Chapter 41

❤️You're My First Priority ❤️

Taehyung's POV
"I love you sooo much my love... සමාවෙන්න ඔයාට වද වෙන්න සිද්ද උනාට මගේ ගැන . ඒත් ආදරෙයි ඔයාට හැමදාමත් .... ගොඩාක් ...." මම මින්හියාව මට තවත් තුරුල් කරගෙන හෙමින් සැරේ මිමිණුවා . මින්හියාගේ බඳ වටා අත් එතිලා තියෙද්දි ම මම ඔලුව පැත්තකට හරවලා මින්හියාගේ සිහින් ගෙලේ පසෙකින් සියුම් හාදුවක් පතිත කළා . ඒත් හාදුවට ප්‍රතිචාරයක් දක්වනවා වෙනුවට මින්හියා එයාගේ බඳ වටේ ලිහිල් ව එතිලා තිබුන අත් අතරෙ මගේ පැත්තට හැරිලා එයාගේ මූණ මගේ පපුතුරේ සඟවාගත්තේ ඇසිල්ලකින්.  ඒත් ඒ මොහොතට උනත් එයාගේ ඇස්වල යන්තමට පිරිලා තිබුන කඳුළු කැට දිලිසෙනවා මම දැක්කා .

"මින්හියා... අඩන්න එපා මැණික තවත් ... ඔය ඇස්වල කඳුළු දකින්න මම කැමති නෑ , මම නිසා ඔයාගේ ඇස්වල කඳුළු දකින්න මම කොහොමත් කැමති නෑ . " මගේ තීරණේ ගැන මින්හීට කලින් නොකිව්වේ ඇයි කියලා මටත් හිතාගන්න බෑ , සමහරවිට එයාව පුදුම කරන්න හිතාගෙන වෙන්නැති . ඒත් මම අපාර්ට්මන්ට් එකේ ලියුමක් ලියලා තිබ්බේ එයා මාව හොයාගෙන එනවා කියලා මම හොඳටම දන්න නිසා . ඒත් ඒ කිසිම විදිහකින් එයා මෙහෙම අඬනවා බලන්න නම් නෙවෙයි .  මම ටික වෙලාවක් යනකල් මින්හීගේ ඔලුව අතගෑවේ එයාව සනසවන්න . ඒත් එයා ඔලුව උස්සන්නේවත් නැතුව දිගටම මගේ ඇඟේ මූණ හංඟාගෙන හිටියා,  මින්හීගේ අත් මගේ ෂර්ට් එක අල්ලාගෙන හිටියේ අතාරින්න කිසිම අදහසක් නෑ වගේ .

"මින්හියා... මේ අහන්නකෝ .. මම ඔයාව සර්ප්‍රයිස් කරන්න හැදුවේ . ඔයා බලන්නේ නැද්ද මොකද්ද සර්ප්‍රයිස් එක කියලාවත් ...."

"ම්හ්..." මින්හියා ඔලුවත් හංඟගෙන ම එහෙම කියලා යන්තමට ඔලුව වැනුවා දෙපැත්තට . අනේ මේ පිස්සු කෙල්ලගෙත් වැඩ

"එතකොට මම ඔයා වෙනුවෙන් ම හදපු දේවල් ?? ඔයා ඒවා දිහා බැලුවේවත්  නැත්නම් මගේ මහන්සිය ?? මම ඇත්තටම ගොඩක් මහන්සි උනා මින්හියා...." මම එහෙම කියලා ටික වෙලාවකින් මින්හී හෙමින් සැරේ ඔලුව උස්සලා මගේ දිහා බැලුවා .

"චින්චා ?? ඔයා ඒ හැමදේම හැදුවා??"

"නැත්නම්?? මම තමයි ඔක්කොම කෑම ජාති හැදුවේ ..." මම පුලුවන් තරම් අහිංසක මූණක් හදාගෙන කිව්වා.

මෙච්චර වෙලා අඬලා කඳුළු පිරිලා තිබුන මූණ ඇසිල්ලකින් රැවිල්ලකට හැරෙද්දී මින්හියාගේ අත මගේ නළලට ලං උනේ හිතාගන්නත් කලින් .

"ආආව්" මින්හියා නළලට ඇඟිල්ලෙන් ඇන්න පාර මට ඉබේටම කියවුනා .

"යාහ් කිම් ටේහ්‍යුන්ග් ... ඔයා හිතන්නේ ඔය බොරුවලින් මාව රවට්ටන්න පුලුවන් කියලා ද?? ඔච්චර කෑම ජාති හදන්න නෙවෙයි , ඔයා පැයක් කිචන් එකේ හිටියා නම් මේ වෙද්දී මේ අපාර්ට්මන්ට් එකම අලුවෙලා ඉවරයි කියලා මම හොඳටම  දන්නවා ." මින්හියා කිව්වේ මට බැනගෙන බැනගෙන යනවා වගේ . ඒත් එයා කට උල්කරගෙන ඒක කිව්ව විදිහට බය  හිතෙනවට වඩා මට ඕන උනේ එයාට තොල් පෙතිවලට තවත් කිස් එකක් දෙන්න .

"අරස්සෝ අරස්සෝ , මම කෑම කිසිම දෙයක් හැදුවේ නෑ . ඒත් අනිත් දේවල් හැමදේම කළේ මම තනියෙන් .  ඉගෙ චින්චයා මින්හියා . " මම ආපහු සැරයක් මින්හියාගේ මූණට එබිලා බැලුවේ අහිංසක මූණක් එක්ක .

මින්හියා එයාගේ මූණට නැඟෙන හිනාව කොච්චර හංඟාගන්න හැදුවත් අන්තිමට එයා  හිනා උනා, එයා ඒ හිනාවෙන් ම මගේ දිහා බලාගෙන හිටියේ වචනයක්වත් කියන්නේ නැතුව .

"සරන්ග්හේයෝ මින්හියා . චොම්මල් නෝම සරන්හේ නේ චොස්සරම් . ගොඩක් ස්තූතියි මෙච්චර කාලයක් මාත් එක්ක හිටියාට , ජීවිතේ අමාරු ම කාලවලදී මාත් එක්කම හිටියට. ඉස්සරහටත් ඒ විදිහට ම මාත් එක්ක ඉන්න , මට ඒ හොඳටම ඇති " . මම හිතේ තිබුන හැඟීම් වචනවලට පෙරළන්න අසාර්ථක උත්සාහයක් ගන්නවා වගේ මට දැනුනේ , මොකද ඇත්තටම වචනවලින් කියාගන්න බැරි තරම් හැඟීම් ගොඩක් හිතේ හැංඟිලා තියෙනවා වගේ මට දැනුනේ .

"අනී ගුමාවොයො ටේහ්‍යුන්ගා . මේ හැමදේම දරාගෙන ජීවත් වෙලා අන්තිමට ඔයාලා හැමෝම වෙනුවෙන් හොඳ තීරණයක් ගත්තට. ඒත් ඇත්තටම දැන් ඔයා මොකද්ද කරන්නේ ??" මින්හියා ඇහුවේ කුතුහලයෙන් පිරුන ඇස්වලින් .

"අපිට ඒ ගැන කතාකරන්න ඕන තරම් වෙලා තියෙයි , ඒත් ඉස්සෙල්ලාම අපි මේ ගැන වගකීම ගන්න ඕන " මම එහෙම කියලා මින්හීගේ අතින් අල්ලාගෙන ගිහින් එයාව කෑම මේසයේ පුටුවකින් වාඩි කෙරෙව්වා .

"ඇත්තටම ඔම්මාගේ කෑම ගොඩක් රසයි. මම ඔම්මාව ගෙදර එක්කරගෙන ගිහින් එන්න හදද්දී මාව බලෙන් ම නතර කරගත්තා ඔම්මා මේ ඔක්කොම හදලා ඉවරවෙනකල්." මම කිව්වේ මේසය උඩ තිබුන හැම වර්ගයකම කෑම දිහා පුදුමයෙන් බලාගෙන ඉන්න මින්හීගේ මූණ දැකලා.

Min Hee's POV
රෑ අට විතර වෙනකල් ටේහ්‍යුන්ගාගේ අපාර්ට්මන්ට් එකේ හිටියට පස්සේ ආපහු යන්න හිතේ තිබුනේ මැලිකමක් . ටේහ්‍යුන්ගාටත් මාව ආපහු යවන්න අදහසක් තිබුනේ නැති උනත් එයා මගෙන් ආපහු යනවද කියලා ඇහුවේ පුරුද්දට වගේ . අන්තිමට ටේහ්‍යුන්ගාගේ ඇඳරෙදි අතරෙ එකිනෙකාගේ උණුසුමට අපි දෙන්නා තුරුල් උනා.

"මින්හියා "

"ම්ම්" ටේහ්‍යුන්ගාගේ පපුවේ හොවාගෙන හිටිය මූණ එහෙම්මම තියාගෙන මම ඇයි ඇහුවා.

"ඇත්තටම මම මොකද්ද කරන්න ඕන ?" ටේහ්‍යුන්ගාගේ කටහඩේ තිබුන බැරෑරුම් ස්වභාවය නිසාම මම ඔලුව උස්සලා එයා දිහා බැලුවා . මේතරම් වෙලාවක් සිවිලිම දිහා බලාගෙන හිටිය ටේහ්‍යුන්ගා මගේ පැත්තට හැරුනා .

"ටේහ්‍යුන්ගා????"

"මම මොන වගේ තීරණයක් ගන්න ඕන කියලා ද ඔයා හිතන්නේ මින්හියා ?? කිම් කෝපරේෂන් එකේ තෙප්‍යෝ විදිහට වැඩ බාරගන්න ද නැත්නම් මගේ ඇත්ත අනන්‍යතාවය හෙළි කරලා මේ හිටිය විදිහටම ඉන්නද??" ටේහ්‍යුන්ගා ඇහුවේ කලින් වගේ ම බැරෑරුම් හඬකින් .

"ටේ... මේක ඔයාගේ ජීවිතේ , ඉතින් ඒ තීරණේ ගන්න ඕන ඔයා නේද ? ඇයි මගේ අදහස වැදගත් වෙන්නේ ??" මම ඇහුවේ එකපාරටම ටේ අහපු ප්‍රශ්නේ නිසා  ව්‍යාකූලත්වයට පත් වෙලා .

"මේක මගේ ජීවිතේ , ඒත් ඉස්සරහට මම ඒ ජීවිතේ ගත කරන්නේ ඔයත් එක්ක මින්හියා . මම කිම් කෝපරේෂන් එක බාරගත්තොත් ඒකෙන් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා , ඒක ඔයාටත් බලපානවා , ඇත්තටම ඔයාට ඒ වෙනස දරාගන්න පුලුවන් ද?? ඒ හැමදෙයක් ම විඳදරාගෙන මගේ ළඟින් හැමදාම ඔයාට ඉන්න පුලුවන් ද මින්හියා ??"

"ටේ ඇයි ඔයා ඒ ගැන මේ තරම් හිතන්නේ ?? ඔයා ගන්න ඕනම තීරණයක් මට ප්‍රශ්නයක් නෙවෙයි "

"අනියා මින්හියා ... හරබොජි අසනීප වෙලා අප්පාට එකපාරටම කිම් කෝපරේෂන් එක බාරගන්න වෙනකොට ඔම්මා අප්පා එක්ක හිටියා , අප්පාව යම් තරමකට හරි වගකීම්වලින් නිදහස් කරන්න ඕන නිසා ඔම්මත් ව්‍යාපාර වලට සමබන්ධ උනා. අප්පාට කිම් කෝපරේෂන් එකේ වැඩ නිසා දැනෙන පීඩනේ වැඩි වෙනකොට ඔම්මාත් ඒ පීඩනේ දරාගත්තා, එයාලා දෙන්නාම කිව්වේ එහෙමයි . ඉතින් ඔයාටත් ඔම්මා වගේ ඒ පීඩනේ දරාගන්න පුලුවන් වෙයිද මින්හියා ??"

"ටේ ඔයා හොඳටම දන්නවා මම ඔයාට ආදරෙයි කියලා , ඉතින් ඔයා වෙනුවෙන් මට ඒ දේ කරන්න බෑ කියලා ඔයා හිතන්නේ කොහොමද ??? ඔයාට අපේ ආදරේ ගැන විශ්වාසයක් නැද්ද ??" මම ඇහුවේ ටේහ්‍යුන්ගා අහපු ප්‍රශ්නෙත් එක්ක මගේ හිත රිදුන නිසා . එයා ඇයි හිතන්නේ එයාගේ වගකීම එයත් එක්කම දරාගන්න මම සූදානම් නෑ කියලා ??

"අවුරුදු ගානක් නැතිවෙලා තිබිලා ආපහු හම්බවුන අපේ ආදරේ ගැන මම විශ්වාස නොකර කොහොමද මැණික ?? මම කියන්නේ මගේ මේ තීරණය නිසා ඔයාගේ ජීවිතේ වෙනස්  වෙනවට මම කැමති නෑ . දැනටමත් ඔයාට මම නිසා ම කිම් කෝපරේෂන් එකේ ලොකු වගකීමක් දරන්න වෙලා , ඉස්සරහට ඒ වගකීම් තවත් වැඩි වෙයි . සැහැල්ලුවෙන් සතුටින් ඔයා ගෙවපු ජීවිතේ වගකීම් ගොඩක් අතරේ හිරකරලා නැති කරලා දාන්න මට බෑ මින්හියා." ටේහ්‍යුන්ගා හැඟීම්බර ව ඒ වචන ටික කිව්ව විදිහට මාව ඇත්තටම නිරුත්තර උනා.

"ඔයා පොඩි කාලේ ඉඳන් ම ඔයාගේ ම නිදහස හෙව්ව කෙනෙක් ටේහ්‍යුන්ගා , ඉතින් ඔයා හිතනවා නම් මේ වගකීම ඔයාගේ උරහිස්වලට බර වැඩි නෑ කියලා ඔයා මේ අඩිය ඉස්සරහට තියන්න , මම ඔයත් එක්කම ඉන්නවා . මගේ උරහිස්වලටත් ඔයාට වගේ ම ඒ බර දරාගන්න පුලුවන් .... ඒත් .." අන්තිමට මම කියවෙන්න ආපු වචන මම ආපහු ගිලගත්තා. ටේහ්‍යුන්ගා ටික වෙලාවක් බලාගෙන හිටියේ මම ආපහු කතා කරනකල් .

"මින්හියා...." ටේහ්‍යුන්ගා මගේ උරහිස් වටේ එතිලා තිබුන එක අතකින් මගේ මූණට වැටිලා තිබුන කොණ්ඩ කැරලි මගේ කන පිටිපස්සෙන් රැඳෙව්වා. එයා එහෙම කලේ එයාගේ ඇස්වලට සෘජුව ම මගේ ඇස් දිහා බලන්න පුලුවන් වෙන්න කියලා තේරුණත් මම හිතාමතාම ටේහ්‍යුන්ගාගේ බැල්ම මඟහැරියා .

"ඔයා මොකද්ද කියන්න හැදුවේ ??? ඇයි ඒක  අතරමග නතර කලේ??? මම දන්නවා ඔයා මොකක් හරි දෙයක් ගැන වදවෙනවා කියලා ." ටේහ්‍යුන්ගා ඇහුවේ හරිම මෘදු හඬකින් .

"ඒත් ඇත්තටම ප්‍රශ්නේ ඒක නෙවෙයි නේද ටේහ්‍යුන්ගා ??? ඔයාට දරන්න තියෙන වගකීම් වැඩිවෙද්දී මට දිගටම ඔයා එක්ක ඉන්න පුලුවන් ද කියලා අහනවට වඩා ඔයා කිම් කෝපරේෂන් එකේ තෙප්‍යෝ වෙනකොට මට ඇත්තටම ඔයාගේ ළඟින් ඉන්න පුලුවන් ද කියන එක නේද ඇත්තම ප්‍රශ්නේ ???" මම ඇහුවේ හිතේ ගොඩක් දවසක් තිස්සේ හැංඟිලා තිබුන සිතුවිල්ලක් , ඒත් ඒක සිතුවිල්ලකට වඩා මට දැනුන භයානක හැඟීමක් . ටික වෙලාවක් යනකල් අපි අතර තිබුන නිහඬතාවයෙන් පස්සේ ටේහ්‍යුන්ගා එයාගේ කටහඬ අවදි කළා.

"ඔයා මොකද්ද ඒකෙන් අදහස් කරන්නේ මින්හියා????" ටේහ්‍යුන්ගා ඇහුවේ ටිකක් දැඩි විදිහට . ඒත් මම නිහඬවම එයාගේ මූණ දිහා බලාගෙන හිටියේ කතාකරන්න වචන ගොණුකරගන්න වගේ .

"මින්හියා මම ඔයාගෙන් දෙයක් ඇහුවා , මම ඒ ගැන මගේ උත්තරය දෙන්න කලින් ඔයාගේ හිතේ ඇත්තටම තියෙන්නේ මොන වගේ අදහසක් ද කියලා මට කියන්න " ටේහ්‍යුන්ගාගේ කටහඩේ සම්පූර්ණයෙන්ම තිබුනේ දැඩි බවක්. මෙච්චර වෙලා එයාගේ ටීෂර්ට් එකේ ඉදිරිපසින් ලිහිල්ව අල්ලාගෙන හිටිය මගේ අත්වල ග්‍රහණය ඉබේටම දැඩි උනා.

"ටේහ්‍යුන්ගා කේන්ති ගන්න එපා. ඒත් ඇත්තටම පොඩ්ඩක් හිතන්න. ඔයා ජේහ්‍යුන්ග් විදිහට හිටියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් පිළිගැනීමක් ඔයාට දැන් සමාජයෙන් ලැබෙන්නේ . එයාලා කිම් කෝපරේෂන් එක , ඔයාගේ පවුලේ අය , ඒ අය දිහා බලන විදිහට ම ගෞරවයකින් ඔයා දිහා බලන්නේ. ඉතින් ඒ පිළිගැනීමත් එක්ක ඔයාගේ වටේපිටේ ඉන්න අය ගැනත් හැමෝගෙම අවධානය යොමු වෙනවා ඉබේටම . අවුරුදු දාහතේදි දහ අටේදී හිතුව තරම් සැහැල්ලුවට අපිට ජීවිතේ ගැන හිතන්න බෑ නේද ???? ඔයාට ඒ ගැන මොකුත් හිතෙන්නේ නැති වෙන්න පුලුවන් , ඒත් ....ඒත් මට හිතෙන්නේ ඔයාගේ ඉදිරි ජීවිතේ සමහර දේවල් වලදී මම , අපේ මේ සම්බන්ධය ඔයාට බාධාවක් වෙයි කියලා . මම දන්නේ නෑ ඒක මට දැනෙන හැඟීමක් විතරයි ද කියලා , ඒත් එහෙම හිතෙද්දී මට දැනෙන බය, වේදනාව මට දරාගන්න බෑ ටේහ්‍යුන්ගා . ඒත් ගොඩක් ම හිතට වේදනාවක් දැනෙන දේ තමයි බැරිවෙලාවත් එහෙම දෙයක් උනොත් , ඒ වෙලාවට මම කරන්න ඕන මොකද්ද , ගන්න ඕන තීරණය මොකද්ද කියලාවත් මම දන්නේ නෑ . " අවසානෙදි මගේ ඇස්වල කඳුළු පිරිලා මගේ කටහඬත් හැඬුම්බර උනා කියලා දැනුනා උනත් මම හිතේ තිබුන හැමදේම කිව්වේ ඒක මට දරාගන්න බැරි තරම් බරක් විදිහට දැනුන නිසා .

අපි අතර තිබුන නිහැඬියාව තවත් දීර්ඝ වෙද්දී මම හෙමින් සැරේ ටේහ්‍යුන්ගාගේ ග්‍රහණයෙන් මිදෙන්න උත්සාහ කලා . ඒත් ඒ වෙනුවට මෙච්චර වෙලාවක් මගේ උරහිස් වටේට එතිලා තිබුන ටේහ්‍යුන්ගාගේ අත හෙමින් සැරේ පහළට ගිහින් නිරාවරණය වෙලා තිබුන මගේ ඉණ වටා එතුනා . යන්තමට විවර වෙලා තිබුන ජනෙල් තිරරෙදි අතරින් කාමරේ ඇතුලට වැටුන මන්දාලෝකයෙන් ටේහ්‍යුන්ගාගේ ඇස් කෙලින්ම මගේ ඇස් දිහාවට යොමු වෙලා තියෙනවා දකිද්දී මම හැදුවේ ඒ ඇස් මඟාරින්න . ඒත් ටේහ්‍යුන්ගා එයාගේ අනිත් අතින් මගේ නිකට යන්තමින් අල්ලාගෙන මගේ මූණ ආපහු එයාගේ පැත්තට හරවාගත්තා.

"කවදාවත් ඔයා මට බාධාවක් වෙයි කියලාවත් , මාව දාලා යන්නවත් හිතන්න එපා මින්හියා. චොල්තෙරො හජිමා . (Don't do it no matter what) " ටේහ්‍යුන්ගා එහෙම කියලා මගේ දෙතොල්වලට බර උනේ ඇසිල්ලකින් . වෙනදට දැනෙන මෘදු පහස වෙනුවට අද ටේහ්‍යුන්ගාගේ හාදුව ගොඩක් රළු විදිහට දැනෙන්න ගත්තා. ඒත් හිතේ තිබුන දුක, නොසන්සුන් බව එක්ක සිප ගැනීම නවත්වන්න උත්සාහ කරනවා වෙනුවට මමත් ඒ විදිහට ම ටේහ්‍යුන්ගාගේ දෙතොල්වල රිද්මයට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තා. 

Taehyung's pov
දීර්ඝ වෙලාවක රළු සිපගැනීමකින් පස්සේ මම මින්හියාගේ තොල්පෙතිවලින් මෑත් උනා. මින්හියාගේ වචනවලින් මට මුලින්ම දැනුනේ එයා මාව දාලා යයිද කියලා බයක් , හිතට දැනුන ඒ බය නිසාම මම හිතුවෙවත් නැති විදිහට අපේ සිපගැනීම ගොඩක් රළු උනා. ඒත් මින්හියා මාව නවත්වන්න උත්සාහ කරනවා වෙනුවට එයත් ඒ විදිහට ම මට ප්‍රතිචාර දක්වද්දී මොහොතකට මට මාව ම පාලනය කරගන්න බැරි උනා .

ඒත් දැන් මින්හීගේ කඳුළු පිරුන ඇස් , ඉදිමුණ තොල්පෙති දකිද්දී මට එකපාරටම හිතුනේ මගේ පාලනයෙන් මිදුන හිත ඉක්මන් උනා වැඩිද කියලා . ඒත් ඊටත් වඩා මට දැනුනේ එයාගේ අනාරක්ෂිත හැඟීම මම ඉක්මනින් ම නැති කරලා දාන්න ඕන කියන හැඟීම .

"මැණික....." මම මින්හියාගේ කම්මුලට අත තියලා එයාගේ ඇස් දිහාම බලාගෙන හිටියා .

"අපි මීට අවුරුදු ගානකට කලින් හිතුවට වඩා ගොඩක් දේවල් අපේ සම්බන්ධයේ දී දැන් හිතන්න ඕන ඇති . හැමෝගෙම ඇස් අපි දිහාවට යොමු වෙනවා ඇති . ඒත් මොන දේ උනත් මගේ පළවෙනි තේරීම ඔයා . වෙන හැමදේකට ම වඩා මට වටින්නේ ඔයාව. ඔයා කවදාවත් මට බාධාවක් වෙන්නේ නෑ මින්හියා , මොකද ඔයා මට ඇත්තටම ආශිර්වාදයක් . ඒ නිසා කවදාවත් හිතන්න එපා ඔයා නිසා මට කිසිදෙයක් නැති වෙයි කියලා . හැමදේකට ම කලින් මට ඕන ඔයාව, ඔයා නැතුව කිසිම දේකින් මට වැඩක් නෑ . "

"ඒත් ටේහ්‍යුන්ගා ...."

"ජීවිතේ සමහර දේවල් ලබාගන්න අපිට කැපකිරීම් කරන්න වෙනවා. ඒත් කිසිම දෙයක් වෙනුවෙන් මට ඔයාව නැති කරගන්න බෑ . මොකද මගේ සාර්ථකත්වය තියෙන්නේ ඔයා එක්කමයි මින්හියා.... ඔයා මගෙත් එක්ක නෑ කියලා දැනෙන එක මොහොතක් ඇති මාව සම්පූර්ණයෙන්ම පිස්සෙක් කරන්න. අපේ ජීවිත ඉස්සරහට මොන විදිහට වෙනස් උනත් මම ආදරේ කළේ, දැන් ආදරේ කරන්නේ , ඉස්සරහට ආදරේ කරන්නෙත් ඔයාට විතරමයි . මොන දේ සිද්ද උනත් මට ඔයා  මගේ ළඟින් ම ඉන්න ඕන .... " මම හදවතින්ම නැඟෙන ආදර‍යත් එක්ක කිව්ව ඒ වචනයක් පාසා මින්හීගේ ඇස්වල කඳුළු බිංදු අලුත් උනා. අන්තිමට එයාගේ කම්මුල් දිගේ ඒ කඳුළු බිංදු රූරා වැටෙද්දිත් මින්හියා මගේ දිහා බලාගෙන හිටියා.

"I love you forever " මම හෙමින් සැරේ මින්හියාගේ කම්මුල්වල කඳුළු පිහදාලා එයාගේ නළලත මත  මෘදු හාදුවක් තියලා ආපහු මින්හීගේ මූණ මගේ පපුවට තුරුල් කරගන්න හැදුවේ. ඒත් ඒ වෙනුවට මින්හියා එකපාරටම මගේ ටීෂර්ට් එක මත තිබුන එයාගේ අත්වල ග්‍රහණය දැඩි කරද්දී මගේ මූණ එයාගේ මූණට ළං උනා.

"සමහර වෙලාවට මෘදු හාදුවකට වඩා රළු හාදුවකින් කෙනෙක්ගේ හැඟීම් අපිට තේරුම් ගන්න ලේසියි " මින්හියා එහෙම කියලා මගේ දෙතොල් එයාගේ තොල්පෙති වල ග්‍රහණයට නතු කරගත්තා. මින්හීගේ වචනවල තෙරුම වැටහෙනකොට එයාගේ බඳ වටා එතිලා තිබුන අත්වල ග්‍රහණය තවත් දැඩි කරලා මින්හීව තවත් මට තුරුල් කරගත්තා.

නොනවත්වාම මින්හීගේ දෙතොල් අතර රළු ව ඇදුන මගේ දෙතොල් මද වේලාවකින් හෙමින් සැරේ  එයාගේ සියුමැලි ගෙළ දිහාවට ඇදුනේ නිරායාසයෙන් . එක්වරම මින්හීගේ දෙතොල්වලින් නික්මුණු කෙඳිරිලි හඬත් එක්ක හිතේ පාලනය නැවතත් වරක් සම්පූර්ණයෙන්ම ගිලිහෙනවා වගේ මට දැනුනේ .  ඒත් මින්හීගේ විශ්වාසය, එයාගේ ආත්ම ගරුත්වය හැමදාටම රකින්න ඕන කියන මගේ ශක්තිමත් හැඟීම එක්ක නැවතත් හිත පාලනයට නතුකරගන්න උත්සාහ කරන අතරේ මම අපිට ආදරේ විඳින්න පුලුවන් සීමාව ඇතුලේ මින්හීගේ ගෙළ, නිරාවරණය වෙලා තිබුන උරහිස් මත මෘදු හාදු පතිත කරන්න ගත්තා  .

~~~~~~දින දෙකකට පසු~~~~~~

Third person's view
කිම් සමූහයේ සභාපතිවරයාගේ පුත්‍රයා විදිහට ටේහ්‍යුන්ග් එයාගේ ඇත්තම අනන්‍යතාවය හෙළි කළාට පස්සේ ඒ ගැන සම්පූර්ණ විස්තර දැනගන්න හැමෝටම ඕන උනා. ඒ වගේ ම හැමෝටම අභිරහසක් වෙලා තිබුන සභාපතිවරයාගේ පුතා ගැන දැනගන්න කිම් සමූහයේ විධායක මණ්ඩලයේ හැමෝටම ඕන උනා. ඒ නිසාම මාධ්‍ය හමුවට කලින් විධායක මණ්ඩලයේ අයගේ හමුවක් (executive board meeting ) තියන්න සභාපතිතුමා තීරණය කළා.

කිම් කෝපරේෂන් එකේ conference room එකට රැස්වෙලා හිටිය හැමෝම හිටියේ නොයිවසිල්ලෙන් . මේසයේ මුල් පුටු හතර හිස්වෙලා තිබුනේ හමුව පටන්ගන්න තවත් මිනිත්තු කිහිපයක් ඉතිරි වෙලා තිබුන නිසා .

"ඇයි හෙජන්නිම් මෙච්චර කාලයක් මේ කිසිම දෙයක් ගැන කිව්වේ නැත්තේ ?? ඇත්තටම මට නම් අමතක වෙලා තිබුනේ එතුමාට පුතෙක් ඉන්නවා කියලා "

"ඒත් හෙජන්නිම්ගේ පුතා ඇයි මෙච්චර කාලයක් මේ කිසිම දේකට සම්බන්ධ වෙන්නේ නැතුව ආර්ක් ගේම්ස් වගේ දෙයක් වෙනුවෙන් මහන්සි උනේ ?? කිම් කෝපරේෂන් එකම එයාට කේක් කෑල්ලක් වගේ ලේසියෙන් ම  අයිතිවෙනවා කියලා දැනගෙනත් ඇයි එයා එහෙම කළේ???"

"දැන් ඉස්සරහට නම්ජූන් ශී  CEO තනතුරෙන් අයින් වෙයි ද?? ඒත් හෙජන්නිම්ගේ පුතාට එකපාරටම මෙච්චර වගකීමක් ගන්න පුලුවන් වෙයිද?? "

"හෙජන්නිම් මීටින් එකට එන්නේ එයාට දැන් ඇත්තටම හොඳයි ද?? මොකද්ද ඇත්තටම සිද්ධ වෙන්නේ ???"

හැමෝම තම තමන්ගේ හිතට නැඟුන ප්‍රශ්න එකිනෙකා අතරේ කතා කරන්න ගත්තා . ඒත් එකපාරටම මීටින් රූම් එකේ දොර ඇරෙද්දි හැමෝම නිහඬ උනා. කිම් සමූහයේ සභාපති   කිම් ටේහූන් , විධායක අධ්‍යක්ෂක කිම් නම්ජූන් , කිම් රෝහල් සමූහයේ අධ්‍යක්ෂක කිම් සොක්ජින් තුන්දෙනාම කාමරයට ඇතුල් වෙද්දී හැමෝම තමන්ගේ පුටුවලින් නැඟිට්ටා .
සභාපතිතුමා වාඩි උනාට පස්සෙ කාමරය ඇතුලට ආවේ එයාලාගේ secretary ලා තුන්දෙනා විතරයි . මුල්පුටු හතරෙන් තාමත් හිස්වෙලා තිබුන ආසනය දිහාවට හැමෝගෙම අවධානය යොමු උනා. ඒත් එක්කම නම්ජූන් එයාගේ කටහඬ අවදි කළා.

"කෙටි දැනුම්දීමකින් හැමෝටම රැස්වෙන්න පුලුවන් උන එක ගැන ගොඩක් සතුටුයි. මුලින් ම කියන්න ඕන හෙජන්නිම්ට සම්පූර්ණයෙන්ම විවේකයෙන් ඉන්න කියලා කියලා තියෙන්නේ , ඒ නිසා එතුමාට අපහසුවක් දැනෙන්නේ නැති වෙන්න පුලුවන් තරම් නිහඬ සාමකාමී පරිසරයක් තියාගන්න උත්සාහ කරන්න . දැන් මේ මීටින් එක පටන් ගන්න කලින් අපේ විශේෂ ම අමුත්තාව අපි පිළිඅරගෙන ඉමු " නම්ජූන් එහෙම කියලා ඉවර වෙද්දිම ආපහු සැරයක් මීටින් රූම් එකේ දොර විවෘත උනා .

"හැමෝම අඳුරගන්න , ඒ වගේ ම පිළිගන්න අපේ සභාපතිතුමාගේ එකම පුතා වගේ ම මීළඟ විධායක අධ්‍යක්ෂක කිම් ටේහ්‍යුන්ග් ශී . " නම්ජූන් එහෙම කියද්දිම දොරෙන් ඇතුලට ආවේ ටේහ්‍යුන්ග් . කිම් ජේහ්‍යුන්ග්ගේ අනන්‍යතාවය තුළ තිබුනට වඩා ගාම්භීර පෙනුමකින් සභාපතිතුමාට නොදෙවෙනි ආත්ම විශ්වාසයකින් සභාපතිතුමාගේ පුතා ඇතුලට එද්දී විධායක මණ්ඩලයේ පරිණත ගොඩක් අය ටේහ්‍යුන්ගෙන්  තරුණ කාලේ ටේහූන්ව දැක්කා.

Taehyung"s POV
"අප්පා, හ්‍යුන්ග්ලා දෙන්නා හැමෝම ඇතුලට ගිහින් ටික වෙලාවකින් මම ඇතුලට ගියේ. ජේහ්‍යුන්ග් විදිහට ඉන්න කාලේ යම් යම් වැඩවලට විධායක මණ්ඩලයේ අය එක්ක වැඩ කරන්න සිද්ද උනත් අද මම එයාලා ඉස්සරහට යන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් අනන්‍යතාවයකින් . විධායක මණ්ඩලයේ හිටිය ගොඩක් අය කාලයක් අප්පා එක්ක එකට වැඩ කරපු විශ්වාසවන්ත අය නිසා අප්පාට ඕන උනේ මුලින් ම මාව ඒ අයට හඳුන්වලා දෙන්න , ඒ නිසා ම මම, ඔම්මා කොච්චර අකමැති උනත් අප්පා අද මීටින් එකටත් ආවා.

"අන්න්‍යොන්ග් හසෙයෝ චොනන් කිම් ටේහ්‍යුන්ග් ඉම්නිදා " මම හැමෝටම ආචාර කරලා අප්පාගේ පැත්තකින් වාඩි උනා.

"හැමෝම මෙච්චර කාලයක් දැනගෙන හිටිය ජේහ්‍යුන්ග් කියන්නේ ඇත්තටම මගේ පුතා කිම් ටේහ්‍යුන්ග්ට. ඉදිරියට කිම් සමූහයේ වැඩවලට එයා සම්පූර්ණයෙන්ම සම්බන්ධ වේවි. දැනට මට , නම්ජූන්ට දුන්නා වගේ ම සහයක් ඔයාලා හැමෝම එයාට දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. " අප්පා කිව්වේ අවධාරණාත්මක විදිහට . ඔම්මා මීටින් එකට එන්න කලින් පරෙස්සම් වෙන්න කියලා අප්පාට තර්ජනය කරපු නිසාද කොහෙද අප්පා මහන්සියක් නොදැනෙන්න  වචන දෙක තුනක් කතා කරලා නතර උනේ.

"හෙජන්නිම් එතකොට නම්ජූන් ශී විධායක අධ්‍යක්ෂ තනතුරෙන් අයින් වෙනවාද???"

"සභාපතිතුමා වෙනුවට මම උත්තර දෙන්නම්. ඇත්තම කිව්වොත් ටේහ්‍යුන්ග් ශී කිම් සමූහයට සම්බන්ධ වෙනකල් තමයි මම විධායක අධ්‍යක්ෂ විදිහට ඒ වගකීමත් බාර අරගෙන වැඩ කළේ. ඒත් දැන් මම හිතනවා ඒ වගකීම එයාට බාරදීලා මට හොටෙල් ගැන සම්පූර්ණයෙන්ම අවධානය දෙන්න පුලුවන් කියලා " නම්ජූන් හ්‍යුන්ග් එහෙම කියලා කාටවත් පේන්නේ නැති වෙන්න මගේ පැත්තට හැරිලා ඇහැක් හීනි කරලා හිනා උනා.

'අයිෂ් මෙයාලා ඔක්කොම බලාගෙන ඉඳලා තියෙන්නේ මාව ඉවර කරන්න ' මම හිතින් මට ම හිතාගත්තා.
.
.
.
"ටේහ්‍යුන්ග් ශී මේතරම් කාලයක් ඔබ වෙනත් අනන්‍යතාවයකින් පෙනී ඉන්න හේතුව මොකද්ද ???"

"ඒ යම් විදිහකින් අනතුර නිසා ඇතිවුණු තත්ත්වයක් නිසාද???"

මීටින් එකෙන් පස්සේ මම එහෙම්මම මාධ්‍ය හමුවට ආවා, අප්පා මාත් එක්ක එන්න හැදුවත් මම අප්පාව නතර කළේ එයාගෙන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ගිහින් අප්පා මහන්සි වෙන්න හොඳ නැති නිසා. ඒ නිසා අප්පා එයාගේ ඔෆිස් එකේ ඉන්න අතරේ මම වෙනත් conference room එකක සූදානම් කරලා තිබුන මගේ මාධ්‍ය හමුවට ආවා.
ඇත්තටම මුලින්ම අහපු ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරය හරිම සරලයි , ඒත් ඒ ඇත්ත හෙළි කරලා ලෝකෙටම අප්පාව වැරදිකාරයෙක් කරන්න බෑ . ටික වෙලාවක් මගේ හැඟීම් ගොණු කරගෙන මම මාධ්‍යවේදියෝ දිහාවට හැරුනා  .

"ඒකට ගොඩක් හේතු තියනවා. පළවෙනි එක තමයි මට ඕන උනා හැමෝම මම රිදී හැන්දක් කටේ තියාගෙන ඉපදුන කෙනෙක් විදිහට දකිනවට වඩා මගේ ම මහන්සියෙන් දෙයක් ලබාගත්ත කෙනෙක් විදිහට දකින්න . කිම් සමූහය කියන්නේ මගෙත් වගකීමක් කියලා පොඩි කාලේ ඉදන් ම දන්නවා උනත් ඊට කලින් ඒ වගකීම දරන්න මම සුදුස්සෙක් කියන එක ලෝකෙට ඔප්පු කරන්න මට ඕන උනා.

ඊළඟට අවුරුදු 7කට කලින් සිද්ද උන අනතුර. ඒ අනතුර නිසා මගේ ජීවිතේ ගොඩක් වටින දෙයක් මට නැති උනා කියලා මම අවුරුදු ගානක් හිතාගෙන හිටියේ , අදටත් මම ඒ ගැන මතක් කරන්නවත් කැමති නෑ . ඒත් කොහොමහරි ඒ අනතුර නිසා අන්තිමට මම හදිසියේ  විදෙස් ගතවෙන්න තීරණය කළා."

"ටේහ්‍යුන්ග් ශී ආර්ක් ගේම්ස් සම්පූර්ණයෙන්ම ඔබේ අදහසක් ද??"

"ආර්ක් ගේම්ස් කියන්නේ අපේ වසර තුනක මහන්සියේ ප්‍රතිඵල . වසර තුනකට කලින් මගේ හිතේ තිබුන අදහසක් අනූව පටන් ගත්ත ආර්ක් ගේම්ස් එක ආර්ක් ගේම්ස් එකට අනුයුක්තව සේවය කරන හැමෝගෙම මහන්සියෙන් , කැපවීමෙන් තමයි අද තියෙන තත්ත්වයට දියුණු උනේ"

"ඔබ හදිසියේ ම ඔබේ අනන්‍යතාවය හෙළි කරන්න තීරණය කලේ කුමක් නිසා ද??"
මෙච්චර වෙලා සන්සුන් විදිහට උත්තර දුන්න මට ඇත්තටම ඒ ප්‍රශ්නේ ඇහෙද්දී කේන්ති ගියා . අප්පාව වට කරගෙන ප්‍රශ්නවලින් දමලා ගැහුව හැටි මතක් වෙද්දී මගේ කේන්තිය තවත් වැඩි උනා .

"ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔයාලා හොඳටම දන්නවා . ඒත් දැනගන්න ඕනම නම් මම කියන්නම්. ජේහ්‍යුන්ග් විදිහට ජීවත් උන එක මගේ තීරණයක් . ඒත් ඒකට කිසිම කෙනෙක්ට මගේ පවුලේ අයට,මගේ අප්පාට චෝදනා කරන්න බෑ . මම ජීවතුන් අතර නැහැ කියලා අප්පාට බොරු චෝදනා කරද්දී කිසිම හේතුවක් නිසා තවත් හැංඟිලා ඉන්න මට උවමනාවක් නෑ . ඒ වගේ ම කියන්න ඕන ඒ විදිහට බොරු ප්‍රචාරයක් ඇති කළේ කවුද කියලා මම නුදුරේදී ම හොයාගන්නවා"

"ටේහ්‍යුන්ග් ශී ඔබේ ඉදිරි සැලසුම් මොනවාද ? ඔබ දිගටම ආර්ක් ගේම්ස් එක විතරක් ඔබේ යටතේ තියාගන්නවා ද? නැත්නම් කිම් සමූහයේ විධායක අධ්‍යක්ෂ තනතුර භාරගන්නවාද?"

"ආර්ක් ගේම්ස් කියන්නේ මගේ සිහිනයක් සැබෑවීමක්, ඒක නිසා මම අනිවාර්යයෙන්ම ආර්ක් ගේම්ස් එක ඉස්සරහට අරගෙන යනවා. ඒත් කිම් සමූහයේ වැඩවලට ඒ අතර සම්බන්ධ වෙනවා. දැනට මම ඉක්මනින් ම  විධායක අධ්‍යක්ෂ විදිහට වැඩ බාරගන්න බලාපොරොත්තු වෙනවා මොකද දැනට විධායක අධ්‍යක්ෂ ඉන්න නම්ජුන් ශී , ඒ කියන්නේ මගේ හ්‍යුන්ග් ගොඩක් ආසාවෙන් ඉන්නේ ඒ වගකීම මට බාරදෙන්න " මම අන්තිමට කිව්වේ හිනාවක් එක්ක.

"අවසාන වශයෙන් ටේහ්‍යුන්ග් ශී , ඔබේ පෞද්ගලික ජීවිතේ ගැන යමක් පවසන්න පුලුවන් ද? විශේෂයෙන්ම පෙම්වතියක් සිටීනම් ඒ සම්බන්ධ ව.??"

"මගේ පවුලේ අය ගැන හැමෝම දන්න නිසා ඒ ගැන ආපහු කියන්න දෙයක් ඇති කියලා මම හිතන්නේ නෑ . මම ආශ්‍රය කරන හැමෝගෙම පෞද්ගලිකත්වයට මම ගොඩක් ගරු කරනවා , ඒ නිසා අවසන් ප්‍රශ්නයට මම පිළිතුරක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ . " මම කිව්වේ මාධ්‍ය හමුවට නැවතීමේ තිතක් තියන්න බලාපොරොත්තුවෙන් .

හිතුව විදිහට ම මාධ්‍ය හමුව ඉක්මනට ඉවර උනාට පස්සේ මම අප්පාව හම්බවෙන්න අප්පාගේ ඔෆිස් එකට ගියා. අද මීටින් එකේදී කියන්නේ මොනාද කියලා මම කතා කළේ මින්හියා එක්ක. එයා කිව්වේ මගේ ජීවිතේ ගැන හැමදෙයක් ම දන්නේ , තීරණය ගන්නේ මම , ඒ නිසාම සමාජෙට දැනගන්න ඕන හැමදේම කියනවට වඩා එයාලා මගේ ගැන  දැනගන්න ඕන මොනවද නැත්තේ මොනවද කියලා තීරණය ඕන මම කියලා . ඇත්තටම ඒ කිව්ව දේ කොච්චර ඇත්තක් ද කියලා මට තේරුම් ගියේ අද මාධ්‍යවේදියෝ අහපු ප්‍රශ්න එක්ක.

"අප්පා..." මම හෙමින් සැරේ අප්පාගේ කාමරේට ඔලුව දැම්මා. මේසය උඩ තිබුන ෆයිල් එකක් බලබල හිටිය අප්පා ඉක්මනට ඒක පැත්තකට දාලා දොර පැත්තට හැරුනා .

Bypass surgery එක නොකළා උනත් අප්පා හිටියේ සෑහෙන සුව අතට හැරිලා . බෙහෙත් , විවේකය  මානසික නිදහස, නිවැරදි කෑම රටාවක් එක්ක අප්පාට surgery එක හදිසියේ ම කරන්න ඕන නෑ කියලා පාර්ක් සොන්සෙන්නිම් කිව්වේ අප්පාව discharge කරන්න කලින් . ඒ නිසාම අප්පාව නිදහසේ , සතුටින් තියන්න අපි හැමෝම උත්සාහ කලා .

"ඕහ්.. අදල්.... මාධ්‍ය හමුව ඉවර උන එක ගැන ගොඩක් සතුටුයි ඒත් පුතා ඇයි ඔයා බොරු කිව්වේ ???" මම අප්පා ඉස්සරහින් වාඩි උනාට පස්සේ අප්පා ඇහුවේ මගේ ඇස් දිහා බලාගෙන .

"අප්පා ඔයාලා දෙන්නාගේ වගේ ම මගේ ජීවිතෙත් අවුරුදු ගානක් වැරදි වැටහීම් නිසා අපි නැති කරගත්තා. ඒත් ඒ මොන දේ උනත් ඔම්මා අප්පා මම ,  අපි තුන්දෙනා කියන්නේ එක පවුලක්. ඒ හැමදේම විසඳගෙන අපි අද ආපහු සතුටෙන් එක පවුලක් විදිහට ඉන්නවා. ඒ හැමදේම පවුලේ රහස්, කවුරුත් දැනගන්න ඕන නෑ ඒ කිසිම දෙයක් . කිසිම කෙනෙක්ට අප්පාටවත්, ඔම්මාටවත් ඇඟිල්ලක් දික්කරන්න හේතුවක් මම කවදාවත් දෙන්නේ නෑ අප්පා" මම කිව්වේ අප්පාගේ ඇස් දිහාම බලාගෙන .

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : කොහොමද යාලුවනේ ??? අද නම් සමාජෙට මූණ දෙන්නත් ලැජ්ජයි වගේ 🙈🙈 හී... හිත හදාගෙන ලිව්වා අද කොටස මම හිතනවා ඔයාලා කැමති වෙයි කියලා . ආදරෙයි හැමෝටම . ඔයාලාගේ අදහස් , අඩුපාඩු තියෙයි නම් කියන්න අමතක කරන්න එපා .
💜️💜️💜️💜️💜️💜️💜️❤️❤️❤️❤️❤️❤️❤️

Edited and republished on 18/04/2023

P/S : ඊයේ හොබී, ජීමින් දෙන්නා හොබීගේ ෆොටෝ එක අප්ඩේට් කළාට පස්සේ නම් ඇත්තටම හොඳටම දැනෙනවා හොබී military යනවා නේද කියලා . අපිටත් වඩා එයාලා හත්දෙනාට මේ විදියට ටික කාලෙකට උනත් වෙන්වෙලා ඉන්න එක ගොඩක් අමාරුයි , ඒත් එයාලා ඒක හැමෝම වෙනුවෙන් දරාගන්න උත්සාහ කරනවා . ඒ නිසා අපිත් හොබීට සුභ පතමු ඉක්මනට එයාගේ military service එක ඉවර කරලා එන්න කියලා . හොබීටත් එයාලාගේ ජින් හ්‍යුන්ග් වගේ නිවාඩු ඇවිත් හැමෝම එක්ක දවසක් දෙකක් ගතකරන්න ලැබෙන්න කියලා . ඒත් ඒ හැමදේටම වඩා 2025 ඉක්මනට එනවා නම් මම කැමතියි , එයාලා හැමෝම එකට ඉන්නවා දකින්න ඇත්තටම ආසයි 🥺🥺🥺🥺💜️

Bạn đang đọc truyện trên: AzTruyen.Top