☠️
හම්මෝහ් අදනම් මාර මහන්සියි...උදේ ඉඳන් මැරිලා මැරිලා ලමයිට හවස එක්ස්ට්‍රා ක්ලාස් එකකුත් කරලා ගෙදර ආවෙ නිකන් මග මැරිලා වගේ ඒ මදිවට කකුලේ තුවාලේත් තාම හරියට සනීප නෑ.....ගේට් එක ලඟටම ඇවිල්ල හුස්මක් පාත දැමුනේ ඉබේටමයි...ගේට් එක ඇරලා ඇතුලට ගිහින් දොර අරිනකොටම හුලඟත් එක්ක නහය කඩාගෙන යන්න ආපු කුණු ගඳ එක්ක දොර අතෑරලා සාරි පොටෙන් නහය වහගත්තේ ඒ ගඳ ඉවසන්නම බැරි තරම් නිසා...
" ආහ්..එකපාරටම කොහෙන් ආවාද මන්දා ඒ ගඳ.."
වටපිට බැලුවේ අහල පහල සතෙක්වත් මැරිලද කියලා බලන්න උනත් ම්ම්හ් ලඟපාතක කිසිම මලකුණක් පේන්නවත් තුබ්බේ නෑ...
සිරිදාස අන්කල්ටවත් කියන්න ඕන ඇවිත් බලලා යන්න කියලා....ඇතුලට ගිහින් දොර වහලා උඩට ගිහින් සාරිය ගලවලා දාලා බාත්රූම් එකට ගියේ වොශ් එකක් දාගන්න...නාන ගමන් සින්දුවකුත් කිය කිය ඉන්නකොට ඇස් පියන පමාවට මන් කණ්නාඩියෙන් මගෙ පිටිපස්සෙන් චායාවක් වගේ එකක් දැක්කා...ශවර් එක යටින් එලියට ඇවිත් කණ්නාඩිය ගාවට ගිහින් මගෙම ප්‍රතිබිම්බය දිහා ටික වෙලාවක් බලන් හිටියේ හදවත වේගෙන් ගැහෙනකොට...ඒත්...මන් දැක්කේ..ඒ ඇස් අමුතුයි ඒ ඇස් වල පේන්නේ වෛරය..ඒත් මන් එහෙම බලන් නෑනේ...ඇහිපිල්ලම් ගැහුවත් කණ්නාඩියෙන් පේන මගේම රූපය එක එල්ලේ මන් දිහා ඒ බැල්මෙන්ම බලන් ඉන්නවා...වෙව්ලන අත කණ්නාඩියට ලන් කරනවත් එක්කම මට කෑගැස්සුනේ...රැක් එකේ තිබ්බ ශැම්පු බෝතලේ බිමට වැටෙනකොට...ආයෙත් කණ්නාඩිය දිහා බැලුවත් ඒක සාමාන්‍යයි ආයෙමත්...ටිකක් ඇස් දෙක පියාගත්ත මන් ඇස් ඇරලා ඔලුවට එකක් ගහගත්තේ....
" ආආඅහ් මගෙ ඔලුව අව්ල් වෙලා වගේ...!!!"
ඉක්මනට නාගෙන එලිය ඇවිල්ලා ශෝර්ට් එකකට ස්කිනි එකක් ඇඳගගෙන පහලට ගියේ රෑට කන්න මොනා හරි හදාගන්න...කුස්සියේ කෑම හද හද ඉන්නකොට පිටිපස්සෙන් කවුරු හරි යනවා වගේ දැනුන නිසා පිටිපස්ස හැරුනත්...ආයෙ ඉස්සරහා හැරුනේ මේ ගෙදර මන් ඇරෙන්න වෙන කවුරුත් නෑ කියලා මතක් උන නිසා..ඒත් ආයෙමත් සැරයක් හුලඟක් එක්ක කවුරු හරි ලඟින් වේගෙන් යනවා වගේ දැනුන තැන මන් බය උනා..
"ක්..ක..කව්ද ඔ..තන.."
එලවලු කප කප හිටපු පිහියත් අතට අරන් ඉස්සරහට ගියත් එකපාරටම
" බුහ්..!!!!!"
මගෙ අතින් පිහිය අතෑරුනා..හයියෙන් කෑගහන්න හැදුවත් මගෙ කට තද කරලා අල්ල ගත්තා තාමත් මන් ඇස් පියන්..කොච්චර දැඟලුවත් වැඩක් උන්නෑ ගැලවෙන්න බැරිම තැන මන් දඟලන එක නතර කරේ මාව අල්ලන් හිටපු කෙනා ලඟින් ආපු හුරුපුරුදු සුවඳ නිසා..දැනුයි ඇඟට ලේ ටික්ක ඉනුවේ..මගෙ කට වහගෙනම එයා මගෙ කන ලඟට කරලා..
" මන් නැති ටිකට මිනී මරන්නත් පුරුදු උනාද.."
සාහිල්ව තල්ලු කරලා දැම්මේ..එයා හයියෙන් හිනා වෙනකොට...
" පිස්සුද සාහිල්!!! මන් හොඳටම බය උනා !!"
" හපෝ ඔහොමද හස්බන්ව පිළිගන්නේ .."
ආයෙමත් මන් ලඟට එනකොට සාහිල්ට ඔරවලා බිම වැටුන පිහියත් අරන් ආයෙ එලවලු ටික කපන්න ගත්තේ සාහිල් පිටිපස්සෙන් ඇවිත් බදාගන්නකොට...
" ඒයි..තරහයිද.."
"කතා කරනවකෝ"
"කතාරන්නෑනේ එහෙනම් මාත් එක්ක ආපු එක්කෙනාවත් අරගෙන මන් ආපහු යන්නම් "
සාහිල් යන්න හදනකොට එයාගෙ අතින් අල්ල ගත්තේ..එයා කට කොනට හිනාවෙලා ආපහු ලඟට ඇවිත් මගෙ ඉන වටෙන් අත් දාගෙන මාව ලඟට ඇදලා ගත්තේ...
" සොරි...සමාව දෙනවා නේද "
"හ්ම්ම්...කාත් එක්කද ආවෙ ඔයා..."
මන් ඇහුවේ ඒ ඇස් දිහා බලාගෙන..කුතුහලයෙන්.....
" ජිමී..!!!! "
මන් සාහිල්ව අතෑරලා දිව්වෙ ජිමී ගාවට...ජිමී කියන්නෙ මගෙ බල්ලා..
එයා හරි සතුටින් නැට්ටත් වන වන මාව ලෙව කනවා...
" අනේ..සාහිල් තැන්ක්‍යූ.."
" තමුසෙ මෙහෙ තනියමනෙ ඉන්නෙ ඉතින් මෙයාව ගෙනත් දෙන්න හිතුනා....කොහොමත් ඔය යකාව මට බලාගන්න බෑ..නසරාණි බල්ලා..මාව කෑවෙ නැති ටික විතරයි.."
සාහිල් කියනකොට මට හිනා ගියා..එයා කොහොමත් සත්තුන්ට වැඩිය කැමති නෑ..විශේෂයෙන්ම ජිමීට...
"හා හා දැන් ඇති..ජිමී එහාට යනවා ශුහ්..ඉක්මනින් කන්න මොනා හරි දෙනවකො ශෙනූ බඩගිනී..."
"ආහ් ඔහොම ඉන්න මන් කැම ටික ඉක්මනින් ලෑස්ති කරන්නම්"
.................
කෑමත් කාලා ජිමීටත් කෑම දාලා අපි රූම් එකට ගියා..සාහිල් වොශ් එකක් දාගන්න ගිය අතරේ මන් කකුලේ බැන්ඩේජ් එක අලුත් කර කර හිටියේ...එතකොටමයි සාහිල් එලියට ආවෙ ශෝර්ටක් විතරක් ඇඳගෙන ඔලුවත් පිහ පිහ ඇවිත් මගෙ එහා පැත්තෙන් ඉඳගත්තේ..
" තමුසෙ කකුල කපා ගත්තේ මොනා කරන්න ගිහින්ද.."
" ආහ්..ඒ මේ විදුරුවක් බිඳිලා ඒකට කැපිලා ගියා.."
මන් බොරුවක් නොවන බොරුවක් කිව්වා මුලු කතාවම කිව්වොත් මේ යකා මාව මරයි...
මගෙ දිහා ටිකක් වෙලා බලන් ඉඳලා මගෙ කකුල එයාගෙ උකුලට අරගෙන බැන්ඩේජ් එක ඔතන්න ගත්ත..
" පරිස්සමෙන් වැඩ ටික කරගන්නවා මෝඩියෙ..මෙහෙම තුවාල කරගන්න නෙමේ තමුසෙව මෙහෙට එව්වේ.."
"ඒක එච්චර ගානක් නෑ සාහිල්..පොඩි තුවාලයක් නේ.."
" ඔව් ඔව් පේනවා..මගෙන් අහගන්න එපා ඉතින්"
මන් ඇඳේ ඇලවුනාම සාහිල් නැගිටලා ගිහින් ලයිට් ඕෆ කරලා ඇවිත් නිදාගත්තා..ඉන වටෙන් අත දාලා මාව ලඟට ඇදලා අරන් මගෙ පපුව උඩින් ඔලුව තියාගත්තේ...
" හම්මේ මේ ටිකේ නින්ද ගියෙත් නෑ මට..."
"පුහ්..යනවා යන්න බොරු කියන්නැතුව.."
"ආව් මෝඩයො හැපුවේ ඇයි.."
"මගෙනේ මට ඕන්නම් මන් හපනවා.."
එහෙන්මම කියව කියව ඉඳලා සාහිල්ට නින්ද ගියා..මන් සාහිල්ගෙ කොණ්ඩේ අතගගා හිටියේ..නින්ද යන්න ඔන්න මෙන්න...ජිමීත් ඇඳ ගාවම නිදාගෙන හිටියේ...එකපාරටම ජිමී නැගිටලා බුරන්න ගත්තේ ජනේලේ දිහා බලන්....
මාත් ජිමී බලන් ඉන්න පැත්ත බැලුවා..කලුවර නිසා පැහැදිලිව නොපෙනුනත් ජනේලේ කර්ට්න් එක එහෙ මෙහෙ යනකොට පෙනුනේ...කවුරු හරි ජනේලේ ගාව හිටන් ඉන්නවා වගේ....ඇස් දෙක පොඩි කරලා බැලුවම එතන කවුරුත් හිටියේ නෑ....ඒත් ඉස්සෙල්ලා මොකක්ද ඒ දැක්කේ..විකාර හිතන්නැතුව නිදාගන්නව ශෙනූ..කියලා මටම කියාගන්න ගමන්...මන් ඇස් පියා ගත්තේ සාහිල් තවත් මගෙ පපුවට ගුලිවෙලා සැපට නිදි අතරේ.....
මේ අතරේ කෙනෙක් ජනේලෙ ලඟට වෙලා වියරුවෙන් බලන් හිටියේ සැනසිල්ලේ නිදාගෙන ඉන්න ශෙනූ දිහා.....ඒ චායාව දූවිල්ලක් මෙන් පාවෙලා ගියේ...රබර් කැලේ පැත්තෙන් ඇහුන බල්ලන්ගේ උඩබිරුමත් එක්ක...
------------------------☠️--------------------------------
අදත් රෑ මැද හොල්මන ඔන්න ආවා අප්ඩේට් එකක් අරන්😪
ඊලඟ එකෙන් හම්බෙමු 🌚❤️
love you 😙😈
shenukawi ┃🥀
Bạn đang đọc truyện trên: AzTruyen.Top