Chapter 30
❤️Got Someone else ❤️
Min Hee's POV
කැෆේ එකට ගිහින් ටික වෙලාවක් යනකල් අපි අතර තිබුනේ නිහඬතාවයක් . ජීමින් ශීට මාත් එක්ක කතා කරන්න ඕන නිසා ආවා උනත් එයා තාමත් මේසය උඩ තිබුන බීම වීදුරුව දිහා බලාගෙන හිටියේ කතාකරන්න දේවල් ගොණු කරගන්න වගේ .
"ජීමින් ශී... මොනාද මාත් එක්ක කතා කරන්න තියෙනවා කිව්වේ ??" අන්තිමට මම ඇහුවේ තවත් ටික වෙලාවකට පස්සේ .
"මම ටේහ්‍යුන්ග්ගේ යාලුවා නිසා ද ඔයාලා අතර ප්‍රශ්නයක් උනාම මටත් formal විදිහට කතා කරන්නේ ගත්තේ???" ජීමින් ශී ඇහුවේ හිනාවකුත් එක්ක .
"නේ????"
"ඔය තරම් formal විදිහට කතා කරන්න ඕන නෑ මින්හී . ටේ කියන්නේ මගේ හොඳම යාලුවා ඉතින් එයාගේ ගෑණු ළමයත් මගේ හොඳම යාලුවෙක් වගේ ." ඊට පස්සේ ආපහු ටික වෙලාවක් යනකල් අපි අතර ආපහු ඇතිවුණේ නිහඬතාවයක් .
"ටේ එකපාරටම ඔයාට ඔයාලාගේ පරණ ෆොටෝස් පෙන්නුවම ගොඩක් කලබල වෙන්නැති නේද ???"
"ඔ...ඔයාලා මගේ ගැන දැනගෙන හිටියද????" මම ඇහුවේ එකපාරටම පුදුම වෙලා .
"ඔව්. අවුරුදු හතකට කලිනුත් ඔයාලා දෙන්නා ඉස්සෙල්ලාම මුණගැහුණු විදිහ මම දැනගෙන හිටියා, දැනුත් ටේ ඔයාව ආපහු හම්බවුන ගමන් මට කිව්වා ."
"කිම් කෝපරේෂන් එකේදී හම්බවුන ජේහ්‍යුන්ග් මගේ ගැන හොයලා බැලුවා , මට ළංවෙන්න ගොඩක් උත්සාහ කළා. ඒත් එකපාරටම ඒ මීට අවුරුදු ගානකට කලින් මම ආදරය කරපු කෙනා කියලා දැනගන්න එක, මට ඒ කිසිම දෙයක් මතක නෑ කියලා තේරුම් යනකොට .... කලබල වෙන එක සාධාරණයි නේද ජීමින් ???"
"දන්නවද මින්හී... ටේ කියන්නේ තමන්ගේ හැඟීම් සම්පූර්ණයෙන්ම හංඟාගෙන ලෝකෙටම මූණ දෙන්න පුලුවන් කෙනෙක් .ඒත් ඒ වගේ ම වෙලාවකට ඒ හැඟීම් තමන්ගේ හිත යට තියාගෙන විදවන කෙනෙක් "
"ඒත් එයා කිසිම කෙනෙක්ට ඒක දැනෙන්න දෙන්නේ නෑ " මට ඉබේටම එහෙම කියවුනා , ජීමින් මගේ දිහා බලලා යන්තමින් හිනා වුණත් එයාගේ ඇස්වල තිබුනේ වේදනාවක් .
"ටේ ඔයාව ආපහු සැරයක් මුණගැහුනට පස්සේ ඔයාට හැමදේම මතක් වෙනකල් ඉන්න ගොඩක් උත්සාහ කළා. ඔයාට හැමදේම මතක් උනාට පස්සේ ඔයාලා දෙන්නාට ආපහු ළංවෙන්න පුලුවන් වෙයි කියලා එයා හිතුවෙ . ඒත් ... ඒත් කොහොම හරි ඒ තීරණේ වෙනස් උනා."
"මම දන්නවා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන කෙනා ඔයා නෙවෙයි කියලා ජීමින් .. ඒත් .. ඒත් ටේහ්‍යුන්ග් මේ හැමදේම මට මුලින්ම කිව්වා නම් මම එයාව මෙච්චර කල් ඈත් කරන්න උත්සාහ කරන්නේ නෑ .. මට හිතෙන්නේ මම එයාට ලොකු වැරැද්දක් කළා කියලා . ඒත් මට තාමත් ඒ කිසිම දෙයක් මතක නැති නිසා මට හිතෙන්නේ මම එයාට කරන්නේ අසාධාරණයක් කියලා ."
"ටේ එයාගේ පොඩි කාලේ වැඩිපුර ම ආදරේ කළේ එයාගේ හැල්මොනිට. ඒත් හැල්මොනි නැති උනාට පස්සේ එයාව සෝල්වලට එක්කරගෙන ආවා. එයාගේ ඔම්මා අප්පා දෙන්නම කිම් කෝපරේෂන් එක වෙනුවෙන් කාලය වැය කරද්දී ටේ ඉබේටම එයාලගෙන් ඈත් උනා. එයා ජේහ්‍යුන්ග් විදිහට ගොඩක් ශක්තිමත් , සාර්ථක ව්‍යාපාරිකයෙක් කියලා ගොඩක් අය දන්නේ , හැඟීම් දැනීම් පිටතට පෙන්නන්නේ නැති කෙනෙක් . ... ඒත් ඒ ඇතුලේ ඉන්න ටේහ්‍යුන්ග් කියන්නේ ජීවිතේ කවදාවත් ආදරේ කියන දේ විඳින්න ලැබුන කෙනෙක් නෙවෙයි . යාලුවෙක් විදිහට හැමවෙලාවෙම ටේ එක්ක හිටියත් එයාගේ තනිකම මකන්න මට බැරි උනා . අන්තිමට අකමැත්තෙන් උනත් මට ඇමෙරිකා යන්න උනා. ඒ ගිහින් ටික දවසකින් තමයි ඔයා එයාගේ ජීවිතේට බලාපොරොත්තු අරගෙන ආවේ, ටේහ්‍යුන්ග් ආපහු හිනාවෙන්න පුරුදු උනා.... ඒත් ඒ හැමදේම සම්පූර්ණයෙන්ම වෙනස් උනා ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ."
මම මෙච්චර වෙලා ජීමින් කිව්ව හැම වචනයක් ම අහගෙන හිටියේ නිහඬවම උනත් ඒ ඇහෙන වචනයක් පාසා මගේ හිත ඇතුලේ එකඑක හැඟීම් ඇතිවෙලා නැති වෙලා යනවා වගේ දැනුනේ . ජීමින් සමහර දේවල් කියද්දි මට මතක් උනේ ටේහ්‍යුන්ග් ගැන මගේ දිනපොතේ ලියලා තිබුන දේවල් .
"මින්හී ඔයාට මම කියන දේ ඇහෙනවා නේද ??" මම කල්පනා කරන අතරේ ජීමින් මගේ ඇහුවේ මේසෙට තට්ටු කරලා .
"මට... මට මොකද්ද කියන්න ඕන කියලා හිතාගන්න බෑ ජීමින් ... ඒත් .. ඒත් අඩුම තරමින් ඔයා වගේ යාලුවෙක් එයාට ඉන්න එක ගැන මට සතුටුයි ... එයා සම්පූර්ණයෙන්ම තනිවුන කෙනෙක් වෙන එක නතර උනේ ඔයා නිසයි."
"මින්හී මම මේ දේවල් කිව්වේ ඔයාලගෙ සම්බන්ධෙට මැදිහත් වෙන්නවත් , ඔයා ටේහ්‍යුන්ග්ට අනුකම්පා කරන්න ඕන කියලාවත් නෙවෙයි . ඒත් ..."
"අනී මම එහෙම හිතන්නේ නෑ . ඇත්තටම මට මේ දේවල් කිව්ව එකට ගුමාවොයො ..... මට එයාව තේරුම් ගන්න උදව්වක් වෙයි මේ දේවල් "
"ආහ් නාදෝ මොල්ලා ..( i too dunno ) it's just .... මට කියන්න ඕන ටේ සමහර වෙලාවට එයාගේ හැඟීම් ප්‍රකාශ කරන්න ඕන විදිහ දන්නේ නෑ , ඒ නිසා ම වෙලාවකට එයා නිකන් හේතුවක් නැතුව කලබල වෙනවා , කේන්ති ගන්නවා කියලා හිතෙන්න පුලුවන් . ඒත් ඒ එයාගේ හැටි, ඔයාට ඒක තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා මින්හී. ටේ කියන්නේ කවදාවත් එයාට ඕන ආදරේ නොලබපු, ගොඩක් තනිවෙන්න උත්සාහ කරපු කෙනෙක් , ගොඩක් හිත් රිඳීම්වලට මුහුණ දුන්න කෙනෙක් . ඉතින් ඔයාලා දෙන්නට ඔයාලා දෙන්නා අතරේ සතුට හොයාගන්න පුලුවන්. හැමෝටම අපේ ජීවිතවලට ඒ විදිහට සතුටක්, අලුත් අරමුණක් ඇති කරන්න බෑ . ඒ නිසා ඊයේ උනා වගේ පොඩි පොඩි හිත් රිඳීම් වගේ දේවල් නිසා ඒ සතුට නැති කරගන්න එපා . "
"ඊයේ උනා වගේ හිත් රිඳීම් ???" ජීමින් කොහොමද ඒ ගැන දන්නේ ?? මම එයා දිහා බැලුවේ පුදුම වෙලා වගේ .
"ඔයාලා අතරේ ඇති වුණ ප්‍රශ්නේ මොකද්ද කියලා මම දන්නේ නෑ . ඒත් ඊයේ ඒ මෝඩයා හැසිරුණ විදිහත් එක්ක මම දැනගත්තා මොකක් හරි වෙන්න ඇති කියලා . " ජීමින් කිව්වේ මගේ හිත කියෙව්වා වගේ .
ඇත්තටම ටේහ්‍යුන්ග් ගොඩක් වාසනාවන්තයි ජීමින් වගේ කෙනෙක්ව එයාගේ ජීවිතේට ලබන්න . හොඳම යාලුවෙක් විදිහට එයා ටේහ්‍යුන්ග්ව සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න පුලුවන් , හරියට ජන්ග්කුකා මාව තේරුම් ගන්නවා වගේ .
"වෝහ් ජීමින් ඔයා ඒ කතා කළේ ටේහ්‍යුන්ග්ගේ යාලුවෙක් විදිහට ද?? නැත්නම් අප්පා විදිහට ද???" මම හිනාවෙලා එහෙම අහද්දී ජීමින්ගේ ඇස් දෙක උඩ ගියා.
"ම්වෝ??? "
"අනී ඔයා ඇත්තටම කතා කලේ පොඩි කාලේ ඉඳන් එයාව බලාගත්ත එයාට වඩා ගොඩක් දැනුම් තේරුම් තියෙන කෙනෙක් වගේ ."
"ඒත් ඇත්තටම සමහර දේවල් වලදි ටේහ්‍යුන්ගා නෙවෙයි මමයි පොඩි ළමයෙක් වගේ හැසිරෙන්නේ . ඒත් පොඩි කාලේ ඉදන් ම ටේහ්‍යුන්ගා ගොඩක් වේදනා විදිනවා මගේ ඇස් දෙකෙන්ම මම දැකලා තියෙනවා මින්හී . එයාගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ සති දෙක ටේහ්‍යුන්ග් ජීවත් උනේ හරියට ජීවිතේ හැමදෙයක් ම සම්පූර්ණයෙන්ම නැති උන කෙනෙක් වගේ , එයා හිතින් කඩාවැටුණා සම්පූර්ණයෙන්ම , ඒත් කිසිම දෙයක් නොකර ටේ දුක්විඳිනවා බලාගෙන ඉන්න විතරයි අපිට පුලුවන් උනේ." ජීමින් එහෙම කියද්දි එයාගේ ඇස්වල කඳුළු පිරුණා වගේ මම දැක්කේ . ඇක්සිඩන්ට් එක.... ඒ මොකද්ද ?.??
"ජීමින්... මොකද්ද 'එයාගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ' කිව්වේ ??. මොකද්ද සිද්ධ උනේ ???" මම ඇහුවේ මොකුත්ම හිතාගන්න බැරුව . ජීමින් ලොකු සුසුමක් හෙළලා මගේ දිහා බැලුවා .
"ඔයා ඇක්සිඩන්ට් උනාට පස්සේ ආපහු ටේහ්‍යුන්ග්ට ඔයාව හොයාගන්න අවුරුදු හතක් ගියේ ඇයි දන්නවද මින්හී ????"
.
.
.
.
"මින්හී.. ඔයා හොඳින් නේද ??? මම කිව්ව දේවල් ..."
"අනියා නා ක්වෙන්චනායෝ ජීමින් ..(no i'm fine ). චොම්මල් ක්වෙන්චනායෝ (totally fine ) " වචනයෙන් මම හොඳින් කියලා කියාගන්න පුලුවන් උනත් මගේ ඇස්වල කඳුළු තාමත් කම්මුල් දිගේ පහළට ගලනවා. ඇයි ...ඇයි ඉරණම මේ තරම් කුරිරු???
"යොබුසෙයෝ..... " එකපාරටම ජීමින්ට කෝල් එකක් ආව නිසා තිබුන නිහඬතාවය නැති උනා.
"අනී ජින්‍යොන්ග් ශී... දැන් ජේහ්‍යුන්ග්ට කරදර කරන්න ඕන නෑ ... මම ඕන documents අරගෙන ඉක්මනට එන්නම් . "
ජීමින් කෝල් එක ඉවර කරලා මගේ දිහා බැලුවේ සමාව අයදින විදිහේ බැල්මකින් .
"මියානේයෝ. මට ආර්ක් ගේම්ස් එකට යන්න වෙනවා ටේ වෙනුවට . මින්හී කිම් කෝපරේෂන් එකටද යන්නේ ??? මට පුලුවන් ඔයාවත් එක්කරගෙන ම යන්න "
"අනී .... මම දැන් ආපහු අපාර්ට්මන්ට් එකට යන්නේ ... ඔයා යන්න ජීමින් . ඒ වගේ ම ගුමාවොයො මට මේ දේවල් කිව්ව එකට." මම කිව්වේ අමාරුවෙන් උනත් හිනාවෙන්න උත්සාහ කරන අතරේ.
"චොම්මල් මියානේයෝ . මෙහෙම යන්න උන එකට... එහෙනම් මින්හී ශූශිමි චිබේ කයෝ (go home safely ). ඒ වගේම අර මෝඩයත් එක්ක ගොඩක් කල් තරහා වෙලා ඉන්න එපා .. "
ජීමින් ගිහින් ටික වෙලාවක් ගියත් මම කැෆේ එකේ වාඩිවෙලා හිටිය තැනටම වෙලා හිටියේ මගේ හිත සන්සුන් කරගන්න . ඒත් එකපාරටම ෆෝන් එක රින්ග්ස් යන්න ගත්ත නිසා මම ෆෝන් එක අතට අරගෙන බැලුවා .
"නූනා...." එකපාරටම එහාපැත්තෙන් ඇහුනේ ජන්ග්කුකාගේ කටහඬ. වෙන දවසක දී ජන්ග්කුකාගේ උද්‍යෝගයෙන් පිරුන කටහඬ ඇහෙද්දී මට ඉබේටම හිනා යනවා, ඒත් අද මට කිසිම වෙනසක් දැනුනේ නෑ .
"ඕහ්... ජන්ග්කුකා .."
"නූනා නෝ ක්වෙන්චනායෝ ???(are you fine ) ඔදිස්සොයෝ ( where are you )?? චිබේ අනිජි ?? ක්ජී??? (Not at home ? Right ?)" ටික වෙලාවක නිහඬතාවයකින් පස්සේ ජන්ග්කුකා ඇහුවේ කලබලයෙන් වගේ .
"අනී නා ක්වෙන්චනා . වන්ජොන් ක්වෙන්චන්නා.(no i'm fine ) "
"ක්(අ)රේ?? ක්(අ)රොම් වේ මොක්සුරි තල්ලායෝ??? නූනා ස්ල්පුනියේයෝ??? (Really ?Then why your voice is different ? Are you sad?)"
"අනී අනී නා බොල්චොන්හෙස්සොයෝ ( no no i'm totally fine ) . මම ටිකක් ඇවිදින්න ආවා... සමහරවිට අව්ව සැර නිසා වෙන්නැති ..." මම කිව්වේ
"කොජිමර් අනිජි ??? ක්(අ)රේ ක්(අ)රොම්. මම තියනවා නූනා . ශූශිමි චිබේ කා (it's not a lie? Right ? Go home safely )"
"අරස්සොයෝ (ok) ජන්ග්කුකී"
උදේ හිතුවෙ ටේහ්‍යුන්ග්ව හම්බවෙලා වෙලා තිබුනොත් ඔෆිස් එකට යනවා කියලා උනත් කැෆේ එකෙන් එලියට ආවට පස්සේ මම හැරුනේ විරුද්ධ පැත්තට. යම්තමින් වගේ දැනුනේ ඔලුවේ කැක්කුමට එක්ක මට ඕන උනේ ඉක්මනට අපාර්ට්මන්ට් එකට යන්න. පාර මාරුවෙන්න බලාගෙන ඉන්න අතරේ මගේ ඇස් නතර උනේ මාර්ග සංඥා පුවරුවේ දැල්විලා තිබුන කොළ පාට එළියට. මේ එක එලියක් නිසා කොහොමද හැමදේම සම්පූර්ණයෙන්ම විනාශ උනේ???
°°°°°°°°Flashback°°°°°°°°°°
"ඔයා ඇක්සිඩන්ට් උනාට පස්සේ ආපහු ටේහ්‍යුන්ග්ට ඔයාව හොයාගන්න අවුරුදු හතක් ගියේ ඇයි දන්නවද මින්හී ???? මොකද ටේහ්‍යුන්ග් හිතුවෙ නෑ එයාගේ ඇස් ඉදිරිපිට ම වාහනේක වැදිලා එයා එක්කම හොස්පිටල් ඇඩ්මිට් කරපු ඒත් ජීවිතේ බේරගන්න බැරි උන එයාගේ මින්හීව එයාට ආපහු දකින්න ලැබෙයි කියලා ."
"ම්...ම්වෝ?? එයත් එක්කම හොස්පිටල් ඇඩ්මිට් කරපු ?? බේරගන්න බැරි උනු???? ජී.... ජීමින් ඔයා මොකද්ද කියන්නේ ??? මම තව දැනගන්න ඕන දේවල් තියෙනවද???"
"ටේහ්‍යුන්ග් ඔයාට මේ දේවල් කියන්න නෑ , ඒත් දැන් මට ඔයාට නොකියා ඉන්නත් බෑ ... අවුරුදු හතකට කලින් එදා ඇක්සිඩන්ට් උනේ ඔයා විතරක් නෙවෙයි මින්හී ...."
"අ...අන්ද්වේ (no way)... ජි..ජීමින් ඔයා මේ බොරුවක් නේද කියන්නේ ?? විහිලුවක් නේද ඔයා මේ කරන්නේ ????" අන්ද්වේ ... චොල්තේ අන්ද්වේ .. මම හිතින් දසදහස් වාරයක් ප්‍රාර්ථනා කළේ ජීමින් මේ කියන්නේ බොරුවක් වෙන්න කියලා .. ටේ.. ටේහ්‍යුන්ගාට මොකුත් වෙන්න බෑ නේද ?? එහෙම නේද ???? ඒත් ජීමින්ගේ මූණේ තිබුන බැරෑරුම් පෙනුම දකිද්දී හිතට දැනුන වේදනාවත් එක්ක මගේ ඇස්වල පිරුන කඳුළු බිංදු කම්මුල් දිගේ පහළට රූරා වැටෙන්න ගත්තා.
". එදා හොඳටම හිම වැටිලා තිබුන දවසක් මින්හී....ඔයා ලොරියක වැදිලා විසිවෙනවා ටේහ්‍යුන්ගා ඇස් දෙකටම දැක්කට පස්සේ එයාට තවදුරටත් බලාගෙන ඉන්න පුලුවන්කමක් තිබුනේ නෑ . ටේ හැදුවේ වාහන අතරෙම ඔයාගේ ළඟට එන්න ... ඒත් හිම වැටිලා තිබුන නිසා එකපාරටම බ්‍රේක් ගහලා වාහන නවත්වාගන්න පුලුවන් කමක් තිබුනේ නෑ , එකපාරටම පාර මැද්දට පැනපු ටේහ්‍යුන්ග්ව ආපු වාහනයක හැප්පුනා. "
ජීමින් එහෙම කියද්දිම මම අත් දෙකෙන්ම මූණ වහගත්තා, මගේ මුළු ඇඟම හිරිවැටුනා වගේ මට දැනුනේ . ටික වෙලාවකට පස්සේ අත් දෙක පහළ දාලා මම ආපහු ජීමින් දිහා බැලුවේ ඉතුරු ටිකත් කියන්න කියලා සන් කරන්න වගේ .
"ඔයාලා දෙන්නවම ඇඩ්මිට් කළේ ටේහ්‍යුන්ග්ලාගේ පවුලේ කිම් හොස්පිටල් එකට. ටේගේ කකුලක් කැඩිලා ඔලුවටත් තුවාල වෙලා තිබුනා , ඒත් වාසනාවකට වගේ ඔලුවේ අභ්‍යන්තර තුවාල , රුධිර වහන මොකුත් තිබුනේ නෑ . ඒත් ටේව එකදිගට ඔපරේෂන් වලට අරගෙන ICU එකෙත් දවස් තුනක් විතර හිටියට පස්සේ තමයි එයාට සිහිය ආවේ. ටේ ඇක්සිඩන්ට් උනා කිව්ව ගමන් දවස් දෙකකින් මම ආපහු කොරියාවට ආවේ .
ටේට සිහිය ආවත් එයාගේ තුවාල , fractures ඔක්කොම නිසා තවත් සතියක් විතර එයාට වේදනාව නොදැනෙන්න sedatives දීලා නින්දේමයි හිටියේ. ඇක්සිඩන්ට් වෙලා සති දෙකකට වගේ පස්සේ තමයි ටේ පියවි සිහියට ආවේ. ඒත් ඊට පස්සේ එයාට ඔයා ගැන දැනගන්න ඕන උනා..... ඒත් .. ඒත් ..."
"ඒත් ????? මොකද්ද ජීමින් ???"
"ඔයාලා එකම හොස්පිටල් එකට ඇඩ්මිට් කළත් ටේ හිටියේ VVIP රූම් එකක. ඉතින් එයා කිව්වට පස්සේ තමයි ඔයා ගැන හොයලා බලන්න ගත්තේ . ඇක්සිඩන්ට් එක වෙලා සති දෙකක් යද්දී ඔයා හොස්පිටල් එකෙන් discharge වෙලා ගිහින් . ඒත් ඔයාව හොස්පිටල් එකෙන් එක්කරගෙන යද්දී ඒ ගැන ලිව්ව වාර්තාවල වැරැද්දක් නිසා ඔයාගේ නම ඇතුල් වෙලා තිබුනේ රෝහලේ දී මියගිය රෝගියෙක් විදිහට . ඇක්සිඩන්ට් එක, ඔයාගේ තිබුන heart disease එකත් එක්ක ඇතිවුණ සංකූලතා නිසා හදිසි හෘද අක්‍රීයවීමකින් උන මරණයක් කියලා ඒක වාර්තා කරලා තිබුනේ . "
"ඒ ඒ කියන්නේ එයා මෙච්චර කල් හිතාගෙන හිටියේ මම මැරුණා කියලාද????"
"ඔව්.. අපි ඒ ගැන ටේහ්‍යුන්ග්ට කිව්වේ ටික දවසකින් .. ඒත් . එයාව පාලනය කරන්න කාටවත් බැරි උනා. ටේ හැසිරුණේ හරියට සිහි විකල් උන කෙනෙක් වගේ . අන්තිමට ඒ හැමදේම නිසා එයාට මෙහේ ජීවිතේම කළකිරුණා. ඇක්සිඩන්ට් එකෙන් මාසෙකට පස්සේ ටේ ඇමෙරිකා ගියේ මෙහේ හැමෝම අතෑරලා . "
"ම....මම නිසා ....."
"අනී මින්හී කිසිම දෙයක් ඔයාගේ වැරැද්දක් නෙවෙයි . ටේ එයාගේ පවුලේ අයව අතෑරියේ ගොඩක් කාලෙකට කලින් . එයාට හිනාවෙන්න , ජීවත් වෙන්න අරමුණක් දුන්නේ ඔයා. ඉතින් ඒ අරමුණ එයාගේ ජීවිතෙත් නැති වෙලා ගිය නිසා ටේහ්‍යුන්ගා හැමදේම සම්පූර්ණයෙන්ම අතෑරලා දැම්මේ , ඒත් කොහොම හරි වෙන්න තිබුන දෙයක් ...
ටේ ආපහු කොරියාවට ආවේ අවුරුදු 2කට කලින් , ඒකත් කවුරුත් නොදැන . අන්තිමට එයා කිම් කෝපරේෂන් එකට ආවට පස්සේ තමයි ඔයාව දැක්කේ . ඊට පස්සේ ටේ ඒ ගැන දිගටම හොයලා අන්තිමට උනේ මොකද්ද කියලා දැනගත්තා"
°°°°°°°°End of flashback °°°°°°°°°°
බීප්..බීප්..බීප්..
සංඥා එලි මාරුවෙද්දී ඇහෙන සද්දෙත් එක්ක මම ආපහු පියවි සිහියට ආවා. වාහනවලට රතු එලිය වැටෙද්දී මම අනිත් අයත් එක්කම පාර මාරුවෙන්න සුදු ඉරට අඩිය තිබ්බා .
'හරී... ඒත් ටේ කෝ ඔයාගේ අනිත් කබාය???? ඔයාට සීතල නැද්ද ???' එකපාරටම ඇහුන මගේ කටහඬ නිසා මාව එකපාරටම පාර මැද්දේ නතර උනා.
"ම්.. ඒක කාර් එකේ ඇත්තේ, මට සීතල නෑ ... අපි යමු... " ඒත් එක්කම ඇහුන ටේහ්‍යුන්ග්ගේ කටහඬත් එක්ක මට පෙනුනේ පාරෙන් එහාපැත්තේ හිටිය අපි දෙන්නාව.
' යාහ්... ගිහින් කබාය දාගෙන එන්න . පබෝ..'
මට පෙනුනේ මම ටේහ්‍යුන්ග්ව කබාය ගේන්න යන්න තල්ලු කරනවා වගේ .
'මින්හියා' ටේහ්‍යුන්ග් එහෙම කිව්වත් මම මොකුත් කිව්වේ නෑ .
'අරස්සෝ අරස්සෝ මම ගිහින් අරගෙන එන්නම් ' අන්තිමට ටේහ්‍යුන්ග් එහෙම කියලා පාර මාරුවෙන්න පාරට අඩිය තිබ්බා.
"අ...අන්ද්වේ... ටේහ්‍යුන්ගා .. ටේහ්‍යුන්ගා හජිමා .. හජිමා ... ආපහු යන්න ... එ...එන්න එපා .... ටේහ්‍යුන්ගා හජිමා ." ටේහ්‍යුන්ගා පාර මාරුවෙන එක නවත්තන්න මම කෑගැහුවත් එයා දිගටම පාරේ එහාපැත්තේ ඉදන් මගේ පැත්තට ආවේ මාව ඇහෙන්නේ නෑ වගේ .
"අන්ද්වේ ටේහ්‍යුන්ගා " එකපාරටම දැනුන ඔලුව පුපුරු ගහන වේදනාවත් එක්ක මම අත් දෙකින්ම ඔලුව බදාගත්තා . ඒ එක්කම වාහනේක හෝන් සද්දෙත් එක්ක බ්‍රේක් සද්දයක් ඇහුනේ මගේ කන ළඟින් වගේ .
"අ...න්ද්...වේ ටේහ්‍යු...න්..ගා .... ආ....ප...හු ය...න්..න " ඒත් එක්කම මගේ ඇඟට දැනුන සැහැල්ලුවත් එක්ක හැමදෙයක් ම අඳුරුවෙලා ගියා.
Jungkook's POV
"කොජිමර් අනිජි ??? ක්(අ)රේ ක්(අ)රොම්. මම තියනවා නූනා . ශූශිමි චිබේ කා"
"අරස්සොයෝ ජන්ග්කුකී"
මින්හී නූනා පුදුම හදිස්සියකින් කෝල් එක ඉවර කළේ.. ආහ්... වෙලාවකට නූනටත් පිස්සු . මම හිනාවෙවී ෆෝන් එකත් අතට අරගෙන පහළට බැස්සා .
"මින්ජියා මට ඇත්තටම සතුටුයි අපේ ඊලග CEO මෙච්චර උදෙන්ම නැඟිටින එක ගැන" dining table වාඩිවෙලා පත්තරයක් බලබල හිටපු අප්පා එකපාරටම ඔම්මාට එහෙම කියද්දි මාව උඩ ගියා.
"අප්පා..."
"අදල් ඔයා අද කොහෙවත් යන්නේ නෑ නේද , ඉතින් පරක්කු වෙනකල් නිදාගත්තට මොකද වෙන්නේ ???" ඔම්මා ඇහුවේ අප්පා කිව්ව මොකුත් ගනන් ගන්න එපා කියන්න වගේ මගේ උරහිස් අතගාන ගමන් . අප්පා අතේ තිබුන පත්තරේ මේසය උඩින් තියලා ඔම්මයි මමයි දිහා බැලුවේ කේන්තියෙන් වගේ .
"මේක තමයි මට තාමත් ඔම්මාගේ තොක්කි පැටියාව මට ඕන විදිහට හදාගන්න බැරි උනේ."
"දැනටමත් ඉන්න CEO උදේ 10 විතර වෙද්දිත් තාම ගෙදර කෑම මේසයට වාඩි වෙලා ඉන්නේ . ඔම්මා මමත් පුරුදු වෙන්න ඕන ඒ විදිහට වැඩ කරන්න නේද ????" මම අහද්දී අප්පා අපි දෙන්නා දිහා බැලුවේ මූණ දෙක කරගෙන .
"අරස්සෝ අරස්සෝ.. ඔම්මා අදල් දෙන්නා දිනුම්..." ඔම්මයි මමයි දෙන්නම හිනා වෙද්දි අප්පාගේ මූණටත් ඉබේටම හිනාවක් මතු උනා.
"අප්පා .... අප්පා අද ඔෆිස් එකට යන්නේ නැද්ද ???"
"අනී.. ඔයා ආපහු ආවට පස්සේ මම දිගටම ඔෆිස් එකේ වැඩවලට හිර උනා. ඔයත් දවස් දෙකකට බුසාන් ගියා. ඉතින් මම හිතුවා අද ගෙදර ඉන්නවා කියලා "
"ඇති යන්තං දෙන්නටම එහෙම දෙයක් හිතුනා. " ඔම්මා අපි දෙන්නටම ඔරවගෙන ආපහු kitchen එකට ගියා.
"ඔම්මාට තරහා යන්න තරම් ඔයා මොකද්ද කලේ??" අප්පා ඇහුවේ හිනාවෙවී .
"අවුරුදු දෙකකට පස්සේ ගෙදර ඇවිත් ආපහු දවස් දෙකකට බුසාන් ගියා කියලා "
"එහෙනම් මින්ජී කේන්ති අරන් ඉන්න එක සාධාරණයි ..
.. ඔයා කවද්ද අදල් මේ දේවල් බාරගන්නේ ???" අප්පා ඇහුවේ මෙච්චර වෙලා තිබුන සැහැල්ලු ගතිය වෙනුවට ටිකක් බැරෑරුම් කටහඬකින් .
"මම තාම ඒ ගැන හිතුවෙ නෑ අප්පා .... ඔයාලා හිතන්නේ මම දැන්මම බිස්නස් හැමදේම බාරගන්න ඕන කියලා ද??" මම ඇහුවේ ඔම්මා අප්පා දෙන්නා ම දිහා බලලා.
"ඔයා කැමති තරම් කල් ගන්න අදල්, ඒකට ප්‍රශ්නයක් නෑ . ඒත් ඔයා ටික ටික හරි ඒ දේවල්වලට සම්බන්ධ වෙනවානම් අපි කැමතියි ." අප්පා කියද්දි ඔම්මත් මගේ දිහා බැලුවේ මම කැමති දෙයක් කරන්න කියලා වගේ .
" මම තව සති දෙකකින් විතර ඔෆිස් එකේ වැඩවලට එන්න..."
මම කියලා ඉවර වෙන්නත් කලින් මගේ ෆෝන් එක රිංග්ස් යන්න ගත්තා, ස්ක්‍රීන් එකේ වැටිලා තිබුන මින්හී නූනගේ නම දැකපු ගමන් මාව ඉබේටම පුටුවෙන් නැඟිට්ටුනා.
"මම ඉක්මනට එන්නම් ඔම්මා " මම ඉක්මනට dining room එකෙන් එලියට ගියේ කෝල් එක ආන්ස්වර් කරන ගමන්
"නූනා චිබේ කස්සොයෝ (did you go home ?) ??"
"යොබුසෙයෝ????" ඒත් බලාපොරොත්තු නොවුණු විදිහට එහාපැත්තෙන් ඇහුනේ නාඳුනන ගැහැනු කටහඬක් .
"යොබුසෙයෝ??? නුගුයේයෝ ( hello who are you ?)??? මින්හී නූනා ඔදිස්සොයෝ ( where is Minhee noona ?)???" මම ඇහුවේ කලබලෙන් .
"මේ කතාකරන්නේ මින්හී ශීගේ පවුලේ කෙනෙක් ද???"
"ඔව් ඒ මගේ නූනා " මම කිව්වේ නොයිවසිල්ලෙන්
"මම සෝල් නැෂනල් හොස්පිටල් එකේ Emergency treatment unit එකෙන් කතා කරන්නේ . මේ ෆෝන් එක අයිති කෙනා accident වෙලා අපේ hospital එකට අරගෙන ආවා."
"ම්..ම්වෝ???"
"එයාගේ පවුලේ කෙනෙක්ට දැනුම්දීමක් කරන්න ඕන නිසා මම කතා කළේ"
"අ...අරස්සෝ... මම ඉක්මනට එන්නම්" මම කිව්වේ කාමරේට දුවන අතරේ.
කාර් එක සෝල් නැෂනල් හොස්පිටල් එකට ළංවෙද්දී මට දැනුනේ මගේ හදවත ගැහෙන වේගය තවත් වැඩි වෙනවා වගේ . නූනා හොඳින් ඇති නේද ??? එයා ඉස්සෙල්ලා කතා කරද්දී කිසිම වෙනසක් තිබ්බේ නෑ නේද ???
'අරස්සොයෝ ජන්ග්කුකී'
නූනා මට කිව්වේ ජන්ග්කුකී කියලා ... නූනා එහෙම කියන්නේ එයා emotional උන වෙලාවට ... ඒ කියන්නේ නූනා මොකක් හරි ප්‍රශ්නෙක ද හිටියේ ??? ඇයි මට ඒක තේරුණේ නැත්තේ???
මම steering wheel එකට අතින් ගැහුවේ දැනුන කේන්තියත් එක්ක .
"චේපල් නූනට මොකුත් වෙන්න එපා ..."
.
.
.
හොස්පිටල් එකේ reception එකෙන් නූනා ගැන ඇහුවට පස්සේ මාව එක්කරගෙන ගියේ ETU එකට.
"චෝයි මින්හී නේද ?? පේෂන්ට්ව wound treatment වලට operation theater එකට ගන්න ඕන , පවුලේ කෙනෙක්ගෙන් ඒ ගැන කැමැත්ත ගන්න ඕන , ඊළඟට අපිට විස්තර ටිකක් දැනගන්නත් ඕන ."
නූනගේ treatment වලට sign කළාට පස්සේ මම ETU එක ඉස්සරහා ඇවිද ඇවිද හිටියේ හිතේ තිබුන කලබලය නිසා . පැයකට විතර පස්සේ නූනව operation theater එකෙන් එලියට ගද්දී මට දැනුනේ මගේ හුස්ම හිරවෙනවා වගේ . නූනගේ ඔලුව වටේට ඔතලා තිබුන බැන්ඩේජ් එක, නූනගේ අතේ තිබුන තුවාල පැලැස්තර ....නූනාව room එකකට transfer කලාට පස්සෙත් මට ඇතුලට යන්න පුලුවන් උනත් හිතේ තිබුනේ ලොකු තිගැස්මක් , කලබලයක්... ඇයි නූනට ම මෙහෙම වෙන්නේ ???
මම හිත ධෛර්යය කරගෙන ඇතුලට යන්න හදද්දිම කාමරෙන් එලියට ආවේ doctor කෙනෙක් එක්ක nurse කෙනෙක් .
"සොන්සෙන්නිම් "
"ඔයා මේ පේෂන්ට්ගේ පවුලේ කෙනෙක් ද???"
"නේ... මම එයාගේ දොන්ග්සෙන්ග් "
" පේෂන්ට්ගේ තත්ත්වය ගැන බයවෙන්න දෙයක් නෑ . ඔලුවට , අතකට සුලු තුවාල තියෙන්නේ . දැන් එයාගේ තුවාල වලටත් treatment කරපු නිසා කලබල වෙන්න දෙයක් නෑ ."
"කම්සම්නිදා සොන්සෙන්නිම් "
"පේෂන්ට්ව බලන්න ඇතුලට ගියාට ප්‍රශ්නයක් නෑ . එයාට තව ටිකකින් සිහිය එයි. ඒත් ගොඩක් මහන්සි කරන්න , කලබල කරන්න එපා, පේෂන්ට්ට සිහිය ආවට පස්සේ අපිට දැනුම්දෙන්න, අපි ඉක්මනින් එන්නම්. " සොන්සෙන්නිම් එහෙම කියලා ගියාට පස්සේ මම හෙමින් සැරේ ඇතුලට ගියා. Cardiac monitor එක, saline එක connect කලාට පස්සේ ඇතුලේ හිටිය නර්ස් එලියට ගියා.
මම නූනගේ ඇඳ ළඟට යද්දී මගේ කකුල් ගැහෙනවා වගේ දැනුනේ. තාමත් සිහිය ලැබුනේ නැති නිසා නූනගේ මූණේ තිබුනේ සන්සුන් සැහැල්ලු පෙනුමක් . ඒත් මූණෙන් යන්තමින් සීරීමක් දෙකක් තිබුනා . නූනට ඔලුවේ තිබුන බැන්ඩේජ් එක දකිද්දී හිතට බයක් දැනුනත් සොන්සෙන්නිම් එක්ක කතා කළාට පස්සේ හිතට පොඩි සහනයක් දැනුනා .
මම නූනගේ ඇඳේ පැත්තකින් තිබුන පුටුවේ වාඩිවෙලා නූනගේ cannula එක ගහලා නැති අතින් අල්ලාගත්තා. නූනගේ අත තාමත් සීතලට දැනුනේ operation theater එකේ හිටිය නිසා .
"කම්සම්නිදා නූනා මේ විදිහට හරි බේරුණු එක ගැන ."
මම ඇතුලට ඇවිත් පැය බාගෙකට විතර පස්සේ නූනගේ අතේ ඇඟිලි යන්තමට හෙලවෙන්න ගත්තා. නූනා දෙතුන් සැරයක් උත්සාහ කළාට පස්සේ නූනගේ ඇසිපිය යන්තමට ඇරුනා.
"නූනා.. නේ මොක්සුරි ත්ල්ලෝයෝ?? ( can you hear my voice ??) නූනා ??" සොන්සේන්ග්නිම් කිව්ව නිසා ම මම කලබල කරන්නේ නැතුව හෙමින් සැරේ ආපහු නූනගේ අතින් අල්ලාගෙන නූනට කතා කළා.
"ජ..ජ...න්...ග්..කු..කා..." නූනා ඇහෙන නෑහෙන ගානට මගේ නම මිමිනුවා . මම ඇඳ ළඟ තිබුන බොත්තම ඔබලා ටික වෙලාවකින් සොන්සේන්ග්නිම් ආපහු ආවේ නූනව චෙක් කරන්න .
"Mr.Jeon අපිට මගේ ඔෆිස් එකට ගිහින් කතා කරන්න පුලුවන් ද?? " නූනව පරීක්ෂා කරලා ඉවර වෙලා සොන්සෙන්නිම් ඇහුවේ බැරෑරුම් විදිහට .
"නේ සොන්සෙන්නිම්"
"නූනා මම ඉක්මනට එන්නම්" මම නූනගේ ඔලුව අතගාලා ඉක්මනට සොන්සෙන්නිම්ගේ ඔෆිස් එකට ගියා.
"පේෂන්ට්ට කිසිම physical damage එකක් වෙලා නෑ මේ සුලු තුවාල හැරෙන්න. එයා මීට කලින් heart surgery කරපු කෙනෙක් ඒත් ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ ...නමුත් වෙන ප්‍රශ්නයක් තියෙයි . "
"මොකද්ද සොන්සෙන්නිම් ???"
"පේෂන්ට් ටිකක් trauma වෙලා වගේ ඉන්නේ . එයාට මොනාහරි psychological issues තිබිලා තියෙයි ද??? එහෙම නැත්නම් මීට කලින් මේ වගේ අනතුරකට මුහුණ දීපු අත්දැකීමක් වගේ "
"නූනා අවුරුදු හතකට කලින් accident උනා, ඒක මීට වඩා දරුණු අනතුරක්. ඒක නිසා නූනට එයාගේ මතකය යම්තාක් දුරකට නැති උනා අවුරුද්දක කාලයක් වගේ , එයාට තාම ඒ කිසිම දෙයක මතකය ආපහු ලැබුනේ නෑ ."
"දැන් මේ තත්ත්වය සමහරවිට කලින් අනතුර එක්ක ඇතිවුන trauma එකක් තියෙද්දි ඒක stimulate උන නිසා ඇතිවුණ trauma එකක් හෝ නැත්නම් අද මේ අනතුරු එක්ක ඇතිවුණ ක්ෂණික කම්පන තත්ත්වයක් වෙන්නත් පුලුවන් . මම Mr.Jeon ට මේ ගැන කිව්වේ පේෂන්ට්ගේ හැසිරීමේ වෙනසක් තිබුනොත් අපිට psychiatric treatment වගේ දෙයකට පේෂන්ට්ව යොමු කරන්න පුලුවන් , ඔයාලා කැමති නම්" සොන්සෙන්නිම් කිව්වේ මගේ උත්තරයක් බලාපොරොත්තුවෙන් .
"නූනගෙ mental stability එකේ වෙනසක් තියෙනවා නම් නූනගෙ කැමැත්ත එක්ක එහෙම treatment එකකට යොමු වෙනවට මගේ අකමැත්තක් නෑ සොන්සෙන්නිම් . "
"අපි හිතමු එහෙම කිසිම අසාමාන්‍ය තත්ත්වයක් ඇති නොවේවි කියෙ, දැන් සමහරවිට පවුලේ කෙනෙක් ඉන්න නිසා පේෂන්ට්ට යථා තත්ත්වයට පත්වෙන්න වඩාත් පහසු වෙයි."
"නේ.. කම්සම්නිදා සොන්සෙන්නිම් "
මම සොන්සෙන්නිම් හම්බවෙලා ඇවිත් නූනගේ කාමරේ දොර අරිනවත් එක්කම නූනගේ ඇස් යොමු උනේ දොර පැත්තට. නූ... නූනගේ ඇස්වල කඳුළු ...නූනා අඩනවද??? මම ඇඳ ළඟට දුවගෙන ගියේ අඩියට දෙකට.
"නූ..නූනා. වෙව් උරෝ?? ( why are you crying ?) ඔදි අප්පායෝ ? (Does it hurt somewhere ?)?? නූනා " මම ඇහුවේ නූනගෙ ඔලුවේ තිබුන බැන්ඩේජ් එක අත දිහා හොඳට බලන ගමන් .
"ජන්ග්කුකා.... " නූනාගේ ඇස්වලින් තවත් කඳුළු ගලන්න ගත්තා.
"නූනා " මම අත්දෙක නූනගේ කම්මුල් වලින් තියලා නූනාගේ මූණ මගේ පැත්තට හරවාගත්තා
"නූනා උල්ජිමායෝ (don't cry) " මම එහෙම කිව්වත් නූනා අඩන එක නතර උනේ නෑ , අන්තිමට නූනා අඬලා අඬලා එකදිගට කහින්න ගත්තේ හුස්ම ගන්නත් අමාරුවෙන් වගේ . මම ඇඳේ head end එක ටිකක් උස් කළේ නූනට හුස්ම ගන්න පහසු වෙන්න
"නූනා අපි අඩන එක නවත්වමු.. හ්ම්.. මගේ හොඳ නූනා වගේ " මම හෙමින් සැරේ නූනගේ ඇඳේ පැත්තකින් වාඩි වෙලා නූනව මගේ පැත්තට ගත්තා.
"දැන් හොඳ නූනා වගේ අඬන එක නතර කරලා මේ වතුර එක බොන්නකෝ." අමාරුවෙන් උනත් නූනට වතුර උගුරක් පොවාගත්තට පස්සේ මම වතුර වීදුරුව ආපහු ලොකර් එක උඩින් තිබ්බා . මම ආපහු නූනාගේ පැත්තට හැරෙනවාත් එක්කම නූනා අත් දෙකින්ම මාව බදාගත්තේ ඇස්වල කඳුළු බේරෙද්දී . මමත් හෙමින් සැරේ නූනව මට තුරුල් කරගෙන නූනගේ උරහිසට හෙමින් සැරේ තට්ටු කළේ නූනව සන්සුන් කරන්න .
"ජ...න්...ග්..කු..කා... ම...ම ... ම..ම කො...හො..ම...ද ..ඒ .හැම ..දෙයක්.. ම අ..ම..ත..ක කළේ??? කො..හො..ම..ද ම..ට ඒ හැ...ම දෙ...ය..ක්..ම අ...ම..ත..ක.. උ..නේ???" නූනා මිමිනුවේ ඇහෙන නෑහෙන ගානට
"නූනා..."
"මට කොහොමද ටේහ්‍යුන්ගාව මෙච්චර කාලෙකට අමතක කළේ??? ඇයි මම එහෙම කළේ???? ආ..හ්හ්...." නූනා ආපහු සැරයක් හයියෙන් අඩන්න ගත්තා. ඒ කියන්නේ නූනට ආපහු මතකය ලැබිලාද?? නැත්නම් නූනා දිනපොත කියෙව්ව නිසා ද???
"මියානේ... චොම්මල් මියානේ .. මියානේයෝ ... " නූනා කියන්න ගත්තේ අඬන අතරේ . ඒත් මම ආපහු මොකුත් කියන්න කලින් හදිස්සියෙන් වගේ රූම් එකේ දොර ඇරෙන සද්දේ ඇහුනා මම දොරට පිටුපාලා හිටිය නිසා මම හෙමින් සැරේ ඔලුව හරවලා බලන්න හැදුවේ . ඒත් ඊට කලින් මින්හී ඔලුව උස්සලා බැලුවා .නූනගේ ඇස් දෙක එකපාරටම ලොකු උනේ පුදුම වෙලා වගේ . මමත් නූනව චුට්ටක් එහාට කරලා ආපහු හැරිලා බැලුවා.
"ටේහ්‍යුන්ගා" නූනා කිව්වේ ඇස්වල ආපහු කඳුළු පිරෙද්දී . ටේහ්‍යුන්ග් ශීගේ කලින් තිබුනේ කලබලයට පත්වුන පෙනුමක් උනත් එයා ඇතුලට එන්නේ නැතුව එහෙම්මම නූනා දිහා බලාගෙන හිටියා. ඒත් එක්කම ඒ ඇස් යොමු උනේ මගේ දිහාවට. එක් ක්ෂණයකින් ටේහ්‍යුන්ග් ශීගේ මූණට හැඟීම් විරහිත පෙනුමක් ආරූඪ වුණා. ඇස්වල තිබුන දැඩි තියුණු බැල්මට ඕනම කෙනෙක් බය වෙනවා.
"ටේහ්‍යුන්ගා. " නූනා ආපහු සැරයක් එයාට කතාකරලා ඇඳෙන් බහින්න හැදුවත් , ටේහ්‍යුන්ග් ශී අතෙන් නූනට එපා කිව්වේ .
"මම බොරුවට කලබල වෙලා තියෙන්නේ , ඔයාව බලාගන්න කෙනෙක් ඉන්නවානේ මින්හී ශී..මම එහෙනම් යන්නම්" ටේහ්‍යුන්ග් ශී එහෙම්මම කාමරේ දොර වැහුවා. නූනා ඇඳෙන් නැඟිටින්න හැදුවත් අතට ගහලා තිබුන සේලයින් එක නිසා මම අමාරුවෙන් උනත් නූනව ආපහු ඇඳෙන් වාඩි කෙරෙව්වා .
"අ....අන්ද්...වේ ජ..ජන්ග්කුකා ...ම..මට ටේහ්‍යුන්ගා එ....එක්ක කතා කරන්න ඕන . එයාට ආපහු එන්න කියන්න " නූනා කිව්වේ ඇස්වල කඳුළු පුරෝගෙන , ඒත් කලින් වගේ ඇඳෙන් නැඟිටලා යන්නවත් දඟලන්නවත් උත්සාහ කළේ නෑ
මොකද්ද ඇත්තටම සිද්ධ උනේ??? මම නූනා දිහා බලාගෙන හිටියේ මොකුත්ම හිතාගන්න බැරුව .
Taehyung's POV
හොස්පිටල් එක ඇතුලට යද්දී මගේ හිතේ තිබුන බය තවත් වැඩි උනා. ඇයි මම ඊයේ මින්හීව මඟෑරියේ??? එයාට කරදරයක් නැතුව ඇති නේද ??
මට මින්හී ඉන්න රූම් එක පෙන්නපු නර්ස් ආපහු ගියාට පස්සේ මම රූම් එක ළඟට යද්දී ඉස්සරහට තියන හැම අඩියක් ම ආපහු පස්සට ගන්න වගේ හැඟීමක් මට දැනුනේ . මම ජීවිතේ කිසිම දේකට මම බයයි කියලා පිළිගන්න කෙනෙක් නෙවෙයි , ඒත් .. ඒත් ආදරේ කරන කෙනෙක් අපෙන් ඈත් වෙනකොට ඒ දැනෙන හැඟීම.. ඒක ජීවිතේ විඳින්න වෙන භයානක ම දෙයක් . ඒ හැඟීම ආපහු විඳින්න මම ගොඩක් බයයි.
'අනී හැමදේම හොඳින් වෙයි .. මින්හීට ප්‍රශ්නයක් නැතුව ඇති . මම එයා එක්ක හැමදේම කතා කරනවා.' මම හිතින් මාවම සනසවාගෙන මින්හී හිටිය කාමරේ දොර ඇරියා. මින්හී ඇතුලේ හිටියා උනත් ඒ මම කිසිම විදිහකින් බලාපොරොත්තු උන විදිහට නෙවෙයි . මින්හීගේ ඔලුවේ , අතේ බැන්ඩේජ් තිබුනත් එයාගේ අතේ cannula එක, පැත්තකින් තිබුන cardiac monitor එක, saline බෝතලේ.... ඒත් ඒ හැමදේම අතරේ මට පෙනුනේ මින්හී තවත් කෙනෙක්ව වැළඳගෙන ඉන්න එක විතරයි දොර ඇරෙන සද්දේ නිසා මින්හී ඔලුව උස්සලා බැලුවා, එයාගේ ඇස් ලොකු උනේ ඉබේටම . ඒත් එක්කම මට පිටුපාලා හිටිය කෙනත් මගේ පැත්තට ඔලුව හැරෙව්වා .
"ටේහ්‍යුන්ගා"
මගේ මූණට හැඟීම් විරහිත පෙනුමක් ආවේ ක්ෂණයෙන් .
"ටේහ්‍යුන්ගා" මින්හී ආපහු සැරයක් මගේ නම කියලා ඇඳෙන් නැඟිටින්න හැදුවා , ඒත් මම අතෙන් එයාට එපා කියලා කිව්වේ මගේ ඇස්වල බැල්ම තවත් දැඩි වෙද්දී .
"මම බොරුවට කලබල වෙලා තියෙන්නේ , ඔයාව බලාගන්න කෙනෙක් ඉන්නවානේ මින්හී ශී..මම එහෙනම් යන්නම්" මම එහෙම කියලා රූම් එකේ දොර වැහුවා.
මින්හී ඇත්තටම හොඳින්ද කියලා හිතේ කුතුහලයක් තිබුණත් ඒ හැමදේම අභිබවා මට දැනුනේ කේන්තිය වේදනාව මිශ්‍ර උන හැඟීමක් . හොස්පිටල් එකේ ඉඳලා අපාර්ට්මන්ට් එකට එන්න මට ගියේ විනාඩි 10ක් වගේ . Living room එකට අඩිය තියද්දී හිතේ තිබුන කේන්තිය වේදනාව හැමදේම උපරිමයෙන් දැනෙද්දී මම අතේ තිබුන ෆෝන් එක බිත්තියට දමලා ගැහුවේ ඇඟේ මුලු ශක්තිය ම යොදලා.
"I just hate this life"
💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : අන්න්‍යොන්ග් චින්ගුදල් 😁😁😁 අද අපේ ටේ බබා ටිකක් 🤭🤭 ටිකක් නෙවෙයි හොඳටම aggressive වෙලා වගේ . අද description වලට වැඩිය dialogue වලින් කතාව යනවා වගේ මට දැනෙන්නේ . කියවලා බලලා ඔයාලාගේ අදහස් කියන්න
සරන්ග්හේ චින්ගුදල් ❤️❤️❤️❤️❤️❤️
Edited and republished on 15/04/2023
Bạn đang đọc truyện trên: AzTruyen.Top