Chapter 26


❤️I love you ❤

Taehyung's POV
"කිම් ටේහ්‍යුන්ග්..... නේ චින්චා ඉරම්න් (my real name ). මෙච්චර කාලයක් අතුරුදහන් වෙලා හිටිය කිම් කෝපරේෂන් එකේ කිම් ටේහූන් හෙජන්නිම්ගේ එකම පුතා." මෙච්චර කාලයක් හංඟාගෙන හිටිය ඇත්ත මම මින්හීට කිව්වේ එයාගේ ඇස් දිහා ම බලාගෙන . ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලාගෙන හිටිය එයාගේ මූණ ටිකෙන් ටික වෙනස් උනේ නොහිතුව විදිහට . අන්තිමට මින්හී මගේ දිහා බැලුවේ හරියට නන්නාඳුනන කෙනෙක් දිහා බලනවා වගේ , ඒත් ඒ ඇස් අස්සේ හැංඟිලා තිබුනේ සැඟවුණු වේදනාවක් .

"ජේහ්‍යුන්ග් ශී , අනී ටේහ්‍යුන්ග් ශී ඔයා ඇත්තටම මම ජේහ්‍යුන්ග් ශී කියලා හිතාගෙන හිටිය කෙනා මද??? මට හිතාගන්න බෑ ..." මින්හී හෙමින් සැරේ එහෙම මුමුණන ගමන් මම අල්ලගෙන හිටිය එයාගේ අත මගේ අතින් මුදවාගත්තා . මම ටිකක් වෙලා නිහඬව මින්හී දිහාම බලාගෙන හිටියා, එයත් මගේ දිහා ම බලාගෙන හිටියේ එයා අහපු ප්‍රශ්නෙට උත්තරයක් බලාපොරොත්තුවෙන් වගේ .

"මුලින් මම කියන දේ අහලා ඉන්න මින්හියා චේපල් .... ඔයාට මාව තේරුම් ගන්න පුලුවන් කියලා මම දන්නවා ... මගේ පෙනුමින් හරි පෞද්ගලිකව හරි මාව නොදන්නවා උනත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ  ගොඩක් අය මගේ නම දැනගෙන හිටියා, ඒ කිම් කෝපරේෂන් එකේ හෙජන්නිම් කිම් ටේහූන්ගේ එකම පුතා විදිහට . මම වැඩියෙන්ම අකමැති කෙනෙක් වගේ ම කිම් කෝපරේෂන් එක නිසා කෙනෙක් මාව දැනගන්නවා වෙනුවට මට ඕන උනේ මගේ නමින් විතරක් කෙනෙක් මාව දැනගන්නවාට. ඉතින් මම ඇමෙරිකා ගියාට පස්සේ ටේහ්‍යුන්ග් වෙනුවට ජේහ්‍යුන්ග් කියලා අලුත් අනන්‍යතාවයක් හදාගත්තා . ඒ නිසා ඔම්මා අප්පා හ්‍යුන්ග්ලා එයාලා කාටවත් මගේ ගැන හොයාගන්නත් අමාරු උනා , මේ කාලෙටම මගේ ගැන දැනගෙන හිටියේ ජීමිනා විතරයි .

අවුරුදු 5කට පස්සේ මම...... ආපහු කොරියාවට ආවෙත් හැමදාම ජේහ්‍යුන්ග් විදිහට ජීවත් වෙනවා කියලා හිතාගෙන , මම ආර්ක් ගේම්ස් පටන් අරන් , ඒකේ CEO විදිහට මගේ ම අනන්‍යතාවයක් හදාගත්තේ  පවුලේ නමෙන් ප්‍රයෝජන ගන්නේ නැතුව . ඒත් නම්ජූන් හ්‍යුන්ග් මම ආපහු ආවා කියලා දැනගත්තා , අන්තිමට ඒ නිසා මට අප්පාව මුණගැහෙන්න  සිද්ධ උනා. ජේහ්‍යුන්ග් විදිහට ඉන්න ඕන නිසාම මට අප්පාගේ යෝජනාවට එකඟවෙන්න සිද්ධ උනා, ඒ කිම් කෝපරේෂන් එකට සම්බන්ධ වෙන්න . ඉතින් මම අප්පාට කොච්චර අකමැති උනත් කිම් කෝපරේෂන් එකට වෛර කළත් අන්තිමට මට ඒකට සම්බන්ධ වෙන්න සිද්ධ උනා. " නිදහසට හේතු කියනවා වගේ කියලා හිතුනත් මට හිතුනේ මම මේ දේවල් මින්හී එක්ක කියනකොට මගේ හිතත් නිදහස් වෙනවා කියලා  හැඟීමක් .

"ඒත් ඔයා පොඩි කාලේ දේවල් නිසා තාමත් ඔයාගේ පවුලේ අයට වෛර කරනවද??"

"මුලින් ම මට ඕන ආදරේ එයාලගෙන් නොලැබෙද්දී හැල්මොනි විතරක් මගේ ළඟින් ඉන්නකොට ඉබේටම මාව එයාලාගෙන් ඈත් උනා, එකපාරටම හැල්මොනි මාව දාලා යද්දී මම ඒක ඔම්මාගේ අප්පාගේ වැරැද්දක් විදිහට දැක්කේ . හැල්මොනි නැතුව මම තනිවෙද්දී එයාලාට මං වෙනුවෙන් වැය කරන්න කාලයක් තිබ්බේ නෑ . ඒක එක හේතුවක් . ඊට පස්සේ මම high school ඉන්නකොට මගේ ජීවිතේට ආව වැදගත් ම කෙනා . මගේ first love affair එක. එයාගේ හාර්ට් එකේ ප්‍රශ්නයක් තිබුනා , සර්ජරි එකකින් සම්පූර්ණයෙන්ම හොඳ කරන්න පුලුවන් විදිහේ එකක්. ඒත් අප්පාගේ තනි මතේට ගන්න තීරණ , අපි දෙන්නා අතර තිබුන මත ගැටුම මේ හැමදේම එක්ක මට ඕන වෙලාවේදි ඒ කෙනා වෙනුවෙන් දෙයක් කරන්න මට බැරි උනා. ඒ හැමදේම එක්ක ඇත්තටම මම කොරියාවෙන් ගියේ එයාලා හැමෝම ගැන වගේ ම මගේ ජීවිතේ ගැනත් කළකිරීමකින් වගේ .

ඒත් දැන් ඔම්මා මම නොදැන හිටිය ගොඩක් දේවල් කිව්වට පස්සේ සමහර දේවල් සම්බන්ධයෙන් මට එයාලාව තේරුම් ගන්න පුලුවන් කියලා හිතෙනවා. ඒත් තාම මම අප්පා එක්ක හරියට කතා කරන්න හිතලා නෑ ." ටික වෙලාවක් යනකල් අපි දෙන්නා අතරෙම තිබුනේ නිහඬතාවයක් .

"ඒත් ඔයා වෛර කරනවා උනත් , ඔයා කැමති නැති උනත් .. වෛර කරන්න හරි ඔයාට අප්පා ඉන්නවා ටේහ්‍යුන්ග් ශී ... ඒත් කිසිම දේකට තමන් ළඟින් අප්පා කෙනෙක් නැති කෙනෙක්ගේ හැඟීම් ... ඔයා කවදාවත් එහෙම කෙනෙක්ට දැනෙන වේදනාව හිතාගන්න පුලුවන් ද???

හරියට ......"

"හරියට මම වගේ තමන්ගේ ඇත්තම අප්පා කවුද කියලාවත් නොදන්න කෙනෙක්ට තමන් අප්පා කියලා හිතාගෙන හිටිය කෙනාවත් නැති උනාම දැනෙන හැඟීම එහෙම නේද ???"

"ටේහ්‍යුන්ග් ශී..... කො.....කොහොමද ඔයා ....."

"දැනට හිතන්න ඔයා හිතනවට වඩා මම ඔයා ගැන දන්නවා කියලා ..."

"ඒ...ඒත් කොහොමද ??? ටේහ්‍යුන්ග් ශී මට හරියටම කියන්න ඔයා කොහොමද මගේ ගැන දන්නේ ???"

"මින්හියා ඊට කලින් මට කියන්න ඔයා කවදාහරි සෝල්වලට ඇවිත් තියෙයි ද?? ටික කාලෙකට හරි???"

"මම සෝල්වලට ආවේ එකසැරයයි. ඒ මගේ heart එකේ ප්‍රශ්නයක් තිබිලා ඒකට surgery එකක් කරන්න උනා. ඒත් බුසාන්වලදි මම ඇක්සිඩන්ට් උනා, මාව බේරගන්න ඉක්මනට surgery එක කරන්න ඕන නිසා ඔම්මා මාව බුසාන්වල හොස්පිටල් එකෙන් සෝල්වලට අරගෙන ඇවිත් තිබුනා , ඒත් surgery එක ඉවර උන ගමන් සතියකින් වගේ අපි ආපහු බුසාන්වලට ගියා... වෙයෝ???"

"අනී සමහරවිට ඔයාට ඒ ගැන හරියට ම මතක නැති වෙන්නත් පුලුවන් නේද ? ඇක්සිඩන්ට් එක වෙන්න කලින් දේවල් .හරියට  ඔයා ටික කාලයක් සෝල්වල හිටියා වගේ දේවල්???" මම මෙච්චර කාලයක් මින්හීගෙන් අහන්න ඕන වෙලා තිබුන ඒත් හැමදාමත්  අහන්න ඕන වෙලා තිබුන ප්‍රශ්නේ ඇහුවා . එයාගෙ මතකේ නැති උන වෙලාවේ එයාට බලෙන් ඒ දේවල් මතක් කරන්න උත්සාහ කරන්න එපා කිව්වත්... තාමත් එහෙම නොකර ඉන්න පුලුවන් ද??? මම එයාට ආදරෙයි කියලා වචනයෙන් ම එයාට කියාගන්න මට අහිමි උන ඒ ආදරේ ආපහු අයිති කරගන්න කොච්චර ලෝභකමක් හිතේ තිබුනත් එහෙම කරන්න බැරි වෙද්දී මගේ හිතට දැනෙන්නේ මගේ ඒ බලාපොරොත්තු ටිකෙන් ටික මගෙන් ඈත්වෙලා යනවා වගේ හැඟීමක් . මට මම ආදරෙයි කියලා කියාගන්න ඕන මාව ජේහ්‍යුන්ග් විදිහට හඳුනාගත්ත මින්හීට නෙවෙයි , ඉස්සර මගේ ජීවිතේම උන මින්හීට. ඒත් ඒ හැම මතකයක් ම තියෙන්නේ මගේ මතකේ විතරයි නම් මම කොහොමද එයාට ඒ හැමදේම කියන්නේ ??? අන්තිමට මොන දේ උනත් මින්හීට ඇත්තම කියනවා කියලා හිතාගත්ත නිසා මම අන්තිමට මින්හීගෙන් මට අහන්න ඕන වෙලා තිබුන දේ ඇහුවා.

"ටේ...ටේහ්‍යුන්ග් ශී ඔයා මාව මීට කලින් දන්නවද??? ඔයා මගේ කවුද???" ටිකක් වෙලා මගේ දිහා බලාගෙන ඉදලා අන්තිමට මින්හී මගෙන් ඇහුවේ ගැහෙන කටහඬකින්.

'Now or never . ටේහ්‍යුන්ග් මින්හීට එයාගේ මතකේ ලැබෙන්නේ නැත්නම් ඔයාට මේක කරන්න ම වෙනවා . ' මම එහෙම හිතලා හොඳ හුස්මක් අරගෙන මගේ ෆෝන් එක අරගෙන මින්හීගේ අත උඩින් තිබ්බා.

Min Hee's POV
ටේහ්‍යුන්ග් ශී ... ඔව් මෙච්චර කාලයක් ජේහ්‍යුන්ග් කියන නමෙන් හිටියත් එයා අන්තිමට එයාගේ ඇත්ත නම මට කිව්වා  . මුලින්ම මට  එකපාරටම මොකුත් හිතාගන්න බැරි උනා , හරියට එයා මෙච්චර කාලයක් මාව රැවැට්ටුවා වගේ හැඟීමක් . ඒත් ... ඒත් එයා ඊට පස්සේ හැමදේම විස්තර කරද්දී මට එයාව තේරුම් ගන්න පුලුවන් උනා. එයා කිම් හෙජන්නිම්ගේ එකම පුතා උනත් , ඒ හැමදේක ම උරුමක්කාරයා උනත් අන්තිමට මට තේරුම් ගන්න පුලුවන් උන එකම දේ තමයි ඒ හැමදේම මැද්දෙත් කිම් ටේහ්‍යුන්ග් කියන්නේ පොඩි කාලේ ගොඩක් දේවල් අහිමි උන තනිඋන කෙනෙක් කියන එක.

ඒත් එයා එයාගේ පවුලේ අයට තාමත් මෙච්චර අකමැති ඇයි??? එයාට එහෙම වෛර කරන්න හරි එයාගේ අප්පා ඉන්නවා නේද කියලා මම කියද්දි ටේහ්‍යුන්ග් ශී කිව්ව දේ නිසා මට දැනුනේ මගේ හුස්ම හිර උනා වගේ .

එ...එයා කොහොමද මගේ ගැන දන්නේ ? එයා ඇයි කිව්වේ මම හිතනවට වඩා දේවල් එයා මගේ ගැන දන්නවා කියලා ... මට ටේහ්‍යුන්ග් ශීගෙන් අහන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා තේරුම් යද්දිම එයා මගෙන් ඇහුවේ මාව තවත් අවුල් වෙන විදිහේ ප්‍රශ්නයක් .

"අනී සමහරවිට ඔයාට ඒ ගැන හරියට ම මතක නැති වෙන්නත් පුලුවන් නේද ? ඇක්සිඩන්ට් එක වෙන්න කලින් දේවල් .හරියට  ඔයා ටික කාලයක් සෝල්වල හිටියා වගේ දේවල්???" ටේහ්‍යුන්ග් ශී එහෙම කිව්වේ විහිලුවට නෙවෙයි කියලා එයාගේ තිබුන බැරෑරුම් පෙනුමෙන් තේරුම් ගන්න පුලුවන් .  ඒත් ඒක වෙන්න පුලුවන් ද?? මම මීට කලින් සෝල්වල ඇවිදලා නැති උනත් අද දැන් ටිකකට කලින් හන්නම් පාලමේ දී මට දැනුනේ හුරුපුරුදු බවක්. බැරිවෙලාවත් මට මතක නැති උනත් මම සෝල්වල ඉඳලා තියෙයි ද?? මීට කලින් හන්නම් පාලම උඩට මේ විදිහට ම ඇවිත් තියෙයි ද????

එතකොට ටේහ්‍යුන්ග් ශීව දැනහඳුනාගත්ත කාලේ ඇතුලත එයා මගේ ගැන, මට හිටියේ ඔම්මා විතරයි කියලා දැනගෙන හිටිය හැටි. එයා හරිම හුරුපුරුදු විදිහට , එයා ගොඩක් කල් දන්න කෙනෙක්ගේ වගේ මගේ නම කියන හැටි.... එතකොට අද පවුලේ අය විතරක් දන්න අප්පා ගැන ඇත්තම විස්තරය .. කොහොමද ටේහ්‍යුන්ග් ශී ඒ හැමදේම දන්නේ ?? බැ.බැරිවෙලාවත් මම කලින් සෝල් ඇවිත් හිටියා නම් එයා එතකොට මාව දැනගෙන හිටියද??? මේ හැමදේම වෙන්න පුලුවන් ද??? අන්තිමට මම ටේහ්‍යුන්ග් ශී දිහාට හැරෙද්දී මට දැනුනේ මගේ උගුරෙ කතාකරගන්න බැරි තරමට මොනාහරි හිරවෙලා වගේ හැඟීමක් . ඒත් මගේ හිත මේ තරම් පැටලිලා තියෙන්නේ ටේහ්‍යුන්ග් ශී නිසා නම් එයා ම මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන . මම මේ අහන්න යන දේ එයාට විකාරයක් කියලා හිතෙන්න පුලුවන් උනත් මට මේ හැම ප්‍රශ්නෙකට ම උත්තර ඕන .

"ටේ...ටේහ්‍යුන්ග් ශී ඔයා මාව මීට කලින් දන්නවද??? ඔයා මගේ කවුද???" මගේ කටහඬ වෙව්ලනවා දැනුනත් මට කොහොම හරි ටේහ්‍යුන්ග් ශීගෙන් ඒ ප්‍රශ්නේ අහන්න පුලුවන් උනා.

ටේහ්‍යුන්ග් ශී ටිකක් වෙලා මගේ දිහා බලාගෙන හිටියා , හරියට මගේ ප්‍රශ්නෙට උත්තර දෙනවද නැද්ද කියලා තීරණය කරන්න වගේ , ඊට පස්සේ අන්තිමට එයා ලොකු හුස්මක් අරගෙන මෙච්චර වෙලා එයාගේ අතේ තිබුන ෆෝන් එක මගේ අතින් තිබ්බා . මම එයා දිහා බලලා ආපහු සැරයක් ෆෝන් එක දිහා බැලුවා .

"ටේ.... ටේහ්‍යුන්ග් ශී ....."

"මේ ඉන්නේ කවුද කියලා අඳුරගන්න පුලුවන් ද මින්හියා ????"

මාව මොහොතකට ගල් ගැහිලා කාලය ගත වෙන එක නතර උනා වගේ මට දැනුනේ . මගේ ඇස් ටේහ්‍යුන්ග් ශී පෙන්නපු ෆෝන් එකටම ඇලිලා තිබුනේ .

ඒ ඉන්නේ ටේහ්‍යුන්ග් ශී high school කාලේ ගත්ත ෆොටෝ එකක් , එතකොට ඒකේ එයත් එක්ක ඉන්නේ ...ඒ....ඒ... මම නේද ??? මේ ...මේක කොහොමද වෙන්නේ ??? ඒ ඇත්තටම මම ද???

"මේ...මේක වෙන්නේ කොහොමද ටේහ්‍යුන්ග් ශී??? ජීවිතේට ඔයාව අඳුරන්නේ නැති මම කොහොමද ඔයා එක්ක ගත්ත ෆොටෝ එකක් තියෙන්නේ ????? මේ ඉන්නේ මම නෙවෙයි නේද ???" මම ඇහුවේ ටේහ්‍යුන්ග් ශීගේ අතකින් තදින් අල්ලාගෙන . එකපාරටම දැකපු ෆොටෝ එක නිසා මාව ලොකු කම්පනයකට පත් උනත් ටේහ්‍යුන්ග් ශී එක්ක ෆොටෝ එකේ ඉන්නේ මම කියලා දැකපු වෙලාවෙ ම තේරුණත්, මට කිසිම මතකයක් නැති කාලයක් තිබුනා කියලා මම  පිළිගන්නේ කොහොමද ???

"මියානේයෝ මින්හියා . චොම්මල් මියානේ ."

"ටේ..ටේහ්‍යුන්ග් ශී ඇයි ඔයා සමාව ඉල්ලන්නේ ??. ඇයි????"

"තවදුරටත් මට බොරු කරන්න බෑ මින්හියා . ඔයාගේ මතකේ ආපහු ලැබෙනකල් මට තවත් ඔයාට බොරු කිය කිය බොරු ලෝකෙක  ජීවත් වෙන්න බෑ . " ටේහ්‍යුන්ග් ශී එහෙම කිව්වේ ගොඩක් හැඟීම්බර විදිහට . ඒත් එයා කියන කිසිම දෙයක් මට තේරුම් ගන්න බෑ .

"ඔයා මොකද්ද කියන්න හදන්නේ ටේහ්‍යුන්ග් ශී ??? මොකද්ද ඔයා මට කියපු බොරු ??? ඇයි ඔයා බොරු ලෝකෙක ජීවත් වෙන්නේ ???"

"ජීවිතේ මම පළවෙනි වතාවට ආදරේ කරපු තවමත් ආදරේ කරන එකම කෙනාට මම එයාව මීට කලින් අඳුරන්නේ නැහැ කියන බොරුව මට තවත් කරන්න බෑ . චෝයි මින්හී කියන්නේ මම අද ඊයේ අඳුරගත්ත කෙනෙක් කියලා  පෙන්නගෙන ඔයාට තවත් බොරු කියන්න මට බෑ මින්හී. අවුරුදු හතකට කලින් මම ආදරේ කරපු මින්හී කියන්නේ දැන් මම අඳුරන ඒත් ඒ කිසිම දෙයක් මතක නැති මින්හී ම තමයි කියන ඇත්ත තවත් බොරුවලින් වහන්න මට බෑ ."

"ම්.... ම්වො???? ටේ....ටේහ්‍යුන්ග් ශී ..   ඔයා මො....මොකද්ද දැන් කිව්වේ ?????" ටේහ්‍යුන්ග් ශී මාත් එක්ක විහිලු කරනවද??? එයා ආදරේ කරපු මින්හී ... එතකොට ඒ කිසිම දෙයක් මතක නැති මින්හී ??? කොහොමද එහෙම වෙන්නේ ????

"මින්හියා..... මේ අහන්න ." ටේහ්‍යුන්ග් ශී එහෙම කියලා මගේ උරහිස්වලින් අල්ලලා මාව එයාගේ පැත්තට හරවාගත්තා . ටේහ්‍යුන්ග් ශී කිව්ව දේවල් ඇත්තක් ද??? ඒ කියන්නේ එයා මට ආදරේ කලා ද?? මමත් එයාට...

"ඔයාට මතක විදිහට ඔයා ඇක්සිඩන්ට් උනේ බුසාන්වල දී නෙවෙයි . ඔයාගේ හාර්ට් සර්ජරි එකට ඔයාගේ ඔම්මා ඔයාව සෝල් එක්කරගෙන ආවා. ඒ ඇවිත් seoul high school එකට transfer උනා. ඒ ඉන්නකොට තමයි මට ඔයාව හම්බවුනේ පළවෙනි වතාවට . මේ ෆොටෝ එක ගත්තෙත් ඒ කාලේ. ඒත් ඔයාගේ සර්ජරි එකට කලින් ඔයා ඇක්සිඩන්ට් උනා. ඔයාට ඇක්සිඩන්ට් එකට කලින් පොඩි කාලේ දේවල් හැමදේම මතක තිබුනත්, ඔයා ඇක්සිඩන්ට් වෙන්න මාස තුනකට විතර කලින් දේවල් ඔයාට මොකුත් මතක නෑ. ඔයාට මගේ ගැන කිසිම දෙයක් මතක නැත්තේ ඒ නිසයි. " ටේහ්‍යුන්ග් ශී කිව්වේ හරිම සන්සුන් විදිහට උනත් එයාගේ හිතත් මගේ වගේ ම කලබල වෙලා තියෙන්නේ කියලා එයා වේගයෙන් හුස්ම ගන්න විදිහෙන් මට තේරුම් ගන්න පුලුවන් . මුලින්ම ජේහ්‍යුන්ග් විදිහට එයාව දකිද්දී මට හුරුපුරුදු ගතියක් දැනුනේ ඒ නිසා ද?? එයා මාව ඉස්සෙල්ලාම දැක්කම ඒ තරම් පුදුම වෙලා මගේ දිහා බලාගෙන හිටියේ ඒ නිසා ද??? ඒත් එයා කිව්වේ එයා මීට කලින් ආදරේ කරපු කෙනා එයාව දාලා ගියා කියලා නේද ???

"ඔයාව ඇක්සිඩන්ට් එකෙන් පස්සේ කිම් හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා සර්ජරි එක කරලා තිබුනා . ඒත් ඊට පස්සේ මට ඔයා ගැන කිසිම දෙයක් හොයාගන්න බැරි උනා. අවුරුදු හතකට පස්සේ මම ආපහු ඔයාව දැක්කේ එදා මගේ ඔෆිස් එකේදී. ඇත්තටම මට හිතුනේ මම හිතින් ඔයාව මවාගෙන කියලා . ඒත් .. ඒත් ඇත්තටම ඒ හිටියේ ඔයාමයි මින්හියා. " ටේහ්‍යුන්ග් ශීගේ වචනවලට මගේ ඇස්වලට ඉබේටම කඳුළු ඉනුවා. එයා කියන කිසිම දෙයක් මට මතක නැති උනත් එයා ඒ කියන්නේ ඇත්ත කියලා මගේ හිත එකපාරින් ම පිළිගත්තා. මට ටේහ්‍යුන්ග් ශීගේ දැනුන හුරුපුරුදු බව, එයාගේ තුරුලේ දැනුන උණුසුම , සැනසීම ඒ හැමදේම මට දැනුනේ ඒ නිසා ද????

"ඔයාව ආපහු දැකපු දවසෙම මට ඔයාව ආපහු මට තුරුල් කරගන්න , ඉස්සර වගේ ම ළඟින් ඉන්න ඕන උනත් මට ඉවසන්න සිද්ධ උනා. ඔයාට මාව මතක නෑ කියලා අන්තිමට මම දැනගත්තත් සමහරවිට ආපහු මාව මුණගැහුණු නිසා ඔයාට හැමදේම මතක් වෙයි කියලා මම හිතුවා. ඒත් අපි ඉස්සෙල්ලාම හම්බවුන මේ හන්නම්වල පාලමේ ඉද්දිවත් ඔයාට කිසිම වෙනසක් දැනෙන්නේ නෑ මින්හියා . ඒ නිසා ඔයාගේ මතකය ආපහු ලැබෙයි කියන මගේ බලාපොරොත්තුව මොහොතකට හරි  සම්පූර්ණයෙන්ම නැති උනා අද . " ටේහ්‍යුන්ග් ශී එහෙම කියද්දි මෙච්චර වෙලා මගේ ඇස්වල පිරිලා තිබුන කඳුළු මගේ කම්මුල් දිගේ පහළට ගලන්න ගත්තා. නිරායාසයෙන් ම මම මගේ ඔලුව ටේහ්‍යුන්ග් ශීගේ පපුවට හේත්තු කරගෙන හයියෙන් අඬන්න ගත්තා . ටේහ්‍යුන්ග් ශී එයාගේ අත් මගේ ඉණවටා යවලා මාව තවත් එයාට තුරුල් කරගත්තා .

"මින්හියා අඬන්න එපා . මම ඔයාට මේ දේවල් කිව්වේ ඔයාව මේ විදිහට අඬවන්න නෙවෙයි . " ටේහ්‍යුන්ග් ශී එහෙම කියද්දි මට තවත් හයියෙන් ඇඬුනා  .

'ඇයි මට මේ තරම් දුකක් දැනෙන්නේ ?? ටේහ්‍යුන්ග් ශී කිව්ව හැමදේම ඇත්ත නිසා ද?? නැත්නම් මට ඒ කිසිම දෙයක් මතක නැති නිසා ද?? එහෙමත් නැත්නම් මේ කිසිම දෙයක් මතක නැති ව මම මුලින් එයා එක්ක රලු විදිහට හැසිරුණ හැටි මතක් උන නිසා ද?? මෙච්චර අවුරුදු ගානකට පස්සෙත් එයා තාමත් මට ආදරේ කරනවාද?? ඒත් එයා මුලින්ම මට ආදරෙයි කියන්න හදද්දී මම එයාට.......' ටේහ්‍යුන්ග් ශීගේ ෂර්ට් එක අල්ලාගෙන හිටිය මගේ අත් වල ග්‍රහණය තවත් දැඩි උනේ ඉබේටමයි . මම ඔලුව උස්සලා ටේහ්‍යුන්ග් ශීගේ මූණ දිහා බැලුවා . එයා දිගටම මාව සනසවන්න උත්සාහ කරන අතරේ මගේ දිහා බලාගෙන හිටියේ හැඟීම්බර විදිහට , තවත් මොහොතක් මේ විදිහට හිටියොත් එයත් අඬාවි කියලා මට හිතුනේ .

"මියානේයෝ ටේහ්‍යුන්ග් ශී . මට ඇත්තටම සමාවෙන්න . මේ කිසිම දෙයක් නොදැන මම ඔයාට ගොඩක් නරක විදිහට සැලකුවේ . මට ඔයාව මතක නැති උනත් මම එහෙම කරපු එක වැරදියි . මම නිසා ඔයා අවුරුදු ගානක් දුකින් ඉඳලා , ඒත් ඊටපස්සේ අන්තිමට මාව මුණගැහුණට පස්සෙත් මම ........." මම බලාපොරොත්තු නොවුණු විදිහට ටේහ්‍යුන්ග් ශී එකපාරටම එයාගේ මුහුණ පහත් කරලා මගේ නළලත සියුම් හාදුවක් පතිත කරද්දී දැනුන උණුසුම් ස්පර්ශෙත් එක්ක මගේ  වචන එහෙම්මම අතරමැද නතර උනා . මම තවමත් ටේහ්‍යුන්ග් ශී දිහා බලාගෙන හිටියේ පුදුම වෙලා ඇස් දෙකත් ලොකු කරගෙන .

"ඒ කිසිම දෙයක් දැන් වැදගත් නෑ මින්හියා . අඩුම තරමින් ඔයාට මාව මතක නැති උනත් මට කමක් නෑ . මට ඕන උනේ ආපහු සැරයක් මගේ ආදරේ මට ළංකරගන්න . ආපහු සැරයක් 'මම ඔයාට ආදරෙයි ' කියලා ඔයාට කියන්න විතරයි . ඒත්.... ඒත් ....ඔයා ඉස්සර හිටිය මින්හීට වඩා වෙනස් , ඔයා කෙනෙක්ව විශ්වාස කරන්නේ හරිම අඩුවෙන්. ඉතින් ඔයාට මාව මතක නැත්නම් මම කොහොමද ඔයාට ඔප්පු කරන්නේ මම ඇත්තටම ඔයාට ආදරෙයි කියලා ??? මම කොහොමද එහෙම කරන්නේ ???" ටේහ්‍යුන්ග් ශී කියද්දි එයාගේ ඇස්වල ඇත්තටම කඳුලු පිරුණා. එයාගේ වචන ඇහෙද්දී මගේ හදවතට ලොකු බරක් එකතු උනා වගේ මට දැනෙන්න ගත්තේ . ඇයි .... ඇයි .... මට ඒ අතීතේ මතක් කරගන්න බැරි . කොහොමද ටේහ්‍යුන්ග් ශී මෙච්චර දේවල් එයාගේ හිත ඇතුලේ තියාගෙන හැමවෙලාවෙම මාත් එක්ක ඉවසීමෙන් වැඩ කළේ.

"ටේහ්‍යුන්ග් ශී..... මම.... මම......." මම එහෙම කියන්න හදද්දී ටේහ්‍යුන්ග් ශී එයාගේ අත් දෙක මගේ කම්මුල්වලින් තිබ්බා. ගඟේ හුළඟ නිසා ටේහ්‍යුන්ග් ශීගේ අත් සීතල වෙලා තිබුනත් ඒ සීතලට ඇතුලෙන් මට දැනුනේ එයාගේ හුරුපුරුදු උණුසුම .

"නා යොන්ග්වොන්හි සරන්ග්හේ නේ චොස්සරම් . චොම්මල් සරන්ග්හේයෝ. " ටේහ්‍යුන්ග් ශී කිව්වේ මොහොතකටවත් එයාගේ ඇස් මගේ ඇස්වලින් ඉවතට ගන්නේ නැතුව. එයාගේ ඒ වචන වල තිබුන අවංකකම වගේ ම එයාගේ ඇස්වලින් පෙනුන  ආදරේ , මගේ හිතට ඒ ගැන කිසිම සැකයක් දැනුනේ නෑ . ඒත් එයාට උත්තරයක් දෙනවා වෙනුවට මම දිගටම ටේහ්‍යුන්ග් ශීගේ ඇස් දිහා බලාගෙන හිටියා.

"ඔයාට මගේ ගැන ඒ විදිහට නොදැනෙනවා උනත් කමක් නෑ , ඒත් කවදාහරි ඔයා උත්තරයක් දෙනකල් මම බලාගෙන ඉන්නවා මින්හියා . " ටේහ්‍යුන්ග් ශී එහෙම කියලා එයාගේ අත් මගේ කම්මුල්වලින් අයින් කරගන්න හැදුවේ. ඒත් මම මගේ අත්වලින් ටේහ්‍යුන්ග් ශීගේ අත්වලින් අල්ලාගෙන ආපහු එයාගේ අත් මගේ කම්මුල්වලට ම තියාගත්තා .

ටේහ්‍යුන්ග් ශී ගැන කිසිම දෙයක් මතක නැති උනත් මෙච්චර කාලෙකට මගේ හිත වෙන කෙනෙක්ට ඇඳුනේ නැත්තේ, මෙච්චර කාලෙකට මම කිසිම කෙනෙක් එක්ක සම්බන්ධතාවක් ඇති කරගත්තේ නැත්තේ ටේහ්‍යුන්ග් ශීගෙන් මට කාලෙකදි ලැබුන ආදරේ මගේ හිත පතුලේ සැඟවිලා තිබුන නිසාද??? ජේහ්‍යුන්ග් විදිහට එයාව දකිද්දී,  ආශ්‍රය කරද්දී මගේ හදවත අමුතුම විදිහට ගැහෙන්න ගත්තේ මගේ හිතත් ඉබේටම ටේහ්‍යුන්ග් ශීට ආපහු ඇදිලා ගිය නිසාද?? මෙච්චර කල් මම එයාට කැමතියි කියලා පිළිගන්න , ඒක එයාට කියන්න පසුබෑවත් දැන් එහෙම කරන්න කිසිම හේතුවක් නෑ නේද ?? ටේහ්‍යුන්ග් ශීට තවත් කල් බලාගෙන ඉන්න කියනවා වෙනුවට මටත් මොහොතකට මගේ හැඟීම් එක්ක අවංක වෙන්න උත්සාහ කරන්න පුලුවන් නේද ???

මගේ හදිසි ප්‍රතිචාරේ නිසා ටේහ්‍යුන්ග් ශී මගේ දිහා බලාගෙන හිටියේ පුදුමයෙන් වගේ . හිතේ කලබල ගතිය නැති කරගන්න තදින් හුස්මක් ගත්තත් මට දැනුනේ මගේ හදවත ගැහෙන වේගය තවත් වැඩි උනා වගේ . මම මොහොතකට ඇස් පියාගෙන ආපහු සැරයක් ඇස් ඇරලා මගේ දිහා කුතුහලයෙන් බලාගෙන හිටිය ටේහ්‍යුන්ග් ශීගේ ඇස් එක්ක මගේ ඇස් ගැටුනා.

"මට මේ දේ කියන්න ඕන උනේ මීට කලින් . මට ජේහ්‍යුන්ග් විදිහට ඔයාට මේ දේ කියාගන්න බැරි උනේ සමහරවිට මම බයගුල්ලෙක් වෙන්නැති , එහෙම නැත්නම් ටේහ්‍යුන්ග් ශී කිව්වා වගේ ම මම කෙනෙක්ව ලේසියෙන් විශ්වාස නොකරන නිසා වෙන්නත් පුලුවන් . ඒත් මම දැන් මේ කියන්න යන දේ කියන්නේ මගේ හදවතින්මයි .

නාදෝ සරන්ග්හේ ටේහ්‍යුන්ගා ." මම එහෙම කියද්දි ටේහ්‍යුන්ග් ශීගෙ මූණෙන් පෙනුනේ එයා සම්පූර්ණයෙන්ම පුදුම උන බවක්.

"චොම්මල්???" මොහොතකට මට ටේහ්‍යුන්ග්ව  පෙනුනේ තමන්ගේ හිතේ තියෙන අනාරක්ෂිත හැඟීමක් නැති කරගන්න හදන පොඩි ළමයෙක් වගේ . මම එයාගේ අත් මගේ අත්වලින් මුදවලා ඒ වෙනුවට එයාගේ කම්මුල් මතින් තිබ්බා. ටේහ්‍යුන්ග් ශී මගේ අතීතේ ගැන කිව්ව වෙලාවේ ඉදන් මට දැනුනේ මම සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් වගේ හැඟීමක් . මම හිතන විදිහ පවා මොහොතකින් වෙනස් උනා වගේ මට දැනුනේ .

මෙච්චර කාලෙකට මගේ වටේ මම ගොඩනඟාගෙන තිබුන හැම ආරක්ෂිත බැම්මක් ම මොහොතකින් බිඳ වැටුනා වගේ හැඟීමක් . මේ ලෝකේ මට විශ්වාස කරන්න , මම දුර්වල උනාම මගේ ළඟින් ඉදගෙන මට අත දෙන්න ජන්ග්කුකා විතරක් නෙවෙයි තවත් කෙනෙක් ඉන්නවා කියලා මට දැනෙන්න ගත්තා . මගේ තිබුන පසුබට වෙන ස්වභාවය වෙනුවට මේ ලෝකේ ඉන්න ධෛර්යයවන්ත ම හිතින් ශක්තිමත් ම කෙනා මම වගේ මට දැනෙන්න ගත්තේ. මම එයාගේ කම්මුල්වලින් අත තිබ්බේ ඒ විශ්වාසයෙන්මයි.

"I love you Kim taehyung . මට අපි ඉස්සෙල්ලාම හම්බවුන හැටි, ඔයා මට ආදරේ කරපු හැටි , මම ඔයාට ආදරේ කරපු හැටි. ඒ කිසිම දෙයක් මට මතක නෑ . ඒත් .... ජේහ්‍යුන්ග් විදිහට ඔයාව අඳුරගෙන ආශ්‍රය කරපු ටික කාලෙට මම ඔයාව ගොඩක් තේරුම් ගත්තා. ඒත් අද ඔයාම මට කිව්ව ඔයාගේ ඇත්තම නම, එතකොට මට මතක නැති අපේ අතීතේ ගැන . ඔයා ඒ කිව්ව හැම වචනයක් ම මම විශ්වාස කරනවා. ඒ හැම වචනයක් ම ඇත්ත කියලා මම දන්නවා. ඉතින් මට ඔයා ගැන දැනෙන විදිහ ගැන කියන්න මම  බය වෙන්නේ නෑ ටේහ්‍යුන්ගා . " මම එහෙම කියද්දි ටේහ්‍යුන්ග්ගේ ඇස් මොහොතකට  සතුටින් දිලිසෙන්න ගත්තා වගේ පෙනුනේ . එයාගේ මුහුණ එයාගේ ලස්සන හිනාවෙන් ඔපවත් උනේ නිරායාසයෙන් . මගේ හිතටත් අමුතුම සතුටක් දැනුනේ ටේහ්‍යුන්ග්ගේ හිනාව දකිද්දී .

මෙච්චර වෙලා මගේ ඇස් එක්ක බැඳිලා තිබුන ටේහ්‍යුන්ග්ගේ ඇස් ටිකෙන් ටික පහළට ගිහින් අන්තිමට නතර උනේ මගේ දෙතොල් ළඟ. එකපාරටම මගේ හිත කලබල වෙනවා වගේ දැනුනත් මම හෙමින් සැරේ ඔලුව වැනුවේ එයාගේ ඇස්වලින් කියවුන අදහස තේරුම් අරන් වගේ . අපේ මුහුණු අතර තිබුන පරතරය අඩු වෙද්දී එයාගේ කම්මුල්වලින් ගිලිහුණ මගේ අත් එයාගේ ෂර්ට් එක තවත් තදින් අල්ලාගත්තා . ඒත් ටේහ්‍යුන්ග්ගේ ඇස්වලින් ම පේන්න තිබුන ආදරෙත් එක්ක මගේ හදවත ආපහු සන්සුන් උනා වගේ .

ටේහ්‍යුන්ග්ගේ තොල්වල උණුසුම් පහස මගේ තොල්වලට දැනෙනවත් එක්කම ඒ හැඟීම  රිසි සේ විඳගන්න ඉඩ දීලා මම මගේ ඇස් පියාගත්තා . මගේ දෙතොල්වල ගැවසුණ ඒ දෙතොල්වල පහස තත්ත්පර කිහිපයකින් නොදැනී යද්දී මම හෙමින් සැරේ ඇසිපිය විවර කළා. ටේහ්‍යුන්ග් තාමත් මගේ දිහා බලාගෙන හිටියේ එයාගේ මූණේ රැඳිලා තිබුන හිනාව සමඟමයි .

"සරන්ග්හේ මින්හිය යොන්ග්වොන්හි " එයා එහෙම කියලා මගේ නළලත මත හාදුවක් තියලා අපි දෙන්නාගේ නළලත එකිනෙක මත රැඳෙව්වා.

Jungkook's POV
මගේ අතේ තිබුන ඩයරිය දිහා මම බලාගෙන හිටියේ මගේ හිතේ තිබුන ප්‍රශ්න වලට විසඳුම ඒකෙන් ගන්න පුලුවන් වගේ . හිත තාමත් තීරණයක් ගන්න පසුබට වෙනවා උනත් මට නූනගේ සතුට ගැන හිතන්න වෙනවා... ඒත් ... එතකොට නූනගෙ ඔම්මාට මම දුන්න පොරොන්දුව .

Flashback (7 years ago)
"අන්න්‍යොන්ග් හසෙයෝ අජුම්මොනි" මින්හී නූනගේ ඔම්මා ගෙදර දොර ඇරපු ගමන් මම එයාට ආචාර කළා.

"ඕහ් ජන්ග්කුක් ..... ඇතුලට එන්න" අජුම්මොනි මට ඇතුල් වෙන්න ඉඩ දීලා පැත්තකට උනා. මම මගේ අතේ තිබුන ඩයරිය තදින් අල්ලාගෙන ම ගෙදරට ඇතුල් උනා. බුසාන්වල දී මින්හී නූනව මුණගැහුනට පස්සේ මම එයාලාගේ ගෙදර ආපු තුන්වෙනි වතාව මේ. නූනගේ ඔම්මා මම එනවට ඒ තරම් කැමැත්තක් නැහැ කියලා දැනුනත් එයා මට ඇතුලට එන්න කිව්ව විදිහ එක්ක ඒ තරම් බය වෙන්න දෙයක් නෑ කියලා මට හිතුනේ . මම අජුම්මොනි එක්කම ගිහින් living room එකේ වාඩි උනා.

"මින්හීට ටිකකට කලින් නින්ද ගියා. ටිකක් වෙලා ඉන්න මම එයාට කතා කරන්නම්" අජුම්මා කිව්වේ මම වටපිට බලනවා දකිද්දී .

"නේ අජුම්මොනි "

"ඉන්න මම බොන්න මොනාහරි හදාගෙන එන්නම්" අජුම්මා එහෙම කියලා kitchen එකට යන්න හැරුනත් එයා එකපාරටම නතර වෙලා ආපහු හැරිලා මගේ දිහා , නෑ මගේ දිහා නෙවෙයි මගේ උකුලේ තිබුන රතුපාට පොත දිහා බැලුවා .

"මේ ඩයරි එක....." අජුම්මා කිව්වේ කෙළින්ම අත දික්කරලා ඩයරිය පෙන්වන ගමන් .

"ඕ.. මේක... අජුම්මොනි මේක නූනගෙ. එයා ඇක්සිඩන්ට් උන වෙලාවේ මේක එයාගේ ළඟ තිබිලා මට හම්බවුනේ . හොස්පිටල් එකේදී නූනට මේක ආපහු දෙන්න උනේ නෑ . ඊට පස්සේ ඔයාලා හොස්පිටල් එකෙන් ආව නිසා පොත මගේ ළඟ තිබුනේ මෙච්චර දවස්. ඒත් අද මම අරගෙන ආවේ නූනට මේක ආපහු දෙන්න . " මම කිව්වේ ඩයරි එක අතට අරගෙන අජුම්මාට පෙන්වන අතරේ

"අනී.. එයාට දැන් ඕක ඕන නෑ ... ඒ නිසා ආපහු දෙන්න එපා . " අජුම්මා කිව්වේ ටිකක් සැරෙන් වගේ .

"නේ???" මම ඇහුවේ එකපාරටම පුදුම වෙලා . ඇයි අජුම්මා මට මින්හී නූනට මේක දෙන්න එපා කියන්නේ ?? අජුම්මා මොකුත් නොකියා ආපහු ඇවිත් පුටුවෙන් වාඩි උනා. ඊට පස්සේ එයා මගේ දිහා බැලුවේ නිවුණු පෙනුමකින් .

"දරුවෝ ඔයා මේක කියවලා බැලුවද???"

"අනී ඒත් මුලින් පිටුවක් විතර කියවුනා , මියානේයෝ අජුම්මොනි . මම හිතලා කියෙව්වේ නෑ . " මම කිව්වේ ටිකක් වරදකාරී හැඟීමකින් . මොකක් හරි හේතුවක් නිසා මම ඇත්තටම ඒ ඩයරි එකේ මුල පිටුවක් දෙකක් කියෙව්වා . ඒත් දැන් මට ඒ ගැන ඇත්තටම දැනුනේ වරදකාරී හැඟීමක් .

"නැහැ. ඔයා සමාව ගන්න ඕන නෑ අදල්
. ඒත් ඒකේ තිබුනේ එයා සෝල්වල හිටපු කාලේ විස්තර නේද ??" අජුම්මොනි එහෙම අහද්දී මම ඔව් කියන්න නිහඬවම ඔලුව වැනුවා.

"මින්හී දැන් ආපහු බුසාන්වලට ඇවිත් ඉන්නේ . ඇක්සිඩන්ට් එක නිසා ඇති උන කම්පනය තාම සම්පූර්ණයෙන්ම නැති වෙලා නෑ . ඒ නිසා එයාට ආපහු සෝල්වල විස්තර කියවද්දී එයාට ආපහු ඇක්සිඩන්ට් එක ගැන මතක් උනොත් . ඒ නිසා මම වෙනුවෙන් ඒ උදව්ව කරන්න ඔයාට පුලුවන් ද?? නූනට එයාගේ ඩයරිය ආපහු දෙන්න එපා . "

"ඒත්......"

"ජන්ග්කුක් ඇත්තටම මින්හීට බුසාන්වල දී ඔයාව හම්බවුන එකට මම මුලින් කැමති උනේ නෑ . ඒක ඔයාටත් තේරුම් යන්න ඇති. ඔයාලගෙ දෛවය ඔයාලව ආපහු එකතු කරන්න තීරණය කළා නම් මට ඇත්තටම කරන්න දෙයක් නෑ ඒත් .... මට මේ පොරොන්දුව වෙන්න පුලුවන් ද???" අජුම්මාගේ කටහඬේ අන්තිමට තිබුනේ ආයාචනාත්මක බවක්

"ම්වෝ??? මුසුන් යක්සොක් ??? (What promise ??) "

"මින්හීට එයා ඇක්සිඩන්ට් උනේ සෝල්වල දී කියලා මතක් කරන්න එපා. ඒ වගේ ම ඔයාට හොස්පිටල් එකේ දී මින්හීව හම්බවුණාට පස්සේ ආපහු මින්හීව හම්බවුණා කියන එක , ඒ කියන්නේ බුසාන්වල දී ඔයාලා ආපහු හම්බවෙනවා කියන එක ඔයාගේ දෙමව්පියෝ දැනගන්න බෑ . ඒ වගේ ම එයාගේ ඔපරේෂන් එකට උදව් කලේ කවුද කියලා එයාට කියන්නත් එපා. අඩුම තරමින් එයා කවදාහරි මේ දේවල් ගැන ඔයාගෙන්  අහනකල් වත්"

"ඒත් අජුම්මොනි ..."

"ඔයාට කැමති වෙලාවක අපේ ගෙදර එන්න පුලුවන් . මින්හී නූනට එයාගේ ම දොන්ග්සෙන්ග් වෙන්න පුලුවන් ඔයාට. ඒත් චේපල් මට මේ පොරොන්දුව වෙන්න පුලුවන් ද?? "

හැමදාම නූනගෙ දොන්ග්සෙන්ග් වගේ ඉන්න ??? ඒත් ඇයි අජුම්මා මට මේ වගේ පොරොන්දුවක් වෙන්න කියන්නේ ?? නූනා සෝල්වලදී ඇක්සිඩන්ට් උන එක, එතකොට එයාට උදව් කළේ අප්පා කියන එක... තව නූනව හදිස්සියේ ම කියන්නේ නැතුව හොස්පිටල් එකෙන් එක්කරගෙන ආවට පස්සේ මට බුසාන්වල දී නූනව හම්බවුණ එක ... මම මේ හැමදේම රහසක් විදිහට රකින්න ඕනද එතකො?? ඒත්  ඔම්මා එහෙම මේ ගැන දැනගන්නේ නැති වෙයි නේද ?? ඒත් නූනගෙ මූණ මතක් වෙද්දී මගේ ඔලුව ඉහළ පහළ වැනුනේ ඉබේටමයි .

"යක්සොක්හේ අජුම්මොනි"

End of Flashback
එදා ඉදන් මේ වෙනකල් ඇත්තටම නූනා මට දැනුනේ එක කුස උපන් මගේ ම සහෝදරියක් වගේ . ඒ නිවාඩුවෙන් පස්සේ ආපහු මම සෝල්වලට ආවත් දිගටම නූනා එක්ක කතා කළා. ඊළඟට ආපු හැම නිවාඩුවකට ම මම අනිවාර්යයෙන්ම බුසාන් වල හැල්මොනිලාගේ ගෙදර ගියා, නූනා හම්බවෙන්න ගියා.

නූනා ඇක්සිඩන්ට් උන දවසේ ඉස්සෙල්ලාම නූනගෙ මූණ දකිද්දී මට දැනුනේ හරියට ඒ මම දන්න කියන කෙනෙක් වගේ හැඟීමක් . වැටිලා තිබුන  නූනගේ ඩයරිය ආපහු දෙන්න හොස්පිටල් එකට ගිහින් ආපහු නූනව දකිද්දී , සර්ජරි එකෙන් පස්සේ එයාව දකිද්දී ඇත්තටම මට දැනුනේ අපි අතර බැඳීමක් තියෙනවා කියලා . මගේ ම කියලා සහෝදරියක් නැති මම ඒ විදිහට නූනා ගැන ඇතිවුණ ඒ හැඟීමට ආස කළා. තාමත් ආසයි .

ඒත් යුන්ගී හ්‍යුන්ග් එක්ක කතා කළාට පස්සේ මට හිතාගන්න බෑ මම ඇත්තටම නූනට දොන්ග්සෙන්ග් කෙනෙක් උනා ද නැත්නම් නරක දොන්ග්සෙන්ග් කෙනෙක් උනා ද කියලා . නූනගේ ඔම්මාගේ ඉල්ලීම නිසා උනත් මම සමහර දේවල් නූනගෙන් හැංඟුවා, මම එහෙම කරපු එක හරි ද?? ඒත් දැන් නූනට ඇත්ත කියද්දි එයා මට සමාව දේවි ද??? ඒත් එයාගේ ඇත්තම සතුට වෙනුවෙන් මට එයාට ඇත්ත කියන්න වෙනවා . හෙට බුසාන් ගිහින් ආවට පස්සේ මම නූනට ඇත්ත කියනවා....

එකපාරටම ඇහුන ෆෝන් එකේ සද්දෙත් එක්ක මම කල්පනාවෙන් මිදුනා .

"යොබුසෙයෝ....."

"ජන්ග්කුකා......"

"නූනා. වෙයෝ????"

"වේ කොජිමල්හෙස්සෝ ??? වේ???? (Why did you lie??? Why???)" නූනා එකපාරටම කේන්තියෙන් වගේ අහද්දී මම පුදුම උනා . ඇයි මේ නූනා එකපාරටම මෙහෙම අහන්නෙ ??

"මින්හී නූනා ....."

"ඇයි ඔයාලා කිව්වේ මාව ඇක්සිඩන්ට් උනේ බුසාන්වල දී කියලා ... ඒක බොරුවක් නේද ????" නූනා ඊලගට එකපාරටම එහෙම කියද්දි මට දැනුනේ මාව ගොලු උනා වගේ . මම මෙච්චර වෙලා බයෙන් හිටිය දේ ඒ විදිහට ම සිද්ද උනා . ඒත් නූනා කොහොමද එකපාරටම ඒ ගැන දැනගත්තේ ???

"නූනා මේ අහන්නකෝ......"

"අනී මට ඔයාව හම්බවෙන්න ඕන . හෙට උදෙන්ම ඔයාව හම්බවෙන්න ඕන . "

"නූනා.... මම හෙට හදිසියේ බුසාන් යනවා දවස් තුනකට විතර .... ආපහු ආවට පස්සේ මම ....."

"කුකී.... මට හැමදෙයක් ම දැනගන්න ඕන . තවත් මේ විදිහට හිටියොත් මට ඇත්තටම පිස්සු හැදෙයි. ඔයා අනිවාර්යයෙන්ම යන්න ඕන ද????" මොහොතකින් නූනගේ කටහඬේ තිබුනේ ආයාචනාත්මක ස්වරූපයක් . , නූනාට අපි බොරු කිව්වා කියලා වගේ ම ,හැමදේම ඉක්මනට දැනගන්න ඕන වෙන්න තරම් මොකද්ද සිද්ධ උනේ නූනට ??

"මම යන්න ම ඕන නූනා . ඒත් ඔයාටත් එන්න ඕන ද??? යක්සොක්හේ (promise ) නූනා ඒ ගියාට පස්සේ මම දන්න හැමදෙයක් ම ඔයාට කියන්නම්."

"හෙට ??? මට නිවාඩු ගන්න පුලුවන් ඒත් ....."

"මම දැන්මම tickets බුක් කරනවා. මම ෆ්ලයිට් එකේ වෙලාව කියන්න තව ටිකකින් කෝල් කරන්නම්. අරස්සෝ????"

"යාහ් ඔයා කොහොමද එහෙම කරන්නේ ?? දවසින් බුසාන් යන්න flight ticket ගන්න බෑ .. ඒක නිසා...."

"අනී නූනා විනාඩි 10ක් ඉන්න . මම flight එකේ වෙලාව කියන්නයි, අපි යන වෙලාව කියන්නයි තව ටිකකින් ගන්නම්. අරස්සෝ නූනා ??" නූනා තවත් මොකුත් කියන්න කලින් මම එයාව නතර කරලා එහෙම කිව්වා . නූනා මගේ පවුලේ විස්තර හරියට දැනගෙන හිටියේ නැති නිසා එයා හිතන්නේ නැති වෙයි මට මේ වෙලාවට හෙට ticket එකක් බුක් කරන්න පුලුවන් වෙයි කියලා . ඔන්න බලන්නකෝ නූනා

"අරස්සෝ.... මියාන් ඔයාට කෑගැහුවට ."

"අනී නා ක්වෙන්චනායෝ නූනා ... මම තව ටිකකින් කෝල් කරන්නම්." මම නූනට කතා කරලා ඉවර උන ගමන් අප්පාගේ secretary යූන් අජස්සීට කතා කරලා තවත් හෙට උදේ බුසාන්වලට තියෙන flight එකට තව ටිකට් එකක් බුක් කරන්න කිව්වා .

'මියානේයෝ අජුම්මොනි ඒත් මට දැන් නූනට ඇත්තම කියන්න වෙනවා. '

Taehyung's POV
දවසේ වැඩ ගොඩක් පිරිලා තිබුනත් හිතේ තිබුන සතුට නිසාම අද උදේ ඇහැරිද්දී හිතට දැනුනේ ලොකු සැහැල්ලුවක් . ඊයේ අන්තිමට හන්නම් පාර්ක් එකේ ඉඳලා අන්තිමට මින්හීව එයාගේ අපාර්ට්මන්ට් එකට ඇරලුවේ රෑ අටට විතර . අන්තිමට මට එයාට ඇත්ත කියන්න පුලුවන් උනා වගේ ම මගේ ඇත්තම හැඟීම් එයාට කියන්නත් පුලුවන් උනා. ඒත් ඇත්තටම ඇක්සිඩන්ට් එකෙන් පස්සේ සිද්ධ උන හැමදේම මම එයාට කිව්වේ නෑ . හොස්පිටල් එකෙන් එයාව discharge කළත් ඒක වැරදියට මරණයක් පත් වීමක් විදිහට සඳහන් උන නිසා සිද්ද උන දේවල් එයා නොදැන ඉන්න තරමට හොඳයි කියලා මට හිතුනේ . ඒකෙන් එයාට කම්පනයක් ඇති වෙන්නත් පුලුවන් නිසා ඇත්තටම මම මින්හීට විස්තරය කියද්දි ගොඩක් පරෙස්සම් වෙන්න උනා .

මින්හීට එයාගේ මතකය නොලැබුනා උනත් එයා මම කිව්ව දේවල් පිළිගත්තා . මම එයාට ආදරෙයි කිව්වට පස්සේ එයාගෙනුත් ඒ වගේ ප්‍රතිචාරයක් මම කිසිම විදිහකින් බලාපොරොත්තු උනේ නෑ , අඩුම තරමින් මෙච්චර ඉක්මනට මම එයාගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් උනේ නෑ . ඉතින් මොහොතකට මින්හී මාව පුදුම කළා කිව්වොත් හරි. ටික වෙලාවකට මට හිතුනේ මගේ ඉස්සරහා ඉන්නේ ඉස්සර හිටිය මින්හී ම තමයි කියලා . ඊයේ අපි පාර්ක් එකේ හිටිය වෙලාව . කාලෙකට පස්සේ මම සතුටින් ම ගත කරපු කාලයක්. හිතේ තිබුන බය, අනාරක්ෂිතබව හැමදේම නැති කරගෙන මින්හී මගේ දෑත් අතර මගේ තුරුලේ ඉන්නකොට ඒ දැනුන හැඟීම , හදවතේ වේගවත් රිද්මයත් එක්කම ගතට දැනුන ඒ හුරුපුරුදු උණුසුමත් එක්ක මගේ හිත මොහොතකට සන්සුන් උනේ ඒ හැඟීම නිදහසේ විදගන්න .

'ආහ්.... හීන ලෝකේ හිටියා ඇති දැන් ඉක්මනට ඔෆිස් යන්න ලෑස්ති වෙන්න ඕන  ' ඇඳට වෙලා ඊයේ හවස ගැන ආපහු කල්පනා කර කර ඉන්න අතරේ මම ඉක්මනට හිතින් බැන බැන ඇඳෙන් නැඟිට්ටේ ඔරලෝසුවේ වෙලාව දැක්කට පස්සේ, ඒත් ඊට කලින් මින්හීට කෝල් කරන්න හැදුවත් එයාගේ ෆෝන් එක ඕෆ් කරලා තිබුනේ . සමහරවිට තාම නිදි ඇති  . මම සතියකට විතර නිවාඩු ගන්නවා කියලා ඊයේ නම්ජූන් හ්‍යුන්ග්ට කියලා තිබුනේ , කිම් කෝපරේෂන් එක වෙනුවෙන් මේ දවස් ටිකට වැඩි කාලයක් වෙන් කළා වගේ ම ආර්ක් එකේ අලුත් ගේම් එක launch කරනකල් දැන් ඒ වෙනුවෙන් මම මගේ උපරිමය කරන්න ඕන .

ඔම්මා ෆ්‍රිජ් එකේ දාලා ගිය කෑම තිබුන නිසා , අලුතෙන් මොනාහරි හදනවා වෙනුවට කෑම රත් කරලා ගන්න විතරයි තිබුනේ . ඒ නිසාම තවත් පැයක් විතර යද්දී මම හිටියේ ආර්ක් එකේ මගේ ඔෆිස් එකේ. තව පැයකින් Board meeting එක පටන් ගන්න නිසා හැමෝම යුහුසුළුව තමන්ගේ වැඩ කරද්දී මමත් ගේම් එකේ last version එක replay කරන ගමන් ඒක check  කළා. ගේම් එක launch කරන්න පුලුවන් මට්ටමට දියුණු කරලා තිබුනත් අවසන් මොහොතේ හරි ඒකේ කිසිම අඩුපාඩුවක් නෑ කියලා සහතික කරන එක මගේ වගකීමක් .

මීටින් එක පටන් ගන්න තවත් පැය කාලක් තිබුන නිසා මම මොහොතකට මගේ අවධානය  ලැප් එකෙන් ෆෝන් එකට යොමු කලා.

මින්හී දැන්නම් ඔෆිස් එකට ඇවිත් ඇති දැන් 9ට කිට්ටුයි. දැන්නම් ෆෝන් එක අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕන . මම එහෙම හිතුවෙ මින්හීගේ නම්බර් එක ඩයල් කරන අතරේ .

ෆෝන් එක නම් වැඩ.... පිස්සී දැන් ටිකකට කලින් ඔෆිස් එකට එන්න ඇත්තේ.

"යොබුසෙයෝ...."

"ඕහ් මින්හියා good morning ."

"Good morning taehyung-ah "

"මොකද කරන්නේ දැන් ?? තාමත් ගෙදර ද??? නැත්නම් පරක්කු වෙලා ඔෆිස් එකට දුවන ගමන් ද???" මම ඇහුවේ ඉස්සෙල්ලාම දවසේ මින්හී පරක්කු වෙලා දුවගෙන ආපු හැටි මතක් වෙලා හිනාවෙවී .

"අනී ඇත්තටම ටේහ්‍යුන්ගා මම අද ඔෆිස් ගියේ නෑ . හදිසි වැඩකට මම .....

'නූනා මම අපේ luggage ඔක්කොම ගත්තා . එන්න යමු ....'

එකපාරටම මට ඇහුනේ කවුරුහරි මින්හීට කතා කරන සද්දේ . ඒ කටහඬ ...පොඩ්ඩක් ඉන්න ඒ.

"ජන්ග්කුකා චන්කම්මන්න්‍යෝ .( wait a minute) ."

"මින්හී නෝ ඔදියේයෝ චිග්ම් ??? (Min Hee where are you now??)" මම ඇහුවේ මගේ මූණේ තිබුන හිනාව ඉබේටම මැකිලා යද්දී . මින්හී කිව්වේ ජන්ග්කුක් කියන්නේ හොඳම යාලුවෙක් වගේ දොන්ග්සෙන්ග් කෙනෙක් , ඒත් එයා ටික කාලෙකට කොරියාවේ හිටියේ නැති නිසා ළඟින් ආශ්‍රය කරන්න බැලු උනා කියලා නේද ??? ඒත් දැන් එයාලා කොහෙද ඉන්නේ ???

"ටේහ්‍යුන්ගා මියානේ  ... මම ඔයාට තව ටිකකින් ආපහු කතා කරන්නම් , එතකොට හැමදේම කියන්නම් . " මින්හී එහෙම කියලා කෝල් එක කට් කළේ මම ආපහු මොකුත් කියන්නත් කලින් . ඊයේ මින්හී කිසිම දෙයක් ගැන කිව්වේ නැහැනෙ . වටපිටාවෙන් ඇහුන සද්ද එක්ක එයා හිටියේ එයාගේ අපාර්ට්මන්ට් එකේ වෙන්නත් බෑ ......

"ජේහ්‍යුන්ග් ශී... හැමෝම meeting room එකට ඇවිත් ඉන්නේ " ජින්‍යොන්ග් ඇවිත් කිව්ව නිසා මම කල්පනා කරන එක නතර කරලා ජින්‍යොන්ග් එක්කම මීටින් රූම් එකට ගියා .

................
මීටින් එක ඉවර වෙන්න හිතුවට වඩා වෙලා ගිහින් අන්තිමට පැය තුනක් විතර ගියා. ඒත් ඒ වෙනකල් මින්හීගෙන් කෝල් එකක් ඇවිත් තිබුනේ නෑ . Lunch time එකෙන් පස්සෙත් මට staff එකේ අයත් එක්ක තිබුන පොඩි පොඩි discussions , documents sign කරපු වැඩ එක්ක අන්තිමට මගේ වැඩ ඔක්කොම ඉවර වෙද්දී හවස 5 විතර උනා.

'ඇයි මින්හී තාමත් කතා කලේ නැත්තේ ???' මම එයාට ආපහු ආපහු කතා කරන්න හැදුවත් ඒ හැමවෙලාවෙම එයාගේ නම්බර් එක වැඩ කළේ නෑ ..හිතේ දැනටමත් නොයිවසිල්ලක්, කුතුහලයක් තිබුනත් මින්හී ගැන දැනගන්න වෙන ක්‍රමයක් නැති නිසාම අන්තිමට අකමැත්තෙන් උනත් මම ගෙදර යන්න තීරණය කළා . ඒත් මින්හී ඇත්තටම කොහෙද ගියේ????

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : අන්න්‍යොන්ග් . ගොඩක් දවස් ගියා කතාව දෙන්න මියානේ . කියවලා බලන්නකෝ කොහොමද කියලා , හිතනවා ඔයාලා කැමති වෙයි කියලා අද කොටසට.
සරන්ග්හේ චින්ගුදල් ❤️❤️

Edited and republished on 15/04/2023

Bạn đang đọc truyện trên: AzTruyen.Top