Chapter 45
❤️ Rumor❤️
Taehyung's POV
අපි 24 වෙනිදා Japan වලට එද්දිත් රෑ වෙලා තිබුනේ , වාසනාවකට වගේ අපේ පළවෙනි meeting එක තිබුනේ 25 වෙනිදා උදේ. නම්ජුන් හ්‍යුන්ග් කලින් ටොමෝ සන් ශී එක්ක මේ ගැන කතා කරලා තිබුන නිසා ප්‍රොජෙක්ට් එක ඉස්සරහට කරගෙන යන්න එයාලාව එකඟ කරගන්න අපි හිතපු තරම් උත්සාහයක් දරන්න උනේ නෑ . හ්‍යුන්ග් වෙනුවට මම CEO තනතුර භාරගත්තා උනත් Kim cooperation එකේ ඉදිරි වැඩ පිළිවෙළ ඒ විදියට ම කරගෙන යනවා වගේ ම , අප්පාගේ අසනීප තත්ත්වය මේ කිසිම දේකට බලපාන්නේ නෑ කියලා එයාලාට ඒත්තු ගැන්නුවට පස්සේ සාකච්ඡාවේ ඉදිරි ගමන ගොඩක් වේගවත් උනා. ඒ නිසා ම 26 වෙනිදා උදේ වෙද්දී අපිට එකඟතාවයකට එන්න ලේසි උනා
"හ්‍යුන්ග් දැන් අපිට Japan වල කරන්න තිබුන වැඩ ඔක්කොම ඉවරයි. Agreement sign කරලා ඉවර නිසා මම හිතන්නේ අපිට ආපහු යන්න පුලුවන් . එහෙම නේද ? ." මම හොටෙල් රූම් එකට එන අතරෙම හෝසොක් හ්‍යුන්ග්ට කිව්වා .
ටොමෝ එකේ හෙජන්නිම් ටොමෝ සන් එක්ක අන්තිම meeting එක ඉවර වෙලා , ආපහු අලුතෙන් ඇති කරගත්ත එකඟතාවලට අපි 26 වෙනිදා උදේ ගිවිසුම් අත්සන් කළා. ඊළඟ වැඩ කොටස පටන් ගන්නේ කොරියාවේ construction site එකේ නිසා අපි තවත් ජපානයේ නතර වෙලා ඉන්න එකේ තේරුමක් නෑ .
"මම දැනටමත් ආපහු යන්න Flight එකක ආසන වෙනකරවාගෙන තියෙන්නේ ටේහ්‍යුන්ග් ශී, අපිට flight එක තියෙන්නේ දවල් දෙකට. " හෝසොක් හ්‍යුන්ග් එයාගේ ෆෝන් එක දිහා බලලා කිව්වේ.
"දැන් මේ project එකේ වැඩ කොරියාවේ පටන් ගන්න තියෙන්නේ . අලුත් agreement වල ලොකු වෙනසක් නොවුණු නිසා construction කලින් සැලසුම් කරපු විදියට ම කරන්න පුලුවන් , දැන් මෙහේ කරන්න තිබුන වැඩ ඉවර නිසා ආපහු යන්න පුලුවන් . හෙට දවස ඇතුළත ජන්ග්කුක් ශී එක්ක බුසාන් යන්න සැලසුම් කරගන්න හ්‍යුන්ග්ට පුලුවන් වෙයිද ?. හ්‍යුන්ග්ට ඒ ගැන පොඩ්ඩක් ජන්ග්කුක් ශීගේ secretary එක්ක කතා කරලා බලන්න පුලුවන් ද?"
"හ්‍යුන්ග්" හෝසොක් හ්‍යුන්ග්ගෙන් ප්‍රතිචාරයක් නොතිබුණ නිසාම මම ආපහු සැරයක් හ්‍යුන්ග්ට කතා කළා.
"ම්...ම්වෝ???" හෝසොක් හ්‍යුන්ග් එකපාරටම ගැස්සිලා වගේ ෆෝන් එකෙන් ඔලුව උස්සලා මගේ දිහා බැලුවා .
"හ්‍යුන්ග්.. මම කිව්වේ ජන්ග්කුක් ශීගේ secretary එක්ක බුසාන් යන එක ගැන කතා කරගන්න කියලා " මම කිව්වේ වචන ටිකක් බර කරලා
"ඕ... නේ.. තෙප්‍යෝනිම්..." හෝසොක් හ්‍යුන්ග් එහෙම කියාගෙන ම මම කතා කරලා ඉවර වෙන්නත් කලින් එලියට ගියා, ගියාට වඩා දිව්වා වගේ .
'හ්‍යුන්ග්ට මොකද උනේ??' මම එහෙම හිතන ගමන් ම ෆෝන් එක අතට ගත්තේ මින්හීට කතා කරන්න .
"The number you're trying to reach is currently unavailable , please leave a voice message . " කිහිප වතාවක් උත්සාහ කළත් ලැබුනේ එකම උත්තරයක් නිසා මම අන්තිමට මින්හීට පහුවෙලා කතා කරනවා කියලා හිතාගෙන මම අලුත් ප්‍රොජෙක්ට් එකේ document එකක් බලන්න ගත්තේ airport එකට යන්න කලින් ඒක බලලා ඉවර කරනවා කියලා හිතාගෙන .
අපි Japan වලට ආපු දවසේ රෑ වෙලා මින්හී එක්ක නිදහසේ කතා කරත්, ඊයේ උදේ ඉදන් meeting එක්ක කාර්‍යබහුල උන නිසා මින්හීට කතා කරන්න උනේ නෑ . එයාටත් Financial department එකේ වැඩ ගොඩක් තිබුන නිසා අපි අතර කතාබහ මේ දවස් දෙකට කෙටි පණිවිඩ වලට සීමා උනා.
පැයකට විතර පස්සේ document එක බලලා ඉවර උන නිසා මම ඔක්කොම ලිපිගොණු ටික එකට තියලා නැඟිට්ටේ ඉතුරු වෙලා තිබුන පැයක් විතර කාලේ ඇතුළත පොඩි විවේකයක් ගන්නවා කියලා හිතාගෙන . ෆෝන් එකත් අරගෙන මින්හීට ආපහු සැරයක් කෝල් එකක් ගන්න හදනකොට ම කෝල් එකක් ආවේ අප්පාගෙන්.
"යොබුසෙයෝ. අප්පා..."
"ටේහ්‍යුන්ගා.... ඔයා මීටින් එකක නෙවෙයි නේද හිටියේ?? "
"අනියේයෝ අප්පා , මම දැන් ටිකකට කලින් ටොමෝ සන් ශී එක්ක අන්තිම මීටින් එක ඉවර වෙලා ආවේ."
"ගැටලුවක් ඇති උනේ නෑ නේද අදල්??"
"අනී අප්පා ටිකක් කතාබහ කරද්දි ම ටොමෝ සන් ශී නම්ජුන් හ්‍යුන්ග් එක්ක එකඟ උන විදියට ම දිගටම ප්‍රොජෙක්ට් එක කරන්න කැමති උනා. අද අපි කලින් සාකච්ඡා කරලා තිබුන කොන්දේසි , එකඟතා ඔක්කොම සලකලා හදපු agreement එකකට අත්සන් කළා." මම අප්පාට කිව්වා.
"එහෙනම් ඔයාලාට ඉක්මනින් ආපහු එන්න පුලුවන් නේද ?? ඔයා ගිය වැඩේ වැදගත් කියලා දන්නවා උනත් ඔම්මා බලාගෙන ඉන්නේ ඔයා ඉක්මනට ගෙදර එනකල් ටේහ්‍යුන්ගා " අප්පා කිව්වේ කටහඬ ටිකක් වෙනස් කරලා , මම හිතන්නේ ඔම්මාටත් ඇහෙන්න අප්පා ඒක කිව්වේ .
"නේ අප්පා , Japan වල වැඩ ඔක්කොම දැන් ඉවරයි , හෝසොක් හ්‍යුන්ග් හවස flight එකකට ටිකට් බුක් කරලා , මට රෑ වෙද්දී ආපහු කොරියාවට එන්න පුලුවන් . ඔම්මාටත් කියන්න මම ඉක්මනට එනවා කියලා . " ආපහු එන එක ගැන කතා කරලා ටික වෙලාවකින් අපි කෝල් එක අවසන් කළා.
ආපහු සැරයක් මින්හීට කෝල් කළත් දිගටම එයාගේ ෆෝන් එක විසන්ධි වෙලා තියෙන්නේ ඇයි කියලා මට හිතාගන්න බැරි උනා. අන්තිමට මම ඇඳට ගියේ Airport එකට යන්න ලෑස්ති වෙන්න කලින් පොඩි විවේකයක් ගන්න බලාපොරොත්තුවෙන් .
.
.
.
කෙටි විවේකයක් ගන්නවා කියලා හිතුවත් මට නින්ද ගිහින් තිබුන නිසා අන්තිමට කලබලෙන් airport එකට එන්න පිටත් වෙන්න සිද්ද උනේ . ඒ එන අතරතුර ආපහු සැරයක් මින්හීට කෝල් කළත් ප්‍රතිචාරයක් නොතිබුණ නිසා අන්තිමට ජන්ග්කුක්ට කෝල් කරන්න තීරණය කලා, ඒත් එයාගේ ෆෝන් එකත් වැඩ කරන්නේ නෑ .
Airport එකේ රැඳිලා ඉන්න අතරෙත් මගේ හිත මේ නිසා ම නොසන්සුන් වෙලා තිබුනේ . එකපාරටම ෆෝන් එක රිංග්ස් යනවා ඇහෙද්දී මම මින්හී කියලා හිතුව නිසා පුලුවන් ඉක්මනට කෝල් එකට උත්තර දෙන්න ෆෝන් එක අතට ගත්තා, ඒත් caller ID එක තිබුනේ මින්හීගේ නම නෙවෙයි .
"ඕ. ජීමිනා.. "
"ටේහ්‍යුන්ගා ඔයා තාමත් Japan වලද ඉන්නේ ??" ජීමින් ඇහුවේ මම කතාකරලා ඉවර වෙන්නත් කලින් .
"ඔව්.. ඒත් දැන් අපි ආපහු එන්න airport එකේ ඉන්නේ. වෙයෝ?? (Why??) " මම ඇහුවේ අත් ඔරලෝසුවේ වෙලාව බලන ගමන් .
" මම නිකන් ඇහුවේ ... ඔයා අද මින්හීට කෝල් කළාද ටේහ්‍යුන්ගා ??" ජීමින් ඇහුවේ පැකිළීමක් එක්ක
"මින්හීගේ ෆෝන් එක උදේ ඉඳන් වැඩ නෑ ජීමිනා , අන්තිමට මම ජන්ග්කුක්ට ගත්තා, ඒත් එයාගේ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ . හිතටත් නිකන් අමුත්තක් දැනෙන්නේ , ඒත් දැන් සෝල්වලට ආවට පස්සේ මින්හීගේ අපාට්මන්ට් එකට යනවා කියලා මම හිතාගත්තා. "
"අරස්සෝ , ඉක්මනට ආපහු එන්න ඊට පස්සේ අපි බලමු මොකද කරන්නේ කියලා . " ජීමිනා කිව්වේ ටික වෙලාවක නිහඬතාවයකට පස්සේ .
"ජීමිනා...."
"හ්ම්.."
"ඔයා මට නොකියන මොනාහරි දෙයක් තියෙයි ද??" මම ඇහුවේ ජීමිනාගේ කටහඬේ පොඩි වෙනසක් දැනුන නිසා
"අනී ටේහ්‍යුන්ගා එහෙම නෙවෙයි ...."
"මොකද්ද සිද්ද උනේ ?? මින්හීට මොකක් හරි සිද්ද වෙලාද?? " මම ඇහුවේ ටිකක් උස් හඬින් නිසාම හෝසොක් හ්‍යුන්ග් මගේ දිහා හැරියා බැලුවා .
"අනියා ටේහ්‍යුන්ගා මොකුත් වෙලා නෑ , පොඩි rumor එකක් විතරයි . ඔයාට ආපහු ආවට පස්සේ ඉක්මනින් ම ඒ ගැන දැනගන්න පුලුවන් වෙයි, අපි ආවට පස්සේ කතා කරමු. " ජීමිනා මම මොකුත් කියන්න කලින් කෝල් එක කට් කළා.
'Rumor එකක්?? ඒත් එහෙම දෙයක් මින්හීට බලපාන්නේ කොහොමද ?? ' මින්හීට කෝල් කරන්න උත්සාහ කරපු වෙලාවල්වල එයාගේ ෆෝන් එක වැඩ කළේ නැති නිසා මම ආපහු ෆෝන් එක වැඩිය බලන්න ගියෙන් නෑ . එහෙම හිතන ගමන් ම මම අප්පා අසනීප උන වෙලාවේ බොරු article දාලා තිබුන gossip හොයන website එකකට ලොග් උනා.
ටිකක් වෙලා පහළට scroll කරද්දී තිබුන article එකක් දැකලා මාව තබ්බීරි උනා.
"ටේහ්‍යුන්ග් ශී අපේ flight එකට වෙලාව හරි, අපි යමු. " එකපාරටම හෝසොක් හ්‍යුන්ග් කියපු එක මට ඇහුනෙත් ටික වෙලාවකින් . මම ඒ article එක load වෙන්න දාලා දිගටම බලාගෙන හිටියේ උඩින් ම තිබුන ෆොටෝ එක දිහා .
"ටේහ්‍යුන්ග් ශී" හෝසොක් හ්‍යුන්ග් ටිකක් උස් හඬින් ආපහු සැරයක් මට කතා කළා.
"හ්‍යු..හ්‍යුන්ග්... හ්‍යුන්ග් මේක දැක්කාද?? " මම ඇහුවේ ෆෝන් එක හ්‍යුන්ග් පැත්තට හරවන ගමන්.
"ටේහ්‍යුන්ගා.." හෝසොක් හ්‍යුන්ග්ගේ ඇස්වල මම දකින්න බලාපොරොත්තු උන පුදුමයට පත් උන පෙනුම දකින්න තිබුනේ නෑ . ඒ වෙනුවට හ්‍යුන්ග්ගේ මූණේ තිබුනේ ...
"සොල්මා.... හ්‍යුන්ග් මේ ගැන දැනගෙන හිටියද?? " මට එකපාරටම මතක් උනේ උදේ meeting එක ඉවර වෙලා hotel එකට ආවට පස්සේ මම හ්‍යුන්ග්ට කතා කරද්දිත් හ්‍යුන්ග් ෆෝන් එක දිහා බලාගෙන හිටිය හැටි , මම කතා කරලා ඉවර වෙන්නත් කලින් හ්‍යුන්ග් මගේ කාමරයෙන් එලියට ගිය හැටි.
"හෝසොක් හ්‍යුන්ග්..."
"ඔව් මම article එක දැක්කා, ඒත් මෙහෙ ඉඳගෙන ඔයාට ඒ ගැන කරන්න දෙයක් නෑ ටේහ්‍යුන්ගා , ඒ වගේ ම ඔයා කලබල වෙලා වැඩකුත් නෑ , ඒ නිසා තමයි මම ඔයාට එකපාරටම කිව්වේ නැත්තේ. දැන් එන්න , නැත්නම් අපිට flight එක miss වෙයි"
හ්‍යුන්ග් එහෙම කිව්වත් plane එකට්ස් නැඟලා ෆෝන් එක ඕෆ් කරනකල් මගේ හිතේ ආපහු ආපහු රැව්පිළිරැව් දුන්නේ අර article එකේ headline එක
'JC newly appointed CEO Jeon Jungkook celebrating Christmas day with his girlfriend at a Five star hotel at Seoul . '
ඒත් එක්කම තිබුනේ මින්හී , ජන්ග්කුක් දෙන්නා restaurant එකක එකට ඉන්න ෆොටෝ එකක්.
Jungkook's POV
"ඔව් මේ ෆොටෝ එක මොකද්ද කියලා තමයි මම ඇහුවේ....." අප්පා කෙලින්ම අත දික්කලේ tab එකේ තිබුන ෆොටෝ එකට.
ඒකේ තිබුනේ ඊයේ හවස මම මින්හී නූනා එක්ක restaurant එකට ගිය වෙලාවේ අපි දෙන්නාගේ ෆොටෝ එකක්. ඒකේ headline එක විදියට තිබුනේ ....
JC newly appointed CEO Jeon Jungkook celebrating Christmas day with his girlfriend at a Five star hotel at Seoul . '
"මෙ...මේක ..." මට ඉබේටම වචන ගොතගැහුනා, ඒත් එක්කම මගේ ඇස් යොමු උනේ පත්තරේ මුල් පිටුවට
'Celebrities and business tycoons celebrating Christmas evening ' ඒ headline එක යටතේ තිබුන ෆොටෝ අතරෙත් නූනාගෙයි , මගෙයි ෆොටෝ එක හොඳටම highlight කරලා තිබුනේ .
"අ...අප්පා... ඔම්මා .. මේක ඔයාලා හිතන විදිහේ දෙයක් නෙවෙයි . මම කියන්නේ ... මේ.. මේ ෆොටෝ එක...." මට වචන ගොතගැහුනේ ඉබේටම . Article එකටත් වඩා කවදාවත් දැකලා නැති තරමට අප්පා හොඳටම කේන්තියෙන් ඉන්න එක මට හිතාගන්න බැරි උනා.
"ඔව් මේ ෆොටෝ එක තමයි , කවුද ජන්ග්කුක් මේ ඔයත් එක්ක ඉන්නේ???" අප්පා ඇහුවේ කෙළින්ම ෆොටෝ එකේ නූනා දිහාට අත දික්කරලා.
"මේ.... මේ ඉන්නේ මින්හී නූනා , අප්පා එ.. එයා මගේ යාලුවෙක් විතරයි ..."
"මේ ඉන්නේ චෝයි මින්හී කියලා මම දන්නවා , ඒත් ඔයා එයාට ආදරේ කරනවා නම්, එයාව මැරි කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ අදහස අතෑරගන්න " අප්පා වචන පිට කළේ කේන්තියෙන් . මම උනේ මොකද්ද කියලා හිතාගන්නත් කලින් සද්දේ ඇහෙන්න කෑම මේසයෙන් නැඟිට්ට අප්පා එයාගේ office room එක පැත්තට ගියා .
අප්පාගේ සද්දෙට ඉබේටම පුටුවෙන් නැඟිට්ටුන මාව ආපහු ඉඳගන්නවාට වඩා පුටුවේ ඉන්දවුනා කිව්වොත් හරි .
"ජන්ග්කුකා... නෝ ක්වෙන්චනා???? " ඔම්මා හෙමින් සැරේ මගේ අතකින් අල්ලාගන්න ගමන් ඇහුවා. මම හෙමින් සැරේ ඔම්මා දිහා බැලුවේ නිහඬව ම.
"ඔම්මා ඇයි අප්පා ඒ තරම් කේන්තියකින් මට කෑගැහුවේ??? මම වැරැද්දක් කළාද???" මම ඔම්මාගෙන් ඇහුවේ ඇස්වල කඳුළු මතුවෙනවා දැනෙද්දී. මෙච්චර කාලෙකට මම කරපු කිසිම දේකට මට වචනෙකින්වත් තරවටු කරලා නැති අප්පා ඇයි අද මට මෙහෙම කෑගැහුවේ, හිතට ලොකු දුකක් දැනුනේ ඒ නිසාමයි .ඇත්තටම අප්පාට මොකද්ද උනේ කියලා මට හිතාගන්න බැරි උනා, මම නූනා එක්ක එකට ඉන්නවා දැකලා ඇයි අප්පාට මේ තරම් කේන්ති ගියේ??? අප්පාට කිසිම දෙයක් නිසා මේ තරම් කේන්ති ගිහින් ඉන්නවා මම දැකලා නෑ .
"අනී ජන්ග්කුකා අප්පාට කේන්ති ගියේ ඔයා දන්නේ නැති දේකට ... ඒත් ඔයත් එක්ක ඒ ඉන්න මින්හී නූනා කියන්නේ අර ඇක්සිඩන්ට් වෙලා ඉද්දී ඔයාට හම්බවුණ ගෑණු ළමයා නේද ??" ඔම්මා මගෙන් අන්තිම ප්‍රශ්නේ ඇහුවේ බලාපොරොත්තු සහගතව .
"ඔ... ඔම්මා කොහොමද දැනගත්තේ???" මට ඉබේටම කියවුනා .
"එහෙනම් මම හිතුවා හරි " ඔම්මා සුසුමක් හෙලුවේ හෙමින් සැරේ මගේ අත අතගාන අතරේ.
"ඔම්මා... ඇයි අප්පා ....."
"අප්පාගේ කේන්තිය අඩු වෙනකල් ඉන්න අදල් , ඊට පස්සේ අප්පා එක්ක කතා කරන්න ." ඔම්මා කිව්වේ මම බලාපොරොත්තු නොවුණු තරම් සන්සුන් ව.
"ඔම්මා හේතුව දන්නවාද???" මම අහද්දී ඔම්මා මොකුත් නොකියා මගේ දිහා බලලා යන්තමට හිනාවුණා.
"ඔම්මා ඇයි අප්පා මින්හී නූනට අකමැති ??" මම ඇහුවේ කොහොම හරි ඔම්මාගෙන් උත්තරයක් ගන්න හිතාගෙන .
"ඊට කලින් කියන්න ඇත්තටම ඔයාලා අතර සම්බන්ධයක් නෑ නේද ?? ඔයාලා යාලුවෝ විතරයි නේද ??" ඔම්මා ඒ සැරේ නම් ඇහුවේ ටිකක් බැරෑරුම් විදියට .
"ඇ..ඇයි ඔම්මත් එහෙම අහන්නේ???"
"පුතා අපි ඔයා ගැන හොඳටම දන්නවා , ඔයා සාමාන්‍යයෙන් ගෑණු ළමයි ආශ්‍රය කරන්න බයයි , ඒක මම හොඳටම දන්නවා . ඒත් ඇත්තටම මේ ගෑණුළමයා ගැන ඔයාගෙ හිතේ අදහසක් තියෙනවා නම් ඒක අතෑරගන්න , ඒක කවදාවත් සිද්ද වෙන්නේ නෑ , හේතුව ඔයා පස්සේ දැනගනියි. ඔයාගෙ හිත රිඳවන්න ඕන නැති නිසා තමයි ඔම්මා දැන්මම ඒක කිව්වේ . " ඔම්මා කිව්වේ අවධාරණාත්මක විදියට .
"ඔම්මා... ඔයා මාව තවත් අවුල් කරනවා " මම කිව්වේ ඇත්තටම මොකුත් හිතාගන්න බැරුව .
"අප්පා ඔයාගෙ හැම ප්‍රශ්නෙකට ම උත්තර දෙයි පුතා. ඔයාලා අතර සම්බන්ධයක් නැත්නම් ඒ උත්තර ඔයාට සතුටු වෙන්න හේතුවක් වෙයි. " ඔම්මා එහෙම කියලා මගේ උරහිසට තට්ටුවක් දාලා මට කෑම බෙදන්න ගත්තා .
උදේ ඉදන් සිද්ද උන හැමදේම පැටලුණු නූල් බෝලයක් වගේ , කෑම කාලා ඉවර උනාට පස්සේ මම කාමරේට ගිහින් අප්පා උදේ මට පෙන්නපු article එක හොයාගෙන කියවන්න ගත්තා.
'JC newly appointed CEO Jeon Jungkook celebrating Christmas day with his girlfriend at a Five star hotel at Seoul . '
JC හෙවත් Jeon Cooperation හි නව ප්‍රධාන විධායක නිළධාරී (CEO) ලෙස මෑතකදී පත් වූ ජියොන් ජන්ග්කුක් ඔහුගේ පෙම්වතිය සමඟ ඊයේ අපගේ කැමරා කාචයට හසු කරගැනීමට හැකි විය. ඒ ඔවුන් නත්තල් දින සැමරීම සඳහා සුපිරි හෝටලයකට පැමිණි අවස්තාවක දී ය. ඔහු JC හි සභාපති ජියොන් ජන්ග් හ්වන්ගේ එකම පුත්‍රයා වන අතර විදෙස් ගත ව සිටීමෙන් අනතුරුව නැවත කොරියාවට පැමිණීමෙන් පසු ඔහු JCහි CEO ලෙස පත් විය. ඔහුගේ පෙමිවතියගේ අනන්‍යතාවය පිළිබඳ සම්පූර්ණ විස්තර සොයමින් පවතින අතර ඇයගේ නම චෝයි මින්හී වන අතර ඇය රටේ ප්‍රමුඛ පෞද්ගලික සමූහ ව්‍යාපාරයක ප්‍රධාන ශාඛාවේ ඇය සේවයේ නියුතු විසිපස් හැවිරිදි තරුණියකි.
.......
"මොකද්ද මේ විකාරේ???" මට කෑගැස්සුනේ කේන්තියට. හිතෙන හිතෙන විදියට මෙහෙම ෆොටෝ ගහලා , බොරු article හදන්න මිනිස්සුන්ට පෞද්ගලිකත්වය කියලා දෙයක් තියෙනවා කියලා මේ මිනිස්සු දන්නේ නැද්ද ???
නූනා... නූනා මේ ගැන දන්නවා ඇති ද?? මම ඒ ගමන් ම මින්හී නූනට කෝල් එකක් ගත්තා.
"ඕ.. ජන්ග්කුකා ..." නූනගෙ කටහඬේ හැටියට නම් නූනා තවමත් නිදි වගේ .
"මින්හී නූනා ... නූනා කොහෙද ඉන්නේ???" මම ඇහුවේ වෙනසක් දැනෙන්නේ නැති වෙන්න .
"මම තාම නිදි, ඔයාගෙ කෝල් එකට තමයි ඇහැරුනේ. " නූනා කිව්වේ නිදිමත බේරෙන හඬකින්.
"අ..අරස්සෝ... නූනා අද නූනට කොහොමත් නිවාඩු නිසා නූනා කොහෙවත් යන්නේ නෑ නේද ??"
"ම්ම්ම්.. කර්සේ නාදු මොල්ලා . දැනට නම් මම දවසම අපාට්මන්ට් එකට වෙලා නිදාගන්න හිතුවේ. ටේහ්‍යුන්ගා තාම Japan වල , තනියම එලියට යන්න අදහසක් නෑ මට .වෙයෝ??" නූනා ඇහුවේ ආපහු නින්දට වැටෙන්න ඔන්න මෙන්න වගේ .
"අනී අමොගොතො අනියා, නූනා නූනට කවුරුහරි දන්නේ නැති නම්බර් එකකින් කෝල් කළොත් හරි ඒ කෝල් එක ගන්න එපා . නූනගෙ අපාට්මන්ට් එකට කවුරුහරි ආවත් දොර අරින්න යන්න එපා, පුලුවන් ඉක්මනට මට කෝල් කරන්න . හරිද??" මම ඇහුවා .
"ජන්ග්කුකා?? වේ ?? ඇයි එහෙම කිව්වේ ???" ඒ පාර නම් නූනගෙ නිදිමත නැති වෙලා ගිහින් වගේ .
"හේතුව මම ඉක්මනට කියන්නම් නූනා , දැනට එහෙම කරන්න . එහෙනම් මම තියනවා නූනා ." නූනට අපි ගැන තියෙන article එක ගැන කිව්වොත් නූනා ඇත්තටම ගොඩක් අවුල් වෙයි, ඒ නිසා මම එහෙම කියලා කෝල් එක ඉවර කළා .
Article එක website එකෙන් අයින් කරන්න , එයාලාට විරුද්ධව case එකක් file කරන්න නම් අපේ lawyer එක්ක කතා කරන්න වෙනවා , ඒත් ඒකට මම විතරක් නෙවෙයි අප්පත් ඉන්න ඕන එහෙනම් ඊට කලින් අප්පා එක්ක කතා කරලා ඉන්න වෙනවා .
.
.
.
ටික වෙලාවකට පස්සේ මම හෙමින් සැරේ අප්පාගේ office room එක පැත්තට ගියා. දොර වහලා තිබුන නිසා දොරට තට්ටු කරලා මම හෙමින් සැරේ දොර ඇරියා. Office table එකේ වාඩි වෙලා හිටිය අප්පා හිටියේ දොරට මුහුණලා. ඒත් පොතකුත් අතේ තියාගෙන අප්පා හිටියේ ලොකු කම්පනාවක අතරමං වෙලා වගේ . හෙමින් සැරේ අප්පා ළඟට ගියත් එයාට මම කාමරේ ඇතුළත ආවා කියලාවත් දැනිලා නෑ වගේ .
"අ..අප්පා." මම හෙමින් සැරේ කතා කළා.
අප්පා එකපාරටම ගැස්සිලා මගේ දිහා බලද්දී අප්පාගේ අතේ තිබුන පොත මේසය උඩට වැටුනා . ඒකේ තිබුන ෆොටෝ දෙක තුනක් මේසය උඩ විසිරිලා ගියත් , මම දකින්නත් කලින් අප්පා ඒවා ආපහු එකතු කරලා පොත ඇතුලට දැම්මා .
අප්පා ටිකක් වෙලා මගේ දිහා බලාගෙන ඉඳලා අතින් සන් කළා මට වාඩිවෙන්න කියලා .
"අප්පා.."
"ජන්ග්කුක්..."
අපි දෙන්නම කතා කරන්න පටන් ගත්තේ එකසැරේ. ඒක නිසා මම අප්පාට කතා කරන්න ඉඩ ඇරලා නිහඬ උනා . අප්පාගේ මූණේ තවමත් තිබුනේ දැඩි පෙනුමක් .
"ඇයි මට මීට කලින් කිව්වේ නැත්තේ???" අප්පා ටිකක් රළු විදියට අහද්දී මගේ හිතේ තිබුන බලාපොරොත්තු සහගත බව නැති වෙලා ගියේ ඉබේටම .
"අප්පා..." මට කියවුනේ ඇහෙන නෑහෙන හඬකින් . ඒත් මගේ කටහඬේ වගේ ම මූණේ තිබුන පෙනුම නිසාම ද කොහෙද අප්පාගේ මූණේ තිබුන දැඩි බව ටිකක් ලිහිල් උනා, අප්පා ආපහු කතා කරද්දී කටහඬෙත් ඒ වෙනස තිබුනා .
"මියානේ අදල්, ඔයාට ඒ විදියට කෑගැහුවට. මෙච්චර කාලෙකට ඔයා කරපු කිසිම දේකට අපි මොකුත් කියලා නෑ , ඔයාගෙ තීරණ වෙනස් කරන්න ගියෙත් නෑ . ඒත් මට තේරුම් ගන්න බෑ ඔයා මෙච්චර කල් මින්හී කියන ඒ ළමයා ඉන්නේ කොහෙද කියලා දැනගෙන ඉඳලත් මට ඒ ගැන කියන්නේ නැතුව ඉන්න තීරණය කරපු හේතුව. ඔයා ඒ ගැන නොකිව්ව එකට ඇත්තටම මට ගොඩක් කේන්ති ගියා , මම ඔයාගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නෑ . මට ඇත්තටම තේරෙන්නේ නෑ පුතා ඔයා එහෙම කරන්න හේතුව. "අප්පා කිව්වේ කේන්තියට වඩා මම එහෙම කරපු එක ගැන දුකින් වගේ.
"මියානෙයෝ අප්පා , ම..මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ ."
"අඩුම තරමින් මට කියන්න ඔයා එයාලා හොස්පිටල් එකෙන් ගිය දවසේ ඉඳන් ම එයාලා හිටියේ කොහෙද කියලා දැනගෙන ද හිටියේ ??"
"අනී. අප්පා මමත් දැනගෙන හිටියේ නෑ , ඒත් ..." මම කියන්න ගිය දේ ඉබේටම නතර උනේ මම අජුම්මාට උන පොරොන්දුව මතක් උන නිසා... මම දැන් මොකද කරන්නේ ??
"අප්පා ඇයි මේ තරම් නූනා ගැන අහන්නෙ ?? " මම ඇහුවේ අප්පාගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන්.
"මම මෙච්චර කාලයක් ඔයාට නොකිව්ව දේවල් තියෙනවා අදල්,මම ඒ ළමයා ගැන හොයන්නෙ සාධාරණ හේතුවක් ඇතිව , ඒ හැමදේම මම ඔයාට කියන්නම්. ඒත් ඊට කලින් ඔයා මම අහපු දේට උත්තරයක් දෙන්න " කලින් තිබුන දැඩිබව වෙනුවට අප්පා දැන් කතා කලේ සන්සුන් විදියට , ඒත් මගෙන් විස්තර දැනගන්න අප්පාට තිබුනේ නොඉවසිලිමත් බවක්.
'මම අජුම්මාට පොරොන්දු උනේ මම එයාලා ඉන්න තැන දන්නවා , මම නූනව හම්බවෙනවා කියලා අප්පාට එහෙම කියන්න එපා කියලානේ, ඒත් දැන් අප්පා කොහොමත් ඒ ගැන දන්න නිසා අප්පාට ඇත්ත කිව්වට කමක් නෑ නේද ' මම මගෙන් ම ප්‍රශ්න කරගත්තා.
"එයාලා හොස්පිටල් එකෙන් ගියාට පස්සේ එයාලා කොහෙද ඉන්නේ කියලා මම දැනගෙන හිටියෙත් නෑ අප්පා , ඒත් මාස 6කට විතර පස්සේ මට බුසාන්වල දී නූනව ආපහු හම්බවුණා. ඊට පස්සේ මම බුසාන්වල ඉන්න මාසවල දිගටම මට්නූනව මුණගැහුණා. මම නූනලගෙ ගෙදර ගියා සමහර දවස්වලට, ෆෝන් එකෙන් අපි දිගටම කතාබහ කළා ." මම කියද්දී අප්පාගේ මූණේ ගොඩක් දුක්මුසු පෙනුමක් මතු උනේ .
"ඇයි අදල් මෙච්චර කල් මට ඒ කිසිම දෙයක් නොකිව්වේ?? මම කොච්චර මහන්සි උනාද එයාලා ගැන හොයාගන්න ..." "අප්පා එහෙම අහපු විදියට මට අප්පාට ඇත්ත නොකියා ඉන්න බැරි උනා.
"අප්පා අජුම්මා මගෙන් ඇහුවා මට ආපහු මින්හී නූනව හම්බවුණා කියලා අප්පාට නොකියා ඉන්න පුලුවන් ද කියලා , ඒත් ඒ ඇයි කියලා මම ඒ ගැන එච්චර හිතුවෙ නෑ , මම අජුම්මාට පොරොන්දු උනා කියන්නේ නෑ කියලා ."
"එතකොට ඔයාලා දෙන්නා අතර ..."
"නෑ අප්පා අපි අතර එහෙම සම්බන්ධයක් නෑ , මට නූනා මගේ ම සහෝදරියක් වගේ , නූනා උනත් මට සලකන්නේ මම එයාගේ ම දොන්ග්සෙන්ග් කියලා හිතාගෙන " මම එහෙම කියද්දී අප්පාගේ මූණට හිනාවක් නැඟුණේ ඉබේටම .
"දැන් එතකොට එයාලා ආපහු සෝල්වලට ඇවිත් ද ඉන්නේ??" අප්පා ඇහුවේ ඒ හිනාවත් එක්කමයි.
"නෑ අප්පා. නූනා ඉන්නේ නම් සෝල්වල තමයි , ඒත් නූනා සෝල්වලට ආවේ අජුම්මා නැති උනාට පස්සේ" මම එහෙම කියද්දී අප්පාගේ මූණ සම්පූර්ණයෙන් ම වෙනස් උනා.
"ජි..ජිආ ?? ජිආ නැති උනා??? ක..කවද්ද?? කොහොමද ???" අප්පා වචන පිටකරගත්තෙත් හරිම අමාරුවෙන් .
"දැන් මාස 7ක් විතර වෙනවා අප්පා අජුම්මා නැති වෙලා , අජුම්මා ලේ පිළිකාවකින් නැති වෙලා තියෙන්නේ . " මම කියද්දී අප්පාගේ මූණේ තිබුන ශෝකානුකූල පෙනුම තවත් වැඩි උනා
"අප්පා, අප්පා අජුම්මාව දන්නවාද?? නූනා ඇක්සිඩන්ට් වෙන්න කලින් ." අප්පා නූනගෙ ඔම්මා ගැන කතා කළේ හොඳට අඳුරන කෙනෙක් වගේ, ඒ නිසා ම මගේ හිතේ නැඟුණේ කුතුහලයක් .
අප්පා ටිකක් වෙලා මගේ දිහා නිහඬව ම බලාගෙන හිටියා .
"ජන්ග්කුකා ඔයාගෙ ඔම්මා අපි දෙන්නා හම්බවුණේ කොහොමද කියලා ඔයාට කියලා තියෙයි ද??" අප්පා ඇහුවේ ටික වෙලාවකට පස්සේ .
"ඔම්මා කිව්වා ඔම්මයි , අප්පයි university කාලේ හොඳම යාලුවෝ කියලා "
"ඊට පස්සේ අපි අතර ගොඩක් දේවල් වෙනස් උනා , අන්තිමට අපි විවාහ උනා, ඒත් ඔයාගෙ ඔම්මා කියන්නේ මම ඉස්සෙල්ලාම ආදරේ කරපු කෙනා නෙවෙයි ." අප්පා කියද්දී අප්පාගේ මුවඟට සිහින් සිනාවක් නැඟුනේ සමහරවිට ඒ අතීත මතක නිසා වෙන්නැති .
"එතකොට බැරිවෙලාවත් අප්පා ඉස්සෙල්ලාම ආදරේ කළේ..." මම ඇහුවේ හිතට එකපාරටම නැඟුන අදහසක් එක්ක . ඒ කියන්නේ බැරිවෙලාවත් අප්පා මුලින්ම ආදරේ කරලා තියෙන්නේ මින්හී නූනගෙ ඔම්මාටද??
"ඔව්, ඔයාගෙ ඔම්මයි මමයි university කාලේ හොඳම යාලුවෝ , ඒත් ඉන් එහාට දෙයක් තිබුනේ නෑ . ඔයාගෙ ඔම්මාගේ හිතේ මගේ ගැන අදහසක් තිබුනත් , මට ඔයාගෙ ඔම්මා යාලුවෙක් විතරයි . මොකද ඒ වෙනකොටත් මගේ හිත ගිහින් තිබුනේ අපේ university එක කිට්ටුව cafe එකක වැඩ කරපු ගෑණු ළමයෙක්ට. ලී හන් ජී. "
"මින්හී නූනගෙ ඔම්මා ." මට ඉබේටම කියවුණා.
"ඔව්. එයා තමයි මම ඉස්සෙල්ලාම ආදරේ කරපු කෙනා. ඔයාගෙ ඔම්මත් හන් ජී ගැන දැනගෙන හිටියේ, university එකේ ලෙක්චර් ඉවර වෙලා අපි දෙන්නාම එකට cafe එකට ගිය වෙලාවට ඔම්මත් හන් ජී එක්ක කතා කළා. එයා ඇත්තටම අපි දෙන්නාට උදව් කළා." අප්පා කිව්වේ හැඟීම්බර විදියට .
"එහෙනම් ඇයි අප්පයි, අජම්මයි වෙන් උනේ? හරබොජි එහෙම අජුම්මාට කැමති උනේ නැද්ද ??" මම ඇහුවේ ඇත්තටම එයාලා වෙන්වෙන්න හේතුව හිතාගන්න බැරි නිසා .
"හන් ජී මාව දාලා ගියා කිසිම හේතුවක් , යන්නේ කොහෙටද කිසිම දෙයක් නොකියා . එයා සම්පූර්ණයෙන් ම අතුරුදහන් උනා. මට ඒක දරාගන්න බැරි උනා, ඒ වෙලාවේ මගේ ළඟින් හිටියේ ඔයාගෙ ඔම්මා . එයා මගේ ගැන හොයලා බැලුවා , මගේ හිත හැදුවා. මම කොච්චර ජිආව හොයාගන්න උත්සාහ කළත් මට බැරි උනා. අන්තිමට මට එයාව අමතක කරන්න බැරි උනත් ඔයාගෙ ඔම්මාට අවස්තාවක් දෙන්න මම තීරණය කළා, මොකද ඔයාගෙ ඔම්මා මම වෙනුවෙන් කරපු කැපකිරීම් වෙන කිසිම කෙනෙක් කරන්නේ නෑ පුතා ..."
අප්පා කියපු දේවල් එකපාරටම විශ්වාස කරන්න අමාරුයි වගේ මට දැනුනේ.
අප්පා එයාගේ මේස උඩ තිබුන කලින් අප්පා බල බල හිටපු පොත ආපහු අතට ගත්තා, ඒක ඇතුලෙන් අප්පා එළියට ගත්තේ ලියුම් කවරයක්.
"අවුරුදු අටකට කලින් ආපහු සැරයක් හන් ජිආ ව ආපහු මුණගැහෙනකම් මම හිතාගෙන හිටියේ එයා මාව දාලා ගියා කියලා අදල්, ඒත් ඇත්ත ඒක නෙවෙයි . ඒත් මම ඇත්ත දැනගන්නකොට එයා ආපහු එයාගේ දරුවත් එක්ක අතුරුදහන් උනා. "
💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : Annyeong චින්ගුදල් . ඔන්න කතාවේ අලුත්ම කොටසක් මම අප්ඩේට් කලා. මුලින්ම කතාව කියවපු නැති අයට කතාව මතක නැත්නම් චුට්ටක් කලින් කොටස් කියවලා මේ කොටස කියවන්න පටන් ගන්න. අද ජන්ග්කුක්ගේ අප්පා මෙච්චර කල් කවුරු දන්නේ නැති රහසක් හෙළි කලේ. ඔයාලා ඒ ගැන මොකද හිතන්නේ ?? ඔයාලාට හිතෙන විදියට එයාගේ අප්පා ළඟ තියෙන ලියුම, පොත කාගේද ?? ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.
And our Agust D with D-day album and Haegeum music video. Well we knowhe really is a genius, still I'm captivated by his masterpiece again and again. Stream Haegeum music video and all the songs in all platforms. BTS only have Army so let's show our fullest support with our maximum effort. Fighting army 💪💪💪💪
사랑해요 친구들. 보라해 아미 💜💜💜💜💜💜💜
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Astro Moonbin ගෙ නැතිවීම මම හිතන්නේ kpop industry එක වගේ ම kpop fansලා මේ හැමෝටම ලොකු කම්පනයක්. එයාට හොඳ තැනක සතුටින් හිනාවෙලා ඉන්න පුලුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු .
You really did great Moonbin. Everything you endured and the way you always made us happy , we really are greatful for everything. Be a brightest star in the sky, giving light to the Galaxy. May your soul Rest In Peace 🙏🙏😔😔
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Who ever the artist or the fandom, let's pray never to hear this kind of heartbreaking news in the future.
Bạn đang đọc truyện trên: AzTruyen.Top