Chapter 39

❤️Son of Mr.Kim❤️

Min Hee's POV
"මින්හී ශී , තෙප්‍යෝනිම් මීටින් එකක ඉන්න නිසා ඔයාට ටිකක් වෙලා ඉන්න පුලුවන් ද? මම තෙප්‍යෝනිම්ගේ secretary ට කිම් කෝපරේෂන් එකෙන් මින්හී ශී ඇවිත් ඉන්නේ කියලා දැනුම් දීලා තියෙන්නේ . තෙප්‍යෝනිම්ගේ මීටින් එක ඉවර උන ගමන් එයා තෙප්‍යෝනිම්ට ඒ ගැන කියයි " JC එකේ receptionist කෝල් එක ඉවර කරලා මගේ දිහාට හැරිලා කිව්වා .

"ඒක ප්‍රශ්නයක් නෑ . මීටින් එක ඉවර වෙනකල් මම ඉන්නම්." මම කිව්වේ අත් ඔරලෝසුව දිහා බලන ගමන් .

"කම්සම්නිදා මින්හී ශී. ඔයාට අතනින් වාඩි වෙලා  ඉන්න පුලුවන් . ඇත්තම කිව්වොත් මීටින් එක පටන් ගත්තේ අටට, ඉතින් තව පැයක් විතර යයි මීටින් එක ඉවර වෙන්න . ."

"නේ.. කම්සම්නිදා ." මම එහෙම කියලා reception එකට එහා පැත්තෙන් අමුත්තන්ට රැඳී ඉන්න තිබුන  කොටසේ තිබුන පුටුවකට බර උනා. 'මීටින් එකක නම් ඉන්නේ ජන්ග්කුකා එන්න තව පැයක්වත් යයි ' එහෙම හිතන ගමන් මම අතේ තිබුන ෆයිල් ටිකත් ටීපෝව උඩින් තියලා ෆෝන් එක අතට ගත්තා.

ටේහ්‍යුන්ගාගේ නම්බර් එක උඩින් පුරුද්දට වගේ ඇඟිල්ල එහෙ මෙහෙ ගියා උනත් , ඉස්සර වගේ තේහ්‍යුන්ගාගේ කටහඬ අහන්න ඕන උනත් මට බෑ ආයෙත් එයාට කතා කරන්න . එයා ඉල්ලුවේ එයාට කාලය නම් මම එයාට ඒක දෙන්න ඕන . අන්තිමට තේහ්‍යුන්ගාව දැකලා , එයාගේ කටහඬ අහලා  දැනටමත්  දවස් දෙකක් ගතවෙලා ඉවරයි

Flashback
"ඒත්... ඒත් ඇයි ඒ ඇත්ත මේ තරම් තිත්ත ?? ඇයි ඇත්ත දැනගත්තාට පස්සේ හිතේ සැනසීමක් වෙනුවට පසුතැවීමක් විතරක් ඉතුරු උනේ???" ඒ වචන වලින් පස්සේ අපාර්ට්මන්ට් එක පුරාම පැතිරුණේ සම්පූර්ණයෙන්ම නිහඬතාවයක් විතරයි . ටේහ්‍යුන්ගා පිටිපස්සට හේත්තු වෙලා එහෙම්මම ඇස් පියාගත්තා .

පැය දෙක තුනක් ගෙවිලා ගියත් අපි දෙන්නා තාමත් හිටිය විදිහටම වාඩිවෙලා හිටියේ , සිද්ද උන හැමදේම එක්ක උදේ ඉදන් හවස් වරුව වෙනකල් කාලය ගතවෙනවා දැනුනේවත් නෑ .

මට ඉස්සරහින් තිබුන පුටුවේ වාඩිවෙලා ඇස් දෙක පියාගෙන හිටියා උනත් තේහ්‍යුන්ගා හිටියේ ඇහැරලා. හොස්පිටල් එකේ දවල් වෙනකල්  හිටියට පස්සේ මම එයාව බලෙන් වගේ  එයාගේ අපාර්ට්මන්ට් එකට එක්කරගෙන ආවේ එයාගේ හිත ටිකක් හරි සන්සුන් වෙයි කියලා . හෙජන්නිම්ට එකපාරටම අමාරු උන එක හැරෙන්න තවත් දෙයක් සිද්ද වෙලා කියලා තේහ්‍යුන්ගා හැසිරෙන විදිහෙන් තේරුණත් ඒ මොකද්ද කියලා හිතාගන්න බැරි උනා කාටවත් ම. ඔමොනිම් හෙජන්නිම් ළඟින් ඉන්නම් කිව්වම ටේහ්‍යුන්ගා අපි බලාපොරොත්තු වුන විදිහට එයා ඒ වෙනුවට ඉන්නම් කිව්වේ නෑ , ඒත් එයාට ගෙදර එන්න ඕන උනෙත් නෑ . හොස්පිටල් එකෙන් එන්න කලින් එයා ගොඩක් වෙලා  හෙජන්නිම් හිටිය කාමරේ එලියට වෙලා වීදුරුවෙන් හෙජන්නිම් දිහා බලාගෙන ඉන්නකොට එයාගේ මූණේ තිබුනේ හඳුනාගන්න අමාරු හැඟීමක් . 

හොස්පිටල් එකේ ඉදන් එනකල් වගේ ම අපාර්ට්මන්ට් එකට ඇවිත් කතාකරපු වචන කිහිපය හැරෙන්න ඊට  පස්සෙත් අපි අතර තිබුනේ නිහඬතාවයක් විතරයි . තේහ්‍යුන්ගා යම් තරමකට හෝ සන්සුන් වෙන්න උත්සාහ කරනවා කියලා මට හිතුනේ. මම නිහඬවම  ගිහින් අපි දෙන්නට ම චොක්ලට් බීම දෙකක් හදාගෙන ඇවිත් කොෆී ටේබල් එක උඩින් තිබ්බා.

"තේ... තේහ්‍යුන්ගා .." එකපාරටම තේහ්‍යුන්ගා මගේ උකුලෙන් ඔලුව තියාගන්නකොට මට ඉබේටම කෑගැස්සුනා .

"මියාන් බය උනානම් ..." තේහ්‍යුන්ගා යන්තමට ඇස් ඇරලා මගේ දිහා බැලුවා . එයාගේ ඇස්වල තිබුනේ වෙහෙසකර බවක්, ඒත් කලින් තරම් වේදනාවක් ඒ ඇස්වල නෑ . ඒත් තේහ්‍යුන්ගා කියන්නේ එයාගේ වේදනාව හංඟාගෙන ඉන්න දන්න කෙනෙක් , ඇස්වලින් පේන්නේ නැති උනත් එයා තාමත් ඉන්නේ වේදනාවෙන් 

"අනී... ඔහොම්ම ම ඉන්න " මම එහෙම කියලා හෙමින් සැරේ එයාගේ ඔලුව අතගාන්න ගත්තා. මගේ ඇඟිලි තේහ්‍යුන්ගාගේ නළලට වැටිලා තිබුන කොණ්ඩ කෑලි  පැත්තකට කරලා දිගටම එයාගේ ඔලුව අතගානකොට තේහ්‍යුන්ගාගේ ඇස් ඉබේටම පියවෙන්න ගත්තා .

"ඇයි මගෙන් අහන්නෙ නැත්තේ ???"

"මොකද්ද???"

"සිද්ධ උනේ මොකද්ද කියලා ..."

"ඔයාට ඒ ගැන කතා කරන්න පුලුවන්  කියලා හිතුන වෙලාවට ඔයා මට හැමදේම කියයි , එහෙම කියන්නේ නැත්නම් ඒකටත් ඔයාට හේතුවක් තියෙයි කියලා මම දන්නවා." මම කිව්වේ දිගටම තේහ්‍යුන්ගාගේ ඔලුව අතගාන අතරේ .

"ඒත් ඒ දේවල් නිසා ඔයා හිතින් විඳවනවා නම් මම කැමතියි තේහ්‍යුන්ගා ඔයා හැමදේම කියලා හිත නිදහස් කරගන්නවා නම්. මට ඔයාට උදව් කරන්න බැරි වෙන්න පුලුවන් වෙයි , ඒත් අඩුම තරමින් ඔයාගේ වේදනාව ඔයත් එක්ක බෙදාගන්න මට පුලුවන් වෙයි"

ඊට පස්සේ ටික වෙලාවක් යනකල් අපි අතර ආපහු තිබුනේ නිහඬතාවයක් .

"මම හැමදෙයක් ගැන ම සම්පූර්ණ ඇත්ත දැනගත්තේ අද මින්හියා ... ඒත් ඒ ඇත්ත  මම හිතාගෙන හිටියට වඩා ගොඩක් වෙනස් . ජීවිතේ මම ගත්ත ගොඩක් තීරණ , කරපු දේවල් ගැන පසුතැවෙන්න වෙන තරමට වෙනස් මම හිතුවෙ නැති විදිහේ කතාවක් තමයි ඇත්ත කතාව . මම දන්නේ නෑ මේ දේවල් වලින් මගේ හිත නිදහස් කරගන්නේ කොහොමද කියලා . ඒත් මම ඔයාට හැමදේම කියන්නම්. " තේහ්‍යුන්ගා කිව්වේ එයාගේ ඔලුවේ රැඳිලා තිබුන මගේ අත එයාගේ අතැඟිලි අතරට මැදි කරගත්තා.
.
.
.
...... අප්පා , ඔම්මා ... මේ හැමදේම ගැන මම හිතාගෙන හිටියා ගොඩක් වැරදියි . ඒත් මම වැරදියි කියලා තේරුම් ගත්තා උනත් සමහර දේවල් වෙනස් කරන්න කාලයක් ගත වෙනවා. " විස්තරය අවසානයේ තේහ්‍යුන්ගා කිව්වේ ගොඩක්  අසරණ විදිහට .

"ඒත් එයාලා කවදාවත් ඔයාට දොස් කියන්නේ නෑ තේහ්‍යුන්ගා . ඔයත් ඔයාට දොස් පවරාගන්න එපා . අතීතේ අපිට වෙනස් කරන්න බෑ , ඒත් දැන් ඇත්ත දැනගත්තට පස්සේ අපිට අපේ වර්තමානය , අනාගතේ වෙනස් කරන්න පුලුවන් . ඔයාලා තුන්දෙනාටම  පවුලක් විදිහට එකට එකතු වෙන්න පුලුවන් . ."

"මම දන්නවා මින්හියා .. ඒත් මට කාලය ඕන . මේ හැමදෙයකින් ම සම්පූර්ණයෙන්ම ඈත් වෙලා හිතන්න මට කාලය ඕන . මෙච්චර කාලයක් මම ගොඩක් ප්‍රශ්න වලින් පැනලා දිව්වා , අදත් මම ඒ විදිහට ම ඇත්ත පිළිගන්න එකෙන් පැනලා දුවනවා ... ඒත් .. ඒත් ඒ අවසාන වතාවට ." තේහ්‍යුන්ගා එයාගේ ඇස් ඇරලා මගේ දිහා බැලුවා .

"ඔයාට ඕන තරම් කාලය ගන්න ටේ... කවුරුත් ඔයාට බල කරන්නේ නෑ . තෙප්‍යෝනිම් කොහොමත් ඔයාට වැඩ භාරදෙන්නේ නෑ හෙජන්නිම්ට හොඳ වෙනකල් ..ඒත් කිසිම කෙනෙක්ට මොකුත්ම කියන්නේ නැතුව සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙන්න එපා , ටික කාලෙකට උනත් , එච්චරයි මම ඔයාගෙන් ඉල්ලන්නේ " මම කිව්වේ බලාපොරොත්තු සහගත ව ටේහ්‍යුන්ගාගේ ඇස් දිහා බලාගෙන

"යක්සොක්හේ. ආපහු කවදාවත් ම එහෙම කරන්නේ නෑ " ටේහ්‍යුන්ගා එහෙම කියලා එයාගේ ඔලුව උස්සලා පුටුවේ වාඩි උනා.

"සරංග්හේයෝ මින්හියා . නෝමු සරන්ග්හේ . ගුමාවොයො හැමවෙලාවකම මගේ ළඟින් හිටියට තාමත් ඉන්නවට " ටේහ්‍යුන්ගා කියද්දි මම හෙමින් සැරේ එයාගේ මූණට එබිලා  මොහොතකට එයාගේ තොල්වලට හාදුවක් දීලා ඈත් උනා.

ඒත් මම පිටිපස්සට වෙන්න කලින් තේහ්‍යුන්ගා මගේ උරහිස්වලින් අල්ලාගෙන මගේ මූණට එබුණා.

"දැන් මට ඕන ඒ හැමදේම පුලුවන් තරම් අමතක කරන්න ." ටේහ්‍යුන්ගා කියලා ඉවර වෙද්දිම මාව පිටිපස්සට තල්ලු වෙනවත් එක්කම මගේ දෙතොල්වලට දැනුනේ උණුසුම් පහසක්. සුපුරුදු රටාවකට අපේ දෙතොල් මත මැවුන මෘදු හාදුව ටිකෙන් ටික රළු වෙන්න ගත්තේ නොදැනීම . ඒත් ඒ රළු පහස අතරේ  උනත් හිතට දැනුන උණුසුම් හැඟීමත් එක්ක මමත් ටේහ්‍යුන්ගාගෙ රළු දෙතොල්වල පහසට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තා.

End of flashback

"නූනා....." එකපාරටම ඇහුන සුපුරුදු කටහඬට මාව එකපාරටම ගැස්සිලා ගියා. මම ඔලුව උස්සලා වටපිට බැලුවේ කාටවත් මම ගැස්සුනා කියලා පේන්න නැතුව ඇති නේද කියලා හිතන අතරේ.

"ඕහ්... ජන්ග්කුකා ....." මගේ දිහා බලාගෙන හිටිය ජන්ග්කුකා දැකලා මට ඉබේටම කියවුනා . ඔෆිස් එකට ගැළපෙන විදිහට Formal විදිහට ඇඳලා හිටියා උනත් ජන්ග්කුකා කතා කලේ ටිකක් හති ඇර ඇර , හරියට එයා ගොඩක් දුර දුවලා වගේ.

"ඇයි ඔයා මෙහේ???" මට කියවුනා .

"යාහ්... මින්හී නූනා... මමයි අහන්න ඕන ඔයා මොකද්ද JC එකේ කරන්නේ කියලා ..." ජන්ග්කුකා එකපාරටම මගේ නළලට ඇඟිල්ලෙන් ඇන්නා.

"ආව්..." මම නළල අතගාන ගමන් පොඩ්ඩක් වටපිට බලන්න ගත්තා. අතේ තිබුන ෆයිල් ටික, ජන්ග්කුකා පස්සෙන් හිටිය එයාගේ secretary දැක්කට පස්සේ තමයි මතක් උනේ මම JC එකට ඇවිත් ජන්ග්කුකාගේ මීටින් එක ඉවර වෙනකල් බලාගෙන හිටියේ කියලා . මම ඔලුව උස්සලා ජන්ග්කුකා දිහා බැලුවේ ටිකක් ලැජ්ජාවෙන් වගේ .

"කජා ...." ජන්ග්කුකා මගේ අතින් අල්ලාගෙන ලිෆ්ට් එක පැත්තට යන්න ගත්තා . වටේට හිටිය හැමෝම මාරුවෙන් මාරුවට අපි දෙන්නා දිහා වගේ ම අපි දෙන්නාගේ අත් දිහා බලන්න ගත්තේ ඇස් ලොකු කරගෙන .

"යාහ් මිච්ච්‍යොස්සෝ ??? හැමෝම බලාගෙන ඉන්නවා ..." මම ජන්ග්කුකාගේ කනට කරලා කිව්වේ මගේ අත ගළවාගන්න උත්සාහ කරන අතරේ .

"සන්ග්වන් ඔප්සෝයෝ..  (it doesn't matter )මේක මගේ ඔෆිස් එක... ඔයා මගේ නූනා ...අනික හ්‍යුන්ග් මට ඔයාව බලාගන්න කියලා තියෙන්නේ " ජන්ග්කුකා කිව්වේ කිසිම දෙයක් ගනන් ගන්නේ නැතුව අපි දෙන්නා ලිෆ්ට් එක ඇතුලට ගිය ගමන් දොර වහන අතරේ.

"හහ්????" මම ජන්ග්කුකා දිහා බලාගෙන හිටියේ ඇස් දෙකත් ලොකු කරගෙන .
.
.
.
අපේ අලුත් ව්‍යාපෘතිය ගැන කතා කරලා ඉවර උනාට පස්සේ ඒ ෆයිල් ඔක්කොම පැත්තකින් තියලා ජන්ග්කුකා මාවත් ඇදගෙන ඇවිත් එයාගේ ඔෆිස් එකේම පැත්තකින් තිබුන කොෆී ටේබල් එක දෙපැත්තෙන් අපි දෙන්නා වාඩි උනා.

"නූනා නෝ ක්වෙන්චනායෝ ???" ටික වෙලාවකට පස්සේ ජන්ග්කුකා ඇහුවේ මෙච්චර වෙලා කරපු විහිලු තහලු වෙනුවට බැරෑරුම් විදිහට .

"නා?? ඇයි එහෙම ඇහුවේ ???"

"හෙජන්නිම් අසනීප නිසා ටේහ්‍යුන්ග් හ්‍යුන්ග් ඉන්නෙත් ඒ තරම් හොඳ තත්ත්වෙක නෙවෙයිනේ . නූනාට හ්‍යුන්ග් ගැන බලන්න , financial department එකේ වැඩත් එක්ක හැමදේම කරන්න පුලුවන් ද???" ජන්ග්කුකා ඇහුවේ කණස්සල්ලෙන් වගේ .

"අයිගෝ නේ තොක්කියා . You really have grown up..." මම ජන්ග්කුකාට හිතාගන්නත් කලින් එයාගේ කොණ්ඩේ ඇවිස්සුවා .

"අයිෂ් නූනා හජිමා " ජන්ග්කුකා බොරුවට මූණත් දෙක කරගෙන කෑගැහුවා . මට එකපාරටම හිනා ගියේ කාලෙකට පස්සේ ජන්ග්කුකාගේ බනී හිනාව දැකලා . අන්තිමට අපි දෙන්නාම හිනාවෙන්න ගත්තේ පොඩි ළමයි දෙන්නෙක් වගේ .

"නා ක්වෙන්චනායෝ නේ දොන්ග්සෙනා . ටේහ්‍යුන්ගාට මේ කාලේ අමාරුයි , ඒ නිසා මම එයා ළඟින් ඉන්න ම ඕන . Financial department එකේ වැඩ ටික මට කරගන්න පුලුවන් , තෙප්‍යෝනිම් හෝසොක් සුන්බේනිම් දෙන්නත් මට ගොඩක් උදව් කරනවා. " මම කිව්වේ ඇත්තටම එයාලා මට ගොඩක් උදව් කරන නිසා .

"එහෙනම් කමක් නෑ . නූනාට උදව්වක් ඕන නම් කියන්න , මම හැමවෙලාවෙම නූනා එක්ක ඉන්නවා , ඕනම දේකට "
.
.
.
දවස් දෙකකට පස්සේ හෙජන්නිම්ගේ තත්ත්වය හොඳ අතට හැරුනා . ගත වුණ හැම දවසක ම ඔමොනිම් හෙජන්නිම් ළඟින් ම හිටියා . මම අන්තිමට හොස්පිටල් එකට ගිය වෙලාවේ ඔමොනිම් මගේ දිහා බැලුවේ බලාපොරොත්තු සහගත ව. ඒ බලාපොරොත්තු බිදින්න බැරි නිසාම ඊට පස්සේ මම ආපහු හොස්පිටල් ගියේ නැහැ මොකද ඔමොනිම් හිතුවෙ මාත් එක්ක හරි ටේහ්‍යුන්ගා හොස්පිටල් එකට එයි කියලා .  ඒත් එයාලා දෙන්නා විතරක් නෙවෙයි තෙප්‍යෝනිම් සොක්ජින් සොන්සෙන්නිම් ඒ හැමෝම ටේහ්‍යුන්ගා ඉක්මනට හෙජන්නිම් බලන්න එයි කියලා බලාපොරොත්තු උනා. 

ටේහ්‍යුන්ගා අන්තිමට හොස්පිටල් එකෙන් ගියාට පස්සේ කිසිම දෙයක් කිව්වේවත්, ආපහු ආවේවත් නැති නිසා හැමෝම හිටියේ දෙගිඩියාවෙන් , ඒත් ටේහ්‍යුන්ගා ඉන්න තත්ත්වය තේරුම් ගන්න පුලුවන් නිසා එයාලා හැමෝම ඉවසීමෙන් ටේහ්‍යුන්ගා එනකල් බලාගෙන ඉන්නවා කියලා මට හිතුනේ.
ටේහ්‍යුන්ගා එයාගේ ජීවිතේ ගැන හිතලා හොඳ තීරණයක් ගනියි කියලා කොච්චර හිතුනත් හැමවෙලාවෙම  හිතේ කොණක පොඩි තිගැස්මක් ඉතුරු වෙන්නේ ඒ තීරණය මොකද්ද කියලා අපි කවුරුත් දන්නේ නැති නිසා . ටේහ්‍යුන්ගා හැමදේකින් ම ඈත් උනේ මේ ගැන හිතන්න ඕන නිසා කියලා දන්නේ මම , ජීමින් දෙන්නා විතරයි .

ටේහ්‍යුන්ගා හිටියේ නැති උනත් financial department එකේ වැඩ මට තනියෙන් කරන්න පුලුවන් උනා හෝසොක් සුන්බේනිම්ගේ උදව් එක්ක .
අදත් තෙප්‍යෝනිම් කිම් කෝපරේෂන් එකේ ඉහළ නිළධාරී මණ්ඩලයේ අයත් එක්ක මීටින් එකක් අරන් තිබුනේ අපේ ප්‍රොජෙක්ට් ගැන වැඩිදුරටත් කතා කරන්න . Financial department එක වෙනුවෙන් මට තමයි සහභාගි වෙන්න සිද්ද උනේ.

"හෙජන්නිම්ගේ තත්ත්වය හොඳ අතට හැරිලා කියලා හැමෝම දන්නවා ඇති කියලා හිතනවා මම . නමුත් මම අද හැමෝටම එන්න කිව්වේ ඒ ගැන කතා කරන්න නෙවෙයි  , අපේ දැනටමත් වැඩ කරගෙන යන ව්‍යාපෘති ගැන සාකච්ඡා කරන්න . හෙජන්නිම් අසනීප උනත් ඒක බාධාවක් කරගන්නේ නැතුව අපි සාමාන්‍ය ක්‍රියාවලිය  අඛණ්ඩ ව ම පවත්වාගෙන යන්න ඕන . "

"තෙප්‍යෝනිම් JC එකත් එක්ක කරන ව්‍යාපෘතියත් ඒ විදිහට ම කරගෙන යන්න පුලුවන් ද??? මිස්ටර් ජියොන් ව්‍යාපාර වලදි එකපාරටම දැඩි තීරණ ගන්න කෙනෙක් ."

"ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ . මුලින් ගිවිසුම් අත්සන් කරනකොට තීරණය කරපු විදිහට ව්‍යාපෘතියේ වැඩ කෙරීගෙන යාවි. Financial department එකේ වැඩ බලන මිස් චෝයි JC එකත් එක්ක සාකච්ඡාවකින් පස්සේ ඒක ස්ථීර කළා. එහෙම නේද මිස් චෝයි ??" තෙප්‍යෝනිම් මගේ දිහාවට හැරුනා .

"නේ තෙප්‍යෝනිම් අපි මුලින් එකඟ වුන විදිහට ව්‍යාපෘතිය කරගෙන යන්න එයාලා කැමතියි  . හෙජන්නිම්ගේ අසනීප තත්ත්වය නිසා ව්‍යාපෘතිය සම්බන්ධව කිසිම වෙනසක් කරන්න මිස්ටර් ජන්ග්කුක්ගේ අදහසක් නෑ ." මම කියද්දි සමරුන්ගේ මූණු යන්තමට වෙනස් උනා. ඒත් ඒ ව්‍යාපෘතියට ප්‍රශ්නයක් නොවෙන නිසාද නැත්නම් එයාලා වගේ කෙනෙක් වෙනුවට මට JC එකත් එක්ක මේ ගැන සාකච්ඡා කරන්න යන්න කිව්ව නිසා ද??

"හරි එහෙනම් ...." තෙප්‍යෝනිම් කතා කරන්න හදද්දිම මීටින් රූම් එකේ දොර එකපාරටම ඇරුනා .

"තෙ..තෙප්‍යෝනිම් ...." හෝසොක් සුන්බේනිම් ඇතුලට ආවේ කලබලයෙන් .

"හෝසොක් ශී ...... අපි තාම මීටින් එක..."

"මේක හදිස්සියක් තෙප්‍යෝනිම් ..." හෝසොක් සුන්බේනිම් එහෙම කියලා තෙප්‍යෝනිම්ගේ කනට කරලා මොනාහරි කිව්වේ වෙන කාටවත් ඇහෙන්නේ නැති වෙන්න . තෙප්‍යෝනිම්ගේ මූණ වෙනස් උනේ බලාගෙන ඉන්නකොටමයි. මගේ හිතත් නොසන්සුන් වෙන්න ගත්තේ තෙප්‍යෝනිම් මේ තරම් කලබල වෙන්න හේතුව හිතාගන්න බැරි නිසා . අන්තිමට හෝසොක් සුන්බේනිම් මීටින් රූම් එකේ තිබුන ටීවී එක ඔන් කළා. 

ටීවී එක දිහා බලපු ගමන් මට ඉබේටම හුස්ම හිරවුණා .

'කිම් සමූහයේ සභාපති කිම් ටේහූන් වසර හතකට කලින් සිදු වූ තම එකම පුතුගේ මරණය සැමගෙන් සඟවයි '
ඒත් එක්කම පසුබිමෙන් පෙන්නුවේ ටේහ්‍යුන්ගා පොඩි කාලේ හෙජන්නිම් , ඔමොනිම් එක්ක එකට ගත්ත ෆොටෝ එකක්.

මම විතරක් නෙවෙයි හැමෝම ටීවී එක දිහා බලාගෙන හිටියේ ඇසිපිය නොහෙළා .

'දින කිහිපයකට පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ කිම් සමූහයේ සභාපති කිම් ටේහූන් මහතා පිළිබඳ බලාපොරොත්තු නොවූ ආකාරයේ පුවතක් අපට ලැබී තිබෙනවා . සභාපතිවරයාගේ එක ම පුත්‍රයා මෙයට වසර හතකට පෙර වාහනයක ගැටී බරපතළ ලෙස තුවාල ලබා පසුව සුව වූ බවක් සඳහන් වුවත් අපට අලුතෙන් ම ලැබුන තොරතුරුවලට අනූව සභාපතිවරයාගේ පුත්‍රයා වූ කිම් ටේහ්‍යුන්ග් ඔහුට  වයස අවුරුදු දහ අටේදී සිදු වූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් ව ඇත. සභාපතිවරයාගේ පුත්‍රයා ඉන් අනතුරුව කිසිම අවස්තාවකට පෙනී සිටිනවා කිසිවෙකුට දක්නට නොලැබුණු අතර අභ්‍යන්තර ආරංචි මාර්ග වසර හතක් පුරාවට ඔහු විදෙස් ගත ව අධ්‍යාපනය ලබන බවට ප්‍රකාශ කළේ ය.
දැනට කිම් සමූහයේ විධායක අධ්‍යක්ෂක ධූරය හා කිම් රෝහල් සමූහයේ අධ්‍යක්ෂක ධූරය පිළිවෙලින් සභාපතිවරයාගේ වැඩිමහල් සහෝදරයාගේ දරුවන් වන කිම් නම්ජූන් හා කිම් සොක්ජින් විසින් හොබවනු ලබයි.

කිම් සමූහයේ සංවත්සර උත්සවයේ දී සභාපතිවරයාගෙන් ඔහුගේ පුත්‍රයා පිළිබඳ විමසූ අවස්ථාවේ දී ඔහු පවසා සිටියේ ඔහුගේ පුත්‍රයා ඉක්මනින් කිම් සමූහයට සම්බන්ධ වන බවයි . එහෙත් අපේ තොරතුරු මූලාශ්‍ර වලට අනූව මේ පිළිබඳ විමසීමෙන් අනතුරුව සභාපතිවරයා අසනීප වී නොමැති බවත් ඔහු ව්‍යාජ අසනීප තත්ත්වයක් පෙන්වමින් රෝහල් ගත වූ බවත් අනාවරණය වී ඇත. මේ වනවිටත් මාධ්‍යවේදින් බොහෝ දෙනෙක් සභාපතිවරයා ප්‍රතිකාර ලබන සෝල්හි පිහිටි කිම් සමූහයේ ප්‍රධාන රෝහල් පරිශ්‍රයට රැස්වී සිටින්නේ මේ පිළිබඳ සභාපතිවරයාගේ අදහස් විමසීම සඳහායි. '

"ඉගෙ තා ම්වොයා ?? "තෙප්‍යෝනිම් කෑගැහුවේ කේන්තියෙන් .
ඒත් ඒ එක්කම වගේ තෙප්‍යෝනිම්ට කෝල් එකක් ආවා.

"හ්‍යුන්ග්..." තෙප්‍යෝනිම් ඉක්මනට කෝල් එක ගත්තේ කාමරේ හිටිය හැමෝම අමතක කරලා.
හෝසොක් සුන්බේනිම් හැමෝටම කාමරයෙන් යන්න කියලා අතින් සන් කළත් හැමෝම අවධානය දුන්නේ තෙප්‍යෝනිම්ගේ කෝල් එකට.

"මින්හී ශී පොඩ්ඩක් එන්න " හෝසොක් සුන්බේනිම් මට කතා කළා.

"නේ සුන්බේනිම් ..."

"ටේහ්‍යුන්ග් ශී කොහෙද ඉන්නේ කියලා දන්නවද ඔයා?? අඩුම තරමින් එයා සෝල්වල ඉන්නවාද කියලාවත් ... ???"

"ටේහ්‍යුන්ග් ශී එයාගේ අපාර්ට්මන්ට් එකේ ඉන්න ඕන සුන්බේනිම් මම හිතන විදිහට . එයාට ටිකක් හිතන්න කාලය ඕන කිව්ව නිසා මම , ජීමින් ශී එක්කවත් එයා කතා කළේ නෑ . වෙයෝ ??"

"හෙජන්නිම් press conference එකක් තියන්න හදන්නේ . ඒත් ඒක එයාගේ දැන් තත්ත්වයට හොඳ නෑ . ඒත් හෙජන්නිම් කිසිම විදිහකින් ඒ තීරණය වෙනස් කරන්නේ නෑ . තේහ්‍යුන්ග් ශීට විතරයි තීරණේ පොඩි හරි වෙනසක් කරන්න පුලුවන් . " හෝසොක් සුන්බේනිම් කියන පමාවට මම ඒ වෙද්දිත් ටේහ්‍යුන්ගාට කෝල් එකක් අරන් ඉවරයි . ඒත් නම්බර් එක වැඩ කළේ නෑ .

"සුන්බේනිම් මම ටේහ්‍යුන්ග් ශීගේ අපාර්ට්මන්ට් එකට ගිහින් බලන්නම් " හෝසොක් සුන්බේනිම් මොකුත් කියන්න කලින් මම මීටින් රූම් එකෙන් එලියට දිව්වා . ඉක්මනට මගේ කාමරේට ගිහින් බෑග් එකත් අරගෙන මම එලියට දිව්වේ අඩියට දෙකට.

" අජස්සී මේ ඇඩ්‍රස් එකට යමු , පුලුවන් තරම් ඉක්මනට " මම taxi එකේ ඩ්‍රයිවර්ට ටේහ්‍යුන්ගාගේ අපාර්ට්මන්ට් එක තියෙන apartment complex එකේ ඇඩ්‍රස් එක දුන්නා .

ටේහ්‍යුන්ගා එයාගේ අප්පා එක්ක කම්පැනි එකේ වැඩවලට ඒ කාලේ ඉදන් ම කිසිම විදිහකින් සම්බන්ධ වෙලා නෑ . එතකොට   අවුරුදු හතකට කලින් ඉදන් මේ වෙනකල් කිසිම ප්‍රසිද්ධ අවස්තාවකට සහභාගි උනේ නැති ටේහ්‍යුන්ගා ගැන කොහොමද එකපාරටම මෙච්චර බරපතළ කතාවක් ඇති උනේ?? එයා කිම් කෝපරේෂන් එකට සම්බන්ධ වෙන්නේ නෑ වගේ news එකක් උනත් කමක් නෑ , ඒත් එයා ජීවතුන් අතර නෑ කියන්න තරම් බොරුවක් , ඒකත් මේ මිනිස්සු එයාගේ අප්පාට චෝදනා කරන එක කරන්නේ .

ටේහ්‍යුන්ගා මේ ගැන කිසිම දෙයක් දන්නේ නැද්ද තාමත් ?? එයා මේ ගැන දන්නවා නම් ඇයි එයා තාමත් ආවේ නැත්තේ ?? ඇයි එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැත්තේ ?? එයා ඇත්තටම එයාගේ අප්පා කිව්ව විදිහට හැමදේම හැමදාටම අතාරින්න ද හදන්නේ ??

"චොගි අගස්සී ....." taxi එකේ අජස්සී අපි අපාර්ට්මන්ට් එක ළඟට ආවා කිව්ව ගමන් ම මම එයාට සල්ලි දෙන ගමන් ම එලියට බැහැලා ඇතුලට දිව්වා .
ටේහ්‍යුන්ගාගේ අපාර්ට්මන්ට් එකේ බෙල් එක ගහලා ටිකක් වෙලා බලාගෙන හිටියත් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා අන්තිමට මම code එක ගහලා දොර ඇරගෙන ඇතුලට ගියා.

"ටේහ්‍යුන්ගා...... ටේහ්‍යුන්ගා ......" එයා කොයි මොහොතේ හරි අපාර්ට්මන්ට් එකේ රූම් එකකින් එලියට එයි කියලා බලාපොරොත්තුවෙන් මම එයාගේ නම කියලා කතා කළා උනත් කිසිම ප්‍රතිචාරයක් තිබුනේ නෑ . අන්තිමට මාව living room එකේ තිබුන සෝපාවේ ඉඳගත්තාට වඩා ඉන්දවුනා වගේ දැනුනේ .

"ටේහ්‍යුන්ගා....නෝ චින්චා ඔදියේයෝ ??" උත්තරයක් දෙන්න ටේහ්‍යුන්ගා ළඟ නෑ කියලා දන්නවා උනත් මම ඇහුවේ එයාගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් .

විසිත්ත කාමරේ හැමතැනකට ම යොමු උන මගේ ඇස් අන්තිමට යොමු උනේ කොෆී ටේබල් එකට. ඒක උඩ තිබුන වතුර වීදුරුව යට තිබුන සුදුපාට කොළේ දකිද්දී මට යම් තරමකට හෝ සැනසීමක් දැනුනා . මෙච්චර වෙලාවක් මම දැක්කේ නැති දෙකට නවලා තිබුන කොළේ ඉක්මනට අතට අරගෙන දිගෑරියේ ටේහ්‍යුන්ගා ගැන මොනයම් හෝ තොරතුරක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන් .

'මින්හියා,
      මේ ලියුම ලැබෙන්නේ ඔයාගේ අතට කියලා මම දන්නවා . අප්පා මට තේරීමක් කරන්න අවස්තාවක් දුන්නේ . ඒත් අද සිද්ද වෙන දේවල් එක්ක මට කලින්ම ඒ තීරණය ගන්න වෙනවා. මම හිතනවා ඔයා මගේ මේ තීරණයකට එකඟ වෙයි කියලා . එහෙම  නැත්නම් මට සමාවෙන්න . පුලුවන් නම් මට සුභ පතන්න ජීවිතේ පළවෙනි වතාවට මම අප්පා කියන දේවල් අහලා මගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න යන්නේ . ඉක්මනින් ආපහු හමුවෙමු . සරන්ග්හේයෝ මින්හියා ...
                                            සරන්ග්හානන්          නොයේ නම්චින් - ටේහ්‍යුන්ග්

Seokjin's pov
එකපාරටම මතුවුණ සම්චුන් , ටේහ්‍යුන්ගා ගැන fake news එක පැයකින් විතර සම්පූර්ණයෙන්ම පැතිරිලා අවසන් . සම්චූන්ට මේ ගැන දැනගන්න දෙන්නේ නැති වෙන්න කොච්චර උත්සාහ කළත් අන්තිමට සම්චූන්ට ආපු කෝල් එකකින් සම්චුන් ඒ ගැන දැනගත්තේ . ඊට පස්සේ සම්චූන්ගේ කාමරේ තිබුන ටීවී එකේ සජීවී ව ගිය විස්තර හැමදෙයක් ම සම්චුන් අහගෙන හිටියේ නිහඬවම . ඊට පස්සේ සම්චුන් එයාගේ secretary ට කෝල් කරලා මාධ්‍ය හමුවක් තියන්න ඕන කිව්වා . ඒත් සම්චූන්ගේ තත්ත්වය එක්ක ඒක එයාට ඒ තරම් හොඳ නොවෙන්න පුලුවන් . ඒත් සම්චුන් හිටියේ අපිට නවත්වන්න පුලුවන් මට්ටමක නෙවෙයි .

"සොක්ජිනා ඔයාලා කොහොම කිව්වත් මගේ තීරණය වෙනස් වෙන්නේ නෑ . මේ ප්‍රශ්න වලට උත්තර දීලා මේ ප්‍රශ්නේ නිරාකරණය කරන්න  පුලුවන් මට විතරයි .. " සම්චුන් අන්තිමට  කිව්වේ අවධාරණාත්මක විදිහට .

"එහෙම නැත්නම් ටේහ්‍යුන්ගාට" කුමෝ කිව්වේ බලාපොරොත්තු සහගත විදිහට .

"අනී . යුන්හියා මෙච්චර කාලයක් ටේහ්‍යුන්ගා දුක් වින්දා ඇති , තවත් එයා මේ දේවල් නිසා විඳවන්න ඕන නෑ ." සම්චුන් කිව්වේ සන්සුන් ව උනත් අවධාරණාත්මක විදිහට .
ඊට පස්සේ කුමෝ වත් මමවත් කියන කිසිම දෙයකින් වැඩක් උනේ නෑ  . ටේහ්‍යුන්ගා සම්බන්ධ කරගන්න කිසිම විදිහක් නැති නිසා මම නම්ජූන්ට විතරක් කෝල් කළා.

මේ වෙද්දිත් ගොඩක් මීඩියා වල කට්ටිය හොස්පිටල් එකට ඇතුල් වෙන්න උත්සාහ කරලා ඉවරයි , අන්තිමට කිම් කෝපරේෂන් එක යටතේ ඉන්න ආරක්ෂක නිළධාරීන් හොස්පිටල් එකට ගෙන්නගන්න සිද්ද උනා. හැමෝගෙම  ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කරගත්තට පස්සේ
මම ආපහු සම්චුන් හිටිය කාමරේට ගියා. සම්චූන්ගේ කාමරේ එලියෙත් ආරක්ෂකයෝ දහයක් විතර හිටියේ වැඩිදුර ආරක්ෂාවට

සම්චුන් හිටියේ එයාගේ secretary මිස්ටර් ලී එක්ක කතා කරකර. සම්චූන්ට සම්පූර්ණයෙන්ම ඇඳට වෙලා විවේකී ව ඉන්න කියලා තිබුනත් සම්චුන් දැනටමත් හොස්පිටල් ඇඳුම්වලින්  formal suit එකකට මාරු වෙලා එලියට යන්න ලෑස්ති වෙලා හිටියේ . කුමෝ නිහඬවම හිටියේ සම්චුන් එයාගේ තීරණය වෙනස් කරන්නේ නෑ කියලා දන්න නිසා.

"සොක්ජිනා පාර්ක් සොන්සෙන්නිම්ට කියන්න මම දවසකට එයා කිව්ව විදිහට විවේක ගන්න එක කරන්න වෙන්නේ නෑ කියලා  " සම්චුන් කිව්වේ හිනාවකුත් එක්ක .

"සම්චුන් අඩුම තරමින් අපි කාටහරි ඔයා එක්ක එන්න දෙන්න  , කුමෝ, මම නැත්නම් නම්ජූන් " මම කිව්වේ අන්තිමට වෙන කරගන්න දෙයක් නැති නිසා .

"කවුරුවත් ඕන නෑ සොක්ජිනා, මේක මට නුපුරුදු දෙයක් නෙවෙයිනේ , වෙනසකට කියලා තියෙන්නේ ටේහ්‍යුන්ගා ගැන මෙහෙම කතාවක් ඇතිවුණ පළවෙනි වතාව මේක , එච්චරයි ." සම්චුන් කිව්වේ සැහැල්ලුවෙන් .

"නම්ජුන් දැනටමත් මෙ ගැන හොයලා බලන්න පටන් අරන් ඇති සම්චුන් , කෙනෙක් මෙච්චර බරපතළ චෝදනාවක් කරන්නේ කොහොමද කිසිම පදනමක් නැතිව ."

"ඕන නෑ ජින්, එක අතකට මේ උන දේ හොඳයි  , විසඳන්න අමාරු වෙලා තිබුන ප්‍රශ්න විසඳගන්න මේක හොඳ අවස්තාවක් ."

"ස...සම්චුන් ඔයා කොහොමද එහෙම කියන්නේ ??? ටේහ්‍යුන්ගා ජීවතුන් අතර නෑ කියලා කියද්දි අපි කොහොමද බලාගෙන ඉන්නේ ??"

"මගේ දරුවා ජීවත් වෙනවා කියලා මම දන්නවා , අපි දන්නවා සොක්ජිනා. ඒත් එයා ලෝකෙටම මැරුන කෙනෙක් උනොත් ටේහ්‍යුන්ගාට එයාගේ නිදහස ලැබෙනවා . ජේහ්‍යුන්ග් විදිහට එයාට ඕන විදිහට නිදහසේ ජීවත් වෙන්න පුලුවන් "

"යො...යොබෝ....."

"සම්චුන්......"

කුමෝට මට දෙන්නාටම කියවුනේ එකපාරටම . අපි සම්චුන් දිහා බලාගෙන හිටියේ අපිට ඇහුන වචන විශ්වාස කරන්න අමාරු නිසා.

"යො...යොබෝ ... උරි ඕතොක්කේ ක්‍(අ)රොල්ක්කේ හේ??? ඕතොක්කේ ???? උ...උරි අදල්.....( how could we do that?? Our son..) ." කුමෝ ඇහුවේ අඬන්න ඔන්න මෙන්න වගේ . මම සම්චුන් දිහා බලාගෙන හිටියේ තබ්බීරිවෙලා .

"යුන්හියා... ටේහ්‍යුන්ගාට මෙච්චර කල් ඕන උනේ එයාගේ නිදහස. අන්තිමට මට පුලුවන් උනා එයාට කියාගන්න දැන් එයාට එයාගේ ජීවිතේ එයාට ඕන විදිහට ජීවත් වෙන්න පුලුවන් කියලා . මට දැන් ඒ වචනය ආපහු ගන්න බෑ , එහෙම කරන්න මට ඕන නෑ . දැන් මේ ප්‍රශ්නෙදි ටේහ්‍යුන්ගා ගැන ඇත්ත කිව්වොත් මිනිස්සුන්ගේ කුතුහලය නැති කරන්න නම් ටේහ්‍යුන්ගාට සමාජය ඉස්සරහට එන්න වෙන්නේ , ඒ එන්න වෙන්නේ මෙච්චර කල් එයා හිටියා වගේ කිම් ජේහ්‍යුන්ග් විදිහට නෙවෙයි කිම් ටේහ්‍යුන්ග් විදිහට . ඊට පස්සේ කිම් කෝපරේෂන් එකේ වගකීම් එයාගේ කරමත පැටවෙනවා, ඒක වෙනස් කරන්න අපිට බෑ .

ඒත් දැන් මම ඇත්ත නොකිව්වොත්, මේ චෝදනා ඒ විදිහට ම පිළිගත්තොත් අඩුම තරමින් ටේහ්‍යුන්ගාට එයාගේ නිදහස ලැබෙනවා හැමදාටම . ටේහ්‍යුන්ගා වෙනුවෙන් එයාට ඕන දෙයක් මම කරන්න හදන්නේ පළවෙනි වතාවට , ඉතින් මේ තීරණය ගැන මට පසුතැවෙන්න කිසිම හේතුවක් නෑ . මට තියෙන්නේ සතුටක් . සමහරවිට ඊට පස්සේ ටේහ්‍යුන්ගා මට ඇත්තටම සමාව දේවි හැමදේකට ම ." සම්චුන් හැඟීම්බර විදිහට කියද්දි කුමෝ, මම දෙන්නම නිරුත්තර උනා. සම්චුන් කියපු දේ ඇත්ත වගේ ම තාත්තා කෙනෙක් විදිහට සම්චුන් කියන දේ සාධාරණයි . ඒ හැඟීම්බර වචනවලට පස්සේ තවත් සම්චුන් කරන්න හදන දේ නවත්වන්න , ඒකට විරුද්ධව වචනයක් කියන්න පුලුවන්කමක් , හිතක් මටවත් කුමෝටවත් තිබුනේ නෑ .

"යුන්හියා ඇත්තටම ටේහ්‍යුන්ගාට කිසිම කරදරයක් නෑ කියලා අපි දන්නවා , ලෝකෙම නොදන්නවා උනත් අපේ දරුවා අපිත් එක්කම ඉඳියි. ඒ ගැන තවත් හිතන්න එපා . අපි යමු මිස්ටර් ලී. " සම්චුන් කුමෝට කියලා මිස්ටර් ලී එක්ක කාමරෙන් එලියට ගියා.

මමත් ටිකක් වෙලා නිහඬව හිටියේ මොකුත්ම කියාගන්න තේරෙන්නේ නැතුව , සම්චුන් අපි කවුරුවත් එයා එක්ක එනවාටත් අකමැති උන නිසා හිතට දැනුනේ අසරණ හැඟීමක් . සම්චූන්ට සම්පූර්ණයෙන්ම හොඳ නැති නිසා අපි කවුරුහරි එයා එක්ක ඉන්න ම ඕන , ඒත් සම්චුන් ඒකටත් අකමැති උනා.

එකපාරටම මගේ ෆෝන් එක රිංග්ස් යන්න ගත්ත නිසා මම ෆෝන් එක අතට ගත්තා. කෝල් කරන්නේ හොස්පිටල් එකේ ආරක්ෂාවට දාලා හිටිය ආරක්ෂකයින්ගේ team leader. මම කෝල් එක ගත්තේ ටිකක් කලබලයෙන් .

"යොබුසෙයෝ..."

"චෙසුහම්නිදා ඊසජන්නිම් .... ඒත් මීඩියාවල කට්ටිය ගොඩක් හිටිය නිසා එයාලා එකපාරටම හොස්පිටල් එක ඇතුලට කඩන් වැදුනා , අපිට නවත්වාගන්න බැරි උනා. අපි ඉක්මනට තත්ත්වය පාලනය කරන්න උපරිම උත්සාහ කරනවා, ඒ වෙනකල් හෙජන්නිම්ට එලියට එන්න දෙන්න එපා ..."

"Shit!!!...." මම එහෙම්මම කෝල් එක කට් කරන්නෙත් නැතුව කාමරෙන් එලියට දිව්වේ ground floor එකට යන්න . පුලුවන් තරම් ඉක්මනට මම පල්ලෙහාට යද්දිත් මීඩියා වල කට්ටිය reception එක හරියේ සම්පූර්ණයෙන්ම පිරිලා . ආරක්ෂකයෝ, මිස්ටර් ලී එක්ක සම්චුන් හිටියේ එයාලගෙන් වට වෙලා .

මම ඉක්මනට අතරින් පතර රිංගලා සම්චුන් ළඟට යන්න හැදුවත් ඒක හිතුවට වඩා ගොඩක් අමාරු උනා. මාධ්‍යවේදියෝ සම්චූන්ගේ ප්‍රශ්න ඇහුවේ කිසිම හිතක් පපුවක් නැති විදිහට . මට හිතට බයක් දැනෙන්න ගත්තේ සම්චූන්ට ආපහු හදිස්සියේ අසනීප වෙයි කියලා .

"මිස්ටර් කිම් මේ පැතිරෙන කටකතාව ගැන ඔබ මොකද හිතන්නේ ???"

"මිස්ටර් කිම් මේ අනාවරණය උන තොරතුරු ඇත්ත ද??"

"මිස්ටර් කිම් ඔබගේ පුත්‍රයා වසර හතකට පෙර මියගිය බව සත්‍යක් ද??"

"මිස්ටර් කිම් ඒ සිද්ද උන අනතුරු ඇත්තටම හදිසි අනතුරක් ද?? නැත්නම් සිතාමතා ඝාතනය කිරීමක් ද??"

"මිස්ටර් කිම් ඔබේ පුත්‍රයා ඇත්තටම ජීවතුන් අතර නම් ඇයි ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ නැත්තේ???"

"මිස්ටර් කිම් ඔබේ පුත්‍රයා කුඩාකල සිට ම කිම් කෝපරේෂන් එකේ කිසිම දේකට සහභාගි නොවුණේ ඇයි?? ඔබ සහ පුත්‍රයා අතර යම් ගැටලුවක් තිබුනද?? ඉන් පසු ද අනතුර සිද්ද උනේ???"

"මිස්ටර් කිම් මෙපමණ කලක් සත්‍යය ලෝකයෙන් වසන් කළේ ඇයි???"

මාධ්‍යකාරයෝ අහන ප්‍රශ්න වලට මගේ ලේ රත් වෙන්න ගත්තේ ආපු කේන්තිය නිසා. මේ ඇත්තටම  මිනිස්සු ද?? සම්චුන්ට තාමත් හොඳ නෑ කියලා දැන දැනත් මේ මිනිස්සු ඇයි මෙහෙම අහන්නෙ ?? කොච්චර ශක්තිමත් , නිර්භීත කෙනෙක් උනත් එකපාරටම ගහෙන් ගෙඩි එනවා වගේ අහපු ප්‍රශ්න ගොන්නත් එක්ක සම්චුන් ඉබේටම ගොලු උනා . කෙලින්ම නොවුනත් වක්‍ර විදිහට අහපු ප්‍රශ්න වල ඇත්ත තේරුම මොකද්ද කියලා තේරුම් ගනිද්දී සම්චූන්ට ඇත්තටම ඒක දරාගන්න අමාරු වෙයි . මම පුලුවන් තරම් ඉක්මනට සම්චුන් ළඟට යන්න හිතාගෙන තවත් දෙන්නෙක් ව පැත්තකට කරලා සෙනඟ අතරිම ඉස්සරහට ගියා.

ඒත් එකපාරටම

"නවත්වන්න හැමෝම . " එකපාරටම ඇහුන ගැඹුරු ඒත් හුරුපුරුදු කටහඬ ඇහෙද්දී මම ඔලුව උස්සලා බැලුවේ කටහඬ ඇහුන දිහාවට . පුදුමෙකට වගේ මීඩියා වලත් අයත් නිහඬ උනා , හැමෝගෙම ඔලුව කටහඬ ඇහුන පැත්තට හැරුනා .

"අවුරුදු හතකට කලින් ඔයාලා කියන විදිහට මැරිලා තියෙන්නේ , එතකොට අවුරුදු ගානක් කිම් කෝපරේෂන් එකේ දේවල් වලට සම්බන්ධ නොවුණේ, මෙච්චර කාලයක් ප්‍රසිද්ධියේ පෙනී හිටියේ නැත්තේ  , කිම් කෝපරේෂන් එකේ තනතුරක් භාර නොගත්තේ මම නම් ඇයි ඔය ප්‍රශ්න ඔක්කොම මගෙන් අහන්නේ නැතුව අප්පාගෙන් අහන්නෙ ?? ඒවට උත්තර දෙන්න ඕන කෙනා මම නෙවෙයි ද???" සම්චූන්ගේ ළඟින් ම හිටගෙන සම්චූන්ගේ අතකින් දැඩිව අල්ලාගෙන හිටියේ ටේහ්‍යුන්ගා , ඒ හරියට වටේටම හිටිය මාධ්‍යවල අයගෙන් සම්චූන්ව ආරක්ෂා කරන්න වගේ  . ඒත් ඒ ඇස්වල, වචනවල  තිබුනේ ස්ථීරබවක් වගේ ම කෝපයක්.

"ටේහ්‍යුන්ගා..." සම්චූන්ට , මට, මාත් එක්කම පහළට දුවගෙන ඇවිත් හිටිය කුමෝට අපි හැමෝටම කියවුනා .

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : After a long long long time තමයි යාලුවනේ. මෙච්චර කල් කතාව කියවන්න බලාගෙන හිටිය හැමෝටම ගොඩක් ස්තුතියි. අද කොටස කියවලා ඔයාලගෙ අදහස් කියන්න.
ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️💜️💜️💜️

Instagram , Twitter , Weverse ඔක්කොම එක්ක නිකන් පිස්සු හැදිලා වගේ නේද ?? එයාලා ඇත්තටම ගොඩක් සතුටෙන් ඉන්නේ . මම හිතන්නේ ආර්මිලා විදිහට එයාලාගේ සතුට දකින එක ම ඇති අපිටත් හිනාවෙන්න . 💜️💜️💜️💜️💜️💜️💜️

P/S : ජින් military enlist වෙලා මාස හතරකින් දැන් හොබී යනවා . එයාලාට military නොයා එකට ඉන්න තිබුනා නම් හොඳයි කියලා හිතෙන වාර ගාන අනන්තයි, ඒත් එයාලා එයාලාගේ රටේ නීතියට ගරු කරන්න ඕන . ඒත් ඒ කිසිම දෙයක් නිසා එයාලා අපිව අමතක කරන්නේ නෑ . හත්දෙනාම එකට යනවා වෙනුවට එයාලා වෙන වෙන ම යන එකෙන් ආර්මිලා එක්ක කවුරු හරි රැදෙනවා. මේ වගේ ම අනිත් අයත් යන දවස් ළං වේවි , ඒත් අපිට නොදැනීම ජින්, හොබී ආපහු එන දවසත් ළං වේවි . අලුත් අත්දැකීම් අපිට ඉක්මනට ම OT7 විදියට එයාලාව දකින්න ලැබේවි . අපි එයාලා නිසා සතුටු වෙනවා , ජීවිතේ විඳින්න ඉගෙනගත්තා වගේ ම එයාලත් එයාලාගේ පෞද්ගලික ජීවිතේ සතුටින් ගෙවනවා නම් ඒ ඇති. 💜️💜️💜️💜️💜️

Edited and republished on 17/04/2023

Bạn đang đọc truyện trên: AzTruyen.Top