☠️




ලොකු හුස්මක් ගත්ත මන් සූට්කේස් එකත් අරන් පහලට ආවෙ...අම්මයි සාහිලුයි පහල ඉඳන් බලන් ඉන්නකොට...

" ඕනකරන හැමදේම ගත්තද ශෙනූ.."

"ඔව් සාහිල් සේරම හරි..."

"හ්ම්ම්..එහෙනම් යමු තව පරක්කු උනොත් එහෙට යනකොට රෑ වෙයි..."

සූට් කේස් එක සාහිල්ගෙ අතට දීලා අම්මව බදාගත්තේ ආයෙ කාලෙකට අම්මව හම්බෙන්න වෙන්නැති නිසා..අම්මටත් වැඳලා මන් සාහිල් එක්ක එලියට ආවෙ අම්මගෙ ආශිර්වාදය එක්කමයි...බෑග් එක පිටිපස්සෙන් දාලා සාහිල් එක්ක කාර් එකට නැග්ගේ..සාහිල් කාර් එක ගේට් එකෙන් එලියට දානකොට අම්මා දොරකඩට වෙලා අපි යන දිහා කඳුලු පිරුනු ඇස් වලින් බලාන ඉන්නකොට...එයාට පාලු දැනෙයි..මන් නැතුව....ආයෙමත් පාරක් සයිඩ් මිරර් එකෙන් අම්ම දිහා බලලා ඉස්සරහා බලා ගත්ත මන් සද්දයක් නැති තැන සාහිල් කතා කරන්න ගත්තා...

" දුක් වෙන්න එපා ශෙනූ..ඔයාට නිවාඩු හම්බුනාම අම්මව බලන්න එන්න පුලුවන් නේ...අනික මට වෙලාවක් ලැබුන දවසට මන් ඔයාව බලලා යන්න එන්නම්....."

" මට මහ අමුත්තක් දැනෙනවා සාහිල්...ඔයාට පුලුවන්ද හැමදාම අම්මව ඇවිල්ල බලලා යන්න..."

"අනිවාරෙන්ම මන් එයාව බලාගන්නම් බබා..ඔයා ඒ ගැන හිතන්නැතුව ඔයාගෙ වැඩ ටික හරියට කර ගන්න...අනික මන් සර්වන්ට් කෙනෙක් හෙව්වා අම්මා ගාවින් තනියට තියන්න..."

" අනේ තැන්ක් යූ සාහිල් ඔයා මේ කරන දේවල් වලට..."

"ඒ හැමදේම ඉතින් ඔයා වෙනුවෙන්නේ.."

සාහිල් ඇහැක් ගහලා හිනාවෙලා කියනකොට මන් හිනා වෙලා එයාගෙ කොන්ඩේ ඇවිස්සුවේ සැනසුන් සුසුමක් හෙලලා ග්ලාස් එකෙන් එලිය බැලුවා...

මන් ෂෙනාලි...ෂෙනාලි වික්‍රමසිංහ..අවුරුදු ගානකට පස්සෙ මට මගෙ මහන්සියෙ ප්‍රතිපල හම්බුනා මට රස්සාව හම්බුනා...හැබැයි පත්විම හම්බුනේ නුවරඑළියේ...ලමයිට උගන්නන්න යනවා කියන්නෙත් බෙල්ලෙ ලණුවක් බැඳන් ලිඳට පැන්න වගේ තමා...

එන්න එන්නම හවස් වෙනකොට අපි ත නුවර එළියට ආවාත් තව දුර යන්න තිබ්බේ රෙන්ට් එකට ගත්ත ගේ තිබ්බේ ටිකක් දුර නිසා...ඒත් එතනින් ඉස්කොලේට ලඟයි කියලා ගෙවල් අයිතිකාරයා කිව්ව නිසාමයි ඒ ගේ ගත්තේ...දැන් ඉතින් තනියම හිටපන්කෝ....රෑ නමය විතර වෙනකොට අපිට ගෙවල් ලඟට යාගන්න පුලුවන් උනා..රෑ හින්දද මන්දා මේ පාරවල් හුඟක් කලුවරයි බලුබල්ලෙක්වත් පේන මානෙක නෑ...පාරේනම්...පාර දෙපැත්තෙන්ම තිබ්බේ රබර් වතුයි තේ වතුයි..දැක්කමත් හිත ගැස්සිලා යන බයානක පෙනුමක්...හිතේ ඇතිඋන බයටම මන් සාහිල්ගේ අතින් තදකරලා අල්ල ගත්තා..එයාට තේරුනා මන් බය වෙලා ඉන්නෙ කියලා...

" මොකද..බයයිද..බයවෙන්න එපා ඕයි..තමුසෙව උස්සන් යන්න කවුරුත් එන්නෑ..."

සාහිල් ගානක් නැතුව හිනාවෙලා කොයනකොට මන් සාහිල් දිහා බලලා රැව්වේ...

" කියන්න බෑනේ උස්සන් ගියොත් එහෙම😒"

" හහ්..මන් ඉන්නකන් තමුසෙට අතක්වත් තියන්න දෙන්නෑ බන්...බය නැතුව ඉන්නවා...😏"

"සාහිල් ඔන්න බලාගෙන !!!!"

මන් කෑගහන පමාවට සාහිල් වාහනේ බ්‍රේක් කලේ මන් සාහිල්ගේ අතේ එල්ලිලා ඇස් පියාගන්නකොට.....

" මොකද ඕයි කෑගැහුවේ..!!"

" ම්..මන්..ඉස්සරහා කවුරු හරි හිටියා සාහිල්...මන් දැක්කා කවුරු හරි හිටියා..අනේ ටිකක් එලියට ගිහින් බලමු හැප්පුනාද දන්නෑ.."

" පිස්සුද ශෙනූ..කවුරුත් හිටියේ නෑ...හිටියනම් මන් දකිනවනෙ..."

"න්..නෑ සාහිල් මන් හොඳටම දැක්කා කවුද හිටියා..ටිකක් එලියට ගිහින් බලමු ප්ලීස්..."

" arghh !! ඔහොම ඉන්නව මන් බලන්නම් එලියට බහින්න එපා..."

"හ්ම්ම් පරිස්සමෙන් "

"හ්ම්ම් "

සාහිල් කාර් එකෙන් බැහැලා යනකොට මන් බලන් හිටියේ බයටම මට දාඩියත් දාලා..ටිකකින් සාහිල් වටේම බලලා කාර් එක යටටත් එබිලා බලලා ආපහු කාර් එකට නැග්ගේ මටත් රවන ගමන්..මේ නපුරනම්..

" මොන මලයකෙක්වත් නෑ ශෙනූ..තමුසෙගෙ මනස්ගාත.."

"ඒත්..-

" මගෙ කේන්ති අව්ස්සන්න නම් එපා ශෙනූ..කටවහගෙන ඉන්නවා.."

"හ්ම්ම්"

එතනින් එහාට අපි දෙන්නගෙන් කවුරුත් කතා කලේ නෑ..දන්නෙම නැතුව මට නින්ද ගිහිල්ලා..ගෙදර ලඟටම එනකන් මන් දන්නෙත් නෑ...

"ශෙනූ..!"

"ශෙනූඌ නැගිටින්න අපි ආවා..!!"

සාහිල් කතා කරනකොට හෙමින් ඇස් ඇරලා මන් වටපිටාව බැලුවා...අර තරම් බයානක පාලු පාටක් නැති උනත් කලුවර නිසා වටේටම තිබුනේ මහ මූසල පෙනුමක්...හුඟක් රෑවෙලා තිබ්බ නිසා සාහිල්ට අද ඉන්න කියලා කිව්වෙ හෙට උදේට යන්න කියලා...මගෙ බෑග් එකත් අරගෙන සාහිල් මාත් එක්කම ගෙදර ඩෝර් එක ඇරියේ ක්‍රීස් ගාන සද්දෙට දොර ඇරෙනකොට...ඈත කැලෙන් ඇහුනේ බල්ලෙක් උඩබුරලන සද්දෙට අපි දෙන්නම ගැස්සිලා ගියේ මන් පැනපු ගමන් සාහිල්ගෙ අතේ එල්ලෙනකොට...

" මොකද ශෙනූ..බල්කෙක් කෑගැහුවෙ "

" බය උනා ඉතින්.."

"අනේ මන්දා ඕයි තමුසේ මෙහෙ තනියම කොහොම ඉඳීද දන්නෑ මන් නැතුව.."

"අනේ ඔයාට මාත් එක්ක නවතින්න බැරිද සාහිල්.."

" පුලුවන් උනානම් මන් නවතිනවනෙ..ඒත් කවුද එහෙ කම්පැනි එකේ වැඩ බලන්නේ..පුලුවන් හැමවෙලාවකම මන් එන්නම් බය නැතුව ඉන්නවා...අනික වටපිටාවෙ ගෙවල් වල මිනිස්සුත් ඉන්නවනෙ.."

" හ්ම්ම් අපි ඇතුලට යමු.."

ශෙනූ සාහිල් එක්ක ඇතුලට යනකොට...තව ඇස් දෙකක් ඈත ඉඳන් ගේ දිහා බලාගෙන හිටියේ වියරු හිනාවක් එක්ක....ඒ චායාව එහෙන්මම මීදුම එක්ක මැකිලා ගියේ....ආයෙමත් කැලේ පැත්තෙන් බල්ලෙක්ගේ උඩබිරුමක් එක්ක....

---------------------------☠️-----------------------------

පලවෙනි එපිය දැම්මා ඔන්න 😈

ඉතින් කොහොමද කතාව අව්ල් වගේද🥲

අව්ල් වගේනම් කියන්න හොඳේ...

අනිත් කොටසින් හම්බෙමු එහෙනම් 😉😈

vote & comment 😈💜

shenukawi ┃🥀

Bạn đang đọc truyện trên: AzTruyen.Top