Chapter 21
❤️FRIENDS AGAIN ❤️
Taehyung's POV
ඊයේ ජින් හ්‍යුන්ග් හම්බවෙලා ආවට පස්සේ මගේ හිතේ තිබුනේ එකම එක ප්‍රශ්නයක් විතරයි
'මින්හීට ඇත්තටම මොකද්ද උනේ???එයාගේ ජීවිතේ මම නොදන්න ගොඩක් දේවල් සිද්ධ වෙලා '
ඒත් සැරින් සැරේ ඒ ගැන කල්පනා කරපු නිසා ම රෑ මට හරි නින්දක් ලැබුනෙත් නෑ .ඒ නිසා ම උදේ ඇහැරිද්දී ඇඟට දැනුනේ වෙහෙසකර බවක් උනාට මම ඒ ගැන හිතන්නේ නැතුව සුපුරුදු විදිහට ඔෆිස් එකට ගියා . මම යද්දී මින්හී ඇවිත් හිටියේ නෑ . මම මගේ රූම් එකට ගිහින් ටික වෙලාවකින් හෝසොක් හ්‍යුන්ග් ආවා.
"ජේහ්‍යුන්ග් ශී. 8.30 වෙද්දී meeting එකක් තියෙයි . තෙප්‍යෝනිම් තව කෝපරේෂන් එකේ අනිත් department වල ප්‍රධානීන් ..... තව share holders කිහිප දෙනෙක් වගේ . තෙප්‍යෝනිම් කිව්වා වෙලාවට conference room එකට එන්න කියලා ."
"හ්‍යුන්ග් හැමවෙලාවෙම formality ඕන නැහැ , මට නම කියලා කතා කරන්න . " හෝසොක් හ්‍යුන්ග්ගේ තියෙන මිත්‍රශීලී ගතිය නිසාම හ්‍යුන්ග් එක්ක වැඩ කරද්දී හරිම සැහැල්ලු ගතියක් දැනෙන්නේ , ටික දවසක් යද්දී මට හ්‍යුන්ග්ව පෙනුනෙත් නම්ජූන් හ්‍යුන්ග් , ජින් හ්‍යුන්ග් වගේ මට සමීප කෙනෙක් විදිහට .
"අරස්සෝ ටේහ්‍යුන්ග් " හ්‍යුන්ග් හිනාවෙලා එලියට ගියේ මම ආපහු මොකුත් කියන්නත් කලින්. ටිකෙන් ටික හැමෝම ආපහු මගේ ඇත්ත නමෙන් මට කතා කරනවා, ඒත් ඒ ගැන සතුටක්.... දුකක්... මට කොහොමද දැනෙන්න ඕන .... සමහරවිට මින්හී මට මගේ ඇත්තම නමින් කතා කළා නම්... එහෙනම් මම මොහොතකට හරි මේ ලෝකේ ඉන්න සතුටුම කෙනා වෙයි.
කල්පනා ලෝකෙන් මිදිලා මම ආපහු මගේ මේසය උඩ තිබුන අද මීටින් එකට ඕන විස්තර ටික බැලුවා , නම්ජූන් හ්‍යුන්ග් කලින් මෙහෙම දෙයක් කිව්වේ නෑ ... ඒත් බැරිවෙලාවත් හන් ජ්යොන්ග් කලින් ප්‍රොජෙක්ට් ගැන ප්රශ්නය ඇදලා ගත්තොත් ..... එහෙනම් එයා තේරුම් ගනියි එයා පැටලෙන්න හදන්නේ වැරදි කෙනෙක් එක්ක කියලා ...
"බුසොජන්ග්නිම්" එකපාරටම මට ළඟින් ම ඇහුන මින්හීගේ කටහඬ නිසා මම ඔලුව උස්සලා බැලුවා . මින්හී මගේ මේසේ ළඟටම ඇවිත් මගේ දිහා බලාගෙන හිටියා . මමත් මොකුත් නොකියා එයාගේ මූණ දිහා බලාගෙන හිටියා .
…Flashback …
ඔෆිස් එකෙන් එලියට ආපු ඉක්මනින් මම හොස්පිටල් එකට ගියේ ජින් හ්‍යුන්ග් මොන විදිහේ තොරතුරක් හොයාගත්තද කියලා හිතාගන්න බැරුව. හ්‍යුන්ග්ට කෝල් කරන්න කලින් මම කෙලින්ම ගියේ reception එකට.
"කිම් සොක්ජින්....." මම කියලා ඉවර වෙන්නත් කලින් receptionist ඉක්මනට පුටුවෙන් නැඟිට්ටා.
"වොසෝවායෝ.... කිම් ජේහ්‍යුන්ග් ශී නේද ???"
"නේ.."
"එන්න ජේහ්‍යුන්ග් ශී . මම ඊසජන්නිම් ගේ office එකට එක්කරගෙන යන්නම්" Receptionist හැදුවේ මාව හ්‍යුන්ග්ගේ ඔෆිස් එකට එක්කරගෙන යන්න .
"පිර් ඔප්සොයෝ ... මම යන්නම්" ඒත් මම එයාට එන්න ඕන නෑ කියලා හ්‍යුන්ග්ගේ ඔෆිස් එකට ගියා .
මම ඇතුලට යද්දී හ්‍යුන්ග් හිටියේ මම එනකල් බලාගෙන . මම ඇහිබැමක් උස්සලා හ්‍යුන්ග් දිහා බැලුවේ මම එනවා කියලා දන්නේ කොහොමද කියලා අහන්න වගේ .
"Reception එකෙන් මට කෝල් කළා ඔයා ආවා කියලා .වාඩිවෙන්න "
"හ්‍යුන්ග්...... හ්‍යුන්ග්ට මින්හී ගැන මොනාහරි හොයාගන්න පුලුවන් උනාද???" මම අහලා ඉවර වෙද්දිම හෙමින් දොරට තට්ටු කරපු සද්දෙට පස්සේ ඩොක්ටර් කෙනෙක් ඇතුලට ආවා, මට එයාව ටිකක් දැකලා පුරුදුයි වගේ.
"ඊසජන්නිම්..."
"එන්න පාර්ක් සොන්සෙන්නිම් ."
"ටේහ්‍යුන්ගා මේ ඉන්නේ cardiology unit එකේ පාර්ක් හ්යුන් සොන්සෙන්නිම් , මම හිතන්නේ ඔයාට එයාව මතක ඇති."
පාර්ක් හ්යුන්....පාර්ක් හ්යුන්..... කොහෙදිද මම ඒ නම ඇහුවේ ....මම ආපහු සොන්සෙන්නිම් දිහා බැලුවා... දැන්නම් මට හොඳටම විශ්වාසයි මම කොහොම හරි එයාව දන්නවා කියලා .හරි ....මේ ඉන්නේ මින්හීගේ සොන්සෙන්නිම් නේද ??? පාර්ක් සොන්සෙන්නිම් ඇවිත් මට එහාපැත්තෙන් වාඩි උනා.
" පාර්ක් සොන්සෙන්නිම්... මට මේ patient ගැන කියපු විස්තර ටික ආපහු කියන්න පුලුවන් ද???" හ්‍යුන්ග් මේසේ උඩ තිබුන ෆයිල් එකක් සොන්සෙන්නිම්ට දුන්නා . පාර්ක් සොන්සෙන්නිම් ඒ දිහා ටිකක් වෙලා බලාගෙන හිටියේ විස්තර හිතේ ගොනු කරගන්න වගේ .
"චෝයි මින්හී . ඒ පේෂන්ට්ව අපිට එවලා තිබුනේ බුසාන්වලින්. එයාට තිබුන atrial septum disease එක . ඒත් එයාලා ඉක්මනින් surgery එක කරන්න හරියට වචනයක් දීලා තිබුනේ නෑ . ඊට පස්සේ ඒ පේෂන්ට්ව ආපහු අපේ unit එකට මාරු කරලා එව්වේ හදිසි ප්‍රතිකාර ඒකකයෙන් , ඇක්සිඩන්ට් එකක් නිසා එයා සිහිය නැතුව හිටියේ . ඒත් අන්තිමට අපිට ඒ තත්ත්වේ යටතේ උනත් සැත්කම කරන්න කියලා රෝහල් පරිපාලනෙන් කිව්වේ . මට මේ ගැන විස්තර තාමත් මතක ඒ නිසා , ඒක මම කරපු බැරෑරුම් ම ශල්‍යකර්මයක් , ඒත් අන්තිමට ඒක සාර්ථක උනා. සැත්කමින් දවස් දෙකකට විතර පස්සේ පේෂන්ට්ට සිහිය ආවා, එයා රෝහලේ හිටිය කාලය අතරතුර කිසිම ගැටලුවක් ඇති උනේ නෑ . "
"කම්සම්නිදා පාර්ක් සොන්සෙන්නිම් , ඔයාට දැන් යන්න පුලුවන් . " සොන්සේන්ග්නිම් ගියාට පස්සේ හ්‍යුන්ග් මේසය උඩ තිබුන තවත් ෆයිල් එකක් අරන් මට දුන්නා . ඒක පෙරලද්දි ඒකේ තිබුනෙත් මින්හීගේ වාර්තා , විස්තර . මම හ්‍යුන්ග් දිහා බැලුවේ පැහැදිලිකිරීමක් බලාපොරොත්තුවෙන් .
"හොස්පිටල් එකේ data base system එකෙන් මම හිතුවාටත් වඩා විස්තර හොයාගන්න පුලුවන් උනා."
"චෝයි මින්හී. එයාවත් හොස්පිටල් එකට ඇතුලත් කරලා තිබුනේ ඔයා එක්කමයි. එයාට අනතුරෙන් අභ්‍යන්තර හානියක් වෙලා තිබුනේ නැහැ . ඒත් බාහිර තුවාල නිසා එයාගේ ලේ ගොඩක් අහිමිවෙලා තිබුනා . එයාව රෝගියෙක් විදිහට ලියාපදිංචි කරන්න හදද්දී තමයි දැනගෙන තියෙන්නේ එයා දැනටමත් හෘද රෝග අංශයේ ලියාපදිංචි කෙනෙක් කියලා . ඊට පස්සේ ETU(Emergency treatment unit) එකේ දී ඒ හැමදේම එක්ක එයාව පරීක්ෂණ වලට ලක් කරලා තිබුනේ . එයාගේ හදවත තිබුනේ දුර්වල මට්ටමක වගේ ම අධික රුධිර වහනයත් එක්ක මොලේට ලැබෙන අඩු රුධිර ධාරිතාව නිසා එයාට සිහිය ලැබෙන්න තිබුනේ අඩු අවස්තාවක් , කෝමා තත්ත්වයට ආසන්න තත්ත්වයක් පේෂන්ට්ගේ තිබිලා තියෙන්නේ . එයාව බේරගන්න තිබුන එකම ක්‍රමය උනේ අවධානම් උනත් මේ තත්ත්වයෙන් ම එයාගේ සැත්කම කරන එක. සැත්කම කළාට පස්සේ එයාගේ මොළයේ රුධිර සැපයුම සාමාන්‍ය තත්ත්වෙට පත් වෙන නිසා ඒකෙන් රෝගියට සම්පූර්ණ කෝමා තත්ත්වෙට පත්වෙනවා වෙනුවට පියවි සිහිය ලබාගන්න අවස්ථාවක් ලැබෙයි කියලා තමයි doctorsලා නිගමනය කරලා තියෙන්නේ . අන්තිමට එයාගේ භාරකාරයා ඒකට කැමති වෙලා තියෙනවා වගේ ම භාරකාරයාගේ නමින් වෙන කෙනෙක් සැත්කමට ඕන සම්පූර්ණ ගෙවීම කරලා තියෙනවා. අන්තිමට කොහොම හරි එයාව හොස්පිටල් එකට ඇතුල් කරලා තුන්වෙනි දවසේ සැත්කම කරලා තියෙන්නේ , දවස් දෙකකට පස්සේ එයාට සිහිය ඇවිත් . සැත්කම සම්පූර්ණයෙන්ම සාර්ථක එකක්, මොකද එයාට කිසිම අතුරු ආබාධ තිබුනේ නෑ . ඒත් එයාට සිහිය ආවත් අනතුරෙන් ඇති උන කම්පනය, මොලයට ලැබුන රුධිර සැපයුම දුර්වල වීම, සිහි නැතිව සිටීම ... මේ හැමදේම එක්ක එයාට amnesia තත්ත්වයක් ඇති වෙලා තියෙනවා."
"Amnesia???? ඒ කියන්නේ හ්‍යුන්ග් එයාට හැමදේම අමතක වෙලා ද???" මින්හීට මාව අමතක වෙන්න හේතුව ඒකයි එහෙනම් , එයාට හැමදේම අමතක වෙලාද???"
"නෑ එයාට එයාගේ පොඩි කාලේ මතක තිබුනා , ඒ කාලයයි අනතුර උන කාලයයි අතර යම් වයසක මතකය එයාට සම්පූර්ණයෙන්ම අහිමි වෙලා .මුලින්ම ඒක තාවකාලික මතකය අහිමිවීමක් විදිහට අනුමාන කරලා තිබුනත් පස්සේ එයාගේ මේ amnesia තත්ත්වෙට ගොඩක් හේතු එකට බලපාපු නිසා ඒක දිගු කාලීන මතක අහිමිවීමක් වෙන්නත් පුලුවන් කියලා එයාගේ පවුලේ අයව දැනුවත් කරලා තියෙනවා. ඒත් එයාට amnesia වලට අපේ හොස්පිටල් එකේදී කිසිම treatment එකක් කරන්න වෙලා නෑ , එයා හොස්පිටල් එකෙන් ගියාට පස්සේ ආපහු amnesia වලට treatment කරන්න ඇවිල්ලත් නෑ . ඉතින් සම්පූර්ණයෙන්ම හොඳ උනාට පස්සේ එයාගේ මතකයේ තත්ත්වය හරියටම කොහොමද කියලා අපිට කියන්න බෑ "
"එතකොට...."
"ඉන්න දැන් තමයි ප්‍රශ්නෙට එන්නේ . සාමාන්‍යයෙන් මෙහෙම සැත්කමකට පස්සේ රෝගියා සතියක් දෙකක් රෝහලේ නතර කරගන්නවා. ඒත් මෙයාව එයාගේ සැත්කම ඉවර වෙලා සතියකින් කාගෙවත් අනුදැනුමක් නැතුව රෝහලෙන් එක්කරගෙන ගිහින් තියෙනවා. එයාගේ රෝහල් ගාස්තු හැමදේම වෙන කෙනෙක් ගෙවලා තියෙන්නේ . Doctorsලා එයාගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා, තව ටික දවසක් හොස්පිටල් එකේ හිටියොත් වඩාත් හොඳයි කිව්ව ගමන් එයා අතුරුදහන් වෙලා තියෙන්නේ . ඉතින් මම හිතන්නේ ඒ නිසා තමයි අන්තිමට එයා නැති උනා කියලා ලේඛනගත වෙන්න ඇත්තේ, මටත් හිතාගන්න බෑ ටේහ්‍යුන්ගා එහෙම උනේ කොහොමද කියලා . ඒත් සාමාන්‍යයෙන් ඕනම රෝගියෙක්ගේ admission එක, ඊළඟට දවස ගානේ එයාලාගේ condition එක , medications, prescribed therapies , requested tests මේ හැමදේම අනිවාර්යයෙන්ම වාර්තා විදිහට තියෙනවා. ඊළගට අන්තිමට එයාලාව discharge කරද්දී අර හැමදේම එක ලිපිගොනුවක් විදිහට අපි තැන්පත් කරගන්නවා. ඒත් කොහොම හරි මේ සිද්ධියෙදි එයාව discharge කරනවා වෙනුවට අනවසරයෙන් පිටවෙලා ගිය නිසා හරි වෙන හේතුවක් නිසා හරි ලොකු වැරැද්දක් වෙලා තියෙන්නේ ."
"ගුමාවෝයෝ හ්‍යුන්ග් ... මගේ හිතේ තිබුන එක ප්‍රශ්නයක් සම්පූර්ණයෙන්ම විසඳුනා, ඒත් තාම ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විසඳිලා ඉවර නෑ . "
"මියානේ ටේහ්‍යුන්ගා , ඇත්තටම මටත් එදා මීට වඩා ඒ ගැන හොයලා බලන්න තිබුනා " හ්‍යුන්ග් කිව්වේ සමාව අයදින විදිහේ බැල්මකින් .
"අනියා හ්‍යුන්ග් . වෙන්න තියෙන දේ අපි කාටවත් වෙනස් කරන්න බෑ . ඒත් සදහටම බොරුවක් විශ්වාස කරනවා වෙනුවට අපිට ආපහු මුණගැහෙන්න පුලුවන් එක ගැන මම සතුටු වෙනවා" අතීතේ උන දේවල් ගැන දුක, සතුට හැමදේම මිශ්‍රිත හැඟීමක් තිබුණත් ඒ හැමදේටම වඩා වැදගත් වෙන්නේ අපි දැන් ජිවත් වෙන වර්තමානය , ඒ වර්තමානය අපිට ලස්සන කරගන්න පුලුවන් නම් සමහරවිට අතීතය යම් තරමකට හරි අමතක කරන්න අපිට පුලුවන් .
"ඔයාට මේ ගැන තවදුරටත් හොයලා බලන්න පුලුවන් කෙනෙක් ඕන නම් නම්ජූන්ගෙන් අහලා බලන්න " හ්‍යුන්ග් කිව්වේ මම ආපහු යන්න හදද්දී , ඒත් හ්‍යුන්ග්ගේ මූණේ තිබුන හිනාවේ හැටියට නම් එතන තවත් මොකක් හරි හොරයක් තියෙයි වගේ .
•••End of flashback •••
"බුසොජන්ග්නිම්" ඒ සැරේ මින්හීගේ කටහඬ ඇහුනේ ටිකක් උස් හඬකින් , මම එකපාරටම ගැස්සිලා වගේ එයා දිහා බැලුවේ කල්පනා ලෝකෙන් මිදිලා .
"නේ මින්හී ශී"
"හෝසොක් සුන්බේනිම් මීටින් එකට වෙලාව හරි කියලා , බුසොජන්ග්නිම්ට එන්න කියන්න කිව්වා . " මින්හී කිව්වේ මගේ බැල්ම මඟාරින ගමන් .
"හරි මම දැන් මීටින් එකට යනවා"
"චෝ ජේහ්‍යුන්ග් ශී ....." මින්හී මම එයාව පහුකරගෙන යද්දී මට කතා කළේ ඇහෙන නෑහෙන තරම් පහත් හඬකින් .
"පරක්කු වෙනවා මම ඉක්මනට conference room එකේ ඉන්න ඕන මින්හී ශී" මින්හී මොකුත් කියන්න කලින් මම ඉක්මනට රූම් එකෙන් එලියට ආවා. එයා මොකද්ද කියන්න හැදුවේ ???? අවුරුදු දෙකක් ඕනම කෙනෙක් එක්ක professional විදිහට වැඩ කරන්න පුලුවන් උන මට මින්හී ඉස්සරහා professional විදිහට හැසිරෙන්න ලොකු වෙහෙසක් දරන්න උනා. ඒත් එයා අපි අතර පෞද්ගලික දැනහැඳුනුම්කම් ඕන නෑ කිව්ව නිසා මට අමාරුවෙන් උනත් ඒ විදිහට හැසිරෙන්න වෙනවා. ඒත් කොච්චර උත්සාහ කළත් ඒක අමාරු නිසාම මම හිතාමතාම එයාව මඟාරිනවා... ඒත් කවදා වෙනකල් මම මේ විදිහට මින්හීව මඟාරින්නද?? නැත්නම් මේ හැමදේම දරාගන්නද????
මම conference room එකට යද්දී අනිත් හැමෝම වගේ ඇවිත් හිටියේ. ඒත් නම්ජූන් හ්‍යුන්ග් ඇවිත් නැති නිසා එයා ඉන්න ඕන , conference table එක පටන් ගන්න පැත්තේ තිබුන මුල් ආසනය, මේසේ දෙපැත්තේ ඊට ආසන්නව තිබුන ආසන දෙකක් තව ආසන කීපයක් වගේ ඉතින් වෙලා තිබුනේ .
"ජේහ්‍යුන්ග් ශී...." හෝසොක් හ්‍යුන්ග් මාව මුල් ආසනේට ළඟින් එක පැත්තක තිබුන ආසනයකට යොමු කළා. මම ඇස් කරකවලා වගේ හ්‍යුන්ග් දිහා බැලුවත් හ්‍යුන්ග් උරහිස් හකුළලා එයාට කරන්න දෙයක් නෑ කිව්වා . මම තාම financial department එක හැර අනෙක් department වල සේවකයින් තියා, අංශ ප්රධානීන්වත් දන්නේ නෑ . මෙතන ඉන්න මේ හැමෝම එතකොට අනිත් අංශ ප්‍රධානීන් වගේ ම කොටස් හිමිකරුවෝ කිහිප දෙනෙකුත් වෙන්න ඇති . මම එහෙම හිත හිත වටේ හිටිය කට්ටිය නිරීක්ෂණය කරන අතරේ conference room එකේ දොර පියන් දෙකම ඇරුනා .ඇරුන දොරෙන් ඉස්සෙල්ලාම නම්ජූන් හ්‍යුන්ග් ඇතුලට එයි කියලා හිතුනත් එතන හිටියේ මම බලාපොරොත්තු නොවුණු කෙනෙක් .
"හෙජන්නිම්" වාඩිවෙලා හිටිය හැමෝම ඉක්මනට නැඟිටලා ඔලුව නමලා ආචාර කලා. අනිත් අයත් එක්කම නැඟිට්ටා උනත් ආචාර කරනවා වෙනුවට මම බැලුවේ අප්පාට පිටිපස්සෙන් ආපු නම්ජූන් හ්‍යුන්ග් දිහා .
"මියානේ" හ්‍යුන්ග් කට හැඩකරලා කිව්ව වචනේ මට තේරුම් ගන්න අමාරු උනේ නෑ . අප්පා ඇවිත් මූලාසනේ වාඩිවෙද්දී හ්‍යුන්ග් අනිත් පැත්තේ මට ඉස්සරහින් තිබුන ආසනේට බර උනා. ඒත් එක්කම වගේ එයාලාට පිටිපස්සෙන් ආපු හන් ජ්යොන්ග් අන්තිම හරියේ වාඩිවෙනවා මම ඇස් කොණෙන් වගේ දැක්කා . අප්පා ආවත් එක්කම මෙච්චර වෙලා conference room එකේ හිටිය හැමෝගෙම මූණු වෙනස් උනා. මෙච්චර වෙලා සැහැල්ලුවෙන් හිනාවෙවී හිටිය හැමෝම දැන් හිටියේ චකිතයකින් වගේ .
"නම්ජූන් තෙප්යෝ විදිහට කෝපරේෂන් එකේ දේවල් ගැන කතා කරන්න තමයි මේ රැස්වීම තියන්න සැලසුම් කරලා තිබුනේ .ඒත් දැන් .. මට අහම්බයකින් වගේ මේ වෙලාවට එන්න පුලුවන් උනා, ඔයාලා දැන් රැස්වීම දිගටම කරගෙන යන්න , මම ගැන හිතන්නේ නැතුව . " අප්පා එහෙම කිව්වට පස්සේ හෝසොක් හ්‍යුන්ග් අලුත් ප්‍රොජෙක්ට් වල presentation එක පටන් ගත්තා. හැමෝගෙම මූණුවල මතුවෙලා තිබුන චකිතය , බය අප්පා එහෙම කිව්වට පස්සේ නැති වෙලා ගියා. දැනට ඉදිකිරීම් කටයුතු , ප්‍රගතිය ,තත්ත්ව සමාලෝචනය මේ හැමදේම ගැන මීටින් එකේ හැමෝම සාකච්ඡා කරන්න ගත්තා. අප්පා දෙතුන් සැරයක් මගේ දිහා බැලුවා උනත් මම ඒ ගැන හිතන්නේ නැතුව අනිත් අය කියන දේවල් වලට අවධානය යොමු කළා. ප්‍රොජෙක්ට් එකට අදාළව එක එක Department වලින් තමන්ට අදාළ කරුණු, documents ඉදිරිපත් කළා, ඒවා අනිත් අයටත් බලන්න දුන්නා .පැයකට විතර පස්සේ හෝසොක් හ්‍යුන්ග්ගේ presentation එක, සාකච්ඡා ඔක්කොම ඉවර උනා.
"අපේ මීටින් එක ඉවර වෙන්න කලින් හැමෝටම දැනුම්දීමක් කරන්න තියෙනවා . අපේ financial department එකේ පොඩි වෙනසක් උනා, මම හිතන්නේ දැනටමත් හැමෝම දන්නවා ඇති , ජේහ්‍යුන්ග් ශී " නම්ජූන් හ්‍යුන්ග් අන්තිමට මගේ දිහා බැලුවා .
"අන්න්යොන්ග්හසෙයෝ චොනන් කිම් ජේහ්‍යුන්ග් ඉම්නිදා " මම නැඟිටලා හැමෝටම ආචාර කරලා ආපහු වාඩි උනා.
"අපේ financial department head විදිහට දැන් වැඩ කරන්නේ ජේහ්‍යුන්ග් ශී , හැමෝම එයාට ඒ වැඩවලට උපරිම සහයෝගයක් ලබාදෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා." නම්ජූන් එහෙම කියද්දි Mr.Han වගේ ම තවත් කීපදෙනෙක් මගේ දිහා බැලුවේ අඳුරු කරගත්ත මූණුවලින්.
"තෙප්‍යෝනිම් එකපාරටම Mr.Han ව ඒ තනතුරෙන් ඉවත් කරන්න හේතුව මොකද්ද ?? " HR department එකේ Mr.Nam ඇහුවේ නම්ජූන් හ්‍යුන්ග් වගේ ම අප්පා දිහා බලාගෙන . මෙච්චර වෙලා පුටුවේ පිටිපස්සට හේත්තු වෙලා නිහඬව හිටිය අප්පා ඉස්සරහට වෙලා හොඳට වාඩි උනා .
"අනිත් අයටත් financial department එකේ ඇතිඋන වෙනස්කම් ගැන මොනවාහරි කියන්න තියෙනවද??? Mr.Han???" අප්පා ඇහුවේ හැමෝම දිහා බලන ගමන් .
"හෙජන්නිම් මම financial department head විදිහට මගේ වගකීම් හරියට ඉටුකළා , මම කිම් කෝපරේෂන් එකේ පරණ ම සේවකයෙක් වගේ ම shareholder කෙනෙක් . ජේහ්‍යුන්ග් ශී financial department head විදිහට එයාගේ වගකීම හරියට ඉටුකරනවා කියලා හිතෙන්නේ නෑ .ඉතින් තෙප්‍යෝනිම් මේ වගේ තීරණයක් ගත්ත එක මට කරපු අසාධාරණයක් කියලා මට හිතෙන්නේ . " Mr.Han එහෙම කියලා අන්තිමට මගේ දිහා බැලුවේ කටකොණකට නැඟුන සමච්චල් හිනාවක් එක්ක. අප්පාගේ මූණේ තිබුන බැරෑරුම් පෙනුම වගේ ම බැරෑරුම් පෙනුමක් නම්ජූන් හ්‍යුන්ග්ගේ මූණට ආරූඪ උනේ . හ්‍යුන්ග් අමාරුවෙන් උනත් එයාගේ කේන්තිය පාලනය කරගන්න හදනවා කියලා මට තේරුනා . හ්‍යුන්ග් කතා කරන්න හදද්දී අප්පා අතින් හ්‍යුන්ග්ව නතර කළා. ඊට පස්සේ අප්පාගේ අවධානය යොමු උනේ මගේ දිහාවට , අප්පා කෙළින්ම මගේ ඇස් දිහා බලද්දී එයාගේ බැල්ම මඟාරිනවා වෙනුවට මමත් අප්පා දිහාම බලාගෙන හිටියා. ටික වෙලාවකට පස්සේ බර සුසුමක් හෙළන ගමන් අප්පා Mr.Han දිහාට හැරුනා.
"Mr.Han මම හිතන්නේ ඔයාට සාධාරණ ප්‍රශ්න කීපයක් ම තියෙයි වගේ . ඒත් ,Mr.kim එයාගේ වගකීම් ඉටුකරන්නේ නෑ කියන එක තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන් ද???" අප්පා කියද්දී Mr.Hanගෙ මූණේ තිබුන හිනාව තවත් පුළුල් උනා .
"චෙසුහම්නිදා හෙජන්නිම් මෙහෙම කියන්න උනාට , ඒත් Mr.Kim financial department එකේ වැඩ බාර අරන් පළවෙනි සතියෙම දවස් තුනක් වගේ එයා ඔෆිස් එකටවත් ආවේ නෑ . ඒ වගේ ම අලුත් ප්‍රොජෙක්ට් එකෙත් වැදගත් documents වල එයා වෙනුවට approval එකට sign කරලා තියෙන්නේ එයාගේ assistant accountant . " Mr.Han එකදිගට කියාගෙන ගියා. මේ මනුස්සයා දැන් මේකට මින්හීවත් ඇදලා ගන්නද හදන්නේ ??? මටත් දැන්නම් මගේ ඇඟේ ලේ රත්වීගෙන එනවා වගේ දැනුනේ .
"Mr.Kim මට එහෙම document එකක් තියෙනවා නම් දෙන්න පුලුවන් ද??? තව ඔයාගේ assistant accountant ට දැන් එන්න කියන්න" අප්පා මගේ දිහාට හැරුනා .
"නේ හෙජන්නිම් " අප්පා මට මින්හීට එන්න කියන්න කිව්ව විදිහත් එක්ක මට ඒ නියෝගෙට පිටින් යන්න බැරි නිසා මම මගේ secretary ට කිව්වා මින්හීට එන්න කියන්න කියලා . මින්හී එනකල් මම මගේ ළඟ තිබුන document එක හෙජන්නිම්ට යැව්වා . ගන්ග්නම් මෙගා සිටි එකේ අමුද්‍රව්‍ය වල වියදම් ගැන තිබුන එක document එකකට විතරයි මම මින්හීට ඒක බලලා approval එකට sign කරන්න කිව්වේ. අප්පා මින්හීට එන්න කිව්ව නිසා Mr.Han ගේ මූණේ තිබුන ජයග්‍රාහී හිනාව තවත් වැඩි උනා .
.
.
.
මින්හී ගියාට පස්සේ හැමෝම බලාගෙන හිටියේ හෙජන්නිම් කතා කරනකල් .මෙච්චර කාලෙකට හැම දේකදි ම අප්පා එක්ක රණ්ඩු උනා උනත් ජීවිතේ පළවෙනි වතාවට අද මට ඕන උනා අප්පා මට එකඟ වෙන්න , මම වැඩ කරන විදිහ හරි කියන්න , මොකද Mr.Han කරන්නේ වැරැද්දක් වගේ ම එයා මේ ආයතනයට පිළිලයක් වගේ ,එයාව මෙතනින් අයින් කරන්න නම් අප්පා මාත් එක්ක එකඟ වෙන්න ඕන .
"හොඳයි Mr.Kimට එයාගේ assistant accountantගේ වගකීම ගන්න පුලුවන් කියලා එයා කියනවා නම් අපි අනිත් ප්‍රශ්න ටික සලකා බලමු . Mr.Han කියනවානේ එයා මෙච්චර කාලෙකට financial department head විදිහට එයාගේ වගකීම හරියට ඉටු කළා කියලා . Mr.Kim දැන් අලුත් department head විදිහට ඔයාට department එකේ පසුගිය වැඩ කටයුතු ගැන හොයන්න යම් වෙලාවක් ලැබෙන්න ඇතිනේ. අපේ Mr.Han ගැන ඔයාගේ අදහස මොකද්ද ???" අප්පා මගේ දිහා බලලා ඇහුවේ , එයාගේ මූණේ මෙච්චර වෙලා තිබුන බැරෑරුම් පෙනුම ටිකක් ලිහිල් උනා කියලා මට හිතුනේ . මම මට ටිකක් පිටිපස්සට වෙන්න හිටිය මගේ secretary ගෙන් මට ඕන documents ටික අරගෙන ආපහු හැරෙද්දී Mr.Han මගේ දිහා බලාගෙන හිටියේ ටිකක් නොසන්සුන් ව වගේ .
"නේ හෙජන්නිම් . මම ඒ ගැන මගේ අදහස් දක්වනවට වඩා ඔබතුමා ම මේ documents ටික බැලුවොත් Mr.Han එයාගේ වගකීම් ඉටු කරපු හැටි තේරුම් ගන්න තවත් ලේසි වෙයි . " මම එහෙම කියලා මම ගත්ත documents ටික අප්පාට යැව්වා . කිම් කෝපරේෂන් එක කරපු ගොඩක් ප්‍රොජෙක්ට් වල සම්පූර්ණ budget එක හරියට හදද්දී මුදල් අස්ථානගතවීම් තිබුනා . එහෙම අඩුපාඩු තිබුන අන්තිමට කරපු ප්‍රොජෙක්ට් තුනක වාර්තා ඒ document ඇතුලේ තිබුනේ . මම යවපු documents ටික අප්පා වගේ ම නම්ජූන් හ්යුන්ග්නුත් බලන්න ගත්තා. ටික වෙලාවකට පස්සේ අප්පා ආපහු ඔලුව උස්සලා බලද්දී Mr.Hanගේ හිනාව නිකන් ම මැකිලා ගියා.
"Mr.Kim මේ ප්‍රොජෙක්ට් වලට අමතරව අනිත් ප්‍රොජෙක්ට් වලත් ගිනුම් වාර්තා ආපහු බලන්න , ඊට පස්සේ මම මේ ගැන බලන්නම් " Mr.Hanගේ මූණ තවත් අඳුරු වෙලා මගේ දිහා බලද්දී මටත් ඉබේටම කට කොණකට හිනාවක් නැඟුනා .
"හැමෝම මම මේ කියන දේ හොඳට අහගනී වගේ ම මතක තියාගනියි කියලා මම හිතනවා " අප්පා හැම වචනයක් ම කිව්වේ අවධාරණාත්මක විදිහට , කලින් ඒ තරම් බැරෑරුම් විදිහට කතා නොකෙරුව කෙනා එක මොහොතකින් සභාපති බවට පත් උනා වගේ . මෙච්චර වෙලා කාගෙ හරි මූණක පොඩි හරි හිනාවක් තිබුනා නම් ඒකත් නිමේශයකින් මැකිලා ගියා.conference room එකේම තිබුනේ නිහඬතාවයක්. අප්පා මොකද්ද කියන්න හදන්නේ ??? පොඩි කාලේ ඉදන් තෙප්යෝ කෙනෙක් විදිහට මගේ හිතේ මැවිලා තිබුන අප්පාගේ ප්‍රතිරූපෙට මම ගොඩක් වෛර කළා, ඒත් දැන් kim cooperation එකේ chairman විදිහට අප්පාගේ පෞරුෂය , එයාගේ ඒ තේජසට මගේ හිත ඇදිලා ගියා වගේ . මීටින් රූම් එකේ හිටිය හැමෝම අප්පාට ගෞරව කරනවා වගේ ම අප්පාගේ තියෙන දැඩි චරිත ස්වභාවය ඉස්සරහා හැමෝම ටිකක් චකිතයකින් ඉන්නවා වගේ මට දැනුනේ . මටත් මගේ ම ආයතයේදී CEO විදිහට අනිත් සේවකයෝ එක්ක වැඩ කරද්දී වෙලාවකට දැඩි චරිත ස්වභාවයක් පිටතට පෙන්නන්න වෙනවා , අප්පාටත් එහෙම උන නිසා වෙන්නැති සමහරවිට ගෙදරදිත් එයා ඒ රාමුව ඇතුලේ හැසිරුනේ. කවදාවත් නැතුව යම්තාක් දුරකට මට අප්පාව සමීප බවක් මට දැනුනේ. ඒ එක්කම අප්පාගේ කටහඬින් මගේ සිතුවිලි දාමය බිඳිලා ගියා .
"හැමවෙලාවෙම මෙහෙට එන්න බැරි උනත් මගේ යටතේ තියෙන ඕනම ආයතනයක වෙන දේවල් මම දන්නවා . Financial department එකේ මෙච්චර කාලෙකට වැඩ සිද්ධ උනේ කොහොමද කියලත් මම දන්නවා ". අප්පා කිව්වේ හැමෝම දිහා තියුණු විදිහට බලන අතර , Mr.Han තවදුරටත් අප්පා දිහා බලාගෙන ඉන්න බැරුව බිම බලාගත්තා.
"Mr.Han Kim group එකේ කොටස් වලින් සීයට දහයක් විතරයි බාහිර කොටස් කරුවන්ට තියෙන්නේ , ඉතුරු සීයට අනූවම තියෙන්නේ පවුලේ අයට, ඉතින් ඒ සීයට දහයේ කොටස්වලින් තවත් සුලු කොටසක් අයිති කෙනෙක්ට cooperation එකේ department head කෙනෙක් ව මාරු කරන එකට මැදිහත් වෙන්න බෑ . Kim jaehyung මේ kim cooperation එකට සම්බන්ධ උනේ එයාගේ ම ආයතනයක් තියෙද්දි , ඉතින් හරි නම් එයා අපිත් එක්ක සම්බන්ධ උන එක ගැන සතුටු වෙන්න ඕන . ඒ වගේ ම එයාව කිම් කෝපරේෂන් එකට සම්බන්ධ කරගන්න එක වගේ ම එයාව financial department head විදිහට පත් කරන එකත් නම්ජූන්ගේ නෙවෙයි අපි දෙන්නාගේ ම තීරණයක් . දැන් කාටහරි තවත් මගේ තීරණය ගැන ප්‍රශ්න තියෙයි ද?????" අප්පා අන්තිම වචන ටික ඇහුවේ බර කරලා හැමෝම වචනයක් වත් නොකියා නිහඬව හිටියේ.
"කාටවත් ප්‍රශ්න නැත්නම් දැන් යන්න පුලුවන් . ඒත් financial department එකෙන් මෙච්චර කල් මුදල් හුවමාරු වලදි උන දේවල් හොයාගත්තට පස්සේ හැමෝටම උත්තර දෙන්න ගොඩක් දේවල් තියෙයි " අප්පා අන්තිම ටික කිව්වේ හරිම සැහැල්ලුවෙන් වගේ උනත් ඒ වචන ඇතුලේ තිබුන තර්ජනාත්මක ස්වභාවය හොඳටම තේරෙනවා. එකිනෙකා නැඟිටලා මීටින් රූම් එකෙන් එලියට යද්දී අන්තිමට ඉතුරු උනේ මම ,අප්පා , නම්ජූන් හ්‍යුන්ග් , හෝසොක් හ්‍යුන්ග් විතරයි.
"ටේහ්‍යුන්ගා" මම නැඟිටලා එන්න හදද්දී අප්පා මට කතා කළා, මාව අප්පා දිහාට හැරුනේ හිතාගන්නත් කලින් .
"මට ඔයා ගැන ආඩම්බරයි, ඒ වගේ ම ස්තූතියි ඔයාට Arc එකේ වැඩ එක්කම Kim cooperation එකට සම්බන්ධ උනාට " අප්පා කියද්දි මට හිතට සතුටක් දැනුනා උනත් මම මොකුත් කියන්නේ නැතුව conference room එකෙන් එලියට ආවා.
Min Hee's POV
ඊයේ ජේහ්‍යුන්ග් ශී හදිස්සියේ පිටවෙලා ගියේ මට හරියට කතා කරන්නවත් දෙන්නේ නැතුව. මම වැඩිදුර හිතන්නේ නැතුව කියපු වචන එයාට ගොඩක් දැනෙන්න ඇති කියලා හිතෙද්දී මගේ හිතේ තිබුන වරදකාරී හැගීම තවත් වැඩි උනා. අද මම ඔෆිස් එකට යද්දිත් ජේහ්‍යුන්ග් ශී ඇවිත් කියලා එයාගේ secretary කිව්ව නිසා මම අද කොහොම හරි සමාව ගන්නවා කියලා හිතාගෙන බුසොජන්ග්නිම් ගේ රූම් එකට ගියේ. ඒත් මම යන්න හදද්දී හෝසොක් සුන්බේනිම් මට කතා කරලා කිව්වා දැන් මීටින් එකකට බුසොජන්ග්නිම් යන්න ඕන කියලා . ඒ පණිවිඩේ කියන්නත් එක්කම මම ඇතුලට යද්දී ජේහ්‍යුන්ග් ශී හිටියේ වැඩක.
"බුසොජන්නිම්" මම කතා කරද්දී එයා ඔලුව උස්සලා බැලුවත් එයාගේ හිත තිබුනේ වෙන දේකට වගේ . මම ටිකක් වෙලා බලාගෙන ඉන්න අතරේ ජේහ්‍යුන්ග් ශීගේ ඇස්වල පෙනුම ටිකක් මෘදු උනා, ඒත් අන්තිමට ඒ ඇස් හැකිලුනේ හරියට එයා ප්‍රශ්නෙකට මැදි වෙලා වගේ .
"බුසොජන්නිම් " මම ආපහු සැරයක් කතා කරද්දී එයාගේ ඇස් සාමාන්‍ය තත්ත්වෙට ආවා, එයා මගේ දිහා බැලුවේ කිසිම හැඟීමක් නොපෙනෙන විදිහට .
"නේ මින්හී ශී" ජේහ්‍යුන්ග් ශී කෙලින්ම මගේ දිහා බලාගෙන කතා කරද්දී මට ඉබේටම බිම බැලවුනා .
"හෝසොක් සුන්බේනිම් මීටින් එකට වෙලාව හරි කියලා , බුසොජන්ග්නිම්ට එන්න කියන්න කිව්වා . " මම කිව්වේ ජේහ්‍යුන්ග් ශීගේ බැල්ම මඟහැරලා මේසය උඩ තිබුන එයාගේ අත් දිහා බලාගෙන .
"මම දැන් යනවා මීටින් එකට " ජේහ්‍යුන්ග් ශී එහෙම කියලා යන්න හැදුවේ .
"චෝ ජේහ්‍යුන්ග් ශී " මම ආපහු සැරයක් එයාට කතා කලත් මම කතාකරලා ඉවර වෙන්නත් කලින් එයා මාව නතර කළා.
"පරක්කු වෙනවා මම ඉක්මනට conference room එකේ ඉන්න ඕන මින්හී ශී" එයා එහෙම කියලා යන්න ගියා. ජේහ්‍යුන්ග් ශී මට panmal කතා කරනවා වෙනුවට formal කතා කරද්දී මට දැනුනේ අපි අතර තිබුන සමීප බව සම්පූර්ණයෙන්ම නැති වෙලා කියලා , ඒත් එයා මට සමාව ගන්නවත් අවස්ථාවක් දෙන්නේ නෑ වගේ . මම ආපහු මගේ රූම් එකට ගිහින් අලුතෙන් ලැබුන වාර්තා ටිකක් බලන්න ගත්තා. පැයකට විතර පස්සේ එකපාරටම ජේහ්‍යුන්ග් ශීගේ secretary ඇවිත් මට කිව්වා conference room එකට යන්න කියලා . මම එයා එක්කම conference room එකට ගියා. හෙජන්නිම් , තෙප්‍යෝනිම් හැමෝම ඉස්සරහා ඉන්නකොට හිතේ ඇතිවුන චකිතය අමාරුවෙන් උනත් මැඬගෙන මම එයාලා හැමෝටම ආචාර කරා, මගේ ඇස් ඉබේටම නතර උනේ ජේහ්‍යුන්ග් ශී ළඟ. උදේ මගේ දිහා හැඟීම් විරහිත විදිහට බලපු එයාගේ ඇස් දැන් මගේ දිහාට යොමු වෙලා තිබුනේ මෘදු බැල්මක් එක්ක , හරියට හැමදේම හරි, කිසිම ප්‍රශ්නයක් නෑ කියලා මට කියන්න වගේ .
"Miss Choi financial department එකේ ගන්ග්නම් මෙගා සිටි construction project එකේ එක ගිනුම් වාර්තා ගොනුවක financial department head වෙනුවට approval එකට අත්සන් කරලා තියෙන්නේ ඔයා, මේ ගැන පැහැදිලි කරන්න පුලුවන් ද???" ටික වෙලාවකට පස්සේ තෙප්‍යෝනිම් මගෙන් ඇහුවේ එයාගේ අතේ තිබුන ෆයිල් එකක් පෙන්නන ගමන්. ඒ තියෙන්නේ ඊයේ අපිට අන්තිමට ආපු ගිනුම් වාර්තා ටික නේද ??? ජේහ්‍යුන්ග් ශීට හදිස්සියේ යන්න උන නිසා මම ඒක approve කළේ, ඒත් දැන් මම ඒක කිව්වොත් ඒක ජේහ්‍යුන්ග් ශීගේ වැරැද්දක් විදිහට පේන්නේ , මට එහෙම කරන්නත් බෑ . මම ටිකක් වෙලා නිහඬවම මොකද්ද කියන්නේ කියලා කල්පනා කළා.
"Miss. Choi" තෙප්‍යෝනිම් ආපහු සැරයක් කතා කලේ මගේ නිහඬබව නිසා.ඒත් මම කතා කරන්න හදද්දී කෙනෙක් මට ඉස්සර උනා.
"හෙජන්නිම්, තෙප්‍යෝනිම් . Miss.Choi ඒ වාර්තාව approval කලේ මගේ අනුදැනුම ඇතිව" ජේහ්‍යුන්ග් ශී කිව්වේ කිසිම පැකිලීමක් නැතුව
මීටින් එකේ හිටිය ගොඩක් අය ජේහ්‍යුන්ග් ශී දිහා බැලුවේ පුදුම වෙලා වගේ , ඒ අතරේ හිටිය හන් ජ්යොන්ග් සුන්බේගේ මූණේ තිබුනේ ජයග්‍රාහී හිනාවක්, බැරිවෙලාවත් එයාද මේ කතාව පටන් අරන් තියෙන්නේ ??? ඇයි ජේහ්‍යුන්ග් ශී එහෙම කිව්වේ ??? දැන් මේක එයාගේ වැරැද්දක් විදිහට පේන්නේ.... මම එයා දිහා බලද්දී ජේහ්‍යුන්ග් ශී මට මොහොතකට හිනාවෙලා ආපහු සැරයක් හෙජන්නිම් දිහා බැලුවා .
"Mr.Kim ඒක මම බලාපොරොත්තු නොවුණු විදිහේ උත්තරයක් " හෙජන්නිම් එහෙම කිව්වත් එයාගේ කටහඩේ තිබුනේ කේන්තියක් වෙනුවට උද්යෝගයක් වගේ , හරියට ජේහ්‍යුන්ග් ශීගෙන් එයා පිළිගන්න පුලුවන් විදිහේ පැහැදිලිකිරීමක් බලාපොරොත්තු වෙනවා වගේ .
"නේ හෙජන්නිම් . මම financial department head විදිහට වගකීම බාරගත්තේ මොන වගේ තත්ත්වයක් යටතේ ද කියලා ඔබතුමා දන්න නිසා මට මගේ මුලු කාලය ම kim cooperation එක වෙනුවෙන් වැය කරන්න බෑ කියලා ඔබතුමාට තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා මට හිතෙනවා . මගේ assistant accountant විදිහට Miss.Choiගේ හැකියාව ගැන මගේ විශ්වාසයක් තියෙනවා, ඒ නිසා තමයි මම එයාට මේක approve කරන්න කිව්වේ . ඒත් ඒ approve කරපු වාර්තාවල යම් වැරැද්දක් තියෙයි නම් මම ඒ වගකීම බාරගන්නවා" ජේහ්‍යුන්ග් ශීගේ වචනවල යම් හෝ අවිනිශ්චිතත්වයක් තිබුනේ නෑ , එයා හැමදේම කිව්වේ අවධාරණාත්මක විදිහට . ඒත් එයා කොහොමද මාව එච්චර විශ්වාස කරන්නේ ???
"හොඳයි Mr.Han මම හිතන්නේ ඔයාගේ ප්‍රශ්නෙට උත්තර ලැබුනා , Miss.Choi ඒ අනුමත කරපු වාර්තාවල කිසි වැරැද්දක් නැහැ . Miss Choi ඔයාට දැන් යන්න පුලුවන් " තෙප්‍යෝනිම් කියද්දි හෙජන්නිම් ඒක අනුමත කරන්න යන්තමට ඔලුව වැනුවා . මම තව වතාවක් ජේහ්‍යුන්ග් ශී දිහා බලලා හැමෝටම ආචාර කරලා conference room එකෙන් එලියට ආවා.
මගේ රූම් එකට ගියාට පස්සේ මම කල්පනා කළේ මොකද්ද සිද්ධ උනේ කියලා .... ජේහ්‍යුන්ග් ශී කොහොමද මාව මේ තරම් විශ්වාස කරලා මගේ හැකියාව ගැන විශ්වාස කරලා කතා කළේ??? එයා ඒ වාර්තාවේ අඩුපාඩුවක් තිබුනොත් වගකීම ගන්නවා කියලා හෙජන්නිම්ට කිව්වේ කිසිම පැකිලීමකින් තොරව . අඩුම තරමින් ජේහ්‍යුන්ග් ශී මගේ ගැන සැලකිල්ලක් දක්වනවා කියලා මම දන්නවා උනත් එදා මගේ අතින් කියවුන දේවල් වලින් එයාගේ හිත රිදුනට පස්සෙත් එයා මගේ ගැන මේතරම් හිතයි කියලා මට හිතුනේ නෑ . මම පුලුවන් ඉක්මනට එයාගෙන් සමාව ගන්න ඕන , ගෙවෙන මොහොතක් ගානේ දැන් මට ම තේරෙනවා තේරෙනවා එදා ජේහ්‍යුන්ග් ශීට 'සෙල්ලක්කාරයා' කියලා කිව්වා උනත් එයා ඊට වඩා හොඳ ගතිගුණ තියෙන උසස් කෙනෙක් කියලා , එයාගේ හැසිරීමෙන් ඒක තව තවත් ඔප්පු වෙනවා. මම ජේහ්‍යුන්ග් ශීගේ ඔෆිස් එකට යන්න හිතාගෙන මගේ රූම් එකෙන් එලියට එද්දිම මම දැක්කා ජේහ්‍යුන්ග් ශී එයාගේ ඔෆිස් එකට ඇතුල් වෙනවා. තවත් පරක්කු වෙන්නේ නැතුව මම ඉක්මනට ජේහ්‍යුන්ග් ශීගේ ඔෆිස් එක ඇතුලට ගිය නිසාම දොරට තට්ටු කරන්නත් අමතක උනා. ජේහ්‍යුන්ග් මගේ දිහා බැලුවේ පුදුම වෙලා වගේ ම ප්‍රශ්නාර්ථයක් එක්ක.
"කම්සම්නිදා බුසොජන්ග්නිම් , මම වෙනුවෙන් කතා කළාට" මම කියද්දි ජේහ්‍යුන්ග් ශීගේ මූණට හිනාවක් නැඟුනත් එයා ඉක්මනට ඒක යටපත් කරගත්තා.
"මම මින්හී ශීට කිව්වානේ ප්‍රශ්නයක් උනොත් මම ඒකේ වගකීම ගන්නවා කියලා , මට ස්තූති කරන්න දෙයක් නෑ, මට ස්තූති කරන්න නම් ආවේ දැන් යන්න පුලුවන් " ජේහ්‍යුන්ග් ශී කිව්වේ ඉස්සෙල්ලා වගේ ම හැඟීම් විරහිත මුහුණකින් .
ආහ්..... මෙයාව ආපහු යාලු කරගන්න නම් ලේසි වෙන්නේ නැති වෙයි වගේ , ඒත් මට දැනුනේ මම දැන්මම කොහොම හරි ජේහ්‍යුන්ග් ශීගෙන් සමාව අරන් එයා එක්ක කතා කරන්න ඕන කියලා . මමත් අතාරින්නේ නෑ .
"ජේහ්‍යුන්ග් ශී චොම්මල් චෙසුහම්නිදා . එදා මම ඒ විදිහට කතා කරපු එක වගේ ම ඔයා ගැන කිසි දෙයක් නොදැන ඔයාට චෝදනා කරපු එකත් වැරදියි . චොම්මල් චෙසුහම්නිදා ....... මම හිතනවා ඔයාට මගේ සමාව ගැනීම පිළිගන්න පුලුවන් වෙයි කියලා " මම කිව්වේ ජේහ්‍යුන්ග් ශීගේ මූණ දිහා බලාගෙන . මගේ ඇස් එක්ක බැඳිලා තිබුන එයාගේ ඇස් එකපාරටම මෘදු උනා වගේ මට දැනුනේ , ඒ ඇස්වල කලින් තිබුන තියුණු බව අඩු උනා. ඒත් මම දිගටම ජේහ්‍යුන්ග් ශී දිහා බලාගෙන හිටියේ එයාගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන්
"සමාව ගැනීම බාරගන්නවා. දැන් ඒක අමතක කරන්න " ජේහ්‍යුන්ග් ශී කිව්වේ එයාගේ සුපුරුදු boxy smile එකත් එක්කම, ඒත් මට තව කියන්න දෙයක් තියෙයි .
"ජේහ්‍යුන්ග් ශී මම එදා එහෙම කිව්ව එකෙන් ඔයාගේ හිත රිදුනා කියලා මම දන්නවා . ඇත්තම කිව්වොත් මගේ ජීවිතේ යාලුවෝ කියන අය හිටියේ හරි ම අඩුවෙන්, ඉතින් මම හිතන්නේ ඔයාට මම එහෙම හැසිරුණේ ඇයි කියලා තේරුම් ගන්න පුලුවන් වෙයි"
"ඔයාට වැඩිය යාලුවෝ හිටියේ නෑ කියලා මම දන්නවා මින්හියා" ජේහ්‍යුන්ග් ශී කියද්දි මම එයා දිහා බැලුවේ පුදුම වෙලා , එයත් එකපාරටම මගේ දිහා බැලුවේ එයා කියපු දේ තේරුම් යද්දී
"නේ???? (What)" මම ඇහුවේ පුදුම වෙලා , ජේහ්‍යුන්ග් ශී කොහොමද ඒක දන්නේ ???
"අනී මම කිව්වේ ඔයා හැසිරුණ විදිහත් එක්ක මට එහෙම හිතුනා" ජේහ්‍යුන්ග් ශී කිව්වේ අමාරුවෙන් උනත් මූණට හිනාවක් නඟාගන්න උත්සාහ කරන ගමන් . ඒත් ඒ ගැන එච්චර හිතනවට වඩා මගේ හිතේ තිබුනේ ජේහ්‍යුන්ග් ශී ආපහු මට panmal කතා කරපු එක ගැන , මගේ හිතේ කොණක සතුටක් මෝදු වෙනවා වගේ මට දැනුනේ .
"එහෙනම් මට දැන් උත්තරයක් දෙන්නකෝ එදා මම අහපු ප්‍රශ්නෙට. යාලුවෝ වෙන්න කැමති ද නැද්ද ???" ජේහ්‍යුන්ග් ශී ඇහුවේ බලාපොරොත්තු සහගත විදිහට .
"කැමතියි." මම කියද්දි ජේහ්‍යුන්ග් ශීගේ මූණ ලොකු හිනාවකින් ඔපවත් උනා.
ජේහ්‍යුන්ග් ශී මම වෙනුවෙන් කරපු උදව්ව වගේ ම එක සැරයක් මම රිදවපු එයාගේ හිත
ආපහු සැරයක් රිද්දන්න බැරි නිසා මම එහෙම කිව්වා උනත් එයාගේ අහිංසක හිනාව දකිද්දී මටත් ඉබේටම සතුටක් දැනුනා . මෙච්චර කාලෙකට මට නොදැනුන විදිහේ සතුටක්.
💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N :කතාව නම් ටිකක් පරක්කු උනා. කියවලා කතාව කොහොමද කියලා කමෙන්ට් කරගෙන යන්න . සරන්ග්හේ චින්ගුදල් 😘😘😘😘😘😘😘 බොරහේ ආර්මි 💜️💜️💜️💜️💜️
Bạn đang đọc truyện trên: AzTruyen.Top