Chapter 36

❤️Lies I Lived In❤️

Seokjin's pov...
"කුමෝ කිම් හ්‍යුන් ජා කියන්නේ ටේහ්‍යුන්ගාගේ හැල්මොනි නේද ??" මම කුමෝගෙන් ඇහුවත්, ඒ ටේහ්‍යුන්ගාගේ හැල්මොනි තමයි කියලා මම දැනගෙන හිටියා. කුමෝගේ ඇස් දෙක වෙනස් උන හැටියෙන් ජීමින්, මින්හී දෙන්නාටත් ඒක තේරුනා .

"ඒ කියන්නේ ටේහ්‍යුන්ගා ඉන්නේ ඩේගුවල. එයාගේ හැල්මොනිගේ සොහොන තියෙන එයාලාගේ ගොවිපොළේ වෙන්න ඕන ." ජීමින්ට ඉබේටම කියවුනේ ඇහෙන නෑහෙන තරම් පහත් හඬකින් .

"ජී..ජීමින් ඇයි ඔයා එහෙම කියන්නේ ???" කුමෝට වචන ගොත ගැහුනා .

"කුමෝ... ටේහ්‍යුන්ගාට මගේ ඔෆිස් එකේ තිබිලා එයාගේ හැල්මොනිගේ විස්තර තිබුන ලිපිගොනුවක් ලැබිලා , හැල්මොනිගේ මරණ සහතිකයත් එක්ක. " මම කියද්දි කුමෝගේ මූණ බයකින් වෙලිලා ගියා.

°°°°°°Flashback°°°°°
"ජින් හ්‍යුන්ග් තවත් ටේහ්‍යුන්ගා එයි කියලා බලාගෙන ඉන්නවට වඩා අපිට සීසීටීවී වලින්වත් ටේ කොහෙද ගියේ කියලා බලන්න වෙනවා. " නම්ජූන් කිව්වට පස්සේ මම, නම්ජූන් , ජීමින් තුන්දෙනා ම control room එකට ගියේ කැමරා චෙක් කරන්න . අපි ඉස්සෙල්ලාම බැලුවේ සම්චූන් හිටිය කාමරේ ඉස්සරහා කැමරාව . ටේහ්‍යුන්ගා 12ට විතර කාමරෙන් එලියට ඇවිත් කොරිඩෝවේ තිබුන පුටුවකින් වාඩි උනා. ටික වෙලාවකට පස්සේ එයා සාක්කුවේ තිබුන කොළ මිටියක් අරන් බලන්න ගත්තා. පැය බාගෙකට පස්සේ ටේහ්‍යුන්ගා පුටුවෙන් නැඟිට්ටත් එයා හොඳටම වෙනස් වෙලා හිටියේ, ETU එකේ එලියට යන දොර පැත්තට ටේහ්‍යුන්ගා ගියේ ඇවිදින මළමිනියක් වගේ , එයාගේ අතේ අර කොළ මිටියත් තිබුනා . ඒ වෙලාවේ ටේහ්‍යුන්ගා හොස්පිටල් එකෙන් එලියට ගිහින් පාර්ක් එකෙන් කාර් එක අරන් යනවා අනිත් කැමරාවල සටහන් වෙලා තිබුනා .

සැකකටයුතු දෙයක් තිබුනේ නැති නිසා අපි ආපහු මුලින් බලපු කැමරාවේ වීඩියෝ එක ම ආපහු බල බල කල්පනා කරන්න ගත්තා.

"හ්‍යුන්ග්... ටේ එයාගේ අතේ තියෙන කොල ටික බැලුවට පස්සේ තමයි එයාගේ මූණ හොඳටම වෙනස් වෙන්නේ . " ජීමින් කිව්වේ ස්ක්‍රීන් එකේ පෙනුන ටේගේ අතේ තිබුන කොල ටික පෙන්නලා . නම්ජූන් මම  දෙන්නාම මූණට මූණ බලාගනිද්දී ජීමින් ස්ක්‍රීන් එකේ ටේව තවත් zoom කලේ එයාගේ අතේ තිබුන කොළ ටික පැහැදිලි වෙන විදිහට .

"ඒ ඒ තියෙන්නේ හොස්පිටල් එකේ පේෂන්ට් කෙනෙක්ගේ  විස්තර තියෙන file එකක්, ඒත් ඒ සම්චූන්ගේ වෙන්න බෑ , සම්චූන්ගේ file එක..." මම එහෙම්මම නතර උනේ මගේ ඔෆිස් රූම් එකේ තිබුන අනිත් file ටික මතක් වෙලා .

"හ්‍යුන්ග්....." ජීමින් , නම්ජූන් දෙන්නම මගේ දිහා බැලුවේ උත්තරයක් බලාපොරොත්තුවෙන් .

" මාත් එක්ක එන්න " මම එහෙම කියලා තුන්දෙනා එක්කම මගේ ඔෆිස් එකට යද්දී මගේ secretary ඇතුලේ හිටියේ ඊයේ රෑ ඉතුරු file ටික අස් කරකර.

"Miss. Han මගේ computer එකෙන් ම hospital එකේ database එකට ගිහින් ඊයේ print out ගත්ත folder තිබුන ඔක්කොම files වල print out එක මෙතන තියෙයි ද බලන්න දැන්මම . කාගේහරි patient කෙනෙක්ගේ file එක ඔතන නැත්නම් මට කියන්න . " මම කිව්වේ හදිසියේ ආපු සිතුවිල්ලක් නිසා .

"හ්‍යුන්ග් ඒකට ගොඩක් වෙලා යයි" නම්ජූන් ඇඟිලි තුඩුවලින් මේසයට තට්ටු කළේ නොයිවසිල්ලෙන් .

"අනී... නම්ජුනා ඒ folder එකේ තිබුන ඔක්කොම අපේ හොස්පිටල් එකෙන් treatment ගත්ත පවුලේ අයගේ files . සම්චූන්ගේ එකත් තිබුනේ එයා hypertension වලට දිගටම බෙහෙත් ගත්ත නිසා" මම කියද්දිම මගේ secretary අපි හිටිය තැනට ආවා.

"ඊසජන්නිම්... කිම් ටේහූන් හෙජන්නිම්ගේ file එකයි තව එකක් අඩුයි මෙතන ."

"සම්චූන්ගේ file එක මම ගත්තා , එතකොට අනිත් එක ... patient ගෙ නම මොකද්ද ???"

"කිම් හ්‍යුන්ජා.. 2003, මීට අවුරුදු 17කට කලින් death උන patient කෙනෙක් ."

"හරි thank you miss Han. ඔයාට දැන් යන්න පුලුවන් . " miss Han ගියාට පස්සේ අපි තුන්දෙනා ම බැලුවේ computer ස්ක්‍රීන් එකේ open වෙලා තිබුන file එකේ විස්තර ..

"කිම් හ්‍යුන් ජා කියන්නේ ........" මම කිව්වේ පුදුමයෙන් වගේ

"ටේහ්‍යුන්ගාගේ හැල්මොනි ...." අපි තුන්දෙනාට ම කියවුනා .

°°°°°°End of flashback °°°°°

"අ....අන්ද්වේ ... ටේ....ටේහ්‍යුන්ගා ඒ...ඒක දකින්න බෑ .... සො...සොක්ජින් ඒක වෙන්න බෑ .... එ... එයා...." කුමෝගේ මූණ කඩදාසියක් වගේ සුදුමැලි වෙලා ගියා.

"ඔමොනිම්" මින්හී ශී කුමෝව අල්ලාගත්තේ කුමෝ වැටෙන්නේ නැති වෙන්න .

"කුමෝ??? ඇයි එහෙම කියන්නේ ???" නම්ජූනා ඇහුවේ අපි හැමෝටම තිබුන ප්‍රශ්නයක් , මට හේතුව ගැන අදහසක් තිබුනත් මමත් නිහඬවම කුමෝ දිහා බලාගෙන හිටියා .

"ටේ...ටේහ්‍යුන්ගා මෙච්චර කල් දැනගෙන හිටිය කි.....කිසිම දෙ...දෙයක් ඇ...ඇත්ත නෙවෙයි කියලා ... එ... එයා දැනගත්තොත් ඒ.... ඒක එයාට දරාගන්න බැරි වෙයි . " කුමෝ කියද්දි එයාගේ ඇස්වලින් ආපහු කඳුළු ගලන්න ගත්තා .

"ඒ කිව්වේ ඔමොනිම් ?????" මින්හී ශී ඇහුවේ අපි හැමෝටම තිබුන ප්‍රශ්නයක් .

"ටේ.. ටේහ්‍යුන්ගාගේ හැල්මොනි , ම.. මගේ ඔම්මා නැති උනේ h...heart attack එකකින් නෙවෙයි මින්හී...." කුමෝ තවත්  හයියෙන් අඬන්න ගත්තා.

Taehyung's POV
සීතල දෙසැම්බරේ හුළඟත් එක්ක වැටෙන සුදු පාට හිම පියලි වලින් තණකොළ බිස්ස වැහිලා ගියා. හැල්මොනිගේ සොහොනේ කෘතීමව හදපු ස්මාරකයක් වෙනුවට තිබුනේ තණකොළ වලින් වැහුන පස් ගොඩැල්ලක් . ඒ ඉස්සරහින් බිම වාඩි වෙලා හිටිය මගේ ඇඳුම්වල තැනින් තැනත් හිම කැටිති රැඳිලා , ඒත් ඒ හිම වලින් මට දැනෙන්න ඕන සීතල වෙනුවට මට කිසිම දෙයක් දැනෙන්නේ නෑ , හරියට මගේ මනස සම්පූර්ණයෙන්ම හිස්වෙලා වගේ . අතේ මිට මොළවාගෙන තිබුන කඩදාසි කොළ ටික තවත් තදින් මිට මොළවාගෙන මම ඇසිපිය ගහන්නෙත් නැතුව බලාගෙන හිටියේ දෙසැම්බරයේ සීතල සුළඟත් එක්ක පාවෙලා ඇවිත් හැල්මොනිගේ සොහොන උඩට වැටෙන දහසක් හිම පියළි දිහා.
රෑ 12ට විතර සෝල්වලින් ආවත් හිම වැටිලා නිසා අන්තිමට මම ඩේගුවලට එද්දී උදේ වෙලා තිබුනා , ඒත් ඒ කාලය මට දැනුනේ කවදාවත් ගෙවිලා ඉවර වෙන්නේ නැති කාලයක් වගේ. දැන් ටිකෙන් ටික අඳුරු වේගෙන ආවත් මම තාමත් හැල්මොනිගේ සොහොන ඉස්සරහා . ගොවිපොළේ කවුරුත් ජීවත් වෙන්නේ  නැති උනත් ඒ කිසිම දෙයක් කැළෑ වැහෙන්න නොදී හැල්මොනි ඉන්න කාලේ වගේ ම පිළිවෙළට ගොවිපොළ තිබුනා . හරබොජිගේ සොහොන ළඟින් ම හැල්මොනිගේ සොහොන තිබුනේ ගොවිපොළේ පිටුපස කොටසේ. ජීවිතේ සතුටුම අත්දැකීම් ගොඩක් ලබාගත්ත ගොවිපොළේ බිම වාඩිවෙලා මම බලාගෙන හිටියේ මගේ ජීවිතේ මට වැඩිපුරම ආදරේ කරපු, මගේ මුලු ලෝකෙම උන හැල්මොනි දිහා.
ජීවිතේ අවුරුදු ගානක් මම ඔම්මා අප්පා එයාලා දෙන්නට ම හැල්මොනිගේ මරණය වෙනුවෙන් දොස් කිව්වා , මට දොස් පවරාගත්තා, ඔම්මා අප්පාගෙන් ඈත් උනා. ඒත් ඒත් තවදුරටත්  ... තවදුරටත් මට ඒ දේ කරන්න පුලුවන් ද???

°°°°°°°Flashback°°°°°°
"ආහ් මොනාද මේ ෆයිල් ???" ජින් හ්‍යුන්ග් බිමට වැටුන ෆයිල් එකක් අතට අරන් බලද්දී මමත් බිමට වැටුන ෆයිල් එකක් දෙකක් අරන් තිබ්බා, ඒත් එකක් ඇරිලා තිබුන නිසා ඉස්සරහින් ම තිබුන රෝගියාගේ නම මට පෙනුනා. ඒත් ඒ නම දැකපු ගමන් මාව එකපාරටම ගල් ගැහුනා වගේ .

'කිම් හ්‍යුන් ජා' ඒ.. ඒ... හැල්මොනිගේ නම තියෙන තවත් කෙනෙක් ද???

"හ්‍යුන්ග් මොකද්ද මේ ෆයිල් එක???" මම ඇහුවේ වෙනසක් පෙන්නන්නේ නැතුව .

"ඕහ්.. මේක ද?? මේ folder එකේ තිබුනේ පවුලේ අය කාගෙහරි වාර්තා, විස්තර තියෙයි නම් ඒවා... මට සම්චූන්ගේ කලින් විස්තර ඕන නිසා ඕක print out ගත්තේ. ඒත් දැන් ඔය ටික අහුලන්න ඕන නෑ ටේහ්‍යුන්ගා , මම කාටහරි එන්න කියන්නම් ඒකට. මම කිව්වේ මේ folder එකේ තිබුන සම්චූන්ගේ වාර්තා විතරයි print out ගන්න කියලා , ඒත් folder එකම print out අරන් මෙයාලා " හ්‍යුන්ග් එහෙම කියලා මගේ පැත්තට හැරුනා .

"හ්‍යුන්ග් මම ටිකක් ඉඳලා එන්නම්, ඇත්ත දැනගත්තට පස්සේ හැමදේම නොකියා ඔම්මා එක්ක කතා කරන්නේ කොහොමද කියලා මට හිතාගන්න බෑ . " මම හෙමින් සැරේ පුටුවෙන් වාඩි උනා. ඒත් හ්‍යුන්ග් ගිය ගමන් මම කලේ ආපහු අර ෆයිල් එක අතට ගත්ත එක. උඩින් පල්ලෙන් බලාගෙන යද්දී මේක ඇත්තටම හැල්මොනිගේ තමයි කියලා තේරුණු නිසා මම එහෙම්මම ඒක රෝල් කරලා කබා සාක්කුවට දාගත්තා .
.
.
.
අප්පාගේ කාමරෙන් එලියට ආවට පස්සේ මම සාක්කුවේ තිබුන හැල්මොනිගේ විස්තර තිබුන කොළ මිටිය අතට ගත්තා. ඒත් හැල්මොනි කවදාවත් අපේ හොස්පිටල් එකෙන් බෙහෙත් ගත්ත කෙනෙක් නෙවෙයිනේ , කොහොමද රෝගීන්ගේ තොරතුරු වාර්තාවල  හැල්මොනි ගැන තියෙන්නේ . එහෙම හිතන ගමන් ම මම ඒක කියවන්න පටන් ගත්තා.

°°°°°°End of flashback °°°°°°
'රෝගියාට කරන ලද විවෘත හෘද සැත්කම සාර්ථක වුවද රෝගියාගේ වයස නිසා නිර්වින්ද මඟින් රෝගියාට ඇති වූ බලපෑම හේතුවෙන් යළි ප්‍රකෘති සිහියට පත් කරගැනීමට නොහැකි වීමෙන් සිදු වූ මරණයකි.'

හැල්මොනිගේ මරණ පරීක්ෂණ වාර්තාවේ ඒ තිබුන වචන මගේ හිතේ සියදහස් වරක් නැවත නැවත දෝංකාර දුන්නා . හැල්මොනිගේ රෝගී වාර්තාවේ තිබුන හැමදේම කියවලා ඉවර උනාට පස්සේ මට දැනුනේ කේන්තියකට සැනසීමකට වඩා කළකිරීමක් , දුකක් විතරයි .

ඇයි එයාලා මේ තරම් කාලයක් මට බොරුවක් ඇතුලේ ජීවත් වෙන්න සැලැස්සුවේ??? ඇයි මම  දැනුමක් තේරුමක් තියෙන වයසට ආවට පස්සෙවත් එයාලා කවුරුත් මට කිසිම දෙයක් නොකිව්වේ??? ඇයි හැල්මොනි හාර්ට් ඇටෑක් එකකින් නැති උනා කියලා මට මට ම වෛර කරගන්න , එයාලාට මේ තරම් කාලයක් වෛර කරන්න දීලා එයාලා හැමෝම නිහඬව හිටියේ??? අහන්න ප්‍රශ්න දාහක් තිබුනත් මුලු ලෝකෙටම ඇහෙන්න 'ඇයි ඔයාලා මට බොරු කිව්වේ ??' කියලා අහන්න ඕන උනත් කාගෙන් ද මම එහෙම අහන්නෙ ??? මම හින්දා හොස්පිටල් එකේ ඇඳක ඉන්න අප්පාගෙන් ?? නැත්නම් අප්පාගේ තත්ත්වය ගැන බයවෙලා ඉන්න ඔම්මාගෙන් ???? නැත්නම් මාව දාලා ගිය හැල්මොනිගෙන් 'ඇයි ඔයා මට බොරු කිව්වේ ??' කියලා.

"හැල්මොනි ඇයි ඔයා ඇත්ත කිව්වේ නැත්තේ?? ඔයාට මාව දාලා යන්න වෙනවා කියලා දැනදැනත් ඇයි ඔයා ඒ ඔපරේෂන් එකට කැමති උනේ?? ඔයාට ඒක කරන්න ඕන උනත් ඇයි ඔයාට බැරි උනේ ඇත්ත කියලා මාව ඔයා එක්කම තියාගන්න, අන්තිම මොහොත වෙනකල් ....????" හැල්මොනිට මම කියන කිසිම දෙයක් ඇහෙන්නේ නැති උනත්, එයාට දැන් මගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බෑ කියලා දන්නවා උනත් මම හැල්මොනිගේ සොහොන දිහා බලාගෙන  ඒ ප්‍රශ්න ඇහුවේ කවුරුහරි මට උත්තර දෙයි කියලා බලාපොරොත්තුවෙන් .

"ටේහ්‍යුන්ගා..... ඔයා ඒ ප්‍රශ්න අහන්න ඕන ඒවට උත්තර දෙන්න පුලුවන් කෙනෙක්ගෙන් නේද ??"

Min Hee's POV
හිම වැටෙන්න පටන් අරන් තිබුන නිසා මම වගේ ම ජීමින් හිටියෙත් නොසන්සුන් වෙලා . ටේහ්‍යුන්ගා ගියේ ඩේගුවලට කියලා හරියට ම නොදන්නවා උනත් එයාට වෙන යන්න තැනක් නොතිබුණු නිසා හැමෝම අන්තිමට තීරණය කළේ ටේහ්‍යුන්ගා ඩේගු යන්න ඇති කියලා .

ඔම්මාට ටේහ්‍යුන්ගා ළඟින් ඉන්න ඕන උනත් ඔම්මා  ටේහ්‍යුන්ගාගේ අප්පා ළඟින් ඉන්න එක තමයි වැදගත් ම උනේ . සොක්ජින් ශී හොස්පිටල් එකේ ඉන්න එක වැදගත් . හෙජන්නිම් රෝහල් ගත වෙලා කියලා මාධ්‍යවලින් පවා දැනගෙන තිබුන නිසා Kim group එකේ සම්පූර්ණ වගකීම ම තිබුනේ නම්ජූන් ශීගේ කරමත. අන්තිමට ජීමිනුයි මමත් ටේහ්‍යුන්ගා හොයාගෙන ඩේගු යන්න තීරණය කළා. ටේහ්‍යුන්ගා කියන්නේ පොඩි ළමයෙක් නොවුනත් ගොඩක් කලබල වෙලා ඉන්න වෙලාවට එයා හිතන්නේ බලන්නේ නැතුව හදිස්සි තීරණ ගන්න කෙනෙක් , ඒ නිසා කවුරු හරි එයාව ඉක්මනට හොයාගන්නකල්, එයාට ඇත්තටම කරදරයක් නෑ කියලා දැනගන්නකල් හිතට සැනසීමක් දැනෙන්නේ නෑ .

"ටේහ්‍යුන්ගා හොඳින් ඇති නේද ??" මම ඇහුවේ මම වගේ ම නිහඬව හිටිය ජීමින්ගෙන්.

"මම දන්නේ නෑ මින්හී , ඒත් මම ප්‍රාර්ථනා කරනවා ටේහ්‍යුන්ගා ඩේගුවල එයාලාගේ ගෙදර ඇති කියලා ..."

"එයා කිව්වේ එයාට ඇත්තටම ආදරේ කළේ එයාගේ හැල්මොනි විතරයි කියලා , දැන් ඔමොනිම් කිව්ව විදිහට එයාගේ හැල්මොනිගේ මරණය ගැන එයා මෙච්චර කල් දැනගෙන හිටියේ ඇත්ත නෙවෙයි නම්... මම දන්නේ නෑ ජීමින් ..... ඩේගුවලට ගිහින් ටේහ්‍යුන්ගාව ඇස් දෙකට දකිනකන් මට බයයි. "

"අජස්සී අජුම්මොනි දෙන්නා කිම් කෝපරේෂන් එක වෙනුවෙන් ගොඩක් දේවල් කැප කළා, ඒත් ටේහ්‍යුන්ගාත් ඒ කැපකිරීම් වලින් එකක්. ටේහ්‍යුන්ගා සෝල්වලට ආපු අලුත උනත් එයාගේ දෙමව්පියෝ එක්ක ලොකු බැඳීමක් තිබුනේ නෑ , ඒත් කාලෙත් එක්ක ඒ දුරස් බව තවත් වැඩි උනා. අජස්සීට ඕන උනේ ටේහ්‍යුන්ගා බිස්නස් ගැන ඉගෙනගන්න. ඒත් එයාට බැරි උනා ටේහ්‍යුන්ගාගේ අප්පා විදිහට එයාගෙන් ඒ ඉල්ලීම කරන්න , අජස්සී කලේ ටේහ්‍යුන්ගාට බල කරපු එක. අජස්සී සම්පූර්ණයෙන්ම වැරදියි කියලා මම කියන්නේ නෑ මින්හී, ඒත් එයා පොඩ්ඩක් හරි ටේහ්‍යුන්ගාට එයාගේ ආදරේ පෙන්නුවා නම් ටේහ්‍යුන්ගා මෙච්චර මුරණ්ඩු වෙන්නේ නෑ . මගේ අප්පත් අජස්සී වගේ ම ගොඩක් වෙලා ගත කරේ ඔෆිස් එකේ, ඒත් එයා පොඩි වෙලාවකට හරි මගේ ගැන හොයලා බැලුවා . ටේහ්‍යුන්ගාට දැනුන ඒ තනිකම මට දැනෙන්න දුන්නේ නෑ අප්පා . වෙලාවකට මම ටේට කෑගහනවා එයාගේ පවුලේ අයගෙන් පැනලා යන එක නතර කරන්න කියලා , ඒත්  ඇත්තටම මට ටේ ගැන ගොඩක් දුකයි, මම එදා කිව්වා වගේ ම එයාගේ හිනාව පිටිපස්සේ එයා එයාගේ වේදනාවල් හැමදේම හංඟාගෙන ඉන්නේ ටේහ්‍යුන්ගා ...." ජීමින් අන්තිමට කිව්වේ මමත් සම්පූර්ණයෙන්ම තෙරුම් අරන් තිබුන දෙයක් . ටේහ්‍යුන්ගාගේ මූණ දිහා බලලා එයාගේ හැඟීම් තේරුම් ගන්න ලේසියෙන් බෑ , එයා ඒ තරම් ම දක්ෂයි හිනාවකින්, හිස් බැල්මකින් එයාගේ ඇත්ත හැඟීම් හංඟන්න.

'මම ඇත්තටම හිතනවා ඔයා හොඳින් කියලා ටේහ්‍යුන්ගා , අපි ඉක්මනට එනවා . ඔයා ඉන්නේ හොඳින් නෙවෙයි කියලා මම දන්නවා , ඒත් අඩුම තරමින් ඔයාට කරදරයක් නොවී හොඳින් ඉන්නවා නම් මට ඒ ඇති දැනට.....' මම හිතින් හිතුවෙ අපිට ඉක්මනට ඩේගුවලට යන්න පුලුවන් වෙන්න  කියලා ප්‍රාර්ථනා කරන අතරේ .
.
.
.
පළවෙනි වතාවට ඩේගුවලට යන්නේ , ඒ ටේහ්‍යුන්ගා වෙනුවෙන් . පාරේ හිම වැටිලා තිබුන නිසාම පැය පහකට විතර පස්සේ හවස 6 විතර වෙද්දී අපි ඩේගුවලට ආවා. ටේහ්‍යුන්ගාගේ ගෙදර ඩ්‍රයිවර් කෙනෙක් අපිව එක්කරගෙන ආවේ එයා අපි එන්න ඕන පාරවල් හොඳටම දන්න නිසා.

"මින්හී අපි ඇවිත් ඉන්නේ ." ජීමින් කාර් එකෙන් බහින ගමන් කිව්වා . සීතල දෙසැම්බරයේ සීතල හුළඟ සෝල්වලදී දැනෙනවට වඩා මෙහෙදි දැනෙන්න උන නිසා මමත් එලියට බැහැපු ගමන් මගේ කබාය තවත් ඇඟට තද කරගන්න ගමන් වටපිට බලන්න ගත්තා . මුලින්ම අපේ ඇස් ගැටුනේ අපිට ටිකක් ඉස්සරහින් නවත්වලා තිබුන කාර් එකක්, වැටෙන හිම වලින් ගොඩක් වැහිලා තිබුනත් ඒ ටේහ්‍යුන්ගාගේ bronx SUV එක කියලා හොයාගන්න පුලුවන් උනා. ඒත් ටේහ්‍යුන්ගා පේන්න හිටියේ නැති නිසා මම එතන තිබුන ගේ දිහා බැලුවා.

කාර් එක ඇවිත් නවත්තලා තිබුනේ ටිකක් විශාල සාම්ප්‍රදායික කොරියන් නිවසක් (hanok ) ඉස්සරහා. ගෙදර වටේටම තිබුනේ ගොවිපොළ . ඒත් ගෙදර දොර වහලා, කිසිම එලියක් නොතිබුණු නිසා ටේහ්‍යුන්ගා ඇතුලේ නෑ කියලා අපිට හිතුනේ

"ටේහ්‍යුන්ගා කොහෙද ඇත්තේ?? එයාගේ හැල්මොනිගේ සොහොන ළඟ????"

"අජස්සී යුන්හී අජුම්මොනිගේ ඔම්මාගේ සොහොන තියෙන්නේ කොහෙද දන්නවාද???" ජීමින් අපිත් එක්ක ආපු ඩ්‍රයිවර් අජස්සී දිහාවට හැරුනා .

"මට මතක විදිහට තොර්‍යොන්නිම් ගොවිපොළේ පිටිපස්සට වෙන්න . ටේහ්‍යුන්ග් තොර්‍යොන්නිම් ගියාට පස්සේ අවුරුදු ගානකින් මරණ සංවත්සරේටවත් සමොනිම් මෙහේ ආවේ නැති නිසා මට හරියට ම විශ්වාස නෑ ."

"කම්සම්නිදා අජස්සී. අජස්සී වාහනේට වෙලා ඉන්න අපි ගිහින් බලන්නම්." ජීමින් එහෙම කියලා ගෙදර පිටිපස්සට යද්දී මමත් කාර් එකේ තිබුන ලෝම කබායන් අතට අරගෙන ජීමින් පිටිපස්සෙන් ගියා. ටේහ්‍යුන්ගාගේ කාර් එක හිමෙන් වැහිලා තිබුන විදිහට ඒක පැය 10ක් 12ක් විතර එලියේ තිබිලා . ඒත් ටේහ්‍යුන්ගා මෙච්චර වෙලාවක් මේ හිම වැටෙන වෙලාවේ එලියේ හිටියා කියන්නේ .. ටේහ්‍යුන්ගා ගැන  මගේ හිතේ තිබුන බය තවත් වැඩි උනා.

ගොවිපොළ ඉස්සර වගේ වගාවලින් පිරිලා නොතිබුනා උනත් ඒක වල් වැදෙනවා වෙනුවට පිළිවෙළකට තිබුනා . ගේ වටේට තිබුන අඩිපාර දිගේ අපි ගේ පිටිපස්සට ඇඳුනා. හතර වටේට ම හිම වැටිලා තිබුන නිසා හෙමින් අඩිය තියන්න උනේ ලිස්සන්නේ නැති වෙන්න . ගොවිපොළ පිටිපස්සට ඇවිත් බලද්දී වටේට ම පැතිරුණ තණබිමේ  මීටර දෙසීයක් විතර ඈතට වෙන්න එක තැනට කලුපාටට පෙනුන චායාවක් දකිද්දී මගේ ඇග හිටිවැටිලා ගියා. යන්තමින් අඳුර වැටෙන්න පටන් අරන් තිබුනත් සුදුපාට හිමෙන් වැහුන පසුබිමේ පැහැදිලිව ම ඒ පෙනුනේ මනුස්සයෙක් කියලා හොයාගන්න පුලුවන් උනා .

"ටේ..ටේහ්‍යුන්ගා " කියාගන්න බැරි තරම් දුකකින් මගේ හදවත පිරෙනවා මට වගේ මට දැනුනේ .

"ඔදිස්සොයෝ  (where) මින්හී ???" ජීමින් අහද්දී මම අත දික්කරලා ටේහ්‍යුන්ගා හිටිය පැත්ත පෙන්නුවා. අඩිය තියලා ඇවිදින්න අමාරු උනත් අපි දෙන්නාම ඒ පැත්තට දුවගෙන ගියේ හැමදේම අමතක කරලා . ඒත් ටේහ්‍යුන්ගා ළඟට යද්දී එයාට කතාකරනවා වෙනුවට අපි දෙන්නාම නිහඬව නතර උනා. ටේහ්‍යුන්ගා නිකන් ම බිම වාඩිවෙලා හිටියේ තණකොළ වලින් වැහුන පස් ගොඩැලි දෙකක් ඉස්සරහා . ඊයේ රෑ උත්සවේට ඇදපු ඇඳුම් තාම එහෙම්මමයි . ටිකක් හරි සීතලෙන් බේරෙන්න තුනී කලු කබාය හැර කිසිම දෙයක් නෑ .

"හැල්මොනි ඇයි ඔයා ඇත්ත කිව්වේ නැත්තේ?? ඔයාට මාව දාලා යන්න වෙනවා කියලා දැනදැනත් ඇයි ඔයා ඒ ඔපරේෂන් එකට කැමති උනේ?? ඔයාට ඒක කරන්න ඕන උනත් ඇයි ඔයාට බැරි උනේ ඇත්ත කියලා මාව ඔයා එක්කම තියාගන්න, අන්තිම මොහොත වෙනකල් ....????" ටේහ්‍යුන්ගා එකපාරටම කේන්තියෙන් වගේ කෑගැහුවත් එයාගේ ඒ වචන වල තිබුනේ තැවරිලා තිබුනේ වේදනාවක් , දුකක් විතරයි .

තවත් බලාගෙන ඉන්න බැරි නිසා මම මගේ අතේ තිබුන කබාය ජීමින් අතට දීලා හෙමින් සැරේ  ටේහ්‍යුන්ගා ළඟට ගියා.

"ටේහ්‍යුන්ගා..... ඔයා ඒ ප්‍රශ්න අහන්න ඕන ඒවට උත්තර දෙන්න පුලුවන් කෙනෙක්ගෙන් නේද ??" මම එහෙම අහලා ටේහ්‍යුන්ගා ඉස්සරහින් වාඩිවෙලා එයාගේ උරහිස්වලින් අත් තිබ්බා. ටේහ්‍යුන්ගාගේ ඇඳුම්වල පවා හිම රැඳිලා තිබුනා

"මි....මින්හියා" ටේහ්‍යුන්ගාගේ වචන ඉබේටම ගොත ගැහුනා . එයාගේ මූණ රතුවෙලා තොල් යන්තමින් වෙව්ලනවා වගේ පෙනුනේ . මම ටේහ්‍යුන්ගාගේ අත් දෙක මගේ අත්වලට ගත්තා. එක අතක තිබුන කොළ මිටිය එයා අතෑරියේ නැති නිසා මම අනිත් අත අරන් මගේ අත්වලට මැදි කරගත්තා. ඇඟිලි රතුවෙලා ගල්වෙලා වගේ දැනුනේ සීතලට .

"ටේහ්‍යුන්ගා.....වේ... ක(අ)න්‍යන් වේ නෝ යොගි ඉස්සොයෝ ??? නෝ චින්චා  මිච්ච්‍යොස්සෝ ???? (Why? Just why are you here? Have you gone mad?)" මම ඇහුවේ දුකෙන් වගේ ම කේන්තියෙන් .

"මි...මින්හියා ... හැ...හැල්මොනි ..." ටේහ්‍යුන්ගා එහෙම කියලා එයාගේ අතේ තිබුන කොළ මිටිය මගේ අතට දෙන්න හැදුවේ. ඒ වචන හරියට අසරණ උන පොඩි දරුවෙක්ගේ හැඬුම්බර වචන වගේ .

මම හෙමින් සැරේ ටේහ්‍යුන්ගාව වැළඳගත්තා, එයා හොදටම සීතලට ගල්වෙලා වගේ දැනුනත් මම තවත් තදින් එයාව වැළඳගෙන එයාගේ මූණ මගේ ළමැදට හේත්තු කරගත්තා.

"නා.. අරෝ.. ( I kn) ටේහ්‍යුන්ගා ... නා.. අරෝ..... ඒත් ඔයා හැල්මොනි බලන්න ආවට ඇත්ත කතාව ඔයාට කියන්න හැල්මොනිට බෑ නේද ?? හ්ම්......" මම ඇහුවේ ගොඩක් සන්සුන් විදිහට , හිතින් මම ගොඩක් කලබල වෙලා හිටියා උනත් ටේහ්‍යුන්ගා හිතින් වගේ ම ඇඟෙන් පවා ගොඩක් දුර්වල වෙලා හිටිය විදිහට මම කලබල වෙලා බෑ දැන් .

ටේහ්‍යුන්ගා දුර්වල විදිහට එයාගේ අත් මගේ වටේ යවලා මාව තුරුල් කරගන්න හැදුවත් එයාගේ අත් උස්සන්න එයාට බැරි උනා.
එයාට කෙඳිරි ගෑවුනේ ඉබේටම .

"ටේ... නෝ ක්වෙන්චනායෝ  ??? (Are you ok?)" ජීමින් අපි ළඟට දුවගෙන ආවා.

"නේ නේ නා ක්වෙන්චනා , ඉජෙ තා ක්වෙන්චනායෝ .. ( yes yes i'm fine , now everything is fine ).."

"ක්වෙන්චනා??? ම්වෝගා ක්වෙන්චනායෝ නෝ මිච්චින් සරම් ??? නෝ යොගි ඉරොක්කේ ඉන්නන්දේ??? තා ක්වෙන්චනා ??? නෝ වන්ජොන් අන්ක්වෙන්චනා නෝ පබොයා .(fine? What's fine you crazy one? You are here like this and everything is fine ?? You are totally not fine you stupid )  " ජීමින්ට ඉබේටම කෑගැස්සුනා කේන්තියට.

ටේහ්‍යුන්ගා ඔලුව උස්සලා අහිංසක විදිහට හිනාවෙලා මගේ දිහා බැලුවා , ඊළඟට ජීමින්ගේ මූණ දිහා බැලුවා.

"නේ යෝජා චින්ගුරන්,  චින්ගුරන් නරන් යොගි ඉස්න්නිකා නා ක්වෙන්චනායෝ ජීමිනා . ඉජෙ තා ක්වෙන්චනායෝ ... ක්(අ)රොච්චි මින්හියා??? ( my girlfriend , and my friend is here with me, so im fine. Right Min hee-ya???)" ටේහ්‍යුන්ගා එහෙම කියද්දි මගේ ඇස්වලට කඳුළු පිරුණේ ඉබේටම .

"නේ ඉජේ තා ක්වෙන්චනා , ක්(අ)රෙස්සෝ උරි තොරකා ටේහ්‍යුන්ගා . උරි කච්චි කජා චිබෙරො. (Yes now everything is fine . So let's go back Taehyung-ah . Let's go home together )" මම එහෙම කියලා නැඟිටලා ටේහ්‍යුන්ගාගේ අතින් අල්ලාගත්තේ එයාව නැඟිට්ටවන්න. නිහඬවම ටිකක් වෙලා මගේ දිහා බලාගෙන හිටියට පස්සේ ටේහ්‍යුන්ගා නැඟිටින්න උත්සාහ කළා. ඒත් කකුල් හිරිවැටිලා නිසා ටේහ්‍යුන්ගා වැටෙන්න යද්දී ජීමින් එයාව අල්ලාගත්තා. මම ටේහ්‍යුන්ගාගේ ඇඳුම්වල , කොණ්ඩේ රැඳුන හිම පියලි අයින් කරලා ජීමින්ගේ අතේ තිබුන කබාය අරගෙන එයාගේ උරහිස්වලට දැම්මා.

"කජා උරි. (Let's go).."

ටේහ්‍යුන්ගා ජීමින්ගේ ඇඟට වාරුවෙලා මගේ අතකිනුත් අල්ලාගෙන හෙමින් සැරේ ආව නිසා අපිට වාහනේ ළඟට යන්නත් ගොඩක් වෙලා ගියා. ඩ්‍රයිවර් අජස්සී ටේහ්‍යුන්ගා දිහා බැලුවේ අනුකම්පාවෙන් වගේ .

මම පිටිපස්සෙ දොර ඇරලා මම ඇතුලට ගිහින් ටේහ්‍යුන්ගා මට මෙහා පැත්තෙන් වාඩි කරගත්තා.

"අජස්සී ... අජස්සී ටේහ්‍යුන්ගාගේ වාහනේ අරගෙන එන්න , අපි මේකේ යන්නම්." ජීමින් ටේහ්‍යුන්ගාගේ කබා සාක්කුවේ තිබුන යතුර හොයලා ඩ්‍රයිවර් අජස්සීට දීලා ජීමින් ඩ්‍රයිවර් ශීට් එකට නැග්ගා.

"දැන් නම් හිම වැටෙන එක ටිකක් අඩු වෙලා , අපි ඉක්මනට යන්න බලමු" ජීමින් කණ්ණාඩියෙන් ටේහ්‍යුන්ගා දිහා බලන ගමන් කිව්වේ . ටික වෙලාවක් යනකල් අපි අතර තිබුනේ නිශ්ශබ්දතාවක්. මම දිගින් දිගටම ටේහ්‍යුන්ගාගේ අත් පිරිමැද්දේ සීතල අඩු කරන්න .කාර් එකේ heater එක ඔන් කරපු නිසා ටික වෙලාවකින්  ටේහ්‍යුන්ගා වෙව්ලන එක නතර උනා. ඒත් එයා හිස් බැල්මකින් shutter එකෙන් එලිය බලාගෙන හිටියේ නිහඬවම

"ටේහ්‍යුන්ගා... " මම කතාකරද්දී එයා මගේ දිහාට හැරුනත්, කිසිම දෙයක් කිව්වේ නෑ ..

"නෝ ක්වෙන්චනා ??? තාමත් සීතලයි ද???" මම ඇහුවේ කණස්සල්ලෙන් .

"මම හොඳින් මින්හියා , ඒ ගැන වදවෙන්න එපා " එයා එහෙම කිව්වත් ටේහ්‍යුන්ගාගේ ඇස් හරියට පොතක පිටු වගේ මට . ඒ ඇස්වල තිබුනේ ලොකු වේදනාවක්. මම නිහඬවම ටේහ්‍යුන්ගාව මගේ උරහිසට හේත්තු කරගන්න හැදුවා , මුලින්ම එයා මාව නතර කරන්න හැදුවත් ටික වෙලාවකින් එයා මට අවනත වෙලා මගේ උරහිසට ඔලුව තියාගත්තා .

"ටේහ්‍යුන්ගා ඔයා දන්නවා නේද මම එදා ඔයා දැනගෙන හිටිය මින්හී ම තමයි කියලා . හැමවෙලාවෙම ඔයා ශක්තිමත් , ඔයා හොඳින් කියලා පෙන්නන්න ඕන නෑ . ලෝකෙට ඔයා මොහොතකටවත් දුර්වල කෙනෙක් වෙන්න ඕන නෑ , ඒත් මගේ ඉස්සරහා ඔයාට ඔයා ම වෙන්න පුලුවන් . ඔයාගේ ඇත්තම හැඟීම් මටත් දැනෙන්න දෙන්න , හැමදේම හිතේ හංඟාගෙන ඉන්න එපා. ඕන ම වෙලාවක ඔයාට වාරුවෙන්න මගේ උරහිස තියෙනවා. "

මම එහෙම කියලා මොහොතකින් ටේහ්‍යුන්ගා එයාගේ අත් මගේ බඳ වටේ යවලා එයාගේ මූණ තවත් මගේ බෙල්ලට හොවාගත්තා.

"මෙච්චර කල් මම දැනගෙන හිටිය හැමදෙයක් ම බොරුවක් වෙද්දී මම හොඳින් වෙන්නේ කොහොමද මින්හියා??? "

"ඔයාට ඔම්මාගෙන් ඇත්ත දැනගන්න පුලුවන් ටේහ්‍යුන්ගා , ඇත්ත හැමදේම ඔම්මාගෙන් අහගන්න ." මම කිව්වේ මගේ ඇඟිලි ටේහ්‍යුන්ගාගේ කෙස් අතරින් ඉහළ පහළ යවන අතරේ.

"මට ඇත්තටම මහන්සි මින්හියා, බොරු එක්ක ජීවත් වෙලා ම මට මහන්සියි දැන් ..." ටේහ්‍යුන්ගා කිව්වේ බිඳුන හඬකින් .

"කිසිම දෙයක් හිතන්නේ නැතුව දැන් ටිකක් නිදාගන්න ටේහ්‍යුන්ගා මම වෙනුවෙන් , හැමදේම ඉක්මනින් විසඳෙයි . ඒ වෙනකල් මම , ජීමින් ... අපි හැමෝම ඔයා එක්ක ඉන්නවා" මම කිව්වේ පුලුවන් තරම් අඩන්නේ නැතුව ඉන්න උත්සාහ කරන අතරේ.

ටික වෙලාවකට පස්සේ ටේහ්‍යුන්ගා මගේ උකුලට ඔලුව තියාගත්තා. මම හෙමින් සැරේ ටේහ්‍යුන්ගාගේ ඔලුව අතගාන්න ගත්තේ නිහඬවම . ජීමින් ස්තූති පූර්වක ව මගේ දිහා බලලා හිනා උනේ ටේහ්‍යුන්ගා නිදාගන්නවා දැකලා.

'මම ඇත්තටම හිතනවා ඔයාගේ ජීවිතේ හැම ප්‍රශ්නයක් ම විසඳිලා ඔයාට තවදුරටත් ජේහ්‍යුන්ග් විදිහට ජීවත් වෙන්නවත්, ඔයාගේ දෙමව්පියන්ට වෛර කරන්නවත්, ඔයාගේ ඔය ලස්සන හිනාව හංඟාගෙන ඉන්නවත් ඕන නැති වෙයි කියලා ටේහ්‍යුන්ගා . මට ඕන ඔයා සතුටින් ඉන්න විතරයි ටේහ්‍යුන්ගා , හැමදාටම' මම මට ම මුමුණාගත්තා.
.
.
.
රාත්‍රී අඳුර, සිහින් හිමපොද ඒ හැමදේම අතරින් අපි නිහඬවම පැයගානක් ඉදිරියට ඇඳුනේ ආපහු සෝල් දෙසට . මුල් පැය දෙක ටේහ්‍යුන්ගා නිදාගත්ත නිසා ජීමින්වත් මමවත් වචනයක්වත් කතා නොකළේ එයාගේ නින්දට බාධා නොවෙන්න . ඇහෙන නෑහෙන හඬින් එකක් පසුපස එකක් වාදනය උන සන්සුන් ස්වරගේ ගීත හැරුණම අපි අතර තිබුනේ නිහඬතාවයක් . ඒත් අපි දෙන්නාගේ ම හිතට සැනසීමක් දැනුනේ ටේහ්‍යුන්ගා අපිත් එක්ක ඉන්න නිසා . එයා හොඳින් නෙවෙයි , සෝල්වලට ගියාට පස්සේ එයාගේ මේ සන්සුන්බව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා කියලා මම දන්නවා .... ඒත් දැනට එයා ආරක්ෂිත ව මගේ ළඟින් ඉන්නවා කියන එක මට යම් තරමකට හෝ සැනසීමක් අත් කරලා දුන්නා.

ටේහ්‍යුන්ගා නිදි අතරේ මම ජීමින්ගේ ෆෝන් එක ඉල්ලාගෙන  නම්ජුන් ශීට කෝල් කලේ ටේහ්‍යුන්ගා එක්ක අපි ආපහු එනවා කියන්න .
හොඳ නින්දකින් ඇහැරුනාට පස්සේ ටේහ්‍යුන්ගා හිටියේ ශාරීරිකව සෑහෙන හොඳ මට්ටමක . එයාගේ අත්, මූණ සාමාන්‍ය පාටට හැරිලා තිබුනා , එයාගේ අතින් උනත් දැනුනේ උණුසුමක්. ඒත් සීට් එකේ පිටිපස්සට හේත්තු වෙලා කල්පනාවක නිමග්න උන එයා සෝල්වලට එනකල් ම හිටියේ නිහඬවම .

අපි සෝල්වලට එද්දී මැදියම් රැයටත් කිට්ටු වෙලා .

"ටේහ්‍යුන්ගා ඔයා කොහෙටද යන්නේ ?? අපාර්ට්මන්ට් එකට යනවද???" ජීමින් ඇහුවේ අපි සෝල්වලට පිවිසෙද්දී.

"අනියා ජීමිනා ප්‍යොංවොනල් කජා  (no jimin let's go to the hospital )" ටේහ්‍යුන්ගා කිව්වේ සුසුමක් එක්ක.

කාර් එක හොස්පිටල් එකේ parking lot ඒකේ නතර කළාට පස්සේ ජීමින්, මම දෙන්නාම ටේහ්‍යුන්ගා දිහා සැරෙන් සැරේ හොරැහින් බැලුවා. ඒත් එයා කාර් එකෙන් බැහැලා හොස්පිටල් පැත්තට යන්න අඩිය තිබ්බේ නිහඬවම . ටේහ්‍යුන්ගා එක්ක ETU එක පැත්තට යන අතරෙත් අපි දෙන්නාගේ ම හිතේ තිබුනේ චකිතයක් , බයක්. කෙනෙක්ට ටේහ්‍යුන්ගා දැන් සම්පූර්ණයෙන්ම සන්සුන් ව ඉන්නේ කියලා කියන්න පුලුවන් . ඒත් අපිට , අපි දෙන්නාටම ටේහ්‍යුන්ගාව තේරුම් ගන්න පුලුවන් . මෙ නිහඬබවෙන් පෙන්නන්නේ එයාගේ සන්සුන්බව නෙවෙයි . සයුර වඩාත් ම නිශ්චල වෙන්නේ චණ්ඩ කුණාටුවකට කලින් , ටේහ්‍යුන්ගා මේ තරම් සන්සුන් විදිහට ඉන්නේ එයාගේ හිත ඇතුලේ තියෙන හැඟීම් තාම උපරිම මට්ටමට එන්නේ නැති වෙන්න එයා පාලනය කරගෙන ඉන්න නිසා. ඒත් ඒ ආවේගශීලී හැඟීම් හැමදේම උපරිම මට්ටමකට ආවට පස්සේ ටේහ්‍යුන්ගාගේ සන්සුන්බව කඩතුරාවක් ඉරී යනවා වගේ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින් එයාගේ හැඟීම් හැමදේම මතුවෙනවා, එයාටම දරාගන්න බැරි තරමට ...
.
.
.
හෙජන්නිම් හිටිය කාමරේ ඉස්සරහා නම්ජූන් ශී සොක්ජින් සොන්සෙන්නිම් බලාගෙන හිටියා . ඒත් එයාලාගේ මූණුවල හැටියට තවත් දෙයක් සිද්ධ වෙලා කියලා මට නොදැනුනාම නෙවෙයි . හිතේ ඇතිවුණ බය තවත් ස්ථීර කරමින්  වෛද්‍යවරයෙක් කාමරේ ඇතුලේ ඉදන් සොක්ජින් ශීට මොනාහරි කියලා ආපහු ඇතුලට ගියා. ඒත් ටේහ්‍යුන්ගා මේ හැමදේම දිහා බලාගෙන හිටියේ හැඟීම් විරහිත මුහුණකින් .

"හ්‍යුන්ග්..." ජීමින් නම්ජූන් ශී , සොක්ජින් ශී දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයක් ඇතිව, මට දැනුන වෙනස එයාටත් දැනෙන්න ඇති. සොක්ජින් ශී සුසුමක් හෙළලා ටේහ්‍යුන්ගා දිහා බැලුවා .

"සම්චූන්ට ආපහු sudden MI එකක් ආවා දැන් පැයකට විතර කලින් , තාම එයා unstable  ." මම අතින් කට වහගත්තේ සද්දයක් පිට නොවෙන්න , මට යන්තමින් කෑගැස්සුනා උනත් කාටවත් ඇහුනේ නෑ . මොහොතකට ටේහ්‍යුන්ගා ගැස්සිලා එයාගේ මූණ වෙනස් වෙනවා වගේ පෙනුනත් එයා ඇසිල්ලකින් ආපහු හැඟීම් විරහිත පෙනුමක් ආරූඪ කරගත්තා. අපි මොකුත් කියන්න කලින් ඒ සැරේ  කාමරේ දොර ඇරගෙන එළියට ආවේ එයාගේ ඔම්මා . ඔමොනිම්ගේ ඇස්වල ආපහු කඳුළු පිරිලා එයාගේ ඇස් රතුවෙලා තිබුනේ එයා ආපහු අඬලා කියලා සාක්ෂියට වගේ. ටේහ්‍යුන්ගා එයාගේ ඔම්මා දිහා බලාගෙන හිටියේ නිහඬවම . ඔමොනිම් අඩියට දෙකට ටේහ්‍යුන්ගා ළඟට ආවා , ඔමොනිම්ගේ මූණේ දුක වෙනුවට ක්ෂණික කෝපාන්විත පෙනුමක් මතු උනේ ඇසිල්ලකින් .

"ඔයා අප්පා එක්ක ඉන්නවා කියලා පොරොන්දු වෙලා ඇයි ඔයා එයාව දාලා ගියේ ටේහ්‍යුන්ගා ?? නෝ වේ ක්(අ)රොක්කේ හෙස්සොයෝ අදල්???? ( why did you do so son??) " ඔමොනිම් එහෙම කියන ගමන් එයාගේ අත ඉහලට ගියේ ඇසිල්ලකින් .

චටාස්.....

කම්මුල පුපුරු ගහන තරමේ වේදනාවක් ඒ අතුල් පහරෙන් එයාට දැනුනා උනත් ටේහ්‍යුන්ගා එයාගේ ඔම්මා දිහා ම බලාගෙන හිටියා . ඔමොනිම් ආපහු එයාගේ අත ඉස්සුවේ ආපහු ටේහ්‍යුන්ගාට කම්මුලට ගහන්න උනත් , මොහොතකින් එයා කරපු දේ ගැන ඔමොනිම් පසුතැවෙනවා කියලා එයාගේ  ඇස්වලින් පෙනුනා.  ඔමොනිම් ටේහුන්ගාගේ කම්මුලට ආපහු ගහනවා වෙනුවට ටේහ්‍යුන්ගාව බදාගත්තේ හැඬුම් හඬකින් ටේහ්‍යුන්ගාට කතාකරන අතරේ .

"නෝ වේ ක්(අ)රොක්කේ හෙස්සොයෝ අදල්...
ඔයාලා දෙන්නටම මාව දාලා යන්නද ඕන???" ඔම්මා ඇහුවේ ගොඩක් අසරණ විදිහට .

ටේහ්‍යුන්ගා හෙමින් සැරේ එයාගේ අත්වලින් ඔම්මාව වැළඳගත්තා. එයාගේ ඇස් අඟින් කඳුළු බිංදුවක් කම්මුල් දිගේ පහළට වැටුනේ නිහඬවම . සොක්ජින් ශී හෙජන්නිම් ගැන බලන්න කාමරේ ඇතුලට යද්දී නම්ජූන් ශී , ජීමින් , මම අපි තුන්දෙනා ම අසරණ විදිහට ටේහ්‍යුන්ගා , ඔමොනිම් දිහා බලාගෙන හිටියේ  හිතට දැනුන අසරණ හැඟීමක් එක්ක.

ටික වෙලාවකින් ටේහ්‍යුන්ගා එයාගේ ඔම්මාගෙන් යන්තමින් ඈත් වෙලා එයාගේ කබා සාක්කුවේ තිබුන කොළ ටික අරගෙන ඔමොනිම්ගේ අතින් තිබුනා . කොළ ටික දැකපු ගමන් ඔම්මා ටේහ්‍යුන්ගා දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන . අපේ ඇස් ඉබේටම ලොකු උනේ ටේහ්‍යුන්ගා හෙමින් සැරේ පහත් වෙලා ඔමොනිම් ඉස්සරහා දණගහගෙන ඔමොනිම් දිහා බලද්දී . මෙච්චර වෙලා හිස් බැල්මක් තිබුන ඒ ඇස්වල දැන් තිබුනේ දරාගන්න බැරි තරම් දුකක්, අසරණකමක් .

"වේ ඔම්මා ... වේ නාන්තේ කොජිමල්හෙස්සෝයෝ??? වේ?? (Why mom? Why did you lie to me? Why?)" ටේහ්‍යුන්ගා ඇහුවේ ඇහෙන නෑහෙන හඬින් .

"අ..අදල්..."

"ඇයි මේ තරම් කාලයක් මට බොරු කළේ?? ඇයි මට මෙච්චර කාලයක් බොරුවක ජීවත් කෙරෙව්වේ??? ම..මම හැල්මොනිගේ ජී..ජීවිතේ , ඔ...ඔයාලගේ ජීවිතේ කි...කිසිම කෙනෙක් නෙවෙයි නිසා ද ම...මට මෙච්චර කල් බොරුවක් විශ්වාස කරගෙන මට ඔයාලට , මට මට ම  වෛර කරන්න දීලා ඔයාලා බලාගෙන හිටියේ ?? " ටේහ්‍යුන්ගා කිව්ව වචනයක් පාසා එයාගේ වේදනාව හැමෝටම දැනුනා . ඔම්මා ටේහුන්ගාගේ උරහිස් වලින් අල්ලලා එයාව නැඟිට්ටවන්න හැදුවත් ටේහ්‍යුන්ගා දුර්වල විදිහට ඔම්මාගේ අත් පැත්තකට ගසලා දැම්මා.

"ඔයාලා එක්ක සෝල් එනවා වෙනුවට හැල්මොනි එක්කම මටත් මේ ලෝකේ දාලා යන්න තිබුනා නම් මට කවදාවත් මේ වේදනාව විඳින්න වෙන්නේ නැති වෙයි ඔම්මා" ටේහ්‍යුන්ගා කිව්වේ අසරණ විදිහට ඔම්මා දිහා බලලා.

හිතට මොන තරම් දුකක් දැනුනත්, ඔම්මා, ටේහ්‍යුන්ගා දෙන්නවම වැළඳගෙන එයාලාව සනසවන්න ඕන උනත් එයාලා දෙන්නම හිටියේ අපිට ළඟාවෙන්න පුලුවන් තැනක නෙවෙයි . ඒක එයාලා විසඳගන්න ඕන පවුලේ ප්‍රශ්නයක් .....

අන්තිමට ටේහ්‍යුන්ගා වෙනුවෙන්  මගේ ඇස්වල පිරිලා තිබුන කඳුළු ඉබේටම කම්මුල් දිගේ පහළට ගලන්න ගත්තේ නිහඬවම ..

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : අද නම් එපිය ටිකක් පොඩියි වගේ , ඒත් මට මෙතැනින් නතරකරන්න උනා. ටේහ්‍යුන්ගාගේ හැඟීම් ඔයාලටත් දැනෙන විදිහට ලියන්න ගොඩක් උත්සාහ කරා, හිතනවා මම යම් තරමකට සාර්ථක වෙන්නැති කියලා . ඔයාලාගේ අදහස් කියන්න අමතක කරන්න එපා 😘😘
හැමෝම පරෙස්සමින් ඉන්න . ඉක්මනට ආපහු හම්බවෙමු .
සරන්ග්හේ චින්ගුදල් ❤️❤️❤️❤️❤️

ජීවිතේ කවදාවත් නොදැනුන තරමේ සතුටක් ආඩම්බරයක් දැනුනා ආර්මි කෙනෙක් උන එක ගැන . I really am so proud of you guys . Keep writing your own legendary destiny, we are always will be with you  💜️❤️

Edited and republished on 16/04/2023 ( මේ episode එකේ නම් author's note වෙනස් කළේ නෑ මම . හැමදාටම එයාලා ගැන ආඩම්බර වෙන්න පුලුවන් එයාලාගේ achievement ගැන ලියලා තිබුන දේවල් මම ඒ විදිහටම author note එකේ ඉතුරු කළා ❤️❤️)

Bạn đang đọc truyện trên: AzTruyen.Top