Chapter 24


❤️I TRUST U❤️

Jungkook's POV
'Ladies and gentlemen welcome to republic of south korea . We are landing in few minutes and fasten your seat belts please '

.......... ......
එයාර්පෝට් එකේ එකතු වෙලා හිටිය කට්ටිය අතරින් මම අමාරුවෙන් රිංගලා සෙනඟ ගොඩෙන් මෙහාට ආවා. අන්තිමට අවුරුදු දෙකකට පස්සේ ආපහු කොරියාවට ආවම හිතට දරාගන්න බැරි සතුටක් දැනෙන්නේ . ඒත් දැන් තියෙන වැඩේ තමයි හැමෝව ම සර්ප්‍රයිස් කරලා හිනාවෙන එක. ඔම්මා හිතන්නෙත් මට තව එන්න කල් තියෙනවා කියලා. දැන් කෙලින් ම ගෙදර .....

"යාහ් ජියොන් ජන්ග්කුක් නෝ ඔදි කා ???? (Where are you going ?)" එකපාරටම ඇහුන කටහඬ නිසා මම ඉබේටම නැවතුනා . ඒත් එක්කම වගේ කවුරුහරි මගේ අතේ තිබුන laguage එක උදුරලා අරන් මගේ කරට අතදාගත්තා.

Shit... shit.... යුන්ගී හ්‍යුන්ග් ... මේ පූසත් එක්ක කිසිම හොර වැඩක් කරන්න බැහැ . මම මගේ කරට දාගෙන හිටපු අතේ අයිතිකාරයා දිහාට හැරුනා .

"හ්‍යුන්ග් නෝ නුගුයා?? වේගින් යා??? අනිම් ක්විශින්???? (Hyung who are you ?? An alien if not a ghost ??)" මම ඇහුවේ ඇත්තටම පුදුම වෙලා .

"වේ ??? (Why?) නෝ නුගුරගු සෙන්ගක්හේ ???( who do you think i am)" හ්‍යුන්ග් ඇහුවේ කටකොණකට හිනාවෙවී .

"හ්‍යුන්ග් ඔම්මාවත් දන්නේ නෑ මම අද එනවා කියලා ... හ්‍යුන්ග් ඕතොක්කේ අරායෝ (how do you know ) ???"

"යාහ් නා නෝ හ්‍යුන්ගියා නෝ එම්මා( I'm your elder brother you brat) . නා. නොරල්. චල්. අරා. (I...KNOW ...YOU ...WELL ...)" හ්‍යුන්ග් කිව්වේ මගේ මූණට නැමිලා .

"කජා... කුමෝ බලාගෙන ඉන්නවා ඔයා එනකල් , මම එයාර්පෝට් එකට එන අතරෙත් මට කෝල් කළා. " හ්‍යුන්ග් එහෙම කියන අතරේ මගේ බෑග් එකත් ඇදගෙන එයාර්පෝට් එකෙන් එලියට එන්න ගත්තා. මමත් හ්‍යුන්ග් පිටිපස්සෙන් එලියට ආවේ පොඩි ළමයෙක් වගේ . අපි කාර් එකට නැඟලා හ්‍යුන්ග් ඩ්‍රයිව් කරන්න ගත්තත් මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නෑ .

"හ්‍යුන්ග් හ්‍යුන්ග් කොහොමද දන්නේ මම අද එනවා කියලා . ????"

"යාහ් අමතක උනාද මගේ profession එක මොකද්ද කියලා ??? නෝ තොක්කියා. " හ්‍යුන්ග් කිව්වේ හිනාවෙවී.

"හ්‍යුන්ග්.... හ්‍යුන්ග්ට මාව දැන් පේන්නෙත් අපරාධකාරයෙක් හරි සැකකාරයෙක් වගේ ද??? " මම ඇහුවේ මූණ දෙක කරගෙන .

"යාහ්...යාහ්...දැන් ඉතින් බොරුවට මූණ එල්ලාගන්න එපා . මම මගේ දොන්ග්සෙන්ග් ව හොඳට දන්නවා ජන්ග්කුකා. ඉතින් අපිව සර්ප්‍රයිස් කරන ප්ලෑන් එක මට කඩාකප්පල් කරලා පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න හිතුනා. " හ්‍යුන්ග් මෙච්චර වෙලා විහිලුවට කිව්ව දේවල් වෙනුවට ඒ වචන කිව්වේ සතුටු හිනාවක් එක්ක .

"නා මොල්ලා (I don't know ) " මම එහෙම කියලා බොරු කේන්තියක් පෙන්නන්න හැදුවත් කාලෙකට පස්සේ ආපහු හ්‍යුන්ග්ව හම්බවෙලා රණ්ඩුවෙන්න මට හිතුනෙත් නෑ . යුන්ගී හ්‍යුන්ග් ... මගේ සම්චූන්ගේ පුතා. මම පවුලේ එකම ළමයා නිසා පොඩි කාලේ ඉදන් මට එකම හ්‍යුන්ග් උනේ යුන්ගී හ්‍යුන්ග් . හ්‍යුන්ග් මට වඩා අවුරුදු හතරකින් වැඩිමාල් උනත් වෙලාවකට වෙලාවකට වැඩ කරන්නේ නම් හරබොජි කෙනෙක් වගේ . හ්‍යුන්ග් වැඩිපුරම කැමති නිදාගන්න නිසා ඕනම කෙනෙක් හිතන්නේ හ්‍යුන්ග් කම්මැලි කෙනෙක් කියලා . ඒත් ඇත්තම කිව්වොත් ඒකේ අනිත් පැත්ත. හ්‍යුන්ග් පවුලේ බිස්නස් වලට එකතු වෙන්න කැමති උනෙත් නෑ . ඒ වෙනුවට එයා අපරාද පරීක්ෂකයෙක් විදිහට පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ උනා, ඒත් හ්‍යුන්ග්ගේ දක්ෂකම නිසා ම එයා detective කෙනෙක් විදිහට පෞද්ගලික ගැටලුත් බාරගන්නවා. ඒත් එහෙම බලද්දී මේ පූසා මගේ flight එක ගැන විතරක් හොයලා නතර උනා ඇති .

"ගුක්????"

"වෙයෝ හ්‍යුන්ග් ????"

"දැන් කෙලින්ම ගෙදර නේද යන්නේ ?? මම ඉස්සෙල්ලා බොරු කිව්වේ කුමෝ දන්නේ නෑ ඔයා එනවා කියලා . "

.........................................

රෑ කෑම ගත්තට පස්සේ රූම් එකට ගිය ගමන් මම ෆෝන් එක ගත්තේ නූනට කෝල් කරන්න , නූනා ආපහු කතා කරන්නම් කිව්වත් කතා කළෙත් නෑ . ෆෝන් එක ටිකක් වෙලා රිංග්ස් යනවා ඇහුනත් නූනා ආන්ස්වර් කරන්නේ නැහැනෙ . මම කෝල් එක කට් කරන්න හැදුවේ. ඒත්

"යොබුසෙයෝ" එකපාරටම එහා පැත්තෙන් ඇහුවේ නන්නාඳුනන පිරිමි කටහඬක්. මම ගත්තේ නූනට නේද ?? මම ආපහු ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බැලුවා.

"මින්හී නූනා ???" මම ආපහු ඇහුවේ දෙගිඩියාවෙන් වගේ , නූනා කෝ???

"ම්.... මේ ෆෝන් එක මින්හියාගේ තමයි , ඒත් එයා දැන් කතා කරන්න පුලුවන් තත්ත්වෙක නෑ ." එහා පැත්තෙන් ඇහුන වචන එක්ක මාව තවත් ව්‍යාකූල කලා.

"චොගි..."

"එයාට කතා කරන්න ඕන නම් හෙට උදේ කතා කරන්න " එහෙම කියලා ෆෝන් එක තිබ්බේ මම මොකුත් කියන්නත් කලින් . මම ආපහු සැරයක් කෝල් කළත් කෝල් එක කට් කළා. ඊට පස්සේ ෆෝන් එක වැඩ කළේ නෑ .

කවුද ඒ කතා කළේ?? නූනා කොහෙද ඉන්නේ ?? ඒත් ඒ කටහඬ මට ඒ කටහඬ පුරුදුයි වගේ . ඒත් එක්කම මට මතක් උනේ උදේ මම නූනට කෝල් කරපු එක

........flashback ........
යුන්ගී හ්‍යුන්ග් කිව්ව විදිහට ම ඔම්මා මම එනවා කියලා දැනගෙන හිටියේ නෑ . ඔම්මා මාව පැයක් විතර බදාගෙන හිටියා වගේ දැනුනේ. ඔම්මා එක්ක හ්‍යුන්ග් එක්ක කතා කරකර ඉදලා පැයකට විතර පස්සේ මම රූම් එකට ගිහින් වොෂ් එකක් දාගත්තා. ආපහු ඇවිත් ඇදේ පෙරලුනාට පස්සේ මම ෆෝන් එක අතට ගත්තේ හදිසියේ ම කෙනෙක්ව මතක් උන නිසා . ඔම්මා විතරක් නෙවෙයි තවත් කෙනෙක් ඉන්නවා එකපාරටම බය කරන්න , මම එහෙම හිතන ගමන් මැසේජ් එකක් ටයිප් කරා.

'නූනා ඔරෙම්මනියා (noona after a long time ) ' මම මැසේජ් එක යැව්වා , හැබැයි හිතේ තිබුන නොයිවසිල්ල නිසාම ඒකට රිප්ලයි එන්න කලින් තව මැසේජ් එකක් ටයිප් කළා.

'යාහ් චෝයි මින්හී නෝ ඔදියා????!!! (Choi Min Hee where are you ???) '

"දැන්නම් ශුවර් එකටම නූනට කේන්ති ගිහින් ඇති " මම හිනාවෙවී එහෙම හිතන ගමන් ම නූනට කෝල් එකක් ගත්තා. රිංග්ස් දෙක තුනකින් ම නූනා කෝල් එක ආන්ස්වර් කළා.

"යොබුසෙයෝ" මින්හී නූනගේ කටහඬ, මට නූනගේ මූණ පෙනුනේ නැති උනත් නූනගේ මූණ , හිනාව මට මැවිලා පේනවා වගේ .

"පොගෝශිපොස්සොයෝ නූනා ( i missed you noona ) "

"නෝ නුගුයේයෝ ?? ( who are you ???)නා අනන් සරමියේයෝ?? (Someone i know ???)" නූනා කතා කළේ අඳුරන්නේ නැති කෙනෙක්ට වගේ . නූනට තරහා ගිහින් ද?? නැත්නම් ඇත්තටම මාව අමතක වෙලාද??

"නූනා.... තරහයි ද මාත් එක්ක ???" මම ඇහුවේ මගේ මූණේ තිබුන හිනාව ඉබේටම මැකිලා යද්දී . ආහ්.. ඇයි නූනා මොකුත් කියන්නේ නැත්තේ?? ජන්ග්කුක් නෝ පබොයා නූනට කේන්ති ගිහින් ඇති .

"ඔව්, පබෝ... මාව මෙච්චර කල් අමතක කළා" ඒත් එකපාරටම නූනා කිව්වේ පොඩි ළමයෙක් වගේ හුරතල් වෙවී .

"චොම්මල් චොම්මල් මියානේ නූනා " මම කිව්වේ මෙච්චර වෙලා තිබුන විහිලු ගතිය අමතක කරලා සීරියස් වොයිස් එකකින් .

"යාහ් ජන්ග්කුකා ...... මම විහිලුවට කිව්වේ ..... university එකේ exam ඉවරයි ද???" ඒ සැරේ නම් නූනා කිව්වේ හිනාවෙවී . ඇත්තටම මම බය උනා .

"නූනා මම හිතුවෙ ඇත්තටම තරහා වෙලා කියලා ...university එකේ ඔක්කොම එක්සෑම් ඉවරයි . මම ඉක්මනට ආපහු එනවා ...."

"චින්චා???(seriously " වාහ් මම ඉක්මනට එනවා කිව්වම නූනට මෙච්චර සතුටුයි ද?? ඒත් නූනට විතරක් නෙවෙයි මටත් සතුටුයි අවුරුදු දෙකකට පස්සේ නූනව ආපහු දකින්න .

"නේ චින්චායෝ. නූනා මම නැති අතරේ නම්ජා චින්ගු කෙනෙක් එහෙම හොයාගත්තේ නෑ නේද ????" මම ඇහුවේ විහිලුවට වගේ .

"නම්ජාචින්ගු කෙනෙක් හොයාගත්තා උනත් ඔයාට නම් කියන්නේ නෑ "

"නූනා..... ......" මම කිව්වේ නහයෙන් අඩනවා වගේ .

"ජන්ග්කුකා....... " නූනා මොකක් හරි කියන්න හිතාගෙන මගේ නම කිව්වේ , මම නූනා කියන්න යන්නේ මොකද්ද කියලා අහගෙන හිටියත් ඊලගට ඇහුනේ නන්නාඳුනන කටහඬක්.

"මින්හී ශී...."

"ජන්ග්කුකා මම පස්සේ කතා කරන්නම්" නූනා ඉක්මනට එහෙම කියලා කෝල් එක කට් කළා. කවුද නූනට කතා කළේ ?? නූනගේ ඔෆිස් එකේ කෙනෙක් ද??

........End of flashback .........

මින්හී නූනා ඔයා කොහෙද ඉන්නේ ??? ඔයාට කරදරයක් නෑ නේද ???? ඇයි ඔයා කෝල් එකට ආන්ස්වර් කළේ නැත්තේ??? ඔයා ඇත්තටම කවුරුහරි කෙනෙක් හොයාගත්තද? නූනා ගැන කල්පනා කරපු නිසාම මට නින්ද ගියෙත් ගොඩක් රෑ වෙලා . උදේ ඇහැරපු ගමන් මම ආපහු නූනට කෝල් එකක් ගත්තා.

"යොබුසෙයෝ......( hello )." එහාපැත්තෙන් නූනගේ කටහඬ ඇහුනේ අමුතු විදිහට , නූනා තාම නිදිමතේ ද කොහෙද ඉන්නේ .

"නූනා නෝ ඔදියේයෝ??? (Noona where are you ??)"

"නා??? චිබේ ... (me??? At home .)"

"ක්ගෙ ඔදියා??? ( where is that?)" මම ඇහුවේ නූනා කියලා ඉවර වෙද්දිම . මින්හී නූනා එයාගේ ගෙදර ඇඩ්‍රස් එක කියපු ගමන් මම කෝල් එක කට් කරලා ඉක්මනට ඇදෙන් බැස්සා . මින්හී නූනා , එයාව මම දන්නේ අවුරුදු 7ක විතර ඉදන් , නූනා කියන්නේ ගොඩක් සමාජශීලි කෙනෙක් නෙවෙයි , මම වගේ . ඒත් එයා මටත් වඩා තනියෙන් ඉන්න කැමති කෙනෙක් . අවුරුදු දෙකක් මම නූනා එක්ක හිටියේ නැති උනත් නූනා තාමත් ඒ විදිහමයි. එතකොට දැන් කවුද කතා කළේ?? නූනට නම්ජා චින්ගු කෙනෙක් ඉන්න විදිහක් නෑ . නූනා එහෙම කිසිම කෙනෙක්ව එහෙම විශ්වාස කරලා එයාගේ ජීවිතේට ඇතුල් වෙන්න දෙන්නේ නෑ , ඒ තමයි මම දන්න මින්හී නූනා . එතකොට දැන් කවුද කතා කලේ??? මගේ හිත පැටලුන නූල් බෝලයක් වගේ , නූනව පුදුම කරන්න තිබුන අදහස සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගිහින් .

පැය බාගෙකට විතර පස්සේ මම හිටියේ නූනා කියපු flat එක ඉස්සරහා. පෙනුමේ හැටියට නම් එච්චර පහසුකම් තියෙන තැනක් නෙවෙයි වගේ , ඒත් නූනට වියදම දරන්න පුලුවන් තැනක් නිසා නූනා මෙහෙට එන්න ඇති. නූනා සෝල් ආවේ කවදද??? අජුම්මා නැති උනාට පස්සේ ද?? මටත් යුනිවර්සිටි වැඩත් එක්ක නූනා එක්ක කතා කරන පුරුද්දත් ටික කාලෙකට මඟෑරිලා ගියා වැඩ වැඩි නිසා . කල්පනා කරන අතරෙම මම තුන්වෙනි තට්ටුවේ තිබුන නූනා කිව්ව අපාර්ට්මන්ට් එකේ door bell එක ගැහුවා , ටිකක් වෙලා බලාගෙන හිටියත් නූනා දොර ඇරියේ නෑ . නූනා මට බොරුද කිව්වේ නැත්නම් නූනට ආපහු නින්ද ගිහින්ද?? මම ආපහු නූනට කෝල් කළත් ෆෝන් එකත් ඕෆ්... මම ආපහු පහළට බැහැලා කාර් එකට නැග්ගේ කරන්න දෙයක් හිතාගන්න බැරුව. මම ෆෝන් එක පැසෙන්ජර් සීට් එකට විසි කරන ගමන් අත් දෙකින්ම කොණ්ඩේ අවුස්සන්න ගත්තේ හිතේ තිබුන බලාපොරොත්තු කඩවුණු ස්වභාවය නිසා . මම කාර් එක පාරට දාන්න හදද්දිම මගේ කාර් එකට ඉස්සරහින් brown SUV එකක් ඇවිත් නතර කළා. ඒත් ඒකෙන් බැස්ස කෙනාව දැකලා මගේ ඇස් උඩ ගියා. මම කාර් එකෙන් බැහැලා අඩියට දෙකට එතනට ගියේ හිතාගන්නත් කලින් .

"නූනා" මම එකපාරටම නූනාගේ අතින් නූනව මගේ පැත්තට ඇදලා ගත්තා . නූනා එකපාරටම බය වෙලා මගේ දිහා බැලුවා , ඒත් මාව දකිද්දී නූනගේ ඇස් පුදුමයෙන් ලොකු උනා.

"ජන්ග්කුක් ......" නූනා මගේ දිහා බැලුවේ ඇත්තටම මම නූනා ඉස්සරහා ඉන්නවා කියලා හිතාගන්න බෑ වගේ .

"නූනා. නෝ ඔදි ඉස්සොස්සොයෝ ඔජේ පම්??????? (Noona where were you last night ??)"

Min Hee's POV
එකපාරටම ඇහුන ෆෝන් එක රිංග්ස් යන සද්දේ නවත්වන්න ඕන නිසා මම නිදිමතේ ම ෆෝන් එක කනට තියාගත්තා.

"යොබුසෙයෝ..."

"නූනා නෝ ඔදියේයෝ ??" නූනා.. මේ ...මේ කුකී ද??? කුකී වෙන්නැති නේද . ඔන්න ඔහේ උත්තර දෙනවා මගේ තොක්කියා වෙන්නැති .

"නා??? චිබේ...." මේ කොල්ලා US ඉදන් මම ඉන්න තැන අහන්නෙ ?? පබෝ තොක්කියා

"ක්ගෙ ඔදියා ???" ක්ගෙ ඔදියා ?? හහ් මේ කොල්ලා ... කමක් නෑ ඔන්න ඔහේ කියලා දානවා.

"........... කුකී..." මෙන්න ඇඩ්‍රස් එක කිව්ව ගමන් ම කෝල් එක කට් කළා. මම ආපහු නිදාගන්නවා. මම ෆෝන් එක night stand එකේ තියන්න හිතාගෙන අත දික් කළා....

"දඩස්...." වැටුනා නේද මේ ෆෝන් එක... ඒත් මම ඒක තියන්න හැදුවේ night stand එක උඩින් නේද ?? මම නිදිමතේ ම ඔලුව ඉස්සුවේ ෆෝන් එක වැටුනේ කොහොමද බලන්න .
ඒත් එකපාරටම මගේ ඇස ගැටුනේ නුහුරු කාමරේක බිත්ති වගේ ම ලී බඩු.

"ම්.....ම්වොයා (what ?) ???? නා ඔදියේයෝ ???? (Where am i?)" මට ඉබේටම කෑගැස්සුනේ මම ඇඳේ කෙලින් වෙලා වාඩිවෙන අතරේ. තවත් වටපිට බලද්දී මගේ හිත තවත් කලබල උනා..... මේ.. මේ කොහෙද ??? මම ... මම ඊයේ...අන්තිමට ..

"ආහ්...." එකපාරටම නැගිට්ට ගමන් මගේ ඔලුව රිදෙන්න ගත්තේ පුපුරන්න වගේ ... ඇයි මේ???

ටොක්....ටොක්....

එකපාරටම දොරට තට්ටු කරන සද්දයක් ඇහුන නිසා මාව ඇදේ පස්සට විසි උනේ ඉබේටමයි , දොර ඉබේටම ඇරෙද්දි ඒ අතරින් මම දැක්කේ හුරුපුරුදු මූණක්.

"ජේ.....ජේහ්‍යුන්ග් ශී ...." මම ජේහ්‍යුන්ග් ශී දිහා බැලුවේ හිතේ තිබුන කලබල ගතිය ටිකක් අඩු වෙද්දී .

"ඕහ්... ඉරොනස්සොයෝ???? (Did you wake up)? නෝ ක්වෙන්චනා (are you ok?) ??? මොරි අප්පායෝ ??? (Does your head hurt ?)" ජේහ්‍යුන්ග් ශී ඇහුවේ හොඳට මගේ දිහා බලන ගමන් .

"නේ??? (What) නා???? (Me) වේ???? (Why)" මම ඇහුවේ එකපාරටම මොකුත් හිතාගන්න බැරුව . ඒත් ඇයි ජේහ්‍යුන්ග් ශී ඇහුවා වගේ මගේ ඔලුව මෙච්චර රිදෙන්නේ ?? ඊයේ මම මොකද්ද කළේ?? ජේහ්‍යුන්ග් ශීට මගේ මූණේ තිබුන පෙනුම තේරෙන්න ඇති . එයා යන්තමට හිනාවෙලා එහෙම්මම දොරට හේත්තු උනා.

"චොල්තේ සුර් මොක්ජිමා . චොල්තෙරො. ....( never drink alcohol . No way by any mean)." ජේහ්‍යුන්ග් ශී කිව්වේ සීරියස් මූඩ් එකකින් ..

"සු.... සුර්???? (Alcohol ??)" ඊයේ බැරිවෙලාවත් මම

'ජේහ්‍යුන්ගා තව එක සෝජු බෝතලයක් ...'

මට එකපාරටම හීනෙන් වගේ ඇහුනේ මම ඊයේ රෑ කිව්ව දෙයක් ද??? සෝජු ???

"අ..අන්ද්වේ .... (no way ..)" මම එකපාරටම කෑගහගෙන නැගිට්ටත් ඒත් එක්කම ඉක්මනට අතෙන් කටවහගත්තේ මට වමනේ යන්න ආව නිසා . ජේහ්‍යුන්ග් මට අතින් bathroom එකේ දොර පෙන්නුව ගමන් මම ඉක්මනට බාත්‍ රූම් එකට දුවගෙන ගියා.

'ආයිශ් මෝඩයා... කොහොමද ඊයේ රෑ එහෙම බිව්වේ????' මම මට ම හිතින් බැනගන්න ගමන් සීතල වතුර ටිකකින් මූණ පිහදැම්මා. ජේහ්‍යුන්ග් ශී හිතන්න ඇති මම සම්පූර්ණයෙන්ම පිස්සු කෙල්ලෙක් කියලා .... පබෝ පබෝ පබෝ.... මම හෙමින් සැරේ ගිහින් බාත් රූම් එකේ දොරෙන් ඔලුව දාලා බැලුවා . ජේහ්‍යුන්ග් ශී පේන්න හිටියේ නැති නිසා මම හෙමින් සැරේ කාමරේ ඇතුලට ගියා. ඒත් එක්කම මගේ ඇස ගැටුනේ ඇද උඩ තිබුන කවරෙකට . මේ මොකද්ද ???? ඇඳුම් ... හිතේ ප්‍රශ්න ගොඩක් තිබුණත් මගේ ඇඳුම්වලිනුත් යන්තමින් සෝජු සැරක් දැනුන නිසා වැඩිදුර මොකුත් හිතන්නේ නැතුව මම ආපහු බාත් රූම් එකට ගිහින් නෑවා. ටිකක් වෙලා ශවර් එකේ සීතල වතුර යටට වෙලා ඉන්නකොට මට රෑ සිද්ධ උන සමහර දේවල් අතරින් පතර මතක් වෙන්න ගත්තා.

'ටේහ්‍යුන්ගා චුක්කාහේ'

'හැමදෙයක් ම හරියයි ටේහ්‍යුන්ගා'

ඒත් ඇයි මට මතක් වෙන හැම මොහොතකම ජීමින් ශී වගේ ම හ්‍යුන්ජී ඔන්නි ජේහ්‍යුන්ග් ශීට ටේහ්‍යුන්ගා කියන්නේ ??

'තේදප්හේයෝ තන්ග්ශින් නුගුයා???? කිම් ජේහ්‍යුන්ග් අනිම් ටේහ්‍යුන්ග් ??? (Answer me. Who are you ?? Kim jaehyung if not Taehyung ????'

මම ඇත්තටම ඊයේ රෑ හරි සිහියෙන් නෙවෙයි ඉදලා තියෙන්නේ . ඒත් මගේ ඒ ප්‍රශ්නෙට මොකද්ද ජේහ්‍යුන්ග් ශී දුන්න උත්තරය?? ඇයි මට මතක් කරගන්න බැරි ??? ඒත් අපේ තෙප්‍යෝනිම් වෙලාවකට ජේහ්‍යුන්ග් ශීට කතා කරන්නෙත් ටේහ්‍යුන්ගා කියලා , ඒ කියන්නේ එයාගේ ඇත්තම නම ටේහ්‍යුන්ග් නේද ???

කල්පනා කරකර ගොඩක් වෙලා ශවර් එක යට හිටිය නිසා සීතලක් දැනෙද්දී මම ඉක්මනට අලුත් ඇඳුම් වලට මාරු උනා. මම කොණ්ඩේ පිහදදා බාත් රූම් එකෙන් එලියට එද්දිම එකපාරටම ජේහ්‍යුන්ග් ශී කාමරේ ඇතුලට ආවා. ඒත් මාව දැක්කත් එක්කම ජේහ්‍යුන්ග් ශී හිටිය තැනම එහෙම නතර වෙලා මගේ දිහා බලාගෙන හිටියේ පුදුම වෙලා වගේ .

"ජේහ්‍යුන්ග් ශී...." මම ජේහ්‍යුන්ග් ශීට කතා කලේ ටික වෙලාවක් අපි අතරේ තිබුන නිහඬතාවයට පස්සේ . ජේහ්‍යුන්ග් ශී එකපාරටම ගැස්සිලා වගේ මගේ දිහා බැලුවා .

"ඕහ්.... වෙලාවට හ්‍යුන්ජී ඔයයි දෙන්නා ටිකක් එකවගේ උනේ" ජේහ්‍යුන්ග් ශී එහෙම කිව්වේ මගේ ගවුම දිහා බලන ගමන් .

"හ්‍යුන්ජී ඔන්නි???"

"ඔව් ඔය ගවුම හ්‍යුන්ජීගෙ . ජීමිනයි හ්‍යුන්ජීයි shopping කරන්න ගිහින් එද්දී ආපු දවසක දාලා ගිහින් තිබුනේ ඔය ඇඳුම් ටික. " ජේහ්‍යුන්ග් ශී කිව්වේ උණුසුම් හිනාවක් එක්ක .

"පහළට එන්න කෑම කන්න " ජේහ්‍යුන්ග් ශී කිව්වේ කාමරෙන් එලියට යන අතරේ. මමත් හෙමින් සැරේ කාමරෙන් එලියට ගියා. ඒ කාමරේට දෙපැත්තේ තවත් කාමර දෙකක් වගේ තිබුනේ . මම හෙමින් පඩිපෙළ දිගේ පහළට ගියා. පඩිපෙළ ඉවර උනේ ටිකක් ලොකු living room එකකින් . Living room එකෙන් පැත්තකට තිබුන දොරෙන් living room එක කෑම කාමරේට ,ඒකට ම යාබදව තිබුන kitchen එකට සම්බන්ධ උනා. මම යද්දිම වගේ ජේහ්‍යුන්ග් ශී kitchen එකේ ඉදන් සෑන්ඩ්විච් පිඟානක් අරන් ඇවිත් කෑම මේසය උඩින් තිබ්බා. මම හෙමින් සැරේ පුටුවකින් වාඩි උනා. ඊයේ මම කොහොමද මෙහෙට ආවේ?? මේ ජේහ්‍යුන්ග් ශීගේ ගෙදර නේද ?? ඒත් මෙහේ වෙන කවුරුත් නෑ නේද ? ජේහ්‍යුන්ග් ශී කිව්වේ එයා එයාගේ පවුලේ අයගෙන් ඈත් උනා කියලා ?? මම ඇහැරපු වෙලාවේ ඉදන් මගේ හිතේ ප්‍රශ්න ගොඩක් පිරිලා තිබුනත් මම ජේහ්‍යුන්ග් ශීගෙන් ඒ එකක්වත් ඇහුවේ නෑ . ඒත් මම සිහි නැතිවෙනකල් බොන්න ඇතිද???

"ආහ් පබොයා" මම එහෙම කියලා ඔලුව මේසෙට ගහගත්තා

"ආව්....." ඒත් හිතපු නැති විදිහට වේගෙන් ඔලුව වැදුන නිසා මට ඉබේටම කෑගැස්සුනා .

"ක්වෙන්චනායෝ??? (Are you ok)" එකපාරටම ජේහ්‍යුන්ග් ශීගේ කටහඬ ඇහුනේ මට ළඟින් ම, මම එකපාරටම ඔලුව උස්සලා බැලුවා .. ජේහ්‍යුන්ග් ශී පහතට නැඹුරු වෙලා මගේ මූණ දිහා බලාගෙන හිටියේ අවධානයෙන් , එයාගේ ඇස් ගොඩක් වෙලා රැඳිලා තිබුනේ මම නළලට අත තියාගෙන හිටිය තැනට.

"නේ.... ක්වෙන්චනායෝ (yes i'm fine ) " අපි දෙන්නාගේ මූණු අතර තිබුන සමීපබව නිසා ම මම කිව්වේ පුටුවේ තව ටිකක් පස්සට වෙන්න උත්සාහ කරන අතරේ. ජේහ්‍යුන්ග් ශී ටිකක් වෙලා මගේ දිහා බලාගෙන ඉඳලා ආපහු එයාගේ පුටුවෙන් වාඩි උනා. ඒත් මම හෙමින් සැරේ නළල අතගාන්න ගත්තේ මේසේ වැදුන පාර ඇත්තටම රිදෙන නිසා .

"යාහ්... නෝ මිච්ච්‍යොස්සෝ ??? ( are you crazy ?) දැන් ඔලුව වද්දාගත්තා කියලා මොකුත් වෙනස් වෙන්නේ නෑ ....." ජේහ්‍යුන්ග් ශී කිව්වේ තරවටු කරනවා වගේ . මම මූණත් එල්ලගෙන ජේහ්‍යුන්ග් ශී දිහා බැලුවේ ඔලුව වැදුන තැන අතගාන ගමන්.

"ජේහ්‍යුන්ග් ශී ඇයි මාව මෙහේ එක්කරගෙන ආවේ?? මගේ ගෙදර ???"

". සමහරවිට සෝජු බෝතල් දෙකක් බිව්වට පස්සෙත් ඔයාට ගෙදර පාස්වර්ඩ් එක කියන්න සිහියක් තිබුනා නම් මට ඔයාව ගෙදරට එක්කරගෙන යන්න තිබුනා " ජේහ්‍යුන්ග් ශී විහිලුවට වගේ හිනාවෙලා මේසේ මැද්දේ තිබුන සුප් එකක් මගේ පැත්තට තල්ලු කළා. මෝඩයා, මට කොහොමද ගෙදර පාස්වර්ඩ් එක අමතක වෙන්නේ ??? මම ගොඩක් බීලා මත් උනාද?? ඇයි මට මොකුත් මතක නැත්තේ????

"අපි රෙස්ටුරන්ට් එකෙන් එද්දිත් ඔයා හිටියේ ටිකක් මත්වෙලා , ඒත් ආපහු සෝජු බිව්ව නිසා සිහිනැති උනා. අන්තිමට මට කරන්න දෙයක් නැතුව ඔයාව මගේ අපාර්ට්මන්ට් එකට එක්කරගෙන ආවා."

"මට මොකුත් මතක නැහැනෙ මොකද්ද උනේ කියලා . " මම එහෙම කිව්වේ කොච්චර කල්පනා කළත් කිසිම දෙයක් පැහැදිලි ව මතක් කරගන්න මට බැරි උන නිසා .

"ඇත්තට ම ආපහු කවදාවත් තනියෙන් නම් බොන්න එපා එපා මින්හියා. ඔයා එතකොට සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් වගේ " ජේහ්‍යුන්ග් ශී එහෙම කියද්දි එයාගේ මූණට නැඟුන හිනාව හංඟාගන්න හැදුවත් මගේ ඇස් කොණකින් මම දැක්කා ජේහ්‍යුන්ග් ශී හිනාවෙනවා.

"ජේහ්‍යුන්ග් ශී ඇත්තටම මම ඊයේ ගොඩක් බිව්වද????" මම ඇහුවේ ආපහු සැරයක් වටපිට බලන ගමන් .

"මින්හියා ඔයා කවදා වෙනකල් මට formal විදිහට කතා කරනවාද?? අඩුම තරමින් අපි ඔෆිස් එකේ නැති වෙලාවටවත් ??"

"Informal කතා කරන්න ඒක ඔයාගේ නම නෙවෙයි නේද ජේහ්‍යුන්ග් ශී ??? මට ඊයේ රෑ මම සෝජු බොනවා අමතක ඇති , ඒත් තෙප්‍යෝනිම්, ජීමින් ඔප්පා , හ්‍යුන්ජී ඔන්නි ඒ හැමෝම ඔයාට කතා කරන්නේ වෙන නමකින් කියලා මට මතකයි. " මම කිව්වේ කෙලින්ම ජේහ්‍යුන්ග් ශීගේ ඇස් දිහා බලාගෙන . ජේහ්‍යුන්ග් ශී හැසිරෙන , කතාබහ කරන විදිහෙන් එයා මට කැමතියි කියලා මට දැනෙනවා ,ඒ වගේ ම ජීවිතේ පළවෙනි වතාවට මට කෙනෙක්ට මගේ ජීවිතේට ඇතුල් වෙන්න දෙන්න බය හිතෙන්නේ නෑ . ඒත් ඒ කෙනාගේ නම පවා බොරුවක් නම් මට ඒ ගැන දැනගන්න අයිතියක් තියෙයි නේද ?

"මින්හියා...."

"නොයේ ඉරම්න් මොයා??? වේ කොජිමල්හෙස්සෝ??? (What's your name ?? Why did you lie ???) "

"මම US ගියේ මෙහේ හැමදේම අතෑරලා මින්හියා , ඒ අතරට මාව සමාජය දැනගෙන හිටිය නමත් අයිති උනා, මොකද මගේ ඇත්ත නම කිව්වොත් හැමෝම මාව දකින්නේ මම විදිහට නෙවෙයි මගේ අප්පාගේ එකම දරුවා විදිහට. " ජේහ්‍යුන්ග් ශී කිව්වේ ලොකු සුසුමක් සමඟ, ඒත් ඒ වචනවල හැංඟිලා තිබුන හැඟීම මට තේරුම් ගන්න බෑ . එයාගේ පවුලේ අයගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න තරම් කේන්තියක්, දුකක්... මට නම් හිතාගන්න බෑ .

"මියානේ මම අනවශ්‍ය දෙයක් ....."

"අනියා... මින්හියා මම ඔයාට ඒ හැමදේම කියන්නම්,ඉක්මනින් ම... ඒත් අද නෙවෙයි " ජේහ්‍යුන්ග් ශී කිව්වේ එයාගේ මූණේ තිබුන බැරෑරුම් පෙනුම හිනාවකට හරවන අතරේ. මමත් එහෙම්මම ඔලුව වැනුවේ එකඟ වෙනවා හැර වෙන කියන්න දෙයක් නැති නිසා.

"ඒත් ඔයා මට informal කතා කරනවා නම් මම කැමතියි ,වෙන කිසිම දෙයක් හිතන්න එපා අපි දෙන්නා එකම වයසේ නිසා මට පන්මල් නම කියලා කතා කරන්න .. එතකොට ඔයාගේ බීම ගැන නම්..... සෝජු බෝතල් දෙකක් " ජේහ්‍යුන්ග් ශී කිව්වේ හිනාවෙවී . ඈහ් ??? එතකොට අපි දෙන්නාම එකම වයසෙද??? නෑ නෑ පොඩ්ඩක් ඉන්න ඊට පස්සේ එයා කිව්වේ සෝජු බෝතල් දෙකක් කියලා නේද ?? දෙවියනේ මම සෝජු බෝතල් දෙකක් තනියෙන් බිව්වා කියන්නේ මට හිතාගන්න පුලුවන් මම හැසිරුණ විදිහ. ඒත් එක්කම මට හීනයක් වගේ මතක් උනේ මම ජේහ්‍යුන්ග්ට කතාකරපු හැටි .

'චල් චායෝ ජේහ්‍යුන්ග් ශී' ආහ් මෝඩ මින්හී මොනාද මේ කියලා තියෙන්නේ ????

මෙච්චර කල් මම බිව්වම හැසිරෙන විදිහ දැනගෙන හිටියේ ඔම්මා , ජන්ග්කුකා විතරයි , ඒත් දැන් .... ජේහ්‍යුන්ග් ශී ....මගේ කම්මුල් එකපාරටම රත්වෙන්න පටන් ගත්තා වගේ ලැජ්ජාවට . ජේහ්‍යුන්ගා දිගටම මගේ දිහා බලාගෙන හිටිය නිසා මම හෙමින් සැරේ එයාගේ බැල්ම මඟෑරලා hangover soup එක බොන්න ගත්තා. ටික වෙලාවක් යනකල් අපි අතර තිබුනේ නිහඬතාවයක්. මම ජේහ්‍යුන්ග්ව දන්නෙත් තාම මාසයක් දෙකක් විතරයි , ඊයේ රෑ මම හිටියේ එයාගේ ගෙදර කියලා හිතලා මම කලබල වෙන්න , බයවෙන්න ඕන උනත් ඇත්තටම මට දැනුනේ ආරක්ෂිතබවක්, මීට කලින් කිසි කෙනෙක් එක්ක ඉන්නකොට නොදැනුන.

"මින්හියා ඊයේ රෑ ඔයාට කෝල් එකක් ආවා, සමහරවිට ගෙදර කෙනෙක් වෙන්නැති ."

"මගේ ගැන හොයලා බලන්න පවුලේ කෙනෙක් නෑ ජේහ්‍යුන්ගා. " මම එහෙම කියන ගමන් පැත්තකින් තියලා තිබුන මගේ ෆෝන් එක අතට අරගෙන බැලුවා.

"අ.....අන්ද්වේ, නා නා ක්නිලස්සෝ ( n....no way. I'm done)" මම ඉබේටම පුටුවෙන් නැඟිටලා කියවුනේ ස්ක්‍රීන් එකේ වැටිලා තිබුන කුකීගේ නම්බර් එක දැකලා .

"ජේහ්‍යුන්ගා චේබල් චේබල් ( please please )මට කියන්න ඔයා කෝල් එක ආන්ස්වර් කළේ නෑ කියලා " මට ඉබේටම කෑගැස්සුනා .

Taehyung's POV
"චල් චායෝ ජේහ්‍යුන්ග් ශී (sleep well jaehyung shii) " මින්හී මේසේට ඔලුව තියාගත්තේ නිදාගන්න , එයාගේ අතේ තිබුන හිස් සෝජු බෝතලය අතෑරියත් බිමට වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි මම අල්ලාගෙන මේසය උඩින් තිබ්බා. මින්හීගේ ඉල්ලීමට නොවුනත් අන්තිමට කොහොම හරි ටෙන්ට් බාර් එකක් ළඟ නතර කරපු එක මම කරපු ලොකුම මෝඩ වැඩේ. කවුද හිතුවෙ මම කෝල් එක ඉවර කරලා එද්දී මේ පිස්සි මෙච්චර දෙයක් කරයි කියලා .බාර් එකේ අජුම්මාට සෝජු වලට ගෙව්වට පස්සේ මම ආපහු මින්හී නිදාගෙන හිටිය මේසේ ළඟට ආවා.

"මින්හියා, ඉරොනායෝ.... (wake up)" මම හෙමින් සැරේ මින්හීගේ උරහිසට අත තියලා එයාව ඇහැරවන්න හැදුවේ.

"ආහ් වෙයෝ.. අන්ද්වේ (why?? I can't ) " මින්හී බාගෙට ඔලුව උස්සලා එහෙම කියලා ආපහු නිදාගන්න හැදුවේ. ඒත් අමාරුවෙන් වගේ එයාව පුටුවෙන් නැඟිට්ටවාගත්තා. ඒත් සෝජුවලට මත්වෙලා , නිදිමතේ හිටිය නිසා එයාව මගේ ඇඟට හේත්තු උනේ ඇසිල්ලකින්.

මගෙන් දැනුන උණුසුම නිසා මින්හී මට තවත් සමීප උනේ නිරායාසයෙන් ම මගේ ජැකට් එක අල්ලාගන්න ගමන් . අපි අතර තිබුන සමීපබව නිසාම මගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා වගේ . මින්හියාව පැත්තකට වැටෙන්න යද්දී මම එයාව අල්ලාගත්තත් මාව නිකන් ගල්වෙලා වගේ මට දැනුනේ . ටිකක් වෙලා ඉන්නකොට මගේ හිත යම්තරමකට සන්සුන් උනා. මින්හීට ආපහු නින්දගිහින් තිබුන නිසා එයාව එලියට එක්කරගෙන එන්න පුලුවන්කමක් තිබුනේ නෑ , අන්තිමට මම මින්හීගේ දණිස් යටින් එක අතක් යවලා අනිත් අත එයාගේ උරහිස් යටින් යවලා එයාව මගේ අත්වලට ගත්තා. මම පාර අයිනෙන් නවත්වලා තිබුන කාර් එකේ පැසෙන්ජර් සීට් එකෙන් මින්හීව තියලා සීට් බෙල්ට් එක දැම්මා . එයා තද නින්දක හිටිය නිසාම ඇහැරුනේ නෑ . මම අනිත් පැත්තෙන් කාර් එකට නැග්ගත් මින්හී තාමත් සැප නින්දේ.

මම කාර් එක ගිහින් මින්හීගේ අපාර්ට්මන්ට් එක තියෙන බිල්ඩින් එක ඉස්සරහින් නවත්වලා එයාගේ සීට්බෙල්ට් එක ගලවන්න හදද්දී තමයි ලොකුම ප්‍රශ්නේ මගේ ඔලුවට ආවේ. මම මින්හීගේ ගෙදර හරියට ම දන්නෙත් නෑ , දන්නවා උනත් පාස්වර්ඩ් එක දන්නේ නැතුව එයාව ඇතුලට එක්කරගෙන යන්නේ කොහොමද ??? ටිකක් වෙලා කල්පනා කළාට පස්සේ අන්තිමට මම ආපහු මින්හීට සීට් බෙල්ට් එක දාලා කාර් එක පාරට දැම්මා .

අන්තිමට එයාව මගේ අපාර්ට්මන්ට් එකට අරන් යන එක හැර මට විකල්පයක් තිබුනේ නෑ . පැය බාගෙකට විතර පස්සේ මම කාර් එක basement floor එකේ කාර් පාර්ක් එකෙන් නැවැත්තුවා. මින්හී තාමත් තද නින්දේ හිටිය නිසා එයාව කලින් වගේ ම අත් දෙකට හරහට අරගෙන ලිෆ්ට් එකට නැග්ගා. අන්තිමට අමාරුවෙන් උනත් පාස්වර්ඩ් එකත් එන්ටර් කලාට පස්සේ දොර ඇරුනා , මම මින්හීව අරන් ගියේ මගේ නිදන කාමරේට යාබදව තිබුන guest room එකට.

මින්හීට ඇහැරෙන්නේ නැති වෙන්න හෙමින් සැරේ එයාව ඇඳෙන් තියලා මම නැඟිටින්න හදද්දී එයා මූණ මගේ පැත්තට හැරෙව්වා. මෙච්චර වෙලා පැත්තකට වෙලා තිබුන කලුපාට කොණ්ඩ කැරලි කිහිපයක් මින්හීගේ මූණට වැටුනේ එයාගේ ඇස් වැහෙන විදිහට . මගේ අත නිරායාසයෙන් ම මින්හීගේ මූණට වැටුන කොණ්ඩ කැරැල්ල ආපහු එයාගේ කන පිටිපස්සට කළා. ඇස් පියවිලා හිටියත් දැන්නම් මින්හීගේ තිබුනේ හරිම අහිංසක , සන්සුන් පෙනුමක් , ඒත් සීතල නිසාම එයාගේ තොල් පෙති තවත් රතුවෙලා වගේ. පහළට ඇදුන මගේ අත මොහොතකට බීම සැරට රතුවෙලා තිබුන මින්හීගේ කම්මුල්වල රැඳුනා.

' ඔයාට අතීතේ අමතක උනත් මට කමක් නෑ මින්හියා , මට ඔයාව මතක තියෙන තාත්කල් ඔයා මගේ විතරමයි. ' මම හෙමින් සැරේ මොහොතකට මින්හීගේ දෙතොල් මෘදු ව සිපගත්තා. පහතට කරලා තිබුන බ්ලැන්කට් එක උඩට කරලා මම ඇදෙන් නැගිටිද්දිම මින්හීගේ බෑග් එකේ තිබුන ෆෝන් එක රිංග්ස් යන්න ගත්තා. අමාරුවෙන් උනත් ඉක්මනට ෆෝන් එක හොයාගෙන ආන්ස්වර් කළේ නැත්නම් මේ සද්දෙට මින්හීට ඇහැරෙන නිසා

"යොබුසෙයෝ."

"මින්හී නූනා ?????." එකපාරටම එහා පැත්තෙන් ඇහුනේ පිරිමි කටහඬක් .. නූනා ??? ඒත් එයාට දොන්ග්සෙන්ග් කෙනෙක් නැහැනෙ .

"ම්.... මේ ෆෝන් එක මින්හියාගේ තමයි , ඒත් එයා දැන් කතා කරන්න පුලුවන් තත්ත්වෙක නෑ ." මම කිව්වේ නිදාගෙන ඉන්න මින්හී දිහා බලාගෙන

"චොගි.." ඒ කෙනා අවිනිශ්චිත ව වගේ ආපහු කතා කලේ නිහඬතාවයකට පස්සේ

"එයාට කතා කරන්න ඕන නම් හෙට උදේට කතා කරන්න " මම ඉක්මනට කියලා කෝල් එක කට් කළා. කවුද මේ??? බැරිවෙලාවත් මින්හී උදේ කෝල් කරකර හිටියේ මෙයාටද?? මම එහෙම හිත හිත ඉද්දී ආපහු ඒ නම්බර් එකෙන්ම කෝල් එකක් ආවා , මම කෝල් එක කට් කරලා දැම්මා . සමහරවිට මින්හීගේ කවුරුහරි කෙනෙක් වෙන්නැති . මම ෆෝන් එක night stand එක උඩින් තියලා මගේ කාමරේට ගියා.

Next day morning
උදේ මම ඇහැරලා වොශ් එකකුත් දාගෙන kitchen එකට ගියා. ගෙදර වැඩ කරන අජුම්මා ඇවිත් හිටියේ නැති නිසා මම ටිකක් වෙලා රාක්කවල තිබුන දේවල් බලලා අන්තිමට සෑන්ඩ්විච් හදන්න තීරණය කළා , සාමාන්‍යයෙන් මම kitchen එකේ වැඩවලට අකමැති උනත් මේ වගේ පොඩි කෑමක් හදාගන්න පුලුවන් කියලා හිතද්දිත් හිනා යනවා.

අන්තිමට වෙලා තිබුන නිසා මම receipt එක බලාගෙන hangover soup එකකුත් හැදුවා. ජීමිනා මේක දැක්කොත් එහෙම බිම පෙරලිලා හිනාවෙන්නේ ශුවර් එකටම. මම guest room එකට යද්දී මින්හී ඇහැරලා හිටියත් ඒත් එක්කම එයා bathroom එකට දිව්වේ අතකින් කට වහගෙන . මට ම ගැලපෙනවා , මම එහෙම හිතන ගමන් ම අනිත් guest room එකේ තිබුන හ්‍යුන්ජී දවසක් අමතක වෙලා දාලා ගිහින් තිබුන අලුත්ම ඇඳුමක් බෑග් එක පිටින්ම මින්හීගේ ඇඳ උඩින් තියලා එලියට ගියා. ටික වෙලාවකට පස්සේ මම ආපහු ඇවිත් කාමරේ දොරට තට්ටු කළත් මින්හීගෙන් ප්‍රතිචාරයක් නොතිබුණු නිසා දොර ඇරියා. ඒත් මම කාමරේ ඇතුලට එද්දිම බාත්‍ රූම් එකේ දොර ඇරිලා එලියට ආපු මින්හීව දකිද්දී මාව එකපාරටම ගල් උනා වගේ දැනුනේ. හ්‍යුන්ජිගේ ළා කහපාට කපුරෙදි ගවුම මින්හීට ගානට ගැලපෙනවා , ඒත් මගේ ඇස් එයාගෙන් මුදවාගන්න බැරි උනේ මින්හී කොණ්ඩේ පිහදාදා හිටිය නිසා. ඉණ ගාවට දිග වතුර බේරෙන තෙත කොණ්ඩේ වගේ ම මින්හීගේ මූණට වැටිලා තිබුන මුරණ්ඩු තෙත කොණ්ඩ කැරලි කිහිපයක් නිසාම මාව නිකන් මත් උනා වගේ දැනුනේ , මම දිගටම එයා දිහා බලාගෙන හිටියේ ඇහිපිය නොහෙළා . මින්හී එකපාරටම කොණ්ඩේ පිහදාන එක නතර කරලා මගේ දිහා බැලුවේ මම බලාගෙන ඉන්නවා දැනිලද කොහෙද . එයා ටිකක් වෙලා මගේ දිහා බලාගෙන හිටියේ ඇස් දෙකත් ලොකු කරගෙන , හරියට පොඩි ළමයෙක් වගේ .

"ජේහ්‍යුන්ග් ශී" මින්හී අන්තිමට මට කතා කලේ මගේ බැල්මෙන් බේරෙන්න වගේ .

"ඕහ්.... වෙලාවට හ්‍යුන්ජී ඔයයි දෙන්නා ටිකක් එකවගේ උනේ"

"හ්‍යුන්ජී ඔන්නි ???" මින්හී ඇහුවේ ඔලුව පැත්තකට ඇල කරලා ප්‍රශ්නාර්ථයක් එක්ක මගේ දිහා බලන ගමන් .

"ඔව් ඔය ගවුම හ්‍යුන්ජීගෙ . ජීමිනයි හ්‍යුන්ජීයි shopping කරන්න ගිහින් එද්දී ආපු දවසක දාලා ගිහින් තිබුනේ ඔය ඇඳුම් ටික. " මම කිව්වේ හිනාවක් එක්ක , මින්හීත් මගේ දිහා බලලා හිනාවෙද්දී එයාගේ ඇස් දිලිසෙද්දී මගේ හදවත ගැහෙන වේගය ඉබේටම වැඩි උනා වගේ .

"පහළට එන්න කෑම කන්න " මම එහෙම කියලා ඉක්මනට පහළට ආවා. මම මේසය ලෑස්ති කරන අතරේ මින්හී හෙමින් සැරේ පහළට ආවේ හොරෙන් හොරෙන් වගේ. එයා පුටුවක වාඩිවෙලා කල්පනා කරනවා මම බලාගෙන හිටියේ මගේ හිනාව බොහොම අමාරුවෙන් හිරකරගෙන . මූණේ පෙනුමේ හැටියට අනිවාර්යයෙන්ම ඊයේ රෑ සෝජු බෝතල් දෙකක් අල්ලාගෙන නටපු විකාරේ ගැන මතක් කරනවා ඇත්තේ.

"ආව්"

ඒත් එකපාරටම මින්හී ඔලුව මේසේ ගහගත්ත නිසා මොහොතකින් මම හිටියේ එයාගේ මූණට නැඹුරු වෙලා .

"ක්වෙන්චනායෝ???" මම ඇහුවේ මින්හීගේ රතුවෙලා තිබුන නළල දිහා බලලා ආපහු එයාගේ ඇස් දිහා බලාගෙන .

"නේ ක්වෙන්චනායෝ " මින්හී එහෙම කිව්වත් එයාගේ මූණෙන් ම පෙනුනා එයාට රිදුනා කියලා . මින්හී මගේ දිහා ඔලුව උස්සලා බැලුව නිසා අපි දෙන්නාගේ මූණු අතරේ තිබුනේ අඟල් කිහිපයක පරතරයක් විතරයි . මම හෙමින් සැරේ පස්සට වෙලා ආපහු ගිහින් පුටුවෙන් වාඩි උනා.

"යාහ්... නෝ මිච්ච්‍යොස්සෝ ??? දැන් ඔලුව වද්දාගත්තා කියලා මොකුත් වෙනස් වෙන්නේ නෑ ....." මම එකපාරටම ටිකක් සැරෙන් වගේ කියද්දි මින්හී ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බැලුවා .... ඒත් ඒ ඉක්මනට එයා කටත් උල්කරගෙන මගේ දිහා බැලුවේ පොඩි ලමයෙක් වගේ .

"ජේහ්‍යුන්ග් ශී ඇයි මම මෙහේ ඉන්නේ ???? මගේ ගෙදර ???" මින්හී ඇහුවේ හීනි කෙඳිරියක් වගේ . මේ පිස්සු කෙල්ල නම්.. ඊයේ රෑ ඇති වෙන්න සෝජු බිව්වා දැන් පොඩි ළමයෙක් වගේ කට උල්කරගෙන හුරතල් වෙන්න හදනවා .

.....Flashback ....
"තේදප්හේයෝ තන්ග්ශින් නුගුයා???? කිම් ජේහ්‍යුන්ග් අනිම් ටේහ්‍යුන්ග් ??? (Answer me. Who are you ?? Kim jaehyung if not Taehyung ????" මින්හී එකපාරටම එහෙම අහද්දී හදිස්සියට මගේ අතින් වාහනේ බ්‍රේක් එක පෑගුනා,කාර් එක පාර මැද්දේ නතර උනේ එකපාරටම .

"ආයිෂ් යා ජේහ්‍යුන්ග් ශී අනී ටේහ්‍යුන්ග් ෂී චුගුල්ලේ ??? (Aish yaah jaehyung ssi , no taehyung ssi wanna die???)" මින්හී ඉස්සරහට විසි උන පාර ආපහු සීට් එකේ පිටිපස්සට උනේ මට කෑගහන අතරේ..

"මි...මියානේ (s...sorry ) " මම සමාව ගන්න අතරේ හොඳ හුස්මක් අරන් ආපහු කාර් එකේ වේගය වැඩිකරන්න ගත්තා .

"ක(අ)න්දේ ක්ගේ සංග්වන් ඔප්සොයෝ (but that doesn't matter ) , මම දන්නවා ඔයා මට කවදාහරි ඇත්ත කියලා කියලා " මින්හී ආපහු සැරයක් එහෙම කියලා මගේ දිහා බලලා හිනාවෙන්න ගත්තා. ඊට පස්සේ මින්හී අනිත් පැත්ත හැරිලා ශටර් එක පාත් කරලා එලිය දිහා බලාගෙන හිටියේ.

'ඔයාට ඉක්මනින් හැමදෙයක් ම දැනගන්න ලැබේවි මින්හියා , මම අනිවාර්යයෙන්ම ඔයාට කියන්නම්'

"ජේහ්‍යුන්ගා උරි සුල් මොක්ජා, නේ???? (Taehyung-ah let's drink alcohol ? Shall we?)" මින්හීයා එකපාරටම සීට් එකේ උඩ පැනලා මගේ දිහාට හැරුනා .

"යාහ්?? මින්හියා..."

"පබෝ මට සෝජු බොන්න ඕන කිව්වම ටෙන්ට් බාර් එකක් ළඟින් නවත්වන්න " මින්හී පාර අයිනේ තිබුන ටෙන්ට් බාර් වලට අත දික් කරකර කෑගහන්න ගත්තා. මේ මෝඩිගේ චරිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගහලා වයින් එක වීදුරුවෙන් , දැන් කතාව තව සෝජු බොන්න .

"අපි වෙන දවසක සෝජු බොමු මින්හියා , දැන් ගෙදර යමු "

"අනී... මට අද සෝජු ඕනමයි.... අර තොක්කියා ආපහු ආවට පස්සේ මට සෝජු බොන්න වෙන්නේ නෑ ...." මින්හී මගේ පැත්තට හැරුනේ මූණ එල්ලාගෙන වගේ. තොක්කියා ඒ කවුද ???

"තොක්කියා????"

"හ්ම් තොක්කියා... මෝඩ තොක්කියා.... "

"අරස්සෝ අරස්සෝ තොක්කි කෙනෙක් ආවත් මම කොහොම හරි ඔයාව....." මම කියද්දි එකපාරටම ෆෝන් එක රිංග්ස් යන්න ගත්තා. කට් කරන්න හිතාගෙන ෆෝන් එක අතට ගත්තත් ස්ක්‍රීන් එකේ වැටිලා තිබුනේ යුන්ගී ශීගේ නම්බර් එක. කරන්න දෙයක් නැති නිසා මම අන්තිමට කාර් එක අයිනකට කරලා නැවැත්තුවා . යුන්ගී ශී කතාකරන්නේ මින්හී සම්බන්ධ දේකට නිසා එයා ඉන්නකොට කතා කරන්නත් බෑ .

"මින්හියා ඔයා ඔහොම්ම ම ඉන්න මම ඉක්මනට එන්නම් " මම එහෙම කියලා ඉක්මනට කාර් එකෙන් බැස්සේ දොර ලොක් නොකර.

"නේ යුන්ගී ශී"

"ටේහ්‍යුන්ග් ශී මම ඔයා එවපු ඊමේල් එක බැලුවා , ඒත් මම මේ ගැන හොයන්න බාරගන්න කලින් අපිට ටිකක් හම්බවෙලා කතාකරන්න පුලුවන් ද??

"පුලුවන් යුන්ගී ශී "

"පුලුවන් ඉක්මනට මාව හම්බවෙන්න එහෙනම් ......එතකොට මට ........."

..............

"මම හෙට උදේට එන්නම් යුන්ගී ශී.... කම්සම්නිදා (thank you ) " අන්තිමට විනාඩි පහකට විතර පස්සේ මම කෝල් එක ඉවර කරලා ගිහින් කාර් එකේ දොර ඇරියා .

"මියානේ මින්හියා මම එන්න ........ මින්හියා.... නෝ ඔදියා.....??????? (Minheeya where are you ?)" කාර් එකේ පැසෙන්ජර් සීට් එක සම්පූර්ණයෙන්ම හිස්.... කෝ මින්හියා?????

"මින්හියා.... මින්හී......" මම කලබල උන නිසා හයියෙන් මින්හීගේ නම කියලා කතා කළත් එයා පේන්නවත් නෑ . මේ ටික වෙලාවට කොහෙද ගියේ??? එයාගේ බෑග් එකත් නෑ .

මම ඉක්මනට මින්හියාට කෝල් එකක් ගත්තා, ෆෝන් එක රිංග්ස් යන අතරේ මම ආපහු නොයිවසිල්ලෙන් වටේට බැලුවත් මින්හී පේන්නවත් හිටියේ නෑ .

"යො...බු....සෙ...යෝ...." අන්තිමට මින්හී කෝල් එක ආන්ස්වර් කළා.

"මින්හියා... නෝ ඔදියා????? (Where are you ?) පල්ලි මර්හේ ....( say quickly )"

"වේ???? (Why?) මම ඉන්න තැන කිව්වොත් ඔයත් එනවද????"

"යාහ්හ්හ්... පබෝ නෝ ඔදි ඉස්සොයෝ ???? (Where are you ?)" මම ඇහුවේ ටිකක් සැරෙන් වගේ .

"පබෝ.... මම කියන්නේ නෑ . පුලුවන්නම් ඇවිත් ..........
අජුම්මා තව සෝජු බෝතලයක් ....." එකපාරටම මින්හී කිව්වේ ටිකක් හයියෙන් ...

අජුම්මා .... තව සෝජු බෝතලයක් .....මම වටපිට බැලුවේ කෝල් එක කට් කරන්නේ නැතුව. ආහ් මෝඩයා කෝල් එක ආන්ස්වර් කරන්න කාර් එක නවත්තලා තියෙන්නේ ටෙන්ට් බාර් ටිකක් ඉස්සරහා . මම ඉස්සෙල්ලාම තිබුන ටෙන්ට් බාර් එකට දුවගෙන ගියේ ඉක්මනට .. ඒත් මින්හී ඒකේ හිටියේ නැති නිසා ඊළඟට තිබුන එකට ගියා . ඒක ඇතුලේ වැඩිය සෙනඟ හිටියේ නැති නිසා ඇතුලට ගිය ගමන් මගේ ඇස් නතර උනේ මම හොයපු කෙනා ළඟ. ඒත් මගේ ඇස් උඩ ගියේ මින්හී වාඩිවෙලා හිටිය මෙසේ දැකලා . Tthokbokki , kimchi ... එතකොට සම්පූර්ණයෙන්ම හිස් උන සෝජු බෝතලයක්

"ඕහ් චින්ගු යොගි යොගි (oh friend here here )" මින්හී මාව දැකපු ගමන් අත වනන්න ගත්තෙ පොඩි ලමයෙක් වගේ . වාහ් මේ ඇත්තටම මම දන්න මින්හී ම ද??? මම මින්හී ඉස්සරහින් වාඩි වෙද්දිම බාර් එකේ අජුම්මා තව සෝජු බෝතලයක් ගෙනැත් තිබ්බා

"කම්සම්නිදා අජුම්මා " මින්හී එහෙම කියලා සෝජු බෝතලේ අතට ගත්තා.
.............

"චල් චායෝ ජේහ්‍යුන්ග් ශී " හිස් සෝජු බෝතලේ අතේ තියාගෙන වැනි වැනි හිටිය මින්හී අන්තිමට මේසෙට ඔලුව තියාගත්තා .

End of flashback
ඊයේ රෑ මින්හියා කරපු විකාර මතක් වෙද්දී මට ඇත්තටම හිනායන්න ආවත් මම අමාරුවෙන් හිනාව නවත්තාගත්තා .

.............

"නොයේ ඉරම්න් මොයා??? වේ කොජිමල්හෙස්සෝ???" ටික වෙලාවකට පස්සේ මින්හී මගේ ඇහුවේ බලාපොරොත්තු නොවුණු ප්‍රශ්නයක් , මම හිතුවේ එයාට ඒක ඊයේ රෑ අමතක වෙන්න ඇති කියලා .

"මම US ගියේ මෙහේ හැමදේම අතෑරලා , ඒ අතරට මාව සමාජය දැනගෙන හිටිය නමත් අයිති උනා, මොකද මගේ ඇත්ත නම කිව්වොත් හැමෝම මාව දකින්නේ මම විදිහට නෙවෙයි මගේ අප්පාගේ එකම දරුවා විදිහට." මම කිව්වේ ලොකු සුසුමක් එක්ක , මම US යන්න එකම හේතුව ඒක විතරක් නොවුනත් දැනට මින්හී ඒක තේරුම් ගනියි, එයා මගේ දිහා බලාගෙන හිටියේ ටිකක් පුදුම වෙලා වගේ .

"මියානේ මම අනවශ්‍ය දෙයක් ....." මින්හී කියන්න හැදුවේ ටික වෙලාවකට පස්සේ

"අනියා... මින්හියා මම ඔයාට ඒ හැමදේම කියන්නම්,ඉක්මනින් ම... ඒත් අද නෙවෙයි " ඔව් මම ඉක්මනට ම හැමදේම කියන්නම්. ඒත් ඊට කලින් මින්හී මට හැමවෙලාවෙම formal විදිහට කතා කරන එක නතර කරවන්න ඕන , එයා මාත් එක්ක ගොඩක් සමීප උනත් එයා මගේ නම කියද්දි දැනෙද්දී දුරස් බවක් .

"ඒත් ඔයා මට informal කතා කරනවා නම් මම කැමතියි ,වෙන කිසිම දෙයක් හිතන්න එපා අපි දෙන්නා එකම වයසේ නිසා මට පන්මල් නම කියලා කතා කරන්න .. එතකොට ඔයාගේ බීම ගැන නම්..... සෝජු බෝතල් දෙකක් " මම අන්තිමට කිව්වේ මින්හීට විහිලු කරන්න හිතාගෙන . සෝජු බෝතල් දෙකක් කියද්දි එයා මගේ දිහා බලාගෙන හිටියේ ඇස් දෙකත් ලොකු කරගෙන . ඒත් ටික වෙලාවක් යද්දී එයාගේ ඇස් තවත් ලොකු කරගෙන මගේ දිහා බැලුවා , එයාගේ කම්මුල් රතු උනේ ටිකෙන් . ඊට පස්සේ හිතාමතාම මගේ ඇස් මඟෑරලා hangover soup එක බොන්න ගත්තා . අනේ අනේ මෝඩි දැන්ද ඊයේ රෑ සෝජු බීලා කරපු විකාර මතක් වෙන්නේ .

"මින්හියා ඊයේ රෑ ඔයාට කෝල් එකක් ආවා, සමහරවිට ගෙදර කෙනෙක් වෙන්නැති ." මම ටික වෙලාවකට පස්සේ කිව්වේ ඊයේ රෑ ආපු කෝල් එක මතක් වෙලා .

"මගේ ගැන හොයලා බලන්න පවුලේ කෙනෙක් නෑ ජේහ්‍යුන්ගා. "මින්හී එහෙම කිව්වත් එයා ෆෝන් එක අරගෙන බැලුවා . ඒත් එයා එකපාරටම පුටුවෙන් නැඟිට්ටුනේ කරන්ට් එක වැදුනා වගේ

"අ.....අන්ද්වේ, නා නා ක්නිලස්සෝ " මින්හී බය වෙලා වගේ කියද්දි මම එයා දිහා බලාගෙන හිටියේ මොකුත් ම හිතාගන්න බැරුව.

"ජේහ්‍යුන්ගා චේබල් චේබල් මට කියන්න ඔයා කෝල් එක ආන්ස්වර් කළේ නෑ කියලා " මින්හී මගේ දිහා බැලුවේ බලාපොරොත්තු සහගත විදිහට , ඒත් මම කෝල් එක ආන්ස්වර් කළානේ.. කවුද ඒ කෝල් කළේ????

..............
"මින්හියා ඇයි ඔයා මෙච්චර කලබල වෙන්නේ ?? හරියට හොර වැඩක් කරලා ගෙදරට අහු උනා වගේ ????" මම ඇහුවේ මින්හී මෙච්චර කලබල වෙලා ඉන්නේ ඇයි කියලා හිතාගන්න බැරුව . මම යුන්ගී ශීව හම්බවෙන්න යන අතරේ මින්හීව එයාගේ අපාර්ට්මන්ට් එකට ගෙනිහින් බස්සන්නම් කිව්වා . අපි කාර් එකේ යන අතරෙත් මින්හී දෙතුන් සැරයක් කෝල් එකක් ගන්න හැදුවත් එයාගේ උත්සාහය සාර්ථක උනේ නෑ . මම අන්තිමට එහෙම ඇහුවේ එයාගේ මූණෙත් තිබුනේ ඇත්තටම කලබල උන පෙනුමක් .

"ම්... හොර වැඩක් ?? ඇත්තටම කිව්වොත් හොර වැඩක් කරලා අහු උනා වගේ තමයි " මින්හී එහෙම කියද්දි නම් එයාගේ කම්මුල් වලගැහිලා මූණට හිනාවක් නැඟුනේ ඉබේටම .

"මින්හියා... කවුද ඒ කොල්ලා ????" මින්හී හැසිරුණ විදිහත් එක්ක මගේ හිතේ කොණක ඉරිසියාවක් ඇති නොවුණා කිව්වොත් බොරුවක් . එයාට සහෝදරයෝ කවුරුත් නෑ , ඒ වගේ ම ඥාති සහෝදරයෝ හිටියෙත් නෑ මම දන්න තරමින් , එතකොට එයා මේ කියන්නේ කවුරු ගැනද???

"වෝහ් කේන්ති ගන්න ඕන නෑ ඕකට " මින්හී මගේ දිහා බැලුවේ හයියෙන් හිනාවෙන අතරේ. ඒත් මම දිගටම එයා දිහා බලාගෙන හිටියේ උත්තරයක් බලාපොරොත්තුවෙන්

"මම මෙහෙම කියන්නම්. අවුරුදු ගානක් මගේ ළඟින් හිටිය, මගේ පරෙස්සම ගැන ගොඩක් හිතන මගේ ම දොන්ග්සෙන්ග් වගේ කෙනෙක් . ඉතින් මගේ alcohol tolerance එක ගැන දන්න නිසාම කුකී මට කියලා තියෙන්නේ කිසිම කෙනෙක් එක්ක එලියෙදි සෝජු බොන්න එපා කියලා . ඒත් ඊයේ මම ජේහ්‍යුන්ග් ශී එක්ක සෝජු බීලා මත් උනා, අන්තිමට මට ආපු කෝල් එක ගත්තෙත් ජේහ්‍යුන්ග් ශී . ඉතින් ... ඇත්තටම මම ලොකු අමාරුවක වැටිලා ඉන්නේ දැන් " මින්හී අන්තිමට එහෙම කියලා හිනාවුණේ වැරැද්දක් කරලා අහුවුණ කෙනෙක් වගේ .

දැන් ටිකකට කලින් මට මේ කොල්ලා ගැන ඉරිසියාවක් දැනුනා උනත් ඇත්තටම ඒ කොල්ලා කියලා තියෙන දේට මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා.

"මින්හියා ඇත්තටම ඊයේ රෑ ඔයා tent bar එකට ගිහින් සෝජු බොන්න ගන්නකොට ඔයාට හිතුනේ නැද්ද ඔයා ගෙදර යන්නේ කොහොමද කියලා තනියෙන් ????" මම ඇහුවේ බැරෑරුම් විදිහට , ඇත්තටම එයා tent bar එකට ගියේ තනියෙන් නම් එයා එහෙම මත් වෙලා ගෙදර යන්නේ කොහොමද ???

"තනියෙන් වෙන්නේ කොහොමද ??? මම ගියේ ඔයත් එක්ක නේ..." මින්හී එහෙම කියද්දි එයාගේ මූණේ ඇඳුනේ උණුසුම් හිනාවක්

"ඒත්...." මට හිතාගන්න බැරි උනා මොකද්ද කියන්න ඕන කියලා . මින්හී ආපහු සැරයක් මගේ දිහා බැලුවා , එයා මගේ ඇස් දිහා බැලුවේ කෙලින්ම .

"වයින් වීදුරුවක් බීලා හිටියත් මම tent bar එකට ගියේ කිසිම දෙයක් හිතන්නේ නැතුව නෙවෙයි ජේහ්‍යුන්ගා . මම තනියෙන් ජීවත් වෙන්න පුරුදු උනා වගේ ම ගෑණු ළමයෙක් විදිහට පරෙස්සම් වෙන්න , වගකීමකින් වැඩ කරන්න පුරුදු උනා. ඒත් ඊයේ මට හිතුනා එක දවසකට මට ඒ වගකීම්සහගත මින්හී වෙනුවට කිසිම දෙයක් ගැන බරපතළ විදිහට හිතන්නේ නැති හැමදේම ගැන සැහැල්ලුවෙන් හිතන මින්හී වෙන්න . දන්නවාද ඒ ඇයි කියලා ??" මින්හී ඇහුවේ මගේ ඇස් දිහා බලාගෙනමයි. මම ඔලුව දෙපැත්තට වැනුවේ ඉබේටමයි .

"මම ඔයාව විශ්වාස කරනවා ජේහ්‍යුන්ග් ශී , ඊයේ රෑ අන්තිමට මට කිසිම දෙයක් මතන නැති උනත්, මම සම්පූර්ණයෙන්ම අනාරක්ෂිත උනත් මාව බලාගන්න පරෙස්සම් කරන්න ඔයා මගේ ළඟින් ඉදියි කියලා මම හිතුවා. " මින්හී වචනයෙන් වචනය කියද්දි මගේ හදවත මොහොතකට ගැහෙන එක නතර උනා වගේ . මම මේ හිතින් මවාගන්නවා නෙවෙයි නේද ???

"කාටවත් ලේසියෙන් මට ළංවෙන්න දෙන්නේ නැති මගේ හිත ඔයාව පිළිගන්නවා ජේහ්‍යුන්ග් ශී , ඔයාගේ ඒ නම නම් බොරුවක් කියලා දන්නවා උනත් " මින්හී අන්තිමට කියලා හිනා උනේ දඟකාර විදිහට .

"මින්හියා..."

"මම මේ ගැන ගොඩක් හිතුවා ජේහ්‍යුන්ග් ශී ..... ඒ වගේ ම ඔයාගේ හිතේ මගේ ගැන තියෙන්නේ මොන විදිහේ අදහසක් ද කියලා මට තේරෙනවා. මම හිතනවා මටත් ඔයා ගැන ඒ විදිහට ම හිතන්න පුලුවන් කියලා . ඉතින් අපි කාලෙට ඉඩ දෙමු හැමදේම තීරණය කරන්න ." මින්හී අන්තිමට කියද්දි එයාගේ ඇස් සතුටින් දිලිසෙනවා වගේ මට පෙනුනේ . මම වාහනේ එක නතර කරලා මින්හීගේ සතුටින් දිලිසෙන ඇස් දිහා බලාගෙන හිටියා . අපි මින්හීගේ අපාර්ට්මන්ට් එක ඉස්සරහට ඇවිත් හිටියත් මින්හීටත් යන්න ගානක්වත් නෑ වගේ . ඒත් මගේ ෆෝන් එකට මැසේජ් එකක් එන සද්දේ ඇහුන නිසා මම මොහොතකට මගේ ඇස් මින්හීගෙන් ඉවතට ගත්තා.

යුන්ගී ශී..... මට ඉක්මනට යන්න වෙනවා ...
මම එහෙම හිතලා මින්හී දිහා බලද්දී ම එයා මට ඉස්සර උනා .

"ඔජේ ගුමාවොයො ජේහ්‍යුන්ගා (thank you jaehyung-ah) , කාලෙකට පස්සේ මම ගොඩක් සතුටු උනා. පරෙස්සමින් යන්න " මින්හී එහෙම කියලා ලැජ්ජාවෙන් වගේ හිනා උනා.

"නෝදු ගුමාවොයො හැමදේටම . මාව තේරුම් ගත්තට . පරෙස්සමින් ඇතුලට යන්න " මම කිව්වේ මින්හීගේ මූණට වැටිලා තිබුන කොණ්ඩ කැරැල්ලක් පැත්තකට කරන ගමන්. මින්හී මගේ දිහා බලලා අහිංසක විදිහට හිනාවෙලා කාර් එකේ දොර ඇරලා එලියට බැස්සා . එයා අපාර්ට්මන්ට් එක ඇතුලට යනකල් ඉන්න ඕන නිසා මම shutter එකත් තව ටිකක් පහත් කළා. ඒත් ...මින්හී අඩියක් එහාට යද්දිම එකපාරටම එතනට ආපු කොල්ලෙක් එකපාරටම මින්හීගේ අතින් එයාව ඇදලා ගත්තා. මම කාර් එකෙන් බැහැලා ඉක්මනට අනිත් පැත්තට ගියේ අඩියට දෙකට.. ඒත් මම එතනට යන්න කලින් මින්හී කතා කළා.

"ජන්ග්කුක්....." මින්හී ඒ කොල්ලා දිහා බලාගෙන හිටියේ ඇස් දෙකත් ලොකු කරගෙන .

ජන්ග්කුක් ....ජන්ග්කුක් .. මින්හී ඊයේ කතා කලෙත් එහෙම නමක් තියෙන කෙනෙක් එක්ක නේද ??? එතකොට මේ ඉන්නේ ....

"නූනා නෝ ඔදි ඉස්සොස්සොයෝ ඔජේ පම්??????? (Noona where were you last night ??)" ඒ කෙනා ඇහුවේ ටිකක් තදින් වගේ . ඒත් එක්කම මෙච්චර වෙලා මින්හී දිහාට හැරිලා හිටිය කෙනා මගේ දිහාට හැරිලා . කලුපාට කොණ්ඩෙට වගේ ම ඝන ඇහිබැම යටින් මගේ දිහාට යොමුවෙලා තිබුනේ තද දුඹුරු පාට තියුණු ඇස් දෙකක්

"ක(රි)ගෝ තන්ග්ශින් නුගුයා???? (And who are you ???)"

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : අම්මෝ ඔන්න කොහොම හරි ටයිප් කරලා ඉවර කළා 😁😁😁 ඇත්තටම සමාවෙන්න යාලුවනේ ඔයාලාට බලාගෙන ඉන්න වෙනවට. කතාව දෙන්න කොච්චර ඕන උනත් වෙලාවක් නෑ ලියන්න . සතියේ දවස් හයක් උදේ 7 ඉදන් 5 වෙනකල් NTS ඉදලා ඇවිත් තියෙන වැඩත් එක්ක වෙලාවක් ඇත්තෙම නෑ කිසිම දේකට . ඒත් කොහොම හරි පුලුවන් විදිහට කතාව ලියන්නම්

ඔන්න අද ටිකක් ලොකු කොටසක් තියෙනවා , කියවලා ඔයාලාගේ අදහස් කියාගෙන යන්න . කියවන හැමෝටම ගුමාවොයො ❤️❤️❤️❤️ සරන්ග්හේ චින්ගුදල් 😘😘😘😘😘😘😘 බොරහේ ආර්මි 💜️💜️💜️💜️💜️

Edited and republished on 15/04/2023

Bạn đang đọc truyện trên: AzTruyen.Top