Chapter 44
❤️INSECURE❤
Min Hee's POV
"මින්හියා චේබල් දැන්වත් හිනාවෙන්නකෝ, ප්ලීස් " ටේහ්‍යුන්ගා ආපහු සැරයක් මගේ මූණට එබුණා .
"මින්හියා......." ටේහ්‍යුන්ගා ආපහු සැරයක් කන්කෙඳිරි ගාන්න ගත්තා.
"තාම මාත් එක්ක තරහින් ද????" ටේහ්‍යුන්ගා හීනි හඬකින් අහද්දී මම ඔව් කියන්න යන්තමට ඔලුව වැනුවා .
මගේ ප්‍රතිචාරය දැකලා ටේහ්‍යුන්ගා උරහිස් දෙකත් අකුළාගෙන හෙමින් සැරේ මගේ ඉණ වටේට අත යවලා මාව තුරුල් කරගන්න හැදුවා, ඒත් මම එහෙට මෙහෙට ඇඹරිලා එයාගේ අත්වලින් මිඳිලා මේසය ඉස්සරහින් වාඩි උනා .
"Mr.Kim අපිට වැඩ තියෙනවා. " මම කිව්වේ financial department එකේ ෆයිල් එකක් පෙරලන අතරේ . ටේහ්‍යුන්ගා මොකුත් නොකියා ටික වෙලාවක් මගේ දිහා බලාගෙන ඉඳලා ඇවිත් මගේ ඉස්සරහින් වාඩි වෙලා එයාගේ මේසය උඩ තිබුන පරිඝනක තිරය දිහාවට ඇස් යොමු කළා.
ඊට පස්සේ පැයක් විතර යනකල් අපි අතර ඇතිවුණේ financial department එක සම්බන්ධ ව කතාබහක් විතරයි . Financial department එක manage කරනවා කියන්නේ ගොඩක් ලොකු වගකීමක් , මට ටේහ්‍යුන්ගාගෙන් ගොඩක් දේවල් දැනගන්න තිබුනා , එයාගේ උපදෙස් ඕන උනා, ඒ නිසා තමයි අද උදේ ම මම එයාගේ ඔෆිස් එකට ආවේ.
ඒත් ... ටේහ්‍යුන්ගා ඊයේ එකපාරටම එයාට Japan යන්න වෙනවා කිව්ව එකට මම තාම හිටියේ එයත් එක්ක තරහින්. ඊයේ හවස එයා ඔෆිස් එකෙන් එලියට එන්න කලින් මම ගෙදර යන්න ගියා , උදෙත් එයාට කියන්නෙත් නැතුව කලින් ම ආවේ ඒ නිසා. එයා කිව්ව විදිහට ඉක්මනට ඒ වැඩ ටික ඉවර කරගෙන එන්න පුලුවන් වෙයි ද නැත්නම් ගොඩක් කල් යයි ද??? මේ අපි ආපහු එකතූ උනාට පස්සේ එයා මාව දාලා වෙන රටකට යන පළවෙනි අවස්තාව , මමත් එකසැරයක් එයාට කියන්නේ නැතුව බුසාන් ගියා තමයි කුකී එක්ක ,ඒත් ඒක....
"මිස් චෝයි ... මම කියන දේවල් අහගෙන නේද හිටියේ ඔයා?? එකපාරටම ටේහ්‍යුන්ගාගේ කටහඬින් මම ගැස්සිලා ගියා
'ආයිශ් මෝඩ මින්හියා, මෙච්චර වෙලා මොනාද කල්පනා කළේ?? පබොයා....'
"නේ තෙප්‍යෝනිම් . මම දැන් ගිහින් එන්නම්. කම්සම්නිදා ..." මම මේසය උඩ තිබුන ෆයිල් එක අරන් නැඟිටින්න හදද්දි ම ටේහ්‍යුන්ගා මගේ අතින් අල්ලාගත්තා.
"මිස් චෝයිගේ වැඩ ඉවරයි , මට දැන් මගේ යෝජා චින්ගුව ඕන කතා කරන්න ." ටේහ්‍යුන්ගා කිව්වේ ටිකක් බැරෑරුම් විදිහට .
"එ...එයා නෑ .... " මම අත පස්සට අදින්න හැදුවත් ටේහ්‍යුන්ගා තවත් ටිකක් තදින් මගේ අත අල්ලාගත්තා .
"මින්හියා.... ඔයා මාත් එක්ක කතා කරනකල් මම ඔයාගේ අත අතාරින්නේ නෑ " ටේහ්‍යුන්ගා එහෙම කියලා එයාගේ පුටුවේ හොඳට පිටිපස්සට වෙලා හේත්තු උනා.
"යාහ් නෝ මිච්ච්‍යොස්සෝ ?? "
"අනී.... ඒත් ඔයා මාත් එක්ක කතා කරනකල් මම මට ඕන පිස්සු වැඩක් කරනවා." ටේහ්‍යුන්ගා එහෙම කියලා මගේ අත දිගටම අල්ලාගෙන හිටියේ එයාට වෙන කිසිම වැඩක් නෑ වගේ .
"අරස්සෝ .... එහෙනම් කතා කරමු....." අන්තිමට ටික වෙලාවකින් මම කිව්වේ එයාගේ මුරණ්ඩු වැඩේ නතර වෙන පාටක් තිබුනේ නැති නිසා .
"ඊයේ හවස ඉඳන් ඔයා ඉන්නේ කේන්තියෙන් , ඒත් ඊටත් වඩා දුකින් වගේ මට පේන්නේ... මම හදිසියේ සතියකට ජපානෙට යන නිසාද මේ???" ටේහ්‍යුන්ගා මගේ අනිත් අතත් අරගෙන එයාගේ අත් දෙක අතරට මැදි කරගත්තා .
"අනී......." මම බිම් බලාගෙන ම කිව්වේ ඇහෙන නෑහෙන ගානට. ටේහ්‍යුන්ගා ඇහුවා වගේ ම ඇත්තටම මම ඒ නිසා දුකෙන් හිටියත් මම නෑ කියලා කිව්වා.
"ඔයා හේතුව කියන්නේ නැත්නම් මම දන්නේ නැහැනෙ මැණික, එහෙනම් මම ඒකට නොයා ඉන්නම් . කැමති ද???" ටේහ්‍යුන්ගා ආපහු සැරයක් අහද්දී මම එපා කියලා ඔලුව දෙපැත්තට වැනුවා.
"මින්හියා...... කතා කරන්නකෝ මැණික, ඔයා ඔහොම දුකින් ඉන්නකොට මම මොකද්ද කරන්නේ ???"
"ඇයි ඔයා ජපානෙට යන්න වෙනවා කියලා කලින් කිව්වේ නැත්තේ ?? ඇයි හැමදේම ස්ථීර කරගත්තාට පස්සේ මට කිව්වේ ??? "
"ඒ..ඒක මම හිතලා කරපු දෙයක් නෙවෙයි මැණික. ඒ ප්‍රොජෙක්ට් එක නම්ජූන් හ්‍යුන්ග් ඉන්නකොට ටොමෝ company එකට ඉදිරිපත් කරපු project proposal එකක්, දැන් එයාලා ඒක අනුමත කළත් හ්‍යුන්ග් වෙනුවට දැන් CEO මම නිසා project එක ගැන එකඟතාවයකට එන්න කලින් ඒකේ හෙජන්නිම් ටොමෝ සන් ට ආපහු මාව හම්බවෙන්න ඕන කිව්වා . ඉස්සරහට JC එකත් එක්ක අපේ අලුත් project එකේ වැඩ පටන් ගත්තට පස්සේ මට ආපහු ජපානෙට යන්න කාලයක් වෙන්කරගන්න අමාරුයි ..අනිත් එක මට ඕන උනේ අලුත් අවුරුද්දේ මුල්ම දවස ඔයා එක්ක එකට ගෙවන්න , ඒ නිසයි මම වැඩිදුර හිතන්නේ නැතුව හෝසොක් හ්‍යුන්ග්ට මේ සතිය ඒකට වෙන් කරන්න කිව්වේ ."
"ඒත් එතකොට නත්තල , තව... තව...."
"ඔච්චර හිතන්න දෙයක් නෑ මගේ පිස්සු කෙල්ල , මම ඉක්මනට එනවා. ටොමෝ සන් එක්ක එකඟතාවයකට එන්න පුලුවන් උන ගමන් ඔයාගේ නම්ජා චින්ගු ආපහු කොරියාවට එනවා ඉක්මනින් ම." ටේහ්‍යුන්ගා කියද්දි මගේ හිත ටිකක් හරි ගියා. ඒත් නත්තල . තව මේ මෝඩයට එයාගේ උපන්දිනේ ළඟම එනවා කියලාවත් මතක නැද්ද ?? මහලොකු තෙප්‍යෝ , ඒත් එහෙම දෙයක්වත් මතක නෑ ... පබොයා ...
"දැන්වත් මට සමාව දෙනවාද??? නැත්නම් තවත් දුකින් ද ඉන්නේ ඔයා???" ටේහ්‍යුන්ගා හෙමින් සැරේ මගේ මූණට එබුනා .
"අනී .... ඒත් මට මේ නත්තල පළවෙනි වතාවට ඔයා එක්ක එකට සමරන්න ඕන උනා. ඉතින් එකපාරටම ඔයා ජපන් යනවා කිව්වම මට දුක හිතුනා ..."
"මියානෙයෝ මින්හියා කලින් මේ ගැන කියන්න බැරි උනාට, ඒත් මම යන්න කලින් දවසේ ඔයාව එලියට එක්කරගෙන යන්නම් , තව ආපහු ආව ගමන් ඔයාව ඩිනර් එකකට එක්කරගෙන යන්නම් . "
"යක්සොක්????"
"යක්සොක්හේ මින්හියා " ටේහ්‍යුන්ගා එහෙම කිව්වට පස්සේ මගේ මූණේ හිනාවක් මැවුනේ ඉබේටම . අපි දෙන්නගෙ ම එකිනෙකාට බැඳිලා තිබුන දෑත්වලින් දැනුනේ උණුසුමක්, දෙසැම්බරයේ සීතල පරදවලා හදවතට ම දැනෙන හරිම සුවපහසු උණුසුමක්, මොහොතකට අපි දෙන්නා අපේ ම ලෝකෙක තනිවුනා වගේ, ටේහ්‍යුන්ගාගේ ඇස් , මගේ ඇස් එකිනෙකාට බැඳිලා තිබුනේ . ඒත් එක්කම එයාගේ ඇස් හෙමින් සැරේ මගේ තොල්පෙති වලට යොමුවෙනවා දැනෙද්දී අපි දෙන්නාම එකිනෙකා දිහාවට ඇදෙනවා වගේ දැනුනේ . අපේ දෙන්නා හෙමින් සැරේ ඉස්සරහට නැඹුරු වෙද්දිම...
"අ:හ්ම් අ:හ්ම් " එකපාරටම ඇහුන අනපේක්ෂිත උගුර පාදන සද්දේ නිසා අපි දෙන්නාම පස්සට විසිවුණා.
Jungkook's POV
"අ:හ්ම් අ:හ්ම් " මම ටික වෙලාවකට පස්සේ උගුර පාදනකොට කාමරේ ඇතුලේ හිටිය දෙන්නම ගැස්සිලා ගියේ විදුලි සැරක් වැදුනා වගේ . හැබැයි ඉන්නේ මම කියලා දැක්කාට පස්සේ නම් එයාලාගේ මූණුවල තිබුන බය උන ගතිය අඩු උනා, ගොඩක් ම නූනාගේ.
"Congratulations hyung , කිම් කෝපරේෂන් එකේ CEO උන එකට.
"Th..thank you Jungkook .. ඔයා කොයි වෙලාවෙද ආවේ.. අපි දැක්කේ නැහැනෙ ..."
"මම දොර ඇරගෙන ඇතුලට එන්න හැදුවේ විනාඩි පහකට විතර කලින් හ්‍යුන්ග් . ඔයාලා දෙන්නා පියවි සිහියෙන් හිටියා නම් සමහරවිට මම දෙතුන් සැරයක් දොරට තට්ටු කරනවා හරි , දොර ඇරෙන සද්දේ ඇහෙන්න ඕන . නේද නූනා ????"
"යාහ් ජන්ග්කුකා ..."
"හෝසොක් ශී එලියේ හිටියා, ඒත් එයා ටිකක් බිසී නිසා මම කිව්වා මම තනියෙන් හ්‍යුන්ග්ගේ ඔෆිස් එකට එන්නම් කියලා . කවුද හිතුවෙ මාව නොපෙනෙන තරමට ඔයාලා බිසී ඇති කියලා ."
"යාහ් ජියොන් ජන්ග්කුක් නෝ... චින්චා ...." නූනා එකපාරටම අත ළඟ තිබුන ෆයිල් එකක් අතට ගත්තේ මට ගහන්න වගේ .
ටේහ්‍යුන්ග් හ්‍යුන්ග් එක්ක අපේ අලුත් ප්‍රොජෙක්ට් එකට අදාළ ව සාකච්ඡා කරන්න දේවල් ටිකක් තිබුන නිසා මම අද කිම් කෝපරේෂන් එකට ආවා . ටේහ්‍යුන්ග් හ්‍යුන්ග්ගේ secretary මාත් එක්ක එන්න හැදුවත් මම ඕන නෑ කියලා තනියෙන් ආවා . දොරට තට්ටු කළාට සද්දයක් ඇහුනේ නැති නිසා ටික වෙලාවකට පස්සේ මම දොර ඇරියේ වැඩිදුර හිතන්නේ නැතුව .
ටේහ්‍යුන්ග් හ්‍යුන්ග් හිටියේ දොරට මුහුණලා වාඩි වෙලා උනත් හ්‍යුන්ග්ගේ සම්පූර්ණ අවධානය තිබුනේ හ්‍යුන්ග් ඉස්සරහා වාඩිවෙලා හිටිය කෙනාට, මට පිටුපාලා හිටියා උනත් ඒ ඉන්නේ නූනා කියලා අඳුරගන්න මට අමාරු උනේ නෑ .
හ්‍යුන්ග්ගේ මේසය උඩ ෆයිල් දෙක තුනක් දිගෑරලා තිබුනා උනත් දෙන්නාගෙම අත් එකිනෙක පටලවාගෙන එයාලා දෙන්නා හිටියේ එයාලාගේ ම ලෝකයක . හ්‍යුන්ග් නූනා දිහා පුංචි හිනාවක් එක්ක බලාගෙන හිටිය විදිහට මට හිතුනේ නූනත් ඒ විදිහට ම හිනාවෙලා ඇති කියලා .
"යාහ්... එකපාරටම කඩන් පැනලා දැන් මොකටද තනියෙන් හිනාවෙන්නේ . මෝඩයා " නූනා ආපහු සැරයක් මට ඔරවගෙන ම හයියෙන් දොරත් වහගෙන එළියට ගියා.
"මම මොකද්ද කළේ???" මම ටේහ්‍යුන්ග් හ්‍යුන්ග් දිහාවට හැරුනේ පුදුම වෙලා . හ්‍යුන්ග් තනියෙන් හිනාවෙන ගමන් ම අතින් මට ඇවිත් වාඩිවෙන්න කියලා සන් කළා.
"මින්හියා ටිකක් අවුලෙන් ඉන්නේ ජන්ග්කුකා ගනන් ගන්න එපා , ඔයා දන්නවානේ ඔයාගේ නූනගේ හැටි . "
""වෙයෝ හ්‍යුන්ග් ?? මොනාහරි දෙයක් සිද්ද උනාද??"
"අනී... එහෙම්මමත් නෙවෙයි . මට හදිසියේ බිස්නස් වැඩකට ජපානෙට යන්න වෙනවා සතියකට විතර , මම හෝසොක් ශීට කිව්වා දෙසැම්බර් 24 යන විදිහට ඒක schedule කරගන්න කියලා . හෝසොක් හ්‍යුන්ග් හැමදේම schedule කළාට පස්සේ තමයි මට මින්හීට කියන්න උනේ. ඒත් එයා හිතාගෙන ඉඳලා තියෙන්නේ නත්තල එකට සමරන්න. එයා වැඩිය මොකුත් කිව්වේ නෑ ඒත් සමහරවිට එයාගේ හිතේ සැලැස්මක් තියෙන්න ඇති නත්තල සමරන විදිහ ගැන. කොහොම හරි ඊයේ මට ජපානෙට යන්න වෙනවා කිව්ව වෙලාවේ ඉඳන් එයා ටිකක් අවුලෙන් ඉන්නේ . " හ්‍යුන්ග් අන්තිම ටික කිව්වේ නම් දුකෙන් වගේ .
"හ්‍යුන්ග් යන්න කලින් නූනා එක්ක date එකකට යන්න ,එතකොට හරි..."
"මොකක් හරි .. ආහ් ජන්ග්කුකා ඔයා දැන් ආවේ ප්‍රොජෙක්ට් එක ගැන කතා කරගන්න නේද ???? අපි ඒක බලලා ඉමු, නැත්නම් ඒක තවත් පරක්කු වෙනවා . "
ටේහ්‍යුන්ග් හ්‍යුන්ග් එක්ක ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන අතරේ හ්‍යුන්ග්ගේ secretary හෝසොක් ශීත් අපිට එකතු උනා. මේක මගේ වගේ ම ටේහ්‍යුන්ග් හ්‍යුන්ග්ගෙත් පළවෙනි ප්‍රොජෙක්ට් එක, ඒක නිසා කිසිම අඩුපාඩුවක් වැරැද්දක් නොවෙන්න ප්‍රොජෙක්ට් එක කරන එක ගොඩක් වැදගත් උනා. මොකද බිස්නස් ලෝකේ අනිත් අය වගේ ම අපි යටතේ වැඩ කරන අය මේ ප්‍රොජෙක්ට් එක හරහා අපි දෙන්නාගේම හැකියාව මනිනවා. ඒ නිසා අපේ උපරිමය අපි මේ වෙනුවෙන් යොදවන්න ඕන .
" ටේහ්‍යුන්ග් ශී , ජන්ග්කුක් ශී මේක ඔයාලාගේ පළවෙනි ප්‍රොජෙක්ට් එක කියලා ම්මම දන්නවා , අපේ හෙජන්නිම් එකපාරටම අසනීප උන එකත් මේ ප්‍රොජෙක්ට් එකට යම් තරමකට බලපෑවා. ඇත්තම කිව්වොත් ව්‍යාප්තියේ වැඩ සතියකින් වගේ ප්‍රමාද උනා, ඒත් දැන් ප්‍රොජෙක්ට් එකේ වැඩ ආපහු සාමාන්‍ය විදිහට කරගෙන යන්න පුලුවන් මම හිතන්නේ. " හෝසොක් ශී කිව්වා.
"අපි පුලුවන් ඉක්මනට constructions පටන් ගත්තොත් හොඳයි කියලා මම හිතනවා,ලබන අවුරුද්දේ මුල වෙනකොට අනිවාර්යයෙන්ම constructions පටන් අරන් තියෙන්න ඕන " ටේහ්‍යුන්ග් හ්‍යුන්ග් කිව්වා
"ඒත් ඊට කලින් අපිට field visit එකක් යන්න වෙනවා. දැනට කරන්න ඉතුරු වැඩ හැමදේම ඉදිරි දවස් කිහිපය ඇතුළත කරගන්න සැලසුම් කරගෙන අපි ජනවාරි පළවෙනිදා constructions පටන් ගත්තොත් මොකද?ඇත්තටම මම අද ආවෙත් ඒ ගැන කතා කරගන්න විශේෂයෙන්ම ." මම කිව්වා .
ඔව් අපි එහෙම කරමු. අපි ජපානෙට යන එක දැන් නම් වෙනස් කරන්න අමාරුයි , ඒත් අපි විසිහතර ගිහින් දවස් දෙකෙන්, විසිහය ආපහු එන විදිහට schedule එක වෙනස් කරන්න හෝසොක් ශී . විසිහය තිස් එක දවස් පහ ඇතුළත field visit වලට යමු අපි. එහෙම හොඳයි නේද ජන්ග්කුක් ශී ?? නැත්නම් මොනවාහරි වෙනසක් වෙන්න ඕන ද??" ටේහ්‍යුන්ග් හ්‍යුන්ග් ඇහුවා.
.
.
.
පැයකට විතර පස්සේ මීටින් එක ඉවර උනාම මම යන්න ලෑස්ති වෙලා , ටේහ්‍යුන්ග් හ්‍යුන්ග්ගෙන් නූනාගේ රූම් එක තියෙන තැන අහගත්තා. හ්‍යුන්ග් වෙනුවට දැන් financial department එක බාර නූනට නිසා financial department එකෙ ලොකුම ඔෆිස් රූම් එක නූනට වෙන් කරලා තියෙන්නේ කියලා හ්‍යුන්ග් කිව්වේ මට නූනගෙ රූම් එකට යන හැටි කියන අතරේ.
නූනගෙ රූම් එකට තට්ටු කරලා නූනගෙ කටහඬ ඇහුවා ටික වෙලාවකින් මම දොර ඇරලා ඇතුලට එබුනා . දොර දිහාට අවධානය යොමු කරලා හිටිය නූනගෙ මූණ ටිකක් ඇද උනා වගේ මාව දැකලා .
"වෙයෝ ජන්ග්කුකා ??? තවත් මාව විහිලුවට ගන්න ඕන ද???" නූනා ඇහුවේ නෝක්කාඩුවෙන් වගේ .
"වෝහ් ටේහ්‍යුන්ග් හ්‍යුන්ග් කිව්වා වගේ නූනගෙ මූඩ් එක තියෙන්නේ සෑහෙන්න අවුල් තත්ත්වයක වගේ... " මම ටිකක් පහත් හඬින් එහෙම කියන ගමන් නූනගේ මේසය ඉස්සරහින් තිබුන පුටුවට බර උනා.
"ම්වෝ???? මට හරියට ඇහුනේ නෑ ." නූනා කිව්වේ එයා කරකර හිටිය වැඩේ ආපහු කරගෙන යන අතරේ .
"අනියා අමුගොතො අනියා නූනා ..."
"යාහ් ජියොන් ජන්ග්කුක් ....."
"ඕප්ස්...... දැන් කේන්ති යනවත් වැඩියි නූනට ... " මම කියද්දි නූනා මේසය උඩ තිබුන හිස් පෙට්ටියක් අතට ගත්තේ මට ආපහු සැරයක් ගහන්න වගේ .
"මින්හී නූනා." මම කියද්දි මෙච්චර වෙලා අහක බලාගෙන හිටිය නූනා මගේ දිහා බැලුවා , කලින් හිනා උන නූනගේ ඇස්වල දැන් තිබුන දුකක්
"නූ..නූනා.... වෙයෝ??? ඇයි මේ දුකින් ඉන්නේ . මම හිතුවෙ ඔයාලා දෙන්නා ප්‍රශ්නේ විසඳගත්තා කියලා .??" මම ඇත්තටම නූනගෙන් මේ වගේ දුක හිතෙන ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවුණු නිසා එහෙම ඇහුවා .
"ටේහ්‍යුන්ගා යන නිසා දුකයි ජන්ග්කුකා, දන්නවා එයාට බිස්නස් වැඩ නිසා අනිවාර්යයෙන්ම යන්න වෙනවා, ඒත් නත්තල් නිවාඩුව වෙනුවෙන් මට ගොඩක් දේවල් කරන්න ඕන උනා, ඒත් දැන් එයා ඒ දවස් වල ම මාව දාලා ජපන් යනවා .නා මුරුගෙස්සෝ ජන්ග්කුකා ....." නූනා කිව්වේ ඇත්තටම දුක හිතෙන විදිහට .
'වාහ්...!!' මම හිත යටින් මට ම කියාගත්තා . නූනා සාමාන්‍යයෙන් මෙහෙම ලේසියෙන් හිත නරක් කරගන්න කෙනෙක් නෙවෙයි , ඒත් අද නූනා හැසිරෙන්නේ පොඩි ළමයෙක් වගේ . සමහරවිට හ්‍යුන්ග් ටික දවසකට හරි රටින් පිට ඉන්න එක නූනා මීට කලින් ලබපු අත්දැකීමක් නෙවෙයි නිසා වෙන්නැති .
"නූනා...... දැන් ඉතින් දුකෙන් මූණ අඳුරු කරගෙන ඉන්න එපා , හොඳ නූනා වගේ . හ්‍යුන්ග් යන්න තව කල් තියෙයිනේ . තව හ්‍යුන්ග් නැති ව උනත් අපි නත්තල් දවසට....."
Taehyung's pov
ඊළඟ දවස් දෙක තුනක කාලය ගෙවිලා ගියේ ගොඩක් ඉක්මනින් වගේ , සමහරවිට ඒ kim cooperation එකේ ම වගකීම එක්ක මට වැඩ වැඩි උන නිසා වෙන්නැති . මින්හීටත් financial department එකේ අලුත් head විදිහට ලොකු වගකීමක් වගේ ම වැඩත් ගොඩ ගැහුනා . මින්හී ඒ වැඩ හැමදේම හරියට ම කළා. ඒත් මගේ මින්හී විදිහට එයා ගොඩක් වෙනස් විදිහට හැසිරුණේ මේ දවස් ටිකේ. එයා කල්පනා ලෝකෙක අතරමං වෙලා ඉන්නවා දැකපු අවස්ථා ගොඩක් මම දැනටමත් දැක්කා. මම දවස් දෙක තුනකට ජපානෙට යන එක එයාට එකපාරටම දරාගන්න අමාරුයි තමයි , ඒත් ඇයි එයා මේ තරම් වෙනස් විදිහට හැසිරෙන්නේ ??
මම කල්පනා කරන අතරෙ ම කාර් එකේ පැති කණ්ණාඩියකින් මින්හී කාර් එක පැත්තට ඇවිදගෙන එනවා මට පෙනුනා. හෙට මම යන්න කලින් මින්හී එක්ක රෑ කෑමකට යන්න මට උවමනාව තිබුන නිසාම අද අපි එලියට යන්න ඕන කියලා මට හිතුනා . මගේ වැඩ ඉවර වෙලා මින්හී එනකල් මම පහළට වෙලා බලාගෙන හිටියේ නොයිවසිල්ලෙන් .
"ඇයි අද යන්න මේ තරම් හදිස්සියක්?? මට තව පොඩි වැඩ ටිකක් ඉතුරු උනා ටේහ්‍යුන්ගා . " මින්හී කිව්වේ මම කාර් එක පාරට හරවන අතරේ.
"ම්ම්ම්. සමහරවිට මට අද ඔයත් එක්ක ටිකක් වැඩිපුර ඉන්න ඕන නිසා .. " මම කියද්දි මින්හියා යන්තමට හිනාවෙලා එහෙම්මම නිහඬ උනා. නිහඬවම ගත උන අඩ හෝරාවකට පස්සේ මම අපේ ගමනාන්තයට ආවා.
"මින්හියා අපි ආවා. " මම කිව්වේ ශීට් එකේ පිටුපසට ඔලුව තියාගෙන දෑස් පියාගෙන හිටිය මින්හීගේ උරහිසට යන්තමින් තට්ටු කරලා .
මින්හියා හෙමින් සැරේ ඔලුව උස්සලා යන්තමින් විවර වෙන ඇසිපිය අතරින් ම වටපිට බැලුවා
"අපි කොහෙද ඉන්නේ ටේහ්‍යුන්ගා ???"
"ඔයාට හිතෙන්නේ කොහෙද ??"
"ම්ම්ම්ම්ම්ම්......... හන් ගඟ නේද ???" මින්හී ඇහුවේ එයාගේ ඇස් ආලෝකයට හුරු උනාට පස්සේ .
"ඔව් ... ටිකක් නම් සීතල වෙයි , කමක් නෑ නේද ???" මම ඇහුවේ අවිනිශ්චිත විදිහට .
"ඒකට කමක් නෑ .... " මින්හී යන්තමට හිනාවුණා.
හිම පතනය යම් තරමකට අඩු වෙලා තිබුනත් පරිසරයේ තිබුන සීතල නම් අඩුවෙලා තිබුනේ නෑ . දණහිස දක්වා දික්වුන ලොම් කබායකින් ආවරණය උනත් අපි yeouido park එකට ඇතුල් වෙලා ටික වෙලාවකින් මින්හියා එයාගේ අත් එකට බැඳගත්තේ සීත්ලෙන් මිදෙන්න වගේ .
"කෝ එන්න මින්හියා " මම මින්හියාගේ උරහිස වටේට අත යවලා පැත්තකින් එයාව මට තුරුල් කරගත්තා. වෙනදාට බයිසිකල් වලින් පිරිලා තියෙන මංතීරුව සිසිරය නිසාම අද පාලුවට ගිහින් . පදික තීරුව දෙපැත්තෙන් වසන්තයට රෝස, සුදු පාටින් හැඩ වෙන සකුරා මල් ගස් අද මල් පොකුරු වෙනුවට හිම කැටිති වලින් හැඩ වෙලා .
අපි අතර තිබුන නිහඬතාවය අතරෙම මින්හී මට තවත් තුරුල් වෙනවා මට දැනුනා .
"මින්හියා...." මම හෙමින් සැරේ ඒ නිහඬතාවය බිඳලා දැම්මා.
"ම්ම්ම්ම්ම්....."
"ඔය පුංචි ඔලුව ඇතුලේ මොනවද ඔච්චරටම හිතන්න තියෙන්නේ ???" මම අහද්දී මින්හියා ඔලුව හරවලා එකපාරටම මගේ දිහා බැලුවා. පුලුමයෙන් ලොකු උන එයාගේ ඇස් ටික වෙලාවකින් යථා තත්ත්වයට පත් උනා.
"මො...මොකුත් නෑ ටේහ්‍යුන්ගා ......." මින්හියා කිව්වේ මගේ ඇස් මඟාරින්න උත්සාහ කරන අතරේ.
"මට හිතුනෙ හන් ගඟේ සීතල හුළඟ එක්ක තියෙන නිස්කලංක ගතිය නිසා අපේ හිතට ටිකක් සැහැල්ලුවක් දැනෙයි කියලා , ඒත් සීතල හිතුවාට වඩා වැඩියි. ආපහු යමුද අපි ??" මම හෙමින් සැරේ මින්හීගේ කොණ්ඩ කැරලි අතරට පතිත උන හිම පියලි අතින් ගසලා දැම්මේ මින්හියාගේ උත්තරය නොඇසුණු ගානට.
"ඔයාට ඕන නම් අපි තව ටිකක් ඉමු ටේහ්‍යුන්ගා ....." මින්හී කිව්වේ දිගටම මගේ උණුසුමට තුරුල් වෙන අතරේ.
"අනී, මටත් දැන් ටිකක් සීතල දැනෙනවා . අපි ටෙන්ට් බාර් එකකින් කෑම මොනාහරි අරගෙන මගේ අපාර්ට්මන්ට් එකට යමුද අද???" මම ඇහුවේ මින්හියාගෙන් ධනවාදී උත්තරයක් බලාපොරොත්තුවෙන් .
"Theokbokki , jjangmyeong , gimbap , soju...." එකපාරටම එයාට ඕන කෑම ජාති ටික කියාගෙන යද්දී මින්හියාගේ මූණ එලිය වැටුනා ඒ සැරේ නම්
"අරස්සෝ... ආරස්සෝ... ඔය ඔක්කොම අරන් දෙන්නම් , දැන් ඉතින් යමු අපි දෙන්නා සීතලේ ගල් වෙන්න කලින් ."
Min Hee's POV
ටේහ්‍යුන්ගා ටෙන්ට් බාර් එකකින් street food ගමු කියනකොට ඇත්තටම ලොකු ආසාවක් තිබුනා ඒ ඔක්කොම ජාති රස බලන්න . ඒත් ටේහ්‍යුන්ගාගේ අපාර්ට්මන්ට් එකට ආවට පස්සේ ඒ තිබුන උද්‍යෝගය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින් කියලා මට දැනුනේ . ඒත් ටේහ්‍යුන්ගාට ඒ බව දැනෙන්නේ නැති වෙන්න මම පුලුවන් තරම් සාමාන්‍ය විදිහට හැසිරෙන්න උත්සාහ කළා.
කෑම කාලා ඉවර උනාට පස්සේ ටේහ්‍යුන්ගා මගෙත් අතින් ඇදගෙන විසිත්ත කාමරේට ආවා.එයා පුටු සැටියෙන් වාඩි වෙලා මාවත් එයාගේ ළඟින් වාඩි කරගත්තේ නිහඬවම .එයාට මගේ වෙනස්වීම හොඳටම දැනෙනවා කියලා මම දන්නවා , ඒත් , ඒත් එයාගේ මේ ගමන එයා අනිවාර්යයෙන්ම යන්න ඕන ගමනක් උනත් මගේ හිත ඒක පිළිගන්න......
"මින්හියා හෙට හවස ෆ්ලයිට් එකකින් මම පිටත් වෙනවා .... " එකපාරටම ටේහ්‍යුන්ගාගේ කටහඬ ඇහුනේ හීනෙකින් වගේ.
"නා අරෝ....." මම කිව්වේ ඇහෙන නෑහෙන ගානට
"එහෙනම් ඇයි ඔයා මොකුත් නොකියන්නේ මින්හියා ?? මම යන්න එපා ද?? ඔයා මේ තරම් හිතට බරක් අරගෙන කල්පනා කරන්න තරම් මොනාද ඔයාට තියෙන ප්‍රශ්න ??? ඔයා ඔහොම ඉන්නවා දකිද්දී මම යන්නේ කොහොමද මින්හියා????" ටේහ්‍යුන්ගාගේ වචනවල තිබුනේ දුකක්, වේදනාවක් . එයා එහෙම දුක් වෙන්නේ මම නිසා නේද කියලා හිතද්දී මගේ හිතේ බර ගතිය තවත් වැඩි උනා.
"ම්....මම...." මම කතාකරන්න හදද්දී ටේහ්‍යුන්ගා මාව එයාගේ පැත්තට හරවාගෙන මගේ නිකට යටින් ඇඟිල්ලක් තියාගත්තේ මට එයාගේ ඇස් මඟාරින්න බැරි විදිහට .
"කි...කියන්න එපා එහෙම මොකුත් ප්‍රශ්නයක් නෑ කියලා .කාටවත් කියවන්න බැරි උන මේ ඇස් ඔයාට කියවන්න පුලුවන් වගේ ම ගිය දවස් ටිකේ ම මාව මඟෑරපු ඔය ඇස් මටත් කියවන්න පුලුවන් . ඒත් මට ඕන ඔයා ම මට ඒ ගැන කියන්න , චේබල් මින්හියා ඔය විදිහට ඉන්න එපා. ඔයා ඇත්තටම ඔයා නෙවෙයි වගේ වෙලාවකට හැසිරෙන්නේ .... දන්නවාද මම ඒ හැම වෙනසක් ම ඔයාගෙන් දැක්කා . මම යන නිසා නම් ඔයා ඔහොම හැසිරෙන්නේ මම මේ ගමන cancel කරන්නම් ."
අ.....අනී ටේහ්‍යුන්ගා ඔ......ඔයා මේ ගමන යන්න ඕන ම...මම .. මම දන්නේ නෑ මේක කොහොම කියන්නද කියලා ... ඔයා මේ ගමන යන්න ඕන කියලා මම දන්නවා , ඒ..ඒත් මගේ හිත කැමති නෑ එක මොහොතකටවත් ඔයාගෙන් ඈත් වෙලා ඉන්න , අපි දෙන්නා ඉන්නේ තැන් දෙකක කියලා හිතන්න ." මම කියද්දි ටේහ්‍යුන්ගා මගේ දිහා බලාගෙන හිටියේ නිරුත්තර වෙලා වගේ , ඒත් එයා මගේ උරහිස සෙමින් පිරිමදින්න ගත්තේ මගේ හිතේ තියෙන හැමදේම පිට කරන්න මාව දිරිමත් කරන්න වගේ .
"මම දන්නවා දැන් කිම් කෝපරේෂන් එකේ තෙප්‍යෝ විදිහට ඔයාට වගකීම් වැඩියි , ඔයා මේ ගමන අනිවාර්යයෙන්ම යන්න ඕන , ඒත් .. ඒත් එක දවසකට හරි ඔයාට යන්න දෙන්න මට බෑ , මගේ හිත ඒකට කැමති නෑ . ඒත් ඉස්සරහට ඔයාට තවත් වැඩ වැඩිවෙනවා , මීට වඩා දවස් ගානක් අපිට වෙන්වෙලා ඉන්න වෙයි , ඔයාට මාස ගනන් කොරියාවෙන් පිට ඉන්න වෙයි. එ..එතකොට මම මොකද කරන්නේ ?? කිසිම දවසක නොවුණු තරමට මම දැන් ඔයා මත යැපෙන්න පටන් අරන් ටේහ්‍යුන්ගා , ඒක ... ඒක ඔයාටවත් මටවත් ,අපේ සම්බන්ධයටවත් හොඳ දෙයක් නෙවෙයි . ඒත් කරන්න ඕන මොකද්ද , හිතන්න ඕන මොකද්ද කියලා තීරණය කරන්න බැරි තරමට මම හැඟීම් මත යැපෙන්න පටන් අරන්. " අවසානෙට මට ඉබේටම ඉකි ගැහෙනකොට ටේහ්‍යුන්ගා මාව තුරුල් කරගත්තා, ඒත් එයාගේ උණුසුමේ සැනසෙනවා වෙනුවට මම එයාගේ පපුවේ ඔලුව හොවාගෙන තවත් හයියෙන් ඉකි ගගහා අඩන්න ගත්තා. මේ තරම් දවසක් හිතේ හිරකරගෙන හිටිය හැමදේම කිව්වට පස්සේ හිතට සහනයක් දැනුනත් ඇස් වලින් කඳුළු දිගටම ගලාගෙන ගියා .
මටවත් හිතාගන්නවත් බැරි තරමට මම ටේහ්‍යුන්ගාට ඇබ්බැහි වෙලා ,එයා මත ම යැපෙන්න හුරුවෙලා කියලා මට තේරුණේ එයා ජපන් යනවා කියලා කිව්වට පස්සේ , ඒක එයාගේ වගකීමක් කියලා දන්නවා උනත් මගේ හිත ඒ ඇත්ත පිළිගත්තෙ නැත්තේ හරිම මුරණ්ඩු විදිහට . ඒත් ඉස්සරහට මගේ හිත මෙහෙම මුරණ්ඩු උනොත් මොකද්ද කරන්නේ කියලා මට හිතාගන්න බැරි උනා. ඒ ගැන හිතන හැම මොහොතක ම මාව සිතුවිලි අතරේ අතරමං උනා වගේ මට දැනුනේ .
"දැන් ඇඬුවා ඇති නේද මැණික, මම නිසා ඔය ඇස්වලින් ආපහු කවදාවත් ම කඳුළු වැටෙන්න දෙන්නේ නෑ කියලා මම මට ම පොරොන්දු උනා. ඒත් අද ආයෙමත් ඔයා මම නිසා අඬනවා.. " ටේහ්‍යුන්ගා හෙමින් සැරේ මුමුණලා මාව එයාගේ පපු තුරුලෙන් ඈත් කරලා මගේ මූණට එබුනා.
"අනි... මම අඩන්නේ මගේ හිත මුරණ්ඩු නිසා , ඔයාව මොහොතකට වත් අතාරින්න බැරි තරම් මුරණ්ඩු නිසා . " .මම කිව්වේ යන්තමට ඉකි ගහන අතරේ
"ආහ්... මගේ පිස්සු කෙල්ල " ටේහ්‍යුන්ගා එහෙම කියලා එකපාරටම මාවත් හරස් අතට අත්දෙකට (bridal style ) අරගෙන නැගිට්ටේ ඇසිල්ලකින් .
"යාඅහ්....අපි දෙන්නාම වැටෙයි. " මට ඉබේටම කෑගැස්සුනා.
"අනී... චොල්තේ අන්ද්වේ . කවදාවත් ම ඔයාට වැටෙන්න දෙන්නේ නෑ " එහෙම කියලා හරිම ආදරනීය විදිහට හිනාවෙන අතරේ ම ටේහ්‍යුන්ගා හෙමින් සැරේ පඩිපෙළ නැඟුනේ දෙවනි මහළේ තිබුන එයාගේ නිදන කාමරයට
හෙමින් සැරේ මාව ඇඳට පහත් කරපු එයත් හෙමින් සැරේ පහත් වෙලා මට එහා පැත්තෙන් ඇඳෙ පෙරලිලා මාව තුරුල් කරගත්තා. ටේහ්‍යුන්ගාගේ අත් අතරට මැදි උනාට පස්සේ මෙච්චර වෙලා හිතේ තිබුන හැම දෙයක් ම නැති වෙලා යනවා වගේ දැනුනේ,ඒත් ඒ මම එයාගේ උණුසුමට ඕනවටත් වඩා ඇබ්බැහි වෙලා නිසා ද මට එහෙම දැනෙන්නේ ??? මට හිතාගන්න බෑ .
"මින්හියා ... ඔයාට වගේ ම මටත් දුකයි ඔයාව කොරියාවේ දාලා මම විතරක් යන එකට, ඒත් ලෝකෙ අනිත් කොනට ගියත් මගේ හිත තියෙන්නේ ඔයාගේ ළඟ, අවසානෙට මමත් මගේ හිත වගේ ම ඔයාගේ ළඟටම ආපහු එනවා. දෛවයටවත් අපිව වෙන් කරන්න බැරි උනා මැණික, අවුරුදු හතකට පස්සේ අපි ආපහු එකතු උනා. දවස් පහක් කියන්නේ ඒ තරම් කාලයක් නෙවෙයි ,ඔයා හිතන්නත් කලින් මම ආපහු ඔයා ළඟින් ම ඉඳියි. ඉක්මනට වැඩ ටික ඉවර කරගන්න පුලුවන් උනොත් මම ඊටත් කලින් ආපහු එනවා " ටේහ්‍යුන්ගා කිව්වේ හැඟීම්බර විදිහට , ඒත් එක්කම එයා දැනෙන නොදැනෙන තරමට මගේ නළලත කිහිප සැරයක් සිප ගත්තා .
විඳින්න පුලුවන් උපරිමයෙන් ඒ සෙනෙහස විඳින්න ඕන නිසාම මම නිහඬවම ටේහ්‍යුන්ගාගේ අත් අතරට තවත් තුරුල් උනා.
"මොහොතකටවත් මාව අතාරින්න අකමැති ඔයාගේ හිතට මම ගොඩක් ආදරෙයි , ඒ මුරණ්ඩුකමටත් ආදරෙයි . ඒක ඔයා හිතනවා වගේ අපිටවත් , අපේ සම්බන්ධයටවත් හොඳ නැති දෙයක් නෙවෙයි , ඒ මුරණ්ඩු හිත නිසාම මටත් මොහොතකටවත් ඔයාව මගේ ඇස් මානෙන් එලියට යන්න දෙන්න හිතෙන්නේ නෑ . " ටේහ්‍යුන්ගාගේ වචනයක් පාසා මගේ හිතට දැනුනේ සතුටක්, සැනසීමක් .
"බොරුකාරයා...." මම කිව්වේ ටේහ්‍යුන්ගාගේ පපු තුරුලෙන් යන්තමට ඈත් වෙලා .
"ඒත් මේක නම් බොරුවක් නෙවෙයි , ඇත්තමයි " ටේහ්‍යුන්ගා කිව්වේ හරිම හුරතල් විදිහට
"මොකද්ද???"
"මම ඔයාට හැමදාටම ආදරෙයි "
ඔව් ඒ වචන ඇත්තමයි කියලා මම දන්නවා , මොකද මමත් ටේහ්‍යුන්ගාට ඒ වගේ ම ආදරේ නිසා.
"නාදෝ සරන්ග්හේයෝ ටේහ්‍යුන්ගා "
After few days
Jungkook's pov
"ආහ්" උදෙන්ම ෆෝන් එකේ බෙල් එක වැදෙද්දී කෙඳිරි ගාගෙන ඇහැරියේ ඊයේ පාන්දර දෙකට විතර නිදාගත්ත නිසා. ටේහ්‍යුන්ග් හ්‍යුන්ග් තාම ආපහු ඇවිත් නැති නිසා ඊයේ නත්තල් දවසේ හවස් වරුවම මම ගත කළේ නූනා එක්ක , එතකොට නූනට වැඩිය පාලුවක් නොදැනෙන නිසා . ඊට පස්සේ නූනව අපාර්ට්මන්ට් එකෙන් දාලා යුන්ගී හ්‍යුන්ග්ලාගේ ගෙදර ගියේ රෑ පවුලේ අයගේ පාටි එකට, අන්තිමට ගෙදර එද්දිම රෑ එකත් පහු වෙලා .
වෙලාව උදේ අටත් පහු වෙලා , තව ටිකකින් ඔම්මා ඇවිත් කතා කරන නිසාම මම හෙමින් සැරේ වොෂ් එකක් දාගෙන උදේ කෑමට පහළට බැස්සා . වෙනදාට නම් කෑම කාමරයේ ඔම්මාගේ කටහඬ ඇහෙනවා උනත් අද හරිම නිශ්ශබ්දයි. මම පුදුමයෙන් වගේ පඩිපෙළ බැස්සේ මොකුත්ම හිතාගන්න බැරුව .
උදේ කෑම මේසය උඩ ලෑස්ති කරලා තිබුනත් ඔම්මවත්, අප්පාවත් කෑම වලට අතවත් තියලා නෑ . වෙනදාට අප්පා කියවන පත්තර මිටියත් අද මේසය උඩ, අප්පාගේ සම්පූර්ණ අවධානය තිබුනේ එයාගේ අත්වල තිබුන ටැබ් එකට. ටැබ් එක දිහා බලාගෙන හිටිය ඔම්මා , මගේ කටහඬ ඇහිලා ඔලුව උස්සලා බැලුවා. ඔම්මාගේ ඇස්වල තිබුනේ කණස්සලු පෙනුමක් .
"ඔම්මා.... අප්පා....." ඇයි ඔයාලා තාම කෑම කාලා නැත්තේ, මියානෙත්තා මම පරක්කු උනා ." මම කිව්වේ එයාලා දෙන්නාම ඉස්සරහින් වාඩි වෙන ගමන් .
"ජ..ජන්ක්කුකා ....." ඔම්මා මගේ දිහා බැලුවේ හොරැහින් වගේ අප්පා දිහා බලන ගමන් ...
"වෙයෝ ඔම්මා...."
"ඔයා... ඊයේ හවස....
"ඔයා එක්ක මේ ෆොටෝ එකේ ඉන්නේ කවුද ජන්ග්කුක්....... " කවදාවත් අහලා නැති තරම් ගෝරනාඩුවක් විදිහට ඇහුනේ අප්පාගේ කටහඬ. මාව එකපාරටම තිගැස්සිලා ගියා.
මම ඔලුව උස්සලා අප්පා දිහා බැලුවේ පුදුමයෙන් .
"අ..අප්පා....."
"ජියොන් ජන්ග්කුක් මම ඔයාගෙන් ඇහුවේ ප්‍රශ්නයක් ......" ආපහු සැරයක් කේන්තියෙන් ගෝරනාඩු කරන අතරේ අප්පා මේසය උඩ තිබුන පත්තරයක් මගේ ඉස්සරහට දමලා ගැහුවා, ඒත් එක්කම මගේ ඉස්සරහට වැටුනේ අප්පාගේ අතේ තිබුන ටැබ් එක
ඒත් ඒ දෙකේම තිබුන ෆොටෝ එක දකිද්දී මාව ඉබේටම පුටුවෙන් නැඟිට්ටුනා.
"මේ...මේක.... මේ ෆොටෝ එක...." මට වචන ගොත ගැහෙනවා වගේ දැනුනේ.
"ඔව් මේ ෆොටෝ එක මොකද්ද කියලා තමයි මම ඇහුවේ....." අප්පා කෙලින්ම අත දික්කලේ පත්තරේ තිබුන ෆොටෝ එකට.
💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : annyeong චින්ගුදල්. මේකේ Author note පත හෑල්ලක් තිබුනේ , ඒක නම් අයින් කරලා දැම්මා . මේ මම unpublish කරලා edit කරලා ආපහු upload කරන අන්තිම episode එක, ඊළඟ කොටසේ ඉඳන් අලුතෙන් ලියන්න ගන්නේ . ඇත්තටම අවුරුදු තුනකට විතර කලින් මගේ හිතට ආපු plot එකක් මේක , ඒ දවස්වල එකදිගට කතාව ලිව්වත් ගොඩක් දේවල් නිසා ලොකු කාලයක් ගත උනා කතාව continue කරන්න . උපරිම උත්සාහ කරනවා හොඳ අවසානයක් දෙන්න කතාවට , ඊළඟ කොටසත් මම ඉක්මනින් දෙන්නම්.
කතාව ගැන මොකද හිතන්නේ ?? කවදාවත් කේන්ති ගන්නේ නැති ජන්ග්කුක්ගේ අප්පාට කේන්ති යන්න හේතුව මොකද්ද ඔයාලාට හිතෙන විදියට , එතකොට ටැබ් එකේ තිබුන ෆොටෝ එක, ඔයාලාට හිතෙන දේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා .
❤️❤️❤️❤️❤️❤️
Bạn đang đọc truyện trên: AzTruyen.Top