☠️
වෙලාව රාත්රි දොලහ පහුවුන තැන...ශෙනූ හිටියේ තද නින්දක..මේ අතර අඳුරු චායාවක් ශෙනූගේ නිවස ලඟට පැමිණිය වග කිසිවෙක් නොදකින්නට ඇති...නැතත් කවුරුනම් දකින්නද ඒ වෙලාව තුල....එක්වරම තද නින්දක උන්න ශෙනූ ගැස්සිලා ඇහැරුනේ කාමරය තුලට ආව සීතල සුලඟට...
.
.
.
කකුලේ අමාරුවත් එක්ක තද නින්දක හිටපු මන් ඇහැරුනේ එකපාරටම ඇඟ ගල්ගැහිලා යන තරම් සීතලට දැනුන හීතලත් එක්ක...මුලු කාමරේම අන්දකාරෙන් පිරිලා...ඇස් පොඩි කරපු මන් වටපිට බැලුවත් එක්කම දැක්කේ බැල්කනි එකේ දොර ඇරිලා..කර්ට්න්ස් හුලඟට උඩ යනවා
"ම්..මේක කොහොමද ඇරුනේ...මන් මේක වහලනෙ නිදාගත්තේ.."
...ලාවට වගේ ඇතුලට ආපු හඳ එලිය නිසා කාමරය වෙලිලා තිබ්බ අඳුර ටිකක් අඩු උනත්..මහ ගුප්ත පෙනුමක් තිබ්බේ...ඇඳෙන් බැහැපු මන් බැල්කනි එක ලඟට ගිහින් දොර වහන්න හදනකොටම නැවතුනේ....එලියෙ ගේට්ටුව ලඟ අපැහැදිලි චායාවක් වගේ එකක් දැක්ක නිසා..තව ටිකක් බැල්කනි එක අයිනට ගිහින් ඒ දිහා හොඳට බලන් හිටපු මන් ගැස්සිලා ගියේ පහලින් වීදුරුවක් බිඳෙන සද්දෙට...පපුවට අතක් තියාගත්ත මන් ආයෙමත් ගේට්ටුව දිහා බැලුවත් එතන ඒ තිබ්බ චායාව පේන්න තිබ්බේ නෑ...
" පිස්සුවත් හැදීගෙන එනවද මන්දා මට...ඒත් මන් හොඳටම දැක්කනෙ එතන කාගෙ හරි හෙවනැල්ලක් තියෙනව..."
එතකොටමයි මට මතක් උනේ ඉස්සෙල්ලා පහලින් සද්දයක් ඇහුනා නේද කියලා...බැල්කනි එකෙන් ඇතුලට ඇවිල්ලා දොර වහලා හෙමින් කාමරෙන් එලියට ගිහින්...පඩිපෙලත් අල්ලන් පහලට බැස්සේ පහල සාලෙ ලයිට් එකත් දාන ගමන්....
"දෙයියනේ..!! "
ම්..මේක කොහොමද බිමට වැටුනේ...බිත්තියෙනෙ එල්ලලා තිබ්බේ...බිත්තියෙ ගහලා තිබ්බ මගෙයි සාහිල්ගෙයි වෙඩින් ෆොටො එක..බිමට වැටිලා කුඩුවෙලා ගිහිල්ලා..හදවත වේගෙන් ගැහෙන්න පටන් ගන්නකොට මන් වටපිටාව දිහා සෝදිසියෙන් බැලුවත්...ම්ම්හ් අඩුම හුලඟක්වත් එන්න දොරක් තියා ජනේලයක්වත් ඇරලා තිබ්බේ නෑ...සමහරවිට ඇනෙන් බුරුල් වෙලා තියෙන්න ඇති..මන් මගෙ හිතටම නිදහසට කරුණු කිව්වා...ඒත් අහේතුකවම මගෙ හිතට දැනුනේ මහ බයක්...සාහිල්
ඉක්මනින් උඩට ගිහින් ෆෝන් එක අරගෙන සාහිල්ගෙ නම්බර් එක ඩයල් කලේ..කාමරය පුරාවටම නොසන්සුන්ව ඇවිදින ගමන්...කකුලෙ තුවාලය වේදනාවෙන් ඇදුම් කෑවත් මේ වෙලාවෙ සාහිල්ට කෝල් කරලා බලනකන් මට නොයිවසිල්ලක් නෑ...ආඅහ් ෆෝන් එක උස්සන්නකෝ සාහිල්....අන්තිමේ එයා අන්සර් කලා..
"හ් හෙලෝ සාහිල්..!!"
"ම්ම්හ් හෙලෝහ්.."
"සාහිල් ඔයා කොහෙද ඉන්නේ!!"
"ම්ම් මොකක්ද බන් නිදාගන්නවත් දියන්කෝ...ඇයි දැන් කෝල් කලේ.."
සැනසුම් සුසුමක් හෙලපු මන් ඇඳෙන් වාඩි උනා..
"නිකන්..කතා කරන්න හිතුනා ඒකයි.."
"තමුසෙට පිස්සුද ශෙනූ..දැන් වෙලාව කීයද දන්නවද..!"
"ආහ්..ම්..මේ -
" දොලහමාරත් පහුවෙලා ශෙනූ....තමුසෙටත් කතා කරන්න වෙන වෙලාවක් තිබ්බෙම නැද්ද.."
" මන් ගත්ත කෝල් ආන්සර් කලාද ඉතින්..අද දවසටම කොච්චර නම් ගත්තද.."
" හරි ඕයි..ඉක්මනට කියනවා ඉතින් දැන් ඇයි හදිස්සියේ කතා කලේ..අනික හෙට ඉස්කොලේ යන්නැද්ද..තමුසේ මෙච්චර වෙලා ඇහරගෙන ඉඳන් අල තම්බනවද ආආහ් !!"
" නිකන් ගත්තේ සාහිල්..ඔයාව මතක් උනා..හෙට සෙනසුරාද ඉස්කොලේ නෑ..මන් තියන්නම්"
මන් කිව්වෙ කටහඬ බාල කරලා..
" අද වැඩවලට හිරවෙලා හිටියේ බබා..ඒකයි ෆෝන් එක ආන්සර් කරන්න බැරි උනේ...ගෙදර එන්න රෑ උනා...ආපු ගමන් නාලා ඇඳට වැටුනා වැටුනායි තමුසෙ කතා කරනකොට තමා ඇහැරුනේ.."
"හ්ම්ම්..එහෙනම් නිදාගන්න..මාත් නිදාගන්න යන්න ඕන.."
"කෑවද තමුසේ.."
"හ්ම්ම් කෑවා..ඔයා කෑවද..අම්මව බලන්න ගියාද සාහිල්..."
" ඔව් ගියා අම්මට ඔයාව බලන්න එන්න ඕන කිව්වෙ..මන් කිව්වා පස්සෙ දවසක යමු කියලා..."
"හ්ම්ම් එහෙනම් දැන් නිදාගන්න මන් යනවා..ගුඩ්නයිට්.."
" ඒයි...තමුසෙට එකක් අමතක වෙලා.."
" ඈහ් ඒ මොකක්ද.."
" කෝ ඉතින් i love you කියලා කිස් එකවත් දෙන්නැතුව යන්න හදන්නේ..දැන් ඉතින් මහ රෑ කෝල් අරගත්තනම් දෙන්නම වෙනවා.."
"අනේ .විකාර.."
" ඒවා අදාල නෑ නෝනා..දුන්නැත්තන් ඇවිල්ලා හරි ගන්නවා..😏"
"හහ් එයි කියලා තමා බය "
එහෙම කියලා ෆෝන් එක තිබ්බ මන් හිනා වෙලා ඇඳෙන් නැගිට්ටේ පහලට ගිහින් වීදුරු කටු ටික අස් කරන්න...ඒවත් අස් කරලා ඩස්බින් දාලා ෆොටෝ එක අරගෙන උඩට ඇවිල්ලා ටේබල් එකෙන් තියලා ඇඳට වැටුනේ නිදාගන්න.....
.
.
.
.
.
.
.
.
.
.
උදේ ඇහැරෙනකොට දහයත් පහුවෙලා
ඇහැරිලා ඇඟ සෝදගෙන ඇඳුමක් දාගෙන පහලට ගිහින් කෑමත් හදාගෙන කාලා නවල් එකකුත් අරන් වත්තට ගිහින් ඒක කියවන්න ගත්තා..ටිකකින් ගේට් එකත් ඇරගෙන ආවෙ සිරිදාස අන්කල්...
" චූටි නෝනා පොත් කියවනවා වගේ.."
"ඔව් සිරිදාස මාමෙ කම්මැලි හිතුනා අද නිවාඩුත් එක්කනෙ.."
"අනේ හොඳයි නෝනා.."
"සිරිදාස මාමා කෑවද "
"ඔව් නෝනා මන් කෑවා..වත්තේ වැඩ ටික කරන්න ආවෙ.."
"කරන්නනම් මහලොකු වැඩක් නෑ සිරිදාස මාමේ...මාමා ඔහොම ඉන්නකො මන් තේකක් හදන් එන්නම්.."
"අනේ එපා නෝනා දැන් බොන්න බෑ...පස්සෙ බොමු.."
"හ්ම්ම් හ්ම්ම් "
සිරිදාස මාමා වත්ත සුද්ද කරන්න යන්න ගිහිල්ලත් ආයෙ හැරුනේ ගේ දිහාත් ටිකක් වෙලා බලන් ඉඳලා...ඒ ඇස් බයෙන් ගැහෙනවා..
"න්..නෝනා වැරදිලාවත් අර පරණ බන්ගලාවට එහෙම පයවත් තියනවා තියා හිතන්නවත් එපා නෝනේ.."
"ආහ්..ම්..මේ ඇයි එහෙම කිව්වෙ මාමේ.."
" නපුරු ආත්ම.."
සිරිදාස මාමා රහසින් වගේ කියනකොට මගෙ ඇඟ හිරිවැටිලා ගියේ එදා වැස්ස දවසේ උන දේවල් මතක් වෙලා..ඒත් ඒ දේවල් මගෙ හිතලුවක් විතරයි...
" හහ්..හා.හා 😂 එහෙම දේවල් මන් ලොකුවට විශ්වාස කරන්නෑ සිරිදාස මාමෙ.."
"නෝනා විශ්වාස නොකලට කමක් නෑ...ඒත් බැරිවෙලාවත් එහෙට්ටනම් යන්න එපා..ගමේ මිනිස්සු ඔය බන්ගලාව පැත්තෙන්වත් යන්නේ හරි කලාතුරකින්..."
එහෙම කියාගෙන සිරිදාස අන්කල් පහලට ගියේ... ඒ කියපු දේවල් මගෙ ඔලුව පුරා දෝන්කාර දෙනකොට..
" සමහරවිට...මේ ටිකේ වෙන අමුතු දේවල්...ආයිශ් පිස්සුද ශෙනූ ඕවා මහ බොරු කතා..."
ඔලුවත් දෙපැත්තට ගසලා ආයෙමත් පොත කියවන්න ගත්තේ...ඒ දවසත් ඒ විදියට ගෙවිලා යනකොට .....
--------------------------☠️------------------------------
😌☠️
ඔන්න අදත් කොටසක් දුන්නා හොඳේ 😈
good night girls 😪❤️
ඊලඟ එපියෙන් හම්බෙමු 😏
Bạn đang đọc truyện trên: AzTruyen.Top