Chapter 27
❤️Kim Jaehyung or Taehyung ❤️
Min Hee's POV
අන්තිමට ටේහ්‍යුන්ග් එක්ක මගේ අපාර්ට්මන්ට් එක ළඟට රෑ 8 විතර උනා. අපි දෙන්නා පාර්ක් එකේ ගොඩක් වෙලා හිටිය නිසා ඇඟට සීතලක් දැනුනත් ඒ සීතල අභිබවා යන්න පුලුවන් විදිහේ උණුසුම් හැඟීම්වලින් හදවත පිරිලා තිබුනේ . අපාර්ට්මන්ට් එකේ දොර ඇරපු ගමන් මම හෑන්ඩ් බෑග් , සෙරප්පු දෙක ඔක්කොම විසි කරලා දුවගෙන ගිහින් ඇඳට පැන්නා . අතින් ටෙඩී බෙයාවත් තුරුල් කරගෙන මූණත් කොට්ටෙකට ඔබාගෙන මම තනියෙන් හිනා උනේ පිස්සියෙක් වගේ . ටිකක් වෙලා ගියාට පස්සේ මම ආපහු ඇඳේ අනිත් පැත්තට පෙරලිලා සිවිලිම දිහා බලාගෙන කල්පනා කළේ පාර්ක් එකේදී උන දේවල් ගැන .
'ටේහ්‍යුන්ග් මට කැමතියි කිව්වා , මමත් එයාට කැමතියි කිව්වා. අපි දෙන්නා ..... කිස් කළා... ඔව් ..... මට ඇත්තටම ගොඩක් සතුටුයි .... ඒත් කාටද මේක ඉස්සෙල්ලාම කියන්නේ ... ජන්ග්කුකාට... අනී ඊට කලින් කියන්න ඕන කෙනෙක් ඉන්නවා .'
මම ඉක්මනට ටෙඩී බෙයාර්ව පැත්තකට විසි කරලා ඇඳෙන් නැඟිටලා දුවගෙන ගියේ කාමරේ මේසේ ළඟට. මේසේ උඩ තිබුන ඔම්මාගෙයි මගෙයි ෆොටෝ එක අරගෙන මම පපුවට තුරුල් කළේ දැනෙන සතුට දරාගන්න බැරි නිසා .
"ඔම්මා...ඔම්මා දන්නවද??? අද ....අද ජේහ්‍යුන්ග් ... අනී ජේහ්‍යුන්ග් නෙවෙයි ටේහ්‍යුන්ග් .... ටේහ්‍යුන්ග් කියන්නේ ජේහ්‍යුන්ග්ගේ ඇත්ත නම... අද එයා මට කැමතියි කිව්වා... මමත් එයාට කැමතියි කිව්වා... අපි ගොඩක් වෙලා කතා කරකර හිටියා... එයා මට කිව්වා අපි දෙන්නා .... අපි දෙන්නා ....." මම එකපාරටම කියන්න හදපු දේ ඉබේටම නතර උනා. මම ඔම්මාගේ ෆොටෝ එක මගෙන් ඈත් කරලා ඔම්මාගේ මූණ දිහා බැලුවා .
"ඔ....ඔම්මා. එයා කිව්වා අපි මීට කලින් දැනගෙන හිටියේ කියලා ... එයා කිව්වා එයාට මාව හම්බවුනේ ..... සෝ....සෝල්වලදී කියලා .... ඔ....ඔ...ම්..මා" ටේහ්‍යුන්ග් කිව්ව දේවල් ආපහු ආපහු මතක් වෙද්දී මට දැනුනේ මගේ අත පණ නැතිව යනවා වගේ . ෆොටෝ එක වැටෙන්න ගිය නිසාම මම ඒක වෙව්ලන අත්වලින් මේසේ උඩින් තිබ්බා. මාව මේසය ඉස්සරහා දණ ගැහුනේ ඉබේටමයි .
"ඔ....ඔම්මා... ඒ හැමදේම ඇත්ත කියලා මට දැනෙනවා .... ඒත් ...ඒත් එතකොට ඔයා මට බොරු කිව්වේ ඇයි ඔම්මා ?? ඇයි මෙච්චර කාලයක් මට බොරු කිව්වේ .. කියන්න ඔයා මට බොරු කිව්වේ නෑ කියලා ... ඔම්මා"
මට එකපාරටම දැනුනේ මගේ හැඟීම් මට පාලනය කරගන්න බෑ වගේ .. ඔම්මා ඇත්තටම මට බොරු කියයිද??? මට ඒ කාලේ ගැන කිසිම දෙයක් මතක නැති උනත් ටේහ්‍යුන්ග් කිව්ව දේවල් ඇත්ත කියලා මගේ හිත මට කියනවා... ඒත් .. ඔම්මා මට බොරු කිව්වා නම් ඒකට හේතුවක් තියෙන්න ඇති නේද ??? එහෙම නැත්නම් ඔම්මා කවදාවත් මට බොරු කියන්නේ නෑ කියලා මම දන්නවා . ඒත් මම කොහොමද මේ හැමදේම ගැන හරියටම හොයාගන්නේ . මට අහන්න කෙනෙක් හරි ..නැත්නම් ඔම්මා ලියපු දෙයක් හරි ......
'මගේ දින පොත්....' එකපාරටම මතක් උන දෙයක් නිසා මම වෙව්ලන කකුල් වලින් මගේ කාමරේට එහා පැත්තේ තිබුන වැඩිපුර කාමරේට දුවගෙන ගියා . ඒකේ තිබුනේ තාමත් පෙට්ටිවල ම තිබුන මගේ බඩු. මම ඉක්මනට පෙට්ටි අතරින් මට ඕන පෙට්ටිය අරගෙන කාමරේ මැද්දෙන් තියලා එතැනින් ම වාඩි උනා. මේ පෙට්ටියේ තිබුනේ මගේ පරණ දින පොත් ඔක්කොම . මම දින පොතේ ලියන්න පටන් ගත්තේ අවුරුදු 7දි විතර . මම ටේහ්‍යුන්ග් කිව්ව විදිහට සෝල්වල හිටියා නම් මෙතන අනිවාර්යයෙන්ම ඒ විස්තර තියෙන්න ඕන . මම පෙට්ටියේ පියන අයින් කරලා . දිනපොත් එකින් එක එලියට ගත්තා. දින පොතේ ඉස්සරහා අවුරුද්දට අමතරව ඒ අවුරුද්දේ මගේ වයසත් ලියලා තිබුනා .
අවුරුදු 24, 23, 22, 21, 20..... ඊළඟට 19 ....ඊළඟට 17..... ඊට යටින් තියෙන්නේ 16... එහෙම වෙන්නේ කොහොමද ?? මම යටින් තිබුන පොත් ටිකත් එලියට ගත්තා. අවුරුදු 15 ඉදන් අවුරුදු 7 වෙනකල් එතන තියෙයි . මෙතන දින පොත් 17ක් තියෙයි ... ඒ කියන්නේ එකක් අඩුයි.. 2013 දින පොත... මට අවුරුදු 18 දි මගේ දින පොත කෝ?? මම 2013දිත් දින පොත ලියන්න පටන් ගත්තා කියලා මට මතකයි ... එතකොට ... ටේහ්‍යුන්ග් කිව්ව දේවල් ඇත්ත... ඒත් මම මට මොකද්ද උනේ කියලා හරියට ම දැනගන්නේ කොහොමද ??? ඔම්මා මට බොරු කිව්වේ ඇයි මම ඇක්සිඩන්ට් උනේ සෝල්වලදී නෙවෙයි බුසාන්වල දී කියලා ... ඇයි මට ඒ කාලේ ගැන ඇත්ත කිව්වේ නැත්තේ... එතකොට .. ජ..... ජන්ග්කුකා
Flashback ...
"නූනා... මම දෙයක් කියන්නද??? ඒත් තරහා වෙන්න බෑ ඔන්න ... ඇත්තටම නූනා ඇක්සිඩන්ට් වෙලා සිහි නැතුව ලේ ගොඩක් මැද වැටිලා ඉන්නවා දැක්කම මට හිතුනේ නූනාව බේරගන්න බැරි වෙයි කියලා ... මොකද්දෝ අමුතු බයක් මට දැනුනේ .... "
"පිස්සු කොල්ලා ....මම දැන් හොඳට ඉන්නේ "
"විහිලුවක් නෙවෙයි නූනා මම ඇත්තටම කියන්නේ නූනගෙ සර්ජරි එක ඉවර වෙලා නූනට සිහිය එනකල් මම ඇත්තටම ගොඩක් කලබල වෙලා හිටියේ ."
End of flashback
ජන්ග්කුකා .... එයා ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මම වැටිලා ඉන්නවා දැක්කා කිව්වා . ඊළඟට මට හොස්පිටල් එකේ දී සිහිය ආවට පස්සේ එයා මාව බලන්න ආවා. එයත් මට බොරු කිව්වද??? අ....අන්ද්වේ .
ඇදලා දාපු පෙට්ටිය එහෙම්ම ම තියෙද්දි මම ආපහු සැරයක් living room එකට දුවගෙන ගියා. සෝපාව උඩ වැටිලා තිබුන හෑන්ඩ් බෑග් එක අතට ගත්තත් මගේ ඇඟිලි පණ නෑ වගේ දැනුනේ බෑග් එක ඇරගන්න .
' මින්හියා calm down.... කලබල වෙන්න එපා ... හෙමින් සැරේ ජන්ග්කුක්ගෙන් මේ ගැන අහලා බලන්න .' මම හිතින් මට ම කියාගන්න ගමන් හොඳ හුස්මක් ගත්තේ ජන්ග්කුක්ට කෝල් කරන්න කලින් .
'කුකියා... ප්ලීස් ආන්ස්වර් කරන්න .' මම හිතින් මට ම මිමිනුවේ හෙමින් සැරේ ආපහු කාමරේට ගිහින් මගේ ඇඳේ වාඩි වෙන අතරේ.
"යොබුසෙයෝ....." එකපාරටම එහා පැත්තෙන් ඇහුනේ ජන්ග්කුකාගේ කටහඬ
"ජන්ග්කුකා......"
"නූනා. වෙයෝ????"
"වේ කොජිමල්හෙස්සෝ ??? වේ???? (Why did you lie??? Why???)" කොච්චර සන්සුන් වෙන්න උත්සාහ කළත් එකපාරටම මට දැනුනේ මාව ආපහු කලබල වෙනවා වගේ .
"මින්හී නූනා ....."
"ඇයි ඔයාලා කිව්වේ මාව ඇක්සිඩන්ට් උනේ බුසාන්වල දී කියලා ... ඒක බොරුවක් නේද ????" මම ඇහුවේ ඇස් දෙකත් තදින් පියාගෙන ජන්ග්කුක්ගෙන් ඕන ම විදිහේ උත්තරයක් බලාපොරොත්තුවෙන් .
"නූනා මේ අහන්නකෝ......" ටික වෙලාවක නිහඬතාවයකින් පස්සේ කුකී කතා කළේ මාව සන්සුන් කරන්න වගේ කටහඬකින් .
"අනී මට ඔයාව හම්බවෙන්න ඕන . හෙට උදෙන්ම ඔයාව හම්බවෙන්න ඕන . " මම කිව්වට වඩා අණ කළා වගේ මට දැනුනේ .
"නූනා.... මම හෙට හදිසියේ බුසාන් යනවා දවස් තුනකට විතර .... ආපහු ආවට පස්සේ මම ....."
"කුකී.... මට හැමදෙයක් ම දැනගන්න ඕන . තවත් මේ විදිහට හිටියොත් මට ඇත්තටම පිස්සු හැදෙයි. ඔයා අනිවාර්යයෙන්ම යන්න ඕන ද????" දවස් තුනක් කිසිම විසඳුමක්, මගේ ප්‍රශ්නෙට උත්තරයක් නැතුව මේ හැමදේම මගේ ඔලුවේ තියාගෙන ඉන්නවා කියන්නේ මට පිස්සු හැදෙයි .. අන්තිමට මට දැනුනේ ඇත්තටම අසරණකමක් .
"මම යන්න ම ඕන නූනා . ඒත් ඔයාටත් එන්න ඕන ද??? යක්සොක්හේ (promise ) නූනා ඒ ගියාට පස්සේ මම දන්න හැමදෙයක් ම ඔයාට කියන්නම්." කුකී එකපාරටම ඇහුවේ මම බලාපොරොත්තු නොවුණු විදිහට .
"හෙට ??? මට නිවාඩු ගන්න පුලුවන් ඒත් ....." මේ වෙලාවේ හැටියට මට ඉක්මනට ඇත්ත දැනගන්න පුලුවන් නම් මම ඕනම දෙයක් කරනවා ඒත් එකපාරටම බුසාන් යන්නේ කොහොමද ?? අනිත් එක කුකී යන්නේ එයාගේ වැඩකට නම් මමත් එක්ක ගිහින් එයාට එයාගේ වැඩත් කරගන්න බැරි වෙයි හරියට .
"මම දැන්මම tickets බුක් කරනවා. මම ෆ්ලයිට් එකේ වෙලාව කියන්න තව ටිකකින් කෝල් කරන්නම්. අරස්සෝ????"
"යාහ් ඔයා කොහොමද එහෙම කරන්නේ ?? දවසින් බුසාන් යන්න flight ticket ගන්න බෑ .. ඒක නිසා...." මේ කොල්ලා කොහොමද දැන් ticket බුක් කරන්නේ හෙට උදේට යන්න
"අනී නූනා විනාඩි 10ක් ඉන්න . මම flight එකේ වෙලාව කියන්නයි, අපි යන වෙලාව කියන්නයි තව ටිකකින් ගන්නම්. අරස්සෝ නූනා ??" ඒත් ජන්ග්කුක් ඇත්තටම ද මේ කියන්නේ එයා කොහොමද එහෙම කරන්නේ
"අරස්සෝ.... මියාන් ඔයාට කෑගැහුවට ." අන්තිමට මම එයා කිව්ව දේට කැමති උනා. ඒත් කොච්චර කේන්ති ගිහින් හිටියා උනත් කුකී එක්ක කේන්තියෙන් ඉන්න මට බැරි නිසාම කලින් කෑගැහුව එක ගැන මම සමාව ඉල්ලුවා .
"අනී නා ක්වෙන්චනායෝ නූනා ... මම තව ටිකකින් කෝල් කරන්නම්." කුකී එහෙම කියලා කෝල් එක කට් කළාට පස්සේ මමත් ආපහු ඇඳේ පෙරලුනා.
'අපි උත්සාහ කරලා බලමු සමහරවිට ජන්ග්කුකා මේ දේවල් ගැන දන්නවා ඇති' මම හිතින් මට ම මුමුණා ගත්තා .
......................
කලින් දවසේ රෑ ජන්ග්කුකා කියපු විදිහට මම උදේ 7 වෙද්දී ලෑස්ති වෙලා ඉවර වෙද්දිම ජන්ග්කුකා මගේ අපාර්ට්මන්ට් එකට ආවා.
"මම බෑග් එක අරගෙන එන්නම්" ජන්ග්කුකා ඇතුලට ආපු ගමන් මම එහෙම කිව්වත් ඊට පස්සේ අපි අතර තිබුනේ නිහඬබවක් . මම වගේ ම ජන්ග්කුක්ගෙ හිතෙත් චකිතයක් ඇති . අන්තිමට මම කාමරේ තිබුන මගේ බෑග් දෙක අරගෙන එද්දී කුකී මගේ ඉස්සරහින් හිටගත්තා .
"නූනා" කුකීගේ කටහඬේ තිබුන දුකෙන් පිරුන ගතිය මට හොඳටම දැනුනා.
"හ්ම්....."
"තාම මාත් එක්ක තරහයි ද???" ජන්ග්කුකා පහත් හඬකින් එහෙම කියද්දි මෙච්චර වෙලා බිම බලාගෙන ජන්ග්කුකාගේ ඇස් මඟෑරලා හිටිය මට ඉබේටම කුකීගේ මූණ දිහා බැලවුනා .
"ජ....ජන්ග්කුකා ...." ජන්ග්කුකාගේ රතු උන ඇස් වගේ ම අඳුරු වෙලා තිබුන මූණ දැකලා මට ඉබේටම කියවුනා . එයාගේ ඇස් මෙහෙම වෙන්නේ රෑට හරියට නිදාගත්තේ නැති උනාම. මම මොකුත් කියන්න කලින් කුකී මගේ අතක් අරගෙන එයාගේ අත් අතරට මැදි කරගත්තා .
"මියාන්හේ නූනා ... ඇත්තටම සමාවෙන්න ඔයාගෙන් ගොඩක් දේවල් හැංඟුවාට, ඒත් ඒත් එක ම එකපාරක් ඔයාට මට සමාව දීලා මාව විශ්වාස කරන්න පුලුවන් ද?? එක ම එක වතාවක් විතරක් ???" ජන්ග්කුකා කිව්ව විදිහට එයාගේ ඇස්වල වගේ ම මගේ ඇස්වලත් කඳුළු පිරුණා .
ඔම්මා , ජන්ග්කුකා කියන්නේ මේ ලෝකේ මම වැඩියෙන්ම විශ්වාස කරපු දෙන්නා වගේ ම දැන් ජන්ග්කුකා කියන්නේ මම වැඩිපුරම විශ්වාස කරන කෙනා . අපි හොස්පිටල් එකේදී ඊට පස්සේ බුසාන්වල දී හම්බවුනේ අහම්බෙන් උනත් ඊට පස්සේ මට දැනුනේ ජන්ග්කුකා මගේ ම දොන්ග්සෙන්ග් වගේ . එයාගේ පවුලේ අය හිටියේ සෝල්වල උනත් ජන්ග්කුකා හැල්මොනි හරබොජි බලන්න කියලා නිවාඩු කාලෙට අනිවාර්යයෙන්ම මක්දොක් දොන්ග්වලට ආවා. ඒත් ඒ ආවට අපි වැඩිපුරම කාලය ගත කලේ එකට. මගේ ම කියලා ඔප්පා කෙනෙක් , දොන්ග්සෙන්ග් කෙනෙක් නොහිටි මම වගේ ම නූනා කෙනෙක් , දොන්ග්සෙන්ග් කෙනෙක් හිටියේ නැති ජන්ග්කුකා ...අපි දෙන්නාම අතර ඇති උනේ ලොකු සහෝදර බැඳීමක් . මගේ ඇස්වල පිරිලා තිබුන කඳුළු කම්මුල් දිගේ පහළට ගලන්න ගත්තේ නිරායාසයෙන් .
මට හිතාගන්න බෑ මට මේ තරම් දුකක් දැනෙන්නේ ඇයි කියලා .
"නූනා අඩන්න එපා . ප්ලීස් ...... අපි දැන් යමු .... " ජන්ග්කුකා එහෙම කියලා මගේ අතේ තිබුන traveling bag එක එයාගේ අතට ගත්තා.
"ඇයි ඔයාට බැරි දැන් ඒ හැමදේම මට කියන්න ?? ජන්ග්කුකා දන්නවද ඊයේ හවස ඉදන් මම ඉන්නේ කොහොමද කියලා ??? මට. මට මගේ අතීතේ මතක නෑ .....ඔයා, ඔම්මා ඔයාලා දෙන්නම ඒ ගැන දැනගෙන හිටියත් මට කිව්වේ නෑ . ඊයේ ටේහ්‍යුන්ග් ඒ ගැන කිව්ව වෙලාවේ ඉදන් මේ ගැන හිතද්දී මට පිස්සු හැදෙන්න යනවා වගේ දැනෙන්නේ . "
"නූනා මම අද බුසාන් යන්න තීරණය කළෙත් ඒ නිසා , ගියාට පස්සේ මම හැමදේම කියන්නම්. දැන් යමු අපි ද හ්ම්???"
අන්තිමට තවත් විනාඩි 10කට විතර පස්සේ අපි දෙන්නා පල්ලෙහාට ආවා. අපාර්ට්මන්ට් complex එක ඉස්සරහා නවත්තලා තිබුන කළුපාට කාර් එකේ ඩ්‍රයිවර් ඉක්මනට බැහැලා පිටිපස්සේ දොර අරිද්දී මම ජන්ග්කුකා දිහා බැලුවේ පුදුම වෙලා .
"නූනා නඟින්න "
"තුරන්නිම් ගිම්පෝ ගුවන්තොටුපළට නේද ???" මගේ බෑග් එකත් ඇතුලට දැම්මට පස්සේ ඩ්‍රයිවර් ඇහුවේ ආපහු driving seat එකේ වාඩි උනාට පස්සේ . මම ජන්ග්කුකා දිහා බැලුවත් ජන්ග්කුකා හිතල ම වගේ මගේ බැල්ම මඟෑරියා.
"නේ අජස්සී"
ජන්ග්කුකා නිකන් එකපාරටම වෙනස්ම කෙනෙක් වෙලා වගේ ... කෝ අර හැමවෙලාවෙම පිස්සු නටන තොක්කියා ???
ජන්ග්කුක් කිව්ව විදිහට ම මටත් එක්ක බුසාන්වලට ටිකට් බුක් කරලා තිබුනා . Flight එකට නඟින්න කලින් ටේහ්‍යුන්ග්ට කෝල් කරන්න හිතුනත් මම ඒ අදහස අතෑරියා . ඒ මෙච්චර අවුරුදු ගානක් තිස්සේ මට ආදරේ කරන ටේහ්‍යුන්ග්ට මම , ඒ කාලේ අමතක කරලා කරන්නේ අසාධාරණයක් කියලා හිතෙන නිසා. සමහරවිට මේ හැමදේම හරියට ම දැනගත්තම මට එහෙම වරදකාරී හැඟීමක් නැතුව එයාට කතා කරන්න පුලුවන් වෙයි . එයාට අද එයාගේ කම්පැනි එකට යන්න වෙන නිසා මම ඔෆිස් ගියේ නෑ කියලා දැනගන්න එකක් නෑ . බුසාන්වලට ගිහින් ඊට පස්සේ එයාට මේ ගැන කියනවා කියලා මම හිත හදාගත්තා .
උදේ අටට ගිම්පෝ ගුවන්තොටුපළින් ආපු ෆ්ලයිට් එක ගිම්හේ ගුවන්තොටුපොළට එද්දී තවත් විනාඩි හතළිහක් විතර ගියා.
ප්ලේන් එකෙන් බැහැලා luggage ගන්න බලාගෙන ඉන්න අතරේ මගේ ෆෝන් එක ඔන් කරපු ගමන් ම වගේ රිංග්ස් යන්න ගත්තා .
"යොබුසෙයෝ...."
"ඕහ් මින්හියා good morning ." එහා පැත්තෙන් ඇහුන ටේග්‍යුන්ග්ගේ සතුට පිරුන කටහඩ ඇහෙද්දී එයාගේ මූණේ මැවෙන boxy smile එක මතක් වෙලා මගේ මූණෙත් ඉබේටම හිනාවක් ඇඳුනා.
"Good morning taehyung-ah "
"මොකද කරන්නේ දැන් ?? තාමත් ගෙදර ද??? නැත්නම් පරක්කු වෙලා ඔෆිස් එකට දුවන ගමන් ද???"
'තාමත් ගෙදර ද?? ඔෆිස් දුවන ගමන් ද?? දැන් ඉතින් මොකද කියන්නේ ?? දෙවියනේ ටේහ්‍යුන්ගාට අද මම බුසාන් එනවා කියලා කලින් කිව්වේ නැත්තේ ඇයි ?? දැන් මොකද කරන්නේ ?? ඇත්ත කියනවද ?? ඒත් එතකොට එයා මගේ ගැන වදවෙයි එයාගේ වැඩ හැමදේම පැත්තකට දාලා . එහෙම කරන්න දෙන්නත් බෑ ...' ටිකක් වෙලා මගේ හිතත් එක්කම තර්ක කරලා අන්තිමට මම එයාට ඇත්තම කියනවා කියලා හිතාගෙන කටහඬ අවදි කළා.
"අනී ඇත්තටම ටේහ්‍යුන්ගා මම අද ඔෆිස් ගියේ නෑ . හදිසි වැඩකට මම ....." එකපාරටම මගේ උරහිසේ අතක් තියනවා දැකලා මම හැරිලා බැලුවා.
"නූනා මම අපේ luggage ඔක්කොම ගත්තා . එන්න යමු ...." ජන්ග්කුකා කිව්වේ එයාට පිටිපස්සෙන් අපේ බෑග් අරගෙන ආපු කෙනාව පෙන්වන ගමන් .
"ජන්ග්කුකා චන්කම්මන්න්‍යෝ .( wait a minute) ." මම ෆෝන් එක ටිකක් පැත්තකට කරලා ජන්ග්කුකාට කිව්වේ ටේහ්‍යුන්ග්ට ඇහෙන්නේ නැති වෙන්න.
"මින්හී නෝ ඔදියේයෝ චිග්ම් ??? (Min Hee where are you now??)" ටේහ්‍යුන්ගා එකපාරටම ඇහුවේ ටිකක් උස් හඬින් වගේ . මම හිතුවෙ නැති විදිහට ටේහ්‍යුන්ගාට මම ජන්ග්කුකාට කතා කරනවා ඇහිලා වගේ , දැන් මම බුසාන් ආවා කිව්වොත් එයාට අනිවාර්යයෙන්ම හැමදේම කියන්න වෙනවා. ඒත් ජන්ග්කුකා බලාගෙන හිටියේ මම එනකල් නිසා මම ඒ හැම දේම කියන්න ගියොත් එයාටත් වෙලා යනවා.
"ටේහ්‍යුන්ගා මියානේ ... මම ඔයාට තව ටිකකින් ආපහු කතා කරන්නම් , එතකොට හැමදේම කියන්නම් . " මම එහෙම කියලා ඉක්මනට කෝල් එක කට් කරලා ජන්ග්කුකා පැත්තට හැරුනා .
"කජා...."
අපි එයාර්පෝට් එකෙන් එලියට එද්දිම ආපහු ඇවිත් නතර උනේ කලු පාට කාර් එකක් ළඟ. බෑග් අරගෙන ආපු කෙනා ඒ ටික තවත් වාහනේකට දාගත්තේ.
"නූනා අපිට අද යන්න වෙන්නේ නැති නිසා මම හොටෙල් එකක් බුක් කළා. බෑග් කෙලින්ම එහෙට යවන්නම්. අපි මේකේ යමු" ජන්ග්කුකා එහෙම කියලා ඩ්‍රයිවර්ගෙන් යතුර ඉල්ලගත්තා.
"ඒත් තුරන්නිම් ...." ඩ්‍රයිවර් කිව්වේ පැකිළීමෙන් වගේ.
"අනී... අපිත් එක්ක යන්න කවුරුත් එන්න ඕන නෑ . අජස්සී ආපහු යන්න . අප්පාගෙන් ප්‍රශ්නයක් උනොත් මම ඒක බලාගන්නම්" ජන්ග්කුකා මුරණ්ඩු විදිහට එහෙම කියලා මට පැසෙන්ජර් සීට් එකට නඟින්න කියන ගමන් ම ඩ්‍රයිවර් සීට් එකට ගොඩ උනා.
"යාහ්...... අද මොකද වෙලා තියෙන්නේ ?? කාගෙද මේ වාහනේ ?? දැන් කොහෙද යන්නේ ????" මම ප්‍රශ්න පෝලිමක් ම අහගෙන ගියා . ඒත් ජන්ග්කුකා මගේ පැත්තට හැරිලා එයාගේ බනී හිනාව පෙන්නපු ගමන් මගේ සද්දේ ඔක්කොම නතර උනේ ඉබේටම .
"නූනා දන්නේ නැති උනාට මම හැමෝම එක්ක පිස්සු කුකී විදිහට හැසිරෙන්නේ නෑ . ඒ මට සමීප ම අය එක්ක විතරයි . එතකොට මේක... මේක අපේ සමාගමේ එකක්.. ඒත් කවුරුත් අපි පස්සෙන් එනවට මම කැමති නැති නිසා එයාලට එන්න එපා කිව්වේ . ඊළඟට අපි මේ යන්නේ නම් නූනා දන්න තැනකට , නූනට ගියාට පස්සේ දැනගන්න පුලුවන් දැනට හිතාගන්න මන්දොක් දොන්ග් යන්නේ කියලා . "
අයිෂ් මේ කොල්ලා කිසිම දෙයක් කියන්නේ නෑ .
"නූනා නිදාගන්න .. මම එහෙට ගියාට පස්සේ කතා කරන්නම්.."
...................
"නූනා.. ඉරොනායෝ ... මින්හී නූනා ... " ජන්ග්කුකාගේ කටහඬත් එක්ක ජන්ග්කුකා හෙමින් සැරේ මගේ උරහිසට තට්ටු කරද්දී මට හෙමින් සැරේ ඇහැරුනා . මම ඇස් ඇරලා වටපිට බැලුවේ අපි කොහෙද ඉන්නේ කියලා . එකපාරටම නුහුරු බවක් දැනුනත් මම හෙමින් සැරේ කාර් එකෙන් එලියට බැහැලා ආපහු සැරයක් වටපිට බලද්දී මගේ ඇස් උඩ ගියේ එතන තිබුන නාම පුවරුවක් දකිද්දී .
"ජ...ජන්ග්කුක්...." මම ජන්ග්කුකා දිහාට හැරෙද්දී ජන්ග්කුකා මොකුත් නොකියා පිටිපස්සේ දොර ඇරලා සුදු කපුරු මල් bouquet දෙකක් එලියට අරන් එකක් පරෙස්සමින් මගේ අතින් තිබ්බා. මගේ ඇස්වලට කඳුළු පිරුණේ ඉබේටම .
"නූනා නිදාගෙන හිටිය නිසා මට ඇහැරවන්න හිතුනෙත් නෑ , මේ මල් හොඳයි නේද ??" ජන්ග්කුකා කිව්වේ පොඩි ළමයෙක් වගේ .
හෙමින් සැරේ ශාලාවේ ඇතුලට යන අතරේ අපි දෙන්නා අතරම තිබුනේ නිහඬතාවයක් .
Columbarium එකේ තිබුන නිහඬබව හමුවේ අපි දෙන්නාගේ අඩි සද්දේ ශාලා අතර දෝංකාර දෙනවා වගේ ඇහුනේ . හෙමින් සැරේ අපි යන්න ඕන ශාලාවට ඇතුල් වෙලා ශාලාවේ බිත්තිය ළඟට යද්දී මෙච්චර වෙලා මගේ ඇස්වල රැඳිලා තිබුන කඳුළු බිංදු මටත් නොදැනීම කම්මුල් දිගේ පහළට රූරා වැටුනා .
"ඔ....ඔම්මා.... " ඔම්මාගේ ෆොටෝ එක දකිද්දී මට ඉබේටම කියවුනේ ඉකිබිඳීමක් එක්ක. අමාරුවෙන් උනත් කඳුළු නවත්වාගන්න අතරේ මම මගේ අතේ තිබුන මල් පොකුර පරෙස්සමින් ඔම්මාගේ අලු භාජනය , අපේ මතක සටහන් ඉදිරියෙන් තැන්පත් කළා, මෙච්චර වෙලා නිහඬව හිටිය ජන්ග්කුකා අතේ තිබුන මල් පොකුරත් එයා එතනින් ම තැන්පත් කළා.
අපි දෙන්නාම අඩියක් විතර පස්සට ගිහින් ආපහු සැරයක් ඔලුව නමලා ආචාර කළා. ඔම්මාගේ කුටීරයේ තැන්පත් කරලා තිබුන ඔම්මාගෙයි මගෙයි ෆොටෝ දකිද්දී කඳුළු පිරුන ඇස්වල ඒ අතරින් හිනාවක් මෝදු උනේ ලස්සන අතීත මතක සිහිවෙලා.
" අන්න්‍යොන්ග් ඔම්මා ... චල් චිනෙස්සෝයෝ ???? (How have you being ??) නාදෝ චල් ඉස්සොයෝ (I too am doing fine) . මියානේයෝ ආපහු එන්න මෙච්චර කල් ගත්තට... ඔම්මාගේ දුව ඔම්මා කියන දේ අහන්නෙ නැතුව සෝල්වලට ගියාට තරහා නෑ නේද ??
මියානේයෝ ඔම්මා ... ඒත් ඔම්මා නැති අපේ ගෙදර හරිම පාලුයි ඔම්මා .. ඉතින් මට මෙහෙන් යන්න සිද්ධ උනා. ඔම්මා තරහා නෑ නේද ???
ඔම්මා...අද මම ඔම්මාව හම්බවෙන්න තවත් කෙනෙක් එක්කරගෙන ආවා" මම එහෙම කියද්දි ජන්ග්කුකත් ඉස්සරහට ආවා.
"අන්න්‍යොන්ග් හසෙයෝ අජුම්මොනි. චොම්මල් චෙසුහම්නිදා ආපහු එන්න මෙච්චර කාලයක් ගත්තට. ක(රි)ගෝ අජුම්මොනි නැතුව නූනට මෙච්චර කල් තනියෙන් ඉන්න උන එකට, ඒත් දැන් ආපහු කවදාවත් නූනට තනියෙන් ඉන්න දෙන්නේ නෑ මම , යක්සොක්හේ අජුම්මොනි ... ක(අ)න්දේ අජුම්මොනි..... නූනා සතුටෙන් හිනාවෙලා ඉන්න ඕන නිසා ම මට අජුම්මොනිට උන පොරොන්දුවක් කඩන්න වෙනවා.. චෙසුහම්නිදා ඔමොනිම්..... " ජන්ග්කුකා එහෙම කියලා එයාගේ කබා සාක්කුවට අත දාලා පොතක් එලියට ගත්තා.
"මියානෙයෝ නූනා .. මේක ආපහු දෙන්න මෙච්චර කල් ගත්තට" ජන්ග්කුකා එහෙම කියලා ඒ පොත අරගෙන මගේ අත උඩින් තිබ්බා.... පොතේ දැනුන හුරුපුරුදු බව නිසාම මම ටික වෙලාවක් ජන්ග්කුකා දිහා වගේ ම ඔම්මාගේ ෆොටෝ එක දිහා මාරුවෙන් මාරුවට බලාගෙන ඉදල පොත දිහා බැලුවා..
"ජ... ජන්ග්කුකා ... මේ.... මේක .. ම....මගේ....."
"නේ නූනා ... නූනගෙ දිනපොත .. නූනා ඇක්සිඩන්ට් උන දවසේ නූනගේ අතින් වැටුන දිනපොත ඒ විදිහට ම තියෙනවා ..... ඒ වගේ ම නූනාට උත්තර ඕන ප්‍රශ්න ගොඩකට උත්තර ඔතන තියෙනවා ...." ජන්ග්කුකා කිව්වේ කෙළින්ම මගේ ඇස් දිහා බලාගෙන .
Jungkook's POV
..........අජුම්මොනි නූනා සතුටෙන් හිනාවෙලා ඉන්න ඕන නිසා ම මට අජුම්මොනිට උන පොරොන්දුවක් කඩන්න වෙනවා.. චෙසුහම්නිදා ඔමොනිම්..... " මම එහෙම කියලා මගේ කබා සාක්කුවේ තිබුන නූනගෙ දිනපොත අරගෙන නූනගෙ අතින් තිබ්බා.
•••••••Flashback •••••••
"ඇයි එකපාරටම මාව හම්බවෙන්න ඕන කිව්වේ ???" හ්‍යුන්ග් ඇහුවේ හිනාවෙවී ,ඒත් මගේ අතේ තිබුන ෆයිල් එක දැකපු ගමන් හ්‍යුන්ග්ගේ මූණේ තිබුන හිනාව මැකිලා ගියා.
"කුකී...."
"ඉගෙ ම්වොයා හ්‍යුන්ග් ( what is this hyung )?? වේ මින්හී නූනායේ සජිගන් යොගි ඉස්සොයෝ ???( why is there a picture of minhee noona in here) " මම ඇහුවේ ෆයිල් එකේ ඇතුල පෙරලලා හ්‍යුන්ග් ඉස්සරහින් තියන අතරේ . යුන්ගී හ්‍යුන්ග් මොකුත් කියන්නේ නැතුව ටිකක් වෙලා මගේ දිහා බලාගෙන හිටියේ කතා කරගන්න වචන ගොනුකරගන්න වගේ . මමත් මොකුත් නොකියා නිහඬවම හ්‍යුන්ග් දිහා බලාගෙන හිටියේ කියාගන්න දෙයක් හිතාගන්න බැරුව . හ්‍යුන්ග් ඇයි නූනා ගැන මෙච්චර විස්තර හොයලා තියෙන්නේ ??? බැරිවෙලාවත් ඒ මම නිසා ද නැහැ නේද ?? නැත්නම් වෙන කවුරුහරි කෙනෙක් වෙනුවෙන් ද??? හ්‍යුන්ග් කවදාවත් කිසිම වැරදි දෙයක් කරන්නේ නෑ , සාධාරණ හේතුවක් නැතුව කෙනෙක්ගේ පෞද්ගලික විස්තර මේ විදිහට හොයන්නේ නෑ කියලා මම හොඳටම දන්නවා උනත් ඇයි මට එකපාරටම හ්‍යුන්ග් එක්ක තරහක්, විශ්වාසය කඩවුණු බවක් දැනෙන්නේ ?? ඒ මම නූනා ගැන , නූනගේ ආරක්ෂාව ගැන ගොඩක් හිතන නිසා ද?? නැත්නම් ...
"ජන්ග්කුකා.." හ්‍යුන්ග් මට කතා කරද්දී මගේ සිතුවිලි දාමය බිඳිලා ගියා. මම හ්‍යුන්ග් දිහා බැලුවේ මගේ එකිනෙකා හා ගැටෙන සිතුවිලි සමුදාය තාවකාලිකව යටපත් කරගෙන
"හ්‍යුන්ග් වෙයෝ??? (Why) ඉගෙ තා???? (all these things ? )" මම ඇහුවේ මගේ කේන්තිය උපරිම පාලනය කරගෙන .
"ජන්ග්කුකා... ඔයා ඔයාගේ හ්‍යුන්ග්ව විශ්වාස කරන්නේ නැද්ද ???" හ්‍යුන්ග් මගේ දිහා බලද්දී හ්‍යුන්ග්ගේ ඇස්වල තිබුන හිත රිදුන පෙනුමක් .
"හ්‍යුන්ග් අඩුම තරමින් මට කියන්න හ්‍යුන්ග් මගේ නූනා ගැන හෙව්වේ මම නිසා නෙවෙයි කියලාවත් .... " ඒ වචන මගෙන් ගිලිහුනේ ඇසිල්ලකින් . ඇයි මම මේ ගැන මෙච්චර කලබල වෙන්නේ ?? මටත් හිතාගන්න බෑ ... මම එහෙම කියද්දි නම් මොහොතකට හරි හ්‍යුන්ග්ගේ මූණ එලිය උනා.
"අනියා... ගුකා... මමත් අන්තිමට දන්නේ ඒ ගෑණු ලමයා ඔයාට සම්බන්ධයි කියලා ...." හ්‍යුන්ග් එහෙම කියද්දි එකපාරටම මට දැනුනේ සැනසිලිදායක හැඟීමක් ... අජුම්මා කිසිම විදිහකට කැමති උනේ නෑ නූනා ගැන මගේ පවුලේ අය දැනගන්නවට... ඉතින් හ්‍යුන්ග් දැන් නූනා ගැන විස්තර හැමදේම හොයලා කියලා දකිද්දී මම ඇත්තටම කලබල උනා, ඒත් ඒ මම නිසා නෙවෙයි කියලා දැනගත්ත එක ඇත්තටම මගේ හිතෙන් ලොකු බරක් නිදහස් කළා වගේ ..
ඒත් හ්‍යුන්ග් ඇයි නූනා ගැන හෙව්වේ ??? මම ආපහු හ්‍යුන්ග් දිහා බැලුවේ තියුණු විදිහට .
"යාහ් තොක්කියා ... ඔහොම ඔරවන්නේ ඔයාගේ හ්‍යුන්ග්ට නේද ???"
"හ්‍යුන්ග් ඉගෙ නුන්දම් අනියා. ( this is not a joke ) පල්ලි මර්හේ ( say it hurry )... වේ (why)???"
"මම ඔයාට මේ දේ උනත් කියන එක වැරදියි .. ඒත් ඔයාගේ දිහා බැලුවම මට හිතාගන්න පුලුවන් මම මේ ගැන හරි තොරතුරක් කියනකල් ඔයා මාව අතාරින්නේ නෑ කියලා ...
මම ඒ විස්තර හෙව්වේ client කෙනෙක් කිව්ව නිසා, ඒක එයාගේ පෞද්ගලික හේතුවක් උඩ හොයන්න කිව්වේ ... ඉතින් එතැනින් එහාට මට මොකුත් කියන්න බෑ .... " යුන්ගී හ්‍යුන්ග් සන්සුන් විදිහට උනත් කිව්වේ ස්ථීරසාර විදිහට . ඒ කිව්ව විදිහට මට දැනුනා එතැනින් එහාට හ්‍යුන්ග්ගෙන් වචනයක් ගන්න බෑ කියලා ... ඒත් ...
"හ්‍යුන්ග්... පෞද්ගලික හේතුවකට නූනා ගැන හොයන්න කිසිම කෙනෙක් නෑ , පවුලේ කෙනෙක්වත් , එයා ගැන මෙහෙම හොයන්න කිසිම කෙනෙක් නෑ ... අනිත් එක මම දන්නවා ඒ පෞද්ගලික හේතුව හ්‍යුන්ග් අනිවාර්යයෙන්ම දන්නවා කියලා , මොකද හැමදේම හරියට ස්ථීර කරගන්නේ නැතුව හ්‍යුන්ග් වැඩක් භාරගන්නේ නෑ ... " මමත් කිව්වේ හ්‍යුන්ග් වගේ ම ස්ථීර විදිහට .
"ජන්ග්කුකා....."
"හ්‍යුන්ග්... මම කියන දේ අහන්න. ඊට පස්සේ හ්‍යුන්ග්ට තේරෙයි ඇයි මම මෙච්චර කලබල වෙන්නේ කියලා ... හ්‍යුන්ග් නූනා ගැන හෙව්වේ හ්‍යුන්ග්ට පුරුදු විදිහට investigation වලට වගේ ... ඒත් නූනාව දන්න කෙනෙක් විදිහට මට දැනෙන විදිහ ගොඩක් වෙනස් හ්‍යුන්ග්....
හ්‍යුන්ග් නූනා එයාගේ ඔම්මා නැති උනාට පස්සේ සෝල්වලට ඇවිත් ඉන්නේ තනියෙන් , අඩුම තරමින් එයාට පවුලේ කෙනෙක්වත් නෑ . එතකොට එයා අපාර්ට්මන්ට් එකේ ඉන්නෙත් තනියෙන් . නූනාව හොඳටම දන්නේ එයාව ආශ්‍රය කරන්නේ මම විතරයි . ඉතින් එහෙම ඉන්න නූනා ගැන කවුරුහරි මේ තරම් සමීප විදිහට විස්තර හොයනවා කියන්නේ ... හ්‍යුන්ග් හිතන්නේ මට ඒ ගැන නොහිතා ඉන්න පුලුවන් කියලාද???? " මම බැරෑරුම් විදිහට එහෙම කියද්දි හ්‍යුන්ග් මගේ දිහා බලාගෙන හිටියේ හරියට තීරණයක් ගන්න බැරුව වගේ .. ඒත් ටික වෙලාවකට පස්සේ හ්‍යුන්ග් හොව හුස්මක් අරගෙන මගේ දිහා බැලුවා .
"ගුකා. ඔයා මගේ දොන්ග්සෙන්ග් උනත් ... මින් එහාට දෙයක් මට කියන්න බෑ ... ඒ කෙනා අවුරුදු ගානකට කලින් ඔයාගේ නූනට ආදරේ කරපු කෙනා , ඒ වගේ ම ඔයාගෙ නූනත් ආදරේ කරපු කෙනා . එතැනින් එහාට මට මොකුත් කියන්න බෑ .. මේක ඔයාලා අතර තියෙන මොන විදිහේ හරි සම්බන්ධෙකට මොන විදිහට බලපානවද කියන එක මම දන්නේ නෑ . ඔයාලගෙ ඒ පෞද්ගලික දේවල් වලට මම මැදිහත් වෙන්නෙත් නෑ ... එච්චරයි ...." හ්‍යුන්ග් එයාගේ බැරෑරුම් කටහඬින් ගොඩක් දේවල් දිගටම කියාගෙන ගියත් මගේ කන්වල රැව් දුන්නේ වචන කිහිපයක් විතරයි .
'ඒ කෙනා ... නූනට ආදරේ කරපු කෙනා ... නූනත් ආදරේ කරපු කෙනා .... '
"ඒත් එහෙම කෙනෙක්ට ඉන්නේ එක්කෙනයි.... " මට කියවුනේ ඉබේටම
"එහෙනම් මේ ඔයා හිතන කෙනා තමයි."
"කිම් ටේහ්‍යුන්ග්...." මම එහෙම කියද්දි යුන්ගී හ්‍යුන්ග් මගේ දිහා බැලුවේ පුදුම වෙලා වගේ . ඒ කියන්නේ මම හරි .. ඇත්තටම එතකොට නූනා ගැන හොයන්න කියලා තියෙන්නේ එයා ද??? ඒත් ඒත් ටේහ්‍යුන්ග් ශී කොරියාවේ නැහැ නේද ??නූනා ඇක්සිඩන්ට් උන කාලයෙන් පස්සේ එයා ගැන කිසිම තොරතුරක් නැහැනෙ .
"ඒ.. ඒත් හ්‍යුන්ග් ටේහ්‍යුන්ග් ශී මෙහේ නැහැනෙ ... එයා ඉන්නේ කොහෙද කියලාවත් එයා ඉන්නවද නැද්ද කියලාවත් කවුරුත් දන්නේ නැහැනෙ ."
"ඔයා කොහොමද එයාව දන්නේ ????" හ්‍යුන්ග් මගේ දිහා බැලුවේ තියුණු විදිහට .
"නූනා නිසා මම ඒ කෙනා ගැන ගොඩක් විස්තර හෙව්වා ... ඒත් එයා ගැන හොයාගන්නවත්, නූනට ආපහු ඒ කෙනා එක්ක එකතු වෙන්නවත් මට උදව් කරන්න බැරි උනා. "
"ටේහ්‍යුන්ග් දැනටමත් මින්හී ශීව හොයාගෙන තියෙන්නේ . එයා මේ ගැන සම්පූර්ණයෙන්ම කිව්වට පස්සේ තමයි මමත් මේ ගැන දැනගත්තේ..."
"නේ?? ටේහ්‍යුන්ග් ශී දැනටමත් ආපහු නූනාව දන්නවා කියන්නේ ....." ඒ කියන්නේ ඒ කෙනා දැනටමත් නූනව ආශ්‍රය කරන කෙනෙක් වෙන්න ඕන නේද ?? ඒත් කවුද ??? මම හ්‍යුන්ග් දිහා බැලුවා .
"කිම් ජේහ්‍යුන්ග් " හ්‍යුන්ග් එකපාරටම කිව්වා .
"කිම්... ජේහ්‍යුන්ග් .. ජේහ්‍යුන්ග් කියන්නේ ... කිම් කෝපරේෂන් එකේ... "
"ඔව්... kim cooperation එකේ financial department එකේ chief financial officer Kim Jaehyung ගේ ඇත්ත නම Kim Taehyung ... Kim group හෙජන්නිම් කිම් ටේහූන්ගේ පුතා , ඒ වගේ ම මින්හී ශීට මුලින් ආදරේ කරපු කෙනා ."
වාව් එතකොට නූනා මෙච්චර පිස්සු වැටිලා තියෙන්නේ එයා කලින් ආදරේ කරපු කෙනාටමයි.. එහෙනම් නූනට ඒ ගැන එච්චර බය වෙන්න දෙයක් නෑ .. ඒත් .. ඇයි එයා මෙච්චර කල් බොරු නමකින් ඉන්නේ ???
මම කිම් ජේහ්‍යුන්ග් කියන නම ඇහුවේ මීට අවුරුදු දෙකකට කලින් ආර්ක් ගේම්ස් කියලා අලුත්ම ගේම්ස් කම්පැනි එකක CEO විදිහට . එතකොට එයා අවුරුදු දෙකක් තිස්සේ බොරු නමක් යටතේ ඉදලා තියෙන්නේ . ඒත් ඇයි??
"හ්‍යුන්ග් කිම් ජේහ්‍යුන්ග් කියන්නේ කිම් ටේහ්‍යුන්ග් කියන එක මට තේරුම් ගන්න පුලුවන් . ඒත් ඇයි එයා එච්චර කාලයක් බොරු නමකින් හිටියේ?? චේපල් හ්‍යුන්ග් දන්නවානම් කියන්නකෝ..."
"ජන්ග්කුකා... මින්හී ඇක්සිඩන්ට් උන දවසේ ම ටේහ්‍යුන්ග්නුත් ඇක්සිඩන්ට් උනා. එයාගේ කකුලක් කැඩුණා .. ඒ හැමදේම එක්ක එයාට හරියට සිහිය ඇවිත් තියෙන්නේ සති දෙකකින් . ඒ කාලේ ඇතුලත මින්හී ශීගේ සර්ජරි එකත් කරලා එයාගේ ඔම්මා එයාව හොස්පිටල් එකෙන් එක්කරගෙන ගිහින් . ඒත් එතනදි documents වල පොඩි වැරදීමක් වෙලා එයාව hospital එකෙන් discharge කරපු කෙනෙක් වෙනුවට dead patient කෙනෙක් විදිහට ලියවිලා තියෙන්නේ .. ඉතින් සිහිය ආවට පස්සේ ටේහ්‍යුන්ග් ශී හිතලා තියෙන්නේ එයාට මින්හී ශීව නැති උනා කියලා . ටේහ්‍යුන්ග් ශී ගෙදර කට්ටිය එක්ක එච්චර සමීප ආශ්‍රයක් තිබිලා නෑ . ඒ වගේ ම මින්හී නැති උන එකත් එයා එයාගේ දෙමව්පියන්ගේ වැරැද්දක් විදිහට දැකලා තියෙන්නේ . කොහොම හරි ඉතින් ඒ හැමදේම එක්ක එයා අන්තිමට ඇමෙරිකා ගිහින් පවුලේ අය එක්ක කිසිම විදිහට සම්බන්ධයක් නැතුව අවුරුදු 7ක් ජීවත් වෙලා . ඒ අතරේ තමයි එයා ආර්ක් එක පටන් ගත්තෙත් . දැන් අන්තිමට අවුරුදු ගානකට පස්සේ කිම් කෝපරේෂන් එකේ දී අහම්බයකින් වගේ ටේහ්‍යුන්ග් ශී එයාගේ ඇස් දෙකටම මින්හී ශීව දැක්කම එයා ගොඩක් පුදුම වෙලා ... ඒ නිසා අන්තිමට මට එයා ගැන විස්තර හොයන්න භාර දුන්නේ .. " හ්‍යුන්ග් කියලා ඉවර වෙනකල් මම අහගෙන හිටියේ කිසිම සද්දයක් නැතුව...
"ගුමාවොයෝ හ්‍යුන්ග් මේ හැමදේම කිව්වට"
"ජන්ග්කුකා ඔයා මොකද්ද කරන්න යන්නේ ???"
"කරන්න , හරිගස්සන්න ගොඩක් දේවල් තියෙයි හ්‍යුන්ග් ... ඒත් හ්‍යුන්ග් මේ ගැන කිසිම දෙයක් ඔම්මට අප්පට දැනගන්න තියන්න එපා. පුතක්ත්ර්‍යෝයෝ හ්‍යුන්ග් ( please do me the favour hyung ). "
••••••End of flashback ••••••
යුන්ගී හ්‍යුන්ග් කිව්ව දේවල් නිසා එකපාරටම සතුටක් පුදුමයක් ඔක්කොම දැනුනා . නූනට ආපහු ඉක්මනින් ම එයා ආදරේ කරන කෙනාව ලැබේවි.. ඒත් ඒ ගැන කිසිම දෙයක් නූනට මතක නැහැනෙ .
නූනා ඒ ගැන දැනගන්න පුලුවන් එකම විදිහ නූනට ආපහු එයාගේ දින පොත දෙන එක.. මට අජුම්මොනිට උන පොරොන්දුව කඩ කරලා හරි එහෙම කරන්න වෙනවා . එතකොට ඒ ගැන කියද්දි මම නූනට නොකිව්ව නූනා ඇක්සිඩන්ට් උනේ සෝල්වල දී කියන ඇත්ත, නූනව බේරගත්තේ කවුද කියන ඇත්ත, නූනට එයාගේ මතකය අහිමි උනා කියන ඇත්ත, ඊළඟට මම ඇත්තටම කවුද කියන ඇත්ත ඒ හැමදේම ඉබේටම එලියට එනවා.
නූනා මට සමාව දේවිද ඒ හැමදේම එයාගෙන් හැංඟුවාට. කොච්චර දේවල් වෙනස් උනත් මම එයාට එයාගේ පිස්සු කුකී ම වෙයි නේද අන්තිමට ????
ඒත් නූනගේ සතුට වෙනුවෙන් මට මේ දේ කරන්නම වෙනවා.
මම නූනගෙ අතකින් අල්ලාගත්තා .
"නූනා අපි වාඩිවෙමු, දිග කතාවක් තියෙනවා නූනට කියන්න."
💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : අන්න්‍යොන්ග් චින්ගුදල් . ඔන්න අද නම් ඇත්තටම සතියකින් ඊලග කොටස දෙන්න පුලුවන් උනා. ඊළග කොටසේ වෙන්නේ මොන වගේ දෙයක් ද කියලා හිතාගන්න පුලුවන් නේද ??
ආපහු ඉක්මනින් හම්බවෙමු .
සරන්ග්හේ චින්ගුදල් ❤️❤️❤️💜️💜️💜️💜️
Edited and republished on 15/04/2023
Bạn đang đọc truyện trên: AzTruyen.Top