Chapter 46

❤️ My Savior ❤️

Min Hee's POV
"අනී අමොගොතො අනියා , නූනා නූනට කවුරුහරි දන්නේ නැති නම්බර් එකකින් කෝල් කළොත් ඒ කෝල් එක ගන්න එපා . නූනගෙ අපාට්මන්ට් එකට නාඳුනන කවරුහරි ආවත් දොර අරින්න යන්න එපා . පුලුවන් ඉක්මනට මට කෝල් කරන්න හරි ද?? " ජන්ග්කුකා කෝල් කරද්දී ඇත්තටම මම හිටියේ අඩ නින්දේ වගේ, ඒත් එයා එහෙම කිව්වට පස්සේ මගේ ඉතුරු වෙලා තිබුන නිදිමතත් නැති වෙලා ගියා .

"ජන්ග්කුකා වේ?? ඇයි එහෙම කිව්වේ ?? " මම ඇහුවේ හිතේ ඇතිවුණ කුතුහලය නිසාමයි. හේතුවක් නැතුව එයා මෙහෙම දෙයක් කියන්නේ නෑ .

"හේතුව මම ඉක්මනට කියන්නම් නූනා . දැනට එහෙම කරන්න . එහෙනම් මම තියනවා නූනා ,ඕන උනොත් අනිවාර්යයෙන්ම කෝල් කරන්න . " එහෙම කියලා ජන්ග්කුකා ඉක්මනට කෝල් එක ඉවර කළා .

'ඇත්තටම ඇයි ජන්ග්කුකා එහෙම දෙයක් කිව්වේ ?? කමක් නෑ මට අද එලියට යන්න වුවමනාවක් නැහැනෙ ' එහෙම හිතලා මම ආපහු සැරයක් ඇඳේ පෙරලුනා.

ඊයේ නත්තල සමරන්න ජන්ග්කුකා එක්ක එලියට ගියා ඇරෙන්න අපාට්මන්ට් එකේ කිසිම සැරසිල්ලක් කළේ නැති නිසා අද අලුතෙන් අස් කරන්න දෙයක් තිබුනෙත් නෑ . 9ට විතර ඇහැරුනාට පස්සේ උදේට රැමෙන් එකක් හදාගත්තට පස්සේ ටීවී එක ඉස්සරහා වාඩි උනේ අලුත් ෆිල්ම් බලනවා කියලා හිතාගෙන .

පැයකට විතර පස්සේ එකපාරටම ෆෝන් එක රිංග්ස් යන්න ගත්ත නිසා ටීවී එක දිහා බලාගෙන ම මම ෆෝන් එක ගත්තා .

"යොබුසෙයෝ"

"මේ කතා කරන්නේ චෝයි මින්හී ශී නේද ? " ෆෝන් එකෙන් ඇහුනේ නාඳුනන පිරිමි කටහඬක්

මම ඉක්මනට උත්තර දෙන්න කලින් caller ID එක බැලුවා , Unknown number . ජන්ග්කුකා දන්නේ නැති number එකකින් කෝල් කළොත් ගන්න එපා කිව්වා නේද ?? ඒත් මම දැන් කෝල් එක අරන් ඉවරයිනේ. දැන් මොකද කරන්නේ ??

"ක..කවුද මේ?? " මම ඇහුවේ හිතේ කලබල ගතිය වැඩිපුර පෙන්නන්නේ නැතුව .

"මම කිම් ජූ හන්. මාධ්‍යවේදියෙක්. මට මිස් චෝයි සහ මිස්ටර් ජියොන් අතර තියෙන සම්බන්ධය ගැන තවදුරටත් තොරතුරු දැනගන්න මිස් චෝයි එක්ක interview එකක් ගන්න පුලුවන් ද??"

මොකක්?? මිස්ටර් ජියොන් කියන්නේ ජන්ග්කුකා ද??? ඒත්  මමයි ජන්ග්කුක් අතර ?? මේ මොකද්ද මේ මනුස්සයා කියන විකාර කතාව

"නේ ?? (What??) මට ඇත්තටම තේරෙන්නේ නෑ ජූ හන් ශී කියන්නේ මොකද්ද කියලා ?? එතකොට මිස්ටර් ජියොන් කියලා කිව්වේ ?"

"මිස් චෝයි මම මිස්ටර් ජියොන් කියලා කිව්වේ මිස් චෝයිගේ boyfriend JC එකේ CEO ජියොන් ජන්ග්කුක් ශී ගැන ,  මම කතා කරන්නේ  Dispatch  එකේ ඔයාලාගේ සම්බන්ධය ගැන දාලා තිබුන article එක ගැන මිස් චෝයි ."

"චෙසුහම්නිදා, මේ..මේක වැරදීමක් ..." බොහොම අමාරුවෙන් වචන ගළපගෙන මම කෝල් එක කට් කළා.

Dispatch එකේ අපි ගැන දාලා තිබුන article එක??? මට මොකුත් ම හිතාගන්න බෑ , මම ඉක්මනට ෆෝන් එකෙන් Dispatch එකේ website එකට ගිහින් බැලුවා .

"මේ..මේක .." මාව එකපාරටම ගොලු උනා වගේ .

'JC newly appointed CEO Jeon Jungkook celebrating Christmas day with his girlfriend at a Five star hotel at Seoul . '

වෙව්ලන ඇඟිලි තුඩුවලින් මම headline එක click කළේ ඒ article එක කියවන්න . ඒක කියවලා ඉවර වෙද්දී මගේ අත් දෙක තවත් වෙව්ලන්න ගත්තා.

ඇ..ඇයි එයාලා අපි එකට ඉන්නවා දැකපු නිසා කිසිම පදනමක් නැතුව මේ වගේ දෙයක් ලියන්නේ?? එයාලා කොහොමද එහෙම දෙයක් කරන්නේ ??? හිතට දැනුනේ එකපාරටම කේන්තියක් වගේ ම දුකක්. මගේ ඇස්වල කඳුළු පිරෙන්න ගත්තා.

ඒත් එක්කම කලින් නම්බර් එකෙන් ම ආපහු කෝල් එකක් ආපු නිසා මම ඒක කට් කරලා ජන්ග්කුකාට කෝල් එකක් ගත්තා .

'The number you're trying to reach is busy right now, please try again later ' 

දෙතුන් සැරයක් ජන්ග්කුකාට කෝල් කළත් ලැබුනේ එකම ප්‍රතිචාරය . ටේහ්‍යුන්ගා .. මට ටේහ්‍යුන්ගාට කෝල් කරන්න පුලුවන් , ඒත් අදත් ටොමෝ සන් ශී එක්ක එයාට meeting එකක් තියෙයි නම් මට බෑ මෙහෙම දේකට එයාට කරදර කරන්න . ආපහු සැරයක් ජන්ග්කුකාට ගන්න හදද්දී  ඒ වෙනුවට තවත් දන්නේ නැති number එකකින් එකදිගට කෝල් එන්න ගත්තා . මම ෆෝන් එක ඕෆ් කරලා ඔලුව පිටිපස්සට හේත්තු කරගත්තේ එකපාරටම උනේ මොකද්ද කියලා හිතාගන්න බැරි නිසා .
.
.
.
දවල් වරුවම ගෙවිලා ගියේ මම කල්පනා ලෝකෙක නිමග්න වෙලා ඉන්න අතරේ . අපේ ෆොටෝ ,අපි ගැන බොරු තොරතුරු එක්ක article එකක් පළකරනවාට වඩා ඒ ගැන තවදුරටත් විස්තර ගන්න මට මාධ්‍යවේදියෝ කෝල් කරනවා කියන්නේ , එයාලාට මගේ ෆෝන් නම්බර් එක පවා හොයාගන්න පුලුවන් කියන්නේ , මේක ඒතරම් සුලුපටු විදියට හිතන්න පුලුවන් දෙයක් නෙවෙයි . මම ෆෝන් එක ඕෆ් කරලා අපාට්මන්ට් එකට වෙලා හිටියා කියලා කිසිම දෙයක් වෙනස් වෙන්නෙවත්, විසඳෙන්නෙවත් නෑ . මේක මට වඩා ජන්ග්කුකාට බලපානවා , JC එකේ CEO විදියට  ගොඩක් අය එයාව දන්නවා .

උදේ ඕෆ් කළාට පස්සේ ෆෝන් එක ආපහු ඔන් කරද්දී ටේහ්‍යුන්ගාගෙන් miss call alert ගොඩක් ඇවිත් තිබුනා , ඒත් ආපහු ටේහ්‍යුන්ගාට කතා කරන්න හැදුවත් එයාගේ ෆෝන් එකත් වැඩ කරන්නේ නෑ . දවස ම අපාට්මන්ට් එකේ හිර වෙලා ඉදලා මට හරි අපහසුවක් දැනුනේ , හරියට නිදහසේ හුස්ම ගන්න බෑ වගේ හැඟීමක්. සමහරවිට ඒ ගොඩක් දේවල් ගැන කල්පනා කරපු නිසා වෙන්නැති . හවස්වරුවේ ටිකක් ඇවිදින්න ගිහින් convenient store  එකකින් මොනාහරි අරන් එනවා කියලා මම අන්තිමට තීරණය කළා.
ගෙදරට ඇඳගෙන හිටිය සුදු oversized tshirt එකටයි ඩෙනිම් කලිසමක් ඇඳලා ,උඩින් කලු හූඩි එකකුත් දාගෙන කෝකටත් කියලා මම කලු මාස්ක් එකකුත් දාගත්තා . ෆෝන් එකයි පර්ස් එකයි අරගෙන අන්තිමට උඩින් හිම කබාය ඇඳගත්තේ ගොඩක් තදට නොවුනත් අදත් හිම වැටුණු නිසා තිබුන තද සීතලෙන් බේරෙන්න .

අපාට්මන්ට් එකෙන් එලියට එද්දී එකපාරටම දැනුනේ පොඩි චකිතයක් වගේ , ඒත් එච්චර හිතන්නේ නැතිව මම පඩිපෙළ බහින්න ගත්තා. පඩිපෙළේ මැද හරියෙදි දැකලා නුපුරුදු කෙනෙක් උඩට එනවා දැකපු නිසා මම මූණ තවත් පහත් කරගත්තා. මාව පහුකරගෙන අඩියක් විතර උඩට නැඟලා ඒ කෙනා නතර උනා කියලා මට අඩි සද්දෙන් තේරුනා .

"චොගි අගස්සී... "

"නේ????" මම ඇහුවේ සම්පූර්ණයෙන් ම ආපහු හැරෙන්නේ නැතුව , පුලුවන් තරම් මගේ මූණ ආවරණය වෙන විදියට .

"මේ ගොඩනැඟිල්ලේ චෝයි මින්හී කියලා කෙනෙක් ඉන්නවාද ?? මම කියන්නේ අවුරුදු විසිගානක තරුණ කෙනෙක් ??" ඒ කෙනා අහද්දී මගේ ඇස් යොමු උනේ ඒ කෙනා එල්ලාගෙන හිටිය side bag එකකට , පෙනුමේ හැටියට ඒක ඇතුළේ තිබුනේ කැමරාවක් . මේ ඉන්නේ තවත් මාධ්‍යවේදියෙක් වෙන්න ඕන .

ඒත් දැන් මම මොකද්ද කියන්නේ ?? එහෙම කෙනෙක් නෑ කියලා බොරු කිව්වොත් මගෙන් තවත් බොරු විස්තර අහයි. මට ආපහු අපාට්මන්ට් එක ඇතුළට යන්නත් බෑ දැන් , ඇත්තම කිව්වොත් මේ මනුස්සයා මගේ අපාට්මන්ට් එක හොයාගනියි.. මම මොකද කරන්නේ ?? ......

"චොගි අගස්සී දන්නවාද එහෙම කෙනෙක් ??? නැත්නම් මේ ෆොටෝ එක බලන්නකෝ.. " ඒ කෙනා එහෙම කියලා ඉක්මනට බෑග් එකෙන් ෆොටෝ දෙක තුනක් එලියට අරන් මට පෙන්නුවා . ඒ අර article එකේ තිබුන ෆොටෝ .

මම හිතන්නේ නෑ මෙයා මාව අඳුරගත්තා කියලා ...

"එ..එයා ඉන්නේ මේ අපාට්මන්ට් එකේ තමයි "

"ඒ අගස්සී දන්න කෙනෙක් ද???" එයා ඇහුවේ මගෙන් විස්තර මොනාහරි දැනගන්න හිතාගෙන

"අ..අනී... ෆොටෝ එක පෙන්නුව නිසා මට මතක් උනේ එයාව දැකලා තියෙයි කියලා , උඩට ගිහින් බලන්න ඔයාට හොයාගන්න පුලුවන් වෙයි . චොගි මම හදිස්සි වැඩකට යන්නේ . මම යන්නම් " ඒ කෙනා මොකුත් කියන්නත් කලින් මම ආපහු හැරියා ඉක්මනින් පහළට බැස්සා.

හිතේ තිබුන චකිතය තවත් වැඩි උන නිසා  මම  එලියට යන්න කලින් හූඩිය තවත් පහළට ඇදල පුලුවන් තරම් මූණ වහගන්න උත්සාහ කළා. හෙමින් සැරේ බිම බලාගෙන ම මම ඉස්සරහට ඇඳුනේ කිසිම කෙනෙක් මාව අඳුරගන්න එපා කියලා ප්‍රාර්ථනා කරන ගමන් . උන සිද්දියත් එක්ක නිදහසේ ඇවිදින්න යන එක ඒතරම් නුවණට හුරු අදහසක් නෙවෙයි කියලා තේරුණු නිසා මම කෙලින්ම convenient store එක පැත්තට ගියේ .

හවස හය විතර වෙලා තිබුන නිසා වගේ ම අහසේ තිබුන මන්දාරම් ගතිය නිසා පරිසරයේ තිබුනේ අඳුරු බවක්. වීදී ලාම්පුවලින්, වාහනවල headlight වලින් ඒ අඳුර යම් තරමකට තුනී උනත්, අඳුර මගේ හිතට ගෙනාවේ අස්වැසිල්ලක්.

Instant noodles , snacks වගේ සුලු දේවල් කිහිපයක් උනත් මට ගන්න වුවමනා උනේ මම convenient store එක පුරාම ඇවිද්දේ හිස් මනසකින්. Store එකේ ඈතම කෙළවරේ තිබුන චොකලට් රාක්ක අතරට ආවට පස්සේ මම රඳවාගෙන හිටිය ලොකු හුස්මක් පිට කළා . දැන් convenient store එකෙන් එලියට ගියත් මම යන්නේ කොහෙටද ?? බය නැතුව  ආපහු අපාට්මන්ට් එකට යන්නේ කොහොමද ?? මම ඉන්න අපාට්මන්ට් complex එක media වල කෙනෙක් හොයාගත්තා කියන්නේ ඒ කෙනා මගේ අපාට්මන්ට් එක මොකද්ද කියලා හොයාගනියි . දැන් නොවුනත් ආපහු ආපහු ඒ කෙනා මාව හොයාගෙන එයි... මම දැන් මොකද කරන්නේ ???

බඩු ට්‍රොලිය පැත්තකට කරලා මම හෙමින් සැරේ රාක්කයකට හේත්තු වෙලා බිම වාඩි උනා. මගේ  හිතට දැනුනේ ලොකු අසරණකමක්.

මම දැන් මොකද කරන්නේ ?? මම වීදුරුවෙන් එහා පැත්තේ හැම පැත්තකට ඇදෙන වාහනවල එලි දිහා බලාගෙන හිටියා .

එකපාරටම ෆෝන් එක රිංග්ස් යනවා ඇහෙද්දී හිත ගැස්සුනේ ආපහු දන්නේ නැති නම්බර් එකකින් වෙන්නැති කියලා . ඒත් caller ID එක දැක්කාම හිතට දැනුනේ වචනවලින් කියාගන්න බැරි තරම් අස්වැසිල්ලක් .

"ටේ.... ටේහ්‍යුන්ගා ...... " මට ඉකිගැහුනේ හිතට දැනුන අසරණකම නිසාමයි.

"මින්හියා... නෝ..නෝ ක්වෙන්චනායෝ?? (Are you okay ???) " ටේහ්‍යුන්ගා අහද්දී මට තවත් ඉකි ගැහෙන්න ගත්තා .

"නා..නාදෝ මොල්ලායෝ ටේහ්‍යුන්ගා . නාදෝ මොල්ලායෝ.  (I don't know )" මම කිව්වේ හැඬුම් හඬ ඇහෙන්නේ නැති වෙන්න අතෙන් කට තදකරගෙන

"මින්හියා නෝ ඔදියේයෝ?? අපාට්මන්ට් එකේ නෙවෙයි ද??" ටේහ්‍යුන්ගා ඇහුවේ හරිම සන්සුන් විදියට . එයාගේ ගැඹුරු ඒත් සන්සුන් කටහඬ ඇහෙද්දී හිතට පොඩි සන්සුන්බවක් ඇති උනා වගේ මට දැනුනේ .

"ම..මම අපාට්මන්ට් එක ළඟ convenient store එකට ආවා.  නෝ ඔන්ජේ තොරවායෝ ටේහ්‍යුන්ගා (when will you come back ??) ??" මම ඇහුවේ බලාපොරොත්තු සහගතව .

"ඉක්මනින් ම..." ටේහ්‍යුන්ගා එහෙම කියලා කෝල් එක ඉවර කළේ මම බලාපොරොත්තු නොවුණු විදියට .

"ටේ..ටේහ්‍යුන්ගා ........." කෝල් එක ඉවර බව දැන දැනත් මම ආපහු ආපහු කතා කළේ ටේහ්‍යුන්ගාගේ කටහඬ එහාපැත්තෙන් ඇහෙයි කියලා බලාපොරොත්තුවෙන් .

"ටේ.. ටේහ්‍යුන්ගා .... " ෆෝන් එක පැත්තකට දාලා මම ඔලුව දණිස්දෙකට හේත්තු කරගත්තා .

ටිකවෙලාවක් යද්දී මගේ ඇඟට වැටුණු ලයිට් එලිය අවහිර උනේ හෙවණැල්ලකින්, මගේ දණිස් දෙක අතරින් පෙනුනේ මගේ දිහාවට යොමු වෙලා තිබුන කාගෙ හරි සපත්තු දෙකක් .

මම හෙමින් සැරේ ඔලුව ඉස්සුවේ ඇස්වල කඳුළු අතේ පිටපැත්තෙන් පිහදාන අතරේ.

ඒත් ඒ කෙනාගෙ මූණ දකිද්දී මගේ ඇස්වල තවත් කඳුළු පිරෙන්න ගත්තා.  මගේ ඉස්සරහා හිටගෙන හිටියේ ටේහ්‍යුන්ගා . එයා හති අරින ගමන් හිටියේ ගොඩක් දුර දුවලා වගේ.

"ටේහ්‍යුන්ගා" මම නැඟිටලා ටේහ්‍යුන්ගාව බදාගන්නවාට වඩා මට දැනුනේ මම එයාගේ තුරුල්ලට පැන්නා වගේ . ටේහ්‍යුන්ගාගේ උණුසුම් අත් අතර හුරුපුරුදු ආරක්ෂිත හැඟීම දැනෙද්දී මම තවත් හයියෙන් ඉකි ගගහා අඬන්න ගත්තා .

"ඉජෙ තා ක්වෙන්චනායෝ මින්හියා , තා ක්වෙන්චනායෝ ( Now everything is fine ) " ටේහ්‍යුන්ගා එහෙම කියන ගමන් හෙමින් සැරේ මගේ පිට අතගෑවා.

Taehyung's POV
තිබුන අඳුරු කාලගුණයත් එක්ක flight එක ටිකක් පරක්කු උනා. අන්තිමට අපි ඉන්චොන් airport එකට ගොඩබෑවේ හවස හතරහමාරට විතර . අන්තිමට Airport එකේ වැඩ ඔක්කොම ඉවර කරගෙන laguage චෙක් කරලා අරගෙන එලියට එද්දී හවස පහට කිට්ටුයි. Company එකේ වාහනේ ඒ වෙද්දිත් airport එකට ඇවිල්ලා.

"ටේහ්‍යුන්ග් ශී, දැන් company එකට යනවාද??" හෝසොක් හ්‍යුන්ග් ඇහුවේ driver අපේ බෑග් කාර් එකට  දාගන්න හදද්දී .

"නෑ හ්‍යුන්ග් . හ්‍යුන්ග්ට පුලුවන් නේද මේ documents company  මගේ ඔෆිස් එකේ සේප්පුවෙන් තියන්න . මම එන්න කලින් අප්පාට කිව්වා අපි අද agreement sign කළා , අපි හවස එනවා කියලා . මම රෑ වෙලා ගෙදර ගිහින් වැඩිදුර විස්තර කියන්නම් ඒ ගැන . හ්‍යුන්ග්ට පුලුවන් නම් නම්ජුන් හ්‍යුන්ග්ට කියන්න . " මම කිව්වේ මගේ පොඩි traveling බෑග් එක අතට ගන්න ගමන් .

"එතකොට ටේහ්‍යුන්ග් ෂී දැන් යන්නේ ....."

"මම ඩ්‍රයිවර් අජස්සීට මගේ කාර් එක අරන් එන්න කිව්වා හ්‍යුන්ග් , අජස්සී ඇවිත් ඉන්නේ . හ්‍යුන්ග් company එකට ගිහින් එහෙම්ම ම හ්‍යුන්ග්ගේ අපාට්මන්ට් එකට යන්න . " මම එහෙම කියද්දී ම අජස්සී ආවේ මගේ බඩු ටික අරගෙන යන්න .

"අරස්සොයෝ ටේහ්‍යුන්ග් ෂී. මම එහෙනම් යන්නම්." හෝසොක් හ්‍යුන්ග් එහෙම කියලා company එකේ වාහනේට නැග්ගා. මම අජස්සී දිහාවට හැරුණා .

"තුරනිම්. "

"අජස්සී මේ බෑග් ටික ටැක්සි එකක් අරන් ගෙදර අරන් යන්න . මම කාර් එක අරන් යන්නම්. ඔම්මාට කියන්න මම රෑ වෙලා ගෙදර එන්නම් කියලා "

"නේ තුරන්නිම්" අජස්සී exit එක ළඟ තිබුන ටැක්සි එකකට මගේ බඩු ටික දාගත්තා . මම අජස්සීගෙන් මගේ කාර් එකේ යතුර ඉල්ලගෙන කාර් එකට නැග්ගා.
හිම වැටිලා තිබුන නිසා පාරේ ගමන් කරපු වාහනවල පවා තිබුනේ මන්දගාමී බවක්, අන්තිමට මම සෝල්වලට එද්දී හවස හයත් පහු වෙලා . හිම වගේ ම අහසේ මන්දාරම් ගතිය නිසා  පරිසරයේ ම තිබුනේ අඳු‍රු  බවක්

මම මින්හීගේ අපාට්මන්ට් එක කිට්ටුවට ගිහින් කාර් එක පාර අයිනේ නතර කරලා මින්හීට කෝල් එකක් ගත්තේ දැන්වත් ෆෝන් එක වැඩ කරන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් .

මින්හීගේ ෆෝන් එක රිංග්ස් යද්දී එකපාරටම ලොකු සැනසීමක් දැනුනේ .

"ටේ.... ටේහ්‍යුන්ගා ..." ඒත් ඒ සැනසීම ඇසිල්ලකින් නැති වෙලා ගියේ එහාපැත්තෙන් ඉකිබිඳීම් එක්ක ඇහුන මින්හීගේ කටහඬ නිසා.

"මින්හියා... නෝ..නෝ ක්වෙන්චනායෝ?? (Are you okay ???) " මම අහද්දී මින්හීගේ ඉකිබිඳීම් හඬ තවත් වැඩි උනා .

"නා..නාදෝ මොල්ලායෝ ටේහ්‍යුන්ගා . නාදෝ මොල්ලායෝ. " මින්හී කිව්වේ යන්තමට ඇහෙන නෑහෙන හඬකින් . එයා කොහෙද ඉන්නේ ?? අවටින් ඇහෙන සද්ද එක්ක නම් එයා ඉන්නේ අපාට්මන්ට් එකේ වෙන්න බෑ .

"මින්හියා නෝ ඔදියේයෝ?? අපාට්මන්ට් එකේ නෙවෙයි ද??" මම ඇහුවේ පුලුවන් තරම් සන්සුන් විදියට , හිත කොච්චර කලබල උනත් ඒක දැනෙන්නේ නැති විදියට මම මින්හීට කතා කළේ.

"ම..මම අපාට්මන්ට් එක ළඟ convenient store එකට ආවා.  නෝ ඔන්ජේ තොරවායෝ ටේහ්‍යුන්ගා (when will you come back ??) ??" මින්හී එයා ඉන්න තැන කියලා මම ආපහු එන දවස ඇහුවේ බලාපොරොත්තු සහගත විදියට .

"ඉක්මනින් ම.... " මම එහෙම කියලා කෝල් එක කට් කළේ කාර් එක ආපහු පාරට දාන අතරේ. මින්හීගේ අපාට්මන්ට් එක අවට පාරවල් යම් තරමකට හුරුපුරුදු නිසා විනාඩි පහකින් විතර මට එයාගේ අපාට්මන්ට් එකට ළඟ ම convenient store එක ළඟට යන්න පුලුවන් උනා. කාර් එක යන්තමට පාර්ක් එකට දාලා මම අඩියට දෙකට ඇතුළත දිව්වා .

පේන තෙක් මානෙක මින්හී පේන්න හිටියේ නැති නිසා මම රාක්ක අතරෙත් බලන්න ගත්තා. අන්තිමට මම ඈතම කෙළවරේ තිබුන sweets තිබුන රාක්ක අතර එයාව බලන්න ගත්තේ නැත්නම් ඊළඟ convenient store එකට යන්න හිතාගෙන .

ආපහු හැරෙන්න හදද්දී එකපාරටම මාව හිටිය
තැන ම නතර උනා. චොකලට් රාක්කයකට හේත්තු වෙලා බිම වාඩිවෙලා ඔලුවත් නමාගෙන ඉන්නේ ... ඔව් ඒ එයා. මම හෙමින් සැරේ මින්හී දිහාවට ගිහින් එයාගේ ඉස්සරහින් හිටගත්තා. එයාගේ දිහාවට වැටුණු ලයිට් එලිය අවහිර වෙද්දී මගේ හෙවණැල්ල එයාගේ ඇඟට වැටුනේ. මින්හී හෙමින් සැරේ ඔලුව ඉස්සුවේ එයාටත් ඒ වෙනස දැනුන නිසා වෙන්නැති .

"ටේහ්‍යුන්ගා" මින්හී මගේ තුරුල්ලට පැන්නේ ඇසිල්ලකින් , ඒත් එයාගේ ඇස්වලින් තවත් කඳුළු ගලන්න ගත්තා .

"ඉජෙ තා ක්වෙන්චනායෝ මින්හියා , තා ක්වෙන්චනායෝ" මම මින්හීව තුරුල් කරගෙන එහෙම කියන ගමන් ම හෙමින් සැරේ එයාගේ පිට පිරිමදින්න ගත්තේ එයාව සන්සුන් කරන්න හිතාගෙන .
.
.
.
.
"මින්හියා" මම කාර් එකෙන් බැහැලා එයාගේ පැත්තේ දොර ඇරලා මින්හීගේ උරහිසට තට්ටුවක් දැම්මා .

"ම්ම්.." එයා හොඳටම නිදි වගේ .

"මම පරෙස්සමින් seat belt එක ගලවලා හෙමින් සැරේ මගේ එක අතක් එයාගේ දණහිස් යටින් යවලා , අනිත් අත එයාලා උරහිස් යටින් යවලා මින්හීව මගේ අත්දෙකට ගත්තා.

ටිකක් අමාරුවෙන් උනත් ලිෆ්ට් එකේ දොර ඇරගෙන මම ලිෆ්ට් එක ඇතුළට ගියා. මින්හී මගේ උරහිසට ඔලුව හේත්තු කරගෙන තදනින්දේ.

Convenient store එකේදී ටික වෙලාවක් එයාව තුරුල් කරගෙන ඉන්නකොට එයා සන්සුන් උනා.ඒත් කිසිම දෙයක් අහනවා වෙනුවට මම එයා අරන් තිබුන දේවල් වලට සල්ලි ගෙවලා එයාව කාර් එකට එක්කරගෙන ආවා.

"අපි මගේ අපාට්මන්ට් එකට යමු. " මම එහෙම කියද්දී මින්හී ඔලුව වනලා එකඟ උනේ වෙන කිසිම දෙයක් නොකියා .

මින්හී මුලින්ම එලියේ හිම වැටෙන දිහා, අඳුර කපාගෙන ඉදිරියට ඇදෙන වාහනවල ආලෝක කදම්භ දිහා  බලාගෙන හිටියා . ටික වෙලාවකින් එයාගේ ඇස් පියවුණේ ඉබේටම . එයාගේ මූණේ තිබුනෙත් විඩාබර ගතියක් .  ඒත් මින්හීට නින්ද ගියේ ඇඟට දැනුන මහන්සියට වඩා එයාට අද මුහුණ දෙන්න උන දේවල් නිසා මානසික ව දැනුන විඩාබර ගතිය නිසා කියලා මට හිතුනෙ . එයා ඉස්සෙල්ලා කතා කරපු වෙලාවෙත් එයා හුඟක් හැඟීම්බර වෙලා හිටියේ .

මින්හීව ඇහැරෙන්නේ නැති වෙන්න මගේ ඇඳෙන් තියලා මම හෙමින් සැරේ එයාගේ කබාය ඉවත් කරලා එයාව පොරෝනාවකින් ආවරණය කරා. මම ආපහු හැරෙද්දිම මගේ සාක්කුවේ තිබුන මින්හීගේ ෆෝන් එක රිංග්ස් යන්න ගත්තා. කෝල් එක කට් කරන්න හිතුවත් ස්ක්‍රීන් එකේ වැටුන නම දැකපු නිසා මම විසිත්ත කාමරයට ඇවිත් කෝල් එක ගත්තා.

"නූ..නූනා .... " ජන්ග්කුක් කතා කළේ හරිම කලබලයෙන් වගේ

"ජන්ග්කුක්...."

"හ්‍යු...හ්‍යුන්ග්..... නූ....නූනා ....." ජන්ග්කුකා ඇහුවේ පුදුම වෙලා වගේ .

"මින්හියාට නින්ද ගියා ජන්ග්කුකා ." මම එහෙම කිව්වට පස්සේ ටික වෙලාවක් යනකල් අපි අතර තිබුනේ නිහඬතාවයක්.

"හ්‍යුන්ග්...... නූ...නූනා හොඳින් නේද ????" ජන්ග්කුකා ටික වෙලාවකින් ඇහුවත් එයාගේ කටහඬේ තිබුනේ පැකිළීමක් . ජන්ග්කුක්ට දෙන්න ඕන උත්තරයක් මටත් හිතාගන්න බැරි උනා.

"නාදෝ මොල්ලායෝ ජන්ග්කුකා . " මම කිව්වේ මගේ  නළල අතගාන ගමන්.

"හ්‍යුන්ග් දැන් කොහෙද ඉන්නේ ?? හ්‍යුන්ග් ආපහු ආවේ කවද්ද??"

"මම අද හවස ආවේ ජන්ග්කුකා , මින්හීට කෝල් කළාම එයා හිටියේ convenient store එකක . මම දන්නේ නෑ මොකද්ද උනේ කියලා , ඒත් එයා හොඳින් කියලා නම් මට හිතෙන්නේ නෑ . "

"හ්‍යුන්ග් ඒ... ඒ...  article එක ගැන ... ම...මම දන්නේ නෑ ඇත්තටම කොහොමද එහෙම දෙයක් උනේ කියලා , හ්‍යුන්ග් ....මම .... නූනා ...." ජන්ග්කුක් හිටියේ ගොඩක් අප්සෙට් වෙලා කියලා එයාට වචන පැටලෙන විදිහෙන් මට තේරුනා .

"ජන්ග්කුක්..." මම කිව්වේ ටිකක් තදින් .

"හ්‍යුන්ග්"

"මම මේ කිසිම දේකට ඔයාට වැරැද්දක් කියන්නේ නෑ . ඔයාලා දෙන්නාගේ කිසිම වැරැද්දක් නෑ . "

"ඒත් ඒත් හ්‍යුන්ග් මට මෙහෙම දෙයක් උනාට මට කමක් නෑ , ඒත් නූනා , නූනට කොහොම දැනෙනවද කියලා මට හිතාගන්න බෑ . මේක වෙන්න ඕන දෙයක් නෙවෙයි . අපි දැනටමත් ඒ article එක අයින් කළා, ඒත් වෙන්න පුලුවන් හානිය දැනටමත් වෙලා ඉවරයි " ජන්ග්කුකා කිව්වේ පරාජිත හඬකින් .

"Article එක අයින් කරපු එක හොඳයි. මින්හී ඇහැරුනාට පස්සේ එයා එක්ක කතා කරලා තමයි මොකද්ද උනේ කියලා අහගන්න පුලුවන් වෙන්නේ . ඒත් මේ සිද්ධිය ගැන තව ටිකක් හොයලා බලන එක හොඳයි කියලා මට හිතෙනවා . " එහෙම කියන අතරේ මම ටැබ් එකෙන් article එක තිබුන website එකට ගියේ ඒක අයින් කරලා කියලා තහවුරු කරගන්න .

"හ්‍යුන්ග් යුන්ගී හ්‍යුන්ග්ව දන්නවා නේද ?? මම යුන්ගී හ්‍යුන්ග්ට කිව්වා මේ ගැන හොයලා බලන්න කියලා . "

"යුන්ගී කියන්නේ මින් යුන්ගී ශී නේද ? "

"ඔව් යුන්ගී හ්‍යුන්ග් කියන්නේ මගේ cousin කෙනෙක් , හ්‍යුන්ග් මේ ගැන හොයලා බලයි. හ්‍යුන්ග් මම හෙට උදේ නූනව බලන්න ආවට කමක් නෑ නේද ?? මට හ්‍යුන්ග්ගේ address එක එවන්න පුලුවන් ද?? " ජන්ග්කුක් අන්තිම ප්‍රශ්නේ අහපු විදියට නම් මට හිනායන්නත් ආවා.

"මම adress එක එවන්නම්"

"ගුමාවොයො හ්‍යුන්ග් " ජන්ග්කුක් එහෙම කියලා කෝල් එක කට් කළා.

එයා කිව්ව විදියට ම website එකෙන් article එක අයින් කරලා . ඒත් ජන්ග්කුක් කිව්ව විදියට ම වෙන්න ඕන හානිය දැනටමත් වෙලා ඉවරයි .

මින්හියා තාමත් හිටියේ තද නින්දක කියලා එයා නිදාගෙන හිටිය විදියෙන් ම තේරුනා . කරන්න දෙයක් නැති නිසා මම වොෂ් එකක් දාගෙන ගෙදරට අඳින සැහැල්ලු ඇඳුමක් දාගෙන kitchen එකට ගියේ අපිට රෑට කන්න මොනාහරි හදන්න .

ඔම්මා , මින්හී දෙන්නම මට kitchen එකෙන් වැඩක් ගන්නේ නෑ කියලා බැන්නත් අන්තිමට කොහොම හරි අපි දෙන්නට රෑ කෑමට chicken sandwich , egg sandwich  හදාගන්න පුලුවන් උනා . මින්හී ඇහැරියට පස්සේ බොන්න hot chocolate දෙකක් හදනවා කියලා හිතාගෙන මම ආපහු විසිත්ත කාමරයට ගියා.

ඔෆිස් රූම් එකේ තිබුන ලැප් එක අරගෙන මම ආපහු නිදන කාමරේ තිබුන පොඩි මේසයට ගියා . ARC එකේ blood hunters ගේම් එකෙන් පස්සේ ඊළඟ game එකේ මූලික වැඩ අපි පටන් අරන් තිබුනේ . ජින්‍යොන් එවලා තිබුන email ටික බැලුවට පස්සේ මම game එකේ graphic design පටන් ගත්තා.

පැයකට විතර පස්සේ මින්හී ඇඳේ ටිකක් එහෙට මෙහෙට හැරිලා එකපාරටම ඇඳේ වාඩි උනේ  කලබලයෙන් වගේ  . මම ඉක්මනට කර කර හිටිය වැඩේ නවත්තලා ඇඳ ළඟට ගියා.

"ටේහ්‍යුන්ගා...." මාව දැක්කට පස්සේ මින්හිගේ කලබල ගතිය අඩු උනා.

"ඉරොනස්සොයෝ?? චර් චායෝ?? (Did you get up?? Did you had a good sleep ??) " මම ඇහුවේ ඇඳේ පැත්තකින් වාඩි වෙන ගමන් .

"ම.මම කොයි වෙලාවෙද නිදාගත්තේ?? "

"ඔයාට ආපහු එන අතරේ නින්ද ගියා, මට ඇහැරවන්න හිතුනෙත් නෑ " මම මින්හීගේ මූණට වැටිලා තිබුන කෙස් ටික පිටිපස්සට කළා.

"දැන් වෙලාව කීයද??? ද...දහයයි???? මම මෙච්චර වෙලා නිදාගත්තාද??" මගේ nightstand එක උඩ තිබුන ඔරලෝසුවේ වෙලාව දැකලා මින්හී මගේ දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන .

"ඒකෙන් ඔයාට ඕන විවේකය ලැබුණා. දැන් තවත් නිදිමත නැත්නම් sandwich and hot chocolate බීම එකක් හොඳයිද බඩගින්න නැති වෙන්න ???"

"හහ්???"

"ගිහිල්ලා මූණ හෝඳගෙන , වොෂ් එකක් දානවා නම් දාගෙන , guest room එකේ closet එකෙන් ඔයාට පහසු ඇඳුමක් ගන්න . මම පහළට ගිහින් කෑම මේසේ arrange කරන්නම්. " මම එහෙම කියලා මින්හීගේ ඔලුව අතගාලා ඇඳෙන් නැඟිටලා එලියට ආවා.

මම kitchen එකට ගිහින් sandwich ටික රත් වෙන්න microwave එකට දාලා අපි දෙන්නට hot chocolate දෙකක් හැදුවා. Oven එකේ බෙල් එක වැදුනට පස්සේ මම sandwich ටික අරගෙන plate එකක අහුරලා ඒකයි, චොකලට් බීම දෙකයි dinning table එකෙන් තිබ්බා .

ඒත් එක්කම යන්තමට ඇහුනේ මින්හීගේ අඩි සද්දේ.

Min Hee's POV
ටේහ්‍යුන්ගා කාමරයෙන් ගියාට පස්සේ මම ටික වෙලාවක් ඇඳේ ඒ විදියට ම හිටියා . ඊට පස්සේ මම හෙමින් සැරේ ගිහින් වොෂ් එකක් දාගත්තා . හිතේ බර යම් තරමකට අඩු වෙලා තිබුණත් ඇත්තටම තවමත් හිතට දැනුනේ ලොකු බරක්. Article එක, ජන්ග්කුකා, JC එක , ටේහ්‍යුන්ගා , එයාගේ ප්‍රතිචාරය මොන වගේ වෙයිද .... මේ හැමදේම ආපහු ආපහු මගේ හිතේ හොල්මන් කරනවා වගේ දැනෙන්නේ .

ටේහ්‍යුන්ගා කිව්ව විදියට මම හිතුවෙ guest room එකේ  closet එකෙන් එයාගේ ඇඳුමක් ගන්න කිව්වා කියලා . ඒත් closet එක පිරෙන්න තිබුන ගෑණු ලමයින්ගේ ඇඳුම් දැක්කාම මගේ ඇස් උඩ ගියා. ඒ ඔක්කොම tags වත් අයින් කළේ නැති අලුත් ම ඇඳුම් . අන්තිමට මම සුදු පාට ටීෂර්ට් එකකුයි , දණිස්ස ගාවට කොට සැහැල්ලු කලිසමක් ඇදගත්තා. Ponytail එකක් දාලා තිබුන කොණ්ඩේ පීරලා මොකුත් නොකර නිකම්ම කඩාහැලෙන්න ඉතුරු කළා.

අන්තිමට මම පහළට ගියේ විනාඩි විස්සකට විතර පස්සේ . ටේහ්‍යුන්ගා sandwich plate එක, චොකලට් බීම වීදුරු දෙක මේසය උඩින් තියලා මගේ අඩි සද්දේ ඇහිලා මගේ පැත්තට හැරුණා .

ටේහ්‍යුන්ගා මට කෑම මේසයෙන් වාඩිවෙන්න කියලා අතින් සන් කලා උනත් එයාගේ ඇස් තවමත් යොමු වෙලා තිබුනේ මගේ දිහාවට . මම කෑම මේසයෙන් වාඩිවෙනවා වෙනුවට හෙමින් සැරේ ගිහින් ටේහ්‍යුන්ගාව බදාගත්තා, ඇත්තටම හැමදේකට ම කලින් මට ඕන උනේ ඒ උණුසුම , ඒ ආරක්ෂිත හැඟීම . ටේහ්‍යුන්ගා මොකුත් කියන්නේ නැතුව නිහඬව ම මාව වැළඳගත්තා.

"මින්හියා..."

"ම්ම්."

"දැන් හොඳ ළමයා වගේ කාලා ඉන්න , ඊට පස්සේ ඔයාට ඕන තරම් වෙලාවක් මේ විදියට ඉන්න පුලුවන් " ටේහ්‍යුන්ගා කිව්වේ හරි සන්සුන් විදියට .

"යක්සොක්???" මම ඇහුවේ මගේ සුළැඟිල්ල පෙන්නලා.

"යක්සොක්හේ. Pinky promise . " ටේහ්‍යුන්ගා හිනාවෙලා එහෙම කියලා එයාගේ සුළැඟිල්ල මගේ සුළැඟිල්ලට තියලා promise එක seal කලා.

අකමැත්තෙන් උනත් මම එයාගේ තුරුල්ලෙන් අයින් වෙලා කෑම මේසයේ පුටුවකින් වාඩි උනා. ටේහ්‍යුන්ගත් මට ඉස්සරහා පුටුවකින් වාඩි උනා.

කෑම කන අතරේ අපි අතර ඒ තරම් කතාබහක් තිබුනෙ ම නැති තරම් . කෑම හදන්න බෑ කියලා කිව්වත් ටේහ්‍යුන්ගා හදලා තිබුන sandwich ගොඩක් රසයි. Hot chocolate එක බොන අතරේ මගේ උඩු තොලේ චොකලට් ගෑවෙන හැම වතාවෙ ම ටේහ්‍යුන්ගා මගේ කට පිහදැම්මේ පොඩි එක්කෙනෙක්ගේ වගේ .

"මම මේ ටික අස් කරන්නම් " මම එහෙම කියලා හිස් පිඟන් , කෝප්ප ටික එකතු කරගෙන මේසයෙන් නැඟිටලා සින්ක් එකට අරන් ගියා. ඒත් පළවෙනි පිඟාන හෝදන්න හදද්දිම එකපාරටම ටේහ්‍යුන්ගා පිටිපස්සෙන් ඇවිත් මගේ ඉණ වටේට අත් දෙක රඳවාගත්තා.

"මම හිතුවෙ ඔයාට තවත් වෙලා මට තුරුල් වෙලා ඉන්න ඕන කිව්වා කියලා " ටේහ්‍යුන්ගා කිව්වේ එයාගේ හුස්ම මගේ බෙල්ලට වදින තරම් ළං වෙලා .

මම මොකුත් නොකියා ආපහු සින්ක් එකට හැරෙද්දි ටේහ්‍යුන්ගා හෙමින් සැරේ මගේ අතේ තිබුන පිඟාන අයින් කරලා මාව එයාගේ පැත්තට හරවගත්තා.

"ටේ...ටේහ්‍යුන්ගා ... පොඩ්ඩක් ඉ...ඉන්න .. " මම එහෙම කියද්දි ම එයා එකපාරටම මාව උස්සලා counter top එක උඩින් තිබ්බේ කිසි ගානක් නැතුව .

"යාහ්..." මම කෑහගද්දී එයා මොකුත් නොකියා මගේ ඇස් දිහා බලාගෙන හිටියා . එයාගේ අත් counter top එකෙන් තියාගෙන හිටියේ මාව අත්දෙකට  මැදි වෙන විදියට .

"නෝ චින්චා ක්වෙන්චනායෝ ???" ටේහ්‍යුන්ගා ටික වෙලාවකට පස්සේ එහෙම අහද්දී මම මොකුත් කියන්නේ නැතුව බිම බලාගත්තා .

'ඇත්තට ම මම හොඳින් ද???' මම මගෙන් ම අහගත්තා.

"මින්හියා..." ටේහ්‍යුන්ගා මගේ කම්මුලකට අත තියලා මගේ මූණ ඉස්සුවේ අපේ ඇස් ආපහු එකට ගැටෙන විදියට . එයාගේ ඇස්වල තිබුන හැඟීම් මට තේරුම් ගන්න අමාරු උනා.

"ඒ... ඒ... rumor එක ගැන ඔයාට කේන්ති ගියේ නැද්ද ?? ම..මම ගැන ???" මම උත්තර දෙනවා වෙනුවට එයාගෙන් ඇහුවා . එයා ටිකක් වෙලා නිහඬව මගේ දිහා බලාගෙන හිටියා .

"ඒක ඔයාගේවත් ජන්ග්කුක්ගෙවත් වැරැද්දක් නෙවෙයි , මම ඒක එයාටත් කිව්වා , ඔයාටත් කියනවා. ඒත් ඒ article එක හැර තව මොනවාද සිද්ද උනේ?? ඔයා මේ තරම් අවුලෙන් ඉන්න  මම දන්නවා තව මොනවා හරි උනා කියලා " ටේහ්‍යුන්ගා ඇහුවේ සන්සුන් විදියට උනත් එයාගේ කටහඬේ දැඩි බවකුත් තැවරිලා තිබුනා .

"ඊයේ උදේ ජන්ග්කුකා කෝල් කරලා කිව්වා දන්නේ නැති කෙනෙක් කෝල් කළොත් හරි මාව අපාට්මන්ට් එකට හොයාගෙන ආවොත් හරි ඒ කිසිම දේකට උත්තර දෙන්න එපා කියලා . ඒත් දවල් වෙලා කෝල් එකක් ආවා ......................................................" මම හවස convenient store එකට ගිය තැන වෙනකල් මම හැමදේම ටේහ්‍යුන්ගාට කිව්වා .

"මට ඇත්තටම හිතාගන්න බැරි උනා මොකද්ද කරන්න ඕන කියලා ටේහ්‍යුන්ගා . කොච්චර උත්සාහ කළත් උදේ ඉදන් ඔයාලා දෙන්නාගෙන් කිසිම කෙනෙක්ට කතා කරන්න බැරි උනා. මට ආපහු අපාට්මන්ට් එකට යන්නත් බය හිතුනා . ඔයා ආවේ නැත්නම් මම දන්නේ නෑ ඇත්තටම මං මොකද්ද කරන්නේ කියලාවත් " convenient store එකේදී ටේහ්‍යුන්ගා මගේ ඉස්සරහා ඉන්නකොට හිතට දැනුනේ කියාගන්න බැරි තරම් සැනසීමක් , ඇත්තටම ඒ වෙලාවේ එයා එතනට ආවේ නැත්නම් මම දන්නේ නෑ මම මොන වගේ දෙයක් කරයිද කියලාවත් .

"දැන් ඒ හැමදේම හරි, දැන් හොඳ ළමයා වගේ අඬන එක නතර කරන්නකෝ " ටේහ්‍යුන්ගා මටත් නොදැනීම මගේ කම්මුල්වල රැඳිලා තිබුන කඳුළු පිහදාලා දැම්මා .

"ඒත්.. ඒත්" මම කතා කරන්න හදද්දී ටේහ්‍යුන්ගා එකපාරටම මගේ දෙතොල් වලට සියුම් හාදුවක් පතිත කළේ මාව නිහඬ කරන්න වගේ .

"ඒ article එක website එකෙන් අයින් කරලා , ජන්ග්කුක් කිව්වා එයා ඒ ගැන බලනවා කියලා . තව මේ ප්‍රශ්නේ ගැන හොයලා බලනවා. ඒක නිසා දැන් ඒ ගැන හිතන්න එපා . " ටේහ්‍යුන්ගා අවධාරණාත්මක විදියට එහෙම කියද්දී මම පොඩි ළමයෙක් වගේ ඔලුව වැනුවා.

"දැන් කියන්න බලන්න ඔයාගෙ boyfriend නැතුව පාලුවක් දැනුනේ නැද්ද මේ දවස් දෙක තුනට ???" ටේහ්‍යුන්ගා ආපහු සැරයක් මගේ මූණට ළං උනේ සෙල්ලක්කාර හිනාවකුත් එක්ක .

JK's POV

"මම adress එක එවන්නම්"

"ගුමාවොයො හ්‍යුන්ග් " මම කෝල් එක ඉවර කරලා අප්පාගේ ඔෆිස් රූම් එකට ගියා.

"අප්පා.. මින්හී නූනා හොඳින් ඉන්නවා , එයාට ප්‍රශ්නයක් නෑ "

"ඒත් එයා තනියෙන් ඉන්න එක ඒතරම් ආරක්ෂාකාරී නෑ නේද අදල් ??" අප්පා ඇහුවේ කනස්සලු පෙනුමකින්.

"නෑ නූනා එයාගේ යාලුවෙක්ගේ ගෙදර ඉන්නේ , දැනට එයාට කිසිම ප්‍රශ්නයක් නෑ . " මම එහෙම කිව්වේ නූනා ටේහ්‍යුන්ග් හ්‍යුන්ග් එක්ක ඉන්නවා කියන්නේ ඇත්තටම එයාගේ ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නෑ කියන එක.

"එහෙනම් කමක් නෑ . යුන්ගීට පුලුවන් ඉක්මනට මේ ගැන හොයලා බලන්න කියන්න . ඒ වගේ ම පුතා මම අද ඔයාට කිව්ව හැමදෙයක් ම දන්නේ මම, ඔයාගෙ ඔම්මා , ඔයා විතරයි . ඒ රහස ඒ විදියට ම රැකගන්න"
අප්පා කිව්වේ වචනයක් ගානේ බර කරලා .

"ඒත් අප්පා එතකොට නූනා ...."

"එයාට ඒ දේවල් දැනගන්න තව කල් තියෙයි , ඔයා මෙච්චර කල් එයාව ආශ්‍රය කළා වගේ ම ආශ්‍රය කරන්න කිසිම දෙයක් දන්නේ නැති විදියට " අප්පා අවධාරණාත්මක විදියට කිව්වේ මට තව වචනයක්වත් කියන්න ඉඩ නොතියා.

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : අන්න්‍යොන්ග් චින්ගුදල් . හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා.
ඔන්න කතාවේ ඊළඟ කොටස, කියවලා බලන්න කොහොමද කියලා .

Yoongi ගෙ world tour එක, ජීමින් එයාට support කරන්න concert එකට ආව නිසා යුන්ගිට තවත් සතුටු ඇති. එයාලා හත්දෙනා ටික කාලෙකට උනත් තනි තනියෙන් ඉස්සරහට යනවා . ඒත් පුලුවන් ඉක්මනට මේ කාලය ගෙවිලා ගිහින් 2025 එනවා නම් ඇත්තටම ගොඩක් කැමතියි. මොකද එයාලා වැඩියෙන් ම දිලිසෙන්නේ තනි තරු විදියට නෙවෙයි හත්දින්නක් තරු පොකුර විදියට 🥺🥺🥺💜️💜️💜️💜️💜️💜️

සරන්ග්හේ චින්ගුදල් , බොරහේ ආර්මි . ඊළඟ කොටසින් ඉක්මනින් ම මුණගැහෙමු. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Bạn đang đọc truyện trên: AzTruyen.Top