත්ත කිව්වෙ.."

දොර ඇරලා ලයිට් එක දාලා ඇතුලට ගිහින් සාහිල් කාමරේ බැලුවත් එතන කවුරුත් හිටියේ නෑ ....කාමරෙන් එලියට ඇවිත් මගෙ අත තද කරලා අල්ල ගෙන සාහිල් මාව කාමරේට ඇදන් ගියේ...අත කැක්කුම් අල්ලන්නකොට...

" සාහිල් මට රිදෙනවා.."

"තමුසෙගේ මේ විකාරෙ මොකක්ද ශෙනූ.!!!"

"සාහිල්-"

"නවත්තගන්නවා!!! ඇති තව එක වචනයක් හරි තමුසෙ කිව්වොත් ආයෙ මන් කටින් කියන්නෑ ශෙනූ.!!!"

මන් අඬන්න ගන්නකොට...සාහිල් කොන්ඩෙන් ඇදගෙන මන් ලඟට ඇවිත් මාව තුරුල් කරගත්තේ..

" සොරි බබා..මට කේන්ති ගියා.."

" අපෝ ඔය ටැප් එක වහගන්නවා.."

"කෝ ඉතින්..දැන් නිදාගන්න යමු..ම්ම්"

................................

මේ අතර ජිම් අර කාමරයේ දොර දෙස බලා ගොරවමින් හිටියේ...මිනිසුන්ට නෝපෙනෙන බොහෝ දේ සතුන්ගේ ඇස් වලට අසු වෙන නිසාවෙන්...

----------------------------☠️----------------------------

ආහ් නිදිමතයි😪

ඊලඟ එකෙන් හම්බෙමු



shenukawi ┃🥀

Bạn đang đọc truyện trên: AzTruyen.Top