Chapter 40

❤️I'm Kim Taehyung ❤️

©©©__පැය කිහිපයකට පෙර__©©©

Taehyung's POV
හන් ගඟේ ජලතලය හෙමින් සැරේ ගලා බහිද්දී මැවෙන රටා හරියට දිය සිතුවම් වගේ. රටාවකට ඇඳෙන සියුම් රේඛා, මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඇතුළතින් ගඟ දිය වේගයෙන් ගලා යනවා උනත් මතුපිටින් ඒ කිසිවක් පේන්නේ නෑ . දකින කෙනෙක් මැවෙන දිය රටාවල ලස්සනින් වශී වෙද්දී ජල කඳ ඇත්තටම රුදුරු වෙන්න පුලුවන් කියන එක හැමෝටම අමතක වෙනවා.

හරියට ජීවිතේ කටුකත්වය , අපි ලස්සන දේවල්වලින් වහන්න හදනවා වගේ. ඒත් අපි ඇත්තටම උත්සාහ කරන්නේ අපි ඒ අත්විඳින  කටුකත්වය ලස්සන දේවල් වලින් වහලා ජීවිතේ කටුක අත්දැකීම් නෑ කියලා අපිටම , ලෝකෙට ඔප්පු කරන්නද?? නැත්නම් අපි ඇත්තටම ජීවිතේ කියන්නේ මොකද්ද කියලා තේරුම් අරන්  ඉවර ද?? කළුවත් නැති සුදුවත් නැති අළු පාට මිනිස්සු ඉන්නවා වගේ, ජීවිතේ කියන්නෙත් හැමදේකම එකතුවක් . ජීවිතේ දුක් වෙන්න , විඳවන්න වෙනවා ඒත් ඒ හැමදාටම නෙවෙයි  ටික කාලෙකට.

ජීවිතේ ඒ අමාරු කාලේ කොහොම හරි විඳදරාගත්තොත් ඊට පස්සේ එන්නේ සතුටු වෙන්න පුලුවන් කාලයක්. ඒ සතුටත් කාලෙකදි නැති වෙලා යාවි ඒත් ජීවිතේ ඉස්සරහට ගලාගෙන යනවා.

හිමෙන් වැහුන සීතල දෙසැම්බරයේ උනත් හන් රිවර් bridge එක උඩට වෙලා හිටිය මට සීතල නොදැනුන තරම් . සමහරවිට ඒ ඇඳගෙන හිටිය ලොම් කබාය නිසා ද නැත්නම් හිතේ හිතන්න ඕන දේවල් ගොඩක් තිබුන නිසාද මම දන්නේ නෑ . උදේ ඇහැරිද්දී මම හිතුවෙ අද අප්පා බලන්න හොස්පිටල් එකට යනවා, මෙච්චර කල් තිබුන හැම ප්‍රශ්නයක් ම අමතක කරලා අද ඉදන් ඔම්මා අප්පා එක්ක  ජීවිතේ සතුටින් පටන් ගන්නවා කියලා . ඒත් දවස වෙනස් උනේ නොහිතුව විදිහට . ඇහැරලා ටික වෙලාවකින් මට අහන්න ලැබුන දේ මේ වෙනකොට හැමෝම දැනගෙන ඉවරයි . මෙච්චර කල් අප්පාට ගරු කරමු මිනිස්සු ම අද අප්පාට ඇඟිල්ල දික්කරනවා මම නිසා

'කිම් සමූහයේ සභාපති කිම් ටේහූන් වසර හතකට කලින් සිදු වූ තම එකම පුතුගේ මරණය සැමගෙන් සඟවයි '

කිසිම පදනමක් නැතුව කිසිම දෙයක් ගැන දන්නේ නැතුව මේ මිනිස්සු ඇයි මෙහෙම කරන්නේ ?? ඒත් ඒ ගැන හිතනවට වඩා මේ වෙලාවේ වැදගත් වෙන්නේ ඇත්ත මොකද්ද කියලා සමාජෙට එළි කරන එක. අප්පා අවුරුදු ගානක් මහන්සි වෙලා හදාගත්ත ඒ අභිමානය මෙහෙම දෙයක් නිසා නැති වෙලා යන්න දෙන්න බෑ . මම තීරණයක් ගන්නවා නම් ඒක දැන් ගන්න ඕන , නැත්නම් වෙන්න ඕන හානිය වෙලා ඉවරයි . හිම පියළි එක්ක ඇඳිලා ගිය ගඟේ වතුර පිසගෙන ආපු සුළං පහරේ තිබුනේ සීතලක් , ඒත් ඒක හිතට සැනසීමක් සිසිලක් දෙන විදිහේ සීතලක්. හිතේ තිබුන හැම බරකින් ම නිදහස් වෙන්න හොඳ හුස්මක් ගත්ත මම අවසන් වතාවටත් හන් ගඟ දිහා බලලා වාහනේට නැඟුනා .
.
.
.
"මිස්ටර් කිම් මේ අනාවරණය උන තොරතුරු ඇත්ත ද??"

"මිස්ටර් කිම් ඔබගේ පුත්‍රයා වසර හතකට පෙර මියගිය බව සත්‍යක් ද??"

"මිස්ටර් කිම් ඒ සිද්ද උන අනතුරු ඇත්තටම හදිසි අනතුරක් ද?? නැත්නම් සිතාමතා ඝාතනය කිරීමක් ද??" කැමරා, වොයිස් රෙකෝඩර් අතින් අරගෙන අප්පාව වට කරගත්ත මිනිස්සු එක දිගට අප්පාගෙන් අහන්න ගත්තේ පිස්සුවෙන් වගේ . තෙරපෙන මීඩියා වල කට්ටිය අතරෙන් මම කොහොමහරි අප්පා ළඟට ම සමීප වෙලා හිටියේ. කොච්චර දැඩි පෙනුමකින් ඉන්න උත්සාහ කළත් අප්පා හිටියේ කම්පනයකින් වගේ, එයාගේ ඇස්වල තිබුනේ යම් විදිහක වේදනාවක්  .

කිසිම හැඟීමක් දැනීමක් නැති අමනුස්සයෝ  වගේ එයාලා අප්පාට එකදිගට පහර දෙද්දී මගේ ඉවසීම  ටිකෙන් ටික නැති වෙන්න  ගත්තා. අප්පාගේ නිහඬබව වගේ ම අන්තිමට අහපු ප්‍රශ්නයත් එක්ක එයාලා මගේ ඉවසීමේ සීමාව පැන්නා .

"නවත්වන්න හැමෝම "මම උස් හඬකින් කියන ගමන් ම  හෙමින් සැරේ අප්පාගේ අතින් අල්ලාගත්තා . අතෙන් අල්ලාගන්නවා දැනුන නිසා වගේ ම ඇහුන කටහඬ එක්ක අප්පා මොහොතකට ඔලුව හරවලා මගේ දිහා බැලුවා , අප්පාගේ ඇස් එකපාරටම පුදුමයෙන් ලොකු උනා.

"අවුරුදු හතකට කලින් ඔයාලා කියන විදිහට මැරිලා තියෙන්නේ , එතකොට අවුරුදු ගානක් කිම් කෝපරේෂන් එකේ දේවල් වලට සම්බන්ධ නොවුණේ, මෙච්චර කාලයක් ප්‍රසිද්ධියේ පෙනී හිටියේ නැත්තේ  , කිම් කෝපරේෂන් එකේ තනතුරක් භාර නොගත්තේ මම නම් ඇයි ඔය ප්‍රශ්න ඔක්කොම මගෙන් අහන්නේ නැතුව අප්පාගෙන් අහන්නෙ ?? ඒවට උත්තර දෙන්න ඕන කෙනා මම නෙවෙයි ද???" මම ඇහුවේ ඇත්තටම කේන්තියකින් .

"ටේහ්‍යුන්ගා" අප්පාට ඉබේටම මගේ නම කියවුනා . ඒ අතරෙම පුදුමයෙන් මුසපත් වෙලා තිබුන ඔම්මාගේ , ජින් හ්‍යුන්ග්ගේ මූණත් මට සෙනඟ අතරෙම පෙනුනා . එයාලා විතරක් නෙවෙයි අනිත් හැමෝමත් පුදුම උනා කියලා මට තේරුණේ එකපාරටම හැමෝම නිහඬ උන නිසා . හරියට මම කිව්ව දේ තේරුම් ගන්න කල් ගන්නවා වගේ . ඊට පස්සේ ආපහු ඇහෙන්න ගත්ත මුමුණන හඬවල් කලින්ටත් වඩා සද්දෙන් ප්‍රශ්න විදිහට එල්ල උනේ මගේ දිහාවට .

"ජේහ්‍යුන්ග් ශී ඔබ කුමක් ද ඉන් අදහස් කළේ???"

"කිම් සමූහයේ සභාපති සමඟ ඔබට ඇති සම්බන්ධය කුමක්ද ???"

"ජේහ්‍යුන්ග් ශී ඔබට නැවතත් පැහැදිලිකිරීමක් කරන්න පුලුවන් ද???"

"ජේහ්‍යුන්ග් ශී... කුමක් නිසාද ඔබ සභාපතිතුමාට ඒ විදිහට කතා කළේ???"

අයිෂ් මාව තවත් කේන්ති ගස්සන්න හදන්නේ මේ මිනිස්සු නම් ....

ඒත් ප්‍රශ්න අහලා අහලා අන්තිමට ප්‍රතිචාරයක් නැති නිසා හැමෝම බලාගෙන හිටියේ මම උත්තර දෙනකල්.

"ඔයාලා කියන විදිහට සභාපතිතුමාගේ පුතා ඒ අනතුරෙන් මිය ගියේ නෑ , බරපතළ විදිහට තුවාල වෙලා මාසයක් විතර රෝහල් ගත වෙලා ප්‍රතිකාර ගන්න උනත් එයාට හොඳටම හොඳ උනා. ඒත් ඊට පස්සේ එයා අවුරුදු ගානක් හිටියේ ඇමෙරිකාවේ ඒ නිසා තමයි කිම් කෝපරේෂන් එකේ වැඩවලට සම්බන්ධ නොවුණේ. ඒත් හැමෝම නොදන්නවා උනත් එයා දැනටමත් කිම් කෝපරේෂන් එකට සම්බන්ධ වෙලා ඉන්නේ . ඒ නිසා සභාපතිතුමාගෙන් තේරුමක් නැති ප්‍රශ්න අහන එක නතර කරන්න . මොකද මම තමයි කිම් ටේහ්‍යුන්ග් , කිම් ටේහූන් සභාපතිතුමාගේ එකම පුතා. " මම කිව්වේ දැඩි හඩකින් . ඇස් නිලංකාර වෙන තරමට කැමරාවල ෆ්ලෑෂර් වදිද්දී මම දිගටම බලාගෙන හිටියේ අපිට ඉස්සරහින් හිටිය මාධ්‍යවේදියෝ දිහා.

"ජේහ්‍යුන්ග් ශී, ඒ කියන්නේ ඔබ මෙපමණ කලක් ව්‍යාජ අනන්‍යතාවකින් හිටියා කියන එක ද???"

"ජේහ්‍යුන්ග් ශී ඇයි ඔබ ඇයි ඔබ ව්‍යාජ අනන්‍යතාවයකින් පෙනී සිටියේ???"

"මම ආපහු සැරයක් කියනවා මගේ ඇත්ත  නම කිම් ජේහ්‍යුන්ග් නෙවෙයි කිම් ටේහ්‍යුන්ග් . ඒ වගේ ම ඔයාලා තව කොච්චර ප්‍රශ්න ඇහුවත් දැන් ඒ කිසිම ප්‍රශ්නෙකට උත්තර දෙන්න මට අදහසක් නෑ " මම කිව්වට පස්සේ හැමෝම නිහඬ උනේ පුදුමයෙන් .

"හෙජන්නිම් ඔයාලාට මාධ්‍ය සාකච්ඡාවක් දෙන්නම් කිව්වා නම් ඔයාලා හැමෝටම ඒකෙදි මේ ප්‍රශ්න අහන්න තිබුනා . එහෙම නැතුව මෙහෙම එකපාරටම වටකරගෙන ප්‍රශ්න කරන්න නෙවෙයි . හාර්ට් ඇටෑක් එකක් ඇවිත් හොස්පිටල් එකේ විවේකයෙන් ඉන්න දෙන්න ඕන කෙනෙක්ට එහෙම කරන එක කිසිම විදිහකින් පිළිගන්න බෑ . ඒක නිසා හැමෝම දැන් කරුණාකරලා ඉඩ දෙන්න " මම අවධාරණාත්මක විදිහට කිව්වේ ලී අජස්සී දිහා බලන ගමන් . මාව තේරුම් ගත්ත අජස්සී වටේ හිටිය ආරක්ෂකයින්ට සන් කළාට පස්සේ එයාලා මාධ්‍යවේදියෝ අතරින් අපිට යන්න ඉඩ හදලා දුන්නා . මම මෙච්චර වෙලාවක් අප්පාගේ අතින් අල්ලාගෙන හිටිය විදිහටම අප්පාව අප්පාගේ කාමරේට එක්කරගෙන යන්න පටන් ගත්තා. ජින් හ්‍යුන්ග් එක්ක ඇස් වල කඳුළු පුරෝගෙන බලාගෙන හිටිය ඔම්මා මගේ අනිත් අතෙන් අල්ලාගත්තා.

"ගුමාවොයෝ අදල් . මගේ පුතා විදිහට ඉපදුනාට ගොඩක් ස්තූතියි " ඔම්මා කිව්වේ කඳුළු අතරින් ම හිනාවක් මුවඟට නඟාගෙන .

"අනී ඔම්මා ඔයාලාට ස්තූතියි මාව මේ ලෝකෙට ගෙනාවට " මෙච්චර කාලයක් මාව මේ ලෝකෙට ගෙනාවට මම එයාලාට වෛර කළා, ඒත් ඒක නෙවෙයි ඇත්ත . දැන් මම දන්නවා එයාලා හැමදේම කළේ මම වෙනුවෙන් කියලා , ඒත් එයාලට  වෛර කරනවා වෙනුවෙන් ඇත්තටම එයාලාට ආදරේ කරන්න එයාලාට ස්තූතිවන්ත වෙන්න හේතු ගොඩක් තියෙයි කියලා මම දැන් දන්නවා .

අප්පාගේ කාමරේට ආවට පස්සේ ඔම්මාගෙයි මගෙයි බලකිරීම හින්දා ම අප්පා ආපහු හොස්පිටල් ඇඳුම ඇඳගෙන ඇඳෙන් වාඩි උනා . මමත් නිහඬවම අප්පා ඉස්සරහින් බිම වාඩි වෙලා අප්පා දිහා බැලුවා .

"අප්පා...."

"ඇයි ටේහ්‍යුන්ගා ඔයා ආවේ??  දැන් ආපහු හැරෙන්න බෑ . ඔයා දන්නවාද ඒක??"

"අප්පා මම ඒක දන්නවා"

"එහෙනම් ඇයි ටේහ්‍යුන්ගා ??? ඇයි??? මම කිව්වානේ ඔයාට තවදුරටත්  කිම් කෝපරේෂන් එකට වැඩකරන්න කියලා මම බලකරන්නේ නෑ කියලා . ඇයි ඔයාගේ නිදහස හොයාගෙන යනවා වෙනුවට ඔයා විහින් හැමදෙයක් ම ඔයාගේ කරට ගත්තේ ???"

"අ...අප්පා මේක තමයි මගේ තීරණය "

"ඔයාගේ හීන, නිදහස හැමදේම නැති කරගන්න එක ද එතකොට ඔයාගේ තීරණය ??"

"අප්පා. ජේහ්‍යුන්ග් විදිහට මම ගොඩනඟපු ආර්ක් ගේම්ස් එක මගේ හීනයක් තමයි , ඒත් ආපහු  ටේහ්‍යුන්ග් උනා කියලා ආර්ක් එක මගේ හීනයක් කියන එක වෙනස් වෙන්නේ නෑ . මම 100%ක් ආර්ක් එකේ ඉන්නේ නැති උනාට මට පුලුවන් ආර්ක් එක ඉස්සරහට අරන් යන්න . "

"ඒත් පුතා ...."

"අනී මම මේක හැමදෙයක් ගැන ම හිතලා ගත්ත තීරණයක් .
අප්පා මම ජීවිතේ ගොඩක් අවස්තාවල දී ඔයාලා ගැන වැරදි විදිහට හිතුවේ, ඒත් ...ඒත් මම දැන් ඇත්ත දන්නවා. අප්පාවත් ඔම්මාවත් මගෙන් සමාව ගන්න ඕන නෑ  ඔයාලා කිසිම වැරැද්දක් කළේ නෑ . මමයි ඔයාලව වරදවා වටහාගෙන ඒ නිසා ම මෙච්චර කාලයක් ඔයාලගෙන් ඈත් වෙලා හිටියේ . ඒත් මම දැන් ඇත්ත දන්න නිසා තවදුරටත් මම කිසිම දේකින් පැනලා යන්නේ නෑ . මම ජේහ්‍යුන්ග් වෙනුවට ටේහ්‍යුන්ග් විදිහට සමාජෙට මූණ දුන්නේ ඒකේ ප්‍රතිඵල හැමදේම දැනගෙන . තවත් ලෝකෙන් හැංඟෙන්න මට ඕන නෑ අප්පා.  කිම් කෝපරේෂන් එකේ වගකීම අප්පා විතරක් දරන්න ඕන නෑ . ඒක දැන් හ්‍යුන්ග්ලාගේ විතරක් නෙවෙයි මගෙත් වගකීමක් . අප්පා කිව්වා වගේ ම හ්‍යුන්ග්ලා එක්කම මමත් ඒ වගකීම ගන්න ලෑස්තියි . අප්පා මොකද හිතන්නේ ඒ ගැන ???"

"අ...අදල්..." අප්පා විතරක් නෙවෙයි මෙච්චර වෙලා නිහඬව හිටිය ඔම්මත් මඟේ ළඟට ආවා. අප්පා නිහඬවම අප්පාගේ දෑත් ඉදිරියට දිගු කරලා මගේ උරහිස් වලින් අල්ලාගත්තා. අප්පාගේ වගේ ම ඔම්මාගේ හැඟීම්බර ඇස් දිහා බැලුවට පස්සේ මට නැඟිටලා එයාලා දෙන්නාවම මට තුරුල් කරගන්න ගත වුනේ එක මොහොතයි. එයාලා දෙන්නාගේ ම ඇස්වල කඳුළු දකිද්දී මගේ ඇස්වලත් කඳුළු පිරෙන්න ගත්තා.

"ඔයා දවස් දෙකක් ම මාව බලන්නවත් ආවේ නැති නිසාම මම හිතුවෙ නෑ ඔයා ආපහු එයි කියලා ටේහ්‍යුන්ගා . ගුමාවොයො , ගුමාවොයො අදල්... ඒත් මට මේක තාමත් හීනයක් වගේ .. "

"මියානෙයෝ ඔම්මා අප්පා . මට ඇත්තට ඔයාලාට  මූණ දෙන්න ටික කාලයක් ඕන කියලා හිතුනා, ඊටත් වඩා හැමදේම ගැන හිතලා හරි තීරණයක් ගන්න මට කාලය ඕන උනා . ඒත් දැන් , දැන් අපි ඒ හැමදේම අමතක කරලා ජීවිතේ ආපහු පටන් ගමු, අලුත් මතක එක්ක ජීවිතේ සතුටින් ගෙවමු හැමදාටම . " මම කියද්දි එයාලා දෙන්නාම මාව තවත් තදින් වැළඳගත්තා , ඔම්මා ඉකිබිඳන හඬ නැවත නැවත අලුත් උනත් ඔම්මාගේ ඇස්වල ඒ තියෙන්නේ සතුටු කඳුළු , අද වගේ ම හැමදාටම එයාලාගේ ඇස්වල මම නිසා  කඳුළු තියෙනවා නම් ඒ සතුටු කඳුළු විතරමයි , මම මට ම පොරොන්දු උනා.

ඔම්මා අප්පා දෙන්නා ම ටික වෙලාවකින් සන්සුන් උනා. තවත් ටික වෙලාවකට පස්සේ මම කාමරෙන් එලියට ආවා. ඒත් එකපාරටම මාව ගැස්සුනේ හ්‍යුන්ග්ලා දෙන්නව දැකලා . ජින් හ්‍යුන්ග් , නම්ජූන් හ්‍යුන්ග් දෙන්නාම අත් දෙකත් පපුව හරහට බැඳගෙන මගේ දිහා බලාගෙන හිටියේ රවාගෙන වගේ. ඇත්තටම ඒ හිටිය විදිහට ම බය හිතෙනවා , විශේෂයෙන්ම ජින් හ්‍යුන්ග් .

"වේ..... වේයෝ??? ඇයි ඔයාලා ඔය විදිහට මගේ දිහා බලාගෙන ඉන්නේ ????" මම ඇහුවේ හෙමින් සැරේ අඩියක් ඉස්සරහට තියන ගමන් .

"ම්වෝ??? අපි කොහොමද බලාගෙන ඉන්නේ ටේහ්‍යුන්ගා උරි දොන්ග්සෙනා ????" ජින් හ්‍යුන්ග් ඇහුවේ හරිම අහිංසක විදිහට , මට තවත් බය හිතුනා .

"අනී.... මම කිව්වේ නිකන් මාව මරන්න බලාගෙන ඉන්නවා වගේ ...."

"සමහරවිට අපිට ඇත්තටම එහෙම උවමනාවක් තියෙන නිසා වෙන්නැති " ජින් හ්‍යුන්ග් කියද්දි නම් ඇත්තටම බය හිතුනා .

"හ්‍යු..හ්‍යුන්ග් ....."

"යාහ් නෝ මිච්චින් සෙ*****යා , මෙච්චර දේවල් වෙන්න කලින් කියන්න බැරි උනාද?? සම්චුන් කියන කිසිම දෙයක් අහන්නෙ නෑ එයා මාධ්‍ය හමුවට යනවා ම කියනවා, මේ මෝඩයගෙ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ . දවස් දෙකක් තිස්සේ උන්නා ද මළා ද නෑ . අඩුම තරමින් අද මීඩියා වල මිනිස්සු පිස්සෝ වගේ හොස්පිටල් එක වට කරගන්න කලින් මට කියන්න තිබුනා ටේ ඔයා හොස්පිටල් එකට එනවා කියලා , එහෙනම් මම මෙච්චර බය වෙන්නේ නෑ මෝඩයෝ.... නම්ජුනා මම ඇත්තටම අද මේ මෝඩයව ඉවර කරනවා. " ජින් හ්‍යුන්ග් එක දිගට කියවගෙන කියවගෙන යද්දී මගේ කන් දෙකත් රිදෙනවා වගේ . නම්ජූන් හ්‍යුන්ග් බොහොම අමාරුවෙන් එයාගේ හිනාව නවත්වාගෙන හිටියේ .

"ජි...ජින් හ්‍යුන්ග් .....මේ අහන්නකෝ....."

"යාහ්..." හ්‍යුන්ග් එකපාරටම ඉස්සරහට පැනලා මාව ඇදලා ගත්ත විදිහට මම හිතුවෙ මාව ඉවරයි කියලා , ඒත් ජින් හ්‍යුන්ග් නම්ජූන් හ්‍යුන්ග් දෙන්නාම එකතු වෙලා මාව බදාගත්තා . මට එකපාරටම හුස්ම ගන්නත් බෑ වගේ දැනුනේ ජින් හ්‍යුන්ග් මාව තදින් ම බදාගත්ත නිසා.

"හ්‍යු...හ්‍යුන්ග් ... හු...හුස්ම ගන්න බ්....බෑ ...." මම කියද්දි හ්‍යුන්ග්ලා දෙන්නම මාව ග්‍රහණයෙන් නිදහස් කළා. ඒත් ජින් හ්‍යුන්ග් මගේ උරහිසෙන් අත තිබ්බේ හරිම ආදරෙන්.

"Welcome back Taehyung-ah ...අපිට ගොඩක් සතුටුයි ඔයා මේ තීරණය ගත්ත එක ගැන . අද ඇත්තටම ඔයා ආවේ නැත්නම් මොනා වෙයි ද කියලා හිතාගන්න බෑ . මම සම්චුන් ගැන ගොඩක් බයෙන් හිටියෙත්, ඒත් ඔයා අද සම්චුන් වෙනුවෙන් ඔයාට කරන්න පුලුවන් හොඳම දේ කළා. " ජින් හ්‍යුන්ග් කියද්දි මට ලැජ්ජාවක් දැනුනේ හ්‍යුන්ග් සාමාන්‍යයෙන් එහෙම කියන කෙනෙක් නෙවෙයි නිසා .

"හ්‍යුන්ග් කියන කතාව ඇත්ත ටේහ්‍යුන්ගා . ඔයා ටේහ්‍යුන්ග් විදිහට ඇත්ත නමින් පෙනී හිටිය එක මේ වෙලාවේ හැටියට ගොඩක් වටිනවා . ඔයා ඔයාගෙම කැමැත්තෙන් මෙහෙම තීරණයක් ගත්ත එක ගැන ගොඩක් ආඩම්බරයි අපිට... " නම්ජූන් හ්‍යුන්ග් කියද්දි මට ඇත්තටම කොහේහරි හැංඟෙන්න හිතුනා.

"ඒක මම කරන්න ඕන දෙයක් හ්‍යුන්ග් . ඇත්තම කිව්වොත් මම ටිකක් පරක්කු උනාද මන්දා , ඒත් මේ දේවල් මේ විදිහට සිද්ද උන එක ගැන මට සතුටුයි හ්‍යුන්ග් "

"ඒත් ටේ දැන් සම්චුන් වෙනුවට ඔයාට ඉක්මනට press conference එකක් ගන්න වෙනවා. දැනටමත් articles වල ඉන්නේ ඔයා විතරයි , එයාලට විස්තර දෙනකල් ඔයාට බේරෙන්න නම් වෙන්නේ නෑ ." නම්ජූන් හ්‍යුන්ග් කිව්වේ ටික වෙලාවකට පස්සේ .

"ඒක මමත් දන්නවා හ්‍යුන්ග් . ඒත් මම මේ අඩිය ඉස්සරහට ගත්තේ ආපහු පිටිපස්සට තියන්න නෙවෙයි . හෙට වගේ ආපහු press conference එකක් ගමු. අප්පා එන්න ඕන නෑ ඒකට. අප්පාට දැන් වැදගත් ම  විවේකය . "

"ඔව් සම්චුන්ව මහන්සි කරන්න ඕන නෑ මේවට. ඒත් අපි හැමෝම ඔයත් එක්ක ඉන්නවා ටේහ්‍යුන්ගා , ඒක අමතක කරන්න එපා. " හ්‍යුන්ග්ලා දෙන්නාම මගේ උරහිස්වලින් අත තියලා කියද්දි හිතට දැනුනේ ශක්තියක් , වචනයෙන් කියනවා වගේ ම ඇත්තටම එයාලා ඕනම වෙලාවක මාත් එක්ක ඉන්නවා කියලා මම දන්නවා.

Min Hee's POV
මම ගොඩක් වෙලා ටීවී එක දිහා බලාගෙන හිටියේ පුදුම වෙලා . උදේ ටේහ්‍යුන්ගාගේ ලියුමේ ලියලා තිබුනේ මොකද්ද කියලා දැන් හිතාගන්න පුලුවන් . ඒත් ටීවී එකේ පෙන්නපු වීඩියෝ එකේ ටේහ්‍යුන්ගා හෙජන්නිම්ව ආරක්ෂා කරන්න එයාගේ අනන්‍යතාවය හැමෝම ඉස්සරහා  හෙළි කරද්දී මට ඇස් අදහාගන්න බැරි උනා. වීඩියෝ එක මිනිත්තු කිහිපයක එකක් උනත් ඊට පස්සේ පැයක් දෙකක් යද්දී සමාජ මාධ්‍යවල , ටීවී චැනල් වල ප්‍රධාන මාතෘකාව උනේ ටේහ්‍යුන්ගා , එයා ගැන articles පළ වුනේ ඇසිල්ලකින් . ටේහ්‍යුන්ගාගේ අනන්‍යතාවය හෙළි උනත් හැමෝටම ප්‍රශ්න ගොඩක් ඉතුරු වෙලා තිබුනා , මොකද ටේහ්‍යුන්ගා කිසිම පැහැදිලිකිරීමක් කරලා තිබුනේ නෑ . ඒත් මාධ්‍යවේදියෝ හෙජන්නිම්ව වට කරගෙන ප්‍රශ්න කරපු විදිහට ටේහ්‍යුන්ගාට අනිවාර්යයෙන්ම කේන්ති යන්න ඇති , ඒ නිසා ම එයා අද press conference එක ප්‍රතික්ෂේප කරන්න ඇති කියලා මට තේරුනා .

කෙමෙන් කෙමෙන් සැන්ඳෑ අදුර මෝදු වෙද්දී වීදිවල පහන් එක දෙක දැල්වෙනවා ජනෙල් කවුලුවෙන් පෙනුනා. දෙසැම්බරයේ සීතල සුළං දහරත් එක්ක හිම පියළි හැමතැනක ම පතිත උනේ පොළවට දාන හිම ඇතිරිල්ලක් වගේ .

රෑට කන්න දෙයක් හදන්න ඕන උනත් මම හිටියේ විසිත්ත කාමරේට වෙලා . ටේහ්‍යුන්ගාගේ ෆෝන් එක දැන් වැඩ කරනවා ඇති කියලා දන්නවා උනත් මම ආපහු එයාට කෝල් කරන්න උත්සාහ කළේ නැත්තේ එයා දැන් ගොඩක් කාර්‍යබහුල වෙලා ඇති කියලා හිතුන නිසා. ඒත් හැම ආර්ටිකල් එකකම ටේහ්‍යුන්ගා ගැන විස්තර දානකොට, ජේහ්‍යුන්ග් විදිහට හිටිය කාලේ එයාගේ ෆොටෝස් දාද්දී හිතට දැනුනේ ටිකක් වෙනස් හැඟීමක් . හැමෝම එයා ගැන කතා කරද්දී දැනෙන සතුට , ආඩම්බරය එක්කම අනිත් අය ෆොටෝස් , විස්තර  හොයන්නේ මගේ ටේහ්‍යුන්ගා ගැන කියලා හිතද්දී හිතට පොඩි ඉරිසියාවක් , කේන්තියක් නොදැනුනා ම නෙවෙයි . ටේහ්‍යුන්ගා මට කොච්චර ආදරේ කරනවා ද කියලා දන්නවා උනත් හිතේ කොණක ඇති වෙන්නේ අනාරක්ෂිත හැඟීමක් , බයක්. ටේහ්‍යුන්ගා වෙනස් වෙන්නේ නැති උනත් එයා වටේට හැමදේම වෙනස් වෙද්දී එයාට වෙනස් නොවී ඉන්න පුලුවන් වෙයිද??? මේ දේවල් හිතද්දී කිසිම දෙයක් කරනවට වඩා මම තවත් ඒ ගැන ම හිතන්න ගත්තා.

එකපාරටම ෆෝන් එක රිංග්ස් යනවා ඇහෙද්දී මම සිතුවිලි ලෝකෙන් මිදිලා ෆෝන් එක අතට ගත්තේ caller ID එකවත් බලන්නේ නැතුව .

"යොබුසෙයෝ .."

"මින්හියා පහළට එන්න " සුපුරුදු ගැඹුරු කටහඬකින් කියවුන වචන දෙක තුන එක්ක කෝල් එක කට් උනා. ෆෝන් එකත් මිට මොලවාගත්ත මම දොර දිහාවට දුවලා ගියේ ඇසිල්ලකින් . ලිෆ්ට් එක උඩට එන්න වෙලා යයි කියලා හිතුන නිසා මම පඩිපෙළ දිගේ පහළට දුවගෙන ගියා. බිම් මහළට ගිහින් බිල්ඩින් එකෙන් එලියට දුවගෙන ගිය මාව එකපාරටම නතර උනේ කෙලින්ම මගේ පැත්තට වැටිලා තිබුන ලයිට් එලියට කිසිම දෙයක් නොපෙනුන නිසා . හති ඇර ඇර නතර වෙලා මම අතකින් මූණ ආවරණය කරගෙන ආපහු එලිය එන දිහා බැලුවා.

හෙඩ් ලයිට් දාලා තිබුන වාහනේ ඉස්සරහින් කෙනෙක් හිටගෙන ඉන්නවා අඳුරු රුවක් විදිහට මුලින් පෙනුනා . ඒත් ඒ ඉන්නේ කවුද කියලා මම මොහොතකින් අඳුරගත්තා . ටේහ්‍යුන්ගා හෙමින් සැරේ මගේ දිහාවට එනවා බොඳවෙලා වගේ පෙනෙද්දී සීතල වෙනුවට හඳවතට දැනෙන්න ගත්ත උණුසුම් හැඟීම එක්ක මම එයා දිහා ම බලාගෙන හිටියා.

මගේ ළඟට ආපු ටේහ්‍යුන්ගාගේ අත්වල උණුසුම් මගේ අතට දැනෙද්දී ම මම එයාව තදින් වැළඳගත්තේ මගේ ඇස්වල ඉබේටම කඳුළු පිරෙද්දී .

"මින්හියා. " ටේහ්‍යුන්ගාගේ කටහඬ එක්කම එයාගේ අත් මගේ බඳ වටේ එතෙද්දී , ඒ තුරුළේ දැනුන උණුසුමට මම තවත් ළං වෙද්දී මගේ ඇස්වල පිරුන කඳුළු ඉකිබිඳීම් එක්කම කම්මුල් දිගේ පහළට ගලන්න ගත්තා.

"අඬන්න එපා මැණික... මම ඉන්නවානේ " ටේහ්‍යුන්ගා එහෙම කිය කිය මාව සනසවන්න උත්සාහ කරද්දී මම තවත් එයාට තුරුල් උනා.

සීතලෙන් මිඳුන පරිසරයේ අපි දෙන්නා විතරයි ඉන්නේ කියලා හිතෙන තරමට මම හිටියේ ටේහ්‍යුන්ගාගේ උණුසුමට වශී වෙලා . ටේහ්‍යුන්ගා හෙමින් සැරේ මගේ උරහිස්වලින් අල්ලලා මාව ඈත් කරන්න හදද්දී මට ආපහු ඇඬෙන්න ගත්තා.

ඒත් ටේහ්‍යුන්ගා මාව එයාගේ තුරුලෙන් ඈත් කරලා මොහොතකින් මගේ උරහිස් , අත්වලට දැනුනේ උණුසුමක්. මම ඔලුව උස්සලා ටේහ්‍යුන්ගා දිහා බැලුවේ පුදුම වෙලා.

"පිස්සී, පහළට එන්න කිව්වම ඔහොම දුවගෙන එනවද සීතලේ???" එයා මගේ උරහිසට දාපු ලෝම කබායට මගේ අත රිංගවන අතරේ කිව්වා . ටේහ්‍යුන්ගා මට කබාය අන්දවලා , මාව සම්පූර්ණයෙන්ම කබායෙන් ආවරණය උනාට පස්සේ හෙමින් සැරේ මගේ කම්මුල්වල තිබුන කඳුළු එයාගේ ඇඟිලි තුඩුවලින් පිහදැම්මා. අඩද්දී මූණට වැටිලා තිබුන මගේ කොණ්ඩ කැරලි පිටිපස්සට කරලා එයා හෙමින් සැරේ ඒත් හරිම මෘදු විදිහට මගේ අතින් අල්ලාගත්තා.

"අපි යමු..."
.
.
.
මගේ අපාර්ට්මන්ට් එකේ ඉඳන් ටේහ්‍යුන්ගාගේ අපාර්ට්මන්ට් එකට එනකල් අපි අතර තිබුනේ නිහඬතාවයක් , ඒත් සැරින් සැරේ ටේහ්‍යුන්ගා මගේ අත අරගෙන එයාගේ අතැඟිලි අතර පටලාගත්තා . ටේහ්‍යුන්ගාගේ අපාර්ට්මන්ට් එකේ කාර් පාර්ක් එකේ ඉඳන් එයාගේ අපාර්ට්මන්ට් එකට යනකල් ම අපේ අත් එකිනෙක හාවෙලා තිබුනේ . හිතේ තිබුන අනාරක්ෂිත හැඟීම තාමත් ඒ විදිහට ම දැනෙනවා උනත් ඒ හැමදේම අමතක කරලා මම අපි දෙන්නාගේ එකිනෙක බැඳිලා තිබුන අත් දිහා බලලා යන්තමට හිනා උනා .

ටේහ්‍යුන්ගා දොරේ කෝඩ් එක ගහලා දොර ඇරෙද්දිම එයාගේ අත්වලින් මගේ ඇස් වහගත්තා.

"චූටි වෙලාවකට හෙමින් සැරේ ඇතුලට යමු මින්හියා" ටේහ්‍යුන්ගා කිව්වේ අපි හෙමින් සැරේ ඇතුලට යන අතරේ. ඇස් වහලා තිබුන නිසා ඇත්තටම හිතාගන්න බෑ අපි කොහෙටද යන්නේ කියලා . ටික වෙලාවකට පස්සේ අපි කොහේහරි නතර උනා.

"සර්ප්‍රයිස්..." ටේහ්‍යුන්ගා එහෙම කියලා එයාගේ අත් මගේ ඇස්වලින් අයින් කළා . මම හෙමින් සැරේ ඇස් ඇරලා බලද්දී මගේ ඇස් පුදුමයෙන් ලොකු උනා. Dining room එක මැද්දේ රවුම් මේසයක් මැද්දේ රතු පාට ලොකු රෝස මල් පොකුරක් පෝච්චියක දාලා තිබුනා . ඒ වටේට වයින් බෝතලයක් , වීදුරු , කෑම දීසි තියලා රෑ කෑම ලෑස්ති කරලා තිබුනා . දෙපැත්තෙන් පුටු දෙකක් තියලා තිබුනා . කාමරේ තරමකට අඳුරු කරලා තිබුන නිසා තිබුනේ අමුතුම පෙනුමක් .

"ටේ.. ටේහ්‍යුන්ගා ....."

"I love you sooo much my love... සමාවෙන්න ඔයාට වද වෙන්න සිද්ද උනාට මගේ ගැන . ඒත් ආදරෙයි ඔයාට හැමදාමත් .... ගොඩාක් ...." ටේහ්‍යුන්ගා  මගේ වටේ අත යවලා මාව පිටිපස්සෙන් තුරුල් කරගන්න ගමන් මගේ කනට මිමිනුවා .

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : කොහොමද යාලුවනේ ?? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අපේ CK boy ආපහු කොරියාවට ආපු නිසා හොබී ඉක්මනට යයි කියලත් හිතෙනවා , දුකයි ඒත් අපි එයාලාගේ තීරණයට ගරු කරමු ❤️

Bạn đang đọc truyện trên: AzTruyen.Top