Chapter 28

❤️ Past memories ❤️

Jungkook's POV

"නූනා අපි වාඩිවෙමු, දිග කතාවක් තියෙනවා නූනට කියන්න."

••••••Flashback••••••
(7 years ago)
"තුරන්නිම් (young master ) ... තුරන්නිම් ....." ඩ්‍රයිවර් අජස්සී දෙතුන් සැරයක් කතා කළත් මගේ අවධානය තිබුනේ ෆෝන් එකේ, කොලේජ්  එක ළඟට යන්න කලින් ගේම් එකේ මම හිටිය level එක සම්පූර්ණ කරන්න මට උවමනා වෙලා තිබුනේ .

"තුර..."

"ආහ් වේ ???? (Why)" අන්තිමට මම ෆෝන් එකෙන් ඔලුව උස්සලා front mirror එකෙන් අජස්සී දිහා බැලුවේ කේන්තියෙන් .

"චෙසුහම්නිදා (sorry) තුරන්නිම් ...." අජස්සී කිව්වේ සමාව අයදින විදිහේ බැල්මකින් .

"ඇයි දැන් මට කතා කළේ???"

"ඊයේ රෑ ඉදන් ම හිම වැටුන නිසා පාරවල්වල ඒ තරම් හොඳ තත්ත්වයක් නෑ අද. හෙජන්නිම් කිව්වා හවස ස්කෝලේ ඉවර වෙලා තුරන්නිම් ආපහු එක්කරගෙන එන්න මට අනිවාර්යයෙන්ම යන්න කියලා "

"අනී ..... මට හවස් වෙනකල්  taekwondo practice තියෙනවා , මම වෙනදා වගේ ම එන්නම් ගෙදර " මම කිව්වේ ආපහු ෆෝන් එකට ඔලුව ඔබාගන්න අතරේ. උදේට ඩ්‍රයිවර් කෙනෙක් එක්ක කොලේජ් යන එක පුරුද්දට ගිහින් තිබුනත් හවසට මම ගොඩක් වෙලාවට ආපහු ගෙදර ගියේ තනියෙන් , යාලුවෝ එක්ක ඒ විදින සතුට මේ ඩ්‍රයිවර් අජස්සී එක්ක ගන්නේ කොහොමද ???

"තුරන්නිම් අද විතරක් මම එන්නම් හවසට."

"අප්පා මට එහෙම මොකුත් කිව්වේ නෑ ... ඔම්මත් කිව්වේ නෑ "

"තුරන්නිම්......"

"ආහ්... අජස්සී දැන්වත් මට මේ ගේම් එක ඉවර කරන්න දෙන්න අපි කොලේජ් එකට යන්න කලින් " මම මූණත් දෙක කරගෙන ආපහු ගේම් එක ගහන්න පටන් ගත්තත් එකපාරටම

බ්....රා.....ස්........

"ආ...හ්.....  " එකපාරටම ගහපු බ්‍රේක් පාර නිසා සීට්බෙල්ට් එක දාගෙන හිටියත් මාව ඉස්සරහට විසිවෙලා යද්දී ෆෝන් එකත් අතින් අතෑරුනා .

"තුරන්නිම්... ක්වෙන්චනායෝ ????? (Are you ok)" ඩ්‍රයිවර් අජස්සී ඉක්මනට පිටිපස්ස හැරිලා බැලුවේ මට තුවාල වෙලා ද කියලා .

"අජස්සී එහෙම එකපාරටම බ්‍රේක් ගැහුවම මම හොඳින් වෙන්නේ කොහොමද අජස්සී ... ආ???? ...." මම බිමට වැටුන ෆෝන් එකත් අහුලාගෙන ඉස්සරහා බැලුවේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා . අපිට ඉස්සරහින් කාර් එකක් නවත්වලා තිබුනේ ලඟින් ම.

"චෙසුහම්නිදා තුරන්නිම් ...ඉස්සරහින් ගිය කාර් එක එකපාරටම නතර කළා ... ඒත් අනිත් වාහනත් නවත්වලා තියෙන්නේ ඇක්සිඩන්ට් එකක් වගේ . මම බැහැලා බලන්නම් , තුරන්නිම් ඔහොම්ම ම ඉන්න . " අජස්සී එහෙම කියලා කාර් එකෙන් බැස්සා . මමත් ජනේලයෙන් වටපිට බැලුවා , අජස්සී කිව්ව විදිහට ම එහා මං තීරුවෙත් වාහන එක තැන නතර කරලා . මොකද්ද වෙන්න ඇත්තේ.... මම හෙමින් සැරේ කාර් එකෙන් එලියට බැහැලා මගේ ලෝම කබාය තවත් ටිකක් උඩට කරගත්තා . අපිට වාහන දෙකක් විතර ඉස්සරහින් පදික මාරුව ළඟ කට්ටිය එකතු වෙවී හිටියේ , මමත් එතනට ගිහින් කට්ටිය අතරින් ඉස්සරහට ගියා.

"කවුරුහරි ඇම්බියුලන්ස් එකකට කතා කරන්න "

"මේ ළමයට හොඳටම අමාරුයි .."

"ඉක්මනට කතා කරන්න 119ට "

කට්ටිය කෑගහන අතරේ මගේ ඇස් ඉස්සරහට යොමු වෙනවත් එක්කම එකපාරටම මට දැනුනේ මගේ කකුල් පණ නැතිවෙනවා වගේ .

සුදුපාට හිම තට්ටුව තැනින් තැන රතුපාටට තිබුන ලේ පැල්ලම් අතරේ පාර මැද්දේ වැටිලා හිටියා ගෑණු ළමයෙක් . වටේට කට්ටිය වටවෙලා හිටියත් එයාගේ මූණ මම හොඳටම දැක්කා . ඒ මම කවදාකවත් දැකපු කෙනෙක්වත් දන්න කෙනෙක්වත් නෙවෙයි , ඒත් ඒ මූණේ හරිම හුරුපුරුදු ගතියක් මට දැනුනේ . කොහොමද එහෙම වෙන්නේ ?? මගේ කකුල් මාව තවත් ඉස්සරහට අරන් ගියේ මටත් නොදැනීම . එයාගේ පැත්තකින් බිම වාඩිවෙලා හිටිය කෙනෙක් එයාගේ මූණට යන්තමට තට්ටු කළත් එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුනේ නෑ . මොහොතෙන් මොහොත ගතවෙද්දි ඒ වටේට ම තිබුන සුදු පාට හිම තට්ටුව ටිකෙන් ටික රතුපාටට හැරුනේ ඒ ගෑණු ළමයාගේ ඔලුව පිටිපස්සෙන් තවත් ලේ වැගිරෙද්දී.

"ශම්ශිමන්‍යෝ (wait a minute ) .... හැමෝම පොඩ්ඩක් ඉඩ දෙන්න ." ඇම්බියුලන්ස් එකක සද්දේ ඇහිලා ටිකවෙලාවකින් ගිලන් රථ සේවකයෝ දෙන්නෙක් එතනට ඇවිත් වටේ හිටිය අයගේ උදව්වෙන් ඒ ගෑණු ළමයව stretcher එකට ගත්තා. එයාව ඇම්බියුලන්ස් එකට අරගෙන එයාලා ගියාට පස්සේ වටේ හිටිය අය ටිකෙන් ටික විසිරිලා ගියා, ඒත් මම හිටිය තැනම හිටගෙන හිටියා .

"තු....තුරන්නිම් ...." එකපාරටම ඩ්‍රයිවර් අජස්සී ඇවිත් මගේ අතින් අල්ලාගත්තා.

"සීතලේ ඉන්න එපා , එන්න ඉක්මනට වාහනේට නඟින්න " අජස්සී එහෙම කිව්වත් මම හෙමින් සැරේ තවත් ටිකක් ඉස්සරහට ගියා. ලේ බිංදුවක් දෙකක් ගෑවිලා තිබුන රෝස පාර ටෙඩියෙක්, පොඩි පොතක්.... කවුරුවත් දැක්කේ නැති ඒ දෙක ම මම බිමට නැමිලා අහුලාගත්තා.

මම ආපහු හැරෙද්දී අජස්සී මගේ දිහා බැලුවේ පුදුම වෙලා වගේ .

"තුරන්නිම් ඔය දෙක අර ගෑණු ළමයාගේ වෙන්නැති , ඒත් දැන් මොනා කරන්නද??? කෝ දෙන්න මම ඕක විසිකරලා දාන්නම් " අජස්සී ඒ දෙක මගේ අතින් ගන්න හැදුවත් මම ටෙඩි බෙයාර් , පොත දෙකම අරගෙන ගිහින් කාර් එකට නැග්ගා. අජස්සී මගේ පිටිපස්සෙන් ඇවිත් කාර් එකට නැග්ගේ නිශ්ශබ්ද ව ම. දැනටමත් ස්කූල් එකට යන්න පරක්කු වෙලා තිබුනත් මගේ අවධානය තිබුනේ මගේ අතේ තිබුන පොතට වගේ ම ටෙඩි බෙයාර්ට. ඒ කෙනාට මේ දෙක ම ගොඩක් වටින දේවල් වෙන්නැති නේද ??? ඒත් දැන් එයාට සිහිය ලැබුනට පස්සේ මේ දේවල් එයා ළඟ නෑ කියලා දැනගත්තම....

"චෝ තුරන්නිම් .... අපි කොලේජ් එක ළඟට යද්දී විනාඩි 15ක් විතර පරක්කු වෙයි ... චෙසුහම්නිදා ..  "

"අජස්සී මම හවස ප්‍රැක්ටිස් ඉන්නේ නෑ .."

"නේ??????" අජස්සී පිටිපස්ස හැරිලා ඇහුවේ පුදුම වෙලා වගේ .

"12 වෙනකොට මාව ගන්න  එන්න, ඒ එන්න කලින් දැන් ඇක්සිඩන්ට් වෙලා හිටිය ගෑණු ලමයා අරගෙන ගිය හොස්පිටල් එක මොකද්ද කියලා හොයාගන්න " මම කිව්වේ ස්කෝලේ ළඟට ඇවිත් තිබුන නිසා මගේ බෑග් එක අතට ගන්න අතරේ .

"ඒත්..... ඒත් ... තුරන්නිම් ....."

"අජස්සීට බැරිනම් අප්පාගේ secretary ලී අජස්සීගෙන් හරි උදව්වක් ගන්න , මට අනිවාර්යයෙන්ම හොස්පිටල් එක දැනගන්න ඕන .... එච්චරයි "අජස්සී මොකුත් කියන්නත් කලින් මම බෑග් එකත් අරගෙන කාර් එකෙන් බැස්සා . ටෙඩී බෙයාර්ව වගේ ම ඒ පොතත් පරෙස්සමින් බෑග් එකට දාගෙන මම ඉක්මනට ඇතුලට ගියා.

සති අන්තේ උනත් ලබන මාසේ තියෙන ජාතික ටයිකොන්ඩෝ තරඟ නිසාම අපිට එක දිගට ප්‍රැක්ටිස් කරන්න උනා. ඊයේ නම් දවසම ප්‍රැක්ටිස් වලට හිටියා උනත් අද මම ඇඳුම් මාරු කරගෙන පුහුණුවීම් පටන් ගත්තේ ඉක්මනට යන්න ඕන කියලා හිතන අතරේ.
.
.
.
Sports club එක භාර සොන්සෙන්නිම් වගේ ම සුන්බේනිම්ලාට මගේ මට්ටම ගැන පැහැදීමක් තිබුන නිසාම දවල් 12ට විනාඩි 10ක් විතර තියෙද්දිත් මම ස්කෝලේ ඉස්සරහා ගේට්ටුව ළඟ හිටියේ . අජස්සී අනිවාර්යයෙන්ම හොස්පිටල් එක ගැන හොයන්න ඇති නේද ???  මම හිතන්නේ නෑ අජස්සී එහෙම නොකර ඉන්න තරම් මෝඩ කෙනෙක් කියලා . ආහ්.... ඔම්මා දැනගත්තොත් මම අදත් අජස්සීව මෙහෙම බය කළා කියලා .. අනී අනී ඔම්මා දැනගන්න එකක් නෑ .... මම එහෙම හිතන අතරෙම මගේ සුපුරුදු  කාර් එක ඇවිත් මගේ ඉස්සරහින් නතර කළා .

"අජස්සී මම කිව්ව දේ ගැන හොයාගත්තා ද??? " මම ඇහුවේ කාර් එකට නැඟපු ගමන් ම"

"නේ තුරන්නිම්  .. ඒ ළමයාව අරගෙන ගිහින් තිබුනේ කිම් හොස්පිටල් එකට"

"එහෙනම් දැන් ගෙදර නෙවෙයි .... එහෙට යමු " මම කිව්වේ හෙමින් සීරුවට මගේ බෑග් එකට දාලා තිබුන පොත එලියට ගන්න අතරේ.

"නේ??? ක(අ)න්දේ තුරන්නිම් ..... (what?? But young master )"

"අජස්සී ප්‍යොංවොනල් කජා (let's go to the hospital ) " මම එහෙම කිව්වේ අජස්සී මොකුත් කියන්න කලින් .
මුලින් පොතක් වගේ පෙනුනට ඒක දින පොතක්. මම පළවෙනි පිටුව පෙරලුවේ පොතේ අයිතිකාරයා ගැන මොකක් හරි විස්තරයක් ඇති කියලා හිතාගෙන . පළවෙනි පිටුවේ වම්පැත්තේ පහළ මුල්ලේ ලියලා තිබුන නමට වගේ ම අත්සනට මගේ ඇස් නිතැතින්ම යොමු උනා .

'චෝයි මින්හී...'

"චෝයි මින්හී..... ඒ එයාගේ නම වෙන්නැති. " තවත් කෙනෙක්ගේ දින පොතක් වගේ දෙයක් ඒ කෙනාගේ අවසරයක් නැතුව  කියවනවා කියන්නේ ඇත්තටම හොඳ දෙයක් නෙවෙයි නිසාම මම තවත් කියවන්නේ නැතුව ඒ දිනපොත එහෙම්මම වැහුවා .

විනාඩි විස්සකට විතර පස්සේ හොස්පිටල් එකට ආවට පස්සේ අජස්සී ආපහු මට කතා කළේ. එයාගේ නම දන්න නිසාම reception එකෙන් මට විස්තර දැනගන්න පුලුවන් වෙයි . මම එහෙම හිතන ගමන් දින පොත, ටෙඩී බෙයාර් දෙකම අතට අරගෙන කාර් එකෙන් බැහැලා හොස්පිටල් එක ඇතුලට ගියා. ඩ්‍රයිවර් අජස්සී ඉක්මනට කාර් එක පාර්ක් කරලා මගේ පස්සෙන් දුවගෙන ආවා.

"සුභ දහවලක්.. කොහොමද මම ඔයාලට උදව් කරන්නේ ?? " receptionist කෙනෙක් අහද්දී අජස්සී මගේ දිහා බැලුවේ මොකද්ද කියන්නේ අහන්න වගේ .

"චෝයි මින්හී....." මම කිව්වේ අජස්සීට .

"චොගි අගස්සී...  (miss)අපිට චෝයි මින්හී හ්වන්ජාබුන් ( patient ) ඉන්න කාමරය දැනගන්න පුලුවන් ද??? එයා අද උදේ ඇක්සිඩන්ට් වෙලා රෝහලට ඇතුල් කලේ"

"ඔයාලා ඒ කෙනාගේ පවුලේ කෙනෙක් ද???" Receptionist ඇහුවේ එයාගේ ඉස්සරහා තිබුන මොනිටර් එක දිහා බලාගෙන ම.

"අනියෝ ( no) එහෙම පෞද්ගලික සම්බන්ධයක් නම් නැහැ ."

"චෙසූහජිමාන් ක්(අ)රොම් ක්රොල්ක්කේ හල්සූ ඔප්සොයෝ . (I'm sorry but I can't to that). රෝගියාගේ විස්තර ඒ විදිහට දෙන්න බෑ බාහිර කෙනෙක්ට " receptionist කිව්වේ අවධාරණාත්මක විදිහට .

මම එතනින් ටිකක් මෙහාට ආවේ කේන්තිය නිසාම කම්මුල ඇතුල් පැත්ත දිවෙන් තල්ලු කර කර.

"තුරන්නිම් පොඩ්ඩක් ඉන්න මම secretary ලීට කතා කරන්නම් ." ඩ්‍රයිවර් අජස්සී එහෙම කියලා ලී අජස්සීට කෝල් කරන අතරේ මම රවාගෙන බලාගෙන හිටියේ receptionist දිහා . අජස්සී කෝල් එක කට් කරලා විනාඩියකින් විතර කලින් කතා කරපු receptionist එතනින් නැඟිටලා අපේ පැත්තට ආවා.

"චොම්මල් චෙසුහම්නිදා කලින් සිද්ධ උන දේට. සර්ලා කියපු හ්වන්ජාබුන් චෝයි මින්හී ශී.... එයාගේ ටිකක් බරපතළ තත්ත්වයක් තියෙන්නේ .... ඒ නිසා එයා ETU එකෙන් ICU එකට මාරු කරලා තියෙන්නේ . රෝගියාගේ භාරකරු ඇවිත් ඉන්න නිසා එයාගේ කැමැත්ත අනූව තමයි ඉස්සරහට ප්‍රතිකාර වෙන්නේ . තව මොනවද දැනගන්න ඕන සර්??"

"Room number ???" මම ඇහුවේ සුපුරුදු හැඟීම් විරහිත මූණෙන් .

"Second floor එකේ ICU එකේ සර්... ඒත් ඒක ඇතුලට ...."

"මට ඒක අදාළ නෑ ....." receptionist කියලා ඉවර වෙන්නත් කලින් මම ලිෆ්ට් එකට නැග්ගේ ICU එක තිබුන floor එකට යන්න . ICU එකෙත් ඇතුල් වෙන තැන reception එකේ කිහිප දෙනෙක් හිටියත් එයාලා මාව නැවැත්තුවේ නැති නිසාම මම ලොබි එක පහු කරලා ඇතුලට ගියා. එක කාමරයක දොර ඉස්සරහා හිටපු මැදි වයසේ අජුම්මා කෙනෙක් හැරුණම වෙන කිසිම කෙනෙක් හිටියේ නෑ . මම ඒ අජුම්මා ලඟට යද්දීම වගේ කාමරේ දොර ඇරගෙන එලියට ආවේ සොන්සෙන්නිම් කෙනෙක් . ඒත් එක්කම මෙච්චර වෙලා වීදුරුවට හේත්තු වෙලා කාමරේ ඇතුල බලාගෙන හිටිය අජුම්මා ඉක්මනට සොන්සේන්ග්නිම් ළඟට දුවගෙන ආවා.

සමහරවිට මට මේ ඩොක්ටර්ගෙන් විස්තරයක් දැනගන්න පුලුවන් වෙයි , මම එහෙම හිතලා සොන්සෙන්නිම්ට කතා කරන්න හැදුවත් ඒ අජුම්මා ඊට කලින් කතා කළා.

"පාර්ක් සොන්සෙන්නිම් මගේ දරුවට කොහොමද ????" ඒ අජුම්මා අඩන්න පටන් ගත්තේ එකපාරටම . මම ඒ දිහා බලාගෙන හිටියේ මොකුත් හිතාගන්න බැරුව.

"මින්හී ඔමොනිම් වොන්ජෝ ශින්ජොන්හේ (Min Hee's mother,  first please calm down ) . " සොන්සෙන්නිම් එහෙම කියද්දි මගේ අවධානය යොමු උනේ ඒ කියපු නමට.

'මින්හී ඔමොනිම්.. එතකොට මේ ඉන්නේ චෝයි මින්හීගේ ඔම්මා ද???'

"සොන්සෙන්නිම් "

"මම ඇත්ත හංඟාගෙන ඉදලා වැඩක් නෑ . ඇත්තටම මින්හී ඉන්නේ ගොඩක් අවධානම් මට්ටමක. එයාගේ හිසෙන් ලොකු රුධිර වහනයක් සිද්ධ වෙලා තියෙනවා. එයාගේ හදවතේ රෝග තත්ත්වයත් එක්ක මොලේට විතරක් නෙවෙයි සම්පූර්ණ ශරීරයට ම රුධිර සැපයුම අඩු වෙලා තියෙන්නේ  . එයාගේ බාහිර රුධිර වහන, තුවාල දැනටමත් ඒවට ප්‍රතිකාර කරලා තියෙන්නේ ඒත් එයාට ආපහු සිහිය ගන්න තියෙන අවසන් විසදුම තමයි හැකි ඉක්මනට එයාගේ සර්ජරි එක කරන එක. "

"ඒ... ඒත් සොන්සෙන්නිම් .... මම ...මම ...කොහොමද ....."

"මින්හී ඔමොනිම් ... මම දන්නවා ඔයාලාට ගොඩක් ප්‍රශ්න තියෙනවා කියලා  ඒත් ඔයාගේ දුව ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් අවසන් විසඳුම තමයි මේ. එයාගේ මොළයට රුධිර සැපයුම තවත් අඩු උනොත් එයා කෝමා තත්ත්වයට පත් වෙන්න පුලුවන් . එතකොට අපිට එයා ගැන තියෙන බලාපොරොත්තු තවත් අඩු වෙනවා. පුලුවන් ඉක්මනින් අවශ්‍ය මුදල් හොයාගන්න බලන්න , සර්ජරි එකේ දිනය වෙනස් කරගන්න පුලුවන් මේක හදිසි අවස්තාවක් නිසා . අපි අපේ උපරිමය කරනවා මින්හී වෙනුවෙන්. හැකි ඉක්මනින් සර්ජරි එකට අවශ්‍ය අනෙක් දේවල්  හොයාගන්න බලන්න , මොකද මින්හීට තියෙන්නේ සීමිත කාලයක් " සොන්සෙන්නිම් එහෙම කියලා ඊට පස්සේ එහා පැත්තේ කාමරේ ඇතුලට ගියා. අර අජුම්මා එතන ම බිම ඉඳගත්තා නෙවෙයි ඉන්දවුනා වගේ මට පෙනුනේ .

"මට සමාවෙන්න රත්තරනේ මේ වගේ වැඩකට නැති ඔම්මා කෙනෙක් උනාට...... මම කොහොමද ඔයාව බේරගන්න ඒ තරම් මුදලක් හොයන්නේ ??? මට සමාවෙන්න රත්තරනේ ..  ."

තවත් වෙලා එතන ඉන්න බෑ කියලා හිතුන නිසා මම කිසිම දෙයක් අහන්නෙ නැතුව එහෙම්මම ආපහු හැරිලා ආවා. අජස්සී පහළ තට්ටුවේ හිටියත් මම කෙළින්ම කාර් පාර්ක් එකට ගිහින් කාර් එකට නැග්ගා.

"තුරන්නිම්... "

"අපි යමු අජස්සී... " මම කිව්වේ ඇහෙන නෑහෙන ගානට.

'මම කොහොමද ඔයාව බේරගන්න ඒ තරම් මුදලක් හොයන්නේ ??? මට සමාවෙන්න රත්තරනේ ..  .' අර අජුම්මා අඬ අඬ කිව්ව වචන තාමත් මගේ කන්වල රැවි දෙනවා වගේ . මෙච්චර කාලෙකට වෙන කිසිම කෙනෙක්ගේ දුකක් දැනුනේ නැති මගේ හිතට ඒ වචන හැම එකක් ම තදින් ම දැනුනා

ආදරේ ... පවුලේ එක ම ළමයා උන මට ඔම්මාගෙන් අප්පාගෙන් උපරිම ආදරයක් ලැබුනා... ඊලගට මට ඕන දේවල් ... මම කිව්වේ මොකද්ද අප්පා ඒ හැමදේම ගෙනැත් දෙනවා අනිවාර්යයෙන්ම . සමහරවිට ඒ අප්පාට එයාගේ ම කම්පැනි එකක් තියෙන නිසාද අප්පාට මට හැමදෙයක් ම ගෙනැත් දෙන්න පුලුවන් උනේ.. ඒ නිසාද සල්ලි නැති නිසාම මිනිස්සු දුක් විඳිනවා කියලා මම දැනගෙන හිටියේ නැත්තේ . කෙනෙක්ට අසනීප උනාම සල්ලි නැති නිසා ජීවත් වෙන්න තියෙන බලාපොරොත්තු නැති කරගන්න වෙන තරමට ඒ මිනිස්සු අසරණයි ද??? ලෝකේ ඇත්ත කියන්නේ මේක ද???

මම මගේ ජීවිතේ කවදාවත් ඔම්මා , අප්පා , යුන්ගී හ්‍යුන්ග් , මගේ යාලුවෝ හැර වෙන කිසිම කෙනෙක් ගැන වදවෙන කෙනෙක් නෙවෙයි , ඒත් අද ජීවිතේ පළවෙනි වතාවට මට චෝයි මින්හී ශීට එයාගේ දිනපොත , ටෙඩී බෙයාර්ව ආපහු දෙන්න , එයා හොඳින්ද බලන්න ඕන උනා . ඒත් දැන් එයාගේ ඔම්මා ටික වෙලාවකට කලින් කිව්ව වචන මට අමතක කරන්න බැරි තරමට ම මගේ හිතේ කාවැදිලා . ඒ කියන්නේ ඒ අජුම්මාට එයාගේ දුවව ආපහු ලැබෙන්නේ නැති වෙයි ද??
ඩොක්ටර්ස්ලාට එයාව බේරගන්න බැරි වෙයි ද???

හිතට දරාගන්න බැරි තරම් බැරෑරුම් සිතුවිලි පොදියකින් මගේ ඔලුව පිරිලා වගේ මට දැනුනේ .

"ඕහ්. අදල් ඔයා අද කලින් නේද ??? කියන්න නම් එපා ඔයා ප්‍රැක්ටිස් ඉවර වෙන්න කලින් හොරෙන් ආවා කියලා " මම living room එකට ඇතුල් වෙද්දිම ඔම්මා ඇහුවේ අතින් මගේ කොණ්ඩේ අවුස්සන අතරේ.

"අනී... සොන්සෙන්නිම්ට කියලා ආවේ ඔම්මා "

"ඔම්මා දන්නවා මගේ තොක්කියා හැමවෙලාවෙම දඟ වැඩ කරන්නේ නෑ කියලා ." ඔම්මා එහෙම කියලා මාවත් ඇදගෙන ගිහින් පුටු සැටියෙන් වාඩි උනාට පස්සේ මම ඔම්මාගේ උකුලෙන් ඔලුව තියාගත්තා . මේ ලෝකේ මට වැඩියෙන් ම ආදරේ දැනෙන ඒ උණුසුම , ඔම්මාගේ උණුසුම . මම තවත් ඔම්මාට ළං උනා.

"ජන්ග්කුකා ඇයි අද මොකුත් කියන්නේ නැත්තේ ?? හරියට ප්‍රැක්ටිස් කරන්න උනේ නැද්ද ??? අනිම් මුසුන්නිර් ඉසොස්ස්‍යොයෝ ??? (If not Did something happen??) " ඔම්මා ඇහුවේ හෙමින් සැරේ මගේ කොණ්ඩේ අතගාන අතරේ. වෙනදට මෙහෙම ඉන්නකොට ඔම්මා එක්ක දාහක් දේවල් කියවන මම අද ගොලු වෙලා වගේ මටත් දැනුනේ .

"අනියා ඔම්මා ...."

"ම්ම්ම්??? නෝ චින්චා ක්වෙන්චනා ??? (Are you ok?l අනිම් ඔදි අප්පායෝ ??? ( if not does it  hurt somewhere ?)" ඔම්මා ඇහුවේ කලබල වෙලා වගේ .

"අනී නා චින්චා ක්වෙන්චනායෝ ඔම්මා ... ( No .. i'm really fine mother ) නා ක(අ)න්‍යංග් නෝම හෙම්බොක්හේයෝ ( it's just i'm so happy )" මම කිව්වේ හැඟීම්බර විදිහට

"වේ???"

"උරි ඔම්මා අප්පා නෝම සරනග්හනන් සරම්දර්නිකා ( because both my mother and father are so loving people ) "

"අයිගෝ උරි අදල් ඔම්මා නෝම කම්ජොක්චොගින්දේ ( oh mother is so touched my son.) සරන්ග්හේ නේ අදල් (love you my son) ".  ඔම්මා එහෙම කියලා ඔලුව පාත් කරලා මගේ නළලට හාදුවක් දුන්නේ මගේ කොණ්ඩේ තවත් අවුස්සන ගමන් . ඔම්මාගේ මූණේ තිබුන හිනාව දකිද්දී මගේ හිතේ තිබුන කිසිම දෙයක් ඔම්මාට කියන්න නොහිතුණු නිසාම මම හෙමින් සැරේ ඇස් දෙක පියාගත්තේ ඔම්මාගේ උණුසුම උපරිම විඳින අතරේ.

.
.
.
ඊයේ රෑ දවල් උන දේවල් ගැන ආපහු ආපහු කල්පනා කළාට පස්සේ අන්තිමට මම හිතුවා අදත් හොස්පිටල් එකට ගිහින් ඊයේ දැකපු අජුම්මාව හම්බවෙනවා කියලා , සමහරවිට මට එයාට උදව් කරන්න පුලුවන් වේවි.ඒ නිසාම අදත් කොලේජ්  යන්න ගෙදරින් ආවත් පැය භාගයක් යද්දී මම හිටියේ හොස්පිටල් එකේ. අද නම් ඩ්‍රයිවර් අජස්සීට වාහනේ ම ඉන්න කියලා මම හොස්පිටල් එක ඇතුලට යන්න හැදුවත් ඒත් එක්කම මම දැක්කේ හොස්පිටල් එකේ පාර්ක් එකේ බංකුවක වාඩිවෙලා හිටිය අජුම්මාව.

ඊයේ රෑත් හිම වැටුණු නිසා තිබුන සීතලත් එක්ක වෙන කිසිම කෙනෙක් එලියේ නොහිටියත් එයා බංකුවක වාඩිවෙලා හිටියේ සීතලෙන් බේරෙන්න කබායක්වත් නැතුව . මම හෙමින් සැරේ ඒ බංකුව ළඟට ගියත් ඒ අජුම්මා කල්පනාවක හිටිය නිසාම මාව දැක්කේ නෑ . සාමාන්‍යයෙන් මම නාඳුනන අය එක්ක කතා කරන්න පැකිලෙනවා උනත් මම හෙමින් සැරේ අජුම්මාට එහාපැත්තෙන් වාඩි උනා .

"අජුම්මොනි."

"ම්.. ආගා නෝ වේ යොගි ඉස්සොයෝ ??? (Child why are you here ??)" අජුම්මා එකපාරටම ඇහුවේ පුදුම වෙලා වගේ .

"නේ???? (What??)" මම ඇහුවේ එකපාරටම අජුම්මා ඇහුවේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරි උන නිසා.

"ආගා ඇයි මේ සීතලේ එලියේ ඉන්නේ ???"

"ක්(අ)රොම් අජුම්මොනි ???? ( then ajummoni??)  අජුම්මොනි වේ යොගි ඉස්සොයෝ ???? ( why are you here ajummoni ??)" මම එහෙම අහද්දී අජුම්මා මගේ දිහා බැලුවේ පුදුම වෙලා වගේ . අජුම්මොනිගේ මූණ දුකෙන් පිරිලා තිබුනත් මම එහෙම අහද්දී එයා යන්තමින් හිනා උනා.

"මම ද??? මම මෙතන ඉන්නේ ...."

"ජන්ග්කුක්...." අජුම්මා කියද්දිම එකපාරටම ඇහුන අප්පාගේ කටහඬ නිසා මම පුදුම වෙලා වගේ බැලුවේ අප්පාගේ කටහඬ ඇහුන පැත්ත.

"අප්පා..."

"ජ... ජන්ග් හ්වන් ශී" අජුම්මා එකපාරටම අප්පාගේ නම කිව්වේ පුදුම වෙලා වගේ . අප්පා මගේ දිහා වගේ ම අජුම්මා දිහා මාරුවෙන් මාරුවට බැලුවේ පුදුම වෙලා වගේ .
මම බංකුවෙන් නැඟිටලා අප්පා ළඟට ගියා. අප්පා එක්ක secretary ලී අජස්සී ත් ඇවිත් හිටියා . ඒත් අප්පා කොහොමද දන්නේ මම හොස්පිටල් එකට ආවා කියලා .

"අප්පා..  අප්පා කොහොමද දන්නේ මම මෙහේ කියලා ???" මම එහෙම අහද්දී අප්පා මගේ දිහා බැලුවේ ගැස්සිලා වගේ .

"ඔයා අද මම ඔෆිස් යන්නත් කලින් ආව නිසා මම ඔයාට කෝල් කළා . ඒත් ගත්තේ නැති නිසා ඔයාගේ ඩ්‍රයිවර්ට ගත්තේ ආපහු ."

"අප්පා මේ ...මම ...."

"අදල් ඔයා දැන් යන්න , නැත්නම් අද college  යන්න පරක්කු වෙයි ඔයාට "

"ඒත්....."

"දැන් යන්න හොඳ ළමයා වගේ . ඔයාට ඕන උනේ ඒ ගෑණු ළමයට උදව් කරන්න නම් අප්පා ඒක කරන්නම් , ඔයා දැන් කොලේජ්  යන්න ." අප්පා එහෙම කිව්වේ මෘදු විදිහට උනත් ඒ වචනවල තිබුන අවධාරණාත්මක බව නිසාම මම ආපහු මොකුත් කියන්නේ නැතුව හෙමින් සැරේ කාර් පාර්ක් එකට ගියේ අප්පා කිව්ව විදිහට ම කොලේජ්  යන්න ඕන නිසා. අප්පා ඇත්තටම එයාලාට උදව් කරයි ද?? මට මේ දේවල් ආපහු ඒවායේ ඇත්තම අයිතිකාරයාට දෙන්න පුලුවන් වෙයි ද???

••••••End of flashback ••••••
"නූනා" අපි අතර තිබුන නිහඬතාවය දරාගන්න බැරි නිසාම මම හෙමින් සැරේ නූනට කතා කළා . අපි හිටියේ columbarium එකේ එලියේ තිබුන බංකුවක වාඩි වෙලා . මගේ මතක ආවර්ජනයෙන් පස්සේ නූනා තවමත් මූණ පහතට හරවාගෙන හිටියේ තවමත් වචනයක්වත් නොකියා .

"නූ..." මම ආපහු සැරයක් කතා කරන්න හදද්දිම නූනා හෙමින් සැරේ ඔලුව උස්සලා මගේ දිහා බැලුවා . ඒ ඇස්වල කඳුළු පිරිලා නූනගේ ඇස් හොඳටම රතු වෙලා .

"හැමදේම කියන්න ජන්ග්කුකා මම අහගෙන ඉන්නේ . "

"හැමදේම???? "

"එතකොට එදා මගේ ජීවිතේ බේරුනේ ඔයා නිසා නේද ?? ඔයාගේ අප්පා නිසා නේද ??? ඇයි ඔයා නන්නාඳුනන මම වගේ කෙනෙක්ට එහෙම උදව් කරන්න හිතුවෙ??? එතකොට අපි බුසාන්වල දී ආපහු මුණ ගැහුනේ කොහොමද ?? ඇත්තටම අහම්බයකින් ද???" නූනා ඇහුවේ ඇහෙන නෑහෙන තරමේ පහත් හඬකින් , ඒත් ඒ වචනවල මට ඇත්ත දැනගන්න ඕන කියන ආයාචනය ගැබ්වෙලා තිබුනා . මම ලොකු හුස්මක් ගත්තේ හැමදෙයක් ම ආපහු මතක් කරගන්න අතරේ.

"මම ජීවිතේ කවදාවත් බරපතළ විදිහට හිතුව කෙනෙක් නෙවෙයි නූනා . අපේ අප්පා එයාලාගේ පවුලේ ව්‍යාපාර කළේ, එයා සමාගමේ හෙජන්නිම් විදිහට වැඩ කළේ. ඔම්මාටයි අප්පාටයි හිටියේ මම විතරයි . අප්පා බිස්නස් වැඩ එක්ක කොච්චර කාර්‍යබහුල උනත් එයාලා දෙන්නා මම වෙනුවෙන් එයාලාගේ සම්පූර්ණ කාලය ම වැය කළා. මට උපරිම ආදරේ ලැබුනා , මම ඉල්ලන ඉල්ලන ඕන දෙයක් අරන් දුන්නා , මට ඕන දෙයක් කරන්න දුන්නා කිසිම දෙයක් නොකියා .

මට අවුරුදු 14ක් විතර වෙද්දී අප්පා මාව සමාගමේ සමහර වැඩවලට සම්බන්ධ කරගත්තා උනත් මට මගේ කැමැත්තට ජීවත් වෙන්න නිදහස තිබුනා . මම කවදාවත් අනිත් අයව තේරුම් ගන්න උත්සාහ කළේ නෑ . එක අතකට කිව්වොත් හරිම මුරණ්ඩු කොල්ලෙක් ,  මොකද මම මට ඕන දේ කොහොම හරි කළා, ලබාගත්තා. මම ඇත්තටම මොන වගේ කෙනෙක් ද කියන එක තේරුම් ගන්න පුලුවන් උනේ ඔම්මාට අප්පාට , යුන්ගී හ්‍යුන්ග්ට විතරයි .ඉතින් පොඩි කාලේ ඉදන් මම ජීවත් උනේ මේ ලෝකේ හරිම සුන්දර , අපිට ඕන දේවල් ලැබෙන , අපිට ඕන විදිහට ජිවත් වෙන්න පුලුවන් තැනක් කියලා හිතාගෙන .

එදා මම නූනාව දැක්කේ අහම්බයකින් , නූනව හොස්පිටල් එකට අරගෙන ගියාට පස්සේ මට ඕන උනේ නූනගේ දේවල් නූනට ආපහු දෙන්න . එදා මට ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක් ගැන එහෙම හිතුනේ ඇයි කියලා මමවත් දන්නේ නෑ .

ඒත් හොස්පිටල් එකට ගියාට පස්සේ නූනගෙ ඔම්මා , සොන්සේන්ග්නිම් කතා කරපු දේවල් ඇහුවට පස්සේ මට දැනුනේ මගේ සම්පූර්ණ ජීවිතේ ම බොරුවක් වගේ හැඟීමක් .   ජීවිතේ ගැන හරිම සැහැල්ලුවෙන් සතුටින් හිතපු මට මම නොදැනගෙන හිටිය ජීවිතේ අඳුරුපැත්තක් තියෙනවා කියලා එදා දැනුනා. එදා නූනගේ ඔම්මාගේ වචනවල තිබුන අසරණකම තවත් කෙනෙක් වෙනුවෙන් කවදාවත් උණු නොවුණු මගේ හිතට දැනුනා .

මට ඕන උනේ කොහොම හරි නූනට, නූනගේ ඔම්මාට උදව් කරන්න . ඒත් අප්පා ඒ ගැන දැනගත්ත නිසා අප්පා කිව්වා නූනගෙ ඔපරේෂන් එකට ඕන හැමදෙයක් ම අප්පා කරන්නම් කියලා . අප්පා කිව්වේ නූනගේ ඔම්මා අප්පාගේ පරණ යාලුවෙක් කියලා . කොහොම හරි ඊලග දවසේ නූනගේ ඔපරේෂන් එක කලා. මම ආපහු හොස්පිටල් ආවේ දවස් හයකට විතර පස්සේ , ඒ ආව දවසේ තමයි නූනා එලියේ බංකුවක වාඩිවෙලා ඉන්නකොට මට හම්බවුනේ . මම ගෑණු ලමයි එක්ක කතා කරන්න බයයි කියලා ඔම්මා හැමවෙලාවෙම මට විහිලු කරනවා , ඒත් එදා මට ඕන උනේ නූනා එක්ක කතා කරලා නූනව යාලු කරගන්න . ඉතින් ඊළඟ දවසේ මම ආපහු නූනව හම්බවෙන්න ආවේ නූනගෙ දිනපොත , ටෙඩී බෙයාර්වත් අරගෙන . ඒත් ඒ එද්දී නූනා හොස්පිටල් එකේ කොහෙවත් හිටියේ නෑ . අන්තිමට නූනා හිටිය කාමරේ හිටිය නර්ස් කිව්වේ නූනගෙ ටිකට් කපන්න කලින් නූනව හොස්පිටල් එකෙන් එක්කරගෙන ගිහින් කියලා .

ආපහු නූනා ගැන හොයලා බලන්න , නූනා ඉන්නේ කොහෙද කියලා දැනගන්න විදිහක් නැති නිසා මට ලොකු දුකක් දැනුනේ . අප්පා නූනා ගැන හොයන්න හැදුවත් අප්පාටත් මොකුත් හොයාගන්න බැරි උනා.

මම මක්දොක් දොන්ග්වල හරබොජිගෙ ගෙදර ඇවිත් ඉන්නකොට නූනව ආපහු හම්බවුනේ අහම්බයකින් . ඒත් නූනටත් මාව මතක තිබුනා අපි හොස්පිටල් එකේදී හම්බවුණා කියලා . ඊට පස්සේ උන දේවල් නූනා දන්නවානේ ."

"ඇයි එතකොට දිනපොත මට ආපහු දුන්නේ නැත්තේ???"

"නූනට ඒ කාලේ අමතක නිසා අජුම්මොනි කිව්වා නූනට දිනපොත දුන්නොත් නූනා ඒ දේවල් ආපහු මතක් කරන්න බලෙන් උත්සාහ කරයි,  ඒක නූනට හොඳ නැති නිසා නූනට දිනපොත ආපහු දෙන්න එපා කිව්වා . "

"ගුමාවොයො ජන්ග්කුකා මාව බේරගත්තාට, මෙච්චර කාලෙකට මගේ ම දොන්ග්සෙන්ග් වගේ මගේ ළඟින් හිටියට. " නූනා ටික වෙලාවකට පස්සේ කිව්වා .

"ඒ කියන්නේ නූනා දැන් මාත් එක්ක තරහා නෑ නේද ??" මම ඇහුවේ එකපාරටම මූණට ආපු හිනාවත් එක්ක .

"අනී මම මොකටද මගේ කුකී එක්ක තරහා වෙන්නේ ?? මම ඔයාගේ අප්පාව හම්බවෙලා එයාටත් ස්තූති කරන්න ඕන මගේ ඔම්මට , මට උදව් කළාට" නූනා කිව්වේ හැඟීම්බර විදිහට . ඒත් අප්පා තාමත් දන්නේ නැහැනෙ මම නූනා ඉන්න තැන දන්නවා , මෙච්චර කාලයක් මම නූනා ගැන දැනගෙන හිටියා කියලා .

"නූනා ඒක පස්සේ දවසක කරන්න පුලුවන්නේ ... නේද ????" මම යාප්පුවෙන් වගේ එහෙම අහද්දී නූනා එයාගේ ඇස්වල පිරිලා තිබුන කඳුළු පිහදාලා මගේ දිහා බැලුවේ ඇස් කරකවලා වගේ . මේ මොකද මෙච්චර වෙලා අඬපු නූනා දැන් මට ඔරවනවා වගේ පේන්නේ ???

"ඔව් ඒක පස්සේ කරමු.... ඒත් ...." නූනා එහෙම කියලා එකපාරටම මගේ උරහිසට අතින් පාරක් ගැහුවා.

"ආහ් නූනා අප්පායෝ... ( noona it hurts ) වේ නාන්තේ තෙර්යොස්සොයෝ??? (Why did you hit me??) " මම ඇහුවේ ගොඩක් රිදුනා වගේ මගේ උරහිස අතගාන අතරේ.

"වේ??? ඇයි තමයි . මෙච්චර කල් මට බොරු කිව්වා. අප්පා බැංකුවක accontant කෙනෙක්  කිව්වා , ඔම්මා ගෙදර ඉන්නේ කිව්වා . Photography ඉගෙනගන්න ඇමෙරිකා යන්නේ scholarship එකකට කිව්වා ... තව..  තව...."
නූනා එහෙම කියලා තවත් පාරක් උරහිසට ගැහුවා...

"අරස්සො අරස්සෝයෝ ( ok.ok) . මියානේ (sorry) නූනා ...ගහන්න එපා රිදෙනවා ..." මම කෑගැහුවේ  නූනගෙන් බේරෙන්න බංකුවේ තවත් එහාට වෙන අතරේ.

"ඒක හිතන්න තිබුනේ බොරු කියන්න කලින් " නූනා කිව්වේ කටත් උල්කරගෙන ආපහු සැරයක් මට ගහන්න හදන ගමන් . ඇත්තටම නූනා ගහපු පාරට උරහිස ටිකක් රිදෙනවා උනත් ටික වෙලාවකට කලින් කඳුළු පිරිලා තිබුන ඇස්වලින් ම නූනා හිනාවෙද්දී මට දැනුනේ සතුටක්.

"නූනා...  මට ඕන උනේ නෑ අපි දෙන්නාගේ යාලුකමේ වෙනසක් වෙනවා දකින්න . නූනා මගේ ගැන හිතුවෙ නූනගෙ ම දොන්ග්සෙන්ග් වගේ , ඉතින් මට හිතුනා මම ඇත්ත ම කිව්වොත් ඒ බැඳීම නැති  වෙයි , නූනා මගෙන් ඈත් වෙයි කියලා ". මම ඇත්තම හේතුව කිව්වට පස්සේ නම් නූනා මගේ උරහිසට ගහන එක නැවැත්තුවා.

"ඒත් .. ඒත් නූනා කොහොමද එකපාරටම දැනගත්තේ නූනා ඇක්සිඩන්ට් උන එක ගැන අපි ඇත්ත කිව්වේ නෑ කියලා .???"  එහෙම අහද්දී නම් නූනා මට ගහන එක අමතක ම කරලා  මගේ දිහා බැලුවේ බැරෑරුම් විදිහට .

"ඊයේ ජේහ්‍යුන්ග් ශී මට කිව්වා ... මම කිව්වේ ...."

"ටේහ්‍යුන්ග්... කිම් ටේහ්‍යුන්ග් නේද ???"  නූනා කියලා ඉවර වෙන්න කලින් මම ඇහුවා . නූනා ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බැලුවා .

"නෝ නෝ ඕතොක්කේ අරා ක්(අ) තුරසම් හන් සරම්රනන්ගොල්??? ( You .. how do you know that two persons are one person ???)" නූනා ඇහුවේ හොඳටම පුදුම වෙලා .

"මියානේ නූනා ඒත් දවසක් මම කුතුහලය නිසාම නූනගේ දිනපොත කියෙව්වා . ඉතින් නූනා ටේහ්‍යුන්ග් කියලා කෙනෙක්ට ආදරේ කරා කියලා මම දැනගෙන හිටියා. ඒත් ටේහ්‍යුන්ග් කියලා කියන්නේ කිම් කෝපරේෂන් එකේ හෙජන්නිම්ගේ පුතා කියන එක ඇරෙන්න වෙන කිසිම දෙයක් මට හොයාගන්න බැරි උනා, නූනා ඇක්සිඩන්ට් උනාට පස්සේ එයා ගැන කිසිම දෙයක් මට හොයාගන්න බැරි උනා . " මම එහෙම කිව්වේ නූනා ඇක්සිඩන්ට් උන දවසෙම නූනා ආදරේ කරපු කෙනත් ඇක්සිඩන්ට් උනා කියලා නූනට කියන්නේ නැතුව . හැමදෙයක් ම එක සැරේ නූනට දරාගන්න අමාරු වෙන නිසා මම එහෙම කරන්න හිතුවෙ .

"ඉතින්???"

"නූනා කිව්වනේ නූනගේ financial management section එකේ head ජේහ්‍යුන්ග් ශී නූනට කැමතියි කියලා , ඉතින් මම එයා ගැන ටිකක් හෙව්වා . ඊට පස්සේ තමයි මම දැනගත්තේ ඒ නූනා කලින් කැමැත්තෙන් හිටපු කෙනාමයි කියලා . මට නූනට හැමදේම කියන්න ඕන උනත් මම අජුම්මාට පොරොන්දු වෙලා හිටියේ නූනට මේ කිසිම දෙයක් බලෙන් මතක් කරන්න යන්නේ නෑ කියලා . ඉතින් නූනගේ සතුට වෙනුවෙන් මම ඒ පොරොන්දුව කඩ කරන්න තීරණය කළා උනත් ඊට කලින් අජුම්මාට ඒ ගැන කියන්න මට ඕන උනා, අජුම්මා මාත් එක්ක තරහා ඇති ඒත් නූනා වෙනුවෙන් මට කරන්න පුලුවන් ඒ දේ විතරයි කියලා මට හිතුනෙ. " මම කියද්දි නූනා හෙමින් සැරේ මගේ අතින් අල්ලාගත්තා .

"ගුමාවොයෝ ජන්ග්කුකා මට හැමදේම කිව්වට... ඒත්..." නූනා එහෙම කියලා ආපහු සැරයක් හෙමින් සැරේ  බිම බලාගත්තා.

"ඇයි නූනා ඒත් කිව්වේ ????" මම ඇහුවේ එකපාරටම නූනගේ කටහඬ වෙනස් වෙනවා දැනුන නිසා . නූනා තවත් ටික වෙලාවක් ඒ විදිහට ම ඉදලා හෙමින් සැරේ මගේ දිහා බැලුවා .

" ඇයි ටේහ්‍යුන්ග් ශී මම ඇක්සිඩන්ට් උනාම මාව හොයාගෙන ආවේ නැත්තේ?? ඇයි එයා මම ඇක්සිඩන්ට් උනාම ඇමෙරිකා ගියේ??? ඇයි එයාට ආපහු මාව හොයාගන්න මෙච්චර කාලයක් ගියේ??" නූනා ඇහුවේ දුකෙන් වගේ . නූනට ඇත්ත කිව්වොත් නූනා ගොඩක් දුක්වෙයි, සමහරවිට ටේහ්‍යුන්ග් ශීගේ ජීවිතේ ඊට පස්සේ උන දේවල් වලටත් නූනා එයාට දොස් පවරාගනියි, ඒ නිසා සමහරවිට නූනා  ඒ හැමදේම ගැන දැනගන්න තව කල් තියෙයි . මම එහෙම හිතලා නූනා මෙච්චර වෙලා පැත්තකින් තියලා තිබුන නූනගේ දිනපොත අරගෙන නූනගේ අතෙන් තිබ්බා.

"නූනා සමහරවිට ටේහ්‍යුන්ග් ශීට එයාගේ ම හේතු තියෙන්න ඇති එහෙම කරන්න . එයා නූනට ඒ ගැන කියයි කවදාහරි . ඒත් ඊට කලින් නූනා නූනට අමතක දේවල් දැනගන්න ඕන නේද ?? මේ පොතේ නූනා ගොඩක් දේවල් ලියලා තියෙයි . මියානේයෝ නූනා නූනගෙන් අහන්නෙ නැතුව ඒක කියෙව්වට. ඒත් දැන් මම මේක මේකේ ඇත්තම අයිතිකාරයට දෙනවා ,ඒ නිසා නූනට ම පුලුවන් ඒ ගැන කියවලා බලන්න . " මම එහෙම කිව්වට පස්සේ නූනා මොකුත් නොකියා හෙමින් සැරේ ඔලුව වැනුවේ අත් දෙකින්ම දිනපොත තදින් අල්ලාගෙන .

මට දැනුනේ මගේ හිත ලොකු බරකින් නිදහස් උනා වගේ. අන්තිමට මම නූනට ඇත්ත කිව්වා .

දන්නෙම නැතුව අපි columbarium එකට ඇවිත් ගොඩක් වෙලා ගිහින් , වෙලාව යනවා දැනුනෙත් නෑ .

"නූනා.. අපි යමු දැන් ... දැන් ගොඩක් වෙලා ගිහින් " මම එහෙම කියලා නූනගේ අතින් අල්ලගෙන බංකුවෙන් නැගිට්ටා. නූනා දැන් හැමදේම අමතක කරලා හිනාවෙලා ඉන්නවා වගේ පෙන්නුවත් නූනගේ හිත දැන් ගොඩක් කලබල වෙලා ඇත්තේ, ඒ නිසා නූනට ඉක්මනට විවේකයක් ගන්න හොටෙල් එකට යන එක තමයි දැන් කරන්න ඕන.

Min Hee's POV
හොටෙල් එකට ආවට ගමන් ම  මහන්සිය යන්න හිතාගෙන වොෂ් එකක් දාගත්තට පස්සේ දැනුන නිදිමත එක්ක ඇඳේ පෙරලුනේ ටික වෙලාවකින් ඇහැරිනවා කියලා  ඒත් අන්තිමට ඇහැරෙද්දී හවස 6ට විතර ඇති . එකපාරටම ඉන්නේ නුපුරුදු තැනක කියලා දැනුන නිසා ඇහැරලා නිදිමත නැති වෙන්න මූණ හෝදගෙන ඇවිත් වටපිට බලද්දී මගේ ඇස ගැටුනේ  මගේ ෆෝන් එකත් එක්කම මේසය උඩ තිබුන  දිනපොත . දිනපොතත් අරගෙන මම හෙමින් සැරේ ඇඳෙන් වාඩි උනා.

උදේ සෝල්වලින් එද්දී හිතුවෙවත් නැති විදිහට ගොඩක් දේවල් අද සිද්ද උනා. ජන්ග්කුකා කිව්ව දේවල් එක්ක මට දැනගන්න ඕන වෙලා තිබුන ගොඩක් දේවල් මම දැනගත්තා උනත් ඒත් එක්කම මගේ හිතේ තවත් ප්‍රශ්න එකතු උනා. මට දැනෙන්නේ මගේ හිතත් හරියට පැටලුන නූල් බෝලයක් වගේ .

ඔම්මා මට කවදාවත් මම ඇක්සිඩන්ට් උන එක ගැන , මගේ සර්ජරි එක ගැන ගොඩක් දේවල් කිව්වේ නැත්තේ ඒ දෙකම ඔම්මාට වගේ ම මටත් සංවේදී මාතෘකා නිසා කියලා මම තේරුම් අරන් හිටියේ. ඒත් ජන්ග්කුකා එයාට ඔම්මාව හම්බවුන විදිහ කිව්වට පස්සේ ඔම්මා මම නිසා කොච්චර අසරණ වෙන්න ඇතිද?? මම නිසා ඔම්මා කී වතාවක් හිතින් එයාටම දොස් පවරාගන්න ඇති ද කියලා මට හිතාගන්න බැරි උනා. මේ දේවල් කවදාවත් මටවත් කියන්නේ නැතුව ඔම්මා කොච්චර හිතින් විඳවන්න ඇති ද???

ඊළඟට ජන්ග්කුකා ..... සර්ජරි එකෙන් පස්සේ මට සොන්සෙන්නිම් ඇඳෙන් බහින්න පුලුවන් කිව්වේ දවස් පහකට විතර පස්සේ . ඊලග දවසේ මම හොස්පිටල් එකේ උද්‍යානයේ තිබුන බංකුවක වාඩිවෙලා ඉන්නකොට මම කවදාවත් දැකලා නැති පිරිමි ළමයෙක් ඇවිත් මගේ ළඟින් වාඩි උනේ ටිකක් බයෙන් බයෙන් වගේ . ඒත් ටික වෙලාවකින් ඒ ජිල් බෝල වගේ දිලිසුන ඇස් , හා පැටියෙක් වගේ දත් පේන්න මූණේ මැවුන අහිංසක හිනාව... මට ජන්ග්කුකාව ඉස්සෙල්ලාම මුණ ගැහුන හැටි, මුලින් බයෙන් බයෙන් වගේ කතා කරපු හැටි... ඒ හැමදේම මට තාමත් මතකයි. ජන්ග්කුකා මෙච්චර කාලෙකට නොකිව්වත් මගේ ජීවිතේ බේරුනේ එයා නිසා නේද ??

එතකොට ... එතකොට ටේහ්‍යුන්ග් ශී ... මට දැනුනේ දිනපොත තිබුන මගේ අත වෙව්ලනවා වගේ . මම හිත ටිකක් සන්සුන් කරගන්න කියලා හිතාගෙන මෙච්චර වෙලා ඕෆ් කරලා තිබුන ෆෝන් එක ඔන් කළා. ඒත් ටික වෙලාවක් යද්දී ෆෝන් එකට notification ගොඩක් ආවේ එක දිගට. ටේහ්‍යුන්ග් ශී... එයා උදේ ඉදන් ආපහු ගොඩක් සැරේ මට කතා කරලා තිබුනා . මැසේජ් දාලත් තිබුනා ...

ඒත් ... මම දැන් එයාට කතා කරලා මොකද්ද කියන්නේ ??? දැන්ම ම නෙවෙයි ... මට අපි ගැන අමතක හැම දෙයක් ම දැනගන්න ඕන ටේහ්‍යුන්ග් ශී . මට ඒ දේවල් මතක් කරගන්න බැරි උනත් මේ දින පොතෙන් හරි මම ඒ දේවල් ගැන දැනගන්න ඕන .

මම එහෙම හිතන ගමන් ෆෝන් එක ආපහු පැත්තකින් තියලා මගේ ගැහෙන ඇඟිලි තුඩුවලින් දිනපොත පෙරළන්න ගත්තා .

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : අන්න්‍යොන්ග් චින්ගුදල් . ගොඩක් කල් ගියා නේද ආපහු කතාව දෙන්න . සමාවෙන්න මෙච්චර කල් ගත්තට.
හිතනවා ගොඩක් ප්‍රශ්න එක්ක කතාව ලිව්වා උනත් ඔයාලාට කියවන්න පුලුවන් විදිහට කතාව ලියවෙන්න ඇති කියලා .
සරන්ග්හේ නේ චින්ගුදල් ❤️💜️💜️💜️💜️💜️❤️

Edited and republished on 15/04/2023

Bạn đang đọc truyện trên: AzTruyen.Top