Chapter 35

❤️LOST❤️
Yoon Hee's POV (Taehyung's mother )
"ඇයි ඔයාලට මම කියන දේ තේරුම් ගන්න මේ තරම් අමාරු ?? මම එදත් කිව්වා අදත් කියනවා. ඔයාලා කවදාවත් මට ඕන විදිහේ දෙමව්පියෝ උනේ නෑ , ඔයාලව මට ඕන උන වෙලාවේ ඔයාලා මාත් එක්ක හිටියේ නෑ , දැන් මට ඔයාලව ඕන නෑ . මියානේයෝ ඔම්මා .. ඒත් මට තවත් මේක කරන්න බෑ . අප්පා කිව්ව නිසා , මම මගේ මහන්සියෙන් හදපු ආර්ක් ගේම්ස් එක අතෑරලා කිම් කෝපරේෂන් එකට ආවා. අප්පා කිව්ව නිසා අලුත් project එක කරන්න භාරගන්න උනා. කවදා වෙනකල් ඔයා මාව ඔයාට ඕන විදිහට පාලනය කරන්නද හදන්නේ අප්පා ??"

ඒ වචන අවසානයේ මට දැනුනේ මාවත් නිරුත්තර උනා වගේ . අවුරුදු හතකට කලින් පුතාගේ ඇස්වල තිබුන දුක , වේදනාව , තරහා ඒ හැමදේම අදත් ඒ විදිහට ම ඒ ඇස්වල තියෙනවා . අපේ වැරදි නිසා මේ දරුවා තව කොච්චර කාලයක් මේ විදිහට දුක් විදින්න ද?? එයාගේ දෙමව්පියෝ විදිහට අපිට එයාව තේරුම් ගන්න , ආදරේ කරන්න බැරි වෙද්දී ඇයි අපි වෙනුවට එයා ජීවිතේ විඳවන්නෙ ?? අම්මා කෙනෙක් විදිහට මම අසාර්ථක උනේ ටේහ්‍යුන්ගා ඔම්මා එක්ක ඩේගුවලට අරගෙන ගිය දවසේ,  ඔම්මා නැති උනාට පස්සේ ආපහු මගේ ළඟට ගත්ත දරුවට ඕන විදිහේ අම්මා කෙනෙක් වෙන්න මට බැරි උනා. දැන් එයාට ඕන විදිහේ අම්මා කෙනෙක් වෙන්න මම උත්සාහ කළත් ඒකට පරක්කු වැඩියි කියලා හිතන තරමට ටේහ්‍යුන්ගා දැන් වෙනස් වෙලා . එයාගේ අප්පා කිම් ව්‍යාපාර වැඩ වෙනුවෙන් සම්පූර්ණ අවධානය දෙද්දී අඩුම තරමින් මම ටේහ්‍යුන්ගා  ළඟින් හිටියා නම් අපේ දරුවා අද මේ තරම් හිතින් විඳවන්න , එයාටම වෛර නොකරන්න ඉඩ තිබුනා .

"අදල් චේපල් " මම ටේහ්‍යුන්ගාව ටිකකට හරි නතර කරන්න උත්සාහ කළත් එයාගේ මූණ දිහා බලද්දී ඒ උත්සාහය අසාර්ථකයි කියලා මට දැනුනා . ටේහ්‍යුන්ගා එයාගේ අප්පා එක්ක තියෙන හැම ප්‍රශ්නයක් ම අමතක කරලා එයාලා දෙන්නා අතරත් තාත්තා කෙනෙක් , පුතෙක් අතර තියෙන විදිහේ ලස්සන බැඳීමක් ඇති වෙනවා නම්... ඒත් දෙන්නාට දෙන්නා නොදෙවෙනි තරමට තියෙන මුරණ්ඩුකම , ඉක්මනට කේන්ති ගන්න විදිහ ...

"අනී ඔම්මා.. අප්පා ... මම ආපහු US යනවා. ආපහු මම එයි කියලා බලාපොරොත්තු වෙන්න එපා . " ටේහ්‍යුන්ගාගේ ඇස්වල මගේ වගේ ම කඳුළු පිරිලා තිබුනේ . ඒ වචනවල පිරිලා තිබුන වේදනාව දැනෙද්දී මට මගේ ගැන තවත් කළකිරුණා . ඒත් ඇස්වල කඳුළු පිහදාගෙන  ටේහ්‍යුන්ගා ආපහු හැරුනේ අපිට වචනයක්වත් කියන්න ඉඩ නොදී.

"අදල්"

"ටේහ්‍යුන්ගා..." අපි දෙන්නටම කෑගැහුනේ ඉබේටම ..ඒත් ආපහු හැරෙන්නේවත් නැතුව අපේ එකම දරුවා සෙනඟ අස්සේ නොපෙනී යද්දී හිතේ ඉතුරු උනේ අසරණකමක් , කළකිරීමක් විතරයි .

"යුන්හියා ටේහ්‍යුන්ගා " ටේහ්‍යුන්ගාගේ අප්පා මගේ දිහා බැලුවේ කවදාවත් දැකලා නැති තරම් අසරණකමක් ඇස්වල ‍රඳවාගෙන . ලෝකෙටම ගොඩක් ශක්තිමත් , ධෛර්යමත් වීරයෙක් උන කිම් ටේහූන් ටේහ්‍යුන්ගා යන දිහා බලාගෙන හිටියේ මම වගේ ම බිඳුන හිතකින් . ටිකක් වෙලා යනකල් ම ටේහ්‍යුන්ගාගේ අප්පා දිගටම බලාගෙන හිටියේ ටේහ්‍යුන්ගා ගිය දිහා

"යොබෝ... ටේහ්‍යුන්ගාගේ කේන්තිය ටිකක් අඩු උනාම අපි හැමදේම ගැන හෙමින් සැරේ කතා කරමු , දන්නවානේ එයත් ඔයා වගේ ම මුරණ්ඩුයි ." මම කිව්වේ ටේහ්‍යුන්ගාගේ අප්පාගේ තිබුන නිශ්ශබ්දතාව, හැඟීම් කිසිවක් නොපෙනුන මූණ දරාගන්න බැරි නිසා . වැඩත් එක්ක දැනෙන පීඩනේ එක්ක මෙහෙම දෙයක් ගැන කල්පනා කරනවා කියන්නේ එයාට ඒ තරම් ....

"යු... යුන්හියා මට ටිකක් අ...අමාරුයි වගේ ....."  ටේහ්‍යුන්ගාගේ අප්පා අමාරුවෙන් වගේ එහෙම කියද්දි එයාගේ අත නතර උනේ පපුවේ වම්පැත්තේ . නළලේ දාඩිය බිංදු දෙක තුනක් මතුවෙලා මූණ වේදනාවෙන් පිරෙන්න ගත උනේ තත්ත්පර කිහිපයක් විතරයි .

"සො..සොක්ජින් ..." ටේහ්‍යුන්ගාගේ අප්පා ටික ටික මගේ ඇඟට බරවෙනවා දැනෙද්දී මම සොක්ජින්ට කෑගැහුවේ අත්දෙකින් ම ටේහ්‍යුන්ගාගේ අප්පා වැටෙන්නේ නැතුව රඳවාගන්න උත්සාහ කරන අතරේ.

"සම්චූන්...." සොක්ජින් , නම්ජූන් දෙන්නම ටේහ්‍යුන්ගාගේ අප්පාව දෙපැත්තෙන් අල්ලාගෙන ඉක්මනට පුටුවකින් වාඩි කළා.

"කුමෝ......" සොක්ජින් කියද්දිම මම මගේ පර්ස් එකේ තිබුන වයල් එකෙන් GTN පෙත්තක් අරන් සොක්ජින්ගේ අතින් තිබ්බා . සොක්ජින් ඒක එයාගේ දිව යටින් තියලා අතේ නාඩි බලන්න ගද්දී ටේහ්‍යුන්ගාගේ අප්පාගේ ඇස් ටිකෙන් ටික පියවෙන්න ගත්තා.

"අපිට ඉක්මනට සම්චූන්ව හොස්පිටල් එකට අරන් ගන්න වෙනවා. නම්ජුනා ඉක්මනට ambulance එකකට කතා කරන්න . " සොක්ජින් එයාගේ සාක්කුවේ තිබුන stethoscope එක අරගෙන ටේහ්‍යුන්ගාගේ අප්පාව පරීක්ෂා කරන්න ගත්තා . විනාඩියක් දෙකක් යද්දී ඇම්බියුලන්ස් එකක් එන සද්දේ ඇහෙද්දී හිතට ටිකක් හරි සහනයක් දැනුනා උනත් ටේහ්‍යුන්ගාගේ අප්පාව stretcher එකට ගත්ත විදිහට මට දැනුනේ මගේ කකුල් දෙකත් පණ නැතුව ගියා වගේ .

"කුමෝ... මම ambulance එකේ යනවා සම්චුන් එක්ක. කුමෝ නම්ජූන් එක්ක එන්න. " සොක්ජින් එහෙම කියලා ඇසිල්ලකින් එයාලා අපේ දෑස් මානෙන් නොපෙනී ගියා . මාව එකපාරටම පැත්තකට වැටෙන්න යනවා වගේ දැනෙද්දී කවුරුහරි මාව අල්ලාගත්තා .

Min Hee's POV
ටේහ්‍යුන්ගා එලියට ගියාට පස්සේ ජන්ග්කුකා එක්ක හිටියත් මගේ ඇස් යොමු වෙලා තිබුනේ හෙජන්නිම් , ටේහ්‍යුන්ගාගේ ඔම්මා දිහාවට . ටික වෙලාවකින් හෙජන්නිම් අමාරුවෙන් වගේ පපුව අල්ලාගද්දී නම්ජූන් ශී , තව කෙනෙක් එක්ක ඉක්මනට හෙජන්නිම්ව අල්ලාගත්තා . උත්සවයේ තිබුන සැමරුම් හැමදේම නතර වෙලා සෙනඟ නිහඬ උනේ ambulance එකක සද්දෙත් එක්ක . ටේහ්‍යුන්ගාගේ ඔම්මාව දකිද්දී මාව ඒ පැත්තට ඇදුනේ ඉබේටම . හෙජන්නිම්ව අරගෙන ගියාට පස්සේ ඔමොනිම් එකපාරටම පිටිපස්සට වැටෙන්න යද්දී මම ඉක්මනට එයාව අල්ලාගත්තා.

"ඔ..ඔමොනිම්...අපි වාඩිවෙලා ඉමු..."   මම ඔමොනිම්ව ළඟින් ම තිබුන පුටුවකින් වාඩි කරලා අතින් අල්ලාගත්තා .

"ටේ..ටේහ්‍යුන්ගා.. එ..එයාට කතා කරන්න ඕන ." ඔමොනිම්  වෙව්ලන ඇඟිලිවලින් ෆෝන් එක අතට ගත්තේ ටේහ්‍යුන්ගාට කතා කරන්න .

"කුමොනිම්... අපි හොස්පිටල් එකට යමු, ඒ අතරේ ටේහ්‍යුන්ගාට එන්න කියමු . මින්හී ශී ඔයාටත් එන්න පුලුවන් ද කුමෝ එක්ක " තෙප්‍යෝ නම්ජූන් ශී අහද්දී මම මොකුත් නොකියා ඔමොනිම් එක්කම නැඟිට්ටේ හොස්පිටල් එකට යන්න .

කාර් එකේ යන අතරෙත් නම්ජූන් ශී , ඔමොනිම් ගොඩක් උත්සාහ කළත් ටේහ්‍යුන්ගා ෆෝන් එක ගත්තේ නෑ .

"මින්හී... ඔයාට පුලුවන් ද දුව ටේහ්‍යුන්ගාට කතා කරන්න ???" ඔමොනිම් ඇහුවේ හරිම අසරණ විදිහට . ටේහ්‍යුන්ගා කෝල් එක ගන්න කියලා ප්‍රාර්ථනා කරකර මම කෝල් එක ගත්තා, හිතුවා වගේ ම ටේහ්‍යුන්ගා කෝල් එක ගත්තට පස්සේ මම ඔමොනිම්ට ෆෝන් එක දුන්නා .

"අ...අදල්... ටේහ්‍යුන්ගා ... ඔ...ඔයාගේ අප්පා .. අප්පාට සිහි නැති උනා. හාර්ට් ඇටෑක් එකක් ඇවිත් . ඉ.. ඉක්මනට එන්න .. අපි හොස්පිටල් එකට යන ගමන් . චේපල් පල්ලිවායෝ අදල් (please come , hurry )..." ඔමොනිම් එහෙම කියලා කෝල් එක ඉවර කලාට පස්සේ එයාගේ ඇස්වල කඳුළු පිහදාගෙන පුලුවන් තරම් සන්සුන් වෙන්න උත්සාහ කළත් ඔමොනිම්ගේ අත් වෙව්ලන එක නතර උනේ නෑ .

"ඔමොනිම්... හැමදේම හරියයි.  ටේහ්‍යුන්ගාගේ අප්පාට මොකුත්ම වෙන්නේ නෑ . අපි බය වෙන්නේ නැතුව ඉමු. " මම කිව්වේ ඔමොනිම්ගේ අත් දෙකින්ම අල්ලාගෙන එයාගේ හිතට යම් පමණකින් හරි සහනයක් දෙන්න.

අපි හොස්පිටල් එකට ගිය ගමන් නම්ජූන් ශී අපිව එක්කරගෙන ගියේ Emergency treatment unit එකට. මම ඔමොනිම්ගේ අතින් දිගටම අල්ලාගෙන හිටියේ එයා හොඳටම කලබල වෙලා හිටිය නිසා. සාමාන්‍යයෙන් බාහිර අයට ETU එකට ඇතුලට යන්න දෙන්නේ නැති උනත් එයාලාගේ පවුලේ හොස්පිටල් එක නිසා කවුරුත් අපිව නැවැත්තුවේ නෑ . ETU එකේ කාමරයක් ඉස්සරහා අපි නතර වෙද්දී ඔමොනිම් එතන හිටිය කෙනෙක්ගේ අතින් අල්ලාගත්තා.

"සොක්ජිනා... ඕතොක්කේ ත්වෙස්සෝයෝ?? නොයේ සම්චූන්.....??? (What happened to your uncle ???)" ඔමොනිම් ඇහුවේ ආයාචනාත්මක විදිහට .

"කුමෝ අපි බලාගෙන ඉමු සොන්සෙන්නිම් එලියට එනකල් , කුමෝ කලබල වෙන්න එපා අපි සම්චුන් වෙනුවෙන් පුලුවන් හැමදේම කරනවා. කුමෝ වාඩිවෙලා ඉන්න  " මම හිතන්නේ ඒ ටේහ්‍යුන්ගාගේ තවත් ඥාති  සහෝදරයෙක් වෙන්නැති. මම , නම්ජූන් ශී දෙන්නාම ඔමොනිම්ව එතන තිබුන බංකුවකින් වාඩි කළේ එයාගේ අකමැත්තෙන් වගේ . ටික වෙලාවකට පස්සේ එකපාරටම උස් හඬින් ඇහුන අඩි සද්දයක් එක්ක අපි හිටිය පැත්තට දුවගෙන වගේ ආවේ ටේහ්‍යුන්ගා .

Taehyung's POV
හොස්පිටල් එකට එන අතරේ දහසක් දේවල් හිතට නැඟෙද්දී මගේ හිතේ තිබුන බය තවත් වැඩි උනා. අ...අප්පා එයා හොඳින්ද ?? නැත්නම් මින්හියා කිව්ව විදිහට මම දැනටමත් පරක්කු වැඩියිද ?? එහෙම වෙන්නේ නැති වෙයි නේ?? දෛවය මට ඒ තරම් නපුරු වෙයි ද ආයෙමත් ???

හොස්පිටල් එක ඉස්සරහින් කාර් එක නවත්තලා එලියට බැස්සත් හොස්පිටල් එක දිහා බලද්දී මගේ මුළු ඇඟම හිරිවැටුනා වගේ දැනුනේ . අප්පාව ගේන්න ඇත්තේ ETU එකට කියලා හිතුන නිසා මම අමාරුවෙන් උනත් හිත සන්සුන්  කරගන්න උත්සාහ කරන අතරේ ඉක්මනට ඒ පැත්තට ගියා. Reception එකෙන් මාව නවත්වන්න හැදුවත් ඒ කිසිදෙයක් ගනන් ගන්නේ නැතුව මම ඇතුලට ගියා. වහලා තිබුන වීදුරු දොරක් ඉස්සරහා හිටගෙන හිටිය ජින් හ්‍යුන්ග් , නම්ජූන් හ්‍යුන්ග් දෙන්නාව මට දුර තියා අඳුරගන්න පුලුවන් උනා. ඒත් එක්කම මගේ ඇස් යොමු උනේ එතන ම දොර ඉස්සරහා තිබුන  බංකුවක වාඩිවෙලා හිටිය ඔම්මාට, ඔම්මාට එහාපැත්තෙන් හිටියේ මින්හියා . මගේ අඩි සද්දෙට ඔලුව උස්සලා බලපු ඔම්මා නැඟිට්ටේ ඉබේටම වගේ . මගේ කකුල් නොදැනීම මාව ඔම්මා හිටිය තැනට අරන් යද්දී ඔම්මාගේ මූණේ තිබුන දුක, බය මිශ්‍රිත පෙනුම එක්ක මගේ හිතත් තවත් කලබල උනා වගේ .

"ටේ.. ටේහ්‍යුන්ගා නොයේ අප්පා  (your father )....." මෙච්චර වෙලා කඳුළු හිරකරගෙන හිටිය ඔම්මා මාව බදාගත්තේ හයියෙන් අඬාගෙන. මමත් ඔම්මාව මට තවත් ළංකරගත්තේ මගේ ඇස්වලටත් ඉබේටම කඳුළු පිරෙද්දී .

"ඔ...ඔම්මා... උල්ජිමා .... " මම එහෙම කිව්වත් ඔම්මා අඬන එක නතර වෙන්න තවත් ටික වෙලාවක් ගියා. ඒ අතරේ මම නිහඬවම බැලුවේ ජින් හ්‍යුන්ග් දිහා.

"අපි බලමු ටේහ්‍යුන්ගා , සම්චුන් තාම ඇතුලේ , " හ්‍යුන්ග් එහෙම කියද්දිම වගේ කාමරේ දොර ඇරුනා , එලියට ආපු සොන්සෙන්නිම් කෙනෙක් හ්‍යුන්ග්ට මොනාහරි කිව්වේ ඇහෙන නෑහෙන හඬින් . ඒත් එක්කම තවත් ඩොක්ටර්ස්ලා , නර්ස්ලා දෙතුන් දෙනෙක් එලියට ආපු සොන්සෙන්නිම් එක්කම ඇතුලට ගියේ කලබලයෙන් වගේ . හ්‍යුන්ග් ආපහු හැරිලා මගේ දිහා බැලුවත් මොකුත් කියනවා වෙනුවට මගේ උරහිසට තට්ටුවක් දාලා හ්‍යුන්ග්නුත් ඇතුලට ගියා.

මම හෙමින් සැරේ ඔම්මාව කලින් හිටපු තැනින් ම වාඩිවෙලා මමත් මෙහා පැත්තෙන් වාඩි උනා. මින්හීගේ මගේ අත ටිකක් තදින් මිරිකුවේ යන්තමට හිනාවෙලා , ඒ නිහඬවම මම හොඳින් ද කියලා අහන්න වගේ . මම මින්හීට නිහඬවම පිළිතුරු දෙන අතරේ මම හෙමින් සැරේ ආපහු ඔම්මා දිහාට හැරුනා . ඔම්මාගේ ඇස්වල යන්තමින් කඳුළු තිබුනත් ඔම්මා බොහෝදුරට එයාගේ හිත පාලනය කරගෙන හිටියේ . හිතින් ගොඩක් ශක්තිමත් කෙනෙක් උන ඔම්මා මේ විදිහට කඩා වැටෙද්දී ඇත්තටම අප්පාගේ තත්ත්වය ගැන මගේ හිතේ තිබුන බය තවත් වැඩි උනා. ඔම්මා අප්පාගේ අසනීපය ගැන දන්න නිසාද මේ තරම් කලබල වෙලා තියෙන්නේ??

මීට ටික වෙලාවකට කලින් මම අප්පාට කිව්වේ එයා මගේ කවුරුවත් නෙවෙයි , එයාට මගේ ජීවිතේ කිසිම තැනක් නෑ කියලා . ඒත් එහෙම කිව්ව අප්පා ගැන දැන් තිබුනේ කේන්තියක්, වෛරයක් ඒ කිසිම දෙයක් නෙවෙයි , බයක් .. ජීවිතේ අහිමිවීම කියන දේ අත්විඳපු කෙනෙක් අහිමිවීම කියන ඒ වචනෙට පවා බයයි. ජීවිතේ දෙසැරයක් ඒ අත්දැකීම ලබපු මට මගේ ජීවිතේ තවත් කෙනෙක් අහිමි කරගන්න බෑ . ජීවිතේ කවදාවත් මට අප්පාගෙන් මට ඕන විදිහේ ආදරයක් නොලැබුනත් , හැමදාම අප්පා එක්ක මත ගැටුම් උනා උනත් ඒ ඉන්නේ මගේ අප්පා ... වෙන කෙනෙක්ට ඒ හිදැස පුරවන්න බෑ . ඒත් මම ඒ ඇත්ත අවසානයේ දී තේරුම් ගන්නකොට මම පරක්කු වැඩියි ද???? පසුතැවීම්, අහිමිවීමේ බය, මේ හැමදේම එක්ක මගේ හිත බර වෙද්දී කාලය නතර වෙලා වගේ දැනුනේ .

මිනිත්තුවෙන් මිනිත්තුවකට නොයිවසිල්ලෙන් ඔරලෝසුව දිහා බැලුවත් පැයක් ගත උනේ අපිටත් නොදැනීම , ඒත් අප්පාගේ තත්ත්වය ගැන කිසිම දෙයක් නොදැන ගෙවුණු ඒ පැය දැනුනේ අවුරුද්දක් වගේ .

"මින්හියා... ඔයා දැන් යන්න ,තවත් රෑ වෙනකල් ඉන්න එපා " මම කිව්වේ වෙලාව රෑ දහයට කිට්ටු වෙලා තිබුන නිසා .

"අනී ටේහ්‍යුන්ගා මම තව ටික වෙලාවක් ඉන්නම්. "

"ඒත් ඔයාට තනියෙන් යන්න වෙන්නේ , මට අද ඔයාව ගෙනිහින් ඇරලවන්න බැරි වෙයි. "

"අනියා ටේහ්‍යුන්ගා ජන්ග්කුකා ඇවිත් ඉන්නේ , මම තව ටිකක් ඉන්නම්. " මින්හී කිව්වට පස්සේ එයාට යන්න කියලා බල කරන්න බැරි නිසා මමත් එහෙම්මම නිශ්ශබ්ද උනා.

කල්පයක් ගත උනා වගේ දැනුන තවත් පැය බාගෙකට විතර පස්සේ අන්තිමට කාමරේ දොර ඇරගෙන ජින්, හ්‍යුන්ග් තව සොන්සෙන්නිම්ලා දෙන්නෙක් එලියට ආවා.

"Mr.Choi එහෙනම් හෙජන්නිම් ගැන දිගටම අවධානයෙන් ඉන්න , තත්ත්වයේ වෙනසක් උනොත් මට වහාම දැනුම් දෙන්න . Miss. Han මම කිව්ව හෙජන්නිම්ගේ health file එක මගේ මේසය උඩින් තියන්න විනාඩි පහක් ඇතුළත " හ්‍යුන්ග් කිව්වට පස්සේ සොන්සෙන්නිම් කෙනෙක් ආපහු ඇතුලට ගියා.

අන්තිමට හොඳ හුස්මක් අරගෙන ජින් හ්‍යුන්ග් හැරුනේ අපේ පැත්තට. හ්‍යුන්ග්ගේ මූණේ තිබුන බැරෑරුම් පෙනුම නිසාම හ්‍යුන්ග් ඊළඟට කියන්න හදන දේ කිව්වේ නැත්නම් කියලා හිතෙන තරමට මගේ හිතට බය දැනෙන්න ගත්තා. ඔම්මා උනත් හිටියේ මම වගේ ම බය වෙලා.

"ටේහ්‍යුන්ගා, කුමෝ සම්චූන්ව බලන්න ඇතුලට යන්න කලින්  අපි මගේ කාමරේට ගිහින් කතා කරමු . " හ්‍යුන්ග් කිව්වේ සන්සුන් විදිහට .

"ඒත් ටේහ්‍යුන්ගාගේ අප්පා , අපි දෙන්නාම මෙතනින් ගියාම ....." ඔම්මා ඇතුල පේන්නේ නැති උනත් වීදුරු දොර දිහා බැලුවේ බලාපොරොත්තු සහගත ව

"කුමෝ.... මම මෙතනම ඉන්නම්, කුමෝ ටේහ්‍යුන්ගා දෙන්නාම  ජින් හ්‍යුන්ග් එක්ක යන්න " නම්ජූන් හ්‍යුන්ග් කිව්වට පස්සේ ඔම්මා අකමැත්තෙන් උනත් හ්‍යුන්ග් එක්ක යන්න කැමති උනා.

"ඔම්මා හ්‍යුන්ග් එක්ක යන්න මම ඉක්මනට එන්නම්." ඔම්මාට එහෙම කියලා මම හැරුනේ මින්හී දිහාවට .

"මින්හියා ඔයා දැන් යන්න , හ්‍යුන්ග් එක්ක කතා කළාට පස්සේ මම ඔයාට කෝල් කරන්නම්. යමු මම ඔයාව එලියට එක්කරගෙන යන්නම්" මින්හී තවත් වෙලා ඉන්නම් කිව්වත් කොහොම හරි අන්තිමට එයා යන්න කැමති උනාට පස්සේ මම මින්හීව ජන්ග්කුක් හිටිය තැනට එක්කරගෙන ගිහින් ඊට පස්සේ ජින් හ්‍යුන්ග්ගේ කාමරේට ගියා.

ඔම්මාට මෙහාපැත්තෙන් මම වාඩි වෙද්දිම මම දැක්කේ ඔම්මා ආපහු අඬනවා .

"ඔ....ඔම්මා....." මම ඔම්මා දිහා හ්‍යුන්ග් දිහා මාරුවෙන් මාරුවට බැලුවේ මගේ හිතේ නන්නාඳුනන බයක් ඇතිවෙද්දී.

"හ්‍යුන්ග් අ...අප්පාට කොහොමද ??? ඇයි ඔයාලා මොකුත් කියන්නේ නැත්තේ ???"

"කුමෝ.. ටේහ්‍යුන්ගා.... මම ඇත්තම කියන්නම්. ඒ ඔයාලාව කලබල කරන්න නෙවෙයි . ඔයාලා බය වෙන්නත් එපා . අපි හැමෝම මේ තත්ත්වය හරියට තේරුම් ගන්න ඕන , ඒක තමයි මේ වෙලාවේ වැදගත් ම . "

"හ්‍යු...හ්‍යුන්ග්....  " මට ඉබේටම වචන ගොතගැහුනා.

"සම්චූන්ට කාලයක් තිස්සේ pressure තිබුනා , මෙච්චර කාලයක් බෙහෙත් වලින් තත්ත්වය පාලනය කරන්න අපිට පුලුවන් උනා... ඒත් අද...."

"සොක්ජිනා කි...කියන්න අ...අද...."

"අද සම්චූන්ට sudden MI එකක් ඇවිත් තියෙන්නේ "

"අ...අන්ද්වේ ...." ඔම්මාට කෑගැස්සුනේ හැඬුම් හඬක් එක්කමයි . මටත් එකපාරටම දැනුනේ කවුරුහරි මගේ හුස්ම හිරකරලා වගේ හැඟීමක් . කවදාවත් හිතට නොදැනුන බයක් අප්පාගේ ජීවිතේ ගැන මට දැනෙන්න ගත්තා .

"ඉක්මනට හොස්පිටල් එකට ගෙනාව නිසා දැනට ප්‍රශ්නයක් නෑ . ඒත් සම්චූන්ට සිහිය එන්න ඕන සම්පූර්ණ තත්ත්වය ගැන නිගමනයකට එන්න. "

"ඒ... ඒ කියන්නේ අප්පාට තාම සිහිය ආවේ නැද්ද ???"

"ඇත්තම කිව්වොත් නෑ . ඒත් තව ටිකකින් සම්චූන්ට සිහිය එයි. ඊට පස්සේ අපිට පුලුවන් වැඩිදුර ප්‍රතිකාර පටන් ගන්න . "

"ඒ කියන්නේ එයාගේ ජීවිතේට ප්‍රශ්නයක් නෑ නේද ??" ඔම්මා අහද්දී ජින් හ්‍යුන්ග් නෑ කිව්වත් හ්‍යුන්ග්ගේ හිතේ තිබුනේ ඊට වඩා වෙනස් අදහසක් කියලා මට තේරුණේ හ්‍යුන්ග් ඊළඟට කියපු දේ එක්ක .

"කුමෝ... සම්චූන්ගේ treatments ගැන documents කීපයකට පවුලේ කෙනෙක්ගෙන් අත්සන් ගන්න ඕන . ටේහ්‍යුන්ගාට ඒක අත්සන් කරන්න පුලුවන්නේ . එතකල් කුමෝ ඇතුලට ගිහින් සම්චූන්ව බලන්න , ගොඩක් වෙලාවකට නම් නෙවෙයි ඒත් විනාඩි 5කට විතර ඇතුලට යන්න පුලුවන් . " හ්‍යුන්ග් කිව්වේ ඔම්මාට සැකයක් ඇති නොවෙන විදිහට .

"හ්‍යුන්ග්...... අප්පාගේ ඇත්ත තත්ත්වය හ්‍යුන්ග් කිව්වට වඩා බරපතලයි ද??" ඔම්මා ගියාට පස්සේ මම අහද්දී මගේ උගුරෙන් සද්දයක් පිට වෙන්නේ නෑ වගේ මට දැනුනේ .

හ්‍යුන්ග් ටික වෙලාවක් මගේ දිහා බලාගෙන හිටියේ නිහඬවම .

"සම්චූන්ට සිහි නැති වෙන්න හේතුව අපි තාම දන්නේ නෑ ටේහ්‍යුන්ගා . MI එකකදි එන ක්ෂණික වේදනාව දරාගන්න බැරි නිසා කෙනෙක්ට සිහි නැති වෙන්න පුලුවන් , ඒත් ඒ තාවකාලිකව . මිනිත්තු 10ක් 15ක් ඇතුලත එයාලව යථා තත්ත්වයට පත් කරගන්න පුලුවන් වෙනවා . ඒත් සම්චුන් දැන් පැය දෙකකටත් වඩා සිහි නැතුව ඉන්නේ . "

"හ්‍යුන්ග් කියන්නේ brain damage වගේ දෙයක් වෙන්නත් පුලුවන් කියලා ද???"

"ඔව් සිහි නැති උන නිසා brain damage එකක් උනේ නෑ කියලා අපිට කියන්න බෑ , ඒකටත් ඉඩකඩ තියෙයි . ඊළඟට සම්චූන්ගේ හෘදයට රුධිර සැපයුමේ බාධාවක් තියෙයි . සම්චූන්ගේ තත්ත්වයේ හැටියට bypass surgery එකක් හරි stent දාන්න හරි සිද්ධ වෙනවා . හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල එක අවහිරවීමක් වගේ නම් තියෙන්නේ stent දාන්න පුලුවන් , ඒත් දැනට සම්චූන්ගේ කිරීටක ධමනිවල  අවහිරවීම් එකකට වඩා තියෙයි කියලා දැනට ඩොක්ටර්ස්ලා අනුමාන කරලා තියෙන්නේ . එහෙම උනොත් අනිවාර්යයෙන්ම open heart surgery එකකට, bypass එකකට යන්න වෙනවා අපිට . ඒත් ...."

"ඒත් කියන්නේ හ්‍යුන්ග් ??? මොකද්ද ප්‍රශ්නේ ???? "

"ඒ හැමදේම කරන්න සම්චූන්ට සිහිය එන්න ඕන . Bypass surgery එකකට ලක් කරන කෙනෙක්ගේ vitals stable වෙන්න ඕන . ඒ කෙනාගේ සෞඛ්‍ය මට්ටම සෑහීමකට පත් වෙන්න පුලුවන් නම් විතරයි අපිට surgery එකක සාර්ථකත්වය ගැන වගකීමක් ගන්න පුලුවන් . සම්චූන්ට සිහිය ආවොත් .. ඊට පස්සේ අපිට , ඔයාලාට හැමෝටම වගකීමක් තියෙයි සම්චූන්ට  උපරිම සැහැල්ලුවෙන් , විවේකීව ඉන්න දීලා එයාගේ තත්ත්වය අපි බලාපොරොත්තු වෙන විදිහට ස්ථාවර මට්ටමකට ගන්න . ඊට පස්සේ bypass surgery එකත් සාර්ථක උනොත් තමයි සම්චූන්ගේ ජීවිතේට අනතුරක් නෑ කියලා කියන්න පුලුවන් වෙන්නේ . "

හ්‍යුන්ග් කියලා ඉවර කළාට පස්සේ කාමරේ ඇතුලේ තිබුනේ අල්පෙනෙත්තක් වැටුනත් ඇහෙන තරමේ නිහඬතාවයක් . මගේ ඇස් හිස් අවකාශයට යොමුවෙලා තිබුනේ හිස් බැල්මකින් . ඒත් ඒ හිස් බැල්ම පිටිපස්සේ හැංඟිලා තිබුනේ හැඟීම් රාශියක් . ජින් හ්‍යුන්ග් කිව්ව වචනයක් පාසා හිතේ තිබුන බර, අප්පාගේ ජීවිතේ ගැන තිබුන බය තවත් වැඩියෙන් දැනෙන්න ගත්තා. ජීවිතේ කවදාවත් නොදැනුන තරම් අසරණකමකින් හිත වෙළී යනවා වගේ මට දැනුනේ .

"අපි ප්‍රාර්ථනා කරමු හැමදේම හොඳ අතට හැරෙන්න කියලා ටේහ්‍යුන්ගා . ජීවිතේකට බලාපොරොත්තුවක් දෙන්න උත්සාහ කරන්න විතරයි අපිට පුලුවන් ,  බලාපොරොත්තුව ඉටු කරගන්නවා ද නැත්නම් ඒක බලාපොරොත්තු කඩවීමක් විතරයි ද කියන එක රෝගියා තීරණය කරන්න ඕන දෙයක් . කුමෝ මේ හැමදේම ගැන දැනගත්තා නම් එයා හොඳටම බය වෙනවා, ඒත් ඇත්ත තත්ත්වය ගැන පොඩි හරි අවබෝධයක් තියෙන්න ඕන නිසා මම කුමෝට MI එක ගැන හරි කිව්වේ .ඒත් මම ඔයාට මේ හැමදේම කිව්වේ ඔයා හරියට ම  ඇත්ත තත්ත්වය මොකද්ද කියන එක තේරුම් අරන් ඉන්න ඕන නිසා . අපි අපේ උපරිමය කරනවා ටේහ්‍යුන්ගා ඒත් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබෙනවද නැද්ද කියන එක අපිට තීරණය කරන්න පුලුවන් දෙයක් නෙවෙයි . අපිත් යමු ආපහු ETU එකට, බලාපොරොත්තු වෙමු සම්චූන්ට සිහිය ඇවිත් තියෙන්න කියලා  " හ්‍යුන්ග් එහෙම කියලා පුටුවෙන් නැඟිටිද්දී මමත් පුටුවෙන් නැඟිට්ටා උනත් එකපාරටම කකුල් පණනැති ගතියක් දැනුන නිසා මම ආපහු පුටුවට වැටෙද්දී අතේ වැදිලා  මේසය උඩ තිබුන ලිපිගොනු පිරුන ෆයිල් එකකුත් බිමට වැටුනා.

"ටේ... නෝ ක්වෙන්චනා  (are you ok?)  ???" හ්‍යුන්ග් මගේ දිහා බැලුවේ කණස්සල්ලෙන්

"හ්ම්... ක්වෙන්චනායෝ හ්‍යුන්ග් . " මම කිව්වේ සීසීකඩ විසුරුණු ලිපිගොනු මත මගේ ඇස් නතර වෙද්දී .

"ආහ් මොනාද මේ ෆයිල් ???" හ්‍යුන්ග් කිව්වේ බිමට වැටුන ෆයිල් එකක් අතට අරගෙන පෙරළලා බලන ගමන් . මමත් බිමට වැටුන ෆයිල් එකක් දෙකක් මේසය උඩින් අරන් තිබ්බා. ඒත් එක ෆයිල් එකක් දිගෑරියා තිබුන නිසා රෝගියාගේ නම දැක්කේ අහම්බෙන් වගේ .

"ඔය ටික අහුලන්න ඕන නෑ ටේහ්‍යුන්ගා , මම කාටහරි එන්න කියන්නම් ඒකට. මම කිව්වේ මේ folder එකෙන් තිබුන එක වාර්තාවක් විතරයි print out ගන්න කියලා , ඒත් folder එකම print out අරන් මෙයාලා " හ්‍යුන්ග් එහෙම කියලා මගේ පැත්තට හැරුනා .

"හ්‍යුන්ග් මම ටිකක් ඉඳලා එන්නම්, ඇත්ත දැනගත්තට පස්සේ හැමදේම නොකියා ඔම්මා එක්ක කතා කරන්නේ කොහොමද කියලා මට හිතාගන්න බෑ . " මම කිව්වේ ආපහු සැරයක් වාඩිවෙන ගමන් .

"අරස්සෝ... වෙච්ච හැමදේම ඇත්තටම දරාගන්න අමාරුයි තමයි , ඒත් ඔයා ශක්තිමත් ව ඉන්න ඕන ඔයා වෙනුවෙන් වගේ ම සම්චුන් කුමෝ දෙන්නම වෙනුවෙන් ." හ්‍යුන්ග් එහෙම කියලා කාමරෙන් එලියට ගියා.
.
.
.
"ටේහ්‍යුන්ගා..." මම අප්පා හිටිය කාමරේ ළගට යද්දී ඔම්මා මගේ අතින් අල්ලාගත්තේ කලබලයෙන්

"ඔ...ඔයාගේ අප්පාට සිහිය ආවා... " ඔම්මා කඳුළු අතරින් කියද්දි මට දැනුනේ හිතේ තිබුන ලොකු බරක් අඩු උනා වගේ . අඩුම තරමින් අප්පාට සිහිය ආවා කියන්නේ අවධානම් ටිකක් හරි අඩු වෙනවා කියන එක.

"ඒත් ඇයි එහෙනම් ඔම්මා එලියට ආවේ???"

"ඩොක්ටර්ස්ලා ආපහු අප්පාව බලනවා " ඔම්මා කියද්දිම කාමරේ දොර ඇරගෙන එලියට ආවේ ජින් හ්‍යුන්ග් . අනිත් ඩොක්ටර්ස්ලා එලියට ඇවිත් අපිට ඇතුලට යන්න ඉඩ දුන්නා.

"සම්චූන්ට සිහිය ඇවිත් තියෙන්නේ , ඒත් විවේකයක් ලැබෙන්න නම් සම්චුන් දැන් නිදාගන්න එක තමයි හොඳම . ඒත් සම්චුන් කලබල වෙලා ඉන්නේ , ඒ නිසා ...." හ්‍යුන්ග් එහෙම කියලා බැලුවේ මගේ දිහා

"වෙයෝ හ්‍යුන්ග් ???"

"සම්චූන් හොයන්නේ ඔයාව ටේහ්‍යුන්ගා . සම්චුන් නෙවෙයි අඩුම තරමින් කුමෝ වෙනුවෙන්වත් ඔයාට ඇතුලට යන්න පුලුවන් ද?? සම්චූන්ට නින්ද යනකල් ළඟට වෙලා ඉන්න . ඔයා සම්චුන් එක්ක ඉන්නවා කියලා එයාට ඒත්තු ගන්නන්න බලන්න " හ්‍යුන්ග් කිව්වට පස්සේ ඔම්මත් මගේ දිහා බැලුවේ ඇස්වල කඳුළු පුරවගෙන , ඒ වගේ ම බලාපොරොත්තු සහගත ව. මම නිහඬවම කැමතියි කියලා  ඔලුව වනද්දී ඔම්මා කඳුළු අතරින් උනත් හිනාවුණේ මගේ ඔලුව අතගාලා .

ඒත් අප්පා මැෂින් ගොඩකට මැදි වෙලා ඉන්නවා දැක්කාම ඔම්මාගේ මූණට නැඟුන ඒ හිනාව ඉබේටම මැකිලා ගියා. හැමදාම ගොඩක් ශක්තිමත් , ආත්ම ශක්තිමත් තිබුන තමන්ගේ ශක්තියෙන් පොළවේ පය ගහලා ජීවත් උන අප්පා අද හිටියේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක. ඕනම කෙනෙක්ගේ ජීවිතේ අංශක එකසිය අසූවකින් ම වෙනස් වෙන්න ගතවෙන්නේ කොච්චර සුලු කාලයක් ද කියලා මට හිතුනේ අප්පා දිහා බලද්දී .

අප්පාගේ මූණේ වගේ ම ඇස්වල තිබුනෙත් මලානික විඩාබර ගතියක් . එක අතකට දාලා තිබුන සේලයින් බටේ, cardiac monitor එකෙන් ආව වයර් ගොඩකට අනිත් අත සම්බන්ධ කරලා තිබුනේ . හැමදාම formal ඇඳුම් වලින් තේජාන්විත පෙනුමක් ලැබුන අප්පා හොස්පිටල් ඇඳුම ඇදලා , හිතාගන්න බැරි තරම් වෙනස් පෙනුමක් තිබුනේ .
ඔම්මා නිහඬවම අප්පාගේ ඇඳ ළඟට ගිහින් අප්පාගේ ඔලුව අතගාන්න ගත්තේ ඇස්වල කඳුළු අමාරුවෙන් නවත්වාගන්න උත්සාහ කරන අතරේ .

"යු...යුන්හියා. . ටේ..ටේහ්‍යුන්ගා ....." අප්පා ගොඩක් දුර්වල ගොරහැඩි හඬකින් කිව්වේ යාන්තමට ඇස් ඇරලා ඔම්මා දිහා බලලා . ඔම්මා මගේ දිහා බලන්න ඔම්මාගේ ඇස්වල පිරිලා තිබුන කඳුළු ඉබේටම කඳුළු දිගේ පහළට වැටෙන්න පටන් ගත්තා. ඔම්මාගේ ඇස් යොමුවෙන දිහා බලලා අප්පා හෙමින් සැරේ ඔලුව ටිකක් උස්සලා ඔම්මා බලපු පැත්තට ඇස් යොමු කළා.

අප්පාගේ ඇස් අන්තිමට නතර උනේ අප්පා දිහා බලාගෙන හිටිය මගේ ඇස් එක්ක ගැටිලා . අප්පාගේ ඇස්වල තිබුන අවිනිශ්චිත අසරණ  පෙනුම එක්ක මොහොතකට මාව නිරුත්තර උනා. අප්පා අත උස්සලා මගේ දිහාට දික්කරන්න හැදුවත් සේලයින් බටේ නිසා අත සම්පූර්ණයෙන්ම උස්සන්න බැරි උනා, ඒත් අප්පා හැදුවේ ඇඳේ වාඩිවෙලා සේලයින් බටේ ගහලා තිබුන cannula එක ගලවාගෙන හරි මගේ අතින් අල්ලාගන්න. ඊට කලින් ඉක්මනට ඉස්සරහට පැනලා මම අප්පාගේ අතින් අල්ලාගත්තේ ඇසිල්ලකින් .

"අ..අන්ද්වේ අප්පා .  ,( no father ) කමානි ඉස්සෝ. (Stay still)" මට ඉබේටම කියවුනා . අප්පා මගේ දිහා බැලුවේ පුදුම වෙලා . කවදාවත් කඳුළු දැකලා  නැති ඒ ඇස් කඳුළු පිරිලා දිලිසෙනවා දකිද්දී ජීවිතේ කවදාකවත් නොදැනුන තරම් වරදකාරී හැඟීමක් මට දැනෙන්න ගත්තේ  අප්පාගේ ඇස්වල ඒ කඳුළු වලට හේතුව මම කියලා දන්න නිසා .

"ටේහ්‍යුන්ගා අ... අදල් කජිමා (son don't go). අප්පාගා මියානේ .(father is sorry )  " අප්පා මගේ අතින් තද කරලා අල්ලාගත්තේ මට යන්න දෙන්නේ නැති වෙන්න වගේ .

"අ...අනී අප්පා... අපි දැන් ඒ ගැන කතා නොකර ඉමු... අප්පා වැරදි නෑ ... ." මම කියද්දි මගේ පපුව දනවා වගේ දැනුනේ අප්පාගේ කටහඬේ තිබුන අවිනිශ්චිතතාව නිසා. ආත්ම විශ්වාසයෙන් පිරුන අප්පාගේ කටහඬේ, වචනවල අද ගැබ් වෙලා තිබුනේ තමන්ගේ ම වචන ගැන ලොකු අවිනිශ්චිතභාවයක්, අවිශ්වාසයක් විතරයි .

"අනියා අදල්...."

"අප්පා මම කොහෙවත් යන්නේ නෑ ... ඔම්මා වගේ ම මමත් අප්පා එක්කම ඉන්නවා , අප්පා දැන් නිදාගන්න . " මම ආපහු ආපහු එහෙම
කිව්වට පස්සේ අප්පා අන්තිමට නිදාගන්න කැමති උනා. ඇඳේ පැත්තකින් තිබුන පුටුවකින් වාඩිවෙලා අප්පාට නින්ද යනකල් මම අප්පාගේ අතින් අල්ලාගෙන හිටියා.

"ටේහ්‍යුන්ගා... " අප්පාට නින්ද ගිහින් ටික වෙලාවකට පස්සේ ඔම්මා මගේ උරහිසට අත තියනවා යන්තමට දැනුනා .

"ඔම්මා.... " .

"ඔයා දැන් නිදාගන්න . මම අප්පා ළඟින් ඉන්නම්.." ඔම්මා එහෙම කිව්වත් අඬලා රතුවෙලා තිබුන ඔම්මාගේ ඇස් තවත් රතුවෙලා තිබුනේ මහන්සිය , නිදිමත නිසා . ඒත් වෙලාව රෑ 12 වෙලා තිබුනත් අපි දෙන්නාම හිටියේ නිදාගන්න තරම් හිතේ නිදහසකින් නෙවෙයි .

"අනී  ඔම්මා නිදාගන්න මම අප්පා ළඟ ඉන්නම්. නිදාගන්නෙ නැතුව ඉඳලා  ඔම්මත් අසනීප වෙන්න එපා . "

"නිදහසේ නිදාගන්න තරම් හිත සන්සුන් වෙන්නේ කොහොමද අදල් අප්පා මෙහෙම ලෙඩ ඇඳක ඉන්නකොට . ඔයාගේ අප්පාගේ තත්ත්වය අපි හිතනවට වඩා භයානකයි කියලා මම දන්නවා , සොක්ජින් මට කිව්වේ නැති උනත් ..." ඔම්මා සුසුමක් හෙලුවේ අප්පාගේ පොරවනය ආපහු හදන ගමන් .

"ඔම්මා..." මට ඉබේටම කියවුනා . ඔම්මා කොහොමද ඒක දන්නේ ???

"ඇයි පුදුම හිතුනද??? ඔයාගේ අප්පා pressure වලට බෙහෙත් ගත්ත කෙනෙක් . ඔයාගේ අප්පාව කෑම බීමෙන් පරෙස්සම් කරන්න , කොහොම හරි දවසට පැය 6කට වැඩියෙන් නිදාගන්න දෙන එක, ඇඟට මහන්සියක් දැනෙන්නේ නැති වැඩ විතරක් කරන එක, බෙහෙත් ටික හරියට දෙන එක ඒ හැමදේම මම කළා පුතා.... ඒත් වැඩත් එක්ක එන පීඩනය එක්ක ඔයාගේ අප්පා දෙයක් ගැන වැඩිපුර හිතන එක නතර කරන්න මට බැරි උනා. ප්‍රශ්නයක් ආවම ඔයාගේ අප්පාට දැනෙන පීඩනේ දන්නේ එයා විතරයි , අපිත් එක්ක ඒ පීඩනේ බෙදාගන්නේ නෑ එයා. ඔයාගේ අප්පාට අනතුරු අඟවලා තියෙද්දි මෙහෙම උනේ, ඒ නිසා ඇත්ත තත්ත්වය බරපතළයි කියලා මට තේරෙනවා ." ඔම්මා එහෙම කියලා මට එහා පැත්තෙන් පුටුවේ වාඩිවෙලා නිහඬවම අප්පා දිහා බලාගෙන හිටියා.

"අ...අප්පාට මෙහෙම උනේ මම නිසා නේද ???" මම ඇහුවේ උගුරෙ හිරවෙලා තිබුන කෙළ ගුලිය අමාරුවෙන් ගිලලා . ඒත් කාගෙන්වත් අහපු ප්‍රශ්නෙකට වඩා මම මගෙන් ම අහගත්ත ප්‍රශ්නයක් වගේ .

"ටේහ්‍යුන්ගා..." ඔම්මා මගේ දිහාට හැරුනේ ඇස්වල ආපහු කඳුළු පුරවගෙන . ඔම්මා මගේ කම්මුලට අත තියලා මගේ මූණ ඔම්මා පැත්තට හරවාගන්න හැදුවත් මම පස්සට වෙලා පුටුවෙන් නැඟිට්ටා.

"අනී ඔම්මා ... ම....මම එලියට ගිහින් එන්නම්." මම යන්න හැදුවත් ඔම්මා ඊට කලින්  මගේ අතින් අල්ලාගත්තා .

"ඔයා කිව්වා නේද අප්පාට ඔයා ඉන්නවා කියලා ...."

"මම කොහෙවත් යන්නේ නෑ , එලියේ කොරිඩෝවට වෙලා ඉදලා එන්නම්" ඔම්මා ආපහු මොකුත් කියන්න කලින් මම අප්පා හිටපු කාමරෙන් එලියට ආවා. මධ්‍යම රාත්‍රිය වෙලා තිබුන නිසා හොස්පිටල් එකේ කාර්‍යමණ්ඩලේ අය හැර වෙන කවුරුත් එලියේ හිටියේ නැති නිසා කොරිඩෝව පාලුවට ගිහින් තිබුනේ . ඈත මුල්ලක තිබුන පුටුවක මම වාඩි උනාට වඩා මාව ඉන්දවුනා වගේ . 

අප්පාට මෙච්චර කාලයක් ලෙඩක් තිබුනා කියලා දැනගෙන ඉඳලා නැත්තේ මම විතරයි නේද ?? මීට කලිනුත් මම අප්පා එක්ක රණ්ඩු උන දවසක උනත් මෙහෙම වෙන්න තිබුනා නේද ?? හරිම සතුටින් ආඩම්බරයෙන් සංවත්සර උත්සවයේ කතා කරපු අප්පාට , මම කිව්ව වචන නිසා මේ තරම් රිදුනා ද?? ඒ වචන එයාගේ හිතට මේ තරම් වැදුනද?? මේ කිසිම දෙයක් මම බලාපොරොත්තු උන දේවල් නෙවෙයි . ඒත් අප්පාට පීඩනයක් දැනෙන්න හොඳ නෑ කියලා මම දැනගෙන හිටියා නම් මේ හැමදෙයක් ම වෙනස් වෙයිද ??
අප්පා මගෙන් සමාව ඉල්ලනකොට , ජීවිතේ කවදාවත් අප්පා මගෙන් ඒ තරම් අසරණ විදිහට සමාව ඉල්ලන්න තරම් වැරැද්දක් කරලා නෑ නේද කියලා මට හිතුනේ .
මෙච්චර කාලෙකට මගේ ජීවිතේ උන ගොඩක් දේවල් වලට වගකියන්න ඕන අප්පා කියලා මම හිතුවත්, අප්පා කවදාහරි මගේ සමාව ගන්න ඕන කියලා මම බලාපොරොත්තු උනා ද?? මට ඕන උනේ අප්පා සමාව ගන්න නෙවෙයි එයා අතින් උන වැරැද්ද තේරුම් අරන් මම එයාගෙන් බලාපොරොත්තු උන ආදරේ දෙන එක නේද ??? ඇයි මේ හැමදෙයක් ම මෙහෙම සිද්ධ වෙන්නේ ??
කල්පනා කරකර ඉන්න අතරේ මගේ අත කබා සාක්කුවට ගියේ ඉබේටම . සාක්කුවේ තිබුන කොල මිටිය අරගෙන මම හොඳ හුස්මක් ගත්තේ ඒක කියවන්න ගන්න කලින් .

Min Hee's POV
ඊයේ රෑ මම කොච්චර අකමැති උනත් ටේහ්‍යුන්ගා අන්තිමට මාව ගෙදර එන්න කැමති කරවාගත්තා. කොච්චර ශක්තිමත් කියලා පිටට පෙන්නුවත් එයා ඇත්තටම හොඳටම බය වෙලා හිටියේ , හරියට පොඩි ළමයෙක් වගේ . ඊටත් වඩා එයාගේ ඔම්මා බය වෙලා හිටියේ. ටේහ්‍යුන්ගාට එයාගේ දෙමව්පියෝ එක්ක ප්‍රශ්න තිබුනා උනත් එයා ඒ දෙන්නටම ආදරේ කළා. එයාට දැනෙන හැඟීම් තේරුම් ගන්න පුලුවන් නිසාම මට ඕන උනේ එයා එක්ක ඉදලා එයාට ශක්තියක් වෙන්න .
උදෙන්ම ටේහ්‍යුන්ගාට කෝල් කළත් එයා ගත්තේ නැති නිසා මම අන්තිමට තීරණය කලේ උදෙන්ම හොස්පිටල් එකට ගිහින් ඊට පස්සේ කිම් කෝපරේෂන් එකට යනවා කියලා , ටේහ්‍යුන්ගා එන්නේ නැති නිසා financial department එකේ මම අනිවාර්යයෙන්ම ඉන්න ඕන අද.

'We're not in love
We share no story
Just something in your eyes
Don't be afraid
The shadows know me
Let's leave the world behind .......'
ෆෝන් එක රිංග්ස් යනවා ඇහෙද්දී ටේහ්‍යුන්ගා කියලා හිතුන නිසා ඉබේටම මූණට හිනාවක් මතු උනා, ඒත් කෝල් කරන කෙනාගේ නම දකිද්දී මට පුදුම හිතුනා .

"යොබුසෙයෝ..."

"මින්හියා ... ඔයා අපාර්ට්මන්ට් එකේ ද ඉන්නේ ???"

"නේ ජීමින්.... . වෙයෝ???"

"ටේහ්‍යුන්ගා ඔයාට කතා කලාද???" ජීමින් ඇහුවේ කලබලයෙන් වගේ .

"නෑ.. ඔෆිස් එකට යන්න කලින් මම මේ එයාව හම්බවෙන්න හොස්පිටල් එකට යන්න හැදුවේ ." මම කිව්වේ මගේ හිතටත් බයක් මෝදු වෙද්දී .

"හරි ඔයා එහෙනම් හොස්පිටල් එකට එන්නකෝ... මම reception එකට කියලා තියන්නම් ඔයා ටේහූන් අජස්සී ඉන්න කාමරේට එන්න." ජීමින්  කෝල් එක කට් කළේ මම තවත් මොකුත් කියන්න කලින් . උදේට කන්න හිතාගෙන හැදුව සෑන්ඩ්විච් එක එහෙම්මම දාලා මම ඉක්මනට ලෑස්ති උනේ හිතේ දෙගිඩියාව තවත් වැඩි වෙද්දී . ටේහ්‍යුන්ගාට මොකක් හරි කරදරයක් ද?? ජීමින් එහෙම නොකිව්වත් එයාගේ කටහඬේ තිබුනෙත් බයක්. හොස්පිටල් එකට යන අතරේ ටේහ්‍යුන්ගාට කෝල් කරන්න හැදුවත් එයාගේ ෆෝන් එක දැන් වැඩ කරන්නෙත් නෑ .

ජීමින් කිව්ව විදිහට ම reception එකෙන් මට යන්න දුන්න නිසා මම ඇතුලට ගියා. හෙජන්නිම් හිටියේ VVIP රූම් එකක නිසා ඊට ඉස්සරහින් තිබුන waiting area එකේ පිට අය කවුරුත් හිටියේ නෑ . ඒත් මුලින්ම මගේ ඇස ගැටුනේ හෙජන්නිම් හිටිය කාමරේ ඉස්සරහා හිටිය ජීමින් , නම්ජූන් ශී දෙන්නා. ටේහ්‍යුන්ගා සමහරවිට ඇතුලේ ඇති එයාගේ ඔම්මා , හෙජන්නිම් දෙන්නාම එක්ක.

"ජීමින් ..." මම කියද්දි දෙන්නම මගේ පැත්තට හැරුනා  .

"ඕහ් මින්හී...."

"ටේහ්‍යුන්ගා කෝ?? ඇතුලේ ද??" මම ඇහුවේ ඇත්තටම ටේහ්‍යුන්ගා ඇතුලේ ඉන්න කියලා හිතින් ප්‍රාර්ථනා කරකර.

"ඔයා අන්තිමට ටේහ්‍යුන්ගාව දැක්කේ හොස්පිටල් එකේදී ද මින්හී ශී???" නම්ජූන් ශී අහද්දී මම ඔව් කියන්න ඔලුව වැනුවේ නොයිවසිල්ලෙන් .

"ඊට පස්සේ එයා 11.30ට විතර මැසේජ් එකක් දාලා තිබුනා හෙජන්නිම්ට සිහිය ආවා, එයා හොස්පිටල් එකේ ම ඉන්නවා කියලා . මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ ??? කෝ එයා???" කිසිම දෙයක් නොදැන උනත් මට ඇඩෙන්න ආවේ අනිවාර්යයෙන්ම මොකක් හරි ප්‍රශ්නයක් කියලා දැනුන නිසා .

"ටේහ්‍යුන්ගා රෑ 12ට විතර කාමරෙන් එලියට ඇවිත්, එයා ඔම්මාට කියලා තියෙන්නේ එලියේ කොරිඩෝවට වෙලා ඉදන් එන්නම් කියලා ..., ඒත් ...." ජීමිනා මගේ දිහා බැලුවේ අමාරුවෙන් මූණට හිනාවක් නඟාගන්න උත්සාහ කරමින් .

"ඒ....ඒත් කිව්වේ ජී...ජීමින් කියන්න මොකද්ද උනේ කියලා ...."

"ටේහ්‍යුන්ගා ආපහු සම්චූන් හිටිය කාමරේට ගිහින් නෑ . දැන් පැය අටක් තිස්සේ එයා ගිය දිහාවක් අපි දන්නේ නෑ . එයාගේ ෆෝන් එකත්..."

"ඒක ඕෆ් කරලා, වැඩ කරන්නේ නෑ ..." මම කියද්දි මගේ ඇඟ ම පණ නැතුව යනවා වගේ දැනුන නිසා  මම බිත්තියට අත තියාගත්තේ වැටෙන්නේ නැතුව ඉන්න .

"එයාගේ අපාර්ට්මන්ට් එකේ??" මම ඇහුවේ බලාපොරොත්තු සහගත ව.

"මම උදේ ටේහ්‍යුන්ගා ෆෝන් එක ගත්තේ නැති නිසා අපාර්ට්මන්ට් ගිහින් හොස්පිටල් එකට ආවේ, එයා අපාර්ට්මන්ට් එකේ නැහැ . " ජීමින් කියද්දි හිතේ ඇතිවුණ පුංචි බලාපොරොත්තුවත් ආපහු නැති උනා.

"ටේහ්‍යුන්ගා බැරිවෙලාවත් ආපහු US යන්න හිතුවොත් .. ." නම්ජූන් ශී කිව්වේ අවිශ්වාසයෙන් වගේ .

"අනී හ්‍යුන්ග් ඒක කොහොමටවත් වෙන්නේ නෑ . ටේහ්‍යුන්ගා ඊයේ කේන්තියෙන් එහෙම කියන්න ඇති . ඒත් අජස්සීගේ තත්ත්වය එක්ක එයා එහෙම කරන්නේ නෑ . අනික එයා මින්හීව දාලා ආපහු US යන්නේ නෑ කිසිම විදිහකින්. " ජීමින් කිව්වේ ගොඩක් විශ්වාසයෙන් . වෙන වෙලාවක නම් ඒකට මාව ලැජ්ජාවෙන් රතුවෙනවා, ඒත් දැන් හිතේ තිබුන බය තවත් වැඩි උනා. ටේහ්‍යුන්ගා අපාර්ට්මන්ට් එකෙත් නැත්නම් , හොස්පිටල් එකෙත් නැත්නම් , එයා ආපහු රට යන්න හදිසියේම තීරණය කරන්න විදිහක් නැත්නම් ඇත්තටම ටේහ්‍යුන්ගා කොහෙද ???

"ජීමින්... මම හිතන්නේ අපි තව ටිකක් බලලා cctv බලමු . මේ කොල්ලා ෆෝන් එකත් ඕෆ් කරගෙන , අඩුම තරමින් ටේහ්‍යුන්ගා හොස්පිටල් එකෙන් ගියේ කීයටද කියලාවත් අපිට හොයාගන්න පුලුවන් ."

"එයාගේ කාර් එක කාර්  පාර්ක් එකේ තියෙයි ද??? " මම ඇහුවේ ඊයේ ටේහ්‍යුන්ගා ආවේ එයාගේ කාර් එකේ කියලා මතක වෙලා .

නම්ජූන් ශී නෑ කියන්න ඔලුව වනන ගමන් ෆෝන් එක අතට ගත්තා .

"මම ජින් හ්‍යුන්ග්ට කියන්නම් තව පැයකින් දෙකකින් අපිට CCTV බලන්න ඕන කියලා " එයා එහෙම කියන ගමන් reception එකට ගියා.

"ජීමින්... ටේ...ටේහ්‍යුන්ගා ඊයේ හොඳටම කලබල වෙලා , බය වෙලා හිටියේ  . එයා හෙජන්නිම්ව දාලා මේ වෙලාවේ කොහේද යන්නේ ??" මම ඇහුවේ පුටුවකින් වාඩිවෙලා . ජීමින් මට එහා පැත්තෙන් වාඩි උනේ එයාගේ නළල අතගානගමන්.

"මමත් ඒක දන්නවා මින්හී.... මොන දේ කළත් මෙහෙම වෙලාවක තමන්ගේ දෙමව්පියෝ මඟෑරලා යන කෙනෙක් නෙවෙයි ටේහ්‍යුන්ගා .එයා කිම් කෝපරේෂන් එකට , ආර්ක් එකට ඒ කිසිම තැනකට ගිහින් නෑ . ඊළඟට එයා බැරිවෙලාවත් බොන්න හිතුනොත් යන්නේ අපි යන black knights bar එකට, එයා ඒකට ගිහිල්ලත් නෑ ඊයේ රෑ .  "  ජීමින් කිව්වේ සුසුමක් එක්ක.

"එයාගේ ඔම්මා මේ ගැන දන්නවාද??"

"ඔව් ඒත් අජස්සී උදේ ඇහැරපු වෙලාවේ අජුම්මා අජුම්මොනි කිව්වේ ටේහ්‍යුන්ගා ආර්ක් එකේ ප්‍රශ්නයක් වෙලා ආර්ක් එකට ගිහින් එන්න ගියා කියලා , අජුම්මොනි ඇතුලට වෙලා ඉන්නවා අජස්සී එක්ක , නැත්නම් අජස්සී ටේහ්‍යුන්ගාට ආපහු එන්න කියන්න කියයි. ඔයාට පුලුවන් නම් ඇතුලට ගිහින් අජුම්මොනි එක්ක ඉන්න . ඔෆිස් යන්න වෙන්නේ නැති එක නම්ජූන් හ්‍යුන්ග් බලා ගනියි. " ජීමින් කිව්වේ බැරෑරුම් විදිහට .

"ඔයාලා???"

"මමත් යනවා ජින් හ්‍යුන්ග් හම්බවෙන්න , බැරිවෙලාවත් ටේහ්‍යුන්ගා කෝල් කළොත් එයා ඉන්නේ කොහෙද , හොඳින් ද ඉන්නේ කියලා අහන්න , ඊට පස්සේ අපිට  කියන්න . වෙනදා ටේහ්‍යුන්ගා පිස්සු වැඩ කරද්දී මම එයාට බනිනවා ඒත් අපි ප්‍රාර්ථනා කරමු ටේහ්‍යුන්ගා මොකක්හරි පිස්සු වැඩක් නිසා අතුරුදහන් උනේ කියලා, එතකොට ඇත්තටම හිතේ බය ටිකක් හරි අඩු වෙනවා මින්හී . "

ජීමින් කිව්වට පස්සේ මම හෙමින් සැරේ කාමරේ දොර ඇරලා ඇතුලට ගියා. හෙජන්නිම්ට නින්ද ගිහින් හිටියා උනත් ඔමොනිම් අතින් සන් කලේ සද්ද කරන්න එපා කියලා . කිම් කෝපරේෂන් එකේ සාර්ථකත්වය පිටිපස්සෙන් හිටිය නොසැලෙන වීර්‍ය්යක් තියෙන කෙනෙක් විදිහට හැමෝම සලකන හෙජන්නිම් මේ විදිහට දකිද්දී හරිම වෙනස් හැඟීමක් දැනුනේ . ටේහ්‍යුන්ගාගේ මූණුවර, දේහ ලක්ෂණ තිබුනා උනත් වැඩිපුර ම පෙනුනේ හෙජන්නිම්ගේ සුදුමැලි මලානික පෙනුම . ඔමොනිම් හෙමින් සැරේ ඇඳ ළඟින් නැඟිටලා මගේ අතින් අල්ලාගෙන කාමරේ අනිත් මුල්ලේ තිබුන පුටු සැටියට එක්කරගෙන ගියා.

"ඔමොනිම්.."

"මම දන්නවා ටේහ්‍යුන්ගා වැදගත් හේතුවක් නැතුව මේ වෙලාවේ හොස්පිටල් එකෙන් යන්නේ නෑ කියලා .. ඒත් ...."

"එයා ඉක්මනට එයි ඔමොනිම් , අපි තව ටිකක් වෙලා බලමු ..."

"එයාගේ අප්පාට උන දේ ගැන ටේහ්‍යුන්ගා එයාටම දොස් පවරාගන්නවා ඇති දුව. ඊයේ රෑ එයා අන්තිමට මගෙන් ඇහුවේ 'අප්පාට මෙහෙම උනේ මම නිසා නේද  ??' කියලා , ඊට පස්සේ තමයි එයා ටිකක් වෙලා එලියට වෙලා ඉන්නම් කියලා ගියේ. මම දන්නේ නෑ දැන්  ටේහ්‍යුන්ගා මොනවද හිතන්නේ කියලා ." ඔමොනිම් කිව්වේ බිඳුන හඬකින් .

"එ...එයා ඔයාලා දෙන්නටම ආදරෙයි ඔමොනිම් . එයාට පොඩි කාලේ ඉදන් ඕන උනේ ආදරේ විතරයි . මට තාමත් මතකයි දවසක් එයාගේ අප්පා එක්ක රණ්ඩු වෙලා හෙජන්නිම් එයාගේ කම්මුලට ගහලා තිබුනා . ඒත් මම ඒ ගැන අහපු වෙලාවේ එයාගේ හිතේ තිබුනේ කේන්තියක් නෙවෙයි , දුකක්.. ඒ එයාගේ අප්පා එයාට ආදරේ කරන්නේ නෑ කියලා . ටේහ්‍යුන්ගා ගොඩක් අහිංසකයි , ඒත් ඒ අහිංසක හිත රිදුනොත් එයා ඒක පිටට පේන්න දෙන්නේ නෑ .බොරු නපුරුකමකින් හංඟාගන්නවා. ඒත් තාමත් එයාගේ ඒ අහිංසක හිත හැංඟිලා තියෙනවා, ඉස්සර වගේ ම ඒ අහිංසක හිත එයාගේ ඔම්මාගෙන් අප්පාගෙන් ආදරේ බලාපොරොත්තු වෙනවා." මම ගොඩක් දේවල් කිව්වා කියලා මටවත් දැනුනේ නෑ . ඔමොනිම් මගේ දිහා බලාගෙන හිටියේ ඇස්වල කඳුළු පුරවාගෙන

"ඔ..ඔමොනිම් ..." මම කියද්දි ඔමොනිම් මගේ කම්මුලකින් අත තියද්දී ඒ අතේ උණුසුම මගේ හදවතට ම දැනුනා .

"දුව මට ඇත්තටම කියාගන්න බැරි තරම් සතුටුයි , ඔයා ...ඔයා ටේහ්‍යුන්ගාව සම්පූර්ණයෙන්ම තේරුම් අරන් . එයාගේ අප්පාට මට තේරුම් ගන්න බැරි උන අපේ ම දරුවාව ඔයා තේරුම් අරන් ඉන්නේ . අපිටත් ටේහ්‍යුන්ගාගේ ඒ අහිංසක හිතට මෙච්චර කාලෙකට දැනුන වේදනාව තේරුම් ගන්න පුලුවන් උනා නම්, එයාගේ ලස්සන හිනාව මූණෙන් මැකිලා යන තරම් එයා දුක් වෙද්දී අපි අන්ධයෝ වගේ ඉන්නේ නැතුව හරියට ඇහැක් ඇරලා අපේ දරුවා දිහා බැලුවා නම් මේ හැමදේම ගොඩක් වෙනස් වෙන්න තිබුනා . අපි දැන් අපේ වැරැද්ද තේරුම් ගත්තත් , ඒ වැරදි ආපහු හදාගෙන ජීවිතේ අලුතෙන් පටන් ගන්න බැරි තරමට ටේහ්‍යුන්ගා අපේ වැරදි නිසා විඳවලා තියෙන්නේ . මම දන්නේ නෑ තවදුරටත්  ටේහ්‍යුන්ගාට අවංකව ම
එයාගේ ඔම්මාට අප්පාට එයාගේ ජීවිතේට ඇතුල් වෙන්න දෙන්න පුලුවන් වෙයිද කියලාවත් " ඔම්මාගේ කටහඩේ තිබුනේ සම්පූර්ණයෙන්ම පසුතැවීමක් , දුකක් .

මම හෙමින් සැරේ ඔම්මාව මට තුරුල් කරගත්තේ එයා තවදුරටත් අඩනවා මට බලාගෙන ඉන්න බැරි නිසා.
.
.
.
උදේ 10ට කිට්ටු උනත් ටේහ්‍යුන්ගා ගැන කිසිම ආරංචියක් නෑ , මම සැරින් සැරේ ෆෝන් එක දිහා බැලුවේ එයාගෙන් කෝල් එකක්, මැසේජ් එකක් එයි කියන බලාපොරොත්තුවෙන් උනත් ඒ කිසිම දෙයක් නැතුව කාලය ගෙවිලා ගියා. ටේහ්‍යුන්ගා ගැන හිතේ බයක් තිබුනත් ඔමොනිම් හිටියේ හිතින් හොඳටම වැටිලා , ඉතින් ටේහ්‍යුන්ගා ගැන කතා කරලා ඔමොනිම් තවත් කලබල වෙනවා, දුක් වෙනවා මට බලාගෙන ඉන්න බැරි නිසා මම ටේහ්‍යුන්ගා ගැන නොකියා ඔම්මාව සනසවන්න උත්සාහ කළා.

ටික වෙලාවකට පස්සේ යන්තමට දොරට තට්ටු කරන සද්දෙත් එක්ක බාගෙට ඇරුන දොරෙන් ඇතුලට ඔලුව දැම්මේ ජීමින් . හෙජන්නිම් නිදි කියලා දැක්ක නිසා එයා අපි දෙන්නාටම අතින්  එලියට එන්න කියලා සන් කලා. කාමරේ දොර ළඟ එලියෙන් ජීමින්, නම්ජූන් ශී , සොක්ජින් සොන්සෙන්නිම් තුන්දෙනාම හිටියා. ඒත් එයාලාගේ මූණුවල තිබුනේ අමුතුම පෙනුමක් . මගේ හදවත තවත් වේගයෙන් ගැහෙන්න ගත්තා.

"ටේ..ටේහ්‍යුන්ගා ....." ඔම්මාටයි මටයි දෙන්නාටම කියවුනා .

"අපි හිතන්නේ ටේහ්‍යුන්ගා ඉන්නේ කොහෙද කියලා අපි හොයාගත්තා. " ජීමිනා කිව්වා .

"කො...කොහෙද ????" ඔම්මා ඇහුවේ ජීමිනාට හුස්ම ගන්නවත් ඉඩක් තියන්නේ නැතුව .

"කුමෝ කිම් හ්‍යුන් ජා කියන්නේ ටේහ්‍යුන්ගාගේ හැල්මොනි නේද ??" සොක්ජින් සොන්සෙන්නිම් ඇහුවේ අවිශ්වාසයෙන් වගේ .
ඔමොනිම් සොක්ජින් සොන්සෙන්නිම් දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන පුදුම වෙලා . ඒත් ඔමොනිම්ගේ ප්‍රතිචාරය අනූව ඒ ටේහ්‍යුන්ගාගේ හැල්මොනි තමයි කියලා හිතාගන්න පුලුවන් උනා.

"ඒ කියන්නේ ටේහ්‍යුන්ගා ඉන්නේ ඩේගුවල. එයාගේ හැල්මොනිගේ සොහොන තියෙන එයාලාගේ ගොවිපොළේ වෙන්න ඕන ." ජීමිනා කිව්වේ ඇහෙන නෑහෙන හඬකින් .

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : සමාවෙන්න ළමයි මේ කොටස දෙන්න මෙච්චර කල් ගත්තාට. විභාග එක්ක ff සම්පූර්ණයෙන්ම අතාරින්න උනා. අද කොටස ගැන මොකද හිතන්නේ ඔයාලා ?? ටේහ්‍යුන්ගා හදිස්සියේ  ඩේගු යන්න හේතුව ඔයාලා හිතන විදිහට මොකද්ද ??? පුලුවන් නම් අනුමාන කරන්න 🙂 ඊලග කොටස ඉක්මනට දෙන්න බලන්නම් , පොරොන්දු නම් නෑ ඉතින් 😁😁😁

Edited and republished on 16/04/2023

Bạn đang đọc truyện trên: AzTruyen.Top