☠️

මූනට වැටුන ඉර එලිය නිසා හෙමින් ඇස් ඇරලා නැගිටින්න හැදුවත් ආයෙමත් ඇඳටම වැටුන...සාහිල් අතකුත් දාගෙන මාව බදාගෙන හොඳටම නිදි...හෙමින් සැරේ එයාගෙ අත අයින් කරලා නැගිට්ටේ ඒ නලල මත හාදුවක් තියලා...වොශ් එකකුත් දාගෙන ඇඳුමක් දාගෙන පහලට ගියේ උදේට කන්න හදන්න...කෑමත් ලෑස්ති කරලා ආයෙමත් උඩට ගියේ සාහිල්ව ඇහැරන්න..

" සාහිල්..නැගිටින්න....සාහිල්!!!"

මෙච්චර හයියෙන් කතාකරලත් මේ යකා ඇහැරෙන්නෑනේ..බැරිම තැන හයියෙන් පස්සට ගැහුවේ සාහිල් කෑ ගහගෙන නැගිටලා පස්සත් අතගගා ඇඳේ ඉඳගන්නකොට..

" මොකද ගෑණියේ..!!! උදේ පාන්දරම ගහන්නේ.."

" ප්..පාන්දර..හහ් මොන පාන්දරද සාහිල් දැන් දහයත් පහුවෙලා..වොශ් එකක් දාගෙන කන්න එන්න..."

කියලා කියන ගමන් මන් පහලට ගියා..
ටිකකින් සාහිල් ආවෙ කලු ඩෙනිමට සුදුපාට ටී එක ඇඳලා ඊට උඩින් කලු ඩෙනිම් ජැකට් එකත් දාගෙන...කොන්ඩෙත් අතින් හද හද පඩිපෙල බහින සාහිල් දිහා මන් බලන් හිටියේ වශීවෙලා...සාහිල්ට අඩුවක් නැතුව ඒ කඩවසම් බව ලැබිලා තිබුනා...ඝන ඇහිබඹ එක්ක ලා දුඹුරු පාට බලල් ඇස්..උසට හරියනම ඇඟ..කිරිසුදුපාටට හුරු රත්තරන් පාට හමක් එයාට තිබ්බේ....එයා එක්ක බලනකොට මන් නිකන් ගොම්බෙට්ටක් වගේ...මට තාමත් හිතාගන්න බෑ සාහිල් මාව මොකට මැරි කලාද කියලා..

" මොකද..කන්න වගේ බලන් ඉන්නේ 😏"

" අනේ වැඩේමයි බලන්න 😒"

සාහිලටත් ගස්සලා කෑම ටික බෙදුවෙ එයා හිනාවෙලා ඇවිල්ලා මේසෙන් ඉඳගන්නකොට මාත් ඉඳගත්තේ...

" ශෙනූ..කාර් එක ගැරේජ් එකේ තියෙනවා ඔයාට ඉස්කෝලෙට යන්න ඕන උනාම ඒකෙන් යන්න..."

" ඒක මොකටද..මට පයින් යන්න පුලුවන්..අනික ඉස්කොලේ ලඟයිත් එක්කනෙ.."

"පණ්ඩිතයා වෙන්නැතුව කියන දේ අහනවා ශෙනූ...මන් තමුසෙට කොච්චර කිව්වද ජොබ් එකක් කරන්න ඕන්නෑ කියලා.."

"ඒත් මේක මගේ එකම හීනේ සාහිල්...අනික මගෙ වියදම් වලට සල්ලිත් හම්බෙනවනෙ"

"තමුසෙ හිතුවද මට තමුසෙගෙ වියදම් බලාගන්න බෑ කියලා...මගෙ හැමසතයක්ම තමුසෙට තමා.."

"මන් දන්නවා..ඒත්-'

"ඇති ඇති ඕක නවත්තගන්නවා...මගෙ යකා ඇවිස්සෙන එක විතරයි වෙන්නේ..."

හුස්මක් පාතදාලා කෑම කන්න ගත්තත්...එකපාරටම ගෙදර බෙල් එක වැදුන නිසා මන් නැගිටලා ගිහින් දොර ඇරියා...කවුද මන්දා වයසක මනුස්සයෙක් හිනාවීගෙන හිටියේ
.මන් පිටිපස්ස හැරිලා සාහිල් දිහා බලනකොට...

" ආහ්..ඇතුලට එන්න සිරිදාස අන්කල්.."

" මහත්තයා.."

"ශෙනූ මේ ඉන්නේ සිරිදාස අන්කල්...අන්කල් මේ ඉන්නේ මගෙ වයිෆ් ශෙනූ..."

සාහිල් ඒ විදියට අඳුන්නලා දෙනකොට ඒ මනුස්සයා හිනා උනේ මාත් ඒ මනුස්සයට හිනා වෙනකොට..

"ශෙනූ ඔයාට මොනා හරි ඕන උනොත් සිරිදාස අන්කල්ට කෝල් එකක් දෙන්න..මන් නම්බරේ දෙන්නම්..ඔයා තනියමනෙ ඉන්නේ සිරිදාස අන්කල් ඔයාට උදව් කරයි...වත්ත එහෙම තනියම අස් කරන්න යන්න එපා සිරිදාස අන්කල් කරලා දෙයි...ඉස්කොලේටත් තනියම යන්න බයනම් අන්කල් එක්ක යන්න.."

"හ්ම්ම්"
.
.
.
.
.
.
.
සිරිදාස අන්කල්ටත් කෑම දීලා ඇරලා..අපි කෑම කාලා ඉවර වෙලා එලියට ආවෙ සාහිල් ආපහු කොලඹ යන්න ඕන නිසා....

"බයවෙන්නැතුව ඉන්නවා..මන් එන්නම් තමුසෙව බලන්න..අනික මතක ඇතුව නිදාගන්න කලින් දොරවල් ජනෙල් හොඳට වහලා ඉන්නවා..මන් කොල් කරන්නම්..පරිස්සමෙන් ඉන්නවා හරිද පන්ඩිත වැඩ කරන්න යන්නෙ නැතුව.."

" හ්ම්ම්..ඔයත් පරිස්සමෙන් ගිහින් එන්න..අම්මව බලන්න සාහිල් හරිද.."

"හ්ම්ම්.. "

සාහිල්ව බදාගත්තම එයා මගෙ නලල ආදරෙන් සිප ගත්ත...සාහිල් කාර් එකට නැගලා කාර් එක ගේට් එකෙන් එලියට ඩ්‍රයිව් කරන් ගියේ මන් ගේට්ටුව ගාවට ගිහිල්ලාත් එයා නොපෙනී යනකන්ම බලන් හිටියා..ගේට්ටුවත් වහලා මන් ගේ ඇතුලට ආවෙ..හෙට ඉඳන් ඉස්කොලේට යන්න ඕන කරන බඩු ටික ලෑස්ති කරන්න...
.
.
.
.
.
.
.
.
කාලයත් හරියට හුලඟ වගේ...ඇසිපිය හලන ක්ශනික ගෙවිලා යනවා...මෙහෙට ඇවිල්ලා දැන් සති දෙකකුත් වෙනවා...දැන්නම් මෙහෙ ජීවිතේට ටිකක් හුරුවෙලා...ගියෙ සතියෙ සාහිල් ඇවිල්ලා ගියා...ආයෙ වෙලාව හම්බුනාම එන්නම් කිව්වත් මේ ටිකේ කෝල් එකක්වත් නැති තරමට එයා බිසී වෙලා...සිරිදාස අන්කල් හැමදේටම මට උදව් කලා...සාහිල් කොච්චර කිව්වත් මන් හැමදාම ඉස්කොලේට ගියේ පයින්...මගේ ගෙදරට ටිකක් එහායින් වෙන්න තියෙන පරන බන්ගලාව ලඟින් යන හැමපාරම හිතගැස්සෙන එකනම් මට හිතාගන්න බෑ...ටිකක් ඈතින් තිබ්බත් මගෙ කාමරේ බැල්කනි එකට ඒ බන්ගලාව හොඳින්ම පෙනුනා...කොච්චර මූසල පෙනුමක් තිබ්බත් ඒ බන්ගලාවට අමුතුම පෙනුමක් තිබ්බා...හැමදාම හවසට තේ එකක් බොන ගමන් ඒ වලව්ව දිහා බලන එක මට පුරුද්දකට ගිහින්...ඒ බන්ගලාවට ගිහින් බලන්න හිත කොච්චර කුතුහලයක් ඇති කරත් යටි හිතේ තිබුන බය නිසා ඒ අදහස අත්හැරගත්තා.....


අදත් ඉස්කොලේ ඇරිලා හෙමින් සැරේ ගෙදර ආවෙ අයිස් ක්‍රීම් එකකුත් කකාමයි..එකපාරටම ආපු හුලඟත් එක්ක වහින්න ගන්නකොට...මන් බෑග් එකෙන් කුඩේ එලියට අරන් ඉහල ගත්තේ මුලු පරිසරයම අන්දකාරයෙන් වෙලිලා යනවත් එක්කමයි...වැස්සෙම කුඩෙත් ඉහලන් එනකොට..අර බන්ගලාව හටියෙදි ආපු හුලඟත් එක්ක කුඩේ අතෙන් ගිලිහිලා ගිහින් වැටුනේ ඒ බන්ගලාවේ ගේට්ටුවෙන් ඇතුලේ...පුදුමයි ගේට්ටුව ඇරලා දාලා...පේන තෙක් මානෙක හැලහොල්මනක්වත් නැති තැන...තෙමි තෙමිම ගේට්ටුවෙන් ඇතුලට යනවත් එක්කම හුලඟට ගේට්ටුව මහ හයියෙන් වැහිලා ගියේ.මාව ගැස්සිලා යනකොට....හිත අමුතු බයකින් පිරිලා යද්දිත්..මන් හෙමින් කුඩේ අතට අරන් ආපහු එන්න හැරුනත් ආයෙ බන්ගලාව දිහා බැලුවේ..උඩ තට්ටුවෙ ජනේලෙන් අමුතු චායාවක් ලාවට වගේ දැක්ක නිසා ....තව ටිකක් ලඟට ගිහින් බලන්න කියලා හිත බල කරනකොට..මන් හෙමින් සැරේ ඉස්සරහට ගියා...බන්ගලාවෙ දොර ලඟටම ගියපු මන් දොර අරින්න අත තියනකොටම දොර ඉබේම ඇරුනේ...

" පුදුමයි මේක ලොක් කරලවත් නෑනේ.."

දොරෙන් ඇතුලට ගිහින් වටපිට හොඳින් බැලුවේ...

" වෝහ් මේ බන්ගලාව හෙන ලොකුයිනේ..."

වටේම බල බල හිටපු මන් හැරුනේ..මේසේ උඩ තියලා තිබුන සින්දු බොක්ස් එක ප්ලේ වෙන්න ගත්ත තැන...ඒක හරිම ලස්සනයි බොක්ස් එක ඇරිලා උඩට ඇවිල්ලා කැරකෙන පුන්චි සුරන්ගනාවියක්...ලස්සන මියුසික් එකක් ඒක...ඒත් කොහොමද ඒක ප්ලේ උනේ...ඒක දිහා බල බල ඉන්නකොට උඩතට්ටුවේ කවුරුන්දෝ දුවන සද්දයක් ඇහෙන්න ගන්නකොට මට උන්හිටි තැන් පවා අමතක වෙලා ගියා....

"ක්..ක.කව්ද "

ඒත් එක්කම හිනාවෙන හඬක් ගේ පුරා දෝන්කාර දෙන්න පටන් ගත්තේ මාව තවත් බය කරලා...

"ක්.කව්ද ඉන්නේ "

පඩිපෙල ලඟට ගිහින් හෙමින් උඩට ගියේ..හදවත හයියෙන් ගැහෙනකොට...උඩට ගියපු මන් නැවතුනේ දොර බාගෙට ඇරලා තිබ්බ
කාමරයක් ලඟ...දොරගුලට අත තියලා අරින්න හදනකොටම එහාපැත්තේ ටේබල් එක උඩ තිබුන වීදුරු මල්වාස් එක හයියෙන් වැටිලා කුඩුවෙලා ගියේ මන් හයියෙන් කෑගහගෙන පහලට දුවලා යනකොට....වීදුරු කටු ඇනිලා කකුලෙන් ලේ එන්න පටන් අරන්...උඩ තට්ටුවෙ ඉඳන්ම පඩිපෙල දිගටම කකුලෙන් බේරුන ලේ ගෑවිලා තියෙනව මන් දැක්කත් පස්සවත් නොබලා කෙලින්ම දිව්වෙ ගේට්ටුවෙන් එලියට....කකුලත් කොරගහ ගහ ගෙදරට තෙමි තෙමිම ගිහින් දොර වහගෙන ඇතුලට ගියපු මන් ෆ්‍රිජ් එකෙන් වතුට බෝතලයක් අරන් එක උගුරට බීලා දැම්මේ වෙච්ච කිසිම දෙයක් හිතාගන්න බැරිව ඔලුව කැක්කුම අල්ලන්න ගත්තම...එහෙන්මම උඩට ගිහින් සාරිය ගලවලා දාලා හොඳට නාගෙන ශෝටකට ස්කිනියක් ඇඳගෙන ඇඳෙන් ඉඳගත්තේ බෙහෙත් පෙට්ටියත් අතට අරන් කකුලට බෙහෙත් දාගන්න...වීදුරු කටු වලට යටිපතුල කැපිලා ගිහින්.....
.
.
.
.
.
.
.
.
ශෙනූගේ කකුලෙන් ගලපු ලේ ගෑවුන පොලව මතට ලන් උන ආත්මයක් ඒ ලේ ලෙවකෑවෙ කෑදරකමකින්....බන්ගලාව අවටින් බල්ලන්ගේ උඩබිරුම් වලින් දෝන්කාර දෙනකොට බන්ගලාව තුල කෙනෙක් වියරුවෙන් මෙන් හිනා වුනේ...

" ලේ........"

----------------------------☠️-----------------------------

ඔන්න දෙවෙනි එපියත් දැම්ම 😈

කතාව හොඳයිද කියලා කියාගෙන යන්න...

අනික් එකෙන් හම්බෙමු 😈

shenukawi ┃🥀

Bạn đang đọc truyện trên: AzTruyen.Top